The Gift Of Love (Mr.perfect...

By Dazzling_bloom

8.9K 1.2K 3.7K

තරු මංසල මා උදෙසාම එකින් එක තරු ගැනී මගෙම සාවිය සඳ කුමරු නේක තැන සෙවූ ඔහුටම මහ බබු ලිවූ නික්ලෝල ඔහුගේම චෙ... More

ආදර හබය
අහඹු සමීපය
නැවුම් පැතුමක්
ආවර්ජනයක ඇරඹුම
දෙදරායාම
නොකිවූ කතාව
සුපුරුදු ආලය
සැනසුම් පහස
ඉරිසියාව
නොසිතූ කැළඹීමක්.
සසල සිත
ඉවසීම
සැබෑ මුහුන
ඇවිලෙන ගිනි
END GAME
බිද වැටීම
අවසානය 😪
අත හැරීම
විඩාව
දෙතැනක
කඳුළක අවසන
දෙහදක පැතුම

සසලවීම

306 54 45
By Dazzling_bloom

Namjoon's Pov.

රූව හොස්පිටල් එකෙන් drop කරලා මම කෙලින්ම ආවේ යුන්ගි හ්‍යුන්ග්ගේ production house එකට.මේ දවස්වල අපි දෙන්න හොබා එක්ක එකතුවෙලා අලුත් වැඩක් කරගෙන යන නිසා ගොඩක් වෙලාවට කාලේ ගෙව්වේ එකට.

අද රූ එක්ක ගත කරපු කාලේ මතක් වෙලා නිකම්ම මගේ මූනට හිනාවක් ආවා.ඒ මොනවා වුනත් අර කැහැටු හිකනලාට නම් වැඩක් දෙන්නම ඕන.පොඩි එවුන් සෙට් එකට කතා කරානම් හරි.

මම ඒ ගමන්ම කුකියට msg එකක් දැම්මේ හවස්වෙලා අනිත් රයිනායි සූකරයයි එක්ක මේ පැත්තේ ඇවිත් යන්න කියන්න.

"ඕයී......ඕයී.......ඈ බොල මී වස්සෝ........." එක පාරටම පූසෙක් කෑ ගහනවා වගේ ඇහුන නිසා මම පොඩ්ඩක් වටපිට බැලුවම තමා දැක්කේ.

යුන්ගි හ්‍යුන්ග් තඩි file එකක් අරගෙන මගේ ඔලුවටම aim කරගෙන ඉන්නවා.

"😁😁 හ්‍යුන්ගී මගේ උම්මා කැටේ මොකෝ මේ?"

"හී..හී....තමා එන්න එපා විරිත්තගෙන තෝ හැකරැල්ලා.මම මෙහේ උගුර ලේ රහ වෙනකම් තොට කෑ ගහනවා.තෝ මනෝ ගහනවා.අම්මපා හොබ්බාවත් නෑනේ.මගේ පොඩි එකී මූ එක්ක කොහොම වසනවද මන්දා." හ්‍යුන්ග් අතේ තිබ්බ file එක හයියෙන් මේසේ උඩට අත ඇරලා රව රවාම කිව්වා.

"යා.....යා....හ්‍යුන්ග් මොනාවුනත් මම මගේ කෙල්ලව පරිස්සම් කරනවා.ඔයා දන්නවනේ."

"හ්ම්..හ්ම්ම්....මම දන්නවා.මේ ප්‍රශ්න එහෙම දාගත්තේ නෑනේ අද ගිහින්.සමා නම් කිව්වා ඔක්කොම websites clear කලා කියලා." හ්‍යුන්ග් මගේ දිහා හැරිලා කිව්වම මම ලොකු හුස්මක් පිටකලා.

"අවුලක් නම් දාගත්තේ නෑ .ඒත් අර සෙවලයට නම් පාඩමක් කියලා දෙන්න වේවි." මම අතේ ඇගිලි පොඩි කරන ගමන් කියද්දි හ්‍යුන්ග් කට කොනින් හිනාවුනා.

"මටත් තියනවා එකෙක්ගේ ඇටකටු පොඩි කරන්න.එක *&&%ක්  මගේ angelට love letters එවනවා.මම ඕකට......."හ්‍යුන්ග්  දත් මිටි කන විදිහට නම් ඒ අදාල එකගේ අනාගතේ නම් ඉතුරු වෙන එකක් නෑ වගේ.

අපි කතා කර කර ඉදිද්දි හොබ්බාත් ආව නිසා අපි වැඩ ටිකට full focuse කලා.

එකපාරටම studio එක ඇතුලට කඩා පාත්වුනේ කුකියා.

"හ්ම්....හ්ම්.....හ්....හ්‍යුන්ග්......." කුකා හති ඇර ඇර දනිස් දෙකත් අල්ලගෙන කියවද්දි අපි තුන්දෙනාම බයටම පුටුවලින් නැගිට්ටා.

