04... සෙලවෙන ගස් ....🌳

1.7K 422 299
                                    

🌹🌹 Its about you 🌹🌹..........

" මං කිව්වා නේ සීන් අයියා ... ලෑස්ති පිට ඉන්න කියලා .... මේ ජෝඩුවගේ වැඩවලට ෆේස් කරන්න...."

බින් එසේ කියද්දී පෙට්ටිය තුල 📦 සිටින නරි පැටවුන් දඟලන්නට පටන්ගත්තේය .....

***

",කොහෙන්ද මුං දෙන්නව හොයාගත්තෙ ..."

සෙලවෙන පෙට්ටිය දෙස බලාගෙන සීන් උස් හඩින් ඇසුවේ දෙදෙනාම සිටින්නේ රාක්කවල එහා කොනේම නිසාවෙනි ...

" අපේ තේ වත්ත පිටිපස්සෙ ලන්දෙන් ...."

යුවාන් සෙමින් කීවේය ....

"පැටව් දෙන්නමයිද යකෝ එතන හිටියේ...."..

සීන් කේන්තියෙන් ඇසුවේය ...

" නෑ නෑ අම්මට දෙන්නෙක් ඉතුරුකරා...."

යීබෝ ඉක්මනින් කීවේය .. එයට බින් සිනාසුනේය ....

" අම්මට දෙන්නෙක් ඉතුරුකරා ...මම කියන්නෑ උඹලට .... ඉක්මන් කරපියව්. මේ අහිංසකයො ආපහු ලන්දට ගිහින් දාන්නෝනේ.... මහ එකී ලඟට ගනීද දන්නෙත් නෑ මිනිස්සු අතපත ගාපුවාම උං හපාකනවා....හිටපියව් එහෙම උනොත් තොපි දෙන්නට තමයි නරි දෙන්නව බලාන්න වෙන්නෙ...."

සීන් කෑගැසුවේය ....දෙදෙනාම නිහඩව අස්කරන්නට පටන්ගත් අතර සීන් වරින් වර දෙදෙනාම දෙස බලමින් ග්‍රොසරියේ වැඩහා කාර්‍ය බහුල විය ...

***********

",ගගා..... ඉවරයි ....."

පැය තුනකට පමණ පසු යුවාන් කැෂියර් එක අසලට ආවේය .. .. ඔහුට පිටුපසින් අකීකරු දෑස් සීන් දෙස බලා සිටී....

"යන්න අර පැට්ව් දෙන්නා ගත්තු තැනින් දාලා එන්න .... මට යන්න බෑනේ සෙනගනේ....

සීන් හොදින් කීවේය ...කොයිතරම් නොසන්ඩාල වැඩ කලත් ඒ ඇස් අභියස කුමක්දෝ මායාවක් ඇතිබව සීන් දන්නේය ...ඉතින් ඔහු එතැනදී අසරණ වන්නේය ..

යුවාන් පෙට්ටිය අතට ගත් අතර යිබෝ ඔහුගේ දඩුමොණරය ස්ටාරට් කලේය ...

",හිතන්නෙපා රාක්ක ටික අස්කරහම දඩුවම ඉවර උනා කියලා .... දෙන්නා මාරුවට කඩේ වැඩ කරන්න ඕන...."

සීන් දොර අසලට ගොස් කෑගැසුවේය ..

" සීන් අයියා ඔය හදන්නෙ මගෙ රස්සාව මට අමාරුකරන්න...."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now