ආශාද් 💕
#07
'අම්මා'
නිම්නාද් අවසානයට පැමිණ තිබූ අංකයට නැවත ඇමතුමක් ගත්තේ ආශාද් නිදිමතෙන් හා තෙහෙට්ටුවෙන් මිරිකා දමනු ලැබ සිටියත් ඇදෙන් බැස පොරෝනයෙන් සිරුර ඔතාගෙන දොරෙන් පිටතට රිංගා යද්දීය. ඔහු ඇගපත සෝදාගෙන තුවායක් ඉනවටා පටලවාගෙන නැවත කාමරයට පැමිණෙන විට නිම්නාද් සයනය මත හිදගෙන යම් ගැඹුරු කල්පනාවක නිමග්නව හුන්නේය. ඇදුම්කන පසුපසත් යටිබඩත් අල්ලාගෙන ආශාද් ඔහු අසලින් අසුන්ගත්තේ ඔහුගේ තෙත කොන්ඩය සහිත හිස නිම්නාද්ගේ බාහුවකට හේත්තු කරමිනි.
" මොනාද කන්නෙ? "
"ම්ම්? යන ගමන් කනවා"
" ඇයි කෑම ගෙනියන්නැද්ද?"
" නෑ බබා. "
" ඒ මොකෝ? "
" මැනික ඇදුමක් දාන් ලෑස්ති වෙන්නකො. කෝකටත් ඇදුම් දෙකතුනක් බෑග් එක්කට දාගන්න... "
" ආහ්? ඒ කොහෙ යන්නද?"
" මෙතන ප්‍රශ්නාවලියක් අහන්ඩ තියාගන්නැතුව කිව්ව දේ කරපං බං. " නිම්නාද් ඇදෙන් නැගිට්ටේ ආශාද් ගැස්සී යනතරම් කෝපයෙනි. " පිස්සු හු#තක් මහ" ඔහු තමාටම මුමුනමින් කාමරයෙන් පිටව ගියේය.
ඔහු ඇග සෝදාගෙන නැවත එන විට ආශාද් කියූ පරිදිම සූදානම්ව සිටියේය. නිම්නාද් තමාට පිටුපා බෑගයකට ඇදුම් නවා දමමින් හුන් ආශාද්ගේ දෙපතුලේ සිට හිස්මුදුන දක්වා දෑස් ගෙන ගියේ තුවාය කඩා ඇද මතට දමා යට කලිසමක් අතට ගනිමිනි.
" මොකද්ද ඔය ඇදන් ඉන්නෙ?"
" ඇදුමක්! ඇයි මොකක් වාගෙද පේන්නෙ?!" ආශාද් තම පෙම්වතා දෙස බැලුවේ නුරුස්නා බැල්මකි. නිම්නාද්ගේ හක්ක එකට තද වූ සැටියෙන් ආශාද් අකමැත්තෙන් හෝ තවත් යමක් නොකීවේ උදෑසනම ඉල්ලන් කෑමට අකමැත්තෙනි.
" හු@ගන්නැතුව ඇග වැහෙන්න එකක් ඇදගං. ක්ලබ් එකකට යනවා කියල හිතුවද?"
" කොහෙද යන්නෙ ඇහුවම කිව්වද? දැන් මට කෑගහනවා මෙතන... මටනම් ජීවිතෙත් එක්ක එපා කරවලා තියෙන්නෙ තමුසෙ.. ඔබන්න ඕන උනාම හුරතල් කරල ලඟට අරන් තමන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ සතෙකුට වගේ සලකන්නෙ. අඩුගානෙ උබට අමාරුද බයික් එකේ යන්න පුලුවන්ද කියලවත් ඇහුවද?-"
" අනේහ් ඇති ඇති!! ඔබන්න ඕන්නම් හුරතල් කර කර ඉන්නෙ කවුද බෑ කිව්වොත් බලෙන් හරි ඔබනව මිසක්... දැන් ටිකකට කලින් එබුවෙත් උබෙන් අහලද? නෑනෙ නෑනෙ? හොටු පෙරන්න එපා බං පාරෙ අරන් යන්නෙ කෝමද මලපෙරේතයා වාගෙ.."
ආශාද් වෙනත් කමිසයක් දමාගෙන බෑගයත් කරට දමාගෙන නිම්නාද්ට ගස්සාගෙන කදුලු පිසිමින් කාමරයෙන් එලියට ඉගිල්ලුනු පසු නිම්නාද් තනිව සිනාසුනේය. මොහොතකට පෙර තිබූ කේන්තියද ආගිය අතක් නැත. ආශාද්ව අවුස්සාගැනීම තරම් විනෝදයක් වෙන කිසිවකින් ලබාගත නොහැකි යැයි නිම්නාද් විශ්වාස කලේය.