"ජන්ග්කුකී....මොකද මේ?වාඩිවෙයන්කෝ මෙතනින් මුලින්.කෝ හුස්ම ගනින්කෝ ඉස්සෙල්ලම." යුන්ගි හ්‍යුන්ග් ජන්ග්කුකාව වාඩි කරලා පපුව අත ගාන ගමන් කිව්වම කුකා හිමින් හුස්ම ගන්න ගත්තා.

"හ්‍යුන්ග්.........නම්ජූනී හ්‍යුන්ග්....."ජන්ග්කුකා මගේ දිහා බලාගෙන කියද්දි මම කුකා ලගට ලන් වුනා.

"හ්‍යුන්ග් ඉක්මන් කරන්න." ජන්ග්කුක් මගේ අතින් අල්ලගෙන කිව්වම මම බය වුනා.

"ඕ....ශිට් නම්ජූනා......ඉක්මන් කරපන් මිනිහෝ........
කෙල්ලව හොයාගනින්......." හොබා 4n එක දිහා බලන් ඔලුවේ අත ගහගෙන කියද්දි මම නැගිටලා 4n එක උදුරගෙන බැලුවා.

"ශිට්...කාලකන්නි.....මගේ කෙල්ල........"

"හ්‍යුන්ග්....යන්න.ඉක්මනට.....නූනා....නූනාව........පරිස්සම් කරගන්න."ජන්ග්කුකා ඒක කියන එක මට ඇහුණේ හීනෙන් වගේ මම පිස්සෙක් වගේ එලියට දුවගෙන ගියා.

"හොබා උබත් පලයන් අරූ මොනවා කරගනීවිද මන්දා...." යුන්ගි හ්‍යුන්ග් ඈතින් ඉඳලා කෑගහන එක විතරයි ඇහුණේ.

මම පිස්සෙක් වගේ වාහනේට නගින්න යද්දිම...

"ජුනා.....passenger seat එකට නැගපන්.මම ගන්නම් වාහනේ.සන්සුන් වෙයන්.කෙල්ලට මුකුත් වෙන්නේ නෑ .
ටේයි ජිමිනායි දැනටමත් එතනට ගිහින් ඇති.
අනික නාරි වගේම යන්ග්මිත් එතන ඇති.අනික ඔක්කොමලා ඒවි තව ටිකකින් අපි හැමෝම ඉන්නවා ජුනා.උබ තනි නෑ ." හොබා මගේ හිත හදන ගමන් කියද්දි මම ඔලුවත් අල්ලගෙනම seat එක උඩට කඩන් වැටුණා.

මේ වෙද්දිත් ජිමිනායි ටේයි එතන ඉන්න එක මට ලොකු සැනසීමක් වුනා.

අපි පුලුවන් ඉක්මනට හොස්පිටල් එක ළගට ආවා.ඒ එක්කම හේවෝන් එක්ක යශ් හ්‍යුන්ග් දුවගෙන ආවා.

වටේම media වගේම සසෙන්ග්ස්ලා........
මගේ අහින්සකී දෙවියනේ......

"හ්..හ්‍යුන්ග්....මගේ කෙල්ල.....කෝ හ්‍යුන්ග්...." මම වෙවුලා වෙවුලා හ්‍යුන්ග්ගෙන් ඇහුවා.

"සමා වෙයන් ජුනා.මේක ගැන publish වෙද්දිම කෙල්ල එකපාරටම හොස්පිටල් එකෙන් එලියට බැහැලා දිව්වා."යශ් හ්‍යුන්ග් කියද්දි මගේ කකුල් දෙක පණ නැතුව ගියා.හොබා නොහිටින්න මම එතන බිම වැටිලා.

"මගේ කෙල්ල දෙවියනේ....මගේ කෙල්ල." මම මටම මුමුනගෙන හොබාව බදාගත්තේ මොනවයින් මොනවා වේවිද කියලා හිත හිතා.

"නම්ජූන්ශී.......රූ යද්දිම තමා ටේහ්‍යුන්ග්ශී වගේම ජිමින්ශීත් ආවේ.එයාලා දෙන්නා රූව follow කලා.බය වෙන්න එපා.නාරි වගේම යන්ග්මිත් uni එක ගැන බලාගන්නම් කිව්වා.නම්ජූන්ශී කලබල නොවී ඉන්න."හේවෝන් කියද්දි මම කලබලෙන් ජිමිනාට call කලා.

"යොබුසයෝ හ්‍යුන්ග්...."

"ජිමිනා....ජිමිනා..මගේ කෙල්ල කෝ බන්......"

"හ්‍යුන්ග් කලබල වෙන්න එපා.නූනා හොදින්.හ්‍යුන්ග් තනියමද ඉන්නේ....."

