Gift 🎁 (Completed)

By Yizhanic9791

3.3K 717 312

ඔහුගේ සතුට වෙනුවෙන් ඔහුට තම සතුට,ආදරේ,සැනසීම මේ සියල්ලක්ම කැප කරන්න වෙනවා... ඔහුටත් උරුම වෙයිද... වේදනාත්මක අ... More

Chapter 1
Chapter 2
Chapter 3
Last Chapter

Chapter 4

541 139 56
By Yizhanic9791

"යීබෝ.."

ඔව් ඒ එයා..අවුරුදු හයක් තිස්සෙ දකින්න පෙරුම් පුරපු ඒ රුව..අවුරුදු හයක් පුරාවට මහ රෑ අඬ අඬ හොයපු ඒ උණුහුමේ අයිතිකාරයා...

එදා වගේමයි..නැහැ ඊටත් වඩා ගොඩක් කඩවසම් වෙලා තිබුන ඒ රුව ඉදිරියේ මට මගේ වටපිටාව මොහොතකට අමතක වෙලා ගියා...

ලා දුඹුරු කරලා ඇවිස්සිලා තියෙන කොණ්ඩේ ,.ඒ ගාම්භීරත්වයෙන් පිරුණු ඇස්,රෝස පාට පිරුනු තොල් වලට වශී වෙලා ඒ මූණ පුරාම මන් මගේ ඇස් ගෙනිච්චත් එයාගෙ ඇසුත් තිබ්බේ මගේ මූණේ වෙද්දි ඒ ඇස් වල දුකක්ද තරහක්ද පසුතැවීමක්ද කියලා හිතාගන්න බැරි හැගීමක් ලියවිලා තිබ්බා...


ඒත්...

එයාව මට අයිති නෑ කියලා දැනෙද්දි පපුව ඉරිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දි මගේ ඇස් වල කදුලු පිරුනත්  ඒත් එක්කම මන් දැක්කේ එයාගේ පිටිපස්සට වෙන්න නතර කරලා තිබ්බ කලු පාට කාර් එකෙන් බැහැලා එන ගෑණු කෙනාව...

"යැංසි..."

බැහැ මට තවත් මෙතන ඉන්න බෑ...කොච්චර ඈත් වෙලා ඉන්නවා කියලා හිතුවත්...එයා මට තවත් අයිති නෑ කියලා හිතුවත්... එයාව තව කෙනෙක් එක්ක දකිද්දි මේ පපුවට අදටත් වාවන්නෙ නෑ...

"ශූ ගගා එන්න අපි යමු..."

මන් ශූ ගගාට එහෙම කියලා ආයෙත් බෝ දිහාට බැල්මක්වත් පා නොකර එහෙන්මම අනික් පැත්ත හැරිලා Ground එක පැත්තට එන්න ආවා...

මගේ ඇඟ ගැහෙනවා...ඇස් වලින් පාලනය කරගන්න බැරුව කදුලු ඔහේ වැටෙනවා..මට හරි අපහසුවක් දැනුනා හරියට මාව ගිනි ගොඩක් උඩ තියලා වගේ.. ඒ හින්දාම මන් මගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් ඒකට අවධානේ දුන්නා...

අපි හිටියේ කොරිඩෝවක ඉස්සරහට යන ගමන්...මන් ඇස් කොනෙන් දැක්කා ශූ අයියායි බෝයි එනවා ඊට පිටිපස්සෙන් යැංසිත් එනවා දැක්කා...

' ඔයාව පාලනය කරගන්න ජාන්..එයා දැන් වෙන කෙනෙක්ගේ...එයා ඇත්තටම ආදරේ කරන කෙනා ගාව එයා ඉන්නෙ දැන්...එයාට දැන් ඔයාව හරියට මතකවත් නැතුව ඇති...its ok ජාන්...ඔයා සතුටු වෙන්න එයා අද සතුටින් ඉන්නවානේ තව කෙනෙක් එක්ක හරි සමහර විට එයා ඔයා ගාව ඉදියා නම් එයා අද සතුටින් ඉන්නෙ නැති වෙන්න පුලුවන්..හ්ම්ම්ම්..'

