ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉ...

By 123456gayu

3K 520 230

පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැ... More

හැදින්වීම
~ Academy ~
Chapter 01
Chapter 02
මේ කතාව ඕනෙත ආයේ ?🙄
Chapter 04

Chapter 03

512 87 92
By 123456gayu

තේහියුන්ග් එක්ක ජන්ග්කුක් ජිමින්වත් එක්කගෙනම ආවේ තේහියුන්ග් රූම් එකට.. රූම් එක දැක්කම ජිමින් ගේ කටත් ඇරුනා.. ඇයි ඉතිම් ඒ විශාල කාමරේටම කියලා තියෙන්නෙ ඇදවල් දෙකයි...

"හරි අපි ඇදක් හොරෙන් ගේනකන් ඔයාට වෙන්නෙ මගේ ඇදේ නිදාගන්න තමා.. මං ටේ එක්ක නිදාගන්නම්.."

ජන්ග්කුක් එහෙම කියලා කට ගත්තේ නැහැ රූම් ඩෝ එකට කවුරු හරි තට්ටු කළා...

"ආහ් ඉක්මනට වරෙන්.. කෝ කෝ මෙහෙන් තියන්න.." ඇකඩමියේ ලමයි වගයක් ජිමින් ගේ ලැගේජ් ටිකත් උස්සන් රූම් එකට ආවා..

"ඇයි මේ.. එතකොට මම ඉන්නෙ මෙහෙද.. මම ඉන්න ඕනේ පලවෙනි මට්ටමේ රූම් එකක නේ"

"කාම් ඩවුන් ජිමින් .. ඒකේ ඉන්න බෑ මිනිහෙක්ට . ඔයා අපි එක්ක මෙහෙ ඉන්න කවුරුත් දැනගන්න එකක් නැහැ. ජින් හියුන්ග් දැනගත්තත් කියන එකක් නැහැ මොකද එයත් දන්නවා එකේ ඉන්න බෑ කියලා.."

"සුවර්ද.." ජිමින් ජන්ග්කුක් දිහා තොලත් පෙරලන් අහද්දී ජන්ග්කුක් ඔව් කියලා හිනා වෙලා ජිමින්ගේ කොන්ඩේ අවුල් කළා..

"අහෙම්.." ටේ ඒත් එක්කම කටෙන් සද්දයක් පිට කළේ එයත් මෙතන ඉන්නවා කියන්න වගේ... ජිමින් ජන්ග්කුක් ගාවින් ඈත් වෙලා ලගේජ් ටිකත් අතට අරන් අහිංසකව බලන් ඉදියේ තේහියුන්ග් යන්න කියයිදෝවත් කියලා...

ඒත් එක්කම ආයෙත් රූම් ඩෝ එකට තට්ටු කළා..

"ආයිශ් කුකා එක සැරේ බඩු ටික ගෙනන් කියාන්.." ටේ නපුරු මූණක් පෙන්නගෙන තරහෙන් කියද්දී ජන්ග්කුක් දොරට ගහපු එකාගේ ආච්චිට හොදවයින් කිය කිය ගියේ...

ඒත් එක්කම දොර ඇරපු ගමන් ඒ ආව කෙනාගේ අතේ ඉදපු ගිරවා පියාඹලා ගිහින් තේහියුන්ග් ගේ කරේ වැහුවා..

"ක්‍රෑස්...ක්‍රෑස්..." ගිරවා අමුතු සද්ද දාද්දී ජිමින් පුදුමෙන් බලන් ඉන්න හැටි ටේ බලාගෙන ඉදියේ.. ඒත් එක්කම ටේ නපුරු බැල්මෙන්ම දොර දිහා බලද්දී එතන ඉදිය ළමයා ,

"අපි ටුටූව හොයාගත්තේ අර ඇකඩමියේ තියෙන පාර්ක් එකේ.."

"හරි යන්න පුලුවන් .." ජන්ග්කුක් ඒ ලමයා අතට සල්ලි නෝට්ටු කීපයක් දීලා යැව්වා.. ටේ ඇහිබැම උස්සන් ඉන්නේ ඇයි සල්ලි දුන්නේ කියලා අහන්න..