"@##$ කතා කරන්න එපා ජිමින්....මගේ කෙල්ල කෝ.....කතා කරපන් මිනිහෝ...."මගේ පාලනේ මගේ අතින් ගිලිහෙද්දි හෝසොකා මගේ 4n එක ඇදලා අරගෙන ජිමින් එක්ක කතා කලා.

"හොබා මොකක්ද අරූ කිව්වේ....?කතා කරපන් මිනිහෝ....." මම පිස්සෙක් වගේ කෑ ගහද්දී හොබා සන්සුව ඉන්නවා.

"නම්ජූන් මොළේ කල්පනා කරලා හැසිරියන්.මෙතන media තියනවා.කෙල්ල පරිස්සමෙන් .වරෙන් අපි යමු.යශ් හ්‍යුන්ග් මේ අය ගැන පොඩ්ඩක් බලන්න.ජින් හ්‍යුන්ග් මග එනවා ගායෝන් නූනා එක්ක.එයාලා උදවු කරාවි.සෝආත් ඒවි.

ජුනා නැගපන් අපි යමු." හොබා කියද්දි මම වාහනේට නැග්ගේ security එකෙන් control කරන් හිටපු media වගේම සසෙන්ග්ලා armyලා අපේ දිහාවට එද්දි.හොබා ඉක්මනට වාහනේ අරන් එතනින් පිටවුනේ පිටිපස්සෙන් එන අය ගැන ජන්ග්කුකා වගේම ටේත් බලාගන්නම් කියපු නිසා.

අපි කෙලින්ම ආවේ මගේ ගෙදරට.එද්දිත් සමා සාලේ ඉඳන් හොදටම අඩනවා.
ජිමින් 4n එකෙන් කාටහරි බනිනවා.යුන්ගි හ්‍යුන්ග් කෝ....?

"සමාරා......කෝ මගේ කෙල්ල.....කතා කරනවා.තමුන් මට කිව්වා ඒ ඔක්කොම අයින් කලා කියලා.එහෙනම් මෙහෙම වෙන්නේ කොහොමද කියනවා......කතා කරනවා...."මම හිතේ ආවේගෙටම සමාරාට කෑගැහුවා.

"හ්‍යුන්ග්....සිහියට එන්න.නූනා මොනවා කරන්නද? අපිට පුලුවන් wrbsites paparazzi control කරන්න විතරයි .මිනිස්සු ඇහින් දැක්ක දේවල් මිනිස්සුන්ගේ කටවල් නෙවෙයි.තේරුම් ගන්න ඒක.හ්‍යුන්ග් නූනා ලගට යන්න ජේබල්...."ජිමින් කියද්දි මම අපේ room එකට දිව්වා.

මම යද්දි රූ යුන්ග් හ්‍යුන්ග්ට තුරුල්වෙලා  ඇස් තදින් පියාගෙන අඩනවා.රූ හ්‍යුන්ග්ව ගොඩක් තදින් බදාගෙන.
හ්‍යුන්ග් හරි පරිස්සමට රූගේ ඔලුව අතගානවා.

මම හිමින් රූ ළගට ලන්වුනා.

"රූ......මගේ princess ......"

"ජූ...න්...මගේ ජූ...න්" ඔලුව උස්සලා මගේ දිහා බලපු කෙල්ල තව එක මොහොතක් නොගෙන මගේ තුරුලට පැනලා මාව හයියෙන් බදාගෙන  අඩන්න ගත්තා.

රූ හොදටම ගැහෙනවා.මේ තරමට බයවෙලා ඇයි මැනික.

"ජූන්....ම..මට.....බ...බයයි....මා..මාව...දාලා...යන්න...එපා.....ම...මට...බ..බයයි...."රූ මට තව තවත් තුරුල් වෙමින් කෑගගහා අඩ අඩ කියද්දි මම කෙල්ලව මගේ උකුලට අරගෙන ඔලුව අතගාන්න ගත්තා.

හ්‍යුන්ග් ඇස්වල කදුලු පුරවන් මගේ වගේම රූගෙත් ඔලුව අතගාලා එලියට ගියා.

මම එතකොටයි අපේ කාමරේ හරියටම දැක්කේ....

කාමරේ උඩු යටිකුරු වෙලා.හැම දෙයක්ම ඇදලා දාලා.රූ මේ තරම් කලබල වෙනවා මම දැකලා නෑ ....

"මැනික.......බයවෙන්න එපා....ජූන් ඔයා ලගම ඉන්නවා.කාටවත් මගේ කෙල්ලට කරදර කරන්න බෑ .ජූන් ඔයාව බලාගන්නවා."මම ඔලුව අත ගගා එයාගේ ඔලුවෙන් පොඩි පොඩි හාදු තිය තියා කියද්දි එයා ටික ටික සන්සුන් වෙවී මට තුරුල් වුනා.

ටිකකින් එයාට නින්ද ගිය නිසා මම එයාව ඇද උඩින් තියලා පුලු පුලුවන් විදිහට කාමරේ  අස් කරලා එලියට ආවා.

