Its about you ..... zhanyi fa...

By Rukshikakalhari

85.2K 19.9K 12.9K

දඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රක... More

01... යලිත් නුඹ.....🌹🌹
02... හීලෑ නැති හිතක්...❣️
03... නරි හුටපටය...🦊
05...වේදනාව....💆‍♂‍
06... අලුත් නවාතැන ....🏠️
07.. මීමින්නා ....🐾️
08... හිතට හොරා...🌟
09.. මගෙ ලඟින්...💚
10... ආදේශකය ...✳️
11... අපේ ආදරේ... 💞
12.... ලොකු වැරැද්දක් ...🔗
13... ආදරණීය දඩුවම් ...🎋
14... දැනෙන සෙනෙහස....💚❤️
15... හිත අතරමං වෙලා ....💔
16... මගෙ හිතත් ඒ වගේ...💮
17... දරාගන්න කියාදෙන්න ..👨‍❤‍👨
18.. එයා මගේ...🤝
19... නුඹෙන් සැනසෙන හිත.. ❣️
20... නපුරු ඇස් ...💥
21.. යටගියාව ....⛔
22.. මට නුඹ විතරයි ...❤️💚
23.. කලකිරීම....👐
24.. ඉතින් අපි වගේමයි...👬
25... බිදෙන හිත ලඟ.....💔
26.. හිත හදාගන්න...💞
27....පුරුදු ලෙසින් 💞
28.. හෙමින් සැරේ...
29... හපන්කම් ...🌚
30... ගිනි මකරා....🐉
31... නුඹත් නොසිටියා නම්.... 🌸
32.. විදින ජීවිතය ...👨‍❤‍👨
33... ඉතින් එහෙම දුකක්...💔
34.. ප්‍රති උපකාරය...🙏
35.. සැනසුම් සුසුමක් ..🌻
36... මං නුඹ ලඟින්....🤝
37 අසනි වැසි...⛈️
38 එකපිට කරදර....💕
39.. නුඹ මගේ පණ නිසා..💜️
40 ඉතින් සැනසේවිද...🍂
41.. ඔබෙන් තොරවූ ලෝකයක් ..🌎
42... මගෙම වෙලා 👨‍❤‍👨
43... අවසානයක් නොමැතිව....🌞
44.. දැඩි තීරණය ..🔨
45.. ඉතින් අපේ ලොවක්... 💛
46... අලුත් දොස්තර ..🩺
47... අනුකම්පාව...🧤
48... සෙවනැල්ල සේ...👥
49.. අපායක් වූ ජීවිත...🪔
50.. හැරවුම් ලක්ෂය...♻️
51.. හරි අපූරු සෙනෙහස ...❤️
52.. වසන්තය ඇවිදින්....💝

04... සෙලවෙන ගස් ....🌳

1.8K 426 299
By Rukshikakalhari

🌹🌹 Its about you 🌹🌹..........

" මං කිව්වා නේ සීන් අයියා ... ලෑස්ති පිට ඉන්න කියලා .... මේ ජෝඩුවගේ වැඩවලට ෆේස් කරන්න...."

බින් එසේ කියද්දී පෙට්ටිය තුල 📦 සිටින නරි පැටවුන් දඟලන්නට පටන්ගත්තේය .....

***

",කොහෙන්ද මුං දෙන්නව හොයාගත්තෙ ..."

සෙලවෙන පෙට්ටිය දෙස බලාගෙන සීන් උස් හඩින් ඇසුවේ දෙදෙනාම සිටින්නේ රාක්කවල එහා කොනේම නිසාවෙනි ...

" අපේ තේ වත්ත පිටිපස්සෙ ලන්දෙන් ...."

යුවාන් සෙමින් කීවේය ....

"පැටව් දෙන්නමයිද යකෝ එතන හිටියේ...."..

සීන් කේන්තියෙන් ඇසුවේය ...

" නෑ නෑ අම්මට දෙන්නෙක් ඉතුරුකරා...."

යීබෝ ඉක්මනින් කීවේය .. එයට බින් සිනාසුනේය ....

" අම්මට දෙන්නෙක් ඉතුරුකරා ...මම කියන්නෑ උඹලට .... ඉක්මන් කරපියව්. මේ අහිංසකයො ආපහු ලන්දට ගිහින් දාන්නෝනේ.... මහ එකී ලඟට ගනීද දන්නෙත් නෑ මිනිස්සු අතපත ගාපුවාම උං හපාකනවා....හිටපියව් එහෙම උනොත් තොපි දෙන්නට තමයි නරි දෙන්නව බලාන්න වෙන්නෙ...."

සීන් කෑගැසුවේය ....දෙදෙනාම නිහඩව අස්කරන්නට පටන්ගත් අතර සීන් වරින් වර දෙදෙනාම දෙස බලමින් ග්‍රොසරියේ වැඩහා කාර්‍ය බහුල විය ...

***********

",ගගා..... ඉවරයි ....."

පැය තුනකට පමණ පසු යුවාන් කැෂියර් එක අසලට ආවේය .. .. ඔහුට පිටුපසින් අකීකරු දෑස් සීන් දෙස බලා සිටී....

"යන්න අර පැට්ව් දෙන්නා ගත්තු තැනින් දාලා එන්න .... මට යන්න බෑනේ සෙනගනේ....

සීන් හොදින් කීවේය ...කොයිතරම් නොසන්ඩාල වැඩ කලත් ඒ ඇස් අභියස කුමක්දෝ මායාවක් ඇතිබව සීන් දන්නේය ...ඉතින් ඔහු එතැනදී අසරණ වන්නේය ..

යුවාන් පෙට්ටිය අතට ගත් අතර යිබෝ ඔහුගේ දඩුමොණරය ස්ටාරට් කලේය ...

",හිතන්නෙපා රාක්ක ටික අස්කරහම දඩුවම ඉවර උනා කියලා .... දෙන්නා මාරුවට කඩේ වැඩ කරන්න ඕන...."

සීන් දොර අසලට ගොස් කෑගැසුවේය ..

" සීන් අයියා ඔය හදන්නෙ මගෙ රස්සාව මට අමාරුකරන්න...."

බින් සිනාසෙමින් කීවේය.....බින් කියන කතාවේ ඇත්තක් තිබුනත් එදා දෙදෙනාම නගරයට ගොස් සිටි අවස්ථාවේ යීබෝ ඔහු අසළ දැවටෙමින් කැෂියර් එකට වී බඩු බිල් දමමින් සිටි ඒ පැය කිහිපයට සීන් අදටත් ආදරය කරන්නේ ය....

" ඒ උනාට මුන්ට මොනවත් කරන්න නැති උනාම තමා අලුගුත්තේරු වැඩ කරන්නේ...දෙන්න මාරුවෙන් මාරුවට කඩේ වැඩට ආපුහාම දෙන්නට එකතු වෙලා නසරානි වැඩ කරන්න විදිහක් නෑනේ.....".

සීන් නිදහසට කාරනා කීවේය...කෙසේ හෝ පැය දෙකකට පමණ පසු දෙදෙනා යළිත් ග්‍රොසරියට ආවේය ... යනකොට තිබුණු තෙහෙට්ටු මුහුණ නොව දෙදෙනාගේ මුහුණු වල තිබුනේ අමුතු සිනහවකි...

" සෙලවෙන තේ ගස්...."

යුවාන් කීවේය .... යීබෝ එයටත් සිනාසෙමින් නිවස තුලට ගියේය ...

" ඒ මොකක්ද සීන් අයියා ..."

බින් ඇසුවේය ...

" මගෙන් අහන්න ගිහින් අහපංකෝ අර ගේ ඇතුලේ ඉන්නේ...."

