අද රෑ ගොඩක් සීතලයි....ඇනා සීතලට ගුලි වෙලා නිදන් ඉද්දි මම ජනේලේ ගාවට වෙලා සටහනක් ලියමින් හිටියේ...
උදේ දවල් රෑ වෙනසක් නැතුව අහසින් වැටෙන සුදු හිම රේණුවක් රේණුවක් ගානේ මට මැවිලා පෙනුනේ ජැක්ගේ ස්මාරකය...මම පොඩි කාලේ දැක්ක රූපෙත් එක්ක ඒ රූපේ ගානට ගැලපුනා...
කවදාවත් හමු නොවෙන නොදැකපු කටහඩක්වත් අහලා නැති කෙනෙක්‍ට ආදරේ කරන එක ගොඩක් අමාරුයි...ඒත් මම විශ්වාස කරනවා...දවසක මට ජැක්ව හම්බෙයි...ජැක් ගැන හිතන හැම තප්පරේකම මගේ ශරීරයට ලොකු උනුසුමක් ....
ලිය ලිය හිටිය පොත වහලා දාලා මම ආය පාරක් ජනේලේ දිහා බැලුවේ එයා ඉන්නවද බලන්න...
ඒත් එයා නෑ...
මම ජනේලේ ගාවම තිබ්බ ඇදෙන් හාන්සි උනේ ජැක්ගේ රූපේ හිතේ මවා ගනිමින්...
🤗 ඊලග එකේදි එල්සාට ජැක්ව හම්බෙනවා...