Not Alone || PJM [Completed]

Af sithuu_17

266 44 55

දන්නවද ඔප්පා? මට හැමදාමත් ඕනේ වුණේ ඔප්පා වගේ වෙන්න. ඔප්පා වගේ මොන දේ වුණත්, අඬන්න ඕනේ තැන දී වුණත් හිනා වෙලා... Mere

Author Note

Not Alone

174 28 31
Af sithuu_17

11.15යි.

මේ පැය බාගෙට විතරක් මන් ෆෝන් එක ඔන් කරලා වෙලාව බැලුවේ විසි තුන්වෙනි පාරට. හෙට ජන්ග්මින් ඔප්පගේ බර්ත්ඩේ එක. ඒ වගේ ම ඔප්පා අවුරුදු ගානකට පස්සේ තියෙන ෆෑන් මීට් එක. ගොඩක් දුරට ඒක ඔප්පගේ අන්තිම ෆෑන් මීට් එකත් වෙයි.

මෙච්චර වෙලා මේසේ උඩ තිබ්බ හිස් කොළේ දිහා බලාගෙන හිටපු මන් අන්තිමට ලියන්න පටන් ගත්තා. ඒ මේක කොහොමහරි ඉවර කරලා නිදාගන්න යන්න ඕනේ නිසා මිසක් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්න ද කියලා කිසිම අදහසක් තිබුණ නිසා නම් නෙමෙයි. ඒත් ලියන ලියන කොළේ ගුලි වෙලා බිමට විසි වෙද්දි මගේ හිත මීට අවුරුදු හතරකට කලින් මතකවලට ඇදිලා ගිහින් අතරමන් වුණේ මටත් නො දැනීමයි.

' ඔප්පා, හෙටට හරියට ම අවුරුදු හතරක්. '

~ Flashback ~

"ආයිෂ්.. මොන මගුලක් ද? නිදාගන්නවත් නෑ නිදහසේ. ඇඳට වැටුණ ගමන් අනිත් පැත්තට මේ මගුල කෑගහන්න ගන්නවනේ. "

උදේ පාන්දර බැන බැන ම බාගෙට කකුල් දෙකත් පැටලි පැටලි මන් කාමරේ මේසේ ළඟට දිව්වේ එලාම් එක ඕෆ් කරන්න. මුළු ඇඟ ම ඇදුම් කනවා වගේ. ඒ අස්සේ හැමදාම උදේට මහ හයියෙන් වදින එලාම් එකත් දැන් මට හිසරදයක් වෙලා. එලාම් එක ඕෆ් කරලා ආපහු තව පැය බාගයක් නිදාගන්න යන්න හැදුවත් මන් නිකමට වගේ වෙලාව බැලුවේ අද වෙනදට වඩා පරක්කු ගතියක් දැනුන නිසා.

"ම්වෝ 6.15යි? ආයිෂ්.. චින්චා මන් කොහොමද මෙච්චර වෙලා නිදාගත්තේ?"

මට ම කියාගන්න ගමන් මන් ෆෝන් එකේ එලාම්ස් ටික චෙක් කළේ මෙච්චර පරක්කු වෙනකන් නිදාගත්තු හේතුව හොයාගන්න. හරිනේ.. ඊයේ නිදි මරගාතේ 5.15 එලාම් එක වෙනුවට මන් ඔන් කරලා තියෙන්නේ 6.15 එක. මගේ ම නො සැලකිලිමත්කමට බැන බැන ඇඟ පතේ අමාරුවත් පැත්තක දාලා මන් ඉක්මනට බාත්රූම් එකට රිංගගත්තේ දැනටමත් මන් පැය බාගෙකටත් වඩා පරක්කු නිසා.

විනාඩි පහට වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳුමක් දාගන්න කලින් මන් ෆෝන් එකේ ඩේටා ඔන් කළේ පුරුද්දට වගේ.

"වෙලාවට ඇඳුම් ටික හරි අයන් කරලා තියෙන්නේ. "

කොච්චර අමාරු වුණත් වීකෙන්ඩ් එකේ මුළු සතිය ම අඳින ඇඳුම් අයන් කරලා තියන එකට පින් දිදී මන් ෆෝන් එකත් ආපහු ඇඳ උඩට ම විසි කරලා ඉක්මනට ස්කූල් යුනිෆෝම් එක දාගත්තා. ඔළුව මුදුනට කරලා ගැටගහගෙන හිටපු කොණ්ඩේ කඩලා දාලා පීරන්න පටන් ගන්නකොට ම ෆෝන් එකට එක දිගට එන්න ගත්තු නොටිෆිකේෂන් නිසා මගේ කේන්තිය ආපහු වැඩි වුණා.

"ආයිෂ්.. මොකාද යකූ උදේ පාන්දර මෙච්චර මැසේජ් එවන්නේ? "

මැසේජ් කරපු අයගේ හත්මුතු පරම්පරාවට ම බැන බැන මන් ඒ කවුද කියලා බැලුවේ හදිසි පණිවිඩයක් ද දන්නේ නැති නිසා.

' Media Unit - 30 messages
  Hee Jin - 10 messages '

බැලූ බැල්මට ම මොකක්හරි ලොකු අවුලක් කියලා පෙනුන නිසා මන් කොණ්ඩේ පීරන එකත් පැත්තකට දාලා මුලින් ම හීජින්ගේ චැට් එක ඕපන් කළේ අනිවා එතන ගෘප් එකේ මැසේජ්වල සාරාංශයක් ඇති කියලා හිතුන නිසා.

' ගුඩ් මෝනින් '

' යාහ්.. තාම නිදිද හලෝ? '

' යාහ්.. මින්හීයා '

' ඇහැරෙනවකෝ '

' ඔයා අද ස්කූල් එන්නේ නැද්ද? '

' මට බූට් එක තියන්න එහෙම ලෑස්ති වෙන්න එපා '

' ඒයි මින්හීයා.. ඔන්ලයින් එනවකෝ '

බාගයක් දුරට මැසේජ් කියවන් යද්දි මට හැමදේම අමතක වෙලා මොහොතකට හිනා ගියේ හීජින්ගේ මැසේජ් ටිකට. උදේ ඇහැරුන ගමන් අනිත් කෙනාට මැසේජ් එකක් දාන එක අපි දෙන්නගෙ ම පුරුද්දක්. මන් ඔන්ලයින් නෑ කියලා දැකපු නිසා තමයි උදේ පාන්දර මේ මනුස්සයා චැට් එක විනාස කරලා තියෙන්නේ. කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවේ ඒත් එක්ක ම හීජින්ගෙන් ආපු අලුත් මැසේජ් එකට.

' ඒ මින්හීයා.. මොකක්ද හලෝ අර ගෘප් එකේ කියලා තියෙන්නේ? එකෙක්වත් එන්නේ නැද්ද එතකොට අද? '

' ඇයි මොකද වෙලා තියෙන්නේ? '

හීජින්ට රිප්ලයි කළත් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු නො වී ම මන් ගෘප් එකේ චැට් එක ඕපන් කළේ වෙලා තියෙන දේ නිකමට වගේ යටි හිතට දැනෙද්දි.

"ආයිෂ්.. චින්චා? මුන් එකෙක්ටවත් බැරිද එතකොට අද එන්න? "

ගෘප් එකේ මැසේජ් එකින් එක කියවගෙන යද්දි මට ඉබේට ම කෑගැහුණා.

' ආයිෂ්.. මට නම් කේන්තියි හීජිනා. අනේ ඉක්මනට ස්කූල් එන්නකෝ. අපි ස්කූල් එකේ දී කතා කරමු. මට හොඳට ම පරක්කුයි අද. තාම කොණ්ඩේ පීරලවත් නෑ. '

හීජිනාට මැසේජ් එකක් දාලා හිතට ආපු කේන්තියට ම ෆෝන් එක ඇඳ උඩට දමලා ගහලා කොණ්ඩේ පීරන්න ගත්තත් වුණේ ආපහු පාරක් මට කේන්ති ගියපු එක විතරයි.

"මොන මගුලක් ද මේකේ මෙච්චර ගැට තියෙන්නේ? වදයක්නේ අප්පා. "

ගැට ටික කඩාගන්න බැරි තැන තවත් පරක්කු වෙන්න බැරි නිසා ම මන් කොණ්ඩේ මුදුනට කරලා ගැට ගහලා කටුවක් ගහගත්තා. කොච්චර නො සලකා ඉන්න හැදුවත් වම් අතේ උරහිස හරියෙන් දැනෙන වේදනාව ටිකෙන් ටික වැඩි වෙනවා නිසා මේසේ උඩ තිබ්බ බාම් එකත් ඕනෑවට එපාවට වගේ ගාගෙන මන් බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බැස්සේ උදේට මුකුත් කන්නෙවත් නැතුව. දොර ලොක් කරද්දි ම මගේ බඩ කෑගැහුවත් මන් කෑගහන බඩත් අතින් තද කරගෙන වෙනදා පුරුද්දට බස් හෝල්ට් එක දිහාවට පය ඉක්මන් කරනකොට මගේ හිත වෙන ම ලෝකයක තනි වුණේ අද දවසේ කරන්න තියෙන වැඩ ගැන කල්පනා කරන ගමන්.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

මන් මින්හී.. පාක් මින්හී. සෝල් හයි ස්කූල් එකේ ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ඔම්මා, අප්පා නැති අනාථයෙක් වුණ මට හිටියේ හල්මොනි විතරයි. ඒත් මීට අවුරුදු දෙකකට කලින් හල්මොනිත් මාව මේ ලෝකේ තනි කරලා ආපහු නො එන්න ම යන්න ගියා. ස්කූල් එකේ වැඩවලට ස්කොලර්ශිප් එකක් ලැබෙන නිසා මන් මගේ වියදමට සල්ලි හොයාගත්තේ ස්කූල් එකෙන් පස්සේ පොඩි පන්තිවල ළමයින්ට ක්ලාසස් කරලා.

ඔම්මා, අප්පා නැති වුණාට මොකද හල්මොනි මට පොඩි කාලේ ඉඳන් ම හොඳට ඉගැන්නුවා. මන් පොත්වලට ම විතරක් සීමා වෙද්දි ඒකට ඉඩ නො දී විෂය බාහිර දේවල්වලටත් යොමු කළේ මගේ හල්මොනි. හල්මොනිත් මාව දාලා ගියාට පස්සේ දැනෙන පාළුව, තනිකම මකාගන්න මන් තව තවත් විෂය බාහිර වැඩවලට යොමු වුණේ ඉගෙන ගන්න වැඩත් පුළුවන් තරම් බැලන්ස් කරගෙන. මන් තමයි සෝල් හයි එකේ මීඩියා යුනිට් එකේ සෙකට්‍රි. ඒ වගේ ම ඩාන්සින් ක්ලබ් එකේ, ලැන්වේජ් ක්ලබ් එකේ, ඩිබෙටින් සර්කල් එකේ මෙම්බර් කෙනෙක්. හල්මොනි නිසා ආවත් දැන් මේ හැම සොසයිටි එකක් ම මගේ ජීවිතේ වෙලා.

හීජින් කියන්නේ මිඩ්ල් ස්කූල් කාලේ ඉඳන් මගේ හොඳ ම සහ එක ම යාළුවා.. ඒත් ඊට වඩා එයා මගේ බාල්දි පාට්නර් කිව්වොත් හරි වගේ. මන් ඉන්න හැම සොසයිටි එකක ම එයත් හිටියා. ලැන්වේජ් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට්. අපි දෙන්නගේ හිත හොඳ වැඩි නිසා ද මන්දා පෙරළෙන තරමක් බාල්දි පෙරළෙන්නේ අපිට. කොච්චර කොහොම වුණත් පැවරුණ වැඩක් හරියට ම කරන පුරුද්දක් අපි දෙන්නට ම තියෙනවා. මේ දවස්වල හැම පැත්තෙන් ම හිර වෙලා ඉන්න වැඩ ගොඩ නිසා අපි දෙන්න ම ඉන්නේ පුදුම තරම් ස්ට්‍රෙස් එකකින්. ඒත් තාමත් අපි පිටට පේන්න හිනා වෙනවා..

වැටෙන්න බැරි නිසා.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

කල්පනා ලෝකේ ඉඳගෙන ම කකුලේ හුරුවට ස්කූල් එකට ආපු මන් කෙලින් ම දිව්වේ මීඩියා යුනිට් එකට. මන් යනකොට හීජින් හිටියේ සීඩී වගයක් තෝරන ගමන්. මන් ගියා විතරයි මගේ හිසේ සිට පාදාන්තය දක්වා ම ඇස් අරන් ගියපු හීජින්ගේ හිනාව පුපුරා හැලුනා.

"යාහ්.. වේ හිනාවෙන්නේ? "

මන් අහද්දි හීජින් කළේ ආපහු හිනා වුණ එක.

"යාහ්.. මිචස්සෝ? මොකටද ඔය හිනා වෙන්නේ කියනවා. "

මන් ඇහුවේ බෑග් එකත් යුනිට් එකේ මුල්ලකට විසි කරලා හීජින්ගේ එහා පැත්තේ පුටුවෙන් වාඩිවෙන ගමන්.

"අනි.. අනි.. මුකුත් නෑ. ඔයාව දැක්ක ම අදත් හොඳට ම පරක්කුයි කිව්ව එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇත්ත කියලා තේරුණා. "

හීජින් හිනා වෙවී කියද්දි මන් ඉක්මනට යුනිෆෝම් එක දිහා බැලුවේ මට මොනවහරි අමතක වෙලා ද බලන්න.

"අාහ්.. වේ? හිනාවෙන්නේ ඇයි කියන්නකෝ හීජිනා. "

මන් කිව්වේ තාමත් අඩුවක් නැතුව හිනා වෙන හීජින්ට.

"බලන්නකෝ ඔය කොණ්ඩේ හැටි. පීරුවේ නැද්ද? "

"නෑ තමයි. පරක්කු වෙලා නිසා ගැට කඩාගන්න වෙලාව මදි වුණා. ඉතින් එහෙම්මම ගැට ගහගෙන ආවා. වේ ඒක ඒ තරම් අවුල් ද? "

මන් කලින් යුනිට් එකේ මුල්ලකට විසි කරපු බෑග් එක ළඟට ගිහින් දණ ගහගෙන බෑග් එක ඇවිස්සුවේ පනාවක් හොයාගන්න. පනාව හොයාගත්තත් කොණ්ඩේ පීරන්න අත උස්සනකොට ම මට කෑගැහුණ සද්දෙට හීජිනාත් මන් ගාවට දුවගෙන ආවා.

"වේ මින්හීයා? මොකද වුණේ? "

"අනි.. මේ ඊයේ ඩාන්සින් ප්‍රැක්ටිසස්වල දී අත පොඩ්ඩක් නුහුරට ගියානේ. මන් හිතන්නේ ඒක ආපහු පෑරුණා. "

මන් ලාවට හිනා වෙලා කිව්ව ම හීජින් මගේ අතින් පනාව උදුරගන්නකොට ම මන් කතා මාතෘකාව මාරු කළේ නැත්නම් මට හොඳට ම බැනුම් අහන්න වෙන නිසා.

"හීජිනා.. වේ අප්පා අර එකෙක්ටවත් අද එන්න බැරි? ඒකත් හැමෝම බෑ බෑ ගාලා මැසේජ් දාලා තිබ්බ ලස්සන. එතකොට ෆන්ක්ශන් එකේ ස්ක්‍රිප්ට් එක හදන්න ඕනෙත් අපි දෙන්න ද? "

"ඔව් අප්පා මටත් කේන්ති ගියා ඒක දැක්ක ම. එහෙන් මිරේ කෑගහනවා ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න එන්න කියලා. ඊයේත් කන්ග් සොන්සෙන්ග්නිම් මට පණිවිඩයක් එවලා තිබ්බා එයාව හම්බෙන්න කියලා. අාහ්.. අදවත් ගිහින් හම්බෙමු. ෂුවර් එකට ලැන්වේජ් ඩේ එකේ මොකකට හරි වෙන්නැති. "

හීජිනාත් මාත් එක්ක එකතු වෙලා යුනිට් එකේ අනිත් හැමෝට ම බැන්නේ හැමෝම අද ස්කූල් එන්න බෑ කිව්ව නිසා. මේ දවස් ටිකේ අපි දෙන්නට ඉහටත් උඩින් වැඩ ගොඩ ගැහිලා නිසා යුනිට් එකේ වැඩවලින් පොඩ්ඩක් නිදහස් කරන්න පුළුවන් ද කියලා ඇහුව ම එයාලගෙන් හම්බුන උත්තරේ තමා මේ.. වෙනදා වගේ ම අදත් අපි දෙන්නා විතරක් තනියම.

"යාහ්.. මින්හීයා, අදත් කාලා නෙමේ නේද ආවේ? "

කොණ්ඩේ පීරලා කලින් විදිහට ම ගැට ගහලා කොණ්ඩ කටුව ගහපු හීජින් ඇහුවේ මන් බඩ තද කරගෙන ඉන්නවා දැකලා වෙන්නැති. එයා දන්නවා මන් එහෙම ඉන්නේ ගොඩක් ම අමාරු වෙලාවට කියලා. හීජින්ට හිනාවකින් උත්තර දුන්න මට ඊළඟට වුණේ එයාගේ බැනුම් කන්දකට යට වෙන්න.

"මින්හීයා.. මන් ඔයාට කී දවසක් කියල තියෙනවද ස්කූල් ඇවිල්ලත් හරියට කන්නේ නැති එකේ උදේටවත් කාලා එන්න කියලා. යන් කැන්ටින් එකට. ගිහින් කාලා එමු. "

"අනි.. ඕනේ නෑ. මෝනින් ප්‍රෝග්‍රෑම් එක කරල ම යමු. ස්කූල් පටන් ගන්න තව ටික වෙලාවයිනේ. "

මන් බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා බලලා කියද්දි හීජිනාත් හා කියන්න ඔළුව වැනුවේ දැන් ගියොත් ආපහු එන්න වෙලාව මදි කියලා තේරුණ නිසා ද කොහෙද.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

"අනේ හීජිනා.. මට මහන්සියි හොඳට ම. "

මන් කිව්වේ ස්කූල් එක ඇරිලා දැන් පැය බාගයක් ගිහිල්ලත් දවසේ පස්වෙනි පාරටත් හතරවෙනි තට්ටුවේ තියෙන ලැන්වේජ් රූම් එකට බඩගාන ගමන්. දවසින් බාගයක් ම ලැන්වේජ් රූම් එකට වෙලා ඩේ එකේ වැඩ කර කර හිටපු අපි දෙන්නා පහළට බැස්සේ ස්කූල් එක ඇරෙන බෙල් එක ගහලා ඉක්මනට ආපහු එන්න හිතාගෙන. ඒත් මග දී නො හිතපු විදිහට අපේ ක්ලාස් එක බාර සොන්සෙන්ග්නිම්ව හම්බුනේ මේ දවස් ටිකේ ම ක්ලාස් එකේ නැති එකටත් විනාඩි දහයකට වඩා සොන්සෙන්ග්නිම්ට උත්තර බඳින්න ඉඩ සලස්වලා.