සීන් ගණනකට නොගෙන කීවේය ...තවත් විනාඩි කිහිපයකදී යීබෝ තේ කෝප්ප දෙකක් රැගෙන යළිත් කඩය තුලට ආවේය ...කෙසේ හෝ දිනය ගතවී තිබුණි ...මේ ගෙවෙන්නේ සන්ධ්‍යා කාලයයි ....සවස 5ත් පසුවී ඇති නිසාත් වැහි අන්ධකාරය ආකාශය වසාගෙන තිබුණු නිසාත් සීන් බින්ට කඩය අස් කරන්නට පටන් ගන්නට කීවේය ...

" හය වෙනකොට වහමු බිනා .... එන්න හදන්නේ පොඩි වැස්සක් නෙමේ ....."

වැහි වලාකුළු වලාකුළු තද දම් පැහැයෙන් දිස්වෙන අතර තද සුළඟක් ද අවටින් හමා එන්නට පටන් ගත්තේය..... යුවාන් නිවස තුළ රාත්‍රී ආහාරය පිළියෙල කරන නිසා යීබෝ බින්ට සහාය දක්වමින් සිටියේය ....

" සීන් මල්ලි ....."

වැහි කෝඩයේම සීන්ගේ තේ වත්ත නිවසක සිටින මිනිසකු කඩයට ඇතුලුවිය ....යීබෝ බින් සමඟ ග්‍රොසරිය ඉදිරිපිට අස්කරන අතර ඔහු කැෂියර් එක අසලට ආවේ යීබෝ දෙස කිහිපවතාවක්ම බලමිනි.....

" කියන්න අයියා ...."

සීන් සිතුවේ ඔහු අත මාරුවට කීයක් හෝ ඉල්ලා ගැනීමට අවශ්‍ය නිසාවෙන් කැෂියර් අසලටම එනවා යැයි කියාය ..

",අර කොල්ලට නේද කොළපාට බයික් එකක් තියෙන්නෙ ....."

ඔහු සිටින්නේ තරමක් කේන්තියෙන් නමුත් ඔහු කතා කරන්නේ රහසිනි...

" ඔව් ඇයි ....".

කුමක් නමුත් ගැටලුවක් සිදුවී ඇති බව අවබෝධ වුණු නිසා සීන් කරමින් සිටි වැඩය නවතා ඔහුගේ කතාවට අවධානය යොමු කරන්නට පටන් ගත්තේය....

" සීන් මල්ලි අද හවස මම අර පල්ලෙහා කායෝගෙ නෝන එක්ක පොඩ්ඩක් ඔයාගෙ වත්තට රිංගුවා ..... අපේ ගෑනිත් පොඩ්ඩක් අසනීපෙන් නේ මේ දවස්වල දන්නැද්ද ... කොහොම හරි අඩි සද්ද වගයකුයි දෙන්නෙක් හිනාවෙන සද්දෙයි ඇහුන නිසා මම ඉක්මනින් තේ පඳුර ළඟ ගලවලා තිබුණු ඇඳුම් අරගන්න යනකොට එක නූල් පොටක් වත් එතැන තිබුණේ නෑ ...... අපි සෑහෙන අසරණ උනා සීන් මල්ලි .... පස්සේ මම තේගස් අස්සෙන් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා වත්ත මායිමේ තියෙන ගෙදරක වැලකින් කමිසයක් අරගෙන ඇදගත්තා .. හිමීට ගෙදරට ගිහින් ගෑනිගෙ ඇදුමක් අර ගෑනිට ගිහින් දීලා අනූනවයෙන් ගේම ගොඩදාගත්තා .. මොනවා වුනත් කරපු වැඩ කැතයිනෙ සීන් මල්ලි .... කවුද වත්තට ආවේ කියලා හොයලා බලනකොට තමා ආරංචි උනේ කොළපාට බයික් එක්ක කොල්ලො දෙන්නෙක් ආවා කියලා .... එක්කෙනෙක් සීන් මල්ලිගෙ මල්ලි කියලත් දැනගත්තා .....අර ඇඳුම් ටිකට මොකද කළේ කියලා පොඩ්ඩක් අහලා කියන්න පුළුවන්ද ....."

