"ටේහියුන්... අපි යං..."
සුදු මල් පොකුරක් අතේ තියාගෙන... බිමට හැරවුනු ඇස් වලින් ඔහේ බලාගෙන හිටපු ටේගේ පිටට තට්ටුවක් දාපු ජින් එහෙම කිව්වත්...කියපු දේ නෑසුනාක් මෙන්...කොල්ලා ඔහේ.. බලාගත්තු අතම බලං හිටියා....කොල්ලගේ මූන සුදුමැලි වෙලා ගිහින්... සමහරවිට ඒ කල්පනාකරලම වෙන්න ඇති...සුදු පාට ඒ පිරිපුන්.. ශක්තිමත් පිරිමි කය... අද වැහැරිලා ගිහින් තිබුනා...ජීවිතේ මොන තරම්නම් අස්ථිරද?... ටේහියුන් කවදාකවත් නොහිතන්න ඇති.... ඇත්තටම තමන්ගේ ඉරණම මේ විදියටනම් විසඳේවියි කියලා....බැඳීම් කියන්නේ මේ තරම් සංකීර්ණ දෙයක් කියලා... කොල්ලා දැනං උන්න නම්... කවදාකවත් කොල්ලා එහෙනම් බැඳීමක් ඇති කරගන්න එකක් නැහැ... ඔව් එහෙම වේවි සමහර විට...
කල්පනා කරන්න... නොයෙකුත් දේවල් හිත ඇතුලේ එහෙමෙහෙ ඔබමොබ සැරිසරන්න ගත්තත් ඒ කිසිම දෙයක් ගැන හිතන්න කොල්ලට ශක්තියක් නැහැ....හීන් සීරැවට ඇද වැටෙන හිරි පොද වැස්ස එතරම් තද නොවුනත්... බවුන් වඩන එකෙකු මෙන්...ගල්ගැසී ඔහේ ඉන්න කොල්ලගේ.. සුදු පාට ශර්ට් එකම තෙතබරිත කරන්න ඒ වැස්සට පුලුවන් වුනා.... වැහි බිංදු රැඳුණු සකුරා මල් අතරින් හමා එන සුළඟ ඇත්තෙන්ම සුවදායකයි.... නමුත් මේ කිසිවක් රිසි සේ විඳින්ට පුලුවන් පිරිපුන් මානසිකත්වයක් කොල්ලට තිබුනේ නැහැ...කොල්ලා කලේ... හැමවෙලේකම... තමන්ගේ සුන්දර මතකයන් අතර හිර වෙච්ච එකයි.....
"ඔප්පා....."
"ම්ම්ම්...."
"මං දෙයක් අහන්නද...?"
"අහන්න බලන්න..."
" ම්ම්.. ඔයා ආසම මල මොකද්ද...?"
"ම්ම්ම්ම්..... ජන්ග්මි..."
"රෝස මලද???"
"හ්ම්..."
"ඇයි රෝස මලටම කැමති...??"
"අම්... එ්ක ලස්සනයි... සුවඳයිනේ..."
"ඒ හින්දද ආස?"
"හ්ම්.. ඔව් "
"ම්ම්ම්...."
"ඔයා ආසම මල මොකද්ද...?"
"ම්ම්...මං ආස සකුරා මලට"
"සකුරා...?? සකුරා මල් මෙහේ අඩුයිනේ.. ඇයි ඒ මලට කැමති...? මෙච්චර මල් තියෙද්දි ?"
"මොකද එ් මල තමා මං දැකපු ශක්තිමත්ම මල.... ඉතින් මං එ් මලට කැමතියි...."
"දැන් මගේ පන්ඩිත ආච්චි කියන්නකෝ බලන්න කොහොමද කියන්නේ.. ඒ මල ශක්තිමත් කියලා..?"
"අර බලන්නකෝ..."
"කෝ... ? කොහෙද...? "
"අර අනේ... අර තියෙන්නේ... සකුරා ගහ... පේන්නැද්ද...?"
"ආහ්.. ! අරකද? ඇයි ඉතින්...?"
"ඒ ගහ දිහා බැලුවම ඔයාට මොනවද හිතෙන්නේ....?"
"ම්ම්... හිම වැටෙන්න ළඟ නිසා... කොල ,මල්.. හැලිලා ගිහින්.. නිකං.. කඳ විතරක් ඉතුරැ වෙලා...."
"අර... අර පේනවද... ඒ ගහේ.. තව මලක් ඉතුරැවෙලා තියෙනවා....?"
"හ්ම්... ඔව් පේනවා...."
"අන්න ඒ මල තමා මං කියන්නේ ශක්තිමත්ම මල කියලා...'එයාගේ දෙමව්පියෝ.. සහෝදරයෝ... යාලුවෝ ... එයා ආදරේ කරන අය හැමෝම එයාව දාලා ගිහින්... පේනවද? ඒ හැමෝම එයාව දාලා ගිහින්... අලුත්... ඉරක් යට ආයෙත් පායන බලාපොරොත්තුවෙන්... ඒත් එයා? එයා.. කොහොමවත් එයාගේ ජීවිතේ ගැන බලාපොරොත්තුව අත්ඇරගෙන ගිහින් නෑ... කවුරැ එයාව දාලා ගියත්... එයා හැමදාමත් ශක්තිමත්ව ඉන්නවා... හැමදාමත්.... ජීවිතේ අන්තිම මොහොත වෙනකම්ම... ඉතින් එයා ශක්තිමත් .... එයා සතුටින්....'
"ඒ තරම්ම ශක්තිමත්ද මගේ මැණික ..."
දෑස පුරා උනපු කඳුළු ඔහේ ගලා යන්ට ඉඩ ඇරපු ටේහියුන් එක දනක් නමලා ඉඳගෙන... අතේ තිබුනු සුදුපාට මල් පොකුර... ළඟ තිබුණු සොහොන මතින් තැබුවා...
කිම් යුනාරා...
උපත -2004.12.30 විපත- 2021.11.05
වැස්ස නිසා.. සොහොනෙහි බැදිලා තිබුනු මීදුම් පටලය අතින් පීදාදමපු කොල්ලා... වෙනදා වගේම ඒ පින්තූරය ආදරෙන් සිපගත්තා ...ටේහියුන්ට නම්.. හේමන්තය ඉවර වෙන්නැති ගානයි...වස්සානයෙන් උණුසුම් වෙලා.. උදයෝගයෙන්.. හිටපු කොල්ලා... එකපාරම ඇවිත් නතර වුනේ.. හේමන්තයක.... ග්‍රීෂ්ම සෘතුවටත් කලින්ම? කොල්ලා හේමන්තයට ඇවිත්...වෙනදටනම් මාස තුනකින් හතරකින් ඉවර වෙන හේමන්තය.. මෙදාපාරනම් කවද ඉවර වෙයිද කියලා කොල්ලා දන්නේ නෑ.. අඩුම කොල්ලට හිතාගන්නවත්... බැහැ ..තනිවම කොල්ලා මේ පාර කොහොමනම් ඒ සීතල උහලා ගනීවිද...?.. ඒක හරියට අදහාගන්න බැරි හීනයක් වගෙයි.. යුනාරා නැති හේමන්තයක්... ටේහියුන් කවදාකවත් පැතුවේ නැහැ... පතන්න හිතන්නෙවත් නැතුව ඇති...ඉතින් කොහොම හුරැවෙන්නද... මේ නුහුරැ හේමන්තයට...? ඒ ජීවිතයට වසන්තය කවදානම් ආයේ ඒවිද...? ඒක තීරණය කරන්න ඕනෙත් ටේහියුන්ම තමයි...තවත් මොහොතක්...නිසොල්මනේ සොහොන් කොතෙහි වැතිරීසිටි ටේහියුන්ගේ ආදරියගේ මුහුණ දෙස බලා සිටි කොල්ලා යන්න ගියේ.. දෙපාරක් තුන්පාරක්ම හැරි හැරි ඒ දෙස බලමින්..
