✒️ දෙවැනි ගෙතුම...

2.1K 408 189
                                    

📚📚 ONLY WITH YOU 📚📚.......

නිව් යෝර්ක් නගරයේ තරමක් ජනාකීර්ණ පෙදෙසක මහල් නිවාස සංකීර්ණයක ඇති නිවසක්..... ඉතින් ශාන්ගේ නිවස මෙයයි..... උත්සවය අවසන්වී තිදෙනාම නිවසට එනවිට සන්ධ්‍යා කාලයත් ගෙවී රාත්‍රිය උදාවෙමින් තිබුනි..... උත්සවය තුලදීත් මග දිගටත් එක එක කෙටිකෑම ආහාරයට ගත් ආයුවෑන් යැන්ලිගේ අතෙහි සුව නින්දේය.... යැන්ලි දරුවා රැගෙන ඇගේ කාමරයට යද්දී ශාන් ඔහුගේ කාමරයට ගියේය ..

ඉක්මනින් ඇදුම් උනාදමා වොෂ් එකක් දමාගත් ශාන් ඔහුගේ මේසය අසලින් අසුන්ගෙන ලැප් එක ඔන්කලේය .... කතාවේ දෙවැනි පරිච්ඡේදය ආරම්භකල යුතුය... තම දකුණු අතින් නලල කිහිප වතාවක් අතගාගත් ශාන් දෙනෙත් පියාගත්තේය ....

" මගේම අතීත කතාව අකුරු කරනවා කියන එක මම හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි..... මගේ හිත නිදහස් වෙන්න කියලා මම මේක ලියන්න ගත්තට ඒකෙන් වෙන්නේ මට හිත තව තවත් පෑරෙන එක ද කියලා මම මේ කල්පනා කරන්නේ..... ඒ කොහොම වුණත් ආපහු චීනෙට පය තියන්න කලින් මට මගේ කතාව ලියලා හිත නිදහස් කරගන්න ඕනේ..... හ්ම්ම්ම්ම්.... මම කොතනින්ද පළවෙනි කොටස නතර කලේ.... "

ශාන් තනිවම මුමුණමින් ලැප් නෝට්පෑඩ් එකට ගොස් පළවෙනි කොටසෙහි අවසානය මදක් කියෙව්වේය...

" හ්ම්ම්... මගෙ පෝන් එකේ ඉදලා තෙමුණු තැන නේ...."

ශාන්ගේ මුවඟට සිනහවක් මතුවිය... ටිකවේලාවක් ඒ අතීතයේ සැරිසැරූ ඔහු සෙමින් සෙමින් දෙවැනි පරිච්ඡේදය ආරම්භකලේය ....

📚📚 ONLY WITH YOU 📚📚

✒️ දෙවැනි හමුව.....

ඒ නින්දක් නොමැතිව මාගෙවූ පළවෙනි රාත්‍රිය කීවොත් නිවැරදිය... එසේත් නැතිනම් එය මා මෙසේ නිර්වචනය කරන්නම්.... හේතුවක් නොමැතිව නිදි වැරූ පලවෙනි රාත්‍රිය.... මා යම් දිනයක නිදි වරන්නේ ද එතන අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය හේතුවක් තිබෙන්නේ ම ය.. හිතට තදින් කා වැදුණු පොතක් කියවා අවසන් කිරීම... ආයතනයේ ඉහටත් උඩින් ගොඩගැසුණු වැඩ රාජකාරි නිවසට රැගෙනවිත් අවසන් කිරීම වැනි අත්‍යවශ්‍ය ගනයේ කාරනා කිහිපයකට නිදිවැරුවත් අවශ්‍ය ලෙසින් මා කිසිදු දිනක මගේ නින්ද නැති කරගන්නේ නැත...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon