මං බඩේ රිදෙන තැන් අතගාන ගමන් කල්පනා කරේ යොශේන් අයියගේ හැසිරීම ගැන. මට කෑගහලා මාව ඩියෝන්ට භාරදීලා මූණවත් නොබලා එයා යන්න ගියා. ඩියෝන් උණුවතුර දාපු බෝල් එකකුයි මොනාහරි ඔයින්මන්ට් එකකුයි අරගෙන මං ලඟට ආවා. ඇවිත් ටීශර්ට් එක උස්සලා ගලවලා දැම්මා. සුදු තුවාය උණුවතුර එකට දාලා අරන් මගේ බඩ තෙතමාත්තු කරන්න ගත්තා.
"ආහ්.....ආව්වා....." මට කෙඳිරි ගෑවුනේ තියන වේදනාවට.
"අනේ උඹ මොකටද බං පණ්ඩිතකම් කරන්න ගියේ.? පරෙස්සමට ඉන්නෙපාද බං....බලහන් දැන් කෙඳිරි ගානවා මෙතන....." ඩියෝන් තුවායෙන් මගේ මූණට දමලා ගැහුවා. ඔයින්මම්න්ට් එක තවරගත්ත ඩියෝන්ගේ දිග ඇඟිලි රටාවකට මගේ බඩ පුරා යනකොට, මට වේදනාවටයි සනීපෙටයි දෙකටම ඇස් පියවුනා.
"අනේහ්හ් හිතලා කරගත්තේ නෑ බං....."
"නිකන් හිටපන් යකෝ....මට යශේන් අයියා ඔක්කොම කිව්වා.....යකෝ තොට තිබුනේ නෑද ඌට කියන්න....හහ්...." ඩියෝන් මට බැන බැන ඔයින්මන්ට් එක බඩ පුරාම තැවරුවා. අත සෝදගෙන ඇවිත් මාව තුරුලු කරගෙන ඩියෝන් හාන්සි වුනා.
"උඹට අමාරුද?"
"නෑ බං....."
"අමාරු නම් කියපන් හොඳද....දැන් නිදාගනින් ටිකක්...." මං ඇස් පියාගත්තේ අද දවස ගැන ආයෙ පාරක් හිතන ගමන්මයි.
..........................................................................
ආයේ ඇහැරෙද්දි මට ඇස් අරින්න අමාරුකමක් දැනුනා. තද සීතලක් එක්ක ඇඟ පුරාම කටු අනිනවා වගේ දැනෙනකොට මං අමාරුවෙන් අනිප්පැත්ත පෙරලුනා.
"බිනූ.....නැගිටින්න...." ඩියෝන් ඇවිල්ලා මගේ ඇඟට අත තිබ්බා. ඒ සැනින්ම අත ආපහු ඇදලා ගත්තා.
"යකෝහ්හ්....උඹට උණ හොඳටම...."
"අහ්....මං...ඔන්..කෝල්....අද...." මං ඇස් වහගෙනම කිව්වා. මට හරිම මහන්සි ගතියක් දැනුනා.
"අඩෝ....මොකද බං කරන්නේ දැන්...? හෙට උදේට සර්ජරීසුත් තියනවා නේහ්හ්." ඩියෝන් ඇඳේ කොනකින් වාඩි වෙලා මගෙන් ඇහුවා.
"මං...ද..න්...නෑ" මං නැගිටින්න හදනකොට මට දැනුනා මගේ බඩ හොඳටම රිදෙනවා. ඒ නිසා වෙන්නැති මේ.
"මොනාහරි බීලා නිදාගන්නම් බං....හෙට වෙද්දී හරි යාවී..." මං මුණින් අතට පෙරලෙන ගමන් කිව්වා. එහෙම ඉද්දි වේදනාව දැනෙනවා අඩුයි. ඩියෝන් ඔලුව වනලා නැගිටලා ගිහින් මට බෙහෙත් වගයක් ගෙනත් දුන්නා. මං ඒ මොනාද කියලවත් බලන්නේ නැතුව ගිලලා දාලා ආයේ නිදාගත්තා.
..........................................................................
ලොකු අයියා කතා කරාම එයාට විස්තරේ කිව්වට පස්සේ වරකට එක්කෙනා බැගින් මට වරුවක්ම ගෙදර මිනිස්සු හැමෝම බැන්නා. තාත්තා නවසීලන්තේ ඉඳන් IDD කෝල් එකක් අරන් වෙනමම බැන්නා, බලන්න මිත්‍රවරුනි මට බනින්න අපේ ගෙදරට තියන උනන්දුව. උත්කෘශ්ටයි.
තාම හොඳටම හොඳ නැතිවුනත්, මං උදේ නැගිටලා යන්න ලෑස්ති වුනා. ඇඟට පණ නැති ගතියක් එක්ක ඔලුව කැරකිල්ල තිබුනත් මට නොයා ඉන්න පුලුවන්කමක් තිබුනේ නෑ. මං හෙමිහිට යන්න ලෑස්ති වුනා. ඒ එක්කම කෝල් එකක් ආවා.
"හෙලෝ....අම්මා...."
"පුතේ....මගෙ පුතාට සනීපද....?" අම්මගේ කටහඬ ෆෝන් එක දිගේ ගලාගෙන එනකොට මං දැවිල්ලක් දැනෙන ඇස් දෙක වහගත්තා.
"ටිකක්....සනීපයී අම්මා...."
"අනේ පරෙස්සමට ඉන්න පුතේ....මොනාහරි වුනොත් අපි මොකද දෙයියනේ කරන්නේ....අනේ කරදර දාගන්නෙපා චූටි පුතේ...." අම්මා ඇඬුම්බර කටහඬකින් කියනකොට මටත් ඇඬෙන්න ආවා.
"හරී අම්මේ....සොරී හොඳේ...ආයේ කරන්නෑ....."
"හ්ම්ම්....පරක්කු වෙනවා නේද? යන්න එහෙනම්"
"හරි අම්මා....බුදුසරණයි"
"බුදුසරණයි පුතා" අම්මා ෆෝන් එක තිබ්බා. මං ඩියෝන් එනකන් ඇඳේ වාඩිවෙලා බලාගෙන හිටියා.
..........................................................................
"ඇයි යකෝ උඹ ආවේ.....රෙද්ද ....කිව්වනේ එන්නෙපා කියලා." දෙතුන් සැරයක්ම වමනේ දාලා මං ඔලුව තියාගෙන හයියෙන් හුස්ම ගන්නකොට චිරාත් අයියා මට කෑගැහුවා.
"කෑ ගහන්නෙපා මල්ලී....ඌට අමාරු ඇති.....ඉන්න දීපන්කෝ ඒ කොල්ලට" ජෙරම් අයියා චිරාත් අයියට කියනවා මට ඇහුනා.
"නෑ අයියේ.... ඊයේ රෑත් මං මුගේ කාමරේට යනකොට මූ කෙඳිරි ගානවා. සෑහෙන්න උණ තිබ්බා ඊයේත්. මොන මගුලටද මූ අද ආවේ....." මං එකපාරටම ඔලුව ඉස්සුවේ ඊයේ එයා අපේ කාමරේට ආපු බව මං දැනන් නොහිටිය නිසා. මට ඩියෝන් කිව්වෙත් නෑ. මං බලනකොට එයා මගේ ඇස් මගෑරලා අහක බලාගත්තා. මං ඒ සිද්ධිය හිතේ හොඳට සටහන් කරගත්තේ පස්සෙ වෙලාවක අහන්න හිතාගෙන.
"යමං දැන්වත් හාෆ් ඩේ එකක්වත් දාලා....." චිරාත් අයියා මගේ අතින් ඇදලා නැගිට්ටෙව්වා. මාත් එයා එක්කම නැගිට්ටේ යන්න හිතාගෙන.
..........................................................................
"අයියේ....මට ඇත්ත කියන්න. ඔයා ඊයේ රෑ අපේ කාමරේට ආවද?" මං චිරාත් අයියගෙන් අහනකොට ඌ අතිසාර්ථක ලෙස අතේ තිබ්බ ෆෝන් එක බිම දාගත්තා.
"ම...මල්...ලී...."
මං එයාගේ ඇස් දිහාම බලන් හිටියේ ඇයි මෙයා මෙච්චර කලබල වුනේ කියලා හිතන ගමන්. චිරාත් අයියා ෆෝන් එක අරගෙන මේසේ උඩින් තියලා මගේ ලඟටම ඇවිත් වාඩි වුනා.
"මල්ලි තමා. මට උත්තර දීපන්"
"දැන් උඹට ඕක දැනගන්නම ඕනද?" චිරාත් අයියා අසරණ විදියට මං දිහා බලන් අහනකොට මට අමුත්තක් දැනුනා.
"ඔව් දැනගන්නම ඕනේ." ඒ එක්කම ඩියෝන් කාමරේ දොර ඇරගෙන ආවා. චිරාත් අයියා එයා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට එයා ඔලුව වැනුවේ හැමදේම හරී කියනවා වගේ. ඩියෝනුත් ඇවිල්ලා මගේ ඉස්සරහින්ම වාඩි වුනා.
"මොන මගුලක්ද යකෝ තොපි දෙන්නා මට හංගන්නේ?" මං ඇහුවේ මගේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න තියෙද්දී.
"බිනූ...තරහ ගන්නෙපා බං..."