එහෙම හිත හිත ෆෝන් එක දිහා බලන් ගිය මන් පිටිපස්සෙන් කිසි අඩි සද්දයක් ඇහුනේ නැති තැන ආයෙ හැරිලා බැලුවා වුනත් කවුරුත් ඉදියේ නෑ...ශූ අයියාවත් කවුරුත්..

"ශූ ගගා ඔයාලා කොහෙද.."

මන් ඉන්න තැනම ඉදන් කතා කරා වුනත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ...මෙයාලා කොහෙද ගියේ...මන් ආපහු හැරිලා කොරිඩෝව දිගේ ආපහු ගියා අපි ආපු පැත්තට...

කොරිඩෝවම පාලුවට ගිහින් තිබ්බේ ළමයි ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ගිහින් තිබ්බ නිසා වගේම ගුරුවරුවත් කවුරුත් පෙන්න ඉදියේ නෑ..

මන් ටික දුරක් වටපිට බල බල එයාලව හොය හොය යද්දි කොරිඩෝව කෙළවරේ තිබුන ගබඩා කාමරෙ පැත්තෙන් මොකක් හරි දෙයක් පෙරලෙනවා වගේ ඇහුන නිසා මන් ඒ පැත්තට ගියා...ඒ කාමරේ දොර භාගෙට ඇරලා තිබ්බේ..මන් හෙමින් හෙමින් ගිහින් දොර ඇරලා ඇතුලට ගියා...

"ශූ ගගා ඔයාලා මෙතනද.."

ඇත්තටම මන් ගොඩක් බය වෙලා ඉදියේ...තේරෙන්නෙ නැති මහ මූසල හැගීමක් හිතට දැනෙද්දි ඇතුල කලුවර නිසා මන් ෆෝන් එකේ ටෝච් එක පත්තු කරගෙන ඉස්සරහට අඩිය තිබ්බා...

ඒත් අඩි දෙක තුනක් ගියපු මට ඇහුනේ කෙඳිරිලි හඬක්..

"ක..කවුද..ශ්..ශු අයියා ඔයා මෙතනද...බෝ ඔයා මෙතනද.."

මන් ඒ කෙඳිරිලි සද්දේ ආපු පැත්තට අඩිය තිබ්බේ හිතේ ගැස්මෙන්..

ඒ සද්දේ ආවේ එතන තිබ්බ ලොකු කබඩ් එකට එහා පැත්තෙ වෙද්දි..මන් ටිකෙන් ටික එතන්ට ළං වෙලා බැලුවා වුනත් එතන දැක්ක දෙයින් මන් හිටි තැනම ගල් වුනේ මගේ පපුව පැලිලා යන්න තරම් වේදනාවක් දැනෙද්දි...

එතන ඉදියේ යැංසි එයා ඉදියේ බිත්තියට  හේත්තු වෙලා ඒ වගේම මට පිටුපාලා ඉදිය බෝ යැංසිගේ බෙල්ල කිස් කර කර හිටියා වගේම එයාගේ අත් වලින් එයා යැංසි ඇදන් හිටපු ගවුම ටික ටික ඉස්සුවා...

මන් දන්නෙ නෑ මට මොනවා වුනාද කියලා..අඩුම මන් හුස්ම ගන්නවද කියලාත් මට අමතක වුනා...

තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඒ පහස විදිනවා ඇස් දෙකෙන්ම දකින්න තරම් මන් කොච්චර නම් පවක් කරන්න ඇත්ද...එච්චර ආදරේ කරපු මට කිසිම වංචාවක් නොකර එයාට ආදරේ කරපු මට මෙච්චර ලොකු දඬුවමක් දුන්නෙ ඇයි දෙයියනේ...

මටත් නොදැනි මගේ ඇස් වලින් කදුලු පෝලිම් ගලන්න ගත්තා වගේම මට දැනුනා මගේ කකුල් දෙක පණ නැති වෙලා යනවා එහෙන්මම අනික් පැත්ත හැරිලා ගබඩා කාමරෙන් එළියට යන්න දිව්ව මන් එළියට ඇවිත් එහෙන්මම බිත්තියට හේත්තු වුනා..බිත්තිය දිගේ රූටලා ගිය මන් එහෙන්මම බිම ඉඳගත්තා..දණහිස් දෙක පපුව ළගට කරගත්ත මම අත් දෙකෙන් කට වහගෙන අඬන්න ගත්තේ මගේ පපුව ඇදුම් කද්දි..