මම එද්දි කට්ටියම ඇවිත්.සෝආ බබාලා එක්ක හොබීගේ ගෙදර නැවතිලා උදව්වට නාරි වගේම යන්ග්මි ටේහිත් එහේම නැවතිලා.

මම පහලට ඇවිත් ඔලුවේ අතගහගෙන සෝෆා එක උඩට වැටුණා.
සමාරා laptop එක අරගෙන ලොකු වැඩක.

"Angel අහන්න.ඔයාගේ වැරැද්දක් නෙවේ ඒක.ඔයාටම වද දෙන එක නවත්තන්න .සමාරා....කියන දේ අහන්න." යුන්ගි හ්‍යුන්ග් සමාව එයාගේ පැත්තට හරවගෙන කිව්වත් ඒ කිසිම දෙයක් ගණන් නොගෙන කෙල්ල laptop එකටම අවදානේ දෙනවා.හ්‍යුන්ග්ට බැරිම තැන සැරින් කතා කලාම සමාරා අඩ අඩා හ්‍යුන්ග්ට තුරුල්වුනා.

"මම කොහොමද බලන් ඉන්නේ ඔප්පා....දැක්කද එයා බයවෙලා  හිටපු හැටි.......මට බෑ මට බෑ ....."සමාරා තුරුල් වෙලා කියද්දි හ්‍යුන්ග් සමාරව calm කලා.

"ජිමිනා....මොකද වුනේ කියහන්...."

මම කිව්වම ජිමින් ලොකු හුස්මක් පිටකලා.

"මම ටේ එක්ක නූනාව හොස්පිටල් එකේ ඉඳලම follow කලා.නූනා කෙලින්ම ආවේ ගෙදර.යුන්ගි හ්‍යුන්ග්ටයි සමා නූනාටයි අපි විස්තරේ කිව්වා එවෙලෙම.මම ටේයියා එක්ක ගේ ඇතුලට දුවගෙන ආවම නූනා කලබලෙන් room එකට දිව්වා.

පිටිපස්සෙන් එන media නවත්තන්න ටේ ගියේ නූනා මම කියන දේ අහන නිසා.මම කාමරේට යද්දි නූනා අතට අහුවෙන හැම එකම පොළොවේ ගගහා කෑ ගගහා අඩනවා.මම නූනාව අල්ලගෙන control කරන්න හැදුවත්,නූනා බයෙන් කෑගහගෙන කමරේ මුල්ලකට ගිහින් ගුලිවුනා.
මම ලගට යන්න හදන හැමපාරකටම නූනා හයියෙන් කෑ ගගහා ලගට එන්න එපා කිය කියා ඇඩුවා.

අන්තිමට යුන්ගි හ්‍යුන්ග්ට විතරයි නූනාව control කරගන්න පුලුවන් වුනේ.ඊට ටිකකට පස්සේ මටත් ලගට එන්න දුන්නා....ඒත් වෙන කාටවත්ම කොටින්ම සමා නූනාටවත් ලගට එන්න දුන්නේ නෑ .නූනා ගොඩක් බයෙන් හිටියේ."ජිමින් නලල අතගගා කියද්දි මගේ ඇස්වලින් කදුලු වැටුනා.

බීප්...බීප්....

ඒ සද්දෙත් එක්කම සමා ඉක්මනට lap එක දිහා බැලුවා.

"හරි මේ ඉන්නේ......."සමා දත් මිටි කාගෙන කියද්දි අපි හැමෝම ඒ දිහාබැලුවා.

"කවුද angel ...?"යුන්ගි හ්‍යුන්ග් අහද්දි...

"රූයි නම්ජූනුයි ගැන ගිනි තියපු මී හරකා."

සමා තරහින් කෑ ගහද්දි මම එතනට ගිහින් එකපාරටම lap එකට එබුනා.මගේ ඇගේ ලේ රත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේනෑ.

"Sanhoo....#@ #$$.... මම උබව තියන්නේ නෑ ...."මම කේන්තියෙන් එලියට යද්දිම ජින් හ්‍යුන්ග් එක්ක හෝසොකාත් දුවගෙන ආවා.ඒ එක්කම ගායෝන් නූනත් දුවගෙන ආවා.

මම කෙලින්ම ගියේ අර #@ #$$ හොයාගෙන.මම අද ඕකව......
මම උගේ ගෙදරටම ආවේ සමා මට එවපු address එක බලාගෙන.

"කිම් නම්ජූන් සිහියට වරෙන් මිනිහෝ......." ජින් හ්‍යුන්ග් මගේ කනට ගහලා කිව්වම තමා මම මේ ලෝකේ සිහියට ආවේ.

"හ්‍යුන්ග්...හ්‍යුන්ග් මට මොකක්ද කරන්න කියන්නේ ආ........
මගේ wife කවමදාකවත් නැතුව අර වගේ බයෙන් වෙවුලද්දි husband කෙනෙක් විදිහට මම මොනතරම් අසරණද කියලා හ්‍යුන්ග් දන්නවද?මුලු ලෝකයක් ඉස්සරහා එයාව පණ වගේ බලාගන්නවා කියලා මම පොරොන්දු වුනා හ්‍යුන්ග්.මගේ කෙල්ල අර වගේ අසරණ වුනේ මේ #$$ නිසා......
මම ඉන්න තැන හ්‍යුන්ග් හිටියා නම් ඔය කියන සිහිය හ්‍යුන්ග්ටත් තියේවිද?
මගේ අත් අතර ගුලි වෙලා ගැහි ගැහී අඩ අඩා මගේ මැනික කෑ ගහද්දි මම ඉවසන්නේ කොහොමද හ්‍යුන්ග්........
කියපන් මට හ්‍යුන්ග්.......
ඒ මගේ wife......මගේ wifeටයි ඌ අත තිබ්බේ.......
හ්‍යුන්ග් මට වෙන මොකක්ද කරන්න කියන්නේ ආ......?" මම පිස්සෙක් වගේ කෑ ගැහුවේ මගේ අහින්සකී ගැහි ගැහී අඩපු විදිහ මතක් වෙලා.

"ජුනා සන්සුන් වෙයන් මගේ මල්ලි.මට තේරෙනවාඋබේ වේදනාව.ඒත් මෙතනදි අපි මොළේ කල්පනා කරලාවැඩ කරන්න ඕන.අපි මේක නීතියෙන් විසද ගමු.ගායෝන් ඒවා ගැන බලා ගනීවි.උබ හෝසොකා එක්ක පලයන්කෝ.රූ බලාගෙන ඇති.යන්න කොල්ලෝ හ්ම්..හ්‍යුන්ග් කියන දේ අහනවනේ මගේ කොල්ලා....." ජින් හ්‍යුන්ග් මාව තුරුල් කරන් කියද්දි මම බලාගත්ත අත බලන් හිටියේ කර කියාගන්න දෙයක් නැතුව.

"ජිනී......" ගායෝන් නූනාගේ කටහඩින් පස්සේ මට තේරුන එකම දේ මම ඊළඟට හිටියේ නූනාගේ තුරුලේ බව.

"මගේ පුන්චි මල්ලියා.....කෝ නූනා දිහා බලන්නකෝ.නූනා පොරොන්දු වෙනවා.මේ මිනිහට ලේසියෙන් ගැලවෙන්න නොදෙන බව.දැන්  මගේ මල්ලි ගෙදර යන්න ඕන.මේ වෙලාවේ රූට ඕනම ඔයා.ඔයා විතරමයි .
යන්න මගේ රත්තරන්.ඔයාගේ රූව තනි කරන්න එපා.හ්‍යුන්ග් වගේම නූනාත් පොරොන්දු වෙනවා.රූ වෙනුවෙන් උපරිමය කරනවා කියලා.දැන් හෝසොකී එක්ක යන්නකෝ හ්ම්ම්......" නූනා ආදරෙන් ඔලුව අත ගගා කියද්දි කදුලු වැටෙන ඇස් පිහදදා මම නූනාට එකග වුනා.

මම හෝසොකා එක්ක ගෙදර එන්න පිටත් වුනේ හ්‍යුන්ග් එක්ක නූනා අර #@ #$$ට හොද පාඩමක් උගන්නනවා කියපු නිසා.ඊටත් වඩා මට දැන් මගේ රූව ඕන.

Meanwhile in Namjoon's Home

Author's Pov

බයෙන් ගැස්සිලා නින්දෙන් ඇහැරුන රූහි ඇස් ඇරලා කලබලෙන් වටපිට බැලුවා.

"ම....ම...මම...කොහෙද මේ....ඉන්නේ....ජූන්....ජූන්....කෝ...එයා...ඉන්න.....ඉන්නවා....කිව්වනේ.....කෝ මගෙ....ජූන්....
බෑ ......බෑ ......ම...ට....ත....තනියම....ඉන්..ඉන්න......

ජූන්...........................................
ජූන්........................................................................"
කෙල්ල බයෙන් වෙවුල වෙවුල ඇදේ කොනකට වෙලා bedsheet එකත් අතේ තදින් ගුලි කරන් කදුලු පුරවන් බයෙන් මහ හයියෙන් කෑ ගහන්න වුනේ පහල හිටපු සමාරා යුන්ගි වගේම ජිමින් ජන්ග්කුක් ටේත් උඩට දුවගෙන එද්දි.
කෙල්ල අත් දෙකෙන් කන් දෙකත් වහගෙන කෑ ගහනවා.

කලබලෙන් උඩට දුවගෙන ආපු හැමෝම දොර ලගට එද්දි දැක්කේ කවමදාකවත් නොදැකපු බයෙන් වෙවුලන කෙල්ලෙක්ව.

"නූනා......."රූහි කෑ ගහන දිහා බලන් ඉන්නම බැරිවුන කොල්ලෝ ටික ළගට එන්න ගත්තේ කෙල්ලව control කරන්න.රූහිව දැකපු සමාරා දොර ළගම බිම වාඩිවෙලා අඩන්න ගත්තේ බලාගෙන ඉන්න බැරිම තැන.

"ටේ කුකා කෙල්ලව බලපන්. ජිමිනා නම්ජූනාට එන්න කියපන්......." බිම වැටිලා අතින් කටත් වහගෙන අඩන සමාරාව දැකපු යුන්ගි සමාරා ලගට ගියේ  ටේට වගේම ජන්ග්කුක්ටත් රූ ළගට යන්න කියලා .

"එපා......එපා....................................................................................."

හිමින් රූහි ළගට ලන්වුන ජන්ග්කුක් රූගේ ළගට ආවා විතරයි කෙල්ල රාක්ශයෙක් දැක්කා වගේ කෑ ගහන්න ගත්තා.

"නූනා.....නූනා .....මේ බලන්න....මේ..මම ඔයාගේ බනී....නූනා......"ජන්ග්කුක් ආයෙත් රූහි ළගට ලන් වුනේ ටේත් එක්කමයි.

"නෑ....එපා..........................යනවා.....................
මට ඉන්න දීලා යනවා.......
එන්න එපා මගේ ළගට එන්න එපා.......................................
යනවා......................................"

රූ අයේ ආයෙම කෑගහන්න ගත්තේ හැමෝවම බය කරලා.ඒත් බය වැඩිකමට කෙල්ල සිංහලෙන් කෑගහන්න ගත්තේ ළඟ තිබුන අතට අහුවෙන හැම එකකින්ම  ටේට වගේම ජන්ග්කුක්ටත් ගගහා.

රූහිගේ මේ හැසිරීම නිසාම සමාරා යුන්ගිව රූහි දිහාට තල්ලු කරලා යන්න කිව්වේ අවසාන බලාපොරොත්තුව යුන්ගි නිසා.මේ කෑගැහීම නිසාම ජිමිනුත් ඉක්මනට ආවේ call එකත් මඟින්ම cut කරලා.

"යනවා........................එන්න එපා මගේ ලගට........මම මම මෙතනින් තල්ලු කරනවා.එන්න එපා මගේ ලගට යනවලා..............."

රූහි ඇදෙන් බැහලා බැල්කනි එකට ලගට ගිහින් කෑගහන්න ගත්තේ ටේ ජන්ග්කුක් අසරණ වෙලා සමාරා දිහා බලද්දි.

"ටේ කුකී එයා ලගට යන්න එපා.එයා එතනින් පහලට ඔයාලව තල්ලු කරනවා කියලා කියන්නේ.............." සමාරා කදුලු අතරින් කියද්දි ටේ වගේම ජන්ග්කුක්තුත් වේදනාවෙන් නතර වුනේ ජිමින්ට වගේම යුන්ගිට රූව භාරදීලා.

"රූ..........මගේ නංගී.......කෝ බලන්න ඔප්පා දිහා......"යුන්ගි හිමින් රූහි ලගට ලන්වන ගමන් පැවසුවා.

"අ...අයියා.......මගේ අයියා....." ටිකෙන් ටික තමන් ලගට එන යුන්ගිව දැකපු රූහි කලින්ට වඩා සන්සුන් වුනා.
යුන්ගි දිහා කදුලු පිරුණු ඇස්වලින් බලාගෙන හිටපු කෙල්ල ලගට ආපු යුන්ගි හිමින් රූහිට එයාගේ ලගට කතා කලා.

"මගේ නන්ගි එන්නකෝ ඔප්පා ලගට........" යුන්ගි හරිම සන්සුන්ව කතා කරද්දි රූහි එකපාරටම යුන්ගිව තදින් බදාගත්තා.

"අයියා....මගේ අයියා........මාව අතාරින්න එපා.මේ......මේ......මිනිස්සු මට කරදර කරන්න හදනවා.අයියේ මාව දාල යන්න එපා.මට......"

රූහි එක දිගට කියාගෙන යද්දි කිසිම දෙයක් නොතේරුනත් යුන්ගි හෙමින් ඔලුව අත ගෑවේ ඒකෙන් රූහි ගොඩක් සන්සුන් වෙනවා කියලා තේරුන නිසාත් රූහිට තමන් ළඟ එයා ආරක්ශිතයි කියලා දැනෙන නිසාත්.

"හ්ම්.......අ..අයියා.....අයියා ඉන්නවා ඔයා ළඟ.අයියා ඉන්නවා........
දැන් සන්සුන් වෙන්න.මම ඉන්නවා ඔයා ළඟ...." යුන්ගි සමාරා දිහා බලාගෙන එයා කියන දේ හරිද කියලා ඇස්වලින් අහලා කිව්වේ සමාරා  ඔව්  කියන්න වගේ ඔලුව වනද්දි.

"මගේ ළඟින් ඉන්න.මට බයයි.ඔයා හොදින් නේද?මාව අරගෙන යන්න.මට මෙතන ඉන්න බෑ .මාව අරගෙන යන්න.ජුනී එනවා ඇති.අයියා මාව අරගෙන යන්න.මෙතන ඉන්න බෑ  රූට ගොඩක් බයයි.මාව අරගෙන යන්න."රූහි යුන්ගිගේ කමිසේ තදින් අත් වලින් මිරිකගෙන අඩ අඩා කියද්දි යුන්ගි සමාරා දිහා බැලුවේ රූහිව තවත් තදින් තුරුල් කරගෙන.

"ඔප්පා,එයාව මේ කාමරෙන් එලියට අරගෙන යන්න.එයාට මේ කාමරේ ඉන්න බයයිලු.නම්ජූනුත් නැති එකේ කෙල්ලට බය ඇති.ඔප්පා රූව වඩාගන්නකෝ.මම කන්න මොනවාහරි හදන්නම්.මෙයා ගොඩක් weak.ජිමිනි හ්‍යුන්ග්ට උදවු කරන්නකෝ.

ටේ බෙයා බනී එන්න නූනා එක්ක.අපි යමු.රූට මේ වෙලාවේ විශ්වාස ඔප්පායි ජිමිනුයි විතරයි .ඒක අපි කාගෙවත් වැරැද්දක් නෙවේ.එයා ගොඩක් බය වුනාම එයාගේ ඔලුවට safe කියලා එන්නේ කිහිප දෙනයි.ඒකයි. අනිත් එක.....................
බනී එයා ඒ වගේ වෙලාවට heavy tatoos තියන අයට ගොඩක් බයයි.ඔයා ඔය තරම් මූන එල්ලගෙන ඉන්න එපා මැනික.ඔයාගේ රූ නූනා ඔයාට ආදරෙයි ගොඩක්.ඒත් මේ වෙලාවට එයා හැසිරෙන්නේ පොඩි බබෙක් වගේ.කෝ එන්නකෝ අපි යමු." සමාරා හැමදේම පැහැදිලි කරලා මැලවිලා තියන ජන්කුගේ මූනත් අතගාලා ආදරෙන් කතාකරගෙන පහලට ගියේ ජිමින්ටත් එයාගේ tatoos ටික රූට නොපෙනෙන්න තියාගන්න කියලා කියන ගමන්. "

සමාරා කියපු දේ තේරුන නිසා තමන්ට තදින් කුරුලු පැටියෙක් වගේ තුරුල්වෙලා ඉන්න රූහි දිහා යුන්ගි බැලුවේ ලොකු සහෝදර ප්‍රේමයකින්.

"රූහියා..........."යුන්ගි ආදරෙන් කතා කරද්දි රූහි හිමින් යුන්ගි දිහා බැලුවේ අහින්සකව.

"ද්..දේ...ඔ...ඔප්පා....."

"අපි යමු පහලට.බය වෙන්න එපා ඔප්පා ලගින්ම ඉන්නවා හ්ම්......"යුන්ගි  ආදරෙන් කිව්වම රූහි ඔලුව වැනුවේ තේරුනා කියන්න.

රූහිවත් උස්සගෙන නැගිටින්න හදපු යුන්ගි එහෙමම නැවතුනේ කෙල්ල යුන්ගිගේ කමිසෙන් පොඩ්ඩක් ඇදපු නිසා.

"ඇයි රූ.......?"

"ඔ..ඔප්..ඔප්පා......කෝ......ම...මගේ.....මෝ...මෝචි..........එ....එයා..." රූහි බයෙන් වගේ ඇහුවා.

"නූනා......මම ඉන්නවා ඔයා ලගින්ම.බය නොවී ඉන්නකෝ.ඔයාට මුකුත්ම වෙන්න දෙන්නේ නෑ  අපි.මගේ නූනාව අපි පරිස්සම් කරනවා.බය වෙන්න එපා දැන් ." ඉක්මන් වුන ජිමින් රූහිගේ ඔලුව අතගගා කියද්දි රූහි ජිමින්ගේ අතක් තදින් අල්ලගෙන යුන්ගිට තුරුල්වුනා.

"හ්‍යුන්ග්..හ්‍යුන්ග්ට අමාරු නම් මම නූනාව ගන්නම්."ජිමින් කිව්වම එපා කියලා ඔලුව වනපු යුන්ගි රූහිවත් වඩාගෙන හිමින් පහලට බැස්සා.

යුන්ගිලා පහලට එද්දි සාලේ වාඩිවෙලා හිටපු ජන්ග්කුක් ඉබේම නැගිට්ටත් රූහි එයා දිහා බලන්න හදනවා කියලා තේරුන ගමන් කුස්සියට දිව්වේ ආයේ කෙල්ලව කලබල කරන්න ඕන නැති නිසා.

යුන්ගි එහෙමම ඇවිත් කෙල්ලව සෝෆා එකේ වාඩි කෙරෙවලා යුන්ගිත් ළඟින් වාඩිවුනේ ජිමින්ටත් ළඟින් වාඩිවෙන්න කියලා ඉගි කරන ගමන්.ඒ සැනකින්ම රූහි යුන්ගිට තුරුල්වුනේ එක අතකින් ජිමින්ගේ අතත් තදින් අල්ලගෙන.

"මගේ ළඟින් ඉන්න.ජේබල්."කෙල්ල ඇහෙන නෑහෙන ගානට එහෙම මුමුනලා යුන්ගිට තුරුල්වුනේ යුන්ගිත් ජිමිනුත් හිමින් රූහිගේ ඔලුව අත ගාද්දි.

"හ්‍යුන්ග්....නූනා ගොඩක් බයවෙලා හ්‍යුන්ග්.පව් දෙවියනේ.
නූනා හොස්පිටල් එකේ ඉදිද්දි tatoo ගහගත්ත එකෙකුයි තව ඒ උසම එකෙකුයි ඇවිත් තමා මුලින්ම නූනාගේයි හ්‍යුන්ග්ගෙයි 4to පෙන්නලා තර්ජනේ කරලා ගිහින් තියෙන්නේ.මගේ guardsලා තමා විස්තර හොයලා මට කිව්වේ.මම හොස්පිටල් security එකට පලු යන්න බැන්නේ මෙච්චර දෙයක් වෙනකම් උඩ බලන් හිටපු නිසා." ජිමින් යුන්ගිට කිව්වා.

"හ්ම්....ඒක තමා වැඩිපුරම ජන්ග්කුකාට බය වෙන්න ඇත්තේ.ඒ මදිවට ටේව පෙන්න ඇත්තෙත් අනිත් එකා වගේ.මොනවා උනත් අර *%%& හොදට මගේ නන්ගිව බය කරලා.අම්මපා මටත් යන්න බැරිවුනානේ නම්ජූනා එක්ක අරූට දෙකක් අනින්න.මට බය මේ වෙද්දිත් නම්ජූන් අරූව මරලාද කියලා.කොල්ලා කොහොම ඉවසුවාද මන්දා මේ අහින්සකී බයෙන් ගැහෙද්දි."යුන්ගිත් කේන්තිය පාලනය කරගෙන කිව්වා.

"හ්ම්.....ඇත්ත.මම ටේයියාට කිව්වා ආයේ හ්‍යුන්ග්ට call කරලා එන්න කියන්න කියලා.හ්‍යුන්ග් ජන්ග්කුකාට පොඩ්ඩක් කතා කරලා එන්නම් මම...." ජිමින් හැදුවේ එතනින් යන්න වුනත් රූහිගෙන් ජිමින්ගේ අත ගලව ගන්න නම් ලේසි නෑ .

"ඕන නෑ  ජිමිනා.සමාරා ඉන්නවා.සමාරා බලාගනීවි ඒ දෙන්නා ගැන.මෙතන ඉන්න.රූහි ආයේත් කලබල කරාවි.නම්ජූන් එනකම් ඉමු අපි. නම්ජූන්ට විතරයි රූහිව ලේසියෙන් control කරන්න පුලුවන්.අපි දෙන්නෙක් ඕන වෙනවා එක්කට." යුන්ගි කියද්දි ජිමිනුත් එකග වුනා.

මේ කිසිම කතාබහක් ඇහුන නැති රූ යුන්ගිගේ තුරුලේ සනීපෙට නිදාගත්තා.

"රූ....................................."






Author's Note

මම ආවා.
ඒත් තව මාසෙකින්වත් අලුත් chap එකක් ඒවිද මන්දා
ඇත්තටම sorry
කරන්න දෙයක් නෑ .
Chem exam ඒකට පස්සේ anatomy ඊළඟට latin ඊළඟට russian ,histo
ඊළඟට anatomy daily ratings
Basically මම දැන්  පිස්සෙක්.
සමාව ලොකුවයින් බේසමකට දාන්න.
අනේ sorry 🥺😪😭😭😭

Continue Reading

You'll Also Like

153K 22K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
220K 49.2K 102
" تۆ ھی منیت ، من تۆ بە دەست دەھێنم تەنانەت گەر ناچار ببم سەد ڕێگا بەکاربھێنم بۆیە بیر لە ڕاکردن مەکەرەوە چونکە دەتدۆزمەوە " •جۆن جۆنگ کوک •کیم مادل...
256K 45.5K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
58.1K 12.1K 34
Please hyung....Stay with me....