Defenders Of The Degan || Tae...

By Cyra_00

93.4K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 33

1.6K 270 21
By Cyra_00

කාලය හිමින් හිමින් ගත වෙලා ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාගේ විවාහයට අදට මාස පහක් වෙනවා.. තාමත් ටේහ්‍යුන් එදා ප්‍රශ්නේ නිසා හාදුවකින් එහාට ටේහ්‍යුන් එක්ක යන්නේ නෑ...ටේහ්‍යුන් බයයි එයාගේ බනීට රිදෙයි කියලා..එයා බයයි එයාගේ බනීව එයාට නැති වෙයි කියලා..

ඩාර්ක්ලෝඩ් එදා ජන්ග්කුක් ඇති කරපු ගින්නෙන් පැන ගත්තාත් එයා තාම හැංගිලා ඉදලා ටේහ්‍යුන්ව හෝ ජන්ග්කුක්ව අල්ලන්න කුරුමානම් අල්ලනවා කියලා මේ වෙනකොට ජන්ග්කුක් හැරෙන්න හැමෝම දන්නවා..

එතකොට ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නැද්ද ??

ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ගේ නම ඇහුවාත් ආයි අසනීප වෙයි කියලා හිතුවාත් ඇයි එහෙම නොවුනේ ??

ඒ කියන්නේ ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නෑ ?? එහෙමනේ...

ඔව් ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට බය නෑ..ඒත් ටේහ්‍යුන් එදා උන හැම සිදුවීමකටම බයයි.. ඩාර්ක්ලෝඩ්ට එයා බය නැති බව ඇත්ත..මොකද එයාගේ හිත කියනවා එයාගේ බනී එයාව බේරගන්නවා කියලා..ටේහ්‍යුන්ගේ බය නැති කරන ශක්තිය ජන්ග්කුක්..හැම තප්පරේකම ටේහ්‍යුන් ලග ඉන්න ජන්ග්කුක් තමයි ටේහ්‍යුන්ගේ බය නැති කරන ශක්තිය..

එහෙනම් ටේහ්‍යුන් ජන්ග්කුක් ආදරේ කරන්න කලින් ඩාර්ක්ලෝඩ්ට බය ඇතිනේ...නෑ එහෙම උනෙත් නෑ..එයාගේ අහින්සක බනීව පුච්චලා අගුරු කරලා දාපු තිරිසනෙක්ට ටේහ්‍යුන් බය වෙන්න ?? අන්න ඒ සිතුවිල්ල නිසා ටේහ්‍යුන් ඩාර්ක්ලෝඩ්ට වෛර කරා.. සිතුවිල්ල වෙනස් උනත් අදටත් එයා වෛර කරනවා..

හැමෝම පිලිගන්නවා ටේහ්‍යුන්ට ඩාර්ක්ලෝඩ් එක්ක තියෙන්නේ බයක් නෙමෙයි වෛරයක්..එදා උන දේවල් වලට යුන්හි නැති උන එකට ජන්ග්කුක්ට අදටත් එයාගේ ඒන්ජල්ව මතක නැති එකට එයාට ඩාර්ක්ලෝඩ් එක්ක තියෙන්නේ වෛරයක්..

ඒත් ටේහ්‍යුන් එදා උන සිදුවීම්වලට තාමත් බයයි.. ඒක එයාගේ හිතින්ම වෙන දෙයක්..තමන්ගේ පිහාටු පිට කෙනෙක් අල්ලනකොට තාමත් ටේහ්‍යුන් බයයි.. තමන්ගේ ඇග පිට කෙනෙක්, අදුරන්නේ නැති කෙනෙක් අල්ලනකොට තාමත් ටේහ්‍යුන්ගේ ඇග ටේහ්‍යුන්ටත් නොදැනිම එයාව පිලිකුල් කරනවා..පුංචි මල් කැකුලක් වගේ හිටපු ටේහ්‍යුන් කාමාතුරයෙක් අතට අහු උනාම දසවද විදලා අන්තිමට ඔහේ සිහිය නැතුව ඉදලා අහු උනාම ඒ අහින්සක හිත පෑරෙන එක අහන්නත් දෙයක්ද ??

පොඩි කාලේ උන ඒ සිදුවීම නිසා ටේහ්‍යුන් අසනීප වෙන එක සාධාරණ නැද්ද ?? ඒත් දැන් ?? ඉස්සර පොඩි දේටත් බය වෙන ටේහ්‍යුන් ජන්ග්කුක් ලගදි ටික ටික අසනීපය හොද වෙනකොට මේක යූන්ගිට පවා හිතාගන්න බෑ..

