The Gift Of Love (Mr.perfect...

By Dazzling_bloom

8.9K 1.2K 3.7K

තරු මංසල මා උදෙසාම එකින් එක තරු ගැනී මගෙම සාවිය සඳ කුමරු නේක තැන සෙවූ ඔහුටම මහ බබු ලිවූ නික්ලෝල ඔහුගේම චෙ... More

ආදර හබය
අහඹු සමීපය
නැවුම් පැතුමක්
ආවර්ජනයක ඇරඹුම
දෙදරායාම
නොකිවූ කතාව
සුපුරුදු ආලය
සැනසුම් පහස
සසලවීම
නොසිතූ කැළඹීමක්.
සසල සිත
ඉවසීම
සැබෑ මුහුන
ඇවිලෙන ගිනි
END GAME
බිද වැටීම
අවසානය 😪
අත හැරීම
විඩාව
දෙතැනක
කඳුළක අවසන
දෙහදක පැතුම

ඉරිසියාව

368 57 98
By Dazzling_bloom


උදේ පාන්දරම පුරුදු උනුහුමක් එක්කම අවදිවුන මම හිමින් ඇස් ඇරලා බැලුවා.
මගේ අහිංසක හුරතල්  කොල්ලා................
මාව තුරුල් කරගෙනම නිදි.නිදාගෙන ඉන්නකොට නම් කවදත් පොඩි එකෙක් වගේ.
නොදැනුවත්වම මට පොඩි හිනාවක් ගියේ ජූන් ඊයේ කරපු දේවල් නිසා.
මාස එක හමාරක් දවස් 45ක්........................
මම මේ උනුහුම නැතුව හිටියා.

ජූන් මගේ රත්තරන් මම ආදරෙයි ගොඩක්.කියාගන්න බැරි තරම්.
මම හිමින් මගේ ඇගිලි ජූන්ගේ කොන්ඩේ අතරින් ගෙනියන ගමන් එයාගේ handsome face එක දිහා බලාගෙනම හිටියා.
අනේ මම දන්නේ නෑ...
ඒත්  එයාගේ ඇස් එයාගේ straight nose එක...මම ආසම වලගැහෙන  පිරුණු කම්මුල් දෙක.....තරමක් දුරට fluffy lips.....

හිමින් සීරුවේ මට නොදැනිම  මගේ ඇගිලි එයාගේ මූන පුරාම දුවන්න අරගෙන. අන්තිමට නැවතුනේ ඒ තොල්වල.
ඊයේ kiss එකක් ඉල්ල ඉල්ල මුරණ්ඩු වුන එක මතක් වෙලා මට හිනා ගියා.

"ම්හ්ම්..........දැන්  හිනාවුනාට වැඩක් නෑ .ඔය අල්ලගෙන ඉන්න තොල් දෙක දුකින් ඉන්නේ......"ජූන් හිමිට ඇස් ඇරලා මාව තවත් තුරුල් කරගෙනම කිව්වා.

"හ්ම්......ඇත්තද? පවු ඉතින්.........
ම්ම්.....මොකද කරන්නේ දැන් ?"  මමත් එයා දිහාම බලාගෙන හුරතල් වෙවීම කිව්වා.

"කරන්නෙද?"

"හ්ම්..ඔව්?"

" ඉල්ලපු දේ දෙන එක තමා........" ජූන් ඔලුවත් පොඩ්ඩක් ඇද කරලා කිව්වා.අනේ අල්ලලා මිරිකන්න හිතෙනවා කම්මුල් දෙක.

"අනේ....බලන්නකෝ.....මගේ තොල්දෙක කම්මැලි කියනවා.බලන්න ඉතින්...." ටිකක් අවුස්සන්නම මමත් කිව්වා.

"හ්ම්......එහෙමත් එකක්ද?කමක් නෑ ......." ජූන් ටිකක් upset එකේ මගේ කොන්ඩේ අතගාන්න ගත්තා.

"බබා.....රූ......"

"ඇයි ඔප්පා......?"

"එපාවෙලාද?"

"මොකක්ද?" මම සනීපෙට වහගෙන හිටපු ඇස් දෙකත් ඇරලම ඇහුවා.

"මාව?" ජූන් ලොකු හුස්මක් පිට කරලා ඇහුවා.

" ජූ බබා...... මොනාද අනේ කියන්නේ ඔයා?
නැහැ මට මගේ කෝලාව එපා වෙන්නේ කොහොමද ?විහිලුවටවත් එහෙම කියන්න එපා ජූන්....එපා.............."මම ජූන්ගේ පපුව අස්සේ මූන හන්ගගෙන කිව්වේ දුකට කදුලු එක දෙක වැටෙද්දි.

"Princess,රූ.......මගේ කෙල්ල....ඔය දැන් අඩනවද?
ඇයි මැනික අඩන්න එපා.......
අනේ මම නිකන් කිව්වේ...
කෝ ඒක අමතක කරන්න.කෝ උදේම අඩන්න එපා.......ම්ට දරාගන්න බෑ ." ජූන් මාව එයාගේ පැත්තට හරවගෙන කිව්වේ හරි පරිස්සමට මගේ කම්මුල අතගාන ගමන්.

"හ්ම්හ්......හරි අඩන්නේ නෑ .හැබැයි ආයෙත් ඔය කතාව කියන්නේ එහෙම නෑ ."මම ඉක්මනට ජූන්ගේ බෙල්ල වටේ අත දාලා බදාගෙනම කිව්වා.

"මෙහෙ එන්නකෝ......" ජූන් මාව එයාගේ උකුලට අරගෙන ඇදෙන් වාඩිවුනා.

"හ්ම් මොකක්ද?"එයාගේ නිරුවත් පපුවේ ඇඟිල්ලෙන් ඉරි ඇද ඇද මම ඇහුවා.

"මගේ හැමදේම,ඒ වගේම මාව මගේ ඔම්මා අප්පාට පස්සේ අයිති ඔයාට ඔයාට විතරමයි.
මට සමා වෙන්න,එදා ඔයාට අයිති මේ තොල් දෙක ඒ කොහෙවත් යන එකීට kiss කරන්න දුන්නට.මම සිහියකින් හිටියේ නෑ  රූ....මම...." ජූන් මගේ අතක් එයාගේ තොල් උඩින් තියාගෙන කියවගෙන ගියා.

මම දන්නවා මැනික.මම දන්නවා.ආයේ ඒ කෙල්ල ගැන කතාවක් ඕන නෑ  මේ බිය්හිති අතරේ.මම දෙපාරක් නොහිතම ජූන්ගේ තොල් උඩට පොඩි හාදුවක් තිබ්බේ ඒ නිසාමයි.

"ආයේ ඒ සිද්ධිය ගැන කතා තහනම්.මම හැමදේම දන්නවා.මට ඔයාව විශ්වාසයි.ඒ වගේම ආයේ එහෙම දෙයක් වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ .තේරුනාද Mr.husband ?" මම ජූන්ගේ නහයට තට්ටුවක් දාලා කිව්වම එයා හිනාවුනා.

"ඒක නෙවෙයි.....මොකක්ද ඒකලේ?" ජූන් මගේ මූනට එබිලා ඇහුවම මම රතු වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ .

"අනේ...........ඉතින්....
ඇයි මම මගේ husbandට morning kiss එක දුන්නා.වැරදිද?"මම බිම බලන් කිව්වම එයාට හිනා ගියා.

"කවුද වැරදි කිව්වේ.....ම්ම්....?
වැරදි නම් එක දෙයයි.........ඒ ඒක තත්ත්පර දෙකක්වත් දිගට දුන්නේ නැති එක." ජූන් මගේ නිකටින් අල්ලලා මූන උස්සලා කියද්දි මට වැලලන්න හිතුනා.

"මොනවද කියන්නේ ?අයින් වෙන්න මට යන්න ඕන පරක්කු වෙනවා......." මම ජූන් මාව අල්ල ගන්න කලින්ම ඇදෙන් බැහැලා bathrobe එකත් අරගෙන bathroom එකට දිව්වා.

"යා........බබා.....අනේ......" ජූන් කෑ ගැහුවත් මම හිනාවෙවීම හිටියා.