මන් දන්නෙ නෑ මන් කොච්චර වෙලා ඇඬුවද කියලා...ටික වෙලාවක් ගිහිම් එතනින් නැගිටපු මම ස්කූල් එකෙ තිබ්බ බාතෲම් එකකට ගියා...මොකද.මට දැන් ඕන කෑගහලා අඬන්න කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න මේ පපුව අස්සේ හිර වෙලා තියෙන ඒ වේදනාව එළියට දාන්න...

මන් බාතෲම් එකට ගියා...ගිහින් එහෙන්මම දොර වහගත්ත මම එතන තිබ්බ කොමඩ් එකෙ පියන වහලා ඒක උඩ ඉදගෙන මන් ඇති වෙනකම් ඇඬුවා..

'ඇත්තට මූණ දෙන්න ජාන්...ඒ එයාගේ ආදරේ...'

පැයක් විතර යන්න ඇති...අඬලා අඬලා හෙම්බත් වෙලා ඉඳපු මම නැගිට්ටේ ආපහු ග්‍රවුන්ඩ් එකට යන්න..එහෙන්මම මූණත් හොදන් කණ්නාඩියෙන් මගේ මූණ බලද්දි මගේ ඇස් දෙක රතු පාටට හැරිලා ඉදිමිලා තිබ්බා...

' මේ ඔය අඬන අන්තිම දවස ජාන්...කවුරුත් ඕන නෑ ඔයාට.. ඔයා ලීබෝ වෙනුවෙන් ජිවත් වෙන්න..'

ටික වෙලාවක් එහෙම ඉඳලා මන් බාතෲම් එකෙන් එළියට යන්න ආවාත් එක පාරටම මගේ ෆෝන් එකෙ රින්ග් වුනා...

"හෙලෝ...ශීයී කියන්න.."

"ශාන් ඔයා කොහෙද ඉන්නෙ ශූයි යීබෝයි ආවා මෙතනට.. ඒ දෙන්නා ඔයාව හොයලා බැරිම තැන ඔයා ග්‍රවුන්ඩ් එකට යන්න ඇති කියලා හිතන් ළමයෙක්ගෙන් පාර අහන් ඇවිත් තියෙන්නෙ..ඔයා මෙතනත් නෑ කියලා කීවාම ඒ දෙන්නා ආයේ ඔය පැත්තට ආවා දැන්...ඔයා කොහෙද ඉන්නේ ශාන්..ඔයා හොදින්ද..අනික ඔයාගේ කටහඬ...ඔයා අඬලාද ශාන්..."

" ආ..අහ්..නෑ නෑ ශියී මන් බාතෲම් එකට ආවානේ එතකොට මගේ නහය වැදුනා දොරේ, දොර වහන්න ගිහින්...මන් එන්නම් ශූ අයියාටයි බෝටයි එන්න කියන්න ආපහු කෝල් එකක් දීලා ඔතන්ට.."

" අනේ මන්දා ශාන් ඔයා නම්...හරි හරි එවුනාට අහන්නකෝ ශූ එයාගේ ෆෝන් එක දුවට දීලා ගිහින් අනික මන් ගාව බෝගෙ නොම්.එකත් නෑ...ඒ දෙන්නා ඔය පැත්තට නේ ආවේ පොඩ්ඩක් බලල එක්කන් එන්නකෝ...මන් තියන්නම්.."

" ඒ..එත්.."

තිබ්බා...

හිතට හයිය ගත්ත මම බාතෲම් එකෙන් එළියට ඇවිත් ආපහු අපි ඉදපු කොරිඩෝවට ආවා...ඒ එද්දි මන් ඈතින් දැක්කා ශූ අයියායි බෝවයි ඒ දෙන්නා මගේ පැත්තට එන ගමන් ඉදියේ...