ඉස්සර කරුවලේ එක පැය භාගයක් හිටියත් ඇති ටේහ්‍යුන් අසනීප වෙන්න..එහෙම ටේහ්‍යුන් දැන් ජන්ග්කුක්ව තුරුල් කරන් මහ රෑ අහසේ තරු බලනවා..ටේහ්‍යුන් ටිකෙන් ටික වෙනස් වෙනවා කියලා හිතන එක සාධාරණ නැද්ද ??

වෙනස් වෙනවා නෙමෙයි ජන්ග්කුක්ගේ ආදරේ ටේහ්‍යුන්ව වෙනස් කරනවා..නපුරු මුරන්ඩු ටේහ්‍යුන් වෙනුවට ජන්ග්කුක් ලග ඉන්නේ ඉස්සර හිටිය හුරතල් එයාගේ ඒන්ජල්...අසනීපේ විතරක් නෙමෙයි ජන්ග්කුක් එයාගේ ආදරෙන් ටේහ්‍යුන්ගේ හැම නරක ගතියක්ම වෙනස් කරනවා..

ආදරේට පුලුවන් ද කෙනෙක්ව වෙනස් කරන්න ?? ටේහ්‍යුන් වගේ ලිටිල්ස්පේස් සින්ඩ්‍රෝමය තියෙන කෙනෙක්ව හොද කරන්න ??

බියුටිට පුලුවන් උනා නම් රාක්ෂයෙක්ට ආදරේ කරලා එයාව කුමාරයෙක් කරන්න..
සදකිදුරියට පුලුවන් නම් ආදරේ නාමෙන් සදකිදුරුට පබ ගන්න..
කන්නගීට පුලුවන් නම් ආදරේ වෙනුවෙන් රාජ්‍යයක් ගිනිබත් කරන්න..

ජන්ග්කුක්ට බැරි ඇයි එයාගේ ආදරෙන් ටේහ්‍යුන්ව හොද කරන්න...ටේහ්‍යුන්ව වෙනස් කරන්න... ආදරේට ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා ජන්ග්කුක් දැනටමත් ඔප්පු කරලා ඉවරයි..මාස පහක් වගේ පොඩි කාලයක් ඇතුලත ටේහ්‍යුන්ගේ වෙනස ඇස් දෙකෙන්ම දැක්ක යූන්ගි නම් පිලිගන්නවා ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා..

ජන්ග්කුක් වගේ කූඹියෙක්වත් මරාගන්න බැරි අහින්සකයෙක්ට ආදරේ වෙනුවෙන් රාක්ෂයෙක් වෙන්න පුලුවන් කියලා දැක්ක , ටේහ්‍යුන්ට තුවාලයක් උනත් වෙනස් වෙන ජන්ග්කුක්ව දැක්ක ජිමින් පිලිගන්නවා ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා..

🐯 බනී....
මන් කියන එක අහන්නකෝ බනී...

ටේහ්‍යුන් මේ ඊයේ ඉදන් එයාගේ බනීව යාලු කරගන්න දගලනවා...ඒකට හේතුව ?? හරිම සරලයි...ටේහ්‍යුන්ට ආව විනාඩි 20ක ජෙනීගේ කෝල් එක තමා බනි, ඩෙවිල් බනී වෙන්න හේතුව වෙලා තියෙන්නෙ..

🐯 අනේ කතා නොකර හිටියා ඇති බනි...
ජිමිනා උබවත් කියන්නකෝ...

🐥 අනේ මේහ්...මාව ඔය පවුල් ප්‍රශ්නවලට ගාව ගන්න එපා..

ජිමින් එහෙම කියලා කිචන් එකෙන් එලියට ගියේ ජන්ග්කුක්වයි ටේහ්‍යුන්වයි තනි කරලා..මොකද මේ කුරුලු ජෝඩුව කොහොමත් සතියකට වඩා නම් තරහ වෙලා ඉන්නේ නෑ කියලා ජිමින් දන්නවා..තව දවස් හයක්ම තියෙන නිසා ජිමින් ප්‍රශ්නෙට අත නොදා ඉන්න තීරණය කරා...

"සතියකට පස්සේ බලමු " ටේහ්‍යුන් ජන්ග්කුක්ව යාලු කරලා දෙන්න කියන හැම වෙලේම ජිමින් හිතන්නේ ඒක..

හැබැයි ඉතින් ටේකුක් වලි වලට යූන්ගි නම් චුට්ටක්වත් ආස නෑ..මොකද ජන්ග්කුක් ටේහ්‍යුන් එක්ක රන්ඩු උන ගමන් කොට්ට මෙට්ට ඇද ඇතිරිලි හරකබාන ඔක්කොම උස්සන් ජිමින්ගේ කාමරේට රින්ගගන්නවා.. එතකොට ජිමින්ගේ පූර්ණ අයිතිය ජන්ග්කුක්ට අයිතිඋනාම යූන්ගිට සතියක කාලයක් හුලං තමයි..අන්න ඒ නිසා යූන්ගි ජන්ග්කුක්ව යාලු කරගන්න ටේහ්‍යුන්ට උපරිම සප් එක දෙනවා.. නැතුව මේ යාලුකමකට එහෙම නෙමෙයි..