Wash එකකුත් දාගෙන bathrobe එකත් ඇදගෙන මම එලියට එද්දි එයා guest room එකකින් wash එකක් දාගෙන ඇවිත් ලැහැස්තිවෙලා.

"ජූන් විනාඩි 10ක් දෙන්න මම ready වෙන්නම්.අජුම්මා අද උදේ කෑම හදනවා කිව්වා.ඔයා පහලට යන්නකෝ.මම එන්නම්." මම ඉක්මනට wardrobe එකට දිව්වේ ඇඳුමක් හොයන්න.අද මට uni එකේ lecture එකක්.ඉතින් වෙනදටත් වඩා පිළිවෙළට යන්න ඕන.

මම සාරියක් අරගෙන ඒක ඇද උඩ තියලා dressing table එක ළගට ගියේ කොන්ඩේ පීරගෙන පොඩි make up එකක් දාගන්න.මගේ මූන ටිකක් විතර අද සුදුමැලි නිසා.

ජූන් එයාගේ කොන්ඩෙත් හදලා watch එක බැඳගෙන මගේ කම්මුලෙන් පොඩි හාදුවක් තියලා යන්න හැරුනා.

"රූහි........."

මොකද මේ මගේ සම්පූර්ණ නම කියන්නේ? තරහ ගිහින් ඇයි? මම ඉක්මනට එයා දිහා බැලුවා.අම්මෝ ඇස් දෙකත් පොඩි කරගෙන ඇයි මේ?

"ඇයි ජූන්?"

"මේ මොකක්ද?"එයා ඇද උඩ තියන මගේ සාරිය පෙන්නලා අහනවා.

"ඔය ඉතින් මගේ සාරියක්නේ....ඔයා ආසම එකක්නේ...."

"ඔව්, ඉතින් ඇයි මේක මෙතන?"

මේ මනුස්සයට පාන්දර උතුර දකුන මාරුවෙලාද?

"ජූන් මම මේක ගත්තේ අද ඇදගෙන යන්න."

"දැන් එතකොට ඔයා කියන්නේ අද මේක ඇදගෙන තමා ඔයා අර uni එකටත් යන්නේ කියලද ආ?"

"ඔව් ඉතින්, දෙකක් අදින්න බෑනේ.....අනික අද උදේ මට lectures ."

"නෑ.......මේක නැතුව වෙන ඕන එකක් ඇදගෙන uni ගියාට කමක් නෑ .මේක ඇදලා ඒ හතර මායිමක ගිහින් අහුවෙන්න එපා."ජූන් කේන්තියෙන් මට සැර කරලා කිව්වා.

"ඇයි ජූන් එහෙම් කියන්නේ?පොඩ්ඩක් සන්සුන් වෙලා මට හේතුව කියන්නකෝ.මොකක්ද වැරැද්ද මේකේ?" මම ඇහුවේ සාරියේ තියන වැරැද්ද කල්පනා කරන ගමන්.

"වැරැද්ද?වැරැද්ද?මේක ඇදගෙන ගියාම අර uni එකේ ඉන්න සෙවලයෝ ඔක්කොම ඔයාගේ පස්සේ වැටෙන එක.ඔයාගේ ඉන දිහා උන් බලන් ඉන්නකොට මට උන්ව මරාගෙන මැරෙන්න පුලුවන්.so ඒ නිසා රූ....මාව මිනීමැරුවෙක් නොකර වෙන එකක් ඇදගෙන යන්න.ඔයාගේ ඉන පේන්න පුලුවනුත් මට විතරයි .අල්ලන්න පුලුවනුත් මට විතරයි .
ආයිශ්.......තවම එදා උන් බලන් හිටපු විදිහ මට මතකයි." ජූන් කේන්තියෙන් කෑ ගගහා කියද්දි මම හිනාව හිරකරගෙන් හිටියේ අමාරුවෙන්.

