Drizzle

By Monliest

100K 16.8K 1K

රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී ... More

drizzle_intro
drizzle 1
drizzle 2
drizzle 3
drizzle 4
drizzle 5
drizzle 7
drizzle 8
drizzle 9
drizzle 10
drizzle 11
drizzle 12
drizzle 13
drizzle 14
drizzle 15
drizzle 16
drizzle 17
drizzle 18
drizzle 19
drizzle 20
drizzle 21
drizzle 22
drizzle 23
drizzle 24
drizzle 25
drizzle 26
drizzle 27
drizzle 28
drizzle 29
drizzle 30
drizzle 31
drizzle 32
drizzle 33
drizzle 34
drizzle 35
drizzle 36
drizzle 37
drizzle 38
drizzle 39
drizzle 40

drizzle 6

2.5K 474 21
By Monliest


පාන්දර දෙකහමාරට විතර ඇති. මං හිටපු නිවාඩු ගිහින් එන කෑම්ප් එකේ බස් එක ටිකක් වේගෙන් ආවේ පාරේ වාහන තිබ්බෙත් නැති නිසා වෙන්න ඇති. එක පාරටම ආපු කාර් එකට ඉඩ දෙන්න ඩ්‍රයිවර් වම් පැත්තට කපනකොට තිබ්බ පල්ලම දකින්න නැතුවැති. බාගෙට නින්දේ හිටපු මං එකපාරටම ගැස්සිලා ඇහැරුනා. ඒ එක්කම ඉස්සරහ සීට් එකේ යකඩ බාර් එකේ ඔලුව වදිනවා විතරයි මට මතක. 

මට මාව දැනුනේ නෑ. ගැඹුරු නින්දකට පස්සේ ඇහැරුනා වගේ. කවුරුහරී සුදු කෝට් එකක් දාගත්ත කෙනෙක් මගෙන් එයාව පේනවද කියලා ඇහුවා. මගේ විශන් එක ටික වෙලාවකින් පැහැදිලි වුනාට පස්සේ මං එයාට ඔලුව වැනුවේ මට කතා කරගන්න තරම් පණක් තිබ්බේ නැති නිසා. බඩ දිහායින් තද වේදනාවක් දැනුනා මට. ඒ හිටපු කෙනා මගේ මූණ උඩ තිබුන ඔක්සිජන් මාස්ක් එක ගැලෙව්වට පස්සේ මට වටපිටාව හොඳට පේන්න ගන්නකොට මට තේරුනා මං ඉන්නේ හොස්පිට්ල් එකක කියලා. 

ඇඳ ලඟ ඉඳපු කෙනා මගෙන් නම අහනකොට තමයි මං එයාව හොඳටම දැක්කේ. සුදුම සුදුයි එයා. ෆොරිනර් කෙනෙක් වගේ. එමරල්ඩ් කොල පාට ඇස් දෙක එයාව තවත් ලංකාවේ කොල්ලෙක් කියන දෙයින් ඈතට අරගෙන ගියා. දිගම දිග ඇස් පිහාටු....ඒ කොණ්ඩේ මූණට වැටිලා එක ඇහැක් වැහෙන්න. තද කොලපාට කණ්ණාඩි ෆ්‍රේම් එක එක්ක මට කේන්ති ගියා ඒ ඇස් මගේ ඇස්වල පැටලෙන්න ඒක බාධාවක් කියලා මට හිතුන නිසා. මං වතුර ඉල්ලනකොට මගේ තොල්වල වතුර ටිකක් ගාලා ඔලුවත් ඇල කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනෙම උස්සගෙන ගිහිල්ලා කොහේහරි හංගන්න. එක පාරටම ඔලුව දෙපැත්තට වනනකොට මට හිනා ගියත් ඇඟේ වේදනාව මට ඒකට ඉඩ දුන්නේ නෑ. මගේ හිනාව දැකලා කොල්ලට ලැජ්ජ හිතුනද මන්දා. දඩබඩ ගාලා අඩියට දෙකට පැනගත්තම මට හිනාවුනේ අපරාදේ කියලා හිතුනා. ඒත් එක්කම මගේ ඇස් වැහිලා ගියා. 

වෙලාව ගැන කිසිම හැඟීමක් නැතත්, ඇහැරෙනකොට ජනේලෙන් පෙනුන වටපිටාව නිසා මං අනුමාන කරා හවස් වෙලා ඇති කියලා.

"මොන මගුලක්ද බං මේ කරගත්තේ?" සාකේත....!!!! මගේ ජීවිතේ වටිනම යාලුවා. "ජීවිතේටම තනියෙන් උඹ ගියෙත් එක නිවාඩුවයි...." ඌට දුක හිතිලා. කැනියුලා එක ගහලා තිබුන මගේ අතින් තද කරලා අල්ලගත්තා. "අමාරුද බං?" 

"ටි..කක්...." මං අමාරුවෙන් උනත් ඌට උත්තර දුන්නා. 

"අර කොල්ලා පැය තුනක් විතර නැහිලා නැහිලා උඹව බේරගත්තේ.....ඉස්සරහ සීට් එකේ යට ගහලා තිබුන යකඩ ෆ්‍රේම් එක උඹේ බඩ පසාරු කරගෙන ගිහින් තිබුනේ. ආරංචියට මං එතෙන්ට දුවලා උඹව උස්සගන්නකොට නාඩි වැටුනෙත් නෑ බං....." සාකේත මගේ ඇස් දිහා බලාගෙන ඔහේ කියවනවා. උගේ ඇස්වල තෙතක් තැවරිලා. ඒ උගේ හැටි. ඒ තමා ඌ මට දෙන ආදරේ තරම.

මං යොශේන් දිනුජය....එහෙමත් නැත්තන් බ්‍රිගේඩියර් වයි.ඩී වික්‍රමසිංහ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවත්ව ඉන්නවා ඒත් මට කාත් කවුරුත් නෑ. 

ඈහ්හ්හ්? අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා ඒත් කාත් කවුරුත් නෑ? මොන විකාර කතාවක්ද ඒ? 

විකාරයක් තමා. ඒත් ඒක එහෙමයි. 

මං තොල්වලින් සාකේතගෙන් ඇහුවේ ඔය කියන්නේ කා ගැනද කියලා. 

"දැන් මෙතන ඉඳලා ගියේ බං. බිනූශ. අලුතෙන් ආපු සර්ජන්. මං එදා කිව්වේ උඹට චිරාත් එක්ක ඉද්දි හම්බුනා කියලා" සාකේත කියද්දි මං ඔලුව වැනුවා. එහෙනම් ඒ පොඩි එකා බිනූශ.....ලස්සන නමක්. මගේ ඇස් වෙනස් නිසා මං කවදත් වෙනස් ඇස් තියන උන් දිහා උනන්දුවෙන් බැලුවා. ඒත් පලවෙනි වතාවට මට එමරල්ඩ් කොල පාට ඇස් දෙකක් හම්බුනේ. මට නිකමට හිතුනා මගේ කහ පාටට හුරු දුබුරු පාට ඇස් වලට ඒ කොල පාට ගැලපෙනවා කියලා. 

"ඌ...ලං..කාවේ...නෙමේ..ද...බං..?" මං ඇහුවේ මගේ හිතේ තෙරපුන ප්‍රශ්නේ. 

"ලංකාවේ තමා බං. ඉපදිලා තියෙන්නේ මෙහේ නෙමේ." 

"හ්ම්ම්"

නර්ස් කෙනෙක් ඇවිල්ලා සේලයින් එකට මොනාද ඉන්ජෙක්ට් කරා. බර වෙලා තිබ්බ මගෙ ඇස් පියන් වැහිලම ගියා. 

............................................................................

අනික් අයව බලන්න කට්ටිය එනකොට දුක නොහිතෙනවාම නෙමේ. සාකෙතට හැමදාම එන්න බෑනේ. මාත් නැති එකේ 600 විතර ඉන්න කෑම්ප් එක ඌ තනියෙන් මැනේජ් කරන්නෝනේ. මං ඔහේ කට්ටිය එන යන දිහා බලාගෙන හිටියා. මට ෆෝන් එක ගන්නවත් හැරෙන්න විදියක් නෑ. 

"ගුඩ් ආෆ්ටර්නූන් මිස්ටර් යොශේන්. Can I examine your wounds please?" ඔහ් !!! මං ගැස්සිලා ගියේ අවධානේ බිඳිච්ච නිසා. ඌප්ස් !!! එයා ආයෙම....

"yes of course" එයා මගේ වටේට තිබුන කොල පාට තිර ඇදලා පහලට දැම්මා. හීනි ඇඟිලි මගේ බ්ලැන්කට් එක අයින් කරලා තුවාලේ වහලා තිබුන ප්ලාස්ටර් එක ගැලෙව්වා. ඒක ගලවද්දි නම් රිදුනා හැබැයි. කෙඳිරි ගාලා මෙතන ලැජ්ජ වෙන්න බැරි නිසා තද කරගෙන හිටියා කොහොමහරි. 

"ස්ටිචස් නම් වේලිලා නෑ තාම. ඔයාට ඉඳගන්න පුලුවන්ද?" තුවාලෙ දිහා බලාගෙනම එයා ඇහුවා. 

"චුට්ටක් ඉඳගෙන බලමුද?" කරුණාවන්ත කටහඬකින් පොඩි ලමයෙක්ට කතා කරනවා වගේ එයා ඇහුවා. මට ඉබේම "හා" කියවුනා. 

මගේ පිටට අත තියලා මට නැගිටින්න උදව් කරනකොට මං හෙමීට කෙලින් වුනා. තුවාලෙ නම් රිදෙනවා මදි නොකියන්න. පිහියකින් බඩ දිගේ ඉරි අඳිනවා වගේ ෆීලින් එකක් එන්න ගන්නකොට මගේ මූණ ඇඹුල් වුනා. ආමි එකෙන් දීපු ට්‍රේනින් එක නිසාම හැදිලා තිබ්බ ස්ටැමිනා එකේ පිහිටෙන් දත්මිටි කාගෙන මං නැගිට්ටා.

"ආහ්...." නොදැනිම ආපු කෙඳිරිය මට නවත්තගන්න බැරි වුනා.  පිටට කොට්ටයක් තියලා මාව කෙලින් කරලා එයා ෆයිල් එක අතේ තියාගෙනම මොනාද ලිව්වා. 

"තැන්ක්‍යූ ඩොක්ටර්. Thank you for saving me" මං හෙමීට වුනත් එයාට ඇහෙන්න කිව්වේ මට එයාට ස්තූති කරන්න ලොකු උවමනාවක් තිබුන නිසා. ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බලන් ඉඳලා ලස්සනට හිනාවුන කොල්ලා, 

"It's my pleasure" කිව්වා. ඒ වෙලේනම් සත්තයි මට හිතුනෙම ඇදලා අරන් ඉඹින්න. ඒ හිනාව....ලෝකේ මං දැක්ක ලස්සනම හිනාව වෙන්නැති. එයාට තිබුනේ කෙල්ලෙක්ටවත් ලේසියෙන් පිහිටන්නෙ නැති හැඩ ඇඟක්. වම් ඇහැ ගාව තියන උපන් ලපේ මං දැක්කේ දැන්. එයාට කෝල් එකක් ආවා. 

"හෙලෝ අයියේ....ආ ඔව් අප්පා මේ තාම හොස්පිට්ල් එකේ. මහන්සි නෑ අනේ.....ආයිශ් මට නිවාඩු නෑ ලොකූ. ප්ලීස් ප්ලීස් වීකෙන්ඩ් එකකට දාගන්නකෝ. හා හා එදාට පුලුවන්. හරී හරී....මං රෑට ගන්නම් මේ වෝඩ් රවුන්ඩ් එකක්....රෑට ගන්නම්....බායි...බායි...පිස්සුද ඕයී ලෙඩ්ඩුත් ඉන්නවා. ආ හා රෑට දෙන්නම්. බායි" 

"සොරි....මගේ අයියා" 

"ඒකට කමක් නෑ. ඔයාගෙම අයියද?"

"ම්ම්ම්. ලොකු එක්කෙනා"

"කීයක් ඉන්නවද?" මං දිහා බලන්නවත් ඔලුව උස්සන්නෙ නැතුව එයා ලියන ගමන් අනික් අතේ ඇඟිලි වලින් 3 පෙන්නුවා. 

"නියමයිනේ. ඔයා අන්තිමයද?"

"ඔව්..." ෆයිල් එක ලියලා ඉවර වෙලා සිල්වර් ට්‍රේ එකක දාගෙන ආපු සිරින්ජර් එකකට බෝතලේකින් මොනාද අරගෙන මගේ වම් අතේ බාහුවට ඉන්ජෙක්ට් කරා. එකපාරටම ඒක කරපු නිසා මං චුට්ටක් ගැස්සුනා.

"බ්‍රිගේඩියර් කෙනෙක් වුනාට ඉන්ජෙක්ශන්ස් වලට බයයි වගේ" කට කොනකට හිනා වෙලා කියලා කර්ට්න්ස් ටිකත් ඇරලා යන දිහා මං ගොලුවෙලා වගේ බලාගෙන හිටියේ ජීවිතේ ගෙවපු අවුරුදූ 30ටම මාව ගොලු කරපු එකම එක්කෙනා දිහා. මං කෙල්ලෙක්ටවත් මෙච්චර කාලෙකට කැමති වෙලා නෑ. එහෙමයි කියලා මට කොල්ලො ගැන එහෙම ෆීලින් එකකුත් නෑ. ඒත් මෙයානම්.....

beyond the expectations.......තනිකරම....පිස්සුවක්.....

ශිට් එයාට කියලා ෆෝන් එක ගන්න තිබුනේ.....බ්‍රිගේඩියර් යොශේන්...ඔයානම් හරිම මෝඩයි....කොහෙද එයා දැක්කම ඔක්කොම අමතක වුනානේ....යන්න කලින් ඒකටත් බෙහෙත් ගන්න වෙයි වගේ.... මං ඔලුව අතගාගන්න ගමන් මටම කියාගත්තා.


Vote if you like. Comment if you felt.

_Monalisa


Continue Reading

You'll Also Like

36.5K 5.6K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...
251K 13.7K 52
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
3M 261K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
61.6K 10.3K 35
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න ව...