Male Empress (Wangxian)✔️

De ShanuDG

233K 42.8K 10.8K

දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. ... Mai multe

01📖️
02📖️
03📖️
04📖️
05📖️
06📖️
07📖️
08📖️
09📖️
10📖️
11📖️
12📖️
13📖️
14📖️
15📖️
16📖️
17📖️
18📖️
19📖️
20📖️
21📖️
22📖️
23📖️
24📖️
25📖️
26📖️
27📖️
28📖️
29📖️
30📖️
31📖️
32📖️
33📖️
34📖️
35📖️
36📖️
37📖️
38📖️
39📖️
40📖️
41📖️
42📖️
43📖️
44📖️
45📖️
46📖️
47📖️
48📖️
49📖️
50📖️
51📖️
52📖️
53📖️
54📖️
55📖️
56📖️
57📖️
58📖️
59📖️
60📖️
61📖️
62📖️
63📖️
65📖️
66📖️
67📖️
68📖️
69📖️
70📖️
71📖️
72📖️
73📖️
74📖️
75📖️
76📖️
77📖️
78📖️
79📖️
80📖️
81📖️
82📖️
83📖️
84📖️
අවසාන කොටස📖️
පසුවදන

64📖️

1.9K 430 102
De ShanuDG

ගුසුලාන් රජ මැදුර..

"ලා..ලාන් වන්ග්ජි.." අධිරජුන්ව දුටු සැනින් වෙන් චාඕගේ දෑස් විසල් වී ගිය අතර ඔහුටත් නොදැනීම තම අසිපත ඔහුගේ අතින් ගිලිහී යන්නට වුණා..

"එසේයි.. මා තමයි.. නුඹ සිතුවා ද එතරම් පහසුවෙන් මා මිය යයි කියා.. එසේ නම් නුඹට වැරදිලා වෙන් චාඕ.. මෙතෙක් වේලා ඔබ ඔබට අවැසි ලෙස ක්‍රීඩා කලානේ.. දැන් මාගේ වාරයයි.." කුරිරු සිනහවකින් තම මුව සරසාගත් ලාන් වන්ග්ජි අසල බිම තිබූ වෙන් චාඕගේ කසය සිය අතට ගත්තේ එහි තැවරී තිබූ ලේ පැල්ලම් දෙස ⁣සුපරික්ෂාකාරී බැල්මක් හෙලමින්..

"නුඹ මෙයින් ද මාගේ අධිරාජිනිය හට පහර දුන්නෙ.." හැඟීම් විරහිත ⁣ස්වරයෙන් විමසුවාත් වන්ග්ජි පසුවන්නේ දැඩි කෝපයෙන් බව වටහා ගැනීමට වෙන් චාඕ හට අපහසු වූයේ නැහැ..

"මා..මා කිසිත් සි..සිදු කලේ නැහැ.. සියල්ලක්ම මාගේ සොහොයුරා විසින් සැලසුම් කලේ ලාන් වන්ග්ජි.." වෙන් චාඕ පැවසුවේ බිය රැඳි දෙනෙතින් අධිරජු දෙස බලා පියවරෙන් පියවර පසුපසට ගන්නා අතරතුරේ..

"එයත් එසේද.. එවිට දැන් කොහිද ඔබේ සොහොයුරා.." ⁣සෙමින් සෙමින් වෙන් චාඕ අසලට ලං වෙන ගමන් ලාන් වන්ග්ජි ප්‍රශ්න කළා..

"ඔහු.. ඔහු මිය ගියා.."

"හ්ම්.. මා සිතා සිටියේ ඔබ දෙදෙනාට දඬුවම බෙදා දීමට.. නමුත් කුමක් කරන්න ද මා පැමිණීමට පෙර ඔහු මියගොසින් නෙ.. ඊට කමක් නැහැ.. නුඹට හැකියි දැන් නුඹේ සොහොයුරාගේ දඬුවම ද බාර ගැනීමට.." යැයි පැවසූ වන්ග්ජි වෙන් චාඕ ගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන තම සෙබලුන්  ඇමතුවා..

"ගුසුලාන් සෙබලුනි.. හොඳින් අසාගනු.. අද දින අප රාජ්‍යය අක්‍රමණය කිරීමට පැමිණි සියලුම වෙන් සෙබලුන් මිය යා යුතුයි.. මාගෙන් කිසිවෙකුට කිසිදු අනුකම්පාවක් හිමි වන්නෙ නැහැ.. මෙහි සිටින සියලුම සතුරු සෙබලුන් මා සියය⁣ට ගණන් කිරීමට පෙර අවසන් කර දැමිය යුතුයි.. නුඹලාට වැටහුණා ද.."

