Drizzle

By Monliest

100K 16.8K 1K

රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී ... More

drizzle_intro
drizzle 1
drizzle 3
drizzle 4
drizzle 5
drizzle 6
drizzle 7
drizzle 8
drizzle 9
drizzle 10
drizzle 11
drizzle 12
drizzle 13
drizzle 14
drizzle 15
drizzle 16
drizzle 17
drizzle 18
drizzle 19
drizzle 20
drizzle 21
drizzle 22
drizzle 23
drizzle 24
drizzle 25
drizzle 26
drizzle 27
drizzle 28
drizzle 29
drizzle 30
drizzle 31
drizzle 32
drizzle 33
drizzle 34
drizzle 35
drizzle 36
drizzle 37
drizzle 38
drizzle 39
drizzle 40

drizzle 2

2.9K 478 18
By Monliest


සුදුම සුදු පාට බිත්ති, එංගලන්ත ආභාශය තිබ්බ ඉන්ටීරියර් ඩිසයින්ස් තනිකරම හොස්පිට්ල් එක සුරංගනා ලෝකයක් කරලා. නුවරඑලිය කියන්නේ විශාල ප්‍රදේශයක පැතිරුන දිස්ත්‍රික්කයක් වුනාට හොස්පිට්ල් එක දැක්කාමනම් මට හිතුනේ මේක ඒ වගේ විශාල දිස්ත්‍රික්කෙකට හොඳටම මදි කියලා. දුශ්කර පලාතක් නිසාම ස්ටාෆ් එකත් හරිම පොඩ්ඩක් තමා හිටියේ. මොනවා වුනත් එයාලානම් හරිම මිත්‍රශීලී. ඩියෝන් මාව ඩිරෙක්ටර් ජෙනරල් ගාවට එක්කගෙන ගිහින් ඩොකියුමන්ටේශන්ස් ඔක්කොම ඉවර කරා. දැන් මං මේ මෙයාගේ පස්සෙන් ඇවිදින ගමන් හොස්පිට්ල් එකේ සිරි නරඹනවා. මඟ අහුවෙන අහුවෙන එක්කෙනා එක්ක  ඩියෝන් කතාවට වැටෙනවා. 

"බ්‍රෝ .....මේක තමා ඔයාගේ වෝඩ් එක." ඩියෝන් අංක 40 ගහලා තිබ්බ ටිකක් දිග ශාලාවකට ඇතුල් වෙන ගමන් කිව්වා. 

"ඒයි ....ඔයා මොකද මෙහේ කරන්නේ? ඌප්ස් !!! කවුද මේ ?" කොල්ලෙක් ඩියෝන්ගේ පිට මැද්දට ගහන ගමන් ඇහුවා. ප්‍රොෆෙශනල් පාටක් තිබුනට ඒ මූණේ අමුතුම හුරතල් පාටකුත් තිබුනා කියලා මට හිතුනා. හීනි රත්තරන් පාට ෆ්‍රේම් එකක් තියන කණ්ණාඩි දෙක ඒ චූටි මූණට අමුතුම පරිණත පාටක් එකතු කරලා තිබ්බා.

 මං එයාවත් ඩියෝන්ව දාලා තිබුන 'කොයි වෙලේ කඩන් වැටෙයිද දන්නැති බෝංචි ඇඟවල්' සංගමේට සාදරයෙන් පිලිගත්තා.

"ආයීශ්හ්හ්....ගහන්නෙපා මිනිහෝ . තවුසෙගේ කෝටු ඇඟිලි වලින් ගහනකොට රිදෙනවා" ඩියෝන් උඩ පනින ගමන් පිට අල්ලගෙන කෑගැහුවා. 

"හරි හරි ඕයි..කවුද මේ කියනවකෝ..." 

"මේ අලුත් ජෙනරල් සර්ජන්. ඔයාලගේ වෝඩ් එකේ අලුත් සාමාජිකයා. බිනූශ කොඩිකාර" ඩියෝන් මාව ඉස්සරහට තල්ලූ කරන ගමන් කිව්වා. 

"ඔහ්....හායි !!! නයිස් ටු මීට් යූ බිනූශ. අයිම් චිරාත්. මේ ඔයාගේ ෆස්ට් අපොයින්මන්ට් එක වෙන්නැති ඔයාට වයස කීයද? " ඒ කොල්ලා මට අතට අත දෙන ගමන් ඇහුවා. 

"මට 29. සර්ජන් කෙනෙක් විදියට මේ ෆස්ට් අපොයින්මන්ට් එක. " මං උත්තර දුන්නා. 

"අයියෝ. පොඩී නේ ඔයා. මට 30. මං අයියා හොඳේ එහෙනම්. මං පේරාදෙණිය. ඔයා මොන කැම්පස් එකේද?" චිරාත් මගේ කරට අත දාගන්න ගමන් ඇහුවා. 30 කියන්නේ ඩොක්ටර් කෙනෙකුට පොඩි වයසක් තමා. කැම්පස්  එකෙත් අවුරුදු 5 ඉඳලා. ඊටපස්සේ ට්‍රේනිනුත් ඉඳලා. තව විභාග හැටහුටහමාරක් කරලා රස්සාව පටන් ගන්න අපිට 30 පනිනවා කියන්නේ ගණන් ගන්නවත් දෙයක් නෙමේ. 

"මං ජ'පුරේ බං" 

"යකෝ මුං දෙන්නා. මේ බිනූශ මේ චිරාත් අයියා හෙන අණ්ඩපාලයෙක් හොඳේ. පරෙස්සමට හිටපන් ඈ. මං යනෝ. " ඩියෝන් කෑ ගහන ගමන් අත වනාගෙන යනකොට "කියන්නේ නෑ මං උඹට" කියලා චිරාතුත් කෑ ගැහුවා. වෝඩ් එකේ ගොඩක් කට්ටිය නැති නිසා හොඳයි. මං උන් දෙන්නගේ කටවල් දෙකට හිනා වෙවී චිරාත් අයියා එක්ක ඩොක්ටර්ස් රූම් එකට ගියා. 

"මේ ඉන්නේ මිනෝලි & සිහේශි. අපේ සූටී ලදරුවෝ දෙන්නා. ඉන්ටර්න් කරන්න ඇවිල්ලා ඉන්නේ. නංගිලා අඳුරගන්න එහෙනම් අපේ අලුත් කොම්ලා. සර්ජන් කෙනෙක් නැතුව හිටපු අපේ වාට්ටුවට පෑයූ අලුත් තරුව....... බිනූශ කොඩිකාර." චිරාත් එතන මේසේ හිටපු කෙල්ලෝ දෙන්නට නාට්‍යානුසාරයෙන් කියාගෙන ගියා. මං හෙමීට ඌව කොනිත්තනකොට චිරාත් එහාට පැන්නා. 

"අයියෝ චිරාත් අයියේ. ඔයා මේ අයියවත් බය කරනවා අප්පා." මිනෝලි හිනා වෙවීම කියනකොට සහේශී තුන්වෙනි වතාවටත් "හායි අයියේ. ලුකින් ෆෝර්වර්ඩ් ටු වර්ක් විත් යූ " කියලා හෑන්ඩ්ශේක් කරන ගමන් මාව පිලිගත්තා. 

"හා හා දැන් යං ඉතුරු එක්කෙනාවත් හම්බුවෙන්න." චිරාත් මාව ඇඳවල් මැද්දෙන් කොරිඩෝ එකට ඇදගෙන ගියා. එක ඇඳක් ගාව නැවතිලා හිටියේ තවත් කොල්ලෙක්. ඔහෝ එයාවනම් වෙනම සංගමේකට දාන්න වෙයි වගේ. ගොඩක්ම  ගොඩක් ලොකුයි එයා. යෝධයෙක් වගේ. 

"ජෙරම් අයියා......." චිරාත්ගේ කට නම් තනිකර ටකරමක් අප්පා. 

"කෑ ගහන්නෙපා බං. මොකෝ? " ඒ අයියානම් මෙයාගේ හැටි දන්නවද කොහෙද. ෆයිල් එකෙන්වත් ඔලුව උස්සන්නේ නැතුව උත්තර දුන්නා. 

"මේ අලුත් සර්ජන්. බිනූශ කොඩිකාර. වයස 29." චිරාත් මං ගැන කියාගෙන ගියා. එතකොටයි ඒ අයියා ඔලුව ඉස්සුවේ. "මේ ඉන්නේ ජෙරම් අයියා. අපේ වාට්ටුවේ එකම පියාණෝ මෙයා තමා. කොටින්ම මේ වාට්ටුවේ වැඩ කරන අයගෙන් කසාද බැඳලා ඉන්නේ මේ අලියා විතරයි. දුකට සැපට සියල්ලටම උපදෙස් ලබාගැනීමට....අමතන්න  ජෙරම් උපදේශන සේවය." 

"කට වහපන් යකෝ. හායි මල්ලි. මුගේ කට වැඩී මල්ලි ගනන් ගන්නෙපා." ජෙරම් අයියා හිනාවෙන ගමන් මට කිව්වා. 

"ඒකනම් පේනවා." මාත් හිනාවෙවීම කියනකොට "ආ ආ දැන් මෙච්චර වෙලා ඔයා වෙනුවෙන් වාට්ටුව පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් දීපු ඔයා ඒනම් මට එහෙමයි කරන්නේ? අහෝ දුකකි තිතකි ඉරකී." ආයේ කියවන ගමන් චිරාත් එලියට ගියා. 

"කට පොඩ්ඩක් වැඩි වුනාට උගේ බොක්ක හොඳයි බං. උඹ එන්න කලින් ඌ නේ පොඩිම එකා. හෙන හුරතලේ උගේ. වැඩ නම් .....මං ඇත්තම කියන්නම්...ටිකක් අමාරුයි මල්ලි. ස්ටාෆ් නෑනේ. උඹ විතරයි සිරාවටම සර්ජන් කෙනෙක්ට ඉන්නේ. කලින් එක්කෙනත් ගියේ වැඩ වැඩී කියලා." ජෙරම් අයියා ෆයිල් එකේ කොල ටික පිලිවෙලට හදන ගමන් කිව්වා. 

"අවුලක් නෑ අයියේ. මං වැඩ කරන්න කැමතී. අද නම් සෙනඟ අඩුයි වගේ නේද?" 

"ටිකක් අඩුයි අද. හෙට එයි කට්ටිය. උඹ එනවා කිව්ව නිසා පෝස්ට්පෝන් කරපු ඔක්කොම සර්ජරීස් වලට ඩේට්ස් දුන්නා." බයත් හිතුනා ඒකටනම්. ආපු ගමන්ම එච්චර වැඩ? හූම් හූම්.... 

"බය වෙන්නෙපා කොල්ලෝ අපි ඉන්නවනේ උදව්වට." ජෙරම් අයියා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා. මොනවා කොහොම වුනත් මේ වෝඩ් එකේ අයත් ඩියෝන් වගේම හුඟක් ෆ්‍රෙන්ඩ්ලි අය වගේ. එහෙම වෙච්ච එක හොඳයි වැඩකරන්න ලේසියි එතකොට. මං ජෙරම් අයියා එක්කම ඩියෝන්ගේ වෝඩ් එකට ගිහින් තව ටිකක් හොස්පිට්ල් එක බලලා රූම් එකට ගියා.

.............................................................................

"ඒයී.....නැගිටපන්...." මං හිටපු සුව නින්දෙන් ඇහැරුනේ කවුරුහරි මාව හොලවන ගමන් කතා කරන සද්දෙට. අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි ඩියෝන් මගේ මග් එකත් අතේ තියාගෙන ඇඳ ලඟ ඉන්නවා. "නැගිටපිය. වෙලාව 6යි." 

"ම්හ්....කීයටද යන්නෝනේ?" අතට දීපු කෝපි එකත් බොන ගමන් මං ඇහුවා.

"7ටවත් යමං. මං යනෝ සාමාන්‍යෙන් ඒ වෙලාවට" 

"හ්ම්ම් හ්ම්ම්...." ඩියෝනුත් තාම රෑට ඇඳපු එක පිටින්. මට කෝපී එක බොන්න කියලා එයා බාතෲම් එකට ගියා. මං කෝපි එකත් අතේ තියාගෙන උඩින් අර්ධ කවාකාර හැඩයක් ගත්ත ජනේලේ ගාවට ගියා. වාහ් මේක නම් පිස්සුවක්. මීදුම මැද්දෙන් ඉර පායන එකත් එක්කම තිබුන අමුතුම අඳුරු තෙත ගතිය එක්ක මික්ස් වෙලා අතේ තිබ්බ කෝපි එකේ සුවඳ වෙනම මිහිරක් දැනෙව්වා. මං හෙමීට කෝපි එක තොලගාන ගමන් ඩියෝන් එනකන් බලාගෙන හිටියේ තියෙන්නේ එක බාතෲම් එකක් විතරක් නිසා. 

ශරීර කෘත්‍යයන් ඉවර කරගෙන ඇවිත් මං ස්ක්‍රබ් එක ඇඳගත්තා. සුදු පාට ලැබ්කෝට් එකත් අතේ දාගෙන ස්ටෙතස්කෝප් එකයි ටැබ් එකයි අතට අරන් කණ්ණාඩියෙන් බැලුවට පස්සේ මට මං ගැනම ආඩම්බරයක් දැනුනා. 

"ආ හරි හරි උඹ ලස්සනයි. යමං දැන්වත්" ඩියෝන් මට හිනා වෙවී කියනකොට ලැජ්ජත් හිතුනා මට. අපි දෙන්නා හොස්පිට්ල් එක පැත්තට යන්න පිටත් වුනා. 

............................................................................. 

"ගුඩ් මෝර්නින් අයියේ" ඉන්ටර්න් ඉඳපු නංගිලා දෙන්නා මේසෙන් නැගිටින ගමන් කිව්වා.

"ගුඩ් මෝර්නින් නංගිලා" මං කියන ගමන්ම මට තිබුන ටේබල් එකෙන් වාඩි වුනේ පරණ මෙඩිකල් රෙකෝර්ඩ්ස් ටිකක් ස්ටඩි කරන්න. නොදැනීම මං පරණ ෆයිල් ගොඩක් අස්සේ අතරමං වුනා. ගතවුන වෙලාව ගැන මට හැඟීමක් තිබ්බේ නෑ. මං පියවි සිහියට ආවේ කවුරු හරි මං ඉස්සරහ තිබුන පුටුවේ ඉන්නවා කියලා දැනෙනකොට. ඔලුව උස්සලා බලද්දි චිරාත් ඉන්නවා පුටුවේ වාඩි වෙලා ටැබ් එකක් දිගෑරගෙන නිදි කිර කිර.

"ගුඩ් මෝනින් අයියේ" මං චිරාත් අයියට අතට ගහලා කිව්වා. ගැස්සිලා මගේ දිහා බලනකොට එයාගේ මූණේ තිබ්බ නිදිමත පෙනුමට මට හිනා ගියා. 

"ගුඩ් මෝනින් බං." ඇස් දෙකත් පිහිදන ගමන් ටැබ් එක ක්ලෝස් කරලා චිරාත් අයියා නැගිටලා හිරි ඇරියා. 

"නිදිමතේද තාම?" 

"ඊයේ රෑ වුනා බං යද්දි. පොඩ්ඩයි නිදාගත්තේ. යමංකෝ තේ එකක් බීලා එන්න." චිරාත් අයියා අත පය දිගාරින ගමන් කිව්වා. 

"නැගිට්ටම තේ බිව්වේ නෑද?" 

"මොන තේද බං. ඇහැරෙනකොට හතට දහයයි. තේ හදන්න වෙලා තිබ්බේ නෑ. අයියෝ ප්‍රශ්න අහන්නැතුව යමංකෝ අප්පා මට තේ ඕනේ....." චිරාත් අයියා පොඩි එකෙක් වගේ මගේ අතින් ඇද්දා. මාත් හිනාවෙවී ඒ එක්කම නැගිට්ටේ කැන්ටින් එක තියන තැනත් බලාගෙනම එන්න. 



Vote if you like. Comment if you felt.

_Monalisa


Continue Reading

You'll Also Like

133K 22.5K 62
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පා...
12.4K 2.1K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?
54.6K 5.3K 89
Eldest Daughter Was Reborn အကြီးဆုံးသမီး Description အရင်ဘဝတွင် ကျန်းယန်ရှန့် သည် သူမ၏ သုံးစားမရသည့်ဖခင်နှင့် မိထွေးဖြစ်သူကို အရွဲ့တိုက်ပြီး ဆေးလိပ...
76.8K 8.8K 87
transition novel