දෙන්නාම මාව දැක්කා..දැකලා මන් ඉන්න තැනට ආවා..මගේ ඇස් නැවතුනේ බෝ ගාව...ඒ ඇස් වල ලොකු බයක් වගේ දෙයක් ලියවිලා තිබ්බා වුනත් මන් ඒ ගැන හිතන්න නොගියේ කලින් එයා යැංසි එක්ක ඉදපු විදිහ මතක් වෙලා...

එහෙන්මම ශූ අයියා දිහාවට හැරුන මම එයා මොකක්ද කියන්න කට ඇරියත් ඊට කලින් මන් කතා කරා...

"යන් ශූ ගගා..."

එහෙම කියලා මන් ඉස්සර වුනා...ඒ දෙන්නාත් ටික වෙලාවකින් මගේ පස්සෙන් එනවා මන් දැක්කා..

අපි ග්‍රවුන්ඩ් එකට ඇවිත් ශියී ගාවින් වාඩි වුනා මන් ඉදියේ ශීයිගේ එහා පැත්තෙන් වෙද්දි ශූ ගගා ගිහින් අනික් පැත්තෙන් වාඩි වුනා යීබෝ ටික වෙලාවක් බලන් ඉදලා ඇවිත් මගේ ළගින් එහා පැත්තෙන් වාඩිවුනා...

"යැංසි කෝ ශූ ගගා...එයාත් ආවා නේද.."

මන් ඇහුවේ මගේ එහා පැත්තෙන් වාඩි වුන බෝව ගානකට නොගෙන...එහෙම තමයි හිතකටත් වේදනාව දරාගන්න පුලුවන් උපරිමයක් තියෙනවා..ඒ සීමාව පැන්නාට පස්සේ ඒ හිතට කිසිම හැඟීමක වටිනාකමක් නැතුව යනවා හරියට දැන් මේ මට වගේ...

"දන්නෙ නෑ ජාන්...අපිත් එක්ක නෙවේනේ ආවේ..."

මට ශූ ගගා කියපු එකට පුදුම හිතුනත් පස්සෙ මට හිතුනා මේ දෙන්නාගේ making out එකෙන් පස්සේ යැංසි ආපහු කාර් එකට යන්න ඇති කියලා...කොච්චර කොහොම කීවත් මගේ හදවත රිදෙනවා...පණ පිටින් පිච්චෙනවා වගේ...ආයෙත් මගේ ඇස් වලට කදුලු එන්න ආවාත් මන් ඒක හිනාවකින් වහගත්තේ ඈතින් මගේ පැත්තට එන ලීබෝව දැකලා...






"පපා..."

ලීබෝ එහෙම කතා කරගෙන මන් ඉන්න පැත්තට එන්න ආවාත් එයාගේ ඇස් නැවතුනේ මගේ එහා පැත්තේ ඉදපු බෝ ගාව...ලීබෝගෙ ඇස් දිලිසුනා...එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා...ම්ම්ම්ම්...එයාගේ ඩැඩානේ...ෆොටෝ වලින් විතරක් දැකලා තියෙන ඩැඩාව මෙහෙම දැක්කාම එයාට සතුටු ඇති ඒත්...දැන් එයාට එයාගෙම ජිවිතයක් තියෙනවා මැණික...මට සමාවෙන්න ඔයාගේ ඩැඩා ඔයා ගාවට කවදාවත් එන්නෙ නෑ...

මන් එහෙන්මම බැලුවේ යීබෝගේ මූණ එයත් බලන් ඉදියේ ලීබෝ දිහා.. එයාගෙ මූණෙත් හරි ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා...අවුරුදු ගානකට පස්සේ ඒ හිනාව මන් දකින්නේ...ඒත් ඇයි ඒ ...මන් එයාට දැනගන්න තිබ්බෙ නෑ එයාගෙන් මට දරුවෙක් ලැබෙන්න ඉදියා කියලා...හ්ම්ම් නිකම් වෙන්න ඇති...

මන් එහෙම කියලා ලීබෝ දිහා හැරිලා එයාට එන්න කීවා මන් ළගට...කොල්ලා යීබෝ දිහා බලන් ඉදලා මන් කතා කරද්දි යීබෝ දිහා බලන්ම මන් ළගට ආවා...ළගට ඇවිත් එහෙන්මම මගේ ඔඩොක්කුවෙන් වාඩි වෙලා මගේ කනට පාත් වුනා...

"පපා...මේ ඩැඩා.."
මන් දන්නෙ නෑ ඇයි දෛවය මෙච්චර නපුරු වුනේ කියලා මට...මට විතරක් නෙවේ මගේ පැටියටත් එවුනත් එයත් ඇත්ත දැනගන්න ඕන..

"හ්ම්ම්..ඩැඩා තමා..ඒත් දැන් එයාට වෙන ලස්සන පවුලක් තියෙනවානේ මැණික..ම්ම් මන් කියලානේ තියෙන්නෙ ඔයාට.." මන් කීවේ ලීබෝගේ කනට කරලා..

ඔව් මන් එයාට කලින් ඉදන්ම මේ හැම දෙයක්ම සමහර දේවල් ඇරෙන්න කියලා තිබ්බා...

මන් දැක්කා මන් බලන් ඉද්දි එයාගෙ ඇස් වල කදුලු පිරෙනවා ඒ දිහා බලන් ඉදපු මගෙ ඇස් වලත් කදුලු පිරුනා..මන් ඇස් කොනින් දැක්කා යීබෝ අපි දිහා බලන් ඉන්නවා...ඒ වගේම මන් දැක්කා එයාගේ ඇස් වලත් කදුලු...ඒත් ඇයි...

"Im sorry මැණික.."

එහෙම කියලා මන් ඒ හිස් මුදුන සිප ගත්තා...ලීබෝත් මගේ ඇස් දිහා බලලා එයගේ කදුලු ටක්ගාලා පිහදගත්තා...එයා කැමති නෑ මන් අඬනවට..

ටික වෙලාවක් ගියා.. අපි බලන් ඉදියේ පොඩි එවුන් සෙල්ලම් කරන දිහා...

ඒත් එක්කම මගේ ඇස් ඈතින් එන දෙන්නා ළග නැවතුනා මගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා වගේම මන් මගේ එහා පැත්තේ ඉදපු යීබෝ දිහා බැලුවෙත් ඒත් එක්කම වගේ...





🍇 හායිම් ඒයි...

🍇 කාලෙකිම් නේත...බ්‍රහස්පතින්දා දෙන්න හිටියට බැරිවුනා අලේ...අපේ අකවුන්ට් සර් පත හෝම්වර්ක් ගොඩක් දුන්නානේ..හදම් ආවේ නැත්තම් තලනවා කීව 😭 අනික එහෙම පීඩනෙකින් කතාව ලීවොත් මෙකේ මනුස්සයෝ දෙතුන් දෙනෙක් මැරෙනවා මන් අතින්...

🍇 ඒක නිසා මේ ටිකේ මන් මගේ reader Account එකෙන් කතා කියවන එක විතරයි කරේ...ඔන්න අද දැම්මා...හොදට ආවාද නම් දන්නෙ නෑ...කියවලාම බලන්නකෝ...

🍇 ඊලග කොටස අන්තිම කොටස...

🍇 ඤන්නම්...

🍇 vote එකක් දාලා යම්න ළමයි ...එතකොට තමා ලියන්න ආසාවක් එන්නෙ..🤧

Please Vote and Comment ❤️💚

මෙය Yizhan ff එකක් වන අතර සැබෑ ජිවිත හා කිසිදු අයුරකින් සම්බන්ධයක් නැත

Continue Reading

You'll Also Like

40.3K 6.2K 57
**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! *...
9.1K 2.5K 12
ඉරිතලා බොදව ගිය සිහින යලි එකතුකර.... කොන්ව ගිය ජීවිතේ ඔය වතට තුරුලු කර..... ආදරෙන් ලඟින් හිද සිනහ මං විවරකර..... දුර යන්න කියාදුන් මගෙ ලොවේ නුඹයි ඉර...
30.5K 5.3K 31
දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙
21.1K 4K 37
"ප්‍රවේශම් වන්න!! ගිනිදලු අළු යට සැග වුනා මිස සදහටම නිවුනා නොවෙයි."