AGAIN [ongoing ]

By Yun_ye_min

1K 164 33

KTH ff Historical fanfiction Start : 2022.01.09 End : More

පිවිසුම
|01|
|02|
|03|
|04|
|06|
|07|
|08|
|09|
|10|
|11|
|12|
|13|

|05|

52 13 0
By Yun_ye_min

AGAIN 05

"කුමරියනී..අවදි වන්න...ඔබතුමිය ප්‍රමාදයි"

මම නැගිට්ටවුනේ බෙරිහන් දෙන සද්දයක් ඇහුනු නිසා...

"බුදු අම්මෝ"

එකපාරට මූනට එබිල ඉන්න චෝයි පාලිකාව දැක්කම මට දෙලෝ රත්වුනා....
මම පපුවත් අල්ලගෙන ඔලුවත් කහ කහ නැගිට්ටා...

"ඔයා මාව බය කරා "

මම කිව්වම පාලිකාව සමාව ඉල්ලන බැල්මට් එකක් දැම්මා..

"ආහ් හරි හරි කමක් නෑ...ඇයි දැන් නැගිට්ටෙව්වේ..නිදි මතයි මට😴"

"කුමරියනී..අද මාලිගාවට යා යුතුයි"

අම්මට සිරි..දැන්නෙ මීටර් වුනේ...

"ආශ්..අමතක වුනා...ඉක්මනට ලෑස්ති වෙමු"

ඉක්මනට ඇඟපත හෝදගෙන මට වෙන් කරල තිබුනු ඇඳුමට මාරු වුනු මම වාඩිවුනේ පාලිකාවයි සේවිකාවකුයි මගේ කොන්ඩෙ හදන්න ගත්තු නිසා වගේම තවත් කෙනෙක් මට මේකප් දාන්න ගත්තු නිසා...

"ආඅ..අදින්න එපා හිමින් අනේ "

කොන්ඩෙ හදන විදිය රිදෙන නිසාම මම මූනත් ඤොරොක් කරන් එහෙම කිව්වම හිමීට හදන්න ගත්තා....

මාව ලෑස්ති කරලා පාලිකාව මට කන්නාඩියක් දික් කරේ බලන්න කියන්න වගේ...

"වා...ඊයෙටත් වඩා ලස්සනයි"

ඇත්තටම මට හිතාගන්න බැරි වුනා මේ ඉන්නෙ මමමද කියලා..ඒ තරමට මම ලස්සනයි...

"ඔබතුමිය කොහොමත් ලස්සනයි කුමරියනී..අන් කිසිවෙකුටත් වඩා ඔබතුමිය සුන්දරයි"

"හී...බටර් එපා ඉතින්...යමු ඒනම්"

මම එහෙම කියලා නැගිටලා කුටියෙන් එලියට ගියා....

මම එලියට එද්දිත් දෝලාව ලෑස්ති කරලයි තිබුනේ..

ආයිශ් ආයෙත් මේ මගුලෙ යන්න ඕනෙද...ආහ්හ්.මම රැජින වුනාම නීතියක් දානවා දෝලා තහනම් කියලා..ඇයි අප්පා...😒

"දිවනිය ඔබ ඉතා සුන්දරයි .."

අප්පා ඇවිත් මට කියද්දි මම හිනාවුනා...

"තැන්ක් යූ අප්පා..අප්පත් ලස්සනයි"

"තැන්ක් යූ කිව්වෙ..."

"ආ...ස්තූතියි කියල කිව්වේ.."

"අනේ මන්දා..ඔබ අලුත් භාශාවක් හදලයි නවතින්නෙ "

අප්පා එහෙම කියලා හිනාවුනා...

"එසේනම් පිටත් වෙමු.."

ඔම්ම එතනට එන ගමන් එහෙම කිව්වම මම ගිහින් දෝලාවට නැග්ගා....

.
.
.

අපි මාලිගාවට එද්දි හැමෝම වගේ අපිව පිලිගත්තා...

අපි මහරැජිනගෙ කුටියට ගියහම මහ රැජින මට වෙන් කරපු අලුත් පාලිකාවයි සේවිකාවො ටිකයි එක්ක මාව ලොකු කුටියකට යැව්වා...

"වාහ්හ්...ලස්සනයි"

ඇත්තටම මගෙ කුටිය හුඟක් ලස්සනයි...මගේ ආසම පාට දැනගෙන වගේ කොල පාටටයි දම් පාටටයි හරියන්න කුටියෙ හැමදෙයක්ම සකස් වෙලා තිබුනා...හැමදෙයක්ම රජකාලෙ වගේ....ආයිශ් මේ රජකාලෙ තමා...

මගෙ කුටියෙ එක පැත්තකින් එලියට ගියාම එතන නිකන් බැල්කනි එකක් වගේ තිබුනේ....හරියටම ඒ බැල්කනි එක ඕපන් වෙලා තිබුනේ ලොකු පොකුනකට...

(අන්ටිමේඩ් එකේ වගේ ඉමැජින් කරගන්න )

ඇත්තටම ලස්සනයි....

හැබැයි මට ලොකු දුකක් ආවා..මොකද ඔම්මයි අප්පයි නැති වෙලා ආයෙ හම්බුනා විතරයි...එයාලට මාව මාලිගාවේ තනියම දාලා යන්න වුනා....අප්පවනම් රාජ සභාව තියෙන දවසට දකින්න පුලුවන්ලු..ඒත් ඔම්මා..එයාව මට බලන්න යන්න බෑ ආයේමත්...ඔම්මට තමා එන්න වෙන්නේ..ඒකත් මම විවාහ වෙන දවසටලු...ඊටත් හපන් වැඩේ තමා මට චෝයි පාලිකාව මෙහෙදි නෑ..හුවෑ..එයා මගෙ හැම දඟ වැඩක්ම ඉවසන් හිටියා.....මට හම්බුනු අලුත් පාලිකාවගෙ නම හන් ලු....එයා නපුරු නෑ...ඒත් ඉතින් හිනාවෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ...

සේවිකාවො ටිකත් අවුලක්ම නෑ...

දුක හිතෙන එව්ව ටික පැත්තකින් තියමුකෝ..මට කියන්න තියෙන සතුටුම හිතෙන ආරංචිය තමා මට යාලුවෙක් හම්බුනා...වෙන කවුරුත් නෙමේ මගෙ නෑන පොඩ්ඩ....ඔව් ඔව්..අර අලි ඔලු කිම් ටේහ්‍යුන්ග් රජාගෙ නංගි....නම කිම් ටාරා...හැමෝම කියන්නෙ ටාරා කුමරිය කියලා...මගෙ වයසෙම නිසා හොඳට ගියා....

අපි දෙන්නට දෙන්නනම් නම් කියාගෙන කතා කරන්නේ..හැබැයි ඔම්මල අප්පල ඉන්න තැන්වල අපි ගරු නම්බු ඇතිව කතා කරගත්තා....

එයා අනික් අයට වඩා හුඟක් වෙනස්...මොකද කිව්වොත් එයා මම ගැන ඇත්ත දන්නවා..මම එයාට හැමදෙයක්ම කිව්වා..මම මැරුනු තැනේ ඉඳලා හැමදෙයක්ම..එයා ඒ හැමදෙයක්ම විශ්වාස.කරා වගේම ටික ටික මගෙන් අමුතු වචනත් ඉගෙන ගන්නවා😌

එයාගෙනම් ලොකු කම ගෑවිලාවත් නෑ...පට්ට ජොලි එයා...එයාගෙන් තමා මම හුඟක් දේවල් ඉගෙන ගත්තේ...

එක..රජතුමාට නම කියලා කවුරුත් කතා කරන්නෙ නැතිලු..ඒත් මම කතා කරනේ..අවුලක් නෑ😌🙊

දෙක..ටේට පැනි හලන කුමරියක් ඉන්නවලු අනික් ප්‍රදාන අමාත්‍යගෙ...තාම මම ඒ අමාත්‍යයව දැක්කෙ නෑ හැබැයි..😒අහු වුනු දෙන්කො...

තුන..ටේගෙයි ටාරාගෙයි ඔම්මා හරිම හොඳ වුනත් ඒ දෙන්නගෙ ආච්චි...අයි මීන් අර නාකි ගෑනි හොඳ නෑලු.. පිටට වගේම අනික් අයට හොඳ කෙනෙක් වගේ හිටියට මහ කපටියිලු...ටාර කියන විදියට ටාරා විතරලු එයාගෙ හැටි දන්නේ..ටේනම් මාර ආදරේලු ආච්චිට...ඒත් එයා දන්නෑලු මහරැජිනගෙ හැටි...

හතර..මෙහෙ කාත් එක්කවත් ඕනෙවට වඩා කතා කරන්න යන්න එපා කිව්වා...විශ්වාස කරන්නත් එපාලු ..

ඔය ටිකක් විතරයි...තව කිව්ව හෙන දේවල් ගොඩක්....කිය කිය ඉන්න ගියොත් දැන් මට යන්න වෙන්නෑ..මොකද අද හැමෝම එකට සංග්‍රහ ගන්නේ...

මාත් දැන් මෙහෙ ටයිප් එකට එනවද මන්දා අප්පා...

"කුමරියනි...අප දැන් යා යුතුයි"

හන් පාලිකාව ඇවීත් මට කියද්දි මම හිටියෙ පොකුන පැත්තට තියෙන බැල්කනි එකේ ...

"හරි යමු"

මම එහෙම කියාගෙන කුටිය ඇතුලට ගිහින් එහෙම්මම අනික් දොරින් පිට වුනා...

මම කුටියෙන් එලියට එද්දිම ආවෙ ටාරා...

"යෙවොන් වූ.....ඔයත් මේ යනගමන්ද"

සේවිකාවො ටිකටයි පාලිකාවටයි ඕන බම්බුවක් ගහගන්න කියලා මම ගාවට ටාරා දුවන් ආවේ කෑ ගහගෙනමයි...මොනා වුනත් ටාරනම් මම වගේමයි...

"ඔව් ඔව්..මාත් මේ යන්න හැදුව විතරයි"

මම හිනාවෙවීම කියද්දි ටාරා මගෙ අතත් අල්ලන් ඉස්සර වුනා...ඇස් කොනින් වගේ මම දැක්කා ටාරගෙ සේවිකාවො ටිකත් හති දදා මගේ සේවිකාවො ටිකටම එකතු වෙලා අපේ පිටිපස්සෙන් එනවා...

"ඒක නෙමේ..ඔයා අද හරි ලස්සනයි ආ..අපේ ඔප්පා ඔයා දිහා අදනම් නොබැලුවොත් තමා පුදුමේ..."

"අපෝ මේ ...ඔය අලි ඔලුවනම් මෙලෝ වැඩක් නෑ...මම හිනාවෙන්න හිනාවෙන්න මේ මනුස්සය කරන්නෙ මට ඔරවන එක...."

"ඔහොම තමා අනේ...හැමෝම මුලදි ඔහොමයි..පස්සෙ පස්සෙ හරියයි"

ටාර එහෙම කිව්වම මම එයා දිහා බැලුවෙ ඒ මොකක්ද ඒ කිව්වෙ කියලා අහන්න වගේ...

"ඔහොම බලන්න එපා ඉතින් ..මම ඇත්ත කිව්වෙ "

ටාරා එහෙම කියාගෙන හිනාවෙවී ඉස්සර වුනා..

"ඒයි ඒයි..මට කියන්න ඒකෙ තේරුම මොකක්ද "

"ආ...තේරුමද...මම ආදරේ කරනවා"

යකෝ මේකි...

"කාටද??"

"අපේ ඔප්පගෙ යාලුවට "

"ඒ කවුද ඒ "

"කියල් වැඩක් නෑනෙ..ඔයා දන්නෙ නෑනෙ..මම ඔයාට එයාව පෙන්නන්නම් ඔයාලගෙ විවාහ උත්සවේ දවසට..."

"ම්ම් හාකො..කුමාරයෙක්ද...ලස්සනද...."

"ඔව් ඔව්...එයා කුමාරයෙක්...ලස්සනයී..."