"එසේයි.." අධිරජුන්ගෙ අණට අවනත වූ සෙබලුන් කිසිදු අනුකම්පාවකින් තොරව වෙන් සෙබලුන් හට පහර දුන්නෙ ලාන් වන්ග්ජි සමඟ නැවත අගනුවරට පැමිණි සෙබලුන් සහ මින් දේශයේ සේනා ද ඔවුන්ගේ සහායට එකතු වෙද්දී..

"වෙන් චාඕ.. නුඹේ අපරාද වලට වන්දි ගැවීමට කාලය පැමිණියා.." එසේ පැවසූ ලාන් වන්ග්ජි තම අතෙහි වූ කසයෙන් වෙන් චාඕ හට පහර දෙන්නට වුණා..

"එකයි.."

"ආර්හ්.. ලාන් වන්ග්ජි නු..."

"දෙකයි.."

"නුඹට මා හට මෙසේ සිදු කල නොහැකියි.."

"තුනයි.."

"මා රජ කුමරෙක්.. නුඹ කෙ.. ආර්ර්හ්.."

"හතරයි.."

"පහයි.."

"ආර්හ්.. නුඹට නොහැකියි මා හට මෙසේ පහරදීමට.. මාගේ පියාණන් මෙය දැනගතහොත් නුඹට මීට වන්දි ගෙවීමට සිදු වෙයි.."

"හයයි.."

"ආර්හ්.. නවතනු.. එය වේදනායි.."

"නුඹේ පියාණන් හට සිදු කල හැකි කිසිවක් නැහැ වෙන් චාඕ.. බොහෝ ඉක්මනින් සත්කඩකට ඉරා දමන නුඹේ සිරුර මා නුඹගේ පියාණන් වෙත පිටත් කර හරිනවා.. එවිට ඔහු වටහා ගනියි මාගේ රාජ්‍යය ආක්‍රමණය කිරීමට සිතා ඔහු සිදු කල වරදේ බරපතලකම.." යැයි කෝපයෙන් පැවසූ ලාන් වන්ග්ජි නැවතත් වෙන් චාඕ හට පහර දෙන්නට වුණා..

"හතයි.."

"ආර්හ්.. එපා.. එපා.. ලාන් වන්ග්ජි.. නවතනු.. මා නුඹෙන් අයදිනවා.. එය ඉතා වේදනාසහගතයි.." ලාන් වන්ග්ජි ගැසූ කස පහර වලින් තම සිරුර තුවාල වී යද්දී වෙන් චාඕ තම දෑත් එක් කර ඔහු  ඉදිරියේ ආයාචනා කලේ හඬා වැටෙමින්..

"දැන් නුඹට වැටහෙනවාද නුඹ මාගේ වෙයි යින්ග් හට ලබා දුන් වේදනාව කෙබඳුද කියා.. කෑගසනු.. තව උස්හඬින් කෑගසනු..  නමුත් නුඹව ගලවා ගැනීමට කිසිවෙක් මෙහි පැමිණෙන්නෙ නැහැ.. නුඹ මරණය ඉල්ලා මා ඉදිරියේ වැඳ වැටුනාත් එතරම් පහසුවෙන් මා නුඹට මරණය ගෙන එන්නේ නම් නැහැ.."

"මා නුඹ පවසනා ඕනෑම දෙයක් සිදු කරන්නම්.. කරුණාකර මා මුදාලනු.."

"දැන් නුඹ ඊට පමා වැඩියි.."

"අටයි.."

"නවයයි.."

"දහයයි.."

"ආර්හ්.. ආර්හ්.. සෙබලුනි.. නුඹලා කොහිද.. වහා මා මුදාගනු.. ආර්හ්.."

වෙන් චාඕ කොතරම් කෑගැසුවාත් හඬා වැටුනාත් ලාන් වන්ග්ජි ඔහුට තම අතෙහි වූ කසයෙන් නොනවත්වා පහර දෙන්නට වූ අතර වෙන් සෙබලුන්ට ද වෙන් චාඕ හට සහාය වීමට අවස්ථාවක් ගුසුලාන් සෙබලුන් විසින් ලබා දුන්නෙ නැහැ..

"අධිරාජිනියණි.. ඔබ සුවෙන් ද.." ඉක්මනින් වෙයි වුශියැන් අසලට පැමිණ ඔහුව බැඳ දමා තිබූ දම්වැල් කපා දැමූ ඩැරන් විමසුවාත් ඔහුට පිළිතුරක් ලබා නොදුන් වෙයි වුශියැන් සිටි තැනම නොසෙල්වී සිටින්නට වුණා..

"අධිරාජිනියණි.. ඔබතුමන්ට මාව ඇසෙනවා ද.. වෙයි වුශියැන්.. කතා කරන්න.. ඔබට මාව ඇසෙනවාද.. පියවි සිහියට පැමිණෙන්න වෙයි වුශියැන්.." ඩැරන්ගෙ හඬ ඇසුන ලාන් වන්ග්ජි ඉක්මනින් ඒ දෙස හැරී බැලුවා..

"ෂූ යැන්ග්.. මොහුව අපගේ රහසිගත වදකාගාරයෙහි සිරකරනු.. මා පවසන තුරු ඔබට හැර කිසිවෙකුටත් එහි ඇතුලු වීම තහනම්.." යැයි පැවසූ වන්ග්ජි සිය අතෙහි වූ කසය පසෙකට විසි කර දමා ඉක්මනින් තම අධිරාජිනිය අසලට දිව ගියා..

"වෙයි යින්ග්.." සිය අසිපත පසෙකින් තැබූ ලාන් වන්ග්ජි පහත් හඬින් ඔහුගේ නම මිමිනුවේ තම දෑත් වලින් වෙයි වුශියැන් ගේ කම්මුල් අල්ලා ගනිමින්..

"වෙයි යින්ග්.. මා දෙස බලන්න.." නැවතත් වන්ග්ජි පැවසූ විට වෙයි වුශියැන් සෙමින් හිස ඔසවා ඔහු දෙස බලන්නට වුණා..

"ලාන් චාන්.." තමා ඉදිරියේ සිටින අධිරජු දෙස බලමින් වෙයි වුශියැන් පැවසුවේ අවිශ්වාසයෙන් යුතුව..

"එසේයි මා තමයි.. මා නැවත ඔබ වෙත පැමිණියා.."

"ලාන් චාන්.. ලාන් චාන්.. ඔබ පැමිණියා.." ඉක්මනින්ම අධිරජුව වැළඳගත් වෙයි වුශියැන් ඉකි බිඳ හඬා වැටෙන්නට වුණා..

"ඔබ පිටව ගිය සැනින් ඔවුන් රජ මැදුර ආක්‍රමණය කලා.. සැවොම පැවසුවේ ඔබ මිය ගොසින් කියා.. මා බොහෝ බිය වුණා ලාන් චාන්.. මා දැන සිටියේ නැහැ කුමක් කල යුතු දැයි කියා.. වෙන් මී.. ඇය මා ගලවා ගැනීමට ගොස් දිවි පිදුවා.. මව් රැජින මිත්තණිය ⁣අ-මෙයි ඔවුන් සැවොම අල්ලාගත්තා.. ඔහු මට පහර දුන්නා.. ඔහු සැරසුනේ මාගේ වස්ත්‍ර සැමදෙනා ඉදිරියේ ඉවත් කිරීමටයි.. නමුත් මෑණියන්.. ඇය... මාගේ මෑණියන්.. කොහිද ඇය.." එක්වරම තම පිළිබඳ සිහිපත් වූ වෙයි වුශියැන් ලාන් වන්ග්ජි ව ද පසෙකට තල්ලු කර නැගී සිටියේ කලබලයෙන් වටපිට බලන අතරතුරේ..

"මෑණියෙනි.. මෑණියනි.. කොහිද ඔබ.. මෑණියනි.." තම මෑණියන් සොයමින් වටපිට බැලූ ඔහු එක්වරම දුටුවේ ලේ පෙරාගෙන ඇය බිම වැටී සිටින ආකාරයයි..

ඇයව දුටු සැනින් සටන් වදිමින් සිටි සෙබලුන් පිළිබඳ ද නොතැකූ වෙයි වුශියැන් ඉක්මනින් ඒ දෙසට දිව යන්නට වුණා..

"වෙයි යින්ග්.." වන්ග්ජි වෙයි වුශියැන්ව නතර කිරීමට උත්සාහ දැරුවාත් ඔහුගේ උත්සාහය අසාර්ථක වූ අතර අවසානයේ ඔහු ද තම අධිරාජිනිය පසුපස දිව ගියේ ඔහුට අනතුරක් සිදු වේ යැයි සිතට දැනුණ බිය නිසාවෙන්..