එක අතකින් මේ කතාවට සීන්ට කේන්‍තියක් ආවේ එම මිනිසා සමගමය ...... අනෙක් අතට එක්වර පිට වෙන්නට ගිය සිනහව සීන් අපහසුවෙන් මැඩගත්තේය ...

" ඒ උනාට කරලා තියෙන වැඩේ නං හොඳ වැඩක් නෙවෙයි ..."

සීන් එම මිනිසා දෙස තීක්ෂණ බැල්මක් හෙලමින් කීවේය .... ඔහු හිස කසමින් බිම බලා ගත්තේය ...

" දන්නෙ නැද්ද සීන් මල්ලි ගෑණි බඩින්නේ.....ඇඳුම් ටික නැති උනාට අවුලක් නැහැ ...ඒත් දෙන්නගෙම ඇඳුම් එකට තිබිලා කාට හරි මාට්ටු උනොත් ..ඒ ගෑනිත් පවුල් කාරියක් නේ....අනික මගෙ වොලට් එක කලිසම් සාක්කුව ඇතුලෙ තිබුනෙ...."

සීන්ට එම මිනිසා සමග ඇති වූයේ පිළිකුලකි ...ඔහුගේම දරුවෙක් කුස දරාගෙන සිටින තම බිරිඳට මේ තරම් වංචා කළ හැකිදැයි සීන් කල්පනා කලේය.....

" බෝ...... බෝ...."

සීන් යීබෝට කෑගහද්දී සැනින් ඔහු සීන් අසල හිටගත්තේය ....යීබෝට මෙම පුද්ගලයා පිළිබඳව මතකයක් ඇත්තේ නැත ...ඊට හේතුව ඔවුන් දෙදෙනා දුටුවේ ගස් අතර නිරුවතින් එකිනෙකා වැළඳ ගෙන සිටින යුවලක් පමණි ... දෙදෙනාගේ මුහුණු ඔවුන් දුටුවේ නැත....

" යුවා මේ වැඩේ ගස් අස්සෙ කරන්නේ කොටු පනින එවුන් ....ඇත්ත ජෝඩුවක් නම් ගෙදර කරගන්න එපැයි ..."

නරි පැටවුන් ටික ලන්දට දමා වත්ත මැදින් වැටී තිබුණු අඩි පාර දිගේ දෙදෙනා යළිත් ගේට්ටුව අසලට එන අතර තේ පඳුරු කිහිපයක් සෙලවෙන අයුරු දෙදෙනාම දුටුවේය ...ඉතින් දෙදෙනාම හෙමින් අඩිය තබා එතැනට ගියේ ඒ අස්සෙන් සතෙකු වත් සිටිනවා දැයි දැක බලා ගැනීමටයි.... ඒ මොහොතේ ඔවුන් දුටුවේ වෙනත් දෙයකි ....වෙනම අනෙක් පස ඇඳුම් කිහිපයක් ගලවා දමා තිබෙනු දුටු දෙදෙනා මුහුණට මුහුණ බලා සිනාසුණේ ය ...

" මේ මිනිස්සුන්ගෙ ඇදුම් කෝ..."

සීන් මේ අසන්නේ හිනාව කාගෙනයි... කුමක් නමුත් නඩුවක් බව අවබෝධ වුණු බින් ද එතැනට ආවේය....

" මොනවා...."

යීබෝ සීන් අසන්නේ කුමක්දැයි කුමක්දැයි සිතා ගන්නට නොහැකිව යලිත් ඇසුවේය ...

" තේවත්තෙ ගලවලා දාලා තිබුණු ඇඳුම් කෝ...."

යීබෝගෙ දෑස් විශාල වී මුහුණ රතුවී යන අයුරු සීන් පමණක් නොව බින්ද දුටුවේය ....

" කියනවා ඉතින් බෝ.... තමුසෙලා යන තැන නඩුවක් අප්පා ...."

සීන් මවාගත් කේන්තියෙන් කීවේය ....

" අපි ඒවා ඇල්ලට දැම්මා..."

යීබෝ ඔහු ඉදිරියේ සිටින මිනිසාට ඔරවමින් කීවේය ...