එහෙම කියද්දි ටාරාගේ මූන රතු වුනා..

"අම්මෝ..රතුවෙලා ඔයා...යමු යමු පරක්කුයි"

මම හිනාවෙවීම එහෙම කියද්දි ටාරාත් හිනාවෙවීම මම එක්ක ආවා....

.
.
.

අපි කුටියට ඇතුලු වෙද්දිත් රජතුමා අයි මීන් අලි ඔලුවා, මව් රැජින , මහ රැජින කට්ටියම ඇවිල්ලයි හිටියේ...මමයි ටාරායි දෙන්නත් ගිහින් ආචාර කරලා වාඩිවුනා...මට හම්බුනේ මව්රැජින ගාව...ටාරා ටේ ගාව..මැදට වෙන්න මහරැජින...

අපි කට්ටියම කිසිම කතාවක් නැතුව කෑම ගත්තා...අදත්බ්මට හිරවෙන්න යද්දිම ටේ එකපාරට මට වතුර ටිකක් දික් කරා...මට බකස් ගාලා හිනා යන්න ආවත් සද්ද නොකර කටත් තද කරන් වතුර එක අරන් හිමීට බීල දැම්මා...

මම දැක්ක ටාරාත් මම දිහා බල බල හොරෙන් හිනාවෙනවා....

චාරිත්‍ර සේරම වගේ ඉවරවුනු නිසා මට තිබුනෙ දැන් ටෙව බැඳගන්න විතරයි...ඉස්සර චාරිත්‍ර වලට අනුව බඳිනකන්ම රජතුමාගෙ මූන බලන්න තහනම් වුනත් දැන් හැටියටනම් ඒකට අවුලක් නෑලු...මහ රැජිනම තමා ඉතින් කියන්නෙ....

ඔයා කියන එක්ක තමා නාකි ආච්චි...

මම කෑම කාල ඉවර වෙලා සේවිකාවො කෑම ටික අස්කරනකන් හිටියා....

ටේ දිහා මම සැරින් සැරේ බැලුවත් මේක නෙමෙ මම දිහා බැලුවෙ..ගල් බිල්ල වගේ ඉස්සරහ බලන් ඉන්නවා....

ඇත්තමයී....පුලුවන්නම් මම තොගෙ පෞද්ගලික ආරක්ශක එක්ක යාලුවෙනවා😒

ඒ මනුස්සය විතරයි පොඩ්ඩක් හරි මම ගැන කෙයා කරන්නේ...අම්මට සිරි...ඔයාලට හඳුන්වල දුන්නෑනේ....අර එදා මම කිව්වෙ ටේ ගාවින්ම නිල්පාට එකක් ඇඳගෙන කෙනෙක් හිටියා කියලා...එයා ජන්කුක් ලු...ආයෙ ඉතින් වැඩ්ඩෙක් තමා  ...

හිත හොඳයි...ලොකුකකමක් නෑ..හැබෑ අර අලි ඔලුව වගේම හිනාවෙන්නෙ නෑ..හැබෑ මම එක්ක හිනාවෙනවා...කරුමෙට වගේ එයා මට වඩා බාලයිලු...

ටේ නැත්නම්.ඔයා එක්ක පැනල යන්න හිටපු මට ඉතින් ස්මයිල් ඉන් පේන් තමා....

█████████████████████████████████████


Stay safe & happy 💜

Sama 💜

Continue Reading

You'll Also Like

Beyond Times By Woody

Historical Fiction

100K 6.2K 57
-"And where do I reside?" -"You reside in my heart, Priye!" Two broken souls, who endured pain and loneliness all their life. Destiny united them and...
65.1K 8.5K 23
This is the sequel of RRR, so new readers please read it before starting this book. Agneya, the soon to be crown prince of Rakshatra, was bounded by...
10.1M 762K 88
Marriage had always been my dream but not to a man about whom I know nothing. The moment my father fixed an alliance of me to a Prince without even t...
23.9K 301 148
The ancient saying goes: Most generals come from Guan Xi, while ministers come from Guan Dong. He Lisa was born to be a Star General. She was merely...