ආයිමත් දවසක .

By LasaluNethmin

43.1K 7.3K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක 09

1K 196 32
By LasaluNethmin

ආයිමත් දවසක.. 09


යශිර කටුබැද්දෙ හෝල්ට් එකෙන් බැහැල හවස අව්වෙන් බේරෙන්න හිතන් බස් හෝල්ට් එකේ තිබ්බ හට් එක ඇතුලට ගිහිල්ල කල්පනා කරේ බිනර අයියගෙ
මේ අලුත් වෙනස ගැන...

විශාල්ට වඩා විශාල්ගෙ අයිය ටිකක් වෙනස් කියල යශිරට දැනුනෙ එයාල දැන අදුරගෙන ටිකක් කල් යද්දි..විශාල් වගෙම බිනරත් ටිකක් සද්ද බද්ද නැති කෙනෙක්
විශාල්ටයි යශිරටයො වඩා බිනර අවුරුදු හතක් වැඩිමල් වෙද්දි බිනර යශිරගෙ අයියට වඩා අවුරුද්දක් බාල උනා..
විශාල් යශිරගෙ යාලුව වෙද්දි බිනරයි හරිදුයිත් යාලුවො උනත් ඒ යශිරයි විශාලුයි තරම් ඒ දෙන්න සමීප උනේ නෑ...

විශාල්ට වඩා ටිකක් උස  උනත් විශාල්ට ගොඩක් සමාන පෙනුමක් තමා බිනරට තිබ්බෙ කියල යශිරගෙ හිත කිව්ව.

යශිරගෙ කල්පනා ලොකෙ බිදිල ගියෙ එයාගෙ  ෆෝන් එක රිංග්ස් යනව දැනුන නිසා..

" හලෝ..."

"බස් හෝල්ට් එකේ නේද ඉන්නෙ..."

"ඔව් අයියෙ..."

"හරි මන් ඒ කිට්ටුව ඉන්නෙ..."

එහෙම කියට ෆෝන් එක කට් වෙද්දි යශිර ෆෝන් එක සාක්කුවෙ දාගෙන කොලබ පැත්තෙන් එන වාහන විහා බැලුවෙ බිනර අයියගෙ කාර් එක දුර තියා දකින බලාපොරොත්තුවෙන්.

ටික වෙලාවක් එන වාහන දිහා බලන් ඉදිපු යශිරට දුර තියාම බිනර අයියගෙ වාහනේ අදුර  ගන්න පුලුවන් උනා. ඒක නිසා එයා  බස් හෝල්ට් එකෙන් ටිකක් ඉස්සරහට ඇවිල්ල බලන් ඉදියෙ බිනර අයියට ලේසි වෙන්න...

කාර් එක බස් හෝල්ට් එකේ නතර කරද්දි යශිර ටක් ගාල ඒක ලගට ගිහිල්ල කාර් එක ඉස්සරහින් නැගල දොර වහ ගත්තා...
එයා සීට් බෙල්ට් එකත් දාගෙනම තමා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලා ඉවපු බිනර දිහා බැලුවෙ...

" හරි යමු..."

යශිර කියද්දි බිනර යන්තම් හිනා වෙලා කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා...

"මොකටද හදිස්සියෙ බෝධි යන්නෙ..."

කාර් එක පාර දිගේ ඉස්සරහට ඇදෙද්දි බිනර කතා කරන්න ගත්තා....

" බාරයක් වෙන්න..."

" කාටද...."

බිනර අහද්දි යශිර හැරිල බිනරගෙ ඇස් දිහා බැලුවෙ ඒකට උත්තරයක් ඕනිමද වගේ බැල්මකින්
ඒක බිනරට තේරුනා වගේ එයා ආපහු පාර බලාගනිද්දි යශිර අතේ තිබ්බ බෑග් එක පිටිපස්සෙ සීට් එකට දැන්මා..

" මට කතාකරන්න එපැයි මන් එනවනෙ එහෙනම්..."

"ඔයා වැඩනෙ අයියෙ මන් ඉතින් වද දුන්නෙ නෑ අනික ඔයා අද කලින් ඕෆ් උනාද..."

"ඔව් මල්ලි මන් අද ශෝර්ට්ලීව් එකක් දාල ආවා..."

"හ්ම්ම්ම්.. අද විශාල්ව බලන්න ගියෙ නැද්ද අයියෙ..."

"හ්ම්ම් යන්න ආවෙ.. ඔයාට කෝල් කරේ ඔයත් යයි කියල හිතල"

" හ්ම්ම්ම්..දැන් ඔයා පන්සල් යන්න එනවද..."

"හුම්..නැත්තම් මොකටද මන් මේ ආවෙ...."

"ඔය ඇදුම පිටින්..."

යශිර බිනර අයිය ඇදන් ඉදපු රතු රෝස පාට ශර්ට් එක දිහා බලන ගමන් කියද්දි බිනර අයිය යශිර දිහා බැලුවා..

" මන් පන්සල් යන්න හිතන් ආපු ගමනක් නෙවෙයිනෙ බන්.. "

"හරි හරි අපි යමු..මොකෝ තහනමක් නෑනෙ පාට ඇදුම් ඇදන් පන්සල් යන්න..."

.............................................................
දෙන්න එක්ක කලුතරට ගිහිල්ල  කාර් එක පාර්ක් එකට දැන්ම.. දාල එන ගමන් එතන තිබ්බ මල් කඩේකින් රතු නෙලුම් මල් එක්ක අනික් ඕන කරන දේවල් ගද්දි බිනර අයිය වැටකෙයිය මල් තුනක් තිබ්බ මල් වට්ටියක් අරන් යශිරගෙ අතට දුන්න...

වැටකෙයියා මල් වල සුවද යශිරට දැනෙද්දි ඒ සුවද හිතට අමුතුම නිදහසක් ගේනව කියල එයාට හිතුනා..

" යමුද..."

බිනර අයිය මල් වලට සල්ලි දීල අහද්දි යශිර ටක් ගාල එයා දිහා බැලුව...

"යමු අයියෙ..."

.........................................................

විශාල් එක්ක කොයි තරම් පන්සල් ගිහිල්ල තිබ්බත් බිනර අයිය එක්ක පන්සල් ආපු පලවෙනි පාර මේක නේද කියල යශිරගෙ හිත කිව්වෙ එයාල වැදල කරල ආපහු එලියට එද්දි...

පන්සලේදි වදිද්දි බිනරගෙ තිබ්බ අමුතුම නිවුනු පෙනුම යශිරගෙ හිත ගොඩක්  වෙනස් කරල වගේ තමා යශිරට දැනුනෙ...
මූනෙ තිබ්බ ඒ තැන්පත් පෙනුමෙ ඉදල මල් පූජ කරල වතාවත් කරද්දිත් බිනරගෙ තිබ්බ ඒ සංසුන් කම දකිද්දී යශිරට දැනුනෙ එයාගෙ හිතත් හරිම සංසුන් වෙලා වගේ...

විශාල් ලගදි දගලන හිත කෑ ගහන හොත බිනර ලගදි මේ තරම් සන්සුන් ඇයිද කියල යශිරගෙ හිත එයාගෙන්ම ඇහුවත් එයාට ඒකට උත්තරක් කල්පනා උනේ නෑ.. ඒ වෙනුවට එයා කරේ ඒ තැන්පත් සන්සුන් හැගීම ආසාවෙන් විදින එක

...............................................................

" අයියෙ...."

"කියන්න..."

"අපි විශාල්ව බලන්ම යමුද..."

"දැන් රෑ වෙලානෙ මල්ලි.. මන් හෙට උදේට වැඩට යද්දි බලන් යන්නම්....අනික මට මහන්සී බන් අද..."

"හ්ම්ම්ම්...."

" ඔයාව එක්ක යන්න එන්නද උදෙන්.."

"එපා අයියෙ මන් දවල් වෙලාම යන්නම්.. ඔයා එන්න ඕනි නැ..."

"හරි.. මේ අපි කාලම යමු නේද...."

" ඔයාට බඩගිනිද.."

"ඔව් ... හවස තේකත් නෑනෙ දවල්ට කෑවෙත් නෑ මම අද..."

"කලින් කියන්න එපැයි..කොහෙන් හරි නවත්තන්න අපි කාලම යමු එහෙනම්..."

........................................................

" යශ්..."

"හ්ම්ම්.. කියන්න..."

යශිර දුම් දාන උනුම උනු කොත්තු කටක් හැන්දකින්  අනල කටට දාගන්න ගමන් කිව්වෙ බිනර දිහා බලන ගමන්...

" අයිය තාම ජොබ් එකක් කරනවට කච කච ගානවද...."

"නැත්තෙමත් නෑ අයියෙ ඒත් මන් හැමදාම මෙහෙම ඉන්නද මන් මේ ටිකේ ජොබ් එකක් බැලුව හරියන එකක් සෙට් උනේ නෑ..."

" මමත් මොකක් හරි බලන්නද... අපේ ඔෆිස් එකෙත් වේකන්සි වගයක් තිබ්බ..."

"ඇත්තටමද අයියෙ.. අනේ ලොකු දෙයක් පුලුවන්නම්..."

"හ්ම්ම්...අනික අපේ මල්ලි වැඩ කරපු තැනත් පුරප්පාඩු තියනව මගෙ හිතේ මන් අහල බලන්නම්..."

බිනර කියද්දි යශිරගෙ හිත ආයි ගැස්සිලා ගියා...

" එතන ඕනි නෑ අයිය වෙන තැනක බලමුද අපි ..."

"ඔයාගෙ කැමැත්තක්..මන් බලන්නම්කො හොද එකක්.. "

දෙන්න එක්ක කාල බීල ඉවර කරල ආපහු ගෙදර එන්න පිටත් වෙද්දි අට ආහු වෙලා තිබ්බ...යශිරලගෙ ගෙදර ඉස්සරහ කාර් එක නතර කරද්දි යශිර සීට් බෙල්ට් එක ගලවල බිනර දිහා බැලුව..

" අයිය එනවද ගෙට..."

" බෑ යශ්.. මහන්සී අද.. මන් පස්සෙ එන්නම්..."

" හරි පරිස්සමින් යන්න...අයියෙ..."

"හ්ම්ම්.. good night ..."

"Good night අයියෙ..."

යශිරව දාල යන කාර් එක දිහා බලන් යශිර ටිකක් වෙලා පාරෙ ඉදල වහල දාල තිබ්බ ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියෙ අද දවසෙ වෙච්ච් දේවල් ගැන ආපහු හිත හිත....


............................................................. 

පාන්දරම යශිර නිදි මරගාතෙම එහෙ මෙහෙ වෙන ගමන් නැගිට්ටෙ මහ හයියෙන් රිංග්ස් යන ෆෝන් එකට හිතෙන් බනින ගමන්..

ඇස් අරින්නත් බැරි තරම් කම්මැලි කමක් වගේම නිදිමතක් දැනෙද්දි යශිර ෆෝන් එක ආනසර් කරල කනට තියාගත්තා...

" යශ්..... මල්ලි..... විශාල්...."

මතුසම්බන්දයි .....
.

Continue Reading

You'll Also Like

6.6M 434K 94
Hanary Victor + Loon Tar Nay San
310K 24.9K 29
Mini Story Uni Life Style Sweet Romance
671K 7.1K 96
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
1.1M 9.7K 13
Myanmar × BL Uni/Zaw Warning..... Start Date:29.9.2023 End Date:20.11.2023 Photo Crd