ඇත්තටම දැන්නම්..කොල්ලා ඉන්නේ.. ඒ තරම්ම අවුල් මානසිකත්වයකින් නෙමෙයි... යුනාරා නැතිවෙලා...හමාසයක් දැන් ගෙවිලා ගිහින්... මුලදි මුලදි කොල්ලගේ නවාතැන වුනේ යුනාරාගේ සොහොන... හැමදාම පන නැති වෙනකම් බීගෙන එන කොල්ලා කෙල්ලගේ සොහොනට ඔලුව හේත්තු කරගෙන රෑ එලිවෙනකම් ඇඬුවා.... ඒත්.. කල් යන්න යන්න කොල්ලට තේරැනා තමන් මේ කරන දෙයින් තමන්ටවත්.. අනුන්ටවත් වැඩක් නැහැ කියලා... කොච්චර ඇඬුවත්... මල යුනාරා ආයේත් එනවානම්.. කොල්ලා එහෙනම් ඇස්වල කඳුළු හිදෙනකම්ම අඬාවි...ඒත් තවත් ගඟට ඉනි කපලා වැඩක් නැහැ කියලා කොල්ලට තේරෙන්න ඇති.... ඒ නිසාම කොල්ලා යුනාරගේ සොහොන ගාවට යනඑක හිතලම නතර කරා.... කොල්ලා අද ආවෙත් මාස තුනකට විතර පස්සෙයි... මොකද අද වගේ දවසක තමා යුනාරා හැමදෙනා අතරින්ම සමු අරගත්තේ... ඒ වෙනුවෙන් නොගිහින් බැරි නිසාම කොල්ලා ගියා... කොච්චර අඬන්නෑ .. හිත හදා ගන්නවා කියලා හිතාගෙන කොල්ලා ගියත්... කෙල්ලගේ සොහොන් කොත යකඩ වැට අස්සෙන් පෙනෙන්න ගන්න මොහොතේ ඉදං කොල්ලට බැහැ කොල්ලගේ ඇඬුම් පාලනය කරගන්න...
************************************
"ජංකුක්...."
"ජංකුක් ඔයා මෙතනද හිටියේ අනේ.. මං හැමතැනම හෙව්වා..."
රෑෆ් ටොප් එකේ බැල්කනි අත්වැට අල්ලං... පිටුපස හැරිලා උන්නු කොල්ලා... ඉස්සරහ බැලුවේ.. කොල්ලා මෙච්චර වෙලා හිත හිත හිටිය සිතිවිල්ලේ අයිකාරියගේ සුපුරැදු හඬ ඇහෙද්දීයි.. කොල්ලා හිනාවෙවීම කෙල්ල දිහා බලලා අස් වලින් 'එන්න' කියලා ඉඟි කලා....
"ඇයි දැන් මාව හෙව්වේ ම්ම්..?"
"හරි වැඩක්නේ.. මගේ නම්ජාචිංගුව බලන්න එන්න මට හේතුවක් තියන්න ඕනිද ආාාා.. ? වැඩියි දැන් තමුසෙගේ..."
"අහ්.. අහ්.. කොනිත්තන් එපා මෝඩියේ ... ආහ්.. ඌ... ආශ්... "
"මෙහෙම නෙමෙයි කන්න ඕනි හරිනම්.. ගානට වැඩියි දැන් ඔහේ හරිද...🤨? දැන් මා එක්ක කතා කරන්නෙත් නෑ හරියකට... වෙන කවුරැහරි ඉන්නවද දන්නෑ... ඉන්නව නම් කියනවා මං යන්නං.. "
"ඒ... යා.. බබා.... ඒ..ඒ.. පැටියෝ... කොහෙද යන්නේ... කෝ මෙහේ එන්නකෝ... යා... මෝඩ කෙල්ල... "
ගස්සන් පද්දං ඔරවන් කෙල්ල යනකොට කොල්ලා ඉක්මනට කෙල්ල ලඟට ගිහින් කෙල්ලව බැක්හග් කරගත්තා....
"අතඅරිනවා..."
"බෑ...😌"
"මට කතාවක් නෑ ඔහේ එක්ක... යන තැනක යනවා... ඕන නැට්ටිච්චියෙක් එක්ක...."
