Male Empress (Wangxian)✔️

By ShanuDG

228K 42K 10.7K

දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. ... More

01📖️
02📖️
03📖️
04📖️
05📖️
06📖️
07📖️
08📖️
09📖️
10📖️
11📖️
12📖️
13📖️
14📖️
15📖️
16📖️
17📖️
18📖️
19📖️
20📖️
21📖️
22📖️
23📖️
24📖️
25📖️
26📖️
27📖️
29📖️
30📖️
31📖️
32📖️
33📖️
34📖️
35📖️
36📖️
37📖️
38📖️
39📖️
40📖️
41📖️
42📖️
43📖️
44📖️
45📖️
46📖️
47📖️
48📖️
49📖️
50📖️
51📖️
52📖️
53📖️
54📖️
55📖️
56📖️
57📖️
58📖️
59📖️
60📖️
61📖️
62📖️
63📖️
64📖️
65📖️
66📖️
67📖️
68📖️
69📖️
70📖️
71📖️
72📖️
73📖️
74📖️
75📖️
76📖️
77📖️
78📖️
79📖️
80📖️
81📖️
82📖️
83📖️
84📖️
අවසාන කොටස📖️
පසුවදන

28📖️

2.5K 524 147
By ShanuDG

අධිරජුගේ මැදුර...

ලාන් වාන්ග්ජි වෙයි වුශියැන්ව සිය සයනය මතින් තබන විටම ඔහු දෑස් විවර කල අතර තමන් සිටින්නේ කොහිදැයි කියා වටහා ගැනීමට උත්සාහ දරමින් ඔහු වටපිට බලන්නට වුණා..

"වෙයි යින්ග්.." වන්ග්ජි තම අධිරාජිනියගේ අතින් අල්ලාගෙන ඔහු අසලින් සයනය මත වාඩි වූවත් වෙයි වුශියැන් ඔහුව දුටු සැනින් ඔහුගේ අත අත්හැර සයනයේ කෙලවරකට වූයේ බිම බලන ගමන්..

වන්ග්ජි තමාට ගැසූ කම්මුල් පහර සිහිපත් වෙයි වුශියැන් තම අත කම්මුල මත තැබුවේ නැවතත් ඔහුගේ දෑස් කඳුලින් තෙත් වද්දී..

"වෙයි යින්ග්.. මා අසලට පැමිණෙන්න.." වන්ග්ජි එසේ පැවසුවාත් වෙයි වුශියැන් නොහැකි යැයි හඟවමින් තම හිස දෙපසට සෙලවූවා..

"අධිරජුනි.. ඔබතුමන් සැබැවින්ම ඇයට ප්‍රේම කලා ද..?" මොහොතකට පසු තම හිස ඔසවා වන්ග්ජි ගේ දෑස් දෙස බැලූ වෙයි වුශියැන් ප්‍රශ්න කළා..

"වෙ......" වන්ග්ජි යමක් පැවසීමට ගියාත් වෙයි වුශියැන් ඔහුට එය පැවසීමට ඉඩ ලබා දුන්නෙ නැහැ..

"මා ඔබෙන් පැනයක් විමසුවේ ලාන් චාන්.. තවත් මා හට මුසා නොපවසා සත්‍ය පවසන්න.. ඔබ ඇයට සෙනෙහස දැක්වූවා ද..?"

"එසේයි.. මා ඇයට සෙනෙහස දැක්වූවා.." තම අතක් මිට මොලවාගත් වන්ග්ජි වෙයි වුශියැන්⁣ දෙස බලා⁣ගෙනම පැවසුවා..

ඉන් අනතුරුව මොහොතක් යනතුරු දෙදෙනාගෙන් එක් අයෙක්වත් කිසිවක් නොපැවසූ අතර එක්වරම වන්ග්ජි අසලට ලං වූ වෙයි වුශියැන් තම දෑත් ඔහුගේ ගෙල වටා දමා ඔහුව වැළඳගත්තේ තම හිස ඔහුගේ උරහිස මත තබා ගනිමින්..

වෙයි වුශියැන් සිදු කල දෙයින් වන්ග්ජි පුදුමයට පත් වුවාත් ඔහු ද පෙරලා තම අධිරාජිනියව වැළඳගන්නට වුණා..