"නාදෝ.. අද ක්ලාසස් නෑ නේද? ගෙදර ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න. "

"අනි.. අද මිසිස් චෝයිගේ ගෙදර ක්ලාස්. එයාලා මේ සතියේ ක්ලාස් දවසට ට්‍රිප් එකක් යන නිසා අද ඒ වෙනුවට ක්ලාස් දාගත්තා. "

පඩිපෙළේ අන්තිම පඩියත් නැගලා දණහිසට අත් දෙකත් තියාගෙන මන් උත්තර දුන්නේ හති ඇර ඇර.

"හැමෝම ට්‍රිප් යනවා.. සතුටු වෙනවා මින්හීයා. අපි විතරයි කිසිම නිදහසක් නැතුව මේ තරම් මැරෙන්නේ. "

හීජින්ගේ කටහඬේ තිබ්බේ කලකිරීමක්. ඉස්සර කොයි තරම් ආසාවෙන් කළත් දැන් අපිත් එක්ක වැඩ කරන අයගේ හැසිරීම නිසා ම අපි දෙන්නට මේ හැම දෙයක් ම එපා වෙලා. අපි මහන්සි වෙලා වැඩ කරද්දි කට්ටියක් ස්ටඩි ලීව්. සමහරු ට්‍රිප් ගිහින් ලු. සමහරුන්ට පරක්කු වෙනකන් නින්ද ගියා ලු. තවත් සමහරුන්ව එක්කන් එන්න කෙනෙක් නෑ ලු. කිසිම පදනමක් නැති බොරු සමාවට කාරණාවලින් හෙම්බත් වෙලා හිටියත් බාරගත්තු වගකීම් මගාරින්න බැරිකමටයි, කොච්චර වුණත් සොසයිටි එකට තියෙන ආදරයයි නිසා අපි අකමැත්තෙන් වුණත් තනියම හරි ඒ දේවල් කරගෙන යනවා.

"ඇත්ත හීජිනා. ඒත් ඉතින් මොනවා කියලා කරන්න ද අපි? එහෙමයි කියලා වගකීම්වලින් පැනලා යන්නත් බෑනේ. කොච්චර තනියම වුණත් අපිට දැන් මේක කරන්න වෙනවා. "

"මින්හීයා, දැන් වෙලාව කීයද? ඔයාට පරක්කු නැද්ද? "

ඈතින් පේන නම්සන් කුළුණ දිහා බලාගෙන සමවැදිලා හිටපු මගේ දැහැන බිඳුනේ මගේ උරහිසටත් අතක් තියලා කතා කරපු හීජින්ගේ කටහඬට.

"අප්පා ඔව්මයි. එහෙනම් මන් යනවා හීජිනා. ඔයත් වැඩ ටික ඉවර කරලා ඉක්මනට ගෙදර යන්න හොඳ ද? "

හීජින්ට සමුදීලා මන් ඉක්මනට බෑග් එකත් අරගෙන ස්කූල් එකෙන් පිටත් වුණේ මිසිස් චෝයිලගේ ගෙදරට යන්න.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ක්ලාස් එකේ වැඩ ඉවර වෙලා මන් ටික වෙලාවක් මිසිස් චෝයි එක්ක කතා කර කර හිටියේ පුරුද්දට මිසක් පුළුවන්කමකට නෙමේ. මන් ක්ලාස් කරන අනිත් අයගේ දෙමව්පියන්ට වඩා මිසිස් චෝයි මට සමීපයි. එයා නිතර ම මන් ගැන, මගේ අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලනවා. අදත් මගේ මූණෙන් වෙනදට වඩා වෙනසක් දැකපු නිසා ද මන්දා මිසිස් චෝයි මාව ගෙදරට ඇරලවන්නම් කිව්වත් මන් ඒකට එකඟ නො වුණේ මන් ගැන දැනටමත් එයා ඕනෑවටත් වඩා වදවෙන නිසා.

මිසිස් චෝයිගෙන් සමු අරගෙන මන් හෙමින් හෙමින් බස් හෝල්ට් එකට ඇවිදගෙන ආවේ අනිත් අය වගේ සෝල්වල හැන්දෑව විඳින්න නම් නෙමේ.. මට ඇවිදින්න පුළුවන් උපරිම වේගය ඒක නිසා. පහුගිය දවස් වගේ ම අද දවසත් ගෙවුනේ ස්කූල් එකේ එහා කෙලවරේ ඉඳන් මෙහා කෙලවරටයි මෙහා කෙලවරේ ඉඳන් එහා කෙලවරටයි දුවන්න.

ආපහු පාරක් බඩ කෑගහද්දියි මට මතක් වුණේ.. මන් අද දවසට ම කාලත් නෑ. ස්කූල් පටන් ගත්ත ම කන්න කැන්ටින් එකට යමු කියලා කතා වුණත් ඒකටත් යන්න බැරි වුණේ කන්ග් සොන්සෙන්ග්නිම් ආපහු වතාවක් පණිවිඩයක් එවලා තිබ්බ නිසා. වැඩත් එක්ක කන එක හීජින්ටයි මටයි දෙන්නට ම අමතක වෙලා ගියා. 

මුළු ඇඟ ම රිදෙනවා. ලාවට උණ ගතියක් වගෙත් දැනුනත් මේ දවස්වල මහන්සි වෙන හැටියට ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. හිරි වැටිලා පණ නැතිවෙලා වගේ තියෙන අත් දෙකත් එකට බැඳගන්න ගමන් මන් බැලුවේ අහස දිහා. සෝල් අහස ම වැහි වලාකුළුවලින් පිරිලා ගිහින්.. මුළු නගරය ම කලබලකාරී වුණත් මට පෙනුනේ ඊටත් වඩා ලොකු මූසල කමක්. තවත් පරක්කු වුණොත් වැස්සටත් අහු වේවි. අහස දිහා බලාගෙන ම කල්පනා කරපු මන් ඇඟේ අමාරුව පැත්තකින් තියලා කකුල ඉක්මන් කළේ වැස්සටත් තෙමුණොත් මට මොනවයින් මොනවා වේවි ද කියලා හිතාගන්න බැරි නිසා.

මේ දවස් ටිකේ ම හරිහමන් කෑමක් බීමක්, නින්දක් තියා පොඩි විවේකයක්වත් නැතුව මහන්සි වෙන නිසා මන් ගොඩක් දුර්වලයි කියලා මට ම තේරෙනවා. වෙලාවකට තාමත් පණ පිටින් ඉන්න එක ගැන ම පුදුම හිතුනත් තාමත් මන් හැමෝම එක්ක පුරුදු විදිහට ම වෙනසක් නැතුව හිනා වෙනවා. හැම දෙයක් ම අතාරින්න හිතුනත්, මන් විතරක් තනි වෙලා කියලා දැනුනත් මන් තාම හුස්ම ගන්නේ හීජින්ට පින් සිද්ධ වෙන්න. ඒත් මට වගේ ම එයාටත් මේක අමාරු කාලයක්. කරලා ඉවර කරන්න බැරි තරම් ගොඩ ගැහිලා තියෙන වැඩත් එක්ක අපි දෙන්නට පුළුවන් හිතට එන ආවේගය බෙදාගන්න විතරයි. එතනින් එහාට අනිත් කෙනාගේ හිත සැනසෙන එක වචනයක් හරි කියන්න පුළුවන් මානසිකත්වයක් අපි දෙන්නට ම නෑ. මොකද අපි දෙන්න ම ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකකින්.. ඒ වගේ ම

අනිත් අය විසින් තනි කරලා.

පුරුදු විදිහට ම ඉස්සරහට කරන්න තියෙන වැඩ, අද දවසේ කරගන්න බැරි වුණ දේවල් ගැන හිත හිත බස් හෝල්ට් එකට ආපු මන් එතන බංකුවෙන් වාඩි වුණේ හිටගෙන ඉන්න තරම්වත් කකුල් දෙකට පණක් නැති නිසා. වැස්සකුත් අත ළඟ නිසා ද මන්දා පරිසරය වෙනදට වඩා සීතලයි වගේ. මන් අත් දෙක තවත් ඇඟට තද කරගෙන බංකුවේ මුල්ලකට ගුලි වුණේ බස් එකක් එනකන්.

' More exhausted now stop stop stop
Get out of everything step step step
There is no return even though ending…
It will cause tears

So I can believe I’m not alone
Not alone now, not sad anymore
And I can feel it I’m not alone
Definitely not alone, never be exhausted again '

කොහෙන්දෝ මන්දා ඇහුන සින්දුවක ලිරික්ස් නිසා මන් බංකුවේ මුල්ලෙන් ටිකක් මෙහාට වෙලා වටපිට බැලුවේ ඒක ඇහුනේ කොහෙන්ද දැනගන්න. ඒ ලිරික්ස් හරියට මට ම කියලා කියපුවා වගේ. කවුරුහරි මාව ළඟට අරන් ' ඔයා තනි වෙලා නෑ ' කියනවා නම්.. ඒ වගේ හිත හැදෙන චූටි වචන කීපයක් හරි අහන්න මගේ හිත කොයි තරම් නම් ආස ද? ඒකෙන් දැනෙන සතුට, අලුතින් ඇති වෙන බලාපොරොත්තු.. ඒ ගැන දන්නේ මන් වගේ ම මානසික මට්ටමක ඉන්න කෙනෙක් විතරයි.

ටිකක් වටපිට බලද්දි මන් සින්දුව ඇහුන තැන හොයාගත්තා. බස් හෝල්ට් එකට ඉස්සරහින් පාරේ එහා පැත්තේ බිල්ඩින් එකක තිබ්බේ නළු නිළියන්ගේ, අයිඩල්ස්ලගේ බර්ත්ඩේවලට ෆෑන්ස්ලා විෂ් කරලා දාන ලොකු LED ස්ක්‍රීන් එකක්. හැම සතියක ම වගේ ඒ ස්ක්‍රීන් එක දකිනවා වුණත් මන් අද අවධානයෙන් ඒ දිහා බැලුවේ ඒ සින්දුවේ නම හරි ආටිස්ට්ගේ නම හරි හොයාගන්න හිතාගෙන. එක දිගට එහා මෙහා වුණ ෆොටෝස් කීපයක් අන්තිමට Happy Jungmin Day කියලා වැටෙද්දි මගේ හිතට අමුතු සතුටක් දැනුනේ මන් ආටිස්ට්ගේ නම හොයාගත්තු නිසා ද නැත්නම් වෙන හේතුවක් නිසා ද කියලා මන් දන්නේ නෑ. ඒත් මන් දන්න එක ම දේ ඒ සින්දුවේ ලිරික්ස් ටික මට අලුත් බලාපොරොත්තුවක් අරගෙන ආවා කියලා විතරයි.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

උදේ කේන්තියට ෆෝන් එකත් ඇඳ උඩ දමලා ගහලා ගියපු නිසා මට ඒ සින්දුව හොයාගන්න ගෙදර එනකන් ම ඉන්න වුණා. මන් කෝකටත් කියලා පොතක් පිටිපස්සේ එයාගේ නම ලියාගෙන ආවේ ගෙදර එනකොට නම අමතක වේවි කියලා බයට. ගෙදර ආපු ගමන් ඉක්මනට වොෂ් එකක් දාගෙන මන් ඇඳට වැටුණේ ෆෝන් එකත් අරගෙන. වෙනදා වගේ ම ඇඟේ අමාරුව වෙනදටත් වඩා වැඩියෙන් තිබ්බත් මගේ මුළු හිත ම අමුතු සතුටකින් පිරිලා ඉතිරිලා ගිහින්.

හරියට සින්දුවේ නම දන්නේ නැති වුණාට මන් කෝරස් එකේ නිතර ඇහුන ' I'm not alone ' කියන කොටස ආටිස්ට්ගේ නමත් එක්ක සර්ච් කළේ මොනවා ම හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. හිතුවා වගේ ම ටිකක් පහළට යද්දි මට මන් හොයපු දේ හම්බුනා.

~ Flashback ends ~

' Not Alone '

ඒක තමයි ඒ සින්දුවේ නම. 

ජන්ග්මින් ඔප්පා, මන් එදා එතනින් පටන් අරන් මහන්සිය නැති වෙනකන් ම ඔප්පගේ සින්දු ඇහුවා. පස්සේ හිතට නිදහසක් ඕනේ හැම වෙලාවක ම ඔප්පගේ සින්දු අහන එක මගේ පුරුද්දකට ගියා. ඒ හැම වෙලාවක ම Not Alone අනිවාර්යයෙන් ම මගේ ප්ලේ ලිස්ට් එකේ තිබ්බා.

මන් මුලින් ම අහපු ඔප්පගේ සින්දුව සෝලෝ එකක් නිසා කාලයක් යනකන් මන් ඔප්පව දැනගෙන හිටියේ සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහට. ඒත් ටික කාලයක් යද්දි ඔප්පා නිසා ඔප්පා වගේ ම තවත් ඔප්පලා හතර දෙනෙක් මගේ ජීවිතේට එකතු වුණා. ඒ SS501ලා. ඔප්පා සෝලෝ යන්න කලින් හිටපු ගෘප් එක. ඇත්තටම SS501ලා මගේ ජීවිතේට සතුට අරන් ආවා. මගේ බයස් වුණේ ඉතින් ඔප්පා තමා. කොයි තරම් මහන්සි දවසක වුණත් ඔයාලගේ එක සින්දුවකට පුළුවන් වුණා මගේ මහන්සිය සම්පූර්ණයෙන් ම නැති කරලා දාන්න. ඔයාලගේ එක ෆොටෝ එකකට පුළුවන් වුණා මගේ මැලවුණු මූණට ලස්සන හිනාවක් ගේන්න. ජීවිතේ එපා වෙන, කලකිරෙන හැම වෙලාවක ම ඔයාලා මට මෝටිවේෂන් එකක් වුණා.

SS501 කාලේ ගෘප් එකේ හැමෝම අඬද්දි වුණත් ඔප්පා හිනා වුණ හැටි, ගෘප් එකටයි ෆෑන්ඩම් එකටයි බොරු චෝදනා එද්දි හැමෝම වෙනුවෙන් කතා කරපු හැටි, ගෘප් එකේ වගේ ම සෝලෝ ගියාට පස්සෙත් අමාරු කාලවල දරාගෙන හිටපු හැටි.. මේ හැමදේම මන් කාලයත් එක්ක දැනගත්තා. කොච්චර හිනා වෙලා හිටියත් ඒ හිනාව පිටිපස්සේ මොකක් ම හරි ලොකු දෙයක් හැංගිලා තියෙන බව මට තේරුණා. ඒත් ඔප්පා හැමදාමත් හරි ලස්සනට ඒ දේවල් හංගගෙන සතුටින් ජීවත් වුණා.

දන්නවද ඔප්පා? මට හැමදාමත් ඕනේ වුණේ ඔප්පා වගේ වෙන්න. ඔප්පා වගේ මොන දේ වුණත්, අඬන්න ඕනේ තැන දී වුණත් හිනා වෙලා ඉන්න. මන් දැන් සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ තර්ඩ් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මගේ යාළුවෝ ගොඩක් අය කියනවා මන් හරිම පුදුම කෙනෙක් ලු.. කොයි වෙලේ බැලුවත් හිනා වෙලා ලු ඉන්නේ. ඒත් ඇත්තටම ඔප්පගේ හිනාව තමයි මටත් ඒ විදිහට හිනාවෙන්න කියලා දුන්නේ.

ඉතින් ඔප්පා, කවදාවත් ඔප්පගේ හිනාව නැති වෙන්න දෙන්න එපා. මොකද ඒ හිනාවෙන් හිනාවෙන තව ඕනේ තරම් අය මේ ලෝකේ ඇති. මාත් එක්ක මගේ ජීවිතේ අමාරු ම දවස්වල ළඟින් ම රැඳිලා සතුට අරන් ආවට ජොංමල් කුමාවොයෝ ඔප්පා. මන් මේක ලියන්නේ විනාඩි කීපයක් කලින් වුණත් සෙන්ගිල් චුකාහෙයෝ ඔප්පා. නොමු නොමු සරන්හෙයෝ.

හෙට තමයි මන් ඔප්පව හම්බෙන පළවෙනි වගේ ම අන්තිම වතාවත්. හෙටින් පස්සේ ඔප්පගේ ජීවිතය වෙනස් ම අතකට හැරේවි. ඔප්පා ෆීල්ඩ් එකෙන් ඈත් වුණත්, මැරි කළත්, මොන දේ කළත් කවදාවත් අමතක කරන්න එපා Kazok පවුලේ අපි හැමදාමත් ඔප්පා එක්ක ඉන්නවා. You are not alone Jungmin oppa.

~ මින්හී

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

කඳුළු අතරින් ම ලියලා ඉවර කරපු ලියුම අන්තිම වතාවටත් එක පාරක් කියවලා මන් ඒක නවලා කොළ පාට පුංචි ලියුම් කවරයක් ඇතුළට දැම්මා. හෙට ෆෑන් මීට් එකට අරන් යන සයිඩ් බෑග් එකට පරිස්සමින් ලියුම් කවරය දාලා බෑග් එකත් මේසේ උඩින් තියලා මන් ෆෝන් එක ඔන් කළේ වෙලාව බලන්න.

12.00යි.

"සෙන්ගිල් චුකාහෙයෝ ජන්ග්මින් ඔප්පා. අදින් පස්සේ ඔප්පා මොන තීරණය ගත්තත් මෙච්චර කාලයක් ඔප්පා මාව තනි නො කර හිටියා වගේ ම මාත් ඕනේ දේකට ඔප්පත් එක්ක ම ඉන්නවා. "

ෆෝන් එකේ වෝල්පේපර් එකේ තියෙන ජන්ග්මින් ඔප්පගේ ෆොටෝ එක දිහා බලාගෙන මන් කිව්වේ මගේ හදවතින් ම.




The End.


A/N එකත් කියවන්න.

~ Sithmi Himansa ~

Fortsæt med at læse

You'll Also Like

586K 21.2K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
Doors open. Af ash

Fan Fiktion

405K 6.4K 80
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1M 38.7K 91
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
778K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.