" මෙයා මේ කොහෙ යන්නද එක්ටැම්ගෙයින් බැහැලා... " නෙහස්ගේ හඩ දොරකඩින් පැමිනෙද්දී නිම්නාද් තරප්පු පෙල පාමුලට පැමිණියේ පසුම්බියෙහි බැංකු කාඩ්පත ඇත්දැයි සැක හැර දැනගනිමිනි.
" අර මිනිහා කියන්නෑ අයියෙ.. යම කිව්වම යනවා ඉතින් බැදගත්ත බෙරේනෙ "
" අඩන්න එපා බං... නිම්න අයියට කේන්ති යනව කියල දන්නවනෙ උබ... "
" අනෙ එයාගෙ කේන්තිය... කේන්ති යන පලියට මට කෑගහන්න ඕනැද? "
" උබෙ හැටිත් අපි දන්නවනෙ... ඩිංග ඇත්තම් පුප්පගෙන.. නිම්න අයියට නිකම්ම කේන්ති යන්නෑනෙ..- "
" අනේ මේ නිම්න අයියගෙ ලොකු ඇති... "
"ලොකුද නැද්ද කියල උබනෙ දන්නෙ ඉතිං... අපිටත් ඇස් කෙසේවෙතත් කන් තියෙනවනෙ මල්ලා.. "
" පල... ඔය වලත්තකම් එක්ක කෝම ඉස්කෝලෙක උගන්නනවද මංදා... පව් චූටි එවුන් ටික. " ආශාද් තරමක් තරහින් මෙන් පැවසුවේ මුහුණ ලැජ්ජාවෙන් රතුව යන අයුරු සගවාගනිමින් ය.
" අපිද වලත්ත.. මොනා උනත් සද්දෙ හැටියටනම් ගොඩක් ලොකු ඇති.. "
" අනේ මේ ඉස්කෝලෙ යන්න ලෑස්ති උනානම් ඉස්කෝලෙ යනවද මෙතන මගෙ මිනිහගෙ දිග පළල හොයන්නැතුව... "
" අපිටනම් දිග පළලින් වැඩක් නෑ ඉතින්... හරි හරි කදුලු පිහදාගන්නවා දැන්... විහිලුවක් කරාමවත් හිනාවෙනවකො උදේ පාන්දර මුස්පේන්තුකමට එල්ලන් ඉන්නැතුව.. "
" මං කියන්නෑ එල්ලන් ඉන්න එක.. "
" මල්ලි.. ස්කූල් යන්නද උදේම?" නිම්න දොරකඩින් පිටතට බැස ආශාද් අතෙහි වූ රෙදි බෑගය ගෙන උරහිසක් මතින් දමාගත්තේය.
" ඔව් අයියා... පොඩි උන්ට උදේ ක්ලාස් එකක් දැම්මා. ඕලෙවල් ලඟයිනෙ.."
" ආහ් ඒක හොදයි... සුදූ මෙහෙන් ඉදගෙන ඉන්නවා වීල් එක එනකම්.. "
" බයික් එකේ නෙවේද- "
" ඇයි දැන් කිව්වෙ බයික් එකේ ඉදගෙන යන්ඩ බෑ අරකයි මේකයි කියල... මෙහෙන් වාඩිවෙලා ඉන්නවා... "
" අනේ මේ මං ඒම කිව්වෙ නෑ... " ආශාද් මුහුණ නැවත රතු වෙද්දී අඹ ගස් සෙවනේ ඇති බංකු වෙත යන්නට පය එසවුවත් නිම්නාද් ඔහුගේ අතින් ඇද සාලය දෙසට ඔහුව හැරවුවේය.
" කොහෙද ඔහෙ පිනිබාන්න යන්නෙ? උදේම අඩලා අඩලා තව පිනිත් බාල හුචුස් හුචුස් ගගා ඉන්ඩද? ගෙට වෙලා ඉන්නවා සුදූ.. "
" අයියා ඒනම් මං ගිහින් එන්නම්.. අයියල හවස් වෙද්දි එනවනෙ නේද? යතුර - "
" නෑ මල්ලි.. අද එවෙන එකක් නෑ.. යතුර මං අර මල් පෝච්චිය යටින් තියල යන්නම්. "
" හරි අයියා පරිස්සමෙන් ගිහින් එන්න ඒනම්... කොල්ලවත් පරිස්සම් කරන්... "
" හරි මල්ලි.. අර ඩබල ඊයෙ ඇවිත් නෑ නේහ්.. "
" ඔව් අයියෙ.. මං ගිහින් එන්නම්කො.."