දැන් ඔය ටේහ්‍යුන් ක්‍රියාත්මක කරන්න යන්නෙත් යූන්ගිගේ බනී යාලුකර ගැනීමේ 25 වන පියවර දියත් කරන්න..යූන්ගිගේ ක්‍රම ඇත්තටම හෙන මරිමොංගල් , ටේහ්‍යුන්ගේ පට්ටම ටැනියට යන ඒවා උනාට වෙන කරන්න දෙයක් නැති නිසා ඒවාවත් උත්සාහ කරලා බලනවා..

ආහ් ටැනියා කියන්නේ ගිය මාසේ ටේහ්‍යුන්ගේ බර්ත් ඩේ එකට හොබි දුන්න ගිෆ්ට් එක..එහෙම නැත්තම් ජන්ග්කුක්ගේ පරම සතුරා..ටැනී ටේහ්‍යුන් ඉස්සරහ හුරතල් වීම, ටේහ්‍යුන්ව ලෙව කෑම, ටේහ්‍යුන්ගේ තොල් ලෙව කෑම, ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ ඉදීම වගේ කරුණු මත ටැනියා තමා ජෙනීට අමතරව ජන්ග්කුක්ට ඉන්න පරම හතුරා..

ටේහ්‍යුන් එක්ක හුරතල් වෙන සැරේට අහින්සක ටැනියාට බාතෲම් එකේ සිර ගත වෙන්න වෙනවා.. මේ මාසෙට ටේහ්‍යුන් අයිති කර ගැනීමට උත්සාහ දැරීම යන චෝදනාව යටතේ ටැනියා 20 පාරක් විතර බාතෲම් එකේ, ගබඩා කාමරේ වගේ එකී නොකී තැන්වල ජන්ග්කුක් හිර කරලා තියෙනවා..

🐯 අනේ බනී ඔහොම කතා නොකර ඉන්න එපා අනේ...

ටේහ්‍යුන් හිමීට එලවලු කප කප එයාව ඇහෙන්නේ නෑ වගේ ඉන්න ජන්ග්කුක් ලගට ලන් වෙන්න ගන්නකොටම එකපාරටම අනිත් පැත්ත හැරුන ජන්ග්කුක් පිහිය කෙලින්ම ටේහ්‍යුන්ගේ බෙල්ලෙන් තිබ්බා..

බැන්දාට පස්සේ මිනිහා බල්ලා වෙනවා කියන එක සනාත කරලා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කේන්ති ගිහින් ඉන්න නිල් ඇස් දෙක දැකලා වෙව්ලන්න පටන් ගත්තා.

🐯 ම්..මේ බ..බනි ඕක අයින් කරන්නකෝ..
ඔ..ඔයාගේ හබි පව් නැද්ද ??

🐰 මට හබි කෙනෙක් නෑ...

🐯 එහෙම කියන්න එපා බනි...අපි දෙන්නා බැදලා ඉන්නේ ??

🐰 එහෙනම් ඩිවෝස් වෙමු...

🐯 ම්..මොකක්ද ??

🐰 ඔව්..එතකොට ඔයාට අර තේඋඩැක්කිය එක්ක හුරතල් වෙවී දවසෙම උනත් කතා කර කර ඉන්න පුලුවන් නේ...

🐯 බ...බනි..

යූන්ගි කිව්ව විදියට දැන් තමයි කිඹුල් කදුලු හෙලන වෙලාව...ජන්ග්කුක්ව බැන්ද දවසේ ඉදන් ටේහ්‍යුන් රැකගෙන ආව එයාගේ පට්ටම ටැනියට ගිය නිසා එයාගේ බනී ඉස්සරහ කිඹුල් කදුලු හෙලන එක මහ ලොකු දෙයක් නෙමෙයි..

ටේහ්‍යුන් මෙතනට එන්න කලින්ම ලූණු ගෙඩියක් එලියේ ඉදන් සුද්ද කරන් ඇවිල්ලා කදුලු පුරෝගෙන ආවේ..එයාගේ වෙලාවට ජන්ග්කුක් පවා ලූණු කප කප හිටිය නිසා තාත්ත්වික රංගනයක් දක්වන්න ලූණු ගෙඩි උපරිම සහයෝගයක් දැක්වූවා..

ටේහ්‍යුන්ගේ ඇස්වලින් බේරෙන කදුලු දැක්ක ගමන් අහින්සක ජන්ග්කුක්ගේ කේන්තියෙන් පිරුණු නිල් ඇස් එකපාරටම සාමාන්‍ය තත්වයට එන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..

🐰 හ..හබි ඔ..ඔයා අඩනවාද ??

🐯 නෑ මන් අඩන්නේ නෑ...මන් ඔයාගේ හබි නෙමෙයි කිව්වානේ...එතකොට ඩිවෝස් වෙමු කිව්වානේ.. ඉතින් ඩිවෝස් වෙමු...හෙටම ඩිවෝස් වෙමු...

ටේහ්‍යුන් එයාගේ රංගනය සාර්ථකව දක්වලා කිචන් එකෙන් එලියට ගියේ වෙනදා වගේම ජන්ග්කුක් ඇවිල්ලා ඒවා කොහෙද මාත් එක්ක කියලා කරට නැගලා වලියක් දාගෙන ගහගෙන යාලු වෙයි කියන බලාපොරොත්තුවෙන් උනත් ජන්ග්කුක් තාමත් කිචන් එකෙන් එලියට ආවේ නැති නිසා ටේහ්‍යුන් ආයි හැරිලා ගියේ ජන්ග්කුක් ඇත්තටම එයාව අතාරිවිද කියලා බයෙන්..

ටේහ්‍යුන් යනකොට දැක්කේ ජන්ග්කුක් ඔලුවත් පහත් කරන් බිම බලාගෙන තාම හිටපු තැනම ඉන්නවා..ජන්ග්කුක් ඔය අඩනවා කියලා තේරුම් ගන්න ටේහ්‍යුන්ට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.. එයාගේ බනීගේ ඇස්වල කදුලු තමා ටේහ්‍යුන් දකින්න ආසම නැති දේ..ඒ නිසා අඩියට දෙකට ජන්ග්කුක් ලගට ටේහ්‍යුන් ගිහින් එයාගේ චූටි නිකටෙන් අල්ලලා මූන උඩට ඉස්සුවා..

🐯 අනේ මගේ මැණික අඩනවාද ??🥺🥺

ජන්ග්කුක්ගේ ඇස්වලින් බේරෙන කදුලු, රතු උන නහය, කන දැක්කාම එයා කරපු දේ හුගක් දුර ගියා
තේරුම් ගන්න ටේහ්‍යුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ.. මෙච්චර වෙලා බොරුවට ඇඩුව ටේහ්‍යුන්ට දැන් නම් ඇත්තටම ඇඩෙන්න ඇවිල්ල තියෙන්නේ..

🐯 අනේ බනී අඩන්න එපා..

ටේහ්‍යුන් ඇදලා අරන් ජන්ග්කුක්ව තුරුල් කරගත්තාම චූටි හා පැටියෙක් වගේ ටේහ්‍යුන්ගේ පපුවට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා..ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ව උස්සලා පැන්ට්‍රිය උඩින් තියලා එයාව ආයි තුරුල් කරගත්තේ හරිම ආදරෙන්...

🐰 හ..හබී...මාව දාලා යන්න එපා..
ම..මට හබි නැතුව ඉ..ඉන්න බෑ..

🐯 අනේ මගේ චූටි හා පැටියාව දාලා හබි කොහේ යන්නද ?? කෝ අඩන්න එපා මැණික...හබීට එතකොට තවත් දුකයිනේ...

🐰 මි..මියානේ හබි...
ම..මට... බය හි..හිතුනා..හ..හබි මාව ද..දාලා ජෙනි ල..ලගට ය..යයි කියලා..ම..මන්...

🐯 ශ්ශ්ශ්...මුකුත් කියන්න එපා...
හබි ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ...මන් කොහොමද මගේ බනී නැතුව ජීවත් වෙන්නේ.. ජෙනී එදා උන දේවල් වලට සමාව ඉල්ලන්න මැණික කතා කරේ..ඔයාගෙනුත් සමාව ඉල්ලුවා..ඒකයි මන් එවෙලේ කට් නොකරේ..හබීටත් සමාව දෙන්නකෝ..
මගේ බනී දැන් අඩන එක නතර කරන්නකෝ..
මගේ හොද හා පැටියානේ..

ජන්ග්කුක්ගේ කදුලු පිහිදලා මුලු මූන පුරාම හාදු තියාගෙන ගියේ ජන්ග්කුක්ගේ මූනේ චූටි හිනාවක්ද ඇති කරලා..

#Defenders of the degan
නැවත හමිවෙමු


Continue Reading

You'll Also Like

16.4K 3.9K 29
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක්...
202K 18.8K 54
ကောင်းကင်ဘုံရဲ့ထိပ်သီးမဟေသီတစ်ပါးဖြစ်ဖို့ကလွယ်ကူမယ်ထင်နေသလား ? အဓိကဇာတ်ဆောင် - အဓိပတိရာဇ + ရူစန္ဒာအဏီရာ MAHARVERSE SEASON 2|| Start Date - June 26 20...
138K 26.5K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...