"නෑ..මම හිතන්නෙ නෑ කවුරුත් එයාව දැකලා ඇති කියලා....ජැක්ව දකින්න පුලුවන් කලාතුරකින්...එයාව ගොඩක් විශ්වාස කලොත් විතරයි...විශ්වාසය තමයි වැදගත්ම...."
මිසිස් ජෝන්ස් කිව්වෙ අන්තිම පිගන් ටිකත් රාක්කෙට දාන ගමන්..
"ස්තූතියි මිසිස් ජෝන්ස්.."
"සුලු දෙයක් දරුවෝ...ඕන දෙයක් අහන්න..."
මම එයාට හිනාවකින් සංග්‍රහ කරලා මගේ රූම් එකට ගියා ..
ජනේලේ අයිනෙ තිබ්බ මේසෙට පුටුවකුත් ලන් කරන් මම හිතට ගලන් එන අදහස් ටික අකුරු වලට පෙරලන්න ගත්තා...ඒ අතර ජැක් ගැන මගෙ හිතට දැනුනේ හොද යාලුවෙක් ...සහෝදරයෙක්ගේ හැගීමක්...මට අයියෙක් නැති උනත් කවදාවත් නොදැකපු ජැක්ව මට මගේ අයියා වගේ දැනුනා...
විශ්වාසය...මිනිස්සු අතර නැතිම දේ..
ලිලී ජැක්ව විශ්වාස කරා...ජැක් ඒ විශ්වාසය වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පුද කලා...ඒ ආදරය..ජැක් අයිස්වල ගිලෙද්දි එයාට වයස දා හතයි....ජීවිතේ ලස්සනම වයස...එයා නංගිව වක් ගැහුන ලීයෙන් ඇදලා ගද්දි එයා දැනන් හිටියා...නංගි හිටිය තැනට එයාව විසික් වෙලා යනවා කියලා...ඒ තරම් ලොකු කැපකිරීමක්...
ජැක්ව දකින්න පුලුවන් විශ්වාසෙට විතරයි...
"එල්සා....එල්සා...."
මම මනෝලෝකෙන් එලියට ආවේ ඇනාගේ කෑගැහිල්ලට..
"කියන්න ඇනා...."
"ජැක්ගේ ස්මාරකයක් තියනවලු...."
"බලන්න යමු..."
"හෙට යමු...දැන් හවස් වෙලා වැඩියි..."
"එහෙනම් උදෙන්ම යමු..."
"මේ...ඔයා ඒ හොල්මන් කොල්ලාද ලව්ද.."
"නැ...එයා මගෙ ක්‍රශ් එක..."
"දැකලවත් නෑනේ.."
"ස්මාරකේ බලන්න හෙට යනවනේ..."
මම කිව්වේ ඇනාට ඇහැක් ගහන් ගමන්..
"එල්සෝ...පොත ලිවිල්ල කෙසේ වෙතත් තවුසෙට කපුකමක් නම් සෙට් වෙයි වගේ..."
"කවුද දන්නෙ නෑ ක්‍රිස්ටොෆ් එක්ක මුකුලු කර කර හිටියෙ..."
ඇනා මට ඉතුරු ටික කියන්න නොදී කොට්ටෙකින් මූනට දමදා ඇරියා..