"තරහ ගන්නේ නෑ යකෝ...මට කියපන් මොකද්ද මේ වෙන්නේ කි...."
"මං චිරාත් අයියට ආදරෙයි." මං කියන්න ගිය එක මැද්දෙන් පැනපු ඩියෝන් බිම බලාගෙන කිව්වා.
"ඇහ්? are you kidding me?"
"ඇත්ත යකෝ...." ඩියෝන් කේන්ති ගිහින් වගේ කියනකොට මං නිශ්ශබ්ද වුනේ මගේ මොලේට මේ ඇහුන දේ ප්‍රොසෙස් කරගන්න පොඩි වෙලාවක් දෙන්න හිතාගෙන.
"යකෝ උඹ මේ සිරාවටද කියන්නේ ඩියෝන්....." මං ආයෙම ඩියෝන්ගෙන් ඇහුවා.
"හ්ම්ම්." ඩියෝන් බිම බලාගෙන කිව්වා. චිරාත් අයියා කඳුළු පුරවගෙන මගේ දිහා බලාගෙන හිටියා.
"මල්ලී....ඔයාට අවුලක් නෑනෙද?" චිරාත් අයියා මගේ පපුව උඩ තිබුන අතින් අල්ලගන්න ගමන් ඇහුවා.
"අවුලක්? යකූහ්හ්....මේක පිස්සුවක්නෙ......තොපි දෙන්නව උල තියන්නෙපැයි මේක හැංගුවට...යකෝ ඩියෝන් උඹත්....." මං හිතට ආපු දේවල් ඔක්කොම කියාගෙන කියාගෙන ගියා. "මෙහේ වරෙන් බූරු පැටවු දෙන්නා" චිරාත් අයියා ඇස් දෙක පිහිදනකොට මං දෙන්නවම දෙපැත්තෙන් බදාගත්තා.
"ආ....ආ....ඔක්කොම හොඳයි මාව කපපු එකයි දොර වහපු නැති එකයි තමා අවුල" එකපාරටම දොර ලඟින් කටහඬක් ඇහුනා. අපි තුන්දෙනා ඉක්මනට ඈත්වෙලා බලනකොට ජෙරම් අයියා දොර ලඟ හිනාවෙවී ඉන්නවා.
"අයියේහ්? ඔයත් දන්නවද?" මං ඇහුවේ පුදුමෙන්.
"ආපෝ.....මං දන්නේ මූ කෙල පෙරාගෙන මුගේ පස්සෙන් යන කාලේ. ඇක්චුවලි මං දන්නවා නෙමේ මට අහුවුනා" ජෙරම් අයියා හිනාවෙවී ඩියෝන්ට ගහනකොට ඌ රතු වෙලා බිම බලාගත්තා. මං හයියෙන් හිනා වුනා.
"අනේ අනේ...උණ ලෙඩෙක් එව්වා මදැයි දොස්තරලා දෙන්නෙක් එක්ක. " ජෙරම් අයියා හිනාවෙවී කිව්වා. "මෙහේ එනවා බිනූශ. හාන්සි වෙනවා මෙතනින්" ජෙරම් අයියා ඇඳට ඇඟිල්ලක් දික් කරන් කියද්දි මං හාන්සි වුනා. එතන තිබුන බ්ලැන්කට් එක අරගෙන මගේ ඇඟ උඩට දාලා චිරාත් අයියගේ අතින් අල්ලගත්තා.
"යමං. ලෙඩ්ඩු බලාගෙන ඉන්නවා අරහේ" චිරාත් අයියා නැගිටලා මගේ ඔලුව අතගාගෙනම එලියට ගියා.
ඩියෝන් ශර්ට් එක ගලවලා ශෝටක් දාගෙන මගේ එහාපැත්තෙන් හාන්සි වුනා. මං එයාගේ ඉන වටේට අතක් දාගෙන තුරුල් වුනේ සීතලක් දැනුන නිසා.
"ඇයී බං උඹ මට නොකිව්වේ?"
"අයියා කැමති වුනෙ නෑ බං කාටවත් කියනවට. ඔහොම හිටියට ඌ හරි අහිංසක ලැජ්ජකාරයෙක්" ඩියෝන් සිවිලිම දිහා බලාගෙන කියනකොට මට හොඳටම තේරුනා එයාගේ ඇස්වල අමුතුම දිස්නයක් තියනවා කියලා. මට ආසාවක් ආවා එකපාරටම ඒ වගේ දිස්නයක් එක්ක විස්තර කියන්න කෙනෙක් හිටියානම් කියලා.
එකපාරටම මතකෙට කෙනෙක් එනකොට ...... මං කල්පනා කරේ එයාවම මතක් වුනේ ඇයී කියලා.
Vote if you like. Comment if you felt.
_Monalisa