" ඇයි එහෙම කලේ මල්ලි...මගෙ පර්ස් එකත් ඒක අස්සෙ....."

ඔහු කේන්තියෙන් ඇසුවේය .

" ඒක අපේ සීන් ගගාගෙ වත්තනේ... සීන් ගගා එතන,රෙස්ට් හවුස් එකක් දාලා නෑනේ. අපි නෙවෙයි වැරදි කලේ ඔයාලා.... අනිවාර්යයෙන් ඒක හොරවැඩක්.... නැත්නම් වතු අස්සෙ රිංගන්නෙ නෑනේ.... බින් ගගා ඉවරනම් එන්න මං යනවා ගෙදර වැස්සට කලින්..."

සීන් කොයිතරම් බැන්නත් ඉවසාගෙන සිටිය හැකි නමුත් වැරැද්ද කර සුද්දවන්නට යන,මිනිසා කේන්තියෙන් කතාකල නිසා,යීබෝගෙ රතුකට්ට පැන්නේය ..

",බිනා,පලයං....."

බයික් එකට වී එය රේස් කරමින් සිටින යීබෝව පෙන්වා සීන් කීවේය ...නැතිනම් වැස්ස වැඩිවූ විට බින්ට නිවසට යාගන්නට නොහැකිවෙනු ඇත... බින්ට සිටින්නේ අම්මා පමණකි...


" බෝයා ගියාද......"

බයික් එක යනහඩ ඇසුනු යුවාන් ග්‍රොසරිය තුලට ඇවිත් ඇසුවේය....

" හ්ම්ම්ම්.."

අර මිනිසාත් ටිකවේලාවක් හිද යන්නට ගියේය .... ඒ සීන් යලිත් ඔහුහා කිසිවක් කතාකරන්නට නොගිය නිසයි...

" ඇයි මට නොකියා ගියේ බූරුවා ...."

යුවාන් යලිත් නීවස තුලට යන්නට හැරුනේය......

" අර විසිකරපු රෙදි වල පර්ස් එකක් තිබ්බෙ නැද්ද බං ..."

සීන් ඉදිරිපස දොර වසමින් ඇඟට පතට නොදැනී ඇසුවේය ...

" ගගා...ඒකට බෝට ඔයා බැන්නද....උං නේ වැරැද්ද කලේ...."

යුවාන් කෑගැසුවේය ....

" උඹලටත් අතපය තියාගෙන නං ඉන්න බෑ නේද..... කොතන හරි ගියොත් මොක්කක් හරි නඩුවක්..... වොලට් එක තියෙනවනම් මෙහාට දෙනවා ඒ මනුස්සයගෙ අයිඩී එහෙමත් ඇති.... "

සීන් නිවස තුලට යනගමං කීවේය ....

" ඒක බෝයා ගාව...."

යුවාන් ඔහුගේ කාමරයට යන අතර කීවේය ...

", දෙකම එකයි ඉතින්.... වෙනසක් නෑ.... "

⏳⏳⏳⏳⏳

දින කිහිපයක් ගෙවීගියේ සාමකාමී ලෙසයි.. උදෙනම යීබෝ ග්‍රොසරියට එන්නේ යුවාන් සමඟින් කොලේජ් යන්නටයි.... වෙනදා මෙන් නොව ඔහු උදේට ටිකක් වේලාසන ග්‍රොසරියට එන්නේය..

" ගුඩ්මෝනින් සීන් ගගා...."

අදත් සීන් ග්‍රොසරිය හැර ඉදිරිපස ඇති හිස් රාක්කවල කේක් වැනි ද්‍රව්‍ය සකසමින් සිටිද්දී යීබෝ එතැනට ආවේය .. සීන් යීබෝ දෙසට හැරුනේය ..උදෑසනම ඇස් දෙක පුරාවට දකින ඒ රූපය සමග ආරම්භ වන දිනය ඉතින් සීන්ට කිරි උතුරන්නේය... ඒ සිනහව , ඒ සුන්දරත්වය වෙලාවකට සීන්ට දරාගන්නත් අපහසුය ..

උදෑසනින්ම ස්නානය කර ඇති ඒ හිසෙහි තවමත් තෙත් ගතියක් රැදී ඇතැයි සීන්ට සිතුනි... ඒ පිරුනු කම්මුල් මත බර හාදුවක් තබන්නට ඔහුට සිතුනි...

" ගුඩ් මෝනින් බෝ......"

සීන් සිනාසුනේය .... යීබෝගෙ තත්ත්වයත් ඔයිට දෙවැනි නැත්තෙය... ඔහු මේ තරමක් වේලාසන එන්නේ සීන් අසල ටික වේලාවක් ගැවසීම ටයි .... නිතරම කේන්ති යන ඒ මුහුණ ...සිනාවෙන විට සිහින් වන ඒ දෙනෙත් , සිහින් පැහැපත් සිරුර , එක් මිටකට බැඳ තබා තිබෙන අකිකරු කොණ්ඩය යීබෝගෙ හිතට හරිම වෙනස් වූ හැඟීම් සමුදායක් ඇතිකරන්නට සමත්වන්නේය...

" යුවාන් ලෑස්තිද දන්නෑ..."

සීන් දෙස බලාගෙනම යීබෝ ඇසුවේය ...

"ඔන්න නැගිට්ලා හිටියා .. බෝ කාලද ඉන්නෙ.... නැත්නම් යන්න අන්න මම සැන්ඩ්විච් හැදුවා..."

ඇසිල්ලකින් යීබෝ නිවසතුලට දිව්වේ හෙල්මට් එක සීන් අතින් තබාගෙනමය...

" පිස්සු කෝච්චිය....."

සීන් සිනාසෙමින් යීබෝගේ හෙල්මට් එක පසෙක ස්ටූල් එකක් මතින් තබා යලිත් අස්කරනට පටන්ගනිද්දීම බින් ද ආවේය .... සාමාන්‍යයෙන් කඩේ වැඩ කරන වැඩ කරන සේවකයෙකු උදෑසනින් පැමිණ මේවා අත්පත් කළ යුතුය ... නමුත් බින්ගේ මව අසනීපයෙන් සිටින නිසා ඔහු ඇයට උදෑසන ආහාර පිළියෙල කර නිවාසය පිරිසිදු කර පැමිණිය යුතුය ...ඉතින් සීන් කිසිම දිනයක ඔහු මද ක් ප්‍රමාදවී පැමිණියාට කිසිවක් පවසන්නේ නැත.....

" සීන් අයියා යන්න මම අස්කරන්නම්...."

බින් ඉක්මනින් එතැනට විත් කීවේය ....

In college ....

යුවාන් සහ යීබෝ හට කොලේජ් එක තුළ තවත් මිතුරන් දෙදෙනෙකු සිටින්නේය .... ඒ චෙන් සහ ෂූයෑන්ග් ය .... මොවුන් දෙදෙනා පදිංචිවී සිටින්නේ කොලේජ් එක අසලම නිසා උදෑසනින්ම පැමිණ යීබෝ සහ යුවාන් එනතුරුමග බලාගෙන සිටින්නේය...

" ආහ්...අන්න එනවා දඩුමොණරෙ ....."

ඈතින් යීබෝගෙ බයික් එකේ හඩ ඇහෙද්දී චෙන් හිස ඔසවා බලමින් කීවේය ...

සිව්දෙනාම සිනාසෙමින් දේශන ශාලාව වෙත ඇවිද යමින් සිටියේය ...එක්වරම වේගයෙන් ඇඇවිදගෙන ආ තරුණයෙකු යුවාන් ගේ ඇගේ තදින් හැප්පීගෙන නතරවන්නේ ම නැතුව ඔවුන්ව පසුකරගෙන ඉදිරියට ඇවිදගෙන ගියේය .... හැප්පුණු පහර කෙතරම් වේගවත්ද කිවහොත් යුවාන් වීසිවී ගොස් සිමෙන්ති පොළවේ ඇදගෙන වැටුණි ....