" හරි මල්ලියා පරිස්සමෙන් පලයං.."
නෙහස් මෝටර් බයිසිකලය පණගන්වාගෙන පිටත්ව ගොස් මිනිත්තුවක් පමණ වන විටත් දෙදෙනා අතර කතාබහක් නැත. නිම්නාද් සාලයට ගොස් සෝෆාව මත හිදගත්තේ අත් ඔරලෝසුව දෙස බලමිණි.
" මේකා මොන කෙහෙල් ඇවරියක් කරනවද මංදා කිව්ව වෙලාවට එන්නැතුව.. "
"....."
" සුදූ.. "
" ම්ම්?"
" ඔය කදුළු පිහදගන්න හොද දරුවා වගේ.. අඬන්න දෙයක් කිව්වද මං? එපා සුදූ උදේ පාන්දරම.. කෝ මෙහාට එනවා... පිස්සා මගෙ.." නිම්නාද් තම ලාබාල පෙම්වතා අතින් ඇද ඔඩොක්කුව මතට ගත්තේය. ආශාද්ට තවත් ඇඩුනේ ඇයිදැයි ඔහු නොදත්තේය. ඔහු වැඩිමල් තරුණයාගේ පපුවෙහි හිස හොවාගෙන ඉකි ගසා හැඩුවේය..
" මොකෝ මේ හුරතලේ.... හරි හරි දැන් ඇති හොදේ... දන්නවනෙ මට තරහා ගියාම ටිකක් out of control යනවා. ආදරේ නැතුව නෙවේනෙ ඕයි.. "
" ඉතිම් මට කෑගහන්න ඕනද? තව්සෙගෙ.. තව්සෙගෙ තියෙන්නෙ නපුරුකම.. ම්ම්-" නිම්නාද් ආශාද්ගේ තොල් තම දෙතොලින් අල්ලා සිරකරගත්තේ දැන් ඔහු කීයටවත් නතර නොකර කියවන්නට පටන්ගන්නා බව දැනහුන් බැවිනි. කිහිප වතාවක් ඔහුගේ දෙතොල් ආදරයෙන් සිපගන්නා ගමන් ඔහුගේ දෙනෙතේ කදුලු පිසදැමූ ඔහු ආශාද්ව නැගිට්ටෙව්වේ ත්‍රීරෝද රිය මිදුලේ නවත්වන හඩ ඇසීමෙනි.
*****
" අයියා මට බඩගිනී ඕයි.. "
" හරි හරි ඒකනෙ මං කිව්වෙ බස් එකේදි කන්න මොනාහරි ගමු කියල..."
" අනේ මිනිස්සු බලන් ඉද්දි කන්න බෑ මට. "
" දැන් හොටෙල් එක්කින් කෑවොත් මිනිස්සු බලන් ඉන්නෑ?...."
" ඒ උනාට හොටෙල් එකක් තියෙන්නෙ කන්නනෙ...! මේ මගෙ බඩ කෑගහනව අයියෙ!! "
" උබෙ බඩත් උබ වගේම හිතුවක්කාර හු$තක්! හරි යමං.. කකා ඉද්දි බස් එක ගියොත් ඊලගට කෑගලු යන්නෙ බක්කි කරත්තයක් වුනත් උබවත් පටවගෙන ඒකෙ යනවා. පාරෙ රස්තියාදු වෙන එක මට එපාම කරපු වැඩක්. "
" හරි හරි බස් එක යන්නෑ සුදු අයියෙ.. උම්මාහ්.. "
ආශාද් නිම්නගේ අතේ එල්ලී අවන්හලක් වෙත කඩිනම් ගමනින් යන අතර තම පෙම්වතාගේ කම්මුල මත හාදුවක් තැබුවේ කුඩා දරුවෙකු මෙනි. වටපිටාව ගැන ආශාද්ට අමතකව ගොස් තිබුනේ කුසගින්නත් ලඟම අවන්හලෙන් එන කෑම සුවදත් නිසාවෙන් වුවත් නිම්නාද් සිතාමතාම වටපිටාව ගනන් නොගෙන හුන්නේය. ආශාද්ගේ ගෙල වටා අතක් යවා ඔහුව ලඟට ගත් නිම්නාද් ඔහුගේ හිස මත හාදුවක් තැබුවේ ඔවුන් දෙස හොරැහින් බලමින් යන එකෙකුගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි. අඩි හය හමාරක් පමණ වන හැඩිදැඩි තරුණයාගේ බැල්ම ඔහුට කලේ කිසිසේත්ම දිනිය නොහැකි අභියෝගයක් බව හදුනාගත් මැදිවිය මිනිසා සිංහයකුගේ උදහස් බැල්මට හසු වූ හිවලෙකු මෙන් සිංහයා හා ඔහුට තුරුල්ව පියමං කරන හා පැටවා කෙරෙන් බැල්ම ඉවතට ගෙන පසුබැස්සේය.
