Defenders Of The Degan || Tae...

By Cyra_00

93.3K 15.9K 1.3K

ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත... More

story
Intro - Fire phenix
Intro - Cold Phenix
chapter 1
chapter 2
chapter 3
chapter 4
little space syndrome
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Note
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50 - Final
පසු වදන

chapter 5

1.6K 305 23
By Cyra_00

🐱 ටේ ඔතනින් බහිනවා..

🐨 ටේහ්‍යුනා ඔතනින් බහිනවකෝ...

🐯 බෑ කිව්වනේ...මන් බහින්නේ නෑ..
මට ඕන නෑ අර කුක්ලට්ව බදින්න...
මන් ගේ නෙමෙයි හ්‍යුන්ග්
තෙරුම් ගන්නකෝ..

ටේහ්‍යුන් එයාගේ කාමරේ බාල්කේ එල්ලිලා..අනිත් අය පියාඹලා එයා ලගට යනකොට මේකා ආයි වෙන තැනකට යනවා..දැන් පැය ගානක් තිස්සේ යූන්ගි, ජූන්, හොබි තුන් දෙනා එකතු වෙලා ටේහ්‍යුන්ව අල්ලන්න දගලනවා...තුන් දෙනෙක් ඉදලත් තුන් දෙනාටම වඩා සූක්ෂම උපායන් දන්න එයාලගේ චූටි මල්ලි ටේහ්‍යුන්ව අල්ල ගන්න එක නම් ලේසි වෙලා නෑ..

🦄 අනේ මයේ අම්මා...
ඔතනින් බැහැපන්කෝ..
මගේ හොද පන ගිහින් බන්..
අප්පෙක් වෙන්න ඉන්න මාව මරන්න එපා යකෝ...

හොබි දාඩිය පෙරාගෙන බිම වාඩි වෙලා හති දදා ටේහ්‍යුන්ට බනිනවා..ටේහ්‍යුන් නම් වැඩේ අතෑරලා පරාජය බාරගන්න පාටක් නම් නෑ..

🐯 ඔයාලා මොනවා කිව්වාත් මන් කුක්ලට්ව බදින්නෙ නෑ...
නෑ කිව්වොත් නෑමයි...
වෙන කොල්ලෙක්ව බැන්දත් මන් ඕකව නම් බදින්නෙ නෑ..

🐨 මේ අහන්න ටේහ්‍යුනා...
ඔයාට මන් කිව්වානේ අපිට මේක නවත්තන්න බෑ කියලා..ඒක කරන්න පුලුවන් නම් මායි හොබි මේ වෙනකොට මේ කසාදේ නවත්තලා..
ඔයා දන්නවනේ ඔයාගේ හ්‍යුන්ග්ලා දෙන්නාට අපේ චූටි මල්ලි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා...
ඒත් ඔයාව බේරගන්න කියලා අපි එහෙම කරොත් ඔයා විතරක් නෙමෙයි මුලු ලෝකෙම විනාස වෙයි..

🐯 ඒත් මේක අසාධාරණයි හ්‍යුන්ගී 🥺🥺
ලෝකේ බේරගන්න මන් අකමැති කෙනෙක් බදින එක අසාධාරණයි...
හොබි හ්‍යුන්ග් ඔයා බැන්දේ ඔයා ආදරෙ කරන කෙනා..
එතකොට ජූන් හ්‍යුන්ග් ආදරෙ කරන්නේ එයා ආස කෙනාට..
ඒත් ඇයි මන් විතරක් අකමැති කෙනෙක්ව බැදලා එයාට ආදරේ කරන්න ඕන..
හරිම අසාධාරණයි මේ තීන්දුව..

දැන් නම් ටේගේ ඇස්වල කදුලු..කොල්ලාට දුකයි.. එයා කියන එක ඇත්ත...මේ තීන්දුව හරිම අසාධාරණයි..
කොහොමද තමන් අකමැති කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ ??

ටේහ්‍යුන්ගේ වචන වලට එයාටත් වඩා ජූන් , හොබි දෙන්නාට දුකයි..එයාලගේ චූටි මල්ලි අඩනවා බලන්න බෑ එයාලට...

