ආයිමත් දවසක .

By LasaluNethmin

42.9K 7.3K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක...08

1K 198 15
By LasaluNethmin

ආයිමත් දවසක...08

" විශාල්ට කොහොමද අක්කෙ   ....."

යශිර අක්කගෙන් අහද්දි අක්ක යන්න ගිය ගමන් නතර කරල ඇවිල්ල යශිර ලගින් වාඩි උනා...

" විශාල්ගෙ අයිය මල ගෙදර ආව ඊයෙ... ඔයා එතකොට හොස්පිටල් එකේ..එයා කිව්ව විශාල්ව කොලබ හොස්පිටල් එකකට මාරු කරගත්තා කියල.. ඒ හැරෙන්න ලොකු වෙනසක් නෑලු මල්ලි...ඩොක්ටලනම් කිව්වලු දැන් නම් සීරියස් සිටුවේශන් එක අඩුයි කියල ඒත් තවම සිහිය නෑ මල්ලි.."

"කොහෙටද අක්කෙ එයාව අයිය ට්‍රාන්සර් කරල තියෙන්නෙ..."

" විශාල්ව කොහෙට ට්‍රාන්සර් කරත් ඔයා හෙට වෙනකම් ගෙදරින් දොට්ට බහින්නෙ නෑ.. එච්චරයි ...."

අයිය එක පාරටම කියන ගමන් යශිරයි අක්කයි ඉන්න රූම් එකට එද්දි යශිර ටිකක් ගැස්සිලා ඒ දිහා බැලුව...

" හරිදු...."

"කරන්න දෙයක් නෑ තිලිනි.. ඔයාට මන් කිව්වනෙ ඩොක්ට කියපුව... මේ අහන්න පොඩී  ඔයා ටිකක් ස්ටේබල් වෙනකම් ගෙදරින් දොට්ට බහින්න තහනම්..ඒ වගේම විශාල්ව බලන්න යන්න ලෑස්ති වෙන්න එපා..මන් දන්නව ඔයාට දුක ඇති ඒත් ඔයාට යන්න බෑ.. දැන් එන්න අපි කෑම කමු..ඔයාට බේත් බොන්නත් තියනව..
.............................................................

අයිය කිව්ව වගේම යශිරට ගෙදරින් එලියට යන්න වත් දුන්නෙ නෑ..
ඒත් එක්කම හත්දවසෙ දානෙ වැඩ කටයුතු නිසා එයාලට විශාල් ගැන ලොකු අවදානයක් දෙන්න පුලුවන් උනෙ නෑ...

ඒ නිසා දානෙ වැඩ කටයිතු ඉවර වෙලා යශිර මුලින්ම කරපු වැඩේ විශාල්ගෙ අයියට කෝල් කරපු එක

" හලෝ... බිනර අයියෙ...මම යශිර.."

"ආ ඔව්...කියන්න මල්ලියො...."

" අයියෙ... විශාල්.. විශාල්ට කොහොමද අයියෙ..."

"වෙනස්ක් නෑ මල්ලි... මන් මේ එයාව බලන්න යන්න හදන්නෙ..."

" කොහෙද අයියෙ එයා ඇඩ්මිඩ් කරල ඉන්නෙ ..මට එයාව බලන්න ඕනි...."

"හ්ම්ම්...විනාඩි දහයක් ඇතුලත ලෑස්ති වෙලා ඉන්න මන් එන්නම් ඔයාව ගන්න.. හරිදුලගෙ ගෙදර නේද ඉන්නෙ ඔයා..."

"ඔව් අයියෙ ..."

"හරි මන් එන්නම්..."

කෝල් එක කට් කරපු ගමන් යශිර ටක් ගාල ඇදුමක් දාගෙන අයියට විස්තරේ කිව්ව.. අයිය යන්න එපා කිව්වත් යශිර විශාල්ව බලන්න  යනවමයි  කියල හිත හදන්මයි ඉදියෙ ඒත් අයිය මොකුත් කිව්වෙ නෑ ඒක නිසා එයා ටක් ගාල ගෙදරින් එලියට ආවෙ අයිය හිත වෙනස් කරගනී කියල බයෙන් වගේ..

යශිර පාරට යද්දිම වගේ විශාල්ගෙ අයිය කාර් එකකින් ඇවිල්ල එයා ලග නවත්තල හෝන් එක ගහද්දි  යශිර කාර් එකට නැග්ගා..

...................................................................

" ඔයාට කොහොමද මල්ලි... "

"මන් හොදින් බිනර අයියෙ..  මට මොනව වෙන්නද..."

යශිර ඉස්සරහ බලන් කියද්දි බිනර ආයි කතා කරන්න ගත්තා...

"මට අයිය කිව්ව දෙතුම් පාරක් කලන්තෙ හැදුන ඊට පස්සෙ හොස්පිටල් එක්ක ගියා කීයලා..."

"ඒක දැන් හොදයි අයියෙ...... "

"එහෙනම් හොදයි... "

"මට සමාවෙන්න අයියෙ...."

" ඒ මොකටද මල්ලි සමාව ඉල්ලන්නෙ..."

" විශාල්ව බලන්න කලින් නාවට.. එයාගෙ ගැන නොහෙව්වට ...මට සමාවෙන්න අයියෙ මන් දන්නව මන් වැරදී කියල.."

යශිර කියද්දි එයාගෙ ඇස් වල මෙච්චර කල් හිරවෙලා තිබ්බ කදුලක් එලියට එද්දි බිනර කාර් එක පාරෙ පැත්තකින් නැවැත්තුවා...

" යශිර.. මල්ලි ඇයි  ඔයා මේ අඩන්නෙ..."

ඒත් යශිර කරේ ඇස් වලින් කදුලු හල හල සද්ද නොකර අඩන එක...
" ඒ මේ බලන්න..කෝ මේ බලන්න..."

බිනර යශිරව බලෙන්ම එයා දිහාට හරව ගන්න  ගමන් කිව්ව...

" අඩන්න එපා මේ අහන්නකො...ඔයා වැරැද්දක් කරේ නෑ මල්ලි..ඔයා කිසිම වැරැද්දක් කරේ නෑ.. "

"ඒත්...."

"ඒත් නෙවෙයි..මගෙ මල්ලි තාම හුස්ම ගන්නව...එයා ජීවත් වෙනව.. මන් දන්නව එයාට මොකුත් වෙන්නෙ නෑ. එයාව මන් හොද කරගන්න්නව.. ඒත්.. ඔයාට ඔයාගෙ පවුලෙ බායගක්ම නැති උනා... ..මමයි බන් සමාව ඉල්ලන්න ඕනි මමයි ඔයාට ඕනම වෙලාවෙදි ඔයා ලග නොහිටියෙ..ඒක නිසා ඔයා දුක් වෙන්න වත් අවුල් වෙන්න වත් එපා අපි අපේ එකාව හොද කරගමු... දැන් උබ හිනාවෙලා ඉදපන් හොදද අඩද්දි උබ පට්ට කැතයි..."

බිනර යශිරගෙ කම්බුලක් මිරිකන ගමන් කියද්දි යශිර යාන්තම් ඇස් වලින් වැටෙන කදුලි නවත්තගත්තා...

............................................................ 

විශාල් එදා දැක්ක විදිහටම එක එක යන්ත්‍ර ගොඩක් වට කරගෙන හොස්පිටල් එකේ ඉදිද්දි යශිරට දැනුනෙ ආපහු පපුව පිච්චිලා යනව වගේ.. එයාට කවදාවත් ඕනි උනේ නෑ විශාල් මෙහෙම ඉන්නව දකින්න... ඒයා හැමදාම ප්‍රාර්තන කරේ විශාල්ගෙ සතුට ඒත් ඒ වෙනුවට  විශාල්  හොස්පිටල් එකේ ඉන්නව දකිද්දි යශිරට කියාගන්න බැරි දුකක් දැනුනා..

ඒත් අද ඒ දුක දැනෙද්දි යශිර ලග බිනර අයිය ඉන්න එක යශිරගෙ හිතට අමුතුම හයියක් ගෙනාව    ....

අපි කොහොම හරි මල්ලිව හොදකරගමු...

බිනරගෙ වචන යශිරගෙ කන් වල දෝන්කාර දෙද්දි එයා විශල් ඉදපු කාබරෙන් එලියට ආවා...

...........................................................

අයියගෙ බලපෑම් උඩ යශිරට ඉදපු රස්සාවෙන් අස් වෙන්න උනා...අනික වෙච්ච හැම දේමත් නිසා යශිරට හිතුන ටික කාලයක් අනුරාධපුරයේන් ඈත් වෙන එක හොදයි කියලා..
යශිරට තිබ්බ සුදුසුකම් එක්ක හොද ජොබ් එකක් හොයාගන්න එක අමාරුවක් නෑ කියල යශිරගෙ හිත කිව්වත් අයිය කිව්වෙ ටික කාලයක් ගෙදරට වෙලා ඉන්න කියලා...

අම්මල ඉදපු ගෙදරට ආපහු අඩිය තියන්නවත් යශිර කැමති උනෙ නෑ ඒක නිසා අයියයි යශිරයි කතා වෙලා ඒ ගේ විකුනල දාන්න තීරනය කරේ යශිරගෙ පදිංචිය අයියලගෙ ගෙදරට මාරු කරන ගමන්.. වෙච්ච් දේවල් වලින් පස්සෙ හරිදු හිතාගත්ත තවත් මල්ලිව එයාලගෙන් ඈත් කරල තියාගන්නෙ නෑ කියල..

කොහොම උනත් මලගේ වෙලා මාසයක් යද්දි යශිරගෙ ජීවිතේ කියාගන්න බැරි තරම් වෙනස් වෙලා කියල යශිරට දැනුනා..

පරන ගෙදර හදල තිබ්බ තැන නිසා ඒක ඉක්මනටම විකුන ගන්න යශිරලට පුලුවන් උනා...ඒ සල්ලි  යශිර එපා කියද්දිම අයිය යශිරගෙ එකවුන්ට් එකට දැන්ම...

වැඩට යන එකත් නතර කරපු නිසා යශිරගෙ දවස ගෙවුනෙ  ගොඩක්  වෙලාවට අයියගෙ බබාල දෙන්න එක්ක..
අක්කත් වැඩට යන නිසා යශිර පොඩ්ඩො දෙන්නව බලන් ඉදියා.. හවස අක්ක ඉස්කෝලෙ ගිහිල්ල ආපු ගමන් යශිර වොශ් එකක් දාන් හොස්පිටල් එකට යන්න පුරුදු උනා... ඒ ගිහිල්ල පැයක් විතර තවමත් සිහිය නැතුව ඉන්න විශාල් ලගට වෙලා ඉදපු යශිර ගොඩක් වෙලාවට ගෙදර ආවෙ රෑ වෙලා..

මුලින් හරිදු ඒකට අකමැති උනත් යශිරගෙයි විශාල්ගෙයි යාලු කමේ තරම දන්න නිසාම පස්සෙ ඒකට මුකුත් කිව්වෙ නෑ...
අනික යශිරට දැනුන විශාල්ගෙ අයිය බිනර එයා එක්ක ඉස්සරටත් වඩා සමීප වෙලා කියලා..

ඒ දෙන්නගෙ හැම නිදහස් වෙලාවක්ම ගෙවුනෙ විශාල්ව පෙන්නන්න ඩොක්ටල හොයන එකට...ඒත් බලපු හැම ඩොක්ට කෙනෙක්ම කිව්වෙ එයාටල කරන්න දෙයක් තවත් ඉතුරු  වෙලා නෑ කියලා..

ඇක්සිඩන්ට් එක නිසා තිබ්බ තුවාල ටික ටික හොද වෙලා ගියත් විශාල් තවම ඇහැරෙන පාටක් තිබ්බෙම නැති තරම්....

"හලෝ යශ්... ඔයා කොහෙද ඉන්නෙ..."

"කියන්න බිනර අයියෙ ... මන් මේ එලියට ආව ටිකක්..."

" මන් දන්නව මන් හරිදුලගෙ ගෙදර ආව.. ඔයා ගෙදර නෑ කියල තිලිනි කිව්ව මන් මේ ඒකයි බැලුවෙ..."

"මන් පන්සල් ආව අයියෙ බාරයක් වෙන්න.."

"පන්සල්...කොහෙද පන්සල..."

" මන්  කලුතරට යනව අයියෙ කලුතර බෝධියට..."

"මොකේද...යන්නෙ ...."

"බස් එකේ... ""

"කොහෙද ඉන්නෙ දැන්..."

"ම්ම්ම්...මන් රත්මලානෙ ඉන්නෙ..."

"හරි බස් එකෙන් බහින්න කටුබැද්දදෙන් ..."

"ඒ මොකද..."

"කියන දේ අහල බහිනවකො... මන් තිබ්බ...."

බිනර කියන ගමන් ෆෝන් එක කට් කරද්දි යශිර එයාගෙ ෆෝන් එක ආපහු ඔඩොක්කුව උඩින් තියන ගමන් කල්පනා කරේ මොකද්ද ඒ උනේ කියල..


මතුසම්බන්දයි

Continue Reading

You'll Also Like

393K 9.9K 51
တစ်နေ့တစ်နေ့ခေါင်းထဲမှာကလဲ့စားချေမှုသာအပြည့်ရှိနေသော ခပ်အေးအေးနေတတ်သော မာဖီးယားနှင့်.... ဘာပဲလုပ်လုပ် တလွဲတွေလုပ်တတ်နေသော ကောင်မလေးတို့ နှစ်‌ယောက်ဟာ...
167K 12.7K 49
ဟိတ် ဟိုကောင်လေး အချိန်စေ့ပြီ အိမ်စာလာထပ်ချည်တော့..! - စောသိုက်ခေတ် မော်​ကြီးဆိုတဲ့အကောင် လမ်းမှာ ခွေးချီးတက်နင်းပြီး ချော...
978K 35.3K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...