"ඒකද මේ?මගේ husbandට jelouse හිතිලනේ.
දැන්  ඔය බුම්මගෙන ඉන්න මූන හදාගෙන පහලට යන්න.ඔයා අකමැති නම් ආයේ මම සාරි නොඇද ඉන්නම්කෝ හ්ම්ම්....." මම ජූන් ලගට ගිහින් කම්මුලත් අත ගගා කිව්වම ඔලුවත් කස කසා පොඩි බබා වගේ ඔලුව වනලා පහලට ගියා.
මම ඉක්මනට වෙන skirt එකකුයි blouse එකකුයි ඇදගෙන පහලට ගියා.අජුම්මා උදෙන් ‍කෑම හදලා එයාගේ දුවගේ ගෙදර ගිහින්.

මම ඉක්මනට කුස්සියට දුවලා ජූන්ගේ protein shake එක හදන්න ගත්තා.
පුරුදු විදිහටම මගේ කෝලා මාව back hug කරා.

"ඔයා සාරි අදින්න, ඔයා ලස්සනයි  සාරියට.ඒත්  uni යද්දි එපා.ඔව්,මට ඉරිසියයි.ඔයාට වගේම මටත් ඔයාව බෙදාගන්න ඕන නෑ .ඔයාට වෙන කිසිම කෙනෙක්ගේ අනවශ්‍ය බැල්මක් වැටෙනවට මම කැමති නෑ . මියාහනයෝ මම ඔයාට මෙහෙම සීමා දානවට.ඒත්...මම ආර්ථමාර්තකාමී ඔයා ගැන ගොඩක්." ජූන් කිව්වේ ගොඩක් ආදරෙන් මට තේරුනා.

"හ්ම්...මම දන්නවා.ආ මේක බීලා අපි කලා ඉක්මනට යමු."මම  එහෙම කිව්වම ජූන් මගේ නලලට හාදුවක් තියලා මාත් එක්ක හිනා වුනා.

මගේ  අතින් අල්ලගෙන කෑම මේසෙට එක්කගෙන ගිය එයා මටත් එක්ක්ම බෙදාගෙන කවන්න ගත්තා.

"ඇති ජූන්......ගොඩක් කෑවා දැන් .තවත් නම් බෑ ." කෙලවරක් නැතුව මට කවන ජූන්ට මම කිව්වේ කටේ කෑම  පුරවගෙන.

"ඔය ඉතින්......කන්නෙත් පොඩ්ඩයි ඒකත් එපාලු.ඊළඟට ලෙඩ වෙනවා.දැන් ගහනවා දෙකක් මම." ජූන් සැරෙන් කියද්දි මම බිම බලාගත්තා.

"කෝ කෝ අනේ මැණික ආදරේටනේ මම සැර කරන්නේ......කෝ එහෙනම් මේ ටික pack කරගෙන අරගෙන යන්නකෝ.hospital එකේදි මතක් කරලා කන්න ඕන.මම හේවෝන්ගෙන් අහනවා කෑවද නැද්ද කියලා හොදද?" ජූන් මගේ මූන එයාගේ අත් දෙකට අරගෙන ආදරෙන් කියද්දි මම ඔලුව වැනුවේ හා කියන්න.

ඊළඟට ඉක්මනට කෑම ටිකත් pack කරගත්ත අපි දෙන්නා ගෙදරින් පිටත්වුනා.
Uni එකට යන මග දිගටම ජූන් මගේ අත අල්ලගෙන විකාර කියව කියව ගියේ වාහනේ අපි දෙන්නාගේ හිනාවෙන් පිරෙද්දි.

"හරි.....එහෙනම් මම යනව.පරිස්සමට studio එකට ගිහිල්ලා වෙලාවට කාලා,ඉක්මනට පරිස්සමට ගෙදර එන්න ඕන.හරිද?" Uni එක ලගට ආවම මම ජූන්ගේ පැත්ත හැරිලා එයාගේ අත් දෙකෙන් අල්ලගෙන කිව්වා.

"හ්ම්........රූ....."

"ඇයි ජූන්....?"

"මම එන්නම් ඔයාව pick කරන්න.මම එනකම් ඉන්න.වෙලාවට කන්න.ලෙඩ වෙන්න එපා මැනික.ගොඩක් මහන්සි වෙන්නත් එපා.මම එනකම්ම ඉන්න ඇතුලට වෙලා.මම එනවා වෙලාවට.මම ගොඩක් ආදරෙයි මගේ කෙල්ලට." ජූන් මගේ නලලට ආදරෙන් හාදුවක් තියලා කියද්දි මගේ ඇස්වලට කදුලු පිරුනේ ඒ ආදරේ මට දැනුන නිසාමයි.

"මම ඉන්නම් ජූන්,පරිස්සමට...වෙලාවට කන්නම්.මගේ කොල්ලාත් පරිස්සමෙන්.මමත් ගොඩාක් ආදරෙයි." ජූන්ගේ කමිසේ කොලර් එකත් හදන ගමන් මම කිව්වම ඒ ඇස් සතිටින් දිලිසෙනවා මම දැක්කා.

"මම යන්නම් එහෙනම් Mr.husband." මම car door එකට අත තිබ්බා විතරයි.

"තව ටිකක් ඉන්නකෝ මැනික....." ජූන් මගේ අනිත් අතින් අල්ලගෙන puppy eyes වලින් අහද්දි මම ඉබේම නතරවුනා.

"මම කලින් ගෙදර එනවනේ බබා.....අනික තව 10 min වලින් lecture එක." මම ජූන්ගේ කොන්ඩේ අත ගාන ගමන් කිව්වට මටත් ජූන්ව දාලා යන්න හිතක් නැහැ.

"හ්ම්...එහෙනම් kiss එකක්....." ජූන් කට කොනේ හිනාවක් තියාගෙන ඇහුවා.
මේ කෝලා නම්.......

"දැන් වෙනදටත් මගෙන් අහලම වෙන්න ඇතිනේ ඒවා හොරකම් කරන්නේ....ම්ම්?" මම කම්මුල මිරිකලා කිව්වම ආයෙත් අර කට කොනේ හිනාව.

"ඒකත් ඇත්ත.එහෙනම් මෙහේ එන්න." එහෙම කියපු මේ කොල්ලා මට වචනයක්වත් කියන්න නොදී මගේ තොල්වලට බරවුනා.

හැමදාම වගේ මගේ ඇස් පියවුනේ ජූන් ළඟ මට දැනෙන ආදරේ ආරක්ශාව ඒ හාදුවෙත් තියෙන නිසා.හිමින් හිමින් මගේ තොල් අතර දග කරන එයාගේ එක අතක් මගේ බෙල්ල පිටිපස්සට ගියේ අපි අපේ ලෝකේ තවත් තනි වෙද්දි.මමත් ජූන්ගේ රිද්මෙටම මගේ lips ගෙනියන්න ගත්තේ මගේ අත්වලින් ජූන්ගේ කමිසේ අල්ලගෙන.එක අතකින් මගේ කම්මුල හිමින් අත ගාන ගමන් එයා හිමින් මගේ තොල්වලින් ඈත්වෙලා ආයෙත් තවත් පොඩි හාදුවක් මගේ තොල් උඩින් තියලම ඈත්වුනා.

"මම ආදරෙයි මගේ පණට.දැන් යන්න.හැබැයි අර මෝඩ කොල්ලෝ එකෙක් හරි ඔයාට බැල්ම දාගෙන ආවොත් මම ඒ වෙලාවෙම එනවා.ඔයාට නොහොබිනා කතා එහෙම කිව්වොත් මට call කරන්න ඕන.මම එනවා.
ආ....කෝ wedding ring එක.ආ...හරි.පරිස්සමෙන්.අර හාල්පාරුවොන්ට හොදින් කතා කරන්න එපා.හරිනේ..."
ජූන් ආදරෙන් කියාගෙන ගිහින් එකපාරටම මොකක්ද මතක් වුනා වගේ ටිකක් තරහින් කියවගෙන යන්න ගත්‍තා.ඊළඟට මගේ වම් අත අතට අරගෙන හිමින් අතගාන ගමන් කියන්න ගත්තා .

"අයියෝ....හරි හරි ජූන්.ඔයා කියන විදිහටම ඉන්නම්කෝ.ඔයා දන්නවනේ මම ඒ ළමයින් අහන subject එකට අදාල දේවල්වලට විතරයි උත්තර දෙන්නේ.අනික් මම කවදද wedding ring එක නොදා හිටියේ ම්ම්....මේ බලන්න ඔයා මට මුලින්ම දුන්න bracelet එකත් තවම මගේ අතේ.....
කෝ ඔයාගේ wedding ring එක.ඊයේ bathroom එකේ තිබුනේ...කෝ දැන් ඒක?" මම ඊයේ රෑ bathroom එකේ දැක්ක wedding ring එක මතක් වෙලා කියවගෙන ගියා.

"මේ මේ.....මේ තියෙන්නේ.මම දාගත්තා.ඊයේ පොඩ්ඩක් අමතක වුනා.ආයේ දාගත්තා.හරිනේ.මේ අපි ඔයාගේ wedding ring එක මාරු කරලා වෙන හොදට පේන ලොකු ring එකක් දාමුද?" ජූන් එකපාරටම බබෙක් වගේ කටත් උල්කරන් කියන්න ගත්තා.

"ම්ම්....ඒ මොකටද මාරු කරන්නේ? මම ආසයි මේකට.අනික ඔයාමනේ select කලේ.මම heavy designවලට ආස නෑනේ ජූන්."
මම ටිකක් upset එකේ කිව්වේ මේ wedding ring එකට මම ගොඩක් ආදරේ නිසා.මොකද මේක මගේ  ජූන්ම එයාම design කරපු එකක් නිසා.

"නෑ....එතකොටවත් අර ඔයාගේ පස්සෙන් පැණි හල හල එන ඇබල රෑනට පෙනෙයිනේ.ඔයාට අයිතිකාරයෙක් ඉන්නවා කියලා." ජූන් කියද්දි මට හිනා ගියේ මේ කෝලාගේ ඉරිසියාව ගැන හිතිලා.

"අනේ අනේ....මම නෙවේ.ඔයාව තමා පරිස්සම් කරන්න බැරි මට.කෝ දැන් යන්න ඕන." මම ජූන්ගේ නලලට හාදුවක් තියලා යන්න හැරුනා.

"බබා...විනාඩි 8ක්ම ගිහින්නේ."

"ආ තව 10min තියනවා.ඔයා ගැන දන්න නිසා තමා මම එහෙම කිව්වේ.මම යනවා.පරිස්සමට ගිහින් මට call එකක් දෙන්න.I Love U JOON ❤️ "මම වාහනෙන් බහින ගමන් කියද්දි ජූන් මූන දෙක කරගත්තා.

"හාකෝ...ඔයත් පරිස්සමෙන්.I Love U too බබා❤️." ජූන් හිනාවෙවී මට flying kiss එකකුත් දීලා කියද්දි මට හිනා වෙවී car 1 start කරගෙන යන්න ගියේ මම car එක ඈතටම යනකම් බලන් ඉදිද්දි.ඊළඟට මම  uni එක ඇතුලට යන්න හැරුනා.

"Ma'am, good morning.ma'amගේ husband නම් මාර romanticනේ.So cute." මගේ එහා පැත්තෙන් ආපු ළමයෙක් එහෙම කියද්දි මම හිනාවෙලා ඔලුව වැනුවේ ඒක ඇත්ත නිසා.

"Good morning! yes, he is.I'm so lucky to have him........"

මම ඒ ළමයට එහෙම කියාගෙනම ඇතුලට ආවේ ජූන් ගැන මතක් කර කරමයි.

පුරුදු විදිහටම lecture එක කරලා මම මගේ room එකට ඇවිදගෙන ගියේ hospital එකට යන්න ඕන නිසා.

"හෝව් හෝව්......doctor මොකද මේ හදිස්සිය.පොඩ්ඩක් අපිත් එක්කත් කතා කරලම යමුකෝ..ම්ම්..." මගේ ඉස්සරහින් මතුවුනේ ජූන්ට පේනනම බැරි මටත් පේන්නම බැරි අර කරදරකාර කොල්ලව.

"Sanhoo....මම කලිනුත් කියලා තියනවා.ඔයා මගේ student කෙනෙක්.ඒ limit එකේ විතරක්ම ඉන්න.මම යන්න ඕන දැන් ." මම බොහොම අමාරුවෙන් මගේ තරහ පාලනේ කරගෙන කිව්වා.

"ඒකනේ ma'am......මම student කෙනෙක්.ඒ නිසා මගේ ප්‍රශ්නෙට උත්තරයක් ඕන." එහෙම කියලා ඊළඟට මේ ඔල්මාදකාරයා shirt එකේ buttons ගලවන්න ගත්තා.

"Are u insane ?what are u doing ? Just get hell out of here.I'm gonna complain abt  u .just go....." මට ආපු කේන්තියටම මම එහෙම කියලා එතනින් යන්න හැදුවත් මේ යකා සම්පූර්ණ shirt එකම ගලවගෙන ආයෙත් මගේ ඉස්සරහට ආවා.දැන්නම් කන පුපුරන්න දෙකක් දෙන්න පුලුවන්.

"What the hell are u doing?behave ur self.just get lost from my sight" මම කෑ ගැහලා කිව්වේ මම මගේ අන්තිම ඉවසීමේ සීමාවට එද්දි.

"Just a second ma'am.see ma'am how is it?
F***ing hot right?I know u like it?Better than ur husband right?" මේ යකා නම් දැන්  කන්නේ සෙරෙප්පුවෙන්.

"What? What is so exciting abt this? This is called toned rectus abdominalis.toned? Why did I even use that? For this...I don't think I can use that.For him yeah for sure.It's superficial abdominal mussel.There is nothing I can Do if u missed ur anatomy lesson.and if u have any questions abt it ask ur anatomy proffecer.

ආ....තවදෙයක්.he got 8. not like u.He is the definition for hot.If u want I can ask him to recommend u  some workout." මම කට කොනින් හිනාවෙලා කිව්වේ,ජූන්ට එක එක ඒවා කියද්දි මට ආපු තරහටමයි.බලනවා පාන්කිරිත්තා වගේ ඉඳගෙන එනවා මෙතන මගේ hot husbandට එක එක ඒවා කියන්න.බලන්න තිබ්බා මගේ ජූන් මෙතන හිටියා නම් වෙන දේ.

එකපාරටම පිටිපස්සෙන් ආපු අත් දෙකක් අතර මාව හිරවුනා.මට දැනුන පුරුදු උනුහුමෙන් ඒ කවුද කියන එක මම හොදටම දන්නවා.

"ඔව්,තමුන්ට නම් ගොඩක් workout කරන්න වේවි.ඉස්සෙල්ලාම මට තමුසෙට හොද funeral hall එකක් recommend කරන්න පුලුවන්.තමුසසෙට මම මේ කියන අන්තිම පාර.මගේ wifeගෙන් ඈත්වෙලා හිටපන්.එයා මගේ.හරිද?මේක uni එකක් නිසා මම තමුසෙගේ කන නොපලා අතාරින්නේ.ආයේ මගේ wife යන පාරක උබ ඉඳලා අහුවුනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ .ඒක මතක තියාගනින්.
බබා යමු එන්න." ජූන් මගේ කම්මුලෙන් kiss එකක් තියලා මගේ ඉන වටේ අත යවලා මාවත් තුරුල් කරගෙන corridor එකේ ඇවිදින්න ගත්තේ ගොඩක් ආඩම්බරෙන්.

"Oh..my god ......ඒ Kim Namjoon නේද? දෙවියනේ....බලන්නකෝ මොන තරම් handsomeද කියලා ....."

"Wow he is soo hot"

"එයාද ma'amගේ husband.අනේ...මට ඉරිසියාවේ බෑ ."

"අනේ එයාලා හරිම cute."

"What a matching couple ."

"අම්මෝ sanhoo නොමැරී ඉතුරුවුනා ඇති.බලපන්කෝ body එක."

වටේපිටේ ළමයින්ගේ කතා ඇහෙදි මම ජූන්ගේ අත හයියෙන් අල්ලගෙන එයාට තවත් තුරුල්වුනේ ජූන් මගේ බව පෙන්නන්න.ඒ වගේම පොඩි ආඩම්බරේකුත් ඇති නොවුනම නෙවේ.

එලියට ඇවිත් car එක ළගට ආවම ජූන් කතා කරන්න ගත්තේ මගේ ඉනවටේ අත් දෙක යවලා මාව එයාගේ ලගට අරගෙන.

"මම අරකගේ දත් දෙකක් ගලවනවා.කොහෙද මේක uni එකක්නේ.මොනවා වුනත් ඔයා හොදට ඇමතුවා හ්ම්ම්..."මගේ නහය උඩ එයාගේ නහය ගාවමින් ජූන් කතා කලා.

මම ලැජ්ජාවටම ඒ පපුවට තුරුල්වුනා.

"ජූන් අනේ බලන්න වටේම අය බලන් ඉන්නවා.අනික දැන් මේ ඔක්කොම websitesවල ඇති.ඔයා මේ හදිස්සියේ මෙහේ ආවේ ඇයි?" මමත් ජූන්ට තුරුල්වෙලාම කිව්වා.

"Websites ගැන මගේ නෑනා බලාගනී.යුන්ගි හ්‍යුන්ග්ගේ studio එකට යන ගමන් ආවේ.ඔයාව බලන්න.හොස්පිටල් යන්න විදිහකුත් නෑනේ.car එකෙන් නෙවෙයිනේ ආවේ."

"නෑනා කිව්වේ සමාටද?" මම ඇහුවා.

"ඔව්,මම සමාට msg එකක් දැම්මා.එයා ඒ ගැන බලාගන්නම් කිව්වා."

"ඒත් අපිව දැක්ක අය ඕන තරම් ඉන්නවනේ."

"හිටපුවාවේ.....මොනා කරන්නද එයාලා.ඕන දෙයක් කිව්වට කමක් නෑ  මට.ඔයා මගේ wife.ඔයාට එයාලට කරදර කරදර කරන්න මම ඉඩ තියන්නේ නෑ .බය වෙන්න එපා රූ...." ජූන් මාව තුරුල් කරගෙන කිව්වා.

"හ්ම්...මම දන්නවා,සරන්ග්හේ ජූන්"

"නාදෝ......."

"බබා.............."

"හ්ම්ම්......"

"මම ඒ තරම් hot ද?"

"මො...මොකක්ද?"

"අර කිව්වේ.....he is the definition for hot කියලා....."ජූන් මගේ මූනට එබිලා කිව්වම මම රතුවුනා.

"අනේ......ඒක....."

"ඔව්,ඒක......"

"හ්ම්...ඔව් ඉතින් ඒක ඇත්තනේ.ඔයා hot තමා.I mean the hottest man in this world. " මම ඇස් පියාගෙන ඒක කියාගෙන ගිහින් ඉක්මනට වාහනේට නැග්ගා.
ජූන් හිනාවෙවීම ඇවිත් car එකට නැග්ගා මම ලැජ්ජාවටම shutter එක පැත්තට හැරුනා.

"මොකද ලැජ්ජාව?ඉතින් මේ hot කොල්ලා ඔයාගෙනේ.ඒත් ඔය රතුවීම නම් ඉවර වෙන්නෙම නෑ නේ.
මේ................
දැන් ඉස්සරහා බලාගන්න.නැත්නම් මම මොනවා කරාවිද දන්නේ නෑ ." ජූන් flirty විදිහට කිව්වම මම ඇස් ලොකු කරගෙන එයා දිහා
බැලුවම හිනාවෙවී drive කරන්න ගත්තා.

මාව හොස්පිටල් එක ළඟින් බස්සලා ජූන් ගියේ හවසටත් එනවා කියලා පොරොන්දු වෙලා.


Author's Note

මම අලුත් chap එකක් දුන්නා.
මම හොද ළමයෙක්.
තව සති දෙකක් වගේ යනකම් එකක්දෙන්න බැරිවේවි.
මේ chap ටික enjoy කරලා ආතල් එකේ ඉන්නකෝ.

ඊලග chap එකේදි ඉඳලා  මම කුරිරු වෙන්න පටන් ගන්නවා.
So Readers be ready 😁😁😁😁😁😁😁😁😏

Continue Reading

You'll Also Like

46.6K 3K 51
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
3M 261K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
2.8K 861 37
එකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra
57.3K 8K 30
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]