"ඒ කවුරැ හිටියත් මං වැඩියෙන්ම ආදරේ මේ නැට්ටිච්චිටනේ..."
කොල්ලා හිනාවෙවී එහෙම කියන ගමන් පහත් වෙලා කෙල්ලගේ බෙල්ලේ සියුම් තැනක් තදින් සිපගත්තා ...
"ආහ්... යා.. ඕක නවත්තනවා ජංගුක් .. මං ආයේ කියන්නෑ හරිද..!"
"කට..කට.. මේ කෙල්ලගේ කට නම් වැඩී දැන් හොඳටම වැඩියි..."
කෙල්ලව තමන්ගේ පැත්තට හරවගත්තු කොල්ලා එහෙම කියලා අහක බලාගෙන ඉන්න මිශිල් ලේ තොල් වලට චූටි කිස් එකක් දෙනකොට.. කෙල්ල අතින් කට වහගත්තා....
"හහා... මෙන්න වැඩක්..."
"ඇයි...?"
"කට අතින් වහගත්තම මං කිස් කරන්නෑ කියලා හිතුවද බබා...😌"
"ආහ්... යනවා ... මං කියනවා හැබැයි ජින් ඔප්පට හරිද...?"
"ඉතින් ... මට මොකද... එතකොට මං කියනවා මං කිස් කලේ මගේ ආදරණීය වයිෆ්ව කියලා... එතකොට එයා මොනා කියන්නද...?"
"තාම වයිෆ් උන්නෑනේ....😒"
"ලඟදිම වෙනවනේ....😌"
"ඕන්නෑ...😒"
"අැයි ආස නැද්ද ?😏"
"මොනාටද?"
"හනිමූන් යන්න...😌"
"යා.... ජංගුක් ඔයානම් මහ වලත්තයෙක් අනේ...."
"ආහ්... ආහ්.. කරනකොට හොඳයි කියනකොට අවුල්ද😏?"
"මං යනවා.. අනේ ඔයා එක්ක බෑ..."
"හරි හරි මං ආයේ මොකුත් කියන්නෑ... අපි හනිමූන් ගිහින්ම කතාකරමුකෝ නේද...? කරන්න දේකුත් නෑනේ ඉතින් කලින්ම හනිමූන් ගියපු නිසා ... නැද්ද බබා..😌"
කොල්ලා එහෙම කියනකොට නම් කෙල්ලගේ මූන තක්කාලි වගේ රතුවෙලා ගියා... කෙල්ල දිහා බලලා සරාගී විදියට කට කොනකින් හිනාවුනු කොල්ලා කෙල්ලගේ ඉන වටේ අත දාලා කෙල්ලව ඇඟට හේත්තු කරගෙන කෙල්ලගේ තොල් වලට බරවුනා....
************************************
"රොබර්... !"
"බොස්...?"
"මට තව්. ... විස්කි බෝතලයක් අරන් වරෙන්......"
"බොස් දැන් ඇතිනේ... බොස්ට දැන්ටමත් වෙරි නේ..."
"කාටද හු## වෙරි... ?ආ කාටද?..."
"නෑ.. බොස් එහෙම නෙමෙයි... අපි යංනේ... ජේකේ එහෙම දැනගත්තොත්...?..."
"ජේකේ..? හහ්.. ජේකේ... අර පොඩි ප#යා... උෟ ... ඌ මට මොනා කරන්නද බං.... ආහ්?"
"ඇත්තටම...? දැං බොස් මොකද්ද උට කරන්න හිතන් ඉන්නේ...?"
"මංද...?මං උට දාන ඇමේ හැටියට ඌ මේපාර නම් කබෝසියි බං...."
"ඒ.. කියන්නේ බොස්?"
"උබ හරි.... ඌරගේ මාලු උගේ පිටේම තියලා කපන්න වෙලාව ඇවිත්...😏ඔය phone එක ගනින්......"
එහෙම කියලා phone එක අැරගත්තු ඇලෙක්ස් නම්බරයක් ඩයල් කරලා කනේ තියාගත්තා.....