"මෑණියෙනි.." යූ සියුවාන්ගෙ නිසල දේහය අසල දණ නමාගත් වෙයි වුශියැන් ඇයව තම තුරුලට ගෙන නැගිට්ටවීමට උත්සාහ දැරුවා..

"මෑණියනි.. දෑස් විවර කරන්න.. ඔබගේ අ-යින්ග් දෙස බලන්න මෑණියනි.. මා සුවෙන් සිටිනවා.. ඔබ මා මුදාගත්තා මෑණියනි.." වෙයි වුශියැන් යූ සියුවාන් ගේ උරහිස් වලින් අල්ලා සෙලවූයේ ඔහුගේ දෑසින් කඳුලු ගලා යද්දී..

"ඇයි ඔබ දෑස් විවර නොකරන්නෙ මෑණියනි.. මෙලෙස මා බියගන්වන්නට එපා.. ඔබ හොඳන්ම දන්නවා මා ඔබට කොතරම් ප්‍රේම කරනවා දැයි කියා.. කරුණාකර දෑස් විවර කරන්න මෑණියනි.."

"වෙයි යින්ග්.. සිහි එලඹවා ගැනීමට උත්සාහ දරන්න.. එතුමිය මියගොස් අවසානයි.." වෙයි වුශියැන් අසලින් දණ නැමූ ලාන් වන්ග්ජි ඔහුට වටහා දීමට උත්සාහ දැරුවාත් ඔහුගේ වදන් වලට සවන් දීමට වෙයි වුශියැන් සූදානම් වූයේ නැහැ..

"නිහඬ වනු.. මාගේ මෑණියන් හට කිසිත් සිදු වූයේ නැහැ.. ඇය එලෙස මා හැර යන්නෙ නැහැ.. ඔබට නොපෙන්නේ ද ඇය සැතපී සිටින්නේ කියා.. මා ඇමතූ විට ඇය නිසැකවම දෑස් විවර කරයි.. මෑණියනි.. මෑණියනි.. අවදිවන්න.. ඔබේ දෑස් විවර කරන්න.. මා ඔබ සමඟ අපගේ නිවසට යාමට පැමිණෙන්නම්.. මෑණියනිනිනිනි....." උමතුවෙන් මෙන් වෙයි වුශියැන් කෑගසා හඬන අයුරු දුටු වන්ග්ජි ගේ මෙන්ම ඩැරන්ගෙ සිතට ද දැනුනේ දැඩි වේදනාවක්.. නමුත් මේ අවස්ථාවේ වෙයි වුශියැන්ව සැනසීමට කල යුත්තේ කුමක්දැයි කියා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් දැන සිටියේ නැහැ..

"මෑණියනි.. කිමද ඔබ කතා නොකරන්නෙ.. ඔබට මෙලෙස මා හැර යා නොහැකියි.. මෑණි..ය..නි.." තම මෑණියන්ගේ නිසල දේහය වැළඳගෙන හඬමින් සිටි වෙයි වුශියැන් එක්වරම සිහිසුන් වූ අතර වන්ග්ජි ඉක්මනින් ඔහුව අල්ලාගත්තා..

"වහා රාජකීය වෙදැදුරු මාගේ මැදුරට කැඳවනු.." වන්ග්ජි ඩැරන් දෙස බලා පැවසුවේ තම අධිරාජිනියව සිය දෝතට ඔසවා ගනිමින්.......
.
.
.
.
.

"බිසවුනි.. වෙන් ෂූ කුමරුන් මිය ගියා.. අධිරජුන් විසින් වෙන් චාඕ කුමරුන්ව සිර බාරයට ගනු ලැබුවා.." මාළිගයෙහි සේවිකාවක් තමන් සේවය කරන බිසව අසලටවිත් රහසින් පැවසුවා..

"එවිට ඉතිරි වෙන් සෙබලුන්.." ඇය විමසුවේ සාමාන්‍ය අයුරින්..

"කිසිවෙක් ඉතිරිව නැහැ බිසවුනි.. සියලුම දෙනා ඝාතනයට අධිරජුන් නියෝග කරනු ලැබුවා.."

"හ්ම්.. එයත් එසේද.. එවිට රාජකීය උපබිසව ජින් සූ පිළිබඳ තොරතුරු කෙසේද.." ඇය නැවතත් ප්‍රශ්න කලා..