"ඒයි.... උඹ ඊයෙ යන්න තිබ්බ ගමනක්ද බ$% යන්නෙ....."

හැප්පෙන කේන්තියට අත් වඩා මඳක් වත් ඔවුන් දෙස නොබලා ඇවිදගෙන යන නිසා ඇතිවූ කේන්තියෙන් යීබෝ දුවගෙන ගොස් ඔහුව කමිසයෙන් අල්ලාගත්තේය ....

" ඔව් ඔව්.... ඊයෙ යන්න තිබ්බ ගමනක් තමයි යන්නෙ ඇයි උඹේ පු#$ ඉත්තෑවො දුවනවද....."

තම කමිසය ගුලිවී තිබෙන යීබෝගෙ හස්තය දෙස කේන්තියෙන් බල්මින් එම තරුණයා කීවේය .... යුවාන් සහ චෙන් ඔහු කවුරුන්දැයි දුටුවේ යීබෝ ඒ කමිසයෙන් අල්ලා ඇදගත් විටයි... ඒ වෙන කවුරුවත් නොව ගමේ පාතාලයේ හිමිකරු වන චාඕ ගේ එකම සොයුරා යාඕ ය.....

" අතෑරපං යීබෝ ... යන්න ඇරපං....."

විසිවී වැටුනු යුවාන්ගේ වැලමිට තුවාලවී තිබුනේය ..

" මොනවද යකෝ අතාරින්න කියන්නේ ... කොච්චර හයියෙන් ගියත් කමක් නෑ මිනිස්සුන්ගෙ ඇඟවල් වල හැප්පෙන්නේ නැතුව යන්න මූට ටිකක් කියලා දීලා ඉමු .....හැප්පුනත් කමක් නෑ පොඩ්ඩක් නතර වෙලා විසි වෙලා වෙලා ගියපු එකා ට මොකද උනේ කියලා බලන හැටි වත් පොඩ්ඩක් කියල දෙමුකෝ ...."

යීබෝ ඔහුගේ කම්මුල් දෙක තදින් අල්ලාගෙන කියද්දී යාඕ වියරුවෙන් සිනාසුනේය .....

" බෝයා....යමං...කෝ වරෙං ...."

ෂූයෑන්ග් යීබෝව ඇදගෙන ඉදිරියට ගියේය .... එකක් ඔවුන් හා උරණ වීම යනු කළුගලේ ඔළුව ගසා ගන්නවා වැනි වැඩකි ...අනෙක් කාරණාව නම් ඔවුන් සින්නන් ය..... යීබෝ සහ මේ සියලුම දෙනා ජුන්නන් නිසා වැඩිපුර බලතල තිබෙන්නේ ඔවුන් අතේ ය ...

"යකෝ සින්නො කියලා තිරිසන්නු වගේ ගියාම හරියනවද....."

යීබෝ කෑගැසුවේය .....

" දැන් ඉතින් කොහොමත් උන්ගේ ගැන්සිය ඕකට අපිට රිටන් එක දෙනවමයි ..."

චෙන් කේන්තියෙන් කීවේය ....

*********

" මෙන්න මෙයා තමයී උගෙ කොලර් එකෙන් ඇදලා ගත්තෙ ගගා...."

සවස නිවසට පැමිණි වහාම යුවාන් සිදුවීම විස්තර කලේය... මොකද යාඕලා ලේසිපහසු මිනිසුන් නොවන්නේය.... ගැටලු ඇතිවූ පසුව කියනවාට වඩා දැන්මම විස්තර කියා තිබීම සුදුසු යැයි යුවාන් එන අතරමගදී යීබෝට කීවේය ...

" රන්ඩුවට ගියේ ඇයි බෝ...."

සීන් තරමක් කේන්තියෙන් ඇසුවේය ...නමුත් ගැටලුවක් ඇතිවන්නට පෙර පැමිණ මෙසේ පැවසීම පිළිබඳව සීන් යටිසිතින් සතුටුවිය....

" හැප්පිලා නිකමට සොරි කීයලවත් කීයන්න බැරිද ඌට... ඉතින් කේන්ති යන්නේ නැද්ද ....."

යීබෝ බිම බලාගෙන කීවේය ....

" හරි බලමුකො උගේ අයියා විතරක් නෙවෙයිනෙ මේකෙ චන්ඩ්.... "

සීන් කීවේය .... යීබෝ ආඩම්බරයෙන් සීන් දෙස බලා සිනාසුනේය ...

" යනවලා ගිහිල්ලා කනවලා...."

සීන් යලිත් පුරුදු නපුරු වර්ෂන් එකට මාරුවෙමින් කීවේය ... යුවාන් මුලින්ම නිවස තුලට ගිය අතර යීබෝ තවමත් සීන් අසල හිටගෙන සිටී....

" මොකද ....."

" කැන්ඩියක් දෙන්නකො...."

යීබෝ හුරතලයෙන් කීවේය ...

" ඉතින් ගන්න...."

සීන් හිනාව තදකරගෙන කීවේය ....

" ඔයා දෙන්නකො...."

යීබෝ කෝලම් ලෙසින් කීවේය ..

" කැන්ඩි නේවෙයි දෙන්නෝනේ කරගන්න වැඩවලට ... ආ......"

සීන් ටොෆී තුන හතරක් යීබෝ අතින් තැබුවේය ... ඒත් සමඟම ඒ මුහුණට සුන්දර සිනාවක් මතුවනු සීන් දුටුවේය ...

" ගගාට තාම මතකයි නේ මම වෝටමෙලන් ෆ්ලේවර් කන්න ආසයි කියලා ...."

යීබෝ සතුටින් කියද්දි සිනුත් සිනාසුනේය ... ඒවා අමතක වන්නේ කෙසේද... යීබෝගෙ පුංචි පුංචි ආශාවන්, ඔහු කැමති දේවල්, අකමැති දේවල්, බය දේවල් වැඩිපුර දන්නේ සීන් ය...

⏳⏳⏳⏳⏳

" ගගා...අනේ ගගා......"

එය සිකුරාදා දිනයකි .... සීන් සිටියේ බින් සමඟ බඩු බිලක් ලියමිනි.... වෙලාව උදෑසන 11ට පමණ ඇත....යුවාන් කලබලයෙන් මෙන් ටැක්සියකින් බැස ග්‍රොසරිය තුළට දුව ගෙන ආවේය...

" මොකෝ යුවාන් ...."

කලබල වූ සීන් යුවාන් වෙතට දුවගෙන ගියේය ...

"අනේ ගගා බෝයා....."

යුවාන් සීන්ව බදාගෙන අඩන්නට පටන්ගත්තේය ..

" මොකක්ද උනේ කියනවා යුවාන් .... බෝට මොකක්ද උනේ...ඉතින් කතාකරනවා....."

" ගගා බෝයාව................................................................................................................

*
*
*
*
*
*
*

මතුසම්බන්ධයි .....

📚 Ru shi ------------------------------------------------------------

✒️ යුවාන් ආවේ කොලේජ් එකේ ඉදන්....බෝට මොනවා වෙලා ඇතිද....

✒️ කතාව කියවලා ඔයාලගෙ අදහස් කියාගෙන යන්න...කතාව බෝරින්ග් වගේද...

✒️ රෑට මොකක්ද ඕන...

My ANTIFAN .....

BEHIND YOU ....

✒️ වෝට් කරන කමෙන්ට් කරන කියවලා අහකබලාගෙන යන හැමෝටම ස්තූතී ...

Continue Reading

You'll Also Like

4.9K 738 7
පුලුං බෝලයක් වගේ උන්න රෝගියෙක්ට හිත බැදුන දොස්තර මහත්තයා... 💎 yizhan / zhanYi ff 💎 bl 💎 lovely
33.1K 2.6K 72
ဖတ်ကြည့်နော်😉😉
3.2K 559 10
_ " If I know what love is, it is because of you." -
80.6K 16.9K 40
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්...