Fall In Love With My Class Mo...

By Kimsithu

1.6K 313 74

තමුසෙ මහ පිස්සෙක් අයිසේ... -JJK- අනේ බං මං හිතුවෙ නෑ ඌ මට මෙහෙම කරයි කියලාආඅ...හෑඅ..හෑ... More

- Chapter 1 -
- Chapter 2 -
- Chapter 4 -

- Chapter 3 -

373 85 23
By Kimsithu


මගෙ පලවෙනි හාද්ද..
අනේ දෙයියනේ එයා ඒක ගන්නයි යන්නෙ..
එයාගෙ රතු පාට හීනි තොල්
ඒව මගේ තොල් එක්ක යාවෙද්දිම....

ට්‍රීංං

හයියෙන් ඇහුන එලාම් එකේ සද්දෙත් එක්ක හීන ලෝකෙ පාවෙවී හිටපු මාව ජොහ්.. ගාල බිමට පතබෑ උනා..

" ආඅහ්.... මොන මගුලක්ද... කඩනව කියල මෙහෙමත් හීන කඩනවද..ශිට් දැන් ඉස්කෝල් යන්ඩත් ඕනෙ නේද.."

එලාම් එක්ටත් බැන බැන නැගිට්ට මට ඇහුනෙ මගෙ හොදම යාලුව ජිමින්ගෙ කටහඩ

" ආ මහත්තය හොදට නිදාගත්තද.."
මූ කොහෙන්ද මගේ ඇදට ආවෙ... ඇස් දෙකට සෙලෝටේප් ගහල වගේ මෙලොදෙයක් පේන්නෙත් නෑ සෙද්ද...
ආ ශුවර් එකට මූ මාත් එක්ක පාඩම් කරන්න අපේ ගෙදර එන්න ඇති..

" මූන හොදගෙන.... ලෑස්ටි වෙයාඅම් ඉස්කෝලෙ යම්ම..." ආපහු නැගිටල ඇගේ හිරි අරින ගමන් මන් කිව්වහම... මෙන්න යකෝ මූ හිනා වෙනව... අද සෙනසුරාදද??.. නෑ වෙන්න බෑ.. මම හෝම්වර්ක් සේරමත් කරල කැලැන්ඩරෙත් බැලුවනෙ. අද අගහරුවාද..
ඔන්න් ඔන්න.. මගෙ ඇස්දෙක ලාවට වගේ පේන්න ගන්නව...
මේ මොකද ජිමින් වේලාසන ලෑස්ති වෙලා... තාම නැගිට්ට විතරනේ...
මේ මොකද.. කවද්ද මගේ කාමරේ මෙච්චර ලොකු උනේ..

" මේ ජිමින් මට මගේ කාමරේ අපේ පන්තිය වගේනේ පෙන්නෙ හලෝ.."
තරු පෙනිල හිටිය මම ජිමින්ගෙන් ඇහුවම..

වගේ නෙමේ පන්තියේ තමයි යකෝ ඉන්නෙ... බෙල් එක ගැහැව්වෙ ඉන්‍ටවල් එකට නැතුව ඒ එලාම් එක නෙවේ..පන්තිය මැද නිදාගන්න එපා කියන්නෙ ඕකයි.."
ඔන්න එතකොට තමා මට සීන්කෝන් එක තේරුනේ..මම පන්තිය වෙලේ නිදාගෙනනේ..

" මම හිතුවෙ උදේ කියල.. කමල්ලෑ.. කන්ඩ යමු.. ඉන්ග්‍රීසිනෙ තිබ්බෙ කොහොමත් නින්ද යනවනෙ.."

" මතක ඇතුව කෙහෙල් කිරි එක මට දීපං උබේ"

* * * * *

අපි දෙන්න ප්ලේට් දෙකත් අරගෙන ඇවිත් හිස් ටේබල් එකක ඉදගත්ත..
එතකොටම මම දැක්කෙ....


















මොනාද ?


අපේ පන්තියේ මීටරේ..
අපේ ක්ලාස් මොනිටර්..
අපේ ප්‍රින්සිපල්ගෙ එකම පුතා..
ගොඩක් ටීචලගෙ සුරතලා..
ක්ලාස් ෆස්ට්..
සෙක්ශන් ෆස්ට්...
හැමෝගෙම ක්‍රශ් එක..
මගෙත් ක්‍රශ් එක...
කිම් තේහියුන්ග්..

තමුසෙ මහ පිස්සෙක් අයිසේ..
ජියොන් ජන්ග්කූක්... !
තමුසෙ මහ පිස්සෙක්...!
ඔව් යකූ මම පිස්සෙක්..
අර ටේහියුන්ග් කියන පිස්ස තමා මාව පිස්සෙක් කලේ..
බලම්න එයාගෙ ඇබ්ස්...
බලම්න එයාගෙ ඇස්...
ලස්සන තොල්..
සෙස්සි බැල්ම්ට් එක...

මම එයා දිහා බලාගෙන මගේ හිතයි මොලෙයි එක්ක තර්කකරන ගමන් ඉද්දි... මෙන්න මේ මිනිහ අපිට ඉස්සර ටේබල් එකේ ඉදගත්ත නේද.. බලහන්කෝ.. කෝමද දැං හරිහමං විදිහට කන්නෙ කියාලා..

" ආ මුතූ භාවනා කරනව වගේ.."
ජිමින් මගෙ කන ලගට ඇවිල්ල මුමුනද්දි තමා මම හරි සිහියට ආවේ..

" ඔව් ඇයි.."
මගේ දැහැන බින්දට පලිගන්නත් එක්ක මමත් ගස්සල පද්දල කිව්ව..

" උබ ඔය ඇත්තටමද කියහන් අපේ පන්ති නායකයට පැණි හලන්නෙ.."

" ඇයි උබට බොරුවට වගේ පේනවද..."

" නෑ නෑ ඉතින්... "

" ඒකනේ මගේ පරම ලව් එක හූම්.."

" අම්මේ...හම්මේ.. කොම්ලගෙ පැණි හිනාව.. මොකතෑ ඔය රතු වෙන්නේ... එක්කෙනෙක්ට ලැජ්ජ හිතිල වගෙ.."

ජිමින් සමච්චලේට කිව්වෙ ආපහු මාව රතු වෙලා යද්දි...

" ආ... දැන් මම විතරයි ලව් කරන්නෙ... හරි හරි... කවුද දන්නෙ නෑ කෝච්ලට ලවු කරන්නෙ."

" හිටහන් හිටහන්.... කෝච්-ලට කියල බහු කරන්න එපා.. කෝච්ට.."

"ඒකනෙව්.... ඔයා තමා... බාස්කට් බෝල් කෝච්ට ලව් කරන්නෙ... පණ්ඩිතය වගේ බාස්කට් බෝල් ස්පෝට් එක විදිහ්ට තෝරගෙන... පස්සෙ අහගෙන ආව නේද ගිහින් 'ජිමින් ඔයා කොටයි. ඔයාට බාස්කට් බෝල් ගැලපෙන් නෑ ' කියල. චාටර්නේ..." මම මතක් කරේ ජිමින් දවසක් කෝච් යුංගිගෙන් එහෙම අහගෙන ඇවිත් නහය රතු කරං අඩපු හැටි.

"ආ තෝ එහෙමද දැං හිටහං.... මෙ න් න මේ ජන්ග් කුකා අපේ මොනි----ට්බ්බුක්කැමට්ව්ඩ්වුඉ"

ජිමින් කැන්ටිමටම ඇහෙන්න කෑගල කියන්න හැදුව වක්‍ය මග නතර උනේ මම ඒකගෙ කට වහපු නිසා...
යාලුවො කියන එවුංව විශ්වාස කරන්න කියන්න එපා කියන්නෙ ඒකයි..
කැන්ටිමේ හැමෝම අපි දෙන්න දිහාවට ඇස් යොමු කරද්දි මම මගේ උපරිම ගොං හිනාවෙන් හැමෝටම සංග්‍රහ කරගෙන යද්දිම යද්දිම මම දැක්කෙ ඒ ඇස් අතර අර ඇසුත් තියෙනව කියල.අර අර සෙස්සි ඇස්.. කොටි ඇස්.. ආයිශ් රතු වෙන්න එපා ජන්ග්කූඋක්.... රතු වෙන්න එපා....
එයාටත් මම මගේ සුපුරුදු ගොං නමුත් කියුට් හිනාවෙන් සංග්‍රහ කලා...

"එබෙව්හෙව් හ්ශ්ස්ව්ව්ඃස්ව්බ්ඣව්බ්බ්ඃඅඩ් ශ්හ්"

" මොකක්ද්..."

"ව්ස්න්ඩ්ඃස්ව් ස්බ්ස්බ්ඹස්බ් ණ්ස්බ"

"තේරුන් නැ..."

මම ඇහුවෙ හුස්ම ගන්න දගලන ජිමින්ගෙන්... ඔහ් ශීට්...

" සොරි මචෝඔ.." මම ජිමින්ගෙ කටෙන් අත ගන්න ගමන් කිව්ව..

" තමුසෙට පිස්සුද යකෝ කැන්ටිමේ මිනී මරන්නෙ.. කෑවෙත් නෑ තාම.."

" උබට පිස්සුනේඑ... ඒ ගොං වැඩේ නිසා තව පොඩ්ඩෙන් මට ඉස්කෝලෙ එන්න හම්බෙන්නෙත් නෑ... උබ තමා පටං ගත්තෙ.."

" හුම්.. හුම්.. උබ තමා ලබාගත නොහැකි මගේ ආදරේ ගැන කියල මාව ඇවිස්සුවෙ..."

"යැව්..යැව් තමා...."

" උබට කියන්න මට තාම ඌත් එක්ක තරහයි බං ඒකට... ඌත් මට කොටයි කිව්ව..ශිට්... "

" ඔයා කෝච් යුන්ගිට ලව් උනාට එයා ඔයාට ලව් නෑ ජිමින්.. ඔයා එයාව දැල දාල අල්ල ගන්න ඕනෙ..."

" කොමද බං අල්ල ගන්නෙ මට කිසි ප්ලෑනක් නෑ.."

" ඒකට තමා යකෝ අපි වගේ අයට ලස්සන තරු පිරිච්ච බෝල ඇස් දෙකකුයි , කියුට් මූනකුයි දෙවියො දීල තියෙන්නෙ.. පොඩ්ඩක් ඇස් ලොකු කරල බැලුවොත් ඕන ලොක්කෙක්ව දිය කරල දාන්න පුලුවන්.."

"ඕක හරි යයිද බං..''

" නැත්තන් නිකං හිටහන්.. කවුරු හරි ඇවිත් කෝච් යුන්ගිව කුදලං යනව බලා ගත්තෑකි බොට එතකොට.."



ඔයාලට කියන්නෙ මේ ඉන්නෙ අපේ බාස්කට් බෝල් කෝච්... මින් යුංගි... අපේ ජිමිනගෙ පරම ලව.... වයස නම් නොදනී... වැඩිය කතා කරන කෙනෙක් නම් නෙවේ... ඉස්කෝලෙ රණ්ඩු බේරන්න කෝච් යුංගිට විතරයි පුලුවං... කෙල්ලොංගෙ ඇල්ම බැල්ම වැඩිපුර වැටෙනව.. ජිමින් නම් කියන්නෙ සැට් කොරගත්ත ගමං එක්ක යනවලු කපු මහත්තයෙක් ලගට ඇස්වහ කටවහ පුච්චන්න...

Continue Reading

You'll Also Like

1.3M 57.8K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
157K 17.2K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
476K 14.5K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
417K 25K 84
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...