📚 📚 ONLY WITH YOU 📚📚 zha...

By Rukshikakalhari

64.6K 14.7K 9.6K

✒️✒️✒️ නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය න... More

✒️ දෙවැනි ගෙතුම...
✒️ තුන්වැනි ගෙතුම....
✒️ හතරවෙනි ගෙතුම ....
✒️ පස්වෙනි ගෙතුම....
✒️ හයවෙනි ගෙතුම....
✒️ හත්වෙනි ගෙතුම....
✒️ අටවෙනි ගෙතුම...
✒️ නවවෙනි ගෙතුම ...
✒️ දසවෙනි ගෙතුම .....
✒️ එකොළොස්වෙනි ගෙතුම..
✒️ දොළොස්වැනි ගෙතුම....
✒️ දහතුන්වෙනි ගෙතුම..
✒️ දාහතරවෙනි ගෙතුම...
✒️ පහලොස් වන ගෙතුම ......
✒️ දාසය වන ගෙතුම....
✒️ දාහත්වෙනි ගෙතුම .....
✒️ දහ අටවෙනි ගෙතුම...
✒️ දහ නවවෙනි ගෙතුම...
✒️ විසිවෙනි ගෙතුම.....
✒️ විසි එක්වෙනි ගෙතුම ...
✒️ විසි දෙවැනි ගෙතුම....
✒️ විසිතුන්වෙනි ගෙතුම...
✒️ විසිහතර වෙනි ගෙතුම ...
✒️ විසිපස් වෙනි ගෙතුම ...
✒️ විසි හයවෙනි ගෙතුම .....
✒️ විසිහත්වෙනි ගෙතුම.....
✒️ විසි අටවෙනි ගෙතුම...
✒️ විසිනවවෙනි ගෙතුම ....
✒️ තිස්වෙනි ගෙතුම.....
✒️ තිස් එක්වෙනි ගෙතුම.....
✒️ තිස් දෙවැනි ගෙතුම ....
✒️ තිස් තුන්වෙනි ගෙතුම...
✒️ තිස් හතරවෙනි ගෙතුම....
✒️ තිස්පස්වෙනි ගෙතුම....
✒️ තිස් හයවෙනි ගෙතුම ....
✒️ චූටි බෝනස් එකක්...
✒️ තිස් හත්වෙනි ගෙතුම...
✒️ තිස් අටවෙනි ගෙතුම.....
✒️ තිස් නවවෙනි ගෙතුම ....
✒️ හතලිස්වෙනි ගෙතුම.....

✒️ පළවෙනි ගෙතුම....

5.9K 499 365
By Rukshikakalhari

📚📚 ONLY WITH YOU 📚📚......

ස්ථානය ..... ... ඇමරිකාවේ නිව් යෝර්ක්
                          නඟරයේ Queens borougn
                         public library auditorium.

🎤   සුභ සන්ධ්‍යාවක් වේවා ආදරනීය පාඨක හිතවතුනි හිතවතියනි... ඉතින් මේ උදා වන්නේ ඔබ සියලු දෙනා පුන පුනා බලා සිටි සුභ මොහොතයි... ඒ චීන ජාතිකයෙකු වන ලේඛක. ෂියාඕ ජාන් ගේ වෙබ් නවකතාවක අවසානය සනිටුහන් කරන්නටයි..... Uniq වෙබ් අඩවියෙහි හරි අපූරු නවකතා සහ සිතුවම් සමඟින් මේවනවිට ඇමරිකාවේ මෙන්ම ලොව වටා  වැඩිම පාඨක පිරිසක් තමන් වටා එක් රැස් කරගෙන සිටින  web Author  ... ඉතින් අපි දැන් ඔහුට වේදිකාවට  ආරාධනා කරමු... අදින් අවසන් වන ඔහුගේ Because of you වෙබ් නවකතාවෙහි අවසානය සනිටුහන් කරන්නටත් හෙටින් ආරම්භවන අලුත් කතාවට ඇරඹුමක් ලබාදෙන්නටත්...පිළිගන්න ෂියාඕ ශාන් .....

(  ෂියාඕ ශාන්...  ඉන්ජිනේරුවෙකි .... වයස අවුරුදු 32යි... )

. කන් බිහිරිකරවන අත්පොලසන් නාදය
මැදින් වයස අවුරුදු තිහක පමණ තරුණයකු වේදිකාව දෙසට ඇවිද එමින් සිටියේය.... මොන තරම් ප්‍රසිද්ධ අයෙකු උවත් ඔහු තුලින් දක්නට ලැබුනේ කුමක්දෝ හිස් බවකි.... සියල්ල අතහැරදැමූ අයෙකු මෙන් ඔහු වේදිකාවට පිවිසියේය...ඔහු ඔහුවෙනුවෙන් පනවා තිබූ ආසනයේ අසුන්ගත්තේය ... ඉතින් ප්‍රශ්නෝත්තර වටය ආරම්භවිය....

? මිස්ටර් ෂියාඕ ශාන්... අලුත් වෙබ් කතාව ගැන පුංචි හැදින්වීමක් කරන්න පුලුවන්ද .....

ඔව්.... මම ඒක මෙහෙම කියන්නම්... මේ ලියවෙන්නෙ පනගැහෙන හදවතක කතාවක් .....

? ඒ කියන්නෙ  සැබෑ ජීවිත කතාවක් එහෙමද ....

අපි එහෙම හිතමු....

? මේතරම් ලස්සන අදහස් සිතුවිලි ඇත්තටම පුදුමාකාරයි ...ඉතින් අපිට කියන්න ඒ ගැන ...

හ්ම්ම්ම්ම්.... එහෙම විශේෂයක් නෑ... මට දැනෙන දේ මට හිතෙන දේ මම පිළිවෙලකට අකුරුකරනවා එච්චරයි ...

? ඔබතුමන් චීන ජාතිකයෙක්.... ඉතින් මැන්ඩරින් භාෂාවෙන් වෙබ් නවකතාවක් පළකරන්න අදහසක් නැතිද...

කොහොමත් ඒකත් නුදුරේදීම සිදුවෙයි....

?  අදින් අවසන් වන because of you වෙබ් නවකතාව පිළිබඳව පුංචි  අදහසක් වගේම එම නවකතාව සමග මෙතුවක් කාලයක් රැඳී සිටි පාඨක ජනතාවට ඔබේ අදහස් ප්‍රකාශ කරන්න....

Because of you කියන්නේ මම හිතන්නේ මගේ අතින් ලියැවුනු හතරවෙනි වෙබ් නවකතාව... අනෙක් නවකතා ත්‍රිත්වය ටත් වඩා මේ වටා විශාල පාඨක ජනතාවක් එකතුවුනා... ඒකට පළවෙනි හේතුව තමයි වෙබ් නවකතාව  bl story එකක් වීම... ඉතින් මගේ කතාව රස වින්ද  හැමෝටම ස්තුති කරන්න මම මේක වෙලාව කරගන්නවා.....

? එසේනම් ඔබගේ අලුත් වෙබ් නවකතාව ගැන පුංචි හැඳින්වීමක්  සිදුකරමින්ම  පළවෙනි පරිච්ඡේදය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔබේ වචනවලින්ම රසවිඳින්නට සලස්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.....

යලිත් කන් බිහිරිකරවන අත්පොලසන් හඩක්...... ශාන් ඔහු අත තිබූ ටැබ් එක ඔන්කලේය  .... දේශන ශාලව ඇල්පෙනිත්තක් වැටුනත් දෝංකාර දෙන තරමට නිශ්ශබ්ද විය....
 

ශාන් උගුරේ රැල් බුරුල් හැර එය කියවන්නට පටන්ගත්තේය ..               

.. පූර්විකාව.....

පූර්විකාවක් අවැසි වන්නේ පැහැදිලි අවසානයක් ඇත්නම් පමණකි ... ඉදින් මගේ කතාවට පූර්විකාවක් මා අමුණන්නේ එහි අවසානය අසලින් බව මෙයින් පවසමි.....

.. ශාලාව තුල කුඩා කසු කුසුවක්..... ශාන් යලිත් කතාව ආරම්භ කරද්දී එහි නිහැඩියාව පැතුරුණි...

.. පිදුම....

නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි....

ONLY WITH YOU 📚📚

පළවෙනි හමුව......

ඇමරිකාව ඔව් ගොඩාක් විශාල රටක්... නිව් යෝර්ක් නඟරය.... මේ ගෙවෙන්නේ රාත්‍රී කාලය...  පොත අතේ තිබුනත් හිත කොහේදෝ ගොස් තිබුනි.... කරන්නට රාජකාරි බොහෝමයක් ඇතත් ඒ දෑස් සිහිවූ සැනින් මා ඒ තුල අතරමං වන්නේය..... දුම් දමමින් ඇති කෝපි කෝප්පයෙන් උගුරක් තොලගෑ මා දෙනෙත් පියාගත්තේය ..... ඉදින් වෙනසක් නැත මීට වසර තුනහමාරකට පෙර ඒ දෙනෙත් මුලින්ම මා අසරණ කෙරූ බෙයිජින් පුස්තකාලය තුල මා මනස නතරවිය.....

මා වෘත්තීයෙන් ඉන්ජිනේරුවෙකි... නමුත් කියවීම මාගේ අත්මය විය.... පොත් කියවීම ආත්මය වූවත් කට කියවීම තරම් මේ ලෝකයේ මා වෛර කරනා වෙනත් දෙයක් නැති තරම් ය... පුස්තකාලය යනු මා මනස සන්සුන් කර ගත හැකි එකම ස්ථානයයි.... නිවස තුල මට අවැසි පරිසරය සහ වටපිටාව තිබුනත් පුස්තකාලයට වී හෝරා කිහිපයක් පොත් සමග ගත කිරීමත් වටපිටාවේ ඇති පරණ පොත්වල පුසුඹ ආග්‍රහනය කිරීමත් මාගේ විනෝදාංශය වී තිබුණි....

එය සෙනසුරාදා දිනයක් විය.... සතිඅන්තය මාගේ විවේකී දිනයන් දෙක .... ඉඳින් දිනයෙන් භාගයක්වත් මා රැඳෙන්නේ මේ පුස්තකාලය තුළයි... අදත් මා එහි පැමිණ මට හැමදාමත්  සුපුරුදු අසුනෙහි අසුන් ගත්තේය.... මා මිතුරන් ඇසුරු කිරීමට කැමති පුද්ගලයෙක් නොවන්නේය.... ඉඳින් මාගේ හොඳම මිතුරිය මගේ මවයි....මගේ හොඳම මිතුරා මගේ සොයුරායි..... එතනින් එහාට පාසලේ හෝ රැකියා ස්ථානයේ එදිනෙදා මා හට මුණ ගැහෙන සියල්ලන් මගේ හිතවතුන් පමණි.... පැයක් හෝ දෙකක් පමණ මා නිදහසේ පොතක් තුල ගිලී සිටියෙමි... ගිලී සිටියා යනුවෙන් මා අදහස් කරන්නේ මා පොතක් කියවන්නට පටන් ගත් මොහොතේ පටන් මා ජීවත් වන්නේ ඒ ලෝකය තුළයි..... වාරිස් ඩයරි ගේ ජීවිතය මා කියවන්නේ නම් මා නිතැතින්ම ඒ කාන්තාර භූමියෙහි ජීවත් වන්නේය.... ඔටුවන් එලුවන් දක්කාගෙන  යන කුඩා වාරිස්  පිටුපස මාද ඇවිදින්නේ ය...  මිස්ටර්  හෝම්ස් සමඟ අභිරහස් විසඳන්නට අඟුරු කෝච්චියේ ඔහු අසලින් මාත් වාඩි වී යන්නේ ය.... කෙටියෙන් කිව්වොත් පොතක් තුළ ගැඹුරටම කිමිදීමේ හැකියාවක් මට ඇත්තේය....

" ෂ්....ෂ් .....අය්යේ අයියේ......."

තුන් හතර වතාවකට වඩා ඒ හඬ මට ඇසෙන්නට විය..... ඒ මට පිටුපසින් අසුනක වාඩිවී සිටින කාගෙන් හෝ විය යුතුය.... මට ඇතිවූ කේන්තිය ගැන විස්තර කරන්නට මා ළඟ වචන නැත්තේය....  මා හිස එසේ වුවත් ඒ දෙස බැලුවේ නැත... සමහර විට ඒ මට නොවිය හැකිය... මා යළිත් පොත දෙසට නෙත් යොමු කර ගත්තේය.... නැත  අවසානයක් නැත.... යලිත්

" ෂ් ....ෂ්..... අයියේ....මේ ඔය දුඹුරු පාට කෝට් එක......"

දැන්නම් ඒ අශීලාචාර තරුණයා කතාකරන්නේ මට බව සක්සුදක් සේ පැහැදිලිය..... දුඹුරුපාට කෝට් එකක් පැළද සිටින්නේ මා පමණකි.... පුස්තකාලය තුල ඇති දැඩි නිහැඬියාව බිඳිමින් මේ තරුණයා සෙමෙන් සෙමෙන් කතා කරද්දී මටනම් ඇති වූයේ කේන්තියක් ම පමණි..... එතන එක් තරුණයෙක් නොව තරුණයන් තුන් හතර දෙනෙක් සිටින බව ඔවුන්ගේ කුටු කුටුවෙන් මා අවබෝධ කර ගත්තේය..... නැත මා හට හැරී බලන්නට අවශ්‍යතාවයක් නැත.... මම යළි යළිත් පොත දෙසට අවධානය යොමු කර ගත්තේය...

"ෂ්.....ෂ්..... අයියා ඔයා බීරෙක්ද...."

ඉතින් කේන්තිය අසූහාරදාහට නගිද්දී මේ ඒ දෙසට හිස පමණක් හැරෙව්වේය ... ඇස් දෙකක්..... සත්තකින්ම මා මුලින්ම දුටුවේ ඒ ඇස් දෙක පමණි....හිනාවෙන ඇස් දෙකක්....ඔබ පිළිගන්නේද ඒවා සිනාසෙන ඇස් බව..... තත්පර කිහිපයක් ම ඒ ඇස් අබියස  අසරණ වී සිටිද්දී හිනාවෙන ඇස්වල  අයිතිකාරු ඔහුගේ හඬ අවදි කළේය.....

" අයියේ...තරහා නැතිව චූට්ටිත්තක් එහා පුටුවට යනවද..... මගෙ ක්‍රෂ් එක ඔයාගෙ බොඩියට කවර්වෙලා...."

.. දේශන ශාලාව තුල අපූරු සිනා හඩක් පැතිරුනි.... ශන් හිස ඔසවා ඔවුන් දෙසට පුංචි සිනාවක් දුන්නේය..... සිනා හඩ  .. ෂූ... .. හඩක් වී නතරවිය..... ශාන් යලිත් කතාවට පිවිසියේය ....

.. හිනාවෙන ඇස්.... මා හට පවසන්නේ අනෙක් පුටුවට යන ලෙසයි.... ප්‍රතික්ෂේප කර හිතුක්කාර වන්නට සිතුනත් කුමක්දෝ හේතුවකට මා ඔවුන් දෙස හිස් බැල්මක් හෙලුවේය .... එතැන ඒ හිනාවෙන ඇස් සමඟ තවත් තරුණයන් දෙදෙනෙකු විය... මොවුන් පුස්තකාලයට පැමිණ ඇත්තේ පොත් කියවන්නට නොවන බවනම් මා හට සියයට  දෙසීයක් විශ්වාසය.... කලබල ඇස්... හිතුවක්කාරී මුහුණු.... නොසන්සුන් පාද අශීලාචාර සිනහවන් ඔවුන් පොත් පත් ඇසුරු කරන්නන් නොවන බවට සාක්ෂි ලබා දුන්නේ ය... ඉඳින් මා තවත් ඔවුන්ව ඔවුන්ව අධ්‍යයනය කරන්නට හෝ විනිශ්චය කරන්නට නොයා එක් පුටුවක් අනෙක් පසට ගොස් පොතට ඇලී ගතිමි... නමුත් දැන් ඇස් දෙක පොතේ තිබුණත් හිත පොතේ නැත... මට පිටුපසින් වාඩි වී සිටින තරුණයින් තිදෙනා ගේ කතාබහ මට කිසිසේත්ම අදාල නොවුවත් මා එයට ඇහුම්කන් දුනිමි...

" ඒකි බලන්නෑ බං..."

",ටිකක් හිටපං....තාම විනාඩි පහයිනේ බූරුවො..."

" අන්න ඒකි හිනාවෙනවා ....බලපිය ලස්සන....."

" හාහා ඒකිගෙ හිනාව තෝ බලන්නෑ... ඒකි මගේ....."

හිනාවෙන ඇස්ගේ හඩ මේ විනාඩි කිහිපයට මා හට හොදට හුරු විය.. ඔහු කෙල්ලගේ අයිතිය ලබාගන්නට අනෙක් උන් හට දොස් නගන්නේය.... මා නිකමට මට ඉදිරියෙන් සිටින පිරිස දෙස අවධානය යොමුකලේය .... එතැන කෙල්ලන් තිදෙනෙකි.... අවුරුදු විස්සක් පමණ වයසැති ඔවුන් නම් සාවදානව පොතට වශීවී සිටින්නේය ....

මට මෙ කුමක් සිදුවීද .... කිසිම දිනයක පුස්තකාලය තුල මට අසලින් සිටින්නේ කාන්තාවක්ද කාන්තාවක් ද පිරිමියෙක් ද යන්නවත් සොයා නොබලන මා හට මේ කුමක් සිදුවීද.... මා යළිත් පොතට අවධානය යොමු කළෙමි.... නැත යළිත් හිනා වෙන ඇස් ගේ හඬ මගේ සවන් ඔවුන් අසලට ගත්තේය....

" ඒකිගේ හෙන ගණන් වගේ...."

හිනාවෙන ඇස් මිතුරාට කියනු ඇසිනි....

" යමු බං යන්න....."

මිතුරා කියන්නේය....

" නෑ නෑ තව ටිකක් වෙලා ඉමු අන්න එක පාරක් බැලුවා..."

සතුට වැඩිකමට හිනා වෙන ඇස් ගේ හඬ උස් විය.... පුස්තකාල පාලිකාව ඔවුන් අසලට ආවේය....

" පොත් කියවන්නෙ නැත්නම් කරුණාකරලා මෙතනින් එළියට යන්න... කියවන අයට කරදර කරන එක විතරයි ඔයාලා කරන්නේ...."

මගේ හිතට සතුටක් ඇති විය... ඔවුන් බැනුම් ඇසිය යුතුය.... ඔවුන් මගේ අවධානයත් වෙනතකට යොමු කළේය....

" සොරි මිස්...."

හිනාවෙන ඇස් කීවේය .... ඇය සිනාසී එතැනින් ඉවත්විය... ඉදින් මිස්ගේ උස් හඩ නිසා අර කෙල්ලන් තිදෙනා මොවුන් දෙස බැලුවේය ....

" i love you ....."

හිනාවෙන ඇස් කියනු ඇසිනි.... දම්පාට ටීෂර්ට් එකක් ඇදසිටි කෙල්ල ඔහුට ගැස්සුවේය ..... හොදවැඩේ....මට සිතුනි...

" එයා ගැස්සුවත් ලස්සනයි ....."

හිනාවෙන ඇස් කියන්නේය... ඉදින් දැන් මාහට වෙනත් රාජකාරියක් නැති තරම් ය... ගැස්සුවත් ලස්සන යැයි කියන ඇය දෙස මාත් හොරැහින් බැලුවෙමි...... ඇය සුදු තරුණියකි.... ලස්සනයි යන වචනයට මට එකඟ විය නොහැකිය .... ඇය ලස්සන නැත..... ඉතින් ඇයගේ කියන්නට තරම් වරදක් නැත.....

ඉතින් මේ විකාර මට කුමකටද.... දැන් මට පොත තුල කිමිදෙන්නටත් නොහැකිය .... කියවමින් සිටි පොතත් රැගත් මා එය යලිත් රාක්ක මත තබා රැගෙන යන්නට ගත් පොත් දෙකත් රැගෙන පාලිකාවගේ මේසය අසලට ගියෙමි..... ඉක්මනින් පොත් දෙකත් රැගෙන පුස්තකාලයෙන් පිටතට ආවෙමි...... තවත් වතාවක් අර හිනාවෙන ඇස්දෙක දෙස හැරී බලන්නට නොසිතුනායැයි කීවොත් එය මුසාවකි.... නමුත් මා සිතට පෙර මොලය ඉස්සර කලෙමි..... ඈතතියාම ස්වීචයෙන් කාර් එක අන්ලොක් කල මා ඉක්මනින් ඒ දෙසට ඇවිද ගියේ මේ සියල්ලෙන් මිදී තනිවෙන්නට අවැසිවූ නිසාවෙනි...

" ෂ්.....අයියේ .....අයියේ ...."

මේක කරුමයක් ඌවායැයි කීවොත් නිවැරදිය...මාහට දැන් ඒ හඩ දසතින් ඇසෙන්නේය...

" ෂ්..... අයියේ ..... අයියෝ අයියේ....."

නැත ඒ හඩ මා පසුපස හඹා එන්නේය... මා නතරවුනෙමි..... මට පෙර මගේ පාද නතරවිය..... මා ඔහු දෙසට හැරුනෙමි ..

" ඔයාගෙ පෝන් එක...."

ඔහු ලෙංගතු ලෙසින් සිනාසෙමින් දුරකතනය මා අතට දුන්නේය.... ඒ ඇස් මට සියල්ල අමතක කරන්නේය.... ඉදින් මා ඒ ඇස් තුල සිරවුනෙමි....

" තෑන්ක්ස් කරන්නෙවත් නෑනේ...."

ඉතින් ඒ හඩින් මා පියවි සිහියට ආවේය ... මෙතරම් වෙලා මා ඔහුගෙ දෑස් දෙසම බලා සිටියානොවේදැයි සිහිවී මට විලිලැජ්ජාවක් ඇතිවූ නිසා මට එතැනින් පලායන්නට අවැසි විය... ඉදින් වචනයකුදු නොදොඩා මා ඉක්මනින් වාහනයට නැගී එතැනින් එන්නට ආවෙමි... ඉනටත් අත්දෙක තබාගෙන මගේ වාහනය දෙස බලාගෙන සිටින ලස්සන ඇස් මා නුදුටුවා නොවේ....

මා නිවසට එනවිට මා ප්‍රාර්ථනා කල අයුරින්ම කිසිවෙකුත් මා ඉදිරියට නාවේය.... දැන් මා හට අවැසි තනිවෙන්නටයි.... මවනම් නිවසේ නැති හැඩකි අයියා කොහොමත් එන්නේ සවසට නිසාවෙන් ශබ්ද නොනැගෙන්නට උඩුමහලට ගියේ නිවසේ අනෙක් කරදර කරු වන ජෙනීගේ පුතා ගෙන් ගැලවීමටයි.... මාගේ වෑයම අසාර්ථක විය...

" ජාන් මහත්තයා ...............'"

නිවසෙහි මෙහෙකාරිය වන ජෙනී ආන්ටිගේ පුතුන් කොහේදෝ සිට දුවගෙන ආවේය .... ඔහු කුඩා නැත අවුරුදු දාසයක අති පන්ඩිත වල් වනචර කොල්ලෙකි.....

මම පඩිපෙල මැද නතරවූයෙමි  .. කොහොමත් ඉතින් මගෙන් ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු වන්නේ නැත...මා නිහඩ චරිතයක් බව මේ නිවැසියන් දන්නේය....

" මටත් පොතක් ගෙනාවද....."

මා ඔහුට ඔහු වෙනුවෙන් රැගෙන ආ පොත දිගුකලෙමි.... ඉතින් ඔහු එයත් රැගෙන දත් තිස් ගනනාවක් පෙනෙන්නට මට  සිනාවකින් සංග්‍රහ කොට නොපෙනී ගියේය ... සැනසුම් සුසුමක් හෙලූ මා කාමරයට ගොස් දොරත් වසා ලොක් එකත් දැමුවෙමි ....

හිනාවෙන ඇස්.....

මා මගේ ලියන මේසය අසලින් අසුන් ගෙන අලුත්ම නෝට් බුක් එකක් අතට ගත්තෙමි....

හදිසි අනතුරක් ......

නොසිතු මොහොතක අහම්බෙන්,මෙන් මගේ හදවත ගැස්සුනා ..
සිනාසෙන තරු ඇස් දෙකක්, අසල තුන්හිත නැවතුනා...
මිදෙන්නට බැරි සිහිනයක්, එය පියවි සිහියත් ගිලිහුනා.....
හදිසියෙන් උනු අනතුරක්, නිසා මට මා නැතිවුනා....

ජාන්......................

ඉදින් මා අලුත්ම පොතක අලුත්  කවියක් ලීවෙමි... හේතුවක් නොදැන අලුත් පොතකම ලිව්වෙමි.... එහෙන්මම නානකාමරයට වැදී ඇදගෙන සිටි ඇදුම පිටින්ම ශවර් එක ඇරියෙමි......විනාඩි කිහිපයක් කිසිවක් නොසිතා ඔහේ වැටෙන වතුර ගැන පමණක් සිතුවෙමි....එක් වරම මට යමක් සිහිවිය...

හුට............

මගෙ වොලට් එක........

මම ශවර් එක වසා ඉක්මනින් එය කලිසම් සාක්කුවෙන් පිටතට ඇදගත්තෙමි......

.. යලිත් ශාලාව තුල අපූරු සිනහවකි.....

මල කෙලියයි..... සියල්ල තෙත බරිතවී ඇත.... ආහ්.......... හිනාවෙන ඇස් උඹ මාව පිස්සෙක් කරලා....... මම නානකාමරය තුල සිටම කෑගැසුවෙමී.... ෂැම්පු ලෝෂන් තබා ඇති රැක් එකේ සියල්ල ඉවත්කර වොලට් එක තුල තිබූ සීයල්ල ඒ මත ඇතිරුවෙමි.... ඇදුම් සියල්ලත් ගලවා දමන්නට සූදානම් වෙද්දි මට දවල් තරු මන්දාකිනි සිහිවිය...... ඔව් ඉතින් මගේ දුරකතනය සහ බ්ලූටූත් හෙඩ්සෙට් බොක්ස් එකත් මාත් සමඟම ස්නානය කර තිබුනේය.....

මගුල..........හිනාවෙන ඇස් .......මං උඹට වෛර කරනවා...

මතුසම්බන්ධයි .........

.. ශාලාව දෙදරන අත්පොලසන් මැද එක හුස්මට ඇසුනේ....

" " අනේ.......චූටි එපියක්නේ......අනිකෙන් බාගයක් කියන්නකො........ නැත්නම් හෙට රෑ වෙන්න කලින් සෙකන්ඩ් එපිය දාන්නකො...."

වැනි කෑගැසීම් ය.... ශාන් හුනස්නෙන් නැඟිට්ටේය ..... ඔහුට දැන් ශාලාව මැදින් පිටත්වෙන්නට නොහැකි නිසා සියල්ලන්ටම ආචාර කර බැක්ස්ටේජ් ගියේය ...

", පපා ........"

ඉතින් ශාන්ගේ සුන්දර සිනහව මතුවිය....

" ආයුවෑන්......"

ශාන් ඔහුව ඉක්මනින් වඩාගත්තේය....

" මමා....එන්නතො..... පපාත් විත් කලන්න....."

ඔහු සුරතල් ලෙසින් ඔහුගේ මවට අඩගැසුවේය .... ඇය ඔවුන් අසලට ආවේය ...

"මගේ සුබපැතුම් ශාන් ...."

යැන්ලි සෙමින් කීවේය ....

" ස්තූතී ....."

ශාන් කෙටියන් පිළිතුරු දුන්නේය...

" congratulations  මගෙ බොක්ක...."

යැන්ලි ඉදිරියේ නැති සිනහවක් ඔහු මිතුරාට පිදුවේය....

" ෂුවා......"

යැන්ලිව එතැන තනිකර ශාන් ආයුවෑන් වත් වඩාගෙන ඔහුගේ මිතුරා අසලට ගියේය ... මේ මිතුදම චීනයේ උසස් පාසලේ පටන් ය...ශාන් මේ වෙබ් අඩවියට ලියන්නට පටන්ගන්නේද ෂුවා නිසාවෙනි ... ඔහු uniq වෙබ් අඩවියෙහි සම අයිතිකරුවෙකි... එමෙන්ම ශාන්ගේ කතාවට දායකත්වය දෙන්නේත් එහි එඩිටින් බාරව සිටින්නේත් ඔහුය...

", තෑන්ක්ස් මචං....'"

" කෝමද යුවා පැට්ටො..."

ෂූවා ආයුවෑන් ගේ කම්මුලක් මිරිකුවේය ....

", වැඩේ නැඟලා යයිනේ..... උඹ උදේ වැඩට යන්න කලින් සෙකන්ඩ් එපිය මට මේල් කරපං.... මං එඩිටින් බලලා හවස් වෙද්දි පබ්ලිෂ් කරන්නම්..... "

ෂුවා ශාන්ගේ කරට අත දමාගෙන යැන්ලි අසලට එමින් කීවේය ....

", ඉතින් කොහොමද යැන්ලි....ශාන්ගේ කතාව හොදයිද...'"

" මට ඉතින් ඉංග්‍රීසි වැඩිය බෑනෙ ෂුවා.... "

යැන්ලි ලැජ්ජාවෙන් කීවේය ...

" අපි යන්නම් මචං....."

" හරි ශානයා..... එහෙනම් රෑට මම උඹට ගන්නම්....."

ශාන් ආයුවෑන් සහ යැන්ලි සමඟින් වාහන අංගනය දෙසට යන අයුරු ෂුවා බලාගෙන සිටියේය .... නොගැලපෙන යුවලක්.... මීට වසර තුනකට උඩදී ඇමරිකාවේදී මුල්වරට ඔවුන් මුණගැසුනු විට මෙන්ම අදත් හැමදාමත් ඔහුගේ සිතට එන සුතුවිල්ල.... ඒ ලෙසින්ම......

" ඕව් ශාන්ට යැන්ලි ගැලපෙනෙ නෑ.... "

ෂුවා සුසුමක් හෙලමින් යලිත් ශාලාව තුලට ගියේය ...

**
**
**
**
**
**

මතුසම්බන්ධයි ...

📚 Ru shi ------------------------------------------------------------

✒️ ඉතින් ඔන්න හා හා පුරා කියල අලුත් කතාවේ කොටසක් ගෙනාවා...

✒️ මුලින්ම කියන්න ඕනේ මේක වෙනස්ම කතාවක්.... කතාවක් ඇතුලේ කතාවක්.... ඉතින් හැමදාමත් කියනවා වගේ මට කියන්න තියෙන්නේ මම කවදාවත් sad ending ලියන්නෙ නැහැ කියන එක විතරයි.... ඉවසීමෙන් කියවමු......

✒️ ඉතින් its about you ඉවර උනහම මේක දිගටම දෙනවා....

✒️ පළවෙනි කොටස නිසා ඔයාලට දැනෙන දේ ලෝභකමක් නැතුව කියාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...

✒️ පලවෙනි කොටසෙන් ඇතිවන ගැටළු අපි හෙමින් හෙමින් අනෙක් කොටස් වලින් විසඳ ගනිමු...

✒️ හැමෝම පරිස්සමෙන් ඉන්න....❤️💚🌻

       

Continue Reading

You'll Also Like

100K 16.1K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
14.4K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
1K 169 18
නිල් දෑසකට පෙම් බැදි සීතල හදවතක්.
349K 79.3K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...