🦄🐨 අපිට සමාවෙන්න ටේහ්‍යුනා..🥺🥺

🦄 පහලට එන්න මගේ චූටි ටේහ්‍යුනා...
ඔයා මේ කසාදෙට ගියොත් මන් ඔයාට පොරොන්දු වෙනවා ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙනවා කියලා..

🐨 ඔව් මාත්..

ජූන්, හොබි එහෙම කිව්වාම ටේ බැලුවේ අයිනකට වෙලා ඉන්න යූන්ගිගේ මූන..

🐱 හරි හරි මාත් පොරොන්දු වෙන්නම් 😒😒

🐯 අරස්සෝ

ඔක්කොම පොරොන්දු උන නිසා ටේහ්‍යුන් අකමැත්තෙන් උනත් පහලට ආවා..එයා දන්නවා දැන් එයාට බේරිල්ලක් නෑ කියලා..
එක්කො කසාදේ..නැත්තම් මරණය..
තමන් විතරක් නෙමෙයි තමන් ආදරෙ කරන අයගෙත් මරනය මේක..ඉතින් කවුද කැමති මරනය තීරගන්න ??

🐨 වාහ්...ටේහ්‍යුනා ඔයා අද හුගක් හැන්ඩ්සම්..

ටේහ්‍යුන් වොෂ් කරන් ආවම එයාට මංගල ඇදුම ඇන්දුවේ එයාගෙම හ්‍යුන්ග්ලා දෙන්නා අතින්මයි..
නම්ජුන් කිව්ව එක ඇත්ත..කොල්ලා දිහා දෙපාරක් නෙමෙයි සියපාරක් උනත් ආයි හැරිලා බලන්න තරම් ලස්සනයි.

🦄 දේ..මගේ චූටි ටේහ්‍යුන් දැන් හුගක් ලොකුයි..

හොබි ටේහ්‍යුන්ගේ කම්මුලක් අල්ලන් කදුලු පෙරාගෙන කිව්වා..එක පැත්තකින් දුක් උනත් තව පැත්තකින් එයාලට සතුටුයි..මේ ඉතින් එයාලගේ චූටි මල්ලිගේ මංගල උත්සවේනේ..

🐯 හ්‍යුන්ගී...මට බයයි 🥺🥺

ටේහ්‍යුන් ඒක කිව්වේ කදුලු පුරෝගෙන මූනත් බිමට කරගෙන..

🐨 ඇයි ඒ ??

🐯 එයා මගේ ලෙඩේ දැනගත්තොත් ?? මට විහිලු කරයි 🥺🥺

ඔව් ටේහ්‍යුන් ලෙඩෙක්...ඒක එහෙම කියන්නත් බෑ.. ඒක මානසික තත්ත්වයක්..ටේහ්‍යුන් ලිට්ල් ස්පේස් බේබි කෙනෙක්..
පොඩි කාලේ cold phenix ලා එක්ක ටේහ්‍යුන්ගේ අප්පා සාම ගිවිසුම් ගැහුවට fire phenix ලා හුගක් කැමති උනේ නෑ..ඉතින් ඒකට හේතුව ටේහ්‍යුන් කියලා හුගක් අය ටේහ්‍යුනව මරන්න හැදුව..පොඩි කාලේ උන අමිහිරි අත්දැකීම් නිසා, එයාගේ ලමාකාලේ විදින්න බැරි උන නිසා ටේහ්‍යුන් තරුන උනාට පස්සෙත් එයාට ඒක බලපෑවා..ඉතින් ඒක අවසානයේ ගෙනාවේ ටේහ්‍යුනගේ ඇගේ දරුණු, නපුරු ටේහ්‍යුන් වගේම අහින්සක , හුරතල් ටෙටේ කෙනෙක්වත් ජීවත් කරවලා..

හුගක් බය උන වෙලාවට ටේහ්‍යුන් ටේටේ වෙනවා..ඒ නිසාම තමයි ටේහ්‍යුන් කොච්චර මුරන්ඩු උනත් හැමෝම එයාට ආදරේ..එයා කියන ඕනම දෙයක් කරන්නේ..මේ අසනීපේ නිසාම එයාට හැමෝම එක්කම තියෙන්නේ කේන්තියක්..ඉතින් ටේහ්‍යුන් එන්න එන්නම මුරන්ඩු උනා..නපුරු උනා..

( A/N : ලිට්ල් ස්පේස් බේබිලා ගැන වැඩි විස්තරයක් ඊලග චැප්ටර් එකක් දෙන්නම්..
ආහ් එතකොට දැන් ෆීනික්ස් ලෝකෙත් ඔහොම ලෙඩ තියෙනවා ද අහන්න එපා..🙂🙂 එහෙත් අපේ ලෝකේ වගේමයි...වෙනසකට තියෙන්නේ එයාලට පිහාටු තියෙනවා..ඇගේ ශරීර උෂ්ණත්වය වෙනස්.. රාජකීයන්ට විශේෂ බල තියෙනවා...අනිත් හැම දේම අපේ වගේම තමා..කිසිම වෙනසක් නෑ )

ටේහ්‍යුන් ජන්ග්කුකට අකමැති වෙන්න තව හේතුවක් මේ අසනීපේ..එයා බයයි ජන්ග්කුක් එයාට විහිලු කරයි කියලා..ඊටත් වඩා එයාට ජන්ග්කුක් එක්ක ඉරිසියයි...එයලා දෙන්නා එකම වයසෙ වෙලා,එකම දවසේ ඉපදිලා, එකම විදියට ජීවත් වෙලා ජන්ග්කුක් එයාගේ ලමා කාලය විදිනකොට ටේහ්‍යුන්ට විතරක් ලමා කාලය විදවන්න උන එකට එහෙම උනේ ඇයි කියන්න කිසිම හේතුවක් නොදන්න ටේහ්‍යුන් කේන්ති ගත්තේ ජන්ග්කුක් එක්ක..

🦄 කුක් එහෙම කරන්නෙ නෑ ටේහ්‍යුන්...
එයා ඔයා හිතනවට වඩා හොද ලමයෙක්...
ඔයා කොයි වෙලෙත් එයා එක්ක වලියට ගියාට ටිකක් රන්ඩු නොවි එයාව ආශ්‍රය කරලා බලන්නකෝ..
එයා හුගක් හොදයි..

🐯 ඒත් හ්‍යුන්ගී 🥺🥺

🐨 මේ අහන්න ටේහ්‍යුන්..
කුක් ඔයාට ඒක ගැන කියලා විහිලු කරොත් හැමෝම මැරිච්ච දෙන් කියලා මන් ඔයාව මගේ ලගට ගන්නවා...
මට ඕන නෑ අපිට ජීවත් වෙන්න ඔයාගේ ජීවිතේ අපායක් කරලා දාන්න..
ඒත් කුක් එහෙම ලමයෙක් නෙමෙයි කියලා මට විශ්වාසයි..
හැබැයි කුක් එහෙම කරොත් මන් ඔයාව මගේ ලග තියාගන්නවා...මැරෙනවා නම් එකට මැරෙමු..
මගේ චූටි මල්ලි එක්ක...
හ්‍යුන්ග් ඔයාට පොරොන්දු වෙනවා..

🐯 හ්ම් 🥺🥺

ටේහ්‍යුන්ගේ මූන ජූන්ගේ පැත්තට හරවගෙන කියලා ජූන් ටේහ්‍යුන්ගේ කම්මුලට හරිම ආදරෙන් හාදුවක් දුන්නා..හොබීත් ටේහ්‍යුන්ගේ නලලට හාදුවක් දුන්නා..

තමන්ගේ හ්‍යුන්ග්ලා දෙන්නාගෙන් ආදරණීය හාදුවක් ලැබුනාම නම් ඉතින් කොල්ලාට චූටි හිනාවක් ආවා..

🐱 හරි දැන් අයියලා මල්ලිලා අඩලා කරලා ඉවර නම් යමුද ?? කට්ටියම ඇවිල්ලා ඇත්තේ..

🐯 මූට අර කුක්ලට්ගේ නැට්ට දකින්න තියෙන හදිසිය බලන්නකෝ හ්‍යුන්ගී.🤭🤭

🐱 යාහ් 😒😒





#Defenders Of The Degan
නැවත හමුවෙමු

Continue Reading

You'll Also Like

62.3K 13.3K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...
200K 4.9K 37
warning 21+ punishment, BDSM, sm play, roleplay , etc... တွေပါနိုင်ပါတယ် တပိုင်းချင်းဆီ warning ကိုတပိုင်းချင်းဆီပြန်ရေးပါ့မယ် Ukeက transgender ပါ❗