"එතුමිය කිරුළ හිමි කුමරුන් ඝාතනය කිරීමට සැලසුම් කෙරුවාත් අධිරජුන් නැවත පැමිණි නිසා ඇගේ උත්සාහය අසාර්ථක වූවා.."

"දැනට කිසිත් සිදු නොකර නිහඬව සිටින ලෙස අපගේ පිරිසට දැනුම් දෙන්න.." එසේ පැවසූ ඇය තම ඇඟිල්ලක පැළඳි මුදුවක් ගලවා තම සේවිකාව වෙත ලබා දුන් අතර එය දුටු ඇගේ දෑස් ප්‍රීතියෙන් දිලිසෙන්නට වුණා..

"එසේයි බිසවුනි.. ඔබට කෘතඥ වෙනවා.." සිනාමුසු මුහුණෙන් එසේ පැවසූ ඇය ඉක්මනින් එතනින් පිටව ගියේ බිසව ඇය යන දෙස බලා සිටියදී..

'යැන්ලිව ඝාතනය කර සිචෙන්ගේ අධිරාජිනිය වීමටයි මා සිතා සිටියේ.. නමුත් අවසානයේ මා හට මාගේ ප්‍රේමය ද අහිමි වූවා.. මාගේ දිවිය අඳුරේ ගිල්වා ඔබ කිසිවෙක්ටත් සතුටින් විසීමට මා ඉඩ ලබා දෙන්නේ නැහැ..' ඇය තම සිතින් එසේ සිතුවේ කෝපයෙන් තම සලුව තදින් අල්ලාගන්න ගමන්..............
______________________________________

වෙන් චාඕමොන විදිහේ දඬුවමක් ලැබේවිවන්ග්ජිගෙන්..😈🤔

වෙයි වුශියැන් පව්.. එයාට අම්මා නැති වුන එක දරාගන්න පුලුවන් වේවිද..💔

ඇත්තටම යැන්ලිව මැරුවේ කවුද..

සිචෙන්ට මොකද වුනේ..

බිසව කවුද.. එයා රජ පවුලේ අයට මොනවා කරන්නද හදන්නෙ..

දෝවගර් රැජින අතීතෙ වුන දේවල් වලට සම්බන්ධයි ද..

මේ මාසෙ 20 වෙනකන් අප්ඩේට්ස් ස්ලෝ වේවි.. මට එක්සෑම්.. මම ඔයාලාට කලින් කිව්වානෙ.. ඒ නිසා ඩේලි දෙන්න වෙන එකක් නෑ.. පුලුවන් වුන ගමන් රෑ 1 ට 2 ට හරි මේක අප්ඩේට් කරන්නම්.. HAFS තව චැප්ටර්ස් 9.. මම ඒක කම්ප්ලීට් කරලා එකපාරට දාන්නම් තව දවස් කීපෙකින්.. අනිත් කතා ආපහු 20 පස්සේ තමයි ඩේලි දෙන්නෙ.. මම හිතාගෙන ඉඳියේ මේ මාසෙන් ලියන එක නතරකරන්න.. ඒත් ongoing තව 4 තියෙන නිසා මට අතරමැද නවත්තන්න හිතෙන්නේ නෑ.. ඒ ටිකත් කම්ප්ලීට් කරලාම නවත්තනවා...

Vote & Comment ❤️

Continuă lectura

O să-ți placă și

1.9M 338K 200
I Became A Virtuous Wife And Loving Mother In Another Cultivation World Original Title - 贤妻良母 (xiánqī-liángmǔ) Original Author - 金元宝 (jīn yuánbǎo) En...
1.8M 275K 82
Type - Web Novel (CN) Title - Tyrant Pampering Wife Diary (暴君宠婚日常) Author - To Know One Thousand In A Day /Yī rì zhī qiān/ (一日知千) Genre - Comedy, Rom...
133K 11.2K 68
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရွှီမိသားစုရဲ့ တိသမီးက လက်ထပ်ပြီးတော့ ယန်ကျင်းကို ရောက်လာပါတယ်။ သုံးနှစ်ကြာပြီးနောက်မှာ သူ့ယောက်ျားက အောင်မြင်တဲ့ စာသင်သား...
169K 24.3K 108
Name - Fisherman Author - Island in the World Chapter - 82 parts main Mc /MC Gong ၊ Transmigration ၊ rag to rich ၊ Male prag ၊ sweet and warm ၊ no...