"ලාන් චාන්.. මා හට කමා කරන්න.. මා ඒ බවක් මින් පෙර දැන සිටියේ නැහැ.. එසේ වූවා නම් මා ඔබට මෙලෙස ලං නොවී සිටින්නට තිබුණා.. එලෙසම මා ඔබට කෘතඥ වෙනවා අධිරාජිනිය ලෙස පළමු දින සිටම ඔබ මට හිමි සෑම ගෞරවයක්ම ලබා දීම පිළිබඳව.. නමුත් ඒ සියල්ල මුලාවක් පමණයි.. මා දැන් එය හොඳින්ම දන්නවා.. මා ඔබට පොරොන්දු වෙන්නම් අදින් පසු මා⁣ගෙන් ඔබට කිසිදු බාධාවක් සිදු නොවන බවට.. ඔබට හැකියි ඔබ කැමති ඕනෑම අයෙක් හා රජ මැදුර තුළ දිවි ගෙවීමට.."

"ඔබ නොදන්නවා වුනත් රජ මැදුරට පැමිණි මාගේ එකම අරමුණ වූයේ මාගේ සොයුරියගේ ඝාතකයන් සොයා ගැනීම පමණයි.. යම් දිනෙක මාගේ අරමුණ ඉටු වූ පසු මා මේ රජ මැදුරෙන් නික්ම යනවා.. එදිනට ඔබට හැකියි ඔබ කැමති ඕනෑම අයෙක්ව ඔබේ අධිරාජිනිය බවට පත් කරගැනීමට.. එලෙසම මා දන්නවා පුරුෂයෙක් ලෙස කාන්තාවකගෙන් ලැබෙන සෙනෙහස මට ඔබට ලබා දිය නොහැකියි කියා.. එසේ වුවාත්.. එසේ වුවාත් මා....." තවත් කිසිවක් පවසා ගත නොහැකි වූ වෙයි වුශියැන් ලාන් වන්ග්ජිව අත්හැර ඔහුගේ මුහුණ දෙස බලන්නට වුනේ ඔහුගේ කම්මුල් දිගේ කඳුලු ගලා යද්දී..

"නැවත කිසිදු දිනෙක මට මෙය ඔබට පැවසීමට ⁣ධෛර්යයක් ලැබේ දැයි කියා මා දන්නේ නැහැ.. ඒ නිසා මා අද මෙය ඔබට පවසනවා.. සැබැවින්ම මා ඔබ හා විවාහ වූයේ මාගේ කැමැත්තෙන් නොවේ.. නමුත් ඔබ හා ගෙවූ මේ දින කිහිපය මා ඉතා සතුටින් ගත කළේ ලාන් චාන්.. ඔබට මෙන් මින් පෙර මා කිසිවෙක්ටත් මෙලෙස ලං වී නැහැ.. ඒ නිසාවෙන්ම මුලදී මගේ හිතට දැනුන මේ හැඟීම කුමක්දැයි කියා මට වටහාගත හැකි වූයේ නැහැ.. එහෙත් දැන්.. දැන් මා දන්නවා ඒ හැඟීම කුමක්දැයි කියා.. මා ඔබට ප්‍රේම කරනවා අධිරජුනි.. මගේ මුලු හදවතින්ම මා ඔබට ප්‍රේම කරනවා.. ඔබ කිසිදු දිනෙක අවංකව මගේ හැඟීම් වෙත ප්‍රතිචාර දැක්වූයේ නැතත් මා ඔබට සැමදා ප්‍රේම කරනවා.. ඊට මා හට කමා කරන්න.. අද පටන් ඔබෙන් හැකිතාක් ඈත්ව සිටීමට මා උත්සාහ දරන්නම්.." යැයි පැවසූ වෙයි වුශියැන් වන්ග්ජිව අත්හැර සයනයෙන් බිමට බැස්සේ වන්ග්ජි ද සයනය මතින් නැගී සිටියදී..

නමුත් වන්ග්ජිට කිසිත් පැවසීමට ඉඩක් නොතබාම වෙයි වුශියැන් කුටියෙන් පිටතට දිව ගිය අතර වන්ග්ජි ඔහු පසුපස යාමට තැත් කළාත් පිටත දොරටුව අසල සිටි ෂූ යැන්ග් ඔහුව නතර කළා..

"එතුමාට මදක් තනි වීමට ඉඩ ලබා දෙන්න.. එතුමා මධුවිතෙන් මත්ව සිටින නිසා ඔබතුමන් කුමක් පැවසුවාත් එය නිසියාකාරව වටහා ගැනීමට මේ මොහොතේ එතුමාට නොහැකියි.." ෂූ යැන්ග් වන්ග්ජි ඉදිරියේ සිටගනිමින් පැවසූ අතර සුසුමක් හෙලූ වන්ග්ජි අවසානයේ තම හිස සෙලවූවා..

