"ආදරය කියන්නෙ උණුසුම් දෙයක්. ගල් හිතක් වුණත් උණු කරලා දාන්න පුලුවන් තරමෙ උණුසුම් දෙයක්."
ජිමින් කියෙව්ව නවකතා පොත්වල තිබුණෙ එහෙම.
ඒ වගේම කවදාවත් ප්‍රේම සම්බන්ධයක් නොතිබුණු ජිමින් ආදරේ ගැන හිතාගෙන හිටියෙ එහෙම.
ජිමින් කියන්නෙ උපතින්ම කුලෑටි ගති ලක්‍ෂණ තිබුණු කෙනෙක්.
මූණට වඩා ලොකු කණ්ණාඩි දෙකයි, කිසිම පිළිවෙළක් නැති කපුටු කූඩුවක් වගේ තඹ පාට කොණ්ඩෙයි ජිමින්ට ගෙනාවෙ "මෙලෝ රහකට නැති කෙනෙක්ගෙ" පෙනුමක්.
නෑ ඇත්තටම....මං හිතන්නෙ ජිමින් එහෙම කෙනෙක් තමයි. කා එක්කවත් කතා නොකරන කොයි වෙලාවෙ බැලුවත් පොතක ගිලිලා ඉන්න හැම තැනම මුලු ගැන්විලා ඉන්න කෙනෙක්.
ඊව්....ඒක මහ එපා කරපු ජීවිතයක්. මං කියන්නෙ..., කෙනෙක්ට පුලුවන්ද ඒ වගේ කම්මැලි ජීවිතයක් ගත කරන්න.
හිතෙනකොටත් බය හිතෙනවා.
ජිමින් එයා රිංගගෙන ඉන්න කටුවෙන් එළියට එන්නෙ අවම වශයෙන් දවසට දෙපාරක් විතර. ඉතුරු හැම වෙලාවෙම එයා කරන්නෙ එයාගෙ කටුවට රිංගලා හැංගිලා ඉන්න එක.
එයා හරියට ගොළුබෙල්ලෙක් වගේ. සාමාන්‍ය ගොලුබෙල්ලෙක් නෙවෙයි, දවස තිස්සෙම කටුව ඇතුළට වෙලා ඉන්න කම්මැලි ගොලුබෙල්ලෙක් වගේ.
Geesh_ ☔