************************************
"යා.... මොකද්ද හියුන්... ඔය phone මඟුල පැත්තක දාලා මට මේක තෝරගන්න උදව් කරපංකෝ..."
"මොන රෙද්දක්ද යකෝ... උබගේ ගෑනිට හරියන මුද්ද තෝරන්න ඕනේ මංද? අනික් එව්වත් අපිටම කරන්න වෙයිද දන්නෑ...😒"
"නෑ... එව්වා මට කරගත්තැහැකි... උබ හිටපං..."
"දැන් මට කියපං මිශිල් කැමති මොන වගේ ඩිසයින් වලටද?..."
"මංදා හියුන්... හැබැයි එයා අතට දාගෙන ඉන්නේ... නිකං චාම්.. ප්ලේන් රින්ග් එකක්... අපි ඒ වගේ එකක් ගමුද?"
"උබ කියන්නේ.. අර මිශිල්ගේ අතේ තිබුණු රින්ග් එක ගැනද?"
"යේ හියුන්..."
"අනේ ගෝතයෝ... තෝ.. මඟුලක්ද අවමඟුලක්ද කරන්න යන්නේ... අර හිච්චං මුද්දක් දාලා මොන ලබ්බක් කරන්නද?"
"ආශ්... ජූන් හියුන් කියපංකෝ එහෙනම් මොකද්ද ගන්නේ කියලා...?"
"කෝ ..එහට්ට වෙයන්කෝ මං හොයන්න... "
"ඒයි මට අර මුද්ද පෙන්නනවා..."
"හරි සර්...🙂"
"මේක බලපං කුක්..."
"ඒක නිකං වට්ටක්කයක් වගේනේ හියුන්... එයාගේ අත හෙන පුංචියි....😕"
"එහෙනම් අරක ..."
"ඒකත් අවුල්..."
"අරක?"
"නෑ..."
"අරක?"
"නෑ..''
"අරක?"
"නෑ..."
"අරක?"
"නෑ.."
"අරක?"
"හා...."
************************************
පැයගානක් තිස්සේ ඇවිදලා ඇවිදලා හොයාගත්තු මුද්ද ඇඟිලි අතරේ එහෙමෙහෙ ගෙනියමින්.. ඔෆිස් කාමරේට වෙලා කොල්ලා හිටියේ... මුවඟ රැඳුණු හිනාවකුත් එක්කමයි... කොල්ලට අද කවදාවත් නැති තරම් සතුටුයි.... තව සතියකින් කොල්ලගේ වෙඩින් එක... මීට මාස හයකට උඩදි වෙඩින් එක ගන්න තිබුනත් කොල්ලට ඒක කරන්න බැරි වුනේ... ටේහියුන්ගේ ප්‍රශ්නෙත් එක්කමයි... තමන්ගේ සහෝදරයා කරදරේක වැටිලා ඉන්න වෙලේක මොන මඟුල්ද? තවත් සහෝදරයෙක්ට ඒක කොහොමටවත් කරන්න බැහැ... ඉතින් ඒකයි මීකුක් ජෝඩුවගේ වෙඩින් එක තවත් මාස කීපයක් කල් ගියේ...තව ටිකක් වෙඩින් එක කල් දාන්න කොල්ලා හිතුවත් ටේගෙන් ඒකට නිදහසක් හමුබුන්නෑ ... ඉතින් කොල්ලා තීරණය කරා ලබන සතියේ මැරි කරන්න.... ඒක ඇත්තට හරි පුදුමයි... කොල්ලා කවදාකවත් හිතන්නැතුව ඇති ඒ වගේ සෙල්ලක්කාර ජීවිතයක් ගෙව්ව තමන්ට විවාහය කියන සංකල්පය තුල කවදාක්වත් කොටු වෙන්න වේවි කියලා... කොල්ලා නොහිතන්න ඇති මිශිල් වගේ තමන්ට පන වගේ ආදරේ කරන කෙනෙක් කවදාකවත් හමුවේවි කියලා... ඒත් අද හැම දේම වෙනස් වෙලා .... හරි පුදුම විදියට....
"බොස්...!"
කන ළඟින් එකපාරට ඇහුන කටහඬට කොල්ලා ටිකක් තිගැස්සුනා... හැරිලා බලනකොට කොල්ලා දැක්කේ... පිටිපස්සට වෙලා උන්නු සෑමවයි... සෑම්ගේ මූනේ තිබුනු ඒ අවිනිශ්චිත හැඟීම තේරැම් ගන්න බැරි නිසා... කොල්ලා අතේ තිබුණු මුද්ද සාක්කුවට දාගෙන සෑම්ගේ පැත්තට හැරැනා ....
"මොකද බං...?"
"බොස්... අර...අර..."
"යා... හතිදාන්නේ මොකද උබ? මොකද්ද අර අර ගාන්නේ....?"
"බොස් අරෑගේ ටැටූ එක..."
"කවුද අර රොබර්ගෙද?"
"ඔව් බොස්... ඒක තමා.. අපි ඒ ගැන හොයනකොට අපිට හම්බුනේ ඒක ඌ personally ගහපු එකක් කියලනේ ..."
"ඉතිං?"
"නෑ.. බොස් ඒක එහෙම ගහපු එකක් නෙමෙයි... මට දැන් ටිකකට කලින් අපේ එකෙක් කෝල් කරා ....ඌ කිව්වා බොස් ඒක ඌ ගාව විතරක් නෙමෙයිලු... ඇලෙක්ස් ගාව වැඩ කරන ඔක්කොම ගාව ඒක තියෙනවාලු... උන් ඔක්කොමගේ ටැටූ එක තියෙන්නෙ බෙල්ලේලු... තව ඌ ළඟ ගෑනියෙක් වැඩ කරනවාලු... ඒ ගෑනිගේ ටැටූ එක තියෙන්නේ පිටේලු.... මට ඌ පාර්සල් එකක් එව්වා... මේක අනිවාරෙන් බොස්ටම දෙන්න කිව්වා...."
"උබ බැලුවද?"
"නෑ බොස් ..."
"හරි උබ යමන්කෝ.. මං බලලා උබලට කතා කරන්නම්..."
"හරි බොස්...."
සෑම් කාමරෙන් පිටවෙලා යනවත් එක්කම වගේ කොල්ලා සෑම් දුන්නු පාර්සල් එකේ වටපිටේ ටිකක් සෝදිසි කරා.. ඒත් සැක සහිත මොකුත් තිබුනේ නැති හන්දා.. කොල්ලා ටේබල් එකටත් හේත්තුවක් දාගෙන පාර්සල් එක කඩන්න ගත්තා... පාර්සල් එක කඩලා ඇතුලේ තියෙන එව්වා එලියට ගත්තු කොල්ලා දැක්කේ... ෆොටෝස් වගයක්... ඒත් ඒවා අනිත් පැත්ත හරවලා තිබුණු නිසා කොල්ලා දැක්කේ නෑ.. මොනාද තිබුණේ කියලා... ඒ නිසාම කොල්ලා ෆොටෝස් ට්ක අනිත් පැත්ත හරෝලා බලන්න ගත්තා...
ඒත්........ ෆොටෝස් එකිනෙක බලාගෙන යනකොට ඒවගේ තිබුණු එව්වා දැකලා කොල්ලගේ ඇස් ලොකු වුනේ... බලන්ඉන්නෙද්දියි... ලොකුවුනු දෑස් අතරට හනි හනිකට කඳුළුත් ඉනුවේ හදිසියෙයි... මුලු පපු කැවුත්තම පලා ගෙන ,හිල් කරගෙන,පොඩි පට්ටම්,චප්ප කරගෙන යනවාක් වගේ දැඩි වේදනාවක් දැනෙන්න ගනිද්දී ...අසිහියෙන් වගේ ෆොටෝ ටික වීසි කරලා දාපු කොල්ලා.. අත් දෙකෙන් ඔලුවත් බදාගෙන මේසේ දිගට රෑටලා ගිහින් ටයිල් පොලොව මත ඉඳගත්තා....
"අන්දවේ...."
