CHANGED FOR YOU | JK Centric...

By Yashvi_Ro

43.3K 6K 738

Story cover by , @99Tharul [Edited. ] 🚫Don't copy my work 🚫 this only author's imagination so there is no... More

🍃 IᑎTᖇO 🍃
🍃 02. 🍃
🍃 03. 🍃
🍃 04. 🍃
🍃 05. 🍃
🍃 06. 🍃
🍃 07. 🍃
🍃 08. 🍃
🍃 09. 🍃
🍃 10. 🍃
🍃 11. 🍃
🍃 12. 🍃
🍃 13. 🍃
🍃 14. 🍃
First story rank.....🥺💗
🍃 15. 🍃
Thank you...!!!
New Books..☺️
🍃 16. 🍃 [ Bonus Chapter.]
New!

🍃 01. 🍃

3.2K 364 25
By Yashvi_Ro


Sohyon's view

වෙනදා වගේම අදත් උදෙන්ම ලෑස්ති වෙලා මම bus station එකට ආවෙ සීතලට ගල් වෙලා වගේ තිබුන මගේ අත් දෙකත් එකට අතුල්ලන ගමන්......ටිකක් දුර ඇවිදන් යද්දි කළු පාට කාර් එකක් මම ඉස්සරහින් නැවැත්තුවෙ මාත් එතනම නතර කරවලා...."ආ කවුද මේ උදේ පාන්දරම මගෙ පාර හරස් කරපු එකා.....ආ..ඔන්න ඕක අතරලා යමු නැත්තන් අදත් අර මනුස්සය මාව කන්න හදයි වෙලා ගියා කියලා..."එහෙම හිතලා මම යන්න යද්දිම අර කාර් එකෙන් එලියට බැහැලා මං ළගට ආවෙ Mr.ජියෝන් ...

"Mr. ජියෝන්......උදේ පාන්දරම ඇයි මේ පාරෙ.......සර් වෙනදට යන්නෙ අනිත් පාරෙන්නෙ...."

"අනේ දරුවො මං මේ පාරෙන් ආවෙ ඔයාවත් එක්කගෙනම යන්න...ඕ...Good morning "

"Oh good morning sir...ඒත් ඇයි සර්?මොකක්හරි හදිස්සියක්ද company එකේ?"

"ආ....නෑ..නෑ..කලබල වෙන්න එපා දරුවො... ඒත් මම වැදගත් දේකට ඔයාව එක්කන් යන්න ආවෙ ...අද office එකට යන්න ඕනෙ නෑ...එන්නකො මාත් එක්ක යන්න..."

"ඒත් සර් කොහෙද මාව එක්කන් යන්න හදන්නෙ...?"

මම ඇහුවෙ ටිකක් බය වෙලා වගේ....කවුද බය වෙන්නෙ නැත්තේ එක පාරටම එන්න කිව්වම....

"ආ..බය වෙන්න එපා මං ඔයාව එක්කන් යන්නෙ අපෙ ගෙදරට....තවත්නම් ප්‍රශ්න අහන්න බෑ...දැන් යමු මාත් එක්ක..."

මම හිනා වෙලා ඔලුව වැනුවෙ තවත් ප්‍රශ්න අහන්න බැරි හින්දා...අනිත් එක මට බයවෙන්න කිසි දෙයක් නෑ මම යන්නෙ වෙන කොහෙවත් නෙමේ මට ඔම්මයි අප්පයි වගේ සලකන Mr. ජියෝන්ලගෙ ගෙදරට ඒකත් මගෙ අප්පා වගේ ඉන්න Mr.ජියෝන් එක්ක....පැය භාගයකට විතර පස්සෙ අපි ආවෙ ජියෝන් සර්ලගෙ ගෙදරට.....

"අනේ සෝ......ගොඩ දවසකින් දැක්කෙ දරුවෝ........"

ගේ ඇතුලට යද්දිම එහෙම කියලා මාව හයියෙන් බදා ගත්තෙ වෙන කවුරුත් නෙමේ මට මගෙම ඔම්මා වගේ ආදරේ කරන mrs. ජියෝන්...මාත් ඉතින් බදා ගන්න දෙපාරක් හිතුවෙ නෑ....

"අනේ මට ඇවිත් යන්න වෙලාවක් තිබුනෙ නෑ mrs.ජියෝන්..."

"මම තව කී වතාවක් කියන්න ඕනෙද මට ඔම්මා කියන්න කියලා දරුවෝ......අය එහෙම mrs.ජියෝන් කිව්වොත් මම කරනවා හොද වැඩක්.."

"අනේ.....හරි එහෙනම් මම ඔම්මා කියන්නම්කො....."

"එතකොට මම විතරක් Mr.ජියෝන් ද?"Mr.ජියෝන් එහෙම ඇහුවා...

"හරි එහෙනම් මම Mr.ජියෝන්ට අප්පා කියලා කියන්නම්කො......හැබැයි office එකෙන් එලියෙ ඉද්දි..."

"ඔම්මා......මගෙ ටයි එක ගැට ගහන්නකෝ....."

එහෙම කියන් පඩිපෙළ බැහැගෙන පල්ලෙහට ආවෙ වෙන කවුරුත් නෙමේ....මගෙ නපුරු boss ජියෝන් ජංකුක්......තාම මෙයාට ටයි එකවත් ගැටගහගන්න බෑනෙ....ඒ උනාට කතාව කොහොම ද.....එයා මාව දැක්කට පස්සෙ මටත් ඔරවලා කෙලින්ම ගියෙ ඔම්මා ලගට.....ඒ උනාට මම නම් ඉතින් ඔරවන්න ගියෙ නෑ පුරුදු විදිහටම මම හිනා උනා....මාව ගනන් ගන්නෙවත් නැති....මට හිනා වෙන්නෙවත් නැති මේ මනුස්සයට මම මොකට මෙච්චර ආදරේ කරනවද මන්දා.......

"ටයි ගැට ගහන්න ඕනෙ නෑ ....අද ගෙදර ඉන්න මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා...."

අප්පා එහෙම කිව්වෙ ජංකුක්ගෙ පිටට තට්ටුවක් දාගෙන උඩතට්ටුවට යන ගමන්......මොකද්ද අප්පට කතා කරන්න තියෙන්නෙ.........

"අයිෂ්....ඔම්මා...,මොකද්ද ඔයාලට මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ...අනිත් එක මෙයා මොකද්ද මෙහෙ කරන්නෙ?"

ජංකුක් එහෙම ඇහුවෙ මං දිහාත් ඔරවලා බලන ගමන්..මම ඉක්මනට බිම බලාගත්තෙ ඒ ඇස් වලින් හැංගෙන්න...

"ඇයි කියලා ඔයාලා දෙන්නටම දැන ගන්න පුළුවන් දවල්ට දැන් එන්නකෝ කෑම කන්න ...සෝ...ඇයි පුතේ තවම හිටගෙන....අනෙ අනෙ මේ කෙල්ල...එන්නකො යන්න මට කෑම ටික මේසෙට ගේන්න උදව් කරන්න...."

"හරි ඔම්මා..."

මම කිව්වෙ ඇහෙන නෑහෙන ගානට......ඒත් එක්කම මම ඔම්මගෙ පස්සෙන් kitchen එකට ගියා...






Jungkook's view

ලෑස්ති වෙලා ඉවර උන ගමන් මම පල්ලෙහට ගියෙ ටයි එක ගැටගහගන්න ඕනෙ නිසා...

"ඔම්මා....මගෙ ටයි එක ගැට ගහන්නකෝ..."

මම එහෙම කියාගෙන පල්ලෙහට යද්දි මම දැක්කෙ ඒ ලස්සන ඇස්......මගෙ හදවත ගැහෙන්න ගත්තෙ ගොඩක් වේගෙන්.....සෝයොන් හැමදාම වගේ අදත් හරි ලස්සනට හිනා වෙලා මං දිහා බැලුවා.....ඒත් මම කරේ එයාට ඔරවගෙන කෙලින්ම ඔම්මා ලගට ගියපු එක.......මොකද මම කැමති නෑ ඒ හැගීමට මට ඕනෙ නෑ අයෙත් විදවන්න....ඒකයි මම එයාගෙන් ඈත් වෙලා ඉන්නෙ.....

අප්පා කිව්වා අද ගෙදර ඉන්න කියලා....මම දන්නවා මොකක්හරිම දෙයක් වෙන්නයි යන්නෙ........සෝයොන් ඔම්මා එක්ක kitchen එකට ගියාට පස්සෙ මම දිග හුස්මක් පිට කරලා සෝෆා එකෙන් ඉදගෙන අතේ තිබ්බ ටයි එක පැත්තකින් තිබ්බා....ටිකක් ඇස් දෙක පියා ගත්තෙ මට ආපහු ඒ මූන මතක් වෙච්ච නිසා......මම කොහොමද එයාව අමතක කරන්නෙ සොයොන් හැම වෙලේම මගෙ ඉස්සරහ ඉද්දි............ටික වෙලාවයි මට එහෙම ඉන්න හම්බවුනේ...

"ජංකුකා......!!!!!!!!! මං ආවෝ........"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




















කවුරු වෙන්න ඇතිද ඒ ආවෙ.....???🤔

ඔන්න පලවෙනි chapter එක දුන්නා.....😘 හොදයිද නම් දන්නෙ නෑ....

අනේ.......කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ......ආසයි ඔයාලගෙ කමෙන්ට් කියවන්න...



Continue Reading

You'll Also Like

26.7K 4.3K 13
First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....s...
8.7K 1.4K 10
❤️ • අතීතෙන් වර්තමානයට ආව කුමාරයෙක්... එයාට වර්තමානය ගැන කියාදෙන cute කෙල්ලෙක්... • ❤️ ❣️ THE UNEXPECTED PRINCE ❣️
617K 22.3K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
5.1K 593 20
"ඌ උබේ අප්පයි හ්‍යුන්නුයි උනාට මට වැඩක් නැ ජන්කුක්..මන් උන්ව මරනවා..මට වැඩක් නැ තව දුරටත් උබ මාත් එක්ක හිටියත් නැත්ත..මන් පලි ගන්නවා...😡" "උබ කොහොම...