"දැන් ඒ ලමයා මේ ටුටුවාව හොයන්න දවස් තුනක් ගියානේ.. පව් නේ මචන් උබට බයේ ලෙක්චර් කට් කලත් එක්ක. ඒ නෝට් හොයාගන්න සල්ලි ඉල්ලයි ඒකයි.."

"ඕකේ.. හරිම කාරුණික උණුවෙන හදවතක් නේ බන් උබට තියෙන්නේ ." ටේ ජන්ග්කුක්ට හිනාවෙලා ටුටුවා දිහා ඔරවන් බලන් ඉදියා..

"ඈ බොල උබත් පාර්ක් අස්සේ යන්නේ කෙල්ලෙක්ව දාගන්නද ටුටුවෝ.."

"ජින් මෝඩයා... ජින් මෝඩයා... ටේ බේබී .. ටේ බේබී.. ටුටූ සෝයී.."

ටුටුවා වයින් කරලා වගේ බෙරිහන් දෙද්දී ජිමින්ට ඇතුලු තුන්දෙනාටම හිනා ගියා..

"ඕක ජින් හියුන්ග්ට ඇහෙන්න කියපන්කො ටුටුවෝ. ඔය හොට කඩයි ආයේ නොකියන්නම.." ටේ ටුටූව හුරතල් කරලා ජනෙල් වහලා ටුටූව අතෑරියා.. ටුටූවා හැමතැනම පියාඹ පියාඹ ඉන්නවා නිදහසේ..

ඒත් එක්කම ජිමින්ට මතක් වෙනවා මාමට ආවා කියලා මෙසෙජ් එකක් දාන්න.. එක්කෝ කෝල් එකක් හරි අරන් කියනවා කියලා ජිමින් කෝල් එකක් අරන් එහා පැත්තෙන් ආන්සර් කරනකන් ජනේලේ ගාව බලාන් ඉදියා.. ඒත් එක්කම ටුටුවා මේ ඉන්න අලුත් යාලුවාව බලන්න ජනේලේ ගාවට පියාඹලා වහද්දී ජිමින් කෑගහගෙනම එහාට පැන්නා...

"බය වෙන්නෙපා ටුටූ කරදර කරන එකක් නැහැ.." ජන්ග්කුක් හිනා වෙලා ඇවිත් ටුටූව අරන් ඇදේ ඉදගත්තා...

"කුකා.. ජින් මෝඩයා.. සෝයී ටේ බේබී සෝයී.."

"ඔව් ඔව් උබට ඔක්කොම සෝයි.."

"කුකා බූරුවා.."

ටුටුවා හයියෙන් කෑගහද්දී ජිමින් ගේ මාමා ආන්සර් කළා..

"මම දැන් නිදාගන්න යන්නේ මාමේ.. මං හොදින්.."

"ආහ් හරි වෘක පැටියෝ.. පරිස්සමෙන් හොදද.. මං කිව්ව දේවල් හොදට මතක තියාගන්න.. ආහ් ටුටුවත් ඉන්නවා කියන්නේ ඔයා ඉන්නේ තේහියුන්ග් කුමාරයාගේ කාමරේද?"

"ඔව් මාමා බය වෙන්න එපා මං ජින් හියුන්ග් එපා කිව්වොත් හෙට වෙන රූම් එකකට යනවා. කොහොමත් නම්ජූන් හියුන්ග් ගෙන් අවසර ගන්නවා.."

"ඕකේ රත්තරන් . පරිස්සමෙන් ඉන්න.. ඔය ඉන්න එකේ ස්පීකර් දාලා ටුටුවා ගාවට යන්නකො ජිමින්.."

මාමා කියද්දි ජිමින් ටුටුවා ගාවට ගියා.. ටුටුවා ඉන්නේ ටේගේ ඇගේ එල්ලිලා..

"ආහ් ටුටුවෝ.." මාමා අනෙත් පසෙන් කෑගහද්දී ටුටුවා අදුරගත්තා..

"බඩ බෝලේ... බඩ බොලේ.. සෝයී..."

මරු නම මොනා උනත්.. මේ ඔක්කොම කියලා දෙන්නෙ ජන්ග්කුක් හරි ටේහියුන් හරි කියලා ජිමින් දන්නවා..