දුර්වල වුනු කටහඩකින් කොල්ලා කෑමොර දුන්නේ... තවමත් ඒ දෑසින් කඳුළු හලා වැටෙනකොටයි...මේතරම් කලබල වෙන්න තරම් කොල්ලා මොනාද දැක්කේ . ....? කොල්ලා දැක්ක ඒ ෆොටෝස් වල හිටියේ මිශිල් ....! ඉතින් ඇයි එහෙනම් කොල්ලා අඬන්නේ...?... මොකද මිශිල් හිටියේ තනියෙන් නෙමෙයි... තමං මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන තමන්ගේ හතුරා වෙච්චි ඇලෙක්ස් එක්කයි... ඌ එක්ක හිනාවෙවී ඉන්න ඒවා...කතාකර කර ඉන්න ඒවා...මේවා දකිද්දි කොල්ලා කොහොමනම් ඉවසන්නද...?කොල්ලට දැනුනේ... තමන්ගේ ආධ්‍යාත්මයම කඩන් වැටෙනවා වගෙයි... දෙවියනේ මොකද්ද මේ වුනේ...?
"එතකොට....එතකොට.. මේ හැමදේම බොරැ.... හැමදේම රැවටීමක්ද?..."
එන්න එන්නම දුර්වලවේගෙන එන කොල්ලගේ හඬින් කොල්ලා තමන්ටම මුමුණ ගත්තා... මොකද්ද මේ විනාසේ... ? ඒ පාර මොකද්ද මේ දෛවය තමා එක්ක කරන්න යන සෙල්ලම...? ඇයි මේ වගේ දෙයක්ම...? කොල්ලගේ ඇස් අස්සෙන් දිගු ,කෙටි කඳුළු වැල් ඔහේ රෑරා ගලා යනවා... කොල්ලට මේ කිසි දෙයක් හිතාගන්න බෑ... කොහොමද දෙයියනේ විශ්වාස කරන්නේ... තමන් පන වගේ ආදරේ කරන කෙල්ලගෙන් මෙච්චර ලොකු රැවටීමක්.... ? හිතන්නවත් පුළුවන්ද?...
"ආර්හ්.... වේ... වේ... ඇයි මටම...."
කොල්ලා කීපවතාවක්ම මේසෙට ඔලුවෙන් ගහගත්තේ...අනිවාර්යෙන්ම මේක හීනයක් වේවියි කියලයි... ඒත් අවාසනාවකට වගේ ඒක හීනයක් නෙමෙයි... ඔව් එ්ක රෑ ඇඳේ සිහිනයක්වත්, දවල් හීනයක්වත් නෙවෙයි... ඒක පිලිගන්න බැරි සත්‍යයක්...!
කෙල්ලව හමුබුනු පලමු දවස...පිස්සියෙක් වගේ බීගෙන විකාර කරපු හැටි... කැෆේ එකේ හමුව... ප්‍රථම හාදුව... උනුසුමින් ගෙවපු රාත්‍රියන්... රහසේ දොඩමළු වුනු හෝරාවන්... ආදරණීය..මොහොත්.... මේ හැම එකක්ම එකින් එක එකින් එක ... මුල ඉදන් අගටත් .... අග ඉදන් මුලටත්... චිත්‍රපටියක් වගේ මැවී මැවී පෙනෙද්දී... කොල්ලා තව තවත් කඩා වැටුණා ... ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුට කෑදරේ නොකර ආදරේ කරන්න හිතුනනම් ඒ හිතුණේ මිශිල් ගැන විතරයි.... සෙල්ලක්කාර විදියට අයාලේ ඔහේ ගෙවුණු ජීවිතේට නැවුම් බලාපොරොත්තු ගොන්නක් එකතු වුනා නම් ඒ වුනේ මිශිල් නිසා නෙමෙයිද?.. කොටින්ම කිව්වොත් පිස්සෙක් වගේ උන්නු ජංගුක් මනුස්සයෙක් වුනේ කෙල්ල නිසා නෙමෙයිද...? ඉතින් කොහොමද කොල්ලා විශ්වාස කරන්නේ... ජීවිතේ... වැඩියෙම්ම සතුට දීපු කෙනාම වැඩියෙම්ම දුකත් දෙයි කියලා....කොල්ලට දැනුනේ... තමන් ආධ්‍යාත්මයෙන් තොරවූ ඔහේ පාවෙන මලකඳක් වගෙයි... මලකඳ ජංගුක් නම්.. ඒ මලකඳට අහිමි වුනු ආත්මය නමැති ආධ්‍යාත්මය මිශිල් නෙමෙයිද???