" අයියා දැන්වත් කියන්නකො අපි කොහෙද යන්නෙ? " ආශාද් ගෑරොප්පුවේ උල් අතර එතූ නූඩ්ල්ස් තම රෝස තොල් අතර රදවාගත්තේය.
" කියව කියව ඉන්නෙ කන්න ආවනම් කන්න. පරක්කු වෙනව. "
" කියන්නකො අයියෙ... මටනම් දැන් බයයිත් එක්ක.. "
" ඔව් ඔව් ගෙනියනව උබව... අනේ මේ කාහං බං... "
" කියන්නැත්තෙ ඇයි ඉතින්... "
" උබට දැන් මාව ශුවර් නැද්ද? අවුරුද්දක් එකට ඉදපු මාව? "
" දැන් ඒම එකක් කිව්වද ඕයි... "
" යන්නෙ යාලුවෙක්ගෙ ගෙදර. දැන් කටවහන් කාපං. "
" යාලුවෙක්?!... කවුද ඒ... කොහෙද එයා... "
" කෑගල්ලෙ බං කෑගල්ලෙ. සුදූ කට වහගෙන කනවකො මගුල. කියවන්න ගත්තම මැශිම වාගෙ එපා වෙනව ඕයි.. "
"...... "
" එපාර එල්ලගත්තා... තමුසෙනම් මහ මල ඇණයක් ආශාද්! එපා වෙනව සිරාවට. "
".... " නිම්නාද් කෑම පිගානෙන් බාගයක් අවසන් කොට නැගිටින්නට යන ආශාද්ගේ අත මිරිකා ඔහු දෙස රවා බැලුවේය..
" සල්ලි දීල කන්න අරන් දුන්නෙ බාගෙට කාල උඩදාගෙන යන්ඩ නෙවෙයි හු... උබෙ ලොකුකම උබට තියාගං! මට ගෑස් පෙන්නගෙන ආවොත් දත් නැතුව මෙතනින් එලියට යන්න වෙන්නෙ. ඒ හින්ද ඉදගෙන කාපං මගෙ යකා අවුස්සන්නැතුව. "
ආශාද් නැවත වාඩිවී ගෑරොප්පුව මේසය මතට දමා අතින්ම ඉතිරි නූඩ්ල්ස් ටික ගිලගෙන ගියේ නිම්නාද් දෙස රවාගෙනම ය. ගෑරොප්පුව වීදුරු මේසය මතට වැටෙන හඩට වටපිටාවේ ඇස් ඔවුන් වෙත යොමු වූ බව දුටුවත් ආශාද්ගේ කෝපය තැවරුනු වේදනාත්මක සිත ඔවුන්වවත් ගනනකට නොගත්තේය.
" හරිද? තමුසෙගෙ මහලොකු සල්ලිවලින් අරන් දීපු කෑම ඔක්කොම කෑව.. පිගානත් ලෙවකන්න ඕන්නම් කියපං නැත්නම් අපරාදෙනෙ... "
නිම්නාද් ඔහු දෙස බලා හිටියේ කෝපය පාලනය කරගන්නට විය යුතුය. " ආශාද්!... "
" ඇයි මගෙ දත් කඩන්නද? කඩපං ඉතින්! කොහොමත් මට සිහිනැති වෙනකම් ගහපු මිනිහනෙ.. මැරෙන්ඩ ලංවෙනකම් ගහල ගහල මැරෙන්නවත් දුන්නද ලේ දීල හරි ගොඩගත්තා මට තව වද දෙන්න! gay love කියල හු#තක් නෑ බල්ලො! තොපි ඔක්කොටම ඕන කවදහරි කසාදයක් බදිනකම් ආතල් එකට ගහන්න මොකෙක් හරි! මාව බයŜ