"ඈ ටුටුවෝ ඔයාට ඔය වචන කියා දෙන ගුරුවරයට සම්මානයක් දෙන්න ඕනේ.. ඒනම් පුතාලා ගුඩ් නයිට් " මාමා හිනා වෙලා කෝල් එක කට් කලාම ටේ ඈනුමක් ඇරලා නිදාගන්න යනවා වගේ රගපානවා.. මොනා උනත් ලොකුකම නම් තියනවා. ජිමින් එහෙම ඉදලා හිමීට ජන්ග්කුක් ගේ ඇදට ගියා..

"වරෙන් දෝ ගන්න මයේ අම්මා.. ගොඩ කාලෙකිම් මචන් උබ එක්ක නිදා ගන්නේ.." ජන්ග්කුක් ඇවිත් ඇදට පැනලා ටේව බදාගත්තා..

"ආශ් එහාට පලයන්.. ඕන් නම් කොට්ටයක් බදාගෙන නිදාගනිම් මාව බදාගන්න ආවොත් තල්ලු කරලා දානවා ඇදෙන් පහළට.."

"අඩෝ වයි බන්.." ජන්ග්කුක් කෙදිරි ගානවා . මොකද ඒ පොඩි එකාට කාවහරි බදාගත්තේ නැත්තම් නින්ද යන්නේ නැහැ හරියටම කිව්වොත් මේ කතාව ලියන ඕතරයට වගේ... මීට අම්මයි තාත්තයි මැද්දෙන් නිදාගෙන බදන් දොයිගන්න ඕතරයා...

ජිමින් ඇද හදලා එයාගේ ලස්සන සුසීවත් බදන් නිදාගන්න ලෑස්තිය.. ඔව් සුසී කියන්නේ ජිමින් ගේ කොට්ට බබා.. එයා නමක් දාලා තියෙන්නේ කොට්ටෙට..

"ජිමින්සි මං එන්නද ඔතනට.." ජන්ග්කුක් ඇදේ කෙලින් වෙලා ඇහුවම ජිමින් හා කියන්න ඔලුව වැනුවා.. ජන්ග්කුක් ගේ හිනාව උතුරනවා.. නැත්තම් කොහොමද අර කිම් නපුරා එක්ක ඉන්නේ.. නැත්තම් අයියූගේ කාමරේට රිංගන්න පුලුවන් නම් රිංගලා..

"නෑ යන්නෑ ඔහොම ඉදපන්.. ආ හරි මාව බදාගනිම් . හැබැයි තලන්න බෑ. අනවශ්‍ය තැන් ඇල්ලීම සපුරා තහනම්.."

"ඉවරද බන්.."

ජන්ග්කුක් බැරිම තැන නිදිමර ගාතේ ඇහුවේ තේහියුන්ග් නීති මාලාසෙට් එකක් දුන්න හින්දා..

"හරි නිදාගනිම්.. ටුටුවෝ ලයිට් ඕෆ්.." තේහියුන්ග් කිව්වා විතරයි ටුටූ රූං ගාලා පියාඹලා ලයිට් එක ඕෆ් කළා.. තේහියුන්ග් තමා ඒක ටුටුවට පුරුදු කළේ ඇයි ඉතිම් කම්මැලි නේ ආයෙත් නැගිටලා ලයිට් ඕෆ් කරන්න ..ඒකත් මරු වැඩේ නේද...

ජිමින් ඔක්කොම අහගෙන ඉදියේ.. ඒත් එක්කම එයා කල්පනා කළා ඉක්මනට එයා මෙහෙට ආව එකේ මූලික හේතුව. ඔව් කවදාවත් දැකලා නැති අම්මවයි තාත්තාවයි හොයාගන්න ඕන එක..

"ඔයාලව මම කොහොම හරි හොයාගන්නවා මමා පපා.. මෙයාලවත් විශ්වාස කරන්න බැරි වෙනවා. මට සමාවෙන්න එකට ඉදලත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ ."

ජිමින් තමාටම කියාගත්තේ හම්බෙලා එක දවසක් උනත් එයාට ඉක්මනින් ලං වුණ කට්ටිය ගැන මතක් වෙලා.. තේහියුන්ග් නපුරු , අහංකාර උනාට ඒ අස්සේ ලස්සන හදවතක් තියනවා කියලා ජිමින්ට තේරුනා..

************************************

ජිමින් ඇහැක් ඇරලා බැලුවම දැක්කේ තමන්ගේ මූණට එබිලා ඉන්න පුංචි ඇස් දෙක..

"සෝස මල ඇහැරිලා.. මෝනීන් .. මෝනීන් සතු සෝස මල.. කුකා බූරුවා. ටේ මෝඩයා.."

ටුටුවා උදේ පාන්දර බෙරිහන් දිදී කෑගහනවා.. ඒත් එක්කම දැක්කේ තේහියුන්ග් අඩුවකට හිර වෙලා වගේ ඉන්නවා.. ජන්ග්කුක් හෝ ගාලා බදාගෙන අයියූගේ නම මුමුණනවා..

"කුකා නැගිටපන්.." ටේ අන්තිම ඉවසීමෙන් කිව්වා..

"කුකා බූරුවා.."

ඒ අස්සේ ටුටුවටත් කේන්ති ගිහින් කෑගහනවා.. එයාගේ ස්වාමියාටත් කේන්ති ගිහින් කියලා පේන නිසා..

"ඈ ටුටුවෝ උබ මොකද කෑගහන්නේ මට මෝඩයා කිව්වා නේ ඉස්සෙල්ලා මං ඒකට පස්සෙ අල්ල ගන්නම් ගිරා හොටා.." ටේ ජන්ග්කුක්වත් ඇදෙන් තල්ලු කරලා ටුටුවටත් කෑගහලා වොශ් රූම් එකට ගියා..

ටුටුවත් දැන් සද්ද නැහැ.. ටේට තරහ ගිහින් කියලා එයාටත් තේරිලා.. ඇයි ඉතිම් ටේට නින්දක් නැහැ ඊයේ රෑ ජන්ග්කුක් එක්ක ඉදලා.. ඒ හින්දා පාන්දර ටුටුවට වචන පුරුදු කලා එලිවෙනකම්ම ජිමින්ට කියන්න...

ජිමින් පුදුම වෙලා ඉදියේ ටුටූ එයාට රතු රෝස මල නැත්තම් රෝස මල කියනවා..තාම ඇවිත් එක දවසයි ඒත් ඉක්මනට නමකුත් දාන් ටුටුවා.. ජිමින් කොහොමද දන්නේ මේ හැම එකක්ම කලේ අර එයා හිතන් ඉන්න නපුරු , අහංකාර ටේ කොලුවා කියලා....

හැමෝම ලෑස්ති වෙලා ලෙක්චර් වලට යන්න ඉද්දීම රූම් එකේ දොර ඇරුනේ තට්ටුවත් නොකර...

"ජින් මෝඩයා.... ජූන් තඩියා...."

"යාහ්හ්හ්හ්... ගිරා හොටෝ..."

~ මතුසම්බන්ධයි ~

----------------------------------------------------------

කොහොමද අපේ ටේගේ ටුටුවා..😘💚 ටේ තමා ඕන් ගුරුජි ටුටුවගේ..

අපේ එහා ගෙදරත් ඉන්නවා ටූටූ කියලා ගිරවෙක්.. ඒකා මට කියන්නේ මෝඩයා කියලා🙂😒 මොකද ඒ ගෙදර මාමට ලමයි නැහැ නේ එයාගේ ලමයි වගේ ඉතිම් මමයි මගේ අයියයි.. ඒ මාමා මට පොඩි කාලේ ඉදන් විහිලුවට කියන්නෙ මෝඩයා කියලා ඉතිම් අර ටුටුවටත් කියලා දීලා තියෙන්නේ එයා තමා..අහිංසක මං ලෙෆ්ට්..🤭😒❤️

වීමින් හොයන අයට කතාව ශෙයාර් පාරක් දාලා උදව් වෙන්නෝව්.. ආදරෙයි ❤️

Continue Reading

You'll Also Like

566K 8.7K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
139K 6.4K 36
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...
149K 16.8K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
438K 11.4K 62
❝spencer, all this week you've been holding my hands. what about your germ thing?❞ ❝you were more important.❞ hazel finley is a liar. but she's a da...