මේ තරම් කඳුළු ආදරේ නිසා නෙමෙයිද...? මිශිල් නැති ලෝකය කොල්ලට දැනෙන්නේ නැවතත් සුපුරැදු පරිදි ඉරක් නැති අහසක් වගෙයි... මිශිල් ගෙන් තොර ජංගුක් කෙනෙක්වත් ,ජංගුක් ගෙන් තොර වුනු මිශිල් කෙනෙක්ගෙන්වත් වැඩක් නැති වෙන තරම්ම කොල්ලා කෙල්ලට බැඳිලා...මේක නෙමෙයිද ආදරේ ? මේක නෙමෙයිද විරහව? මේක නෙමෙයිද වේදනාව...?
හිතට දරාගන්න කොච්චර නම් අමාරැවුනත්... කොල්ලා මේසෙට වාරැ දීලා ඉකමනින් නැගිට්ටේ... වටේ පිටේ විසිරිලා තිබුණු ෆොටෝස් ටිකත් එක්කහු කරගෙනයි... මොනා වුනත්.... ජංගුක්ගෙන් ආයෙමත්.. පරන ජේකේ මතුවෙන්න පටන් ගනිමින් තිබුනා.... කලින් වගේ හදවතක් නැති මිනිහෙක් බවට කොල්ලා ක්‍රමක්‍රමයෙන් පත්වෙන්න ගත්තා... වේගෙන් වේගෙන් ඔෆිස් රෑම් එකෙන් එලියට ආපු කොල්ලා... අඩි තිව්වේ... කොල්ලගේ කාමරේටයි... නෑ... ඔවුන් දෙදෙනාගේම කාමරයටයි....
"ඔව් ඔව්... මං එනවා...."
"ආහ් එහෙමද? ඇලෙකස්ට කියන්න මං එනවයි කිව්ව කියලා..."
"නෑ..නෑ.. මට තවත් මේ විදියට ජංගුක් ඉස්සරහ රඟපාන්න බෑ... මං එයාට ඇත්තම කියනවා...."
"හ්ම්.. මේ කතාව ඉවර කරන්න දැන් වෙලාව ඇවිත්... ඇලට් එකේ ඉන්න..."
"ඔව්..ඔව්.. මතකනේ.. අර ගර්ල්ට වෙච්චි දේ... !
"හ්ම්..හ්ම්.. මං අද රෑ.. කොහොම හරි එන්නම් ඇලෙක්ස්ව හම්බෙන්න....."
"ඇයි... යුනාරාව වගේ මාවත් මරලා දාන්නද??..."
"ජ...ජංගුක් ඔ..ඔයා...?"
************************************
හායි ලමාායි කොහොමද ?
ප්‍රමාද වීම ගැන සමාවන්න... ඉස්කෝලෙනේ අනේ ටයිප් කරගන්න වෙලානැතුව යනවා... සතියකට විතර පස්සේ නේද අප්ඩේට් දෙන්නේ... පට්ට මියානේ අප්පා...😖
කතාව ගැන මොකුත් කියන් යන්ඩෝ... ආහ් මේ? ඔයැයිලා මගේ අර අලුත් කතාවට කැමති නැද්ද අනේ🙄 මං ඒක ඩිලිට් කරන්නද? ඒක අවුල්ද අඩේ..? ඒක ගැන මොකුත් කියන් යමල්ලාාාා.... හැබැයි කිව්වේ නැතොත් ගහනවා ඈ .....😑
වෝට් කරන කමෙන්ට් කරන ෆලෝ කරන හැමෝටම රොම්බ කුමාවෝ ❤️😘
සීයූ ඉක්මනින්
සරන්හේ❤️
Red vine 🍷