'අධිරජුනි.. සතුටු වන්න ඇය තවම ජීවත් නොවීම පිළිබඳව.. වැරදිලාවත් ඇය ජීවතුන් අතර සිටියා නම් ඇගේ මරණය මාගේ දෑතින් සිදු වන බව නිසැකයි.. මා දන්නවා ඔබ සැබැවින්ම මා හට ප්‍රේම කරනා බව.. ඔබේ දෑස් කිසිදා බොරු කරන්නෙ නැහැ.. නමුත් ඔබ මගෙන් සත්‍ය වසන් කලා.. එලෙසම ඔබ මා රිදවූවා.. ඊට ඔබට වන්දි ගෙවීමට සිදු වෙයි.. මාගේ දිවි අනතුරේ හෙලීමට සිදු වුනාත් මා අද රාත්‍රියේ ඔබට පසක් කර දෙනවා මේ ගුසුලාන් රාජ්‍යයේ මෙන්ම ඔබේ හදවතෙත් අධිරාජිනිය මා පමණක් බව'...
.
.
.
.
.

ලාන් චිරෙන් ගේ නිදන කුටිය..

"නීති අංක 659.. සයනයේ වැතිරෙන විට ඔබත් ඔබේ ස්වාමියාත් අතර මීටරයක පරතරයක් තබාගත යුතුයි.."

"නීති අංක 660.. සෑම විටම ඔබේ ස්වාමියා පවසන සියල්ලක්ම නිවැරදි බව සිහි තබා ගත යුතුයි.."

"නීති අංක 661.. ඔබේ ස්වාමියා වැරදි යැයි හැඟෙන සෑම අවස්ථාවකම #නීති අංක 660 සිහිපත් කල යුතුයි.."

"නීති අංක 662.. එක් දිනකට වචන දහසකට වඩා කතා කිරීම සිදු නොකල යුතුයි.."

"නීති අංක 663.. ඔබේ ස්වාමියා කෝපගන්නා විට ඔබ ද කෝප ගැනීම සිදු නොකළ යුතුයි.."

"නීති අංක 664.. සිනාසීමට පෙර ඔබේ ස්වාමියාගෙන් අවසර ලබා ගත යුතුයි.."

"නීති අංක 665.. ඔබේ ස්වාමියා නින්දට ගොස් පැයකට පසු ඔබ නින්දට යා යුතු අතර ඔබේ ස්වාමියා අවදි වීමට පැයකට පෙර ඔබ අවදි විය යුතුයි.."

"නීති අංක 666.. ඔබේ ස්වාමියාගේ අවසරයෙන් තොරව........." ලාන් චිරෙන්ගේ මැදුරට පැමිණි මොහොතේ සිටම ඔහු ඉදිරියේ නීති කට පාඩම් දී හෙම්බත්ව සිටි යැන්සි තම අතෙහි වූ නීති සදහන් ලියවිල්ල පසෙකට විසි කලේ ඔහු දෙස රවා බලමින්..

"නුඹ.. නුඹ කෙසේද මා ඉදිරියේ එවැන්නක් සිදු කලේ.." යැන්සි දෙසට ඇඟිල්ලක් දිගු කල ලාන් චිරෙන් කෝපයෙන් තමා වාඩි වී සිටි අසුනෙන් නැගී සිටියා..

"කෙසේද සිදු කලේ..? ඔබ දුටු අයුරින් තමා මා සිදු කලේ.. පැමිණි මොහොතේ පටන් මා මෙතැන සිටගෙන.. දැන් මාගේ දෙපාත් රිදුම් දෙනවා.. ඔබට මා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නැති ද උතුමාණෙනි.. අප තවම විවාහ චාරිත්‍ර සම්පූර්ණ කලෙත් නැහැ.." යැන්සි වේදනාත්මක හඬකින් විමසුවා..

"විවාහ චාරිත්‍ර සම්පූර්ණ කිරීමට පෙර ඔබ මෙම නීති දහස ඉගෙනිය යුතුයි.. වහා ඒ ලියවිල්ල නැවතත් ඇහිද ගනු.." ලාන් චිරෙන් තම දෑත් පිටුපස කර බැඳගෙන නොරිස්සුම් සහගත ලෙස පැවසුවා..

"මා හට නොහැකියි.." ඔහු දෙස මොහොතක් බලා සිටි යැන්සි තම හිස් පළඳනාව ගලවා බිමට දමා තමා හැඳ සිටි මංගල සලුව ගලවන්න වූයේ ලාන් චිරෙන්ගෙ දෑස් විසල් වී යද්දී..

"නුඹ කුමක්ද ඔය සිදු කරන්නෙ.. කුමන අශීලාචාරකමක් ද මේ.." ලාන් චිරෙන් විමසුවේ පියවරක් පසුපසට ගනිමින්..

"ඇයි කුමක්ද මෙහි ඇති වරද.. අද අපගේ මංගල රාත්‍රිය.. මා සිටින්නේ මාගේ ස්වාමියා ඉදිරිපිට.. ඔහු ඉදිරියේ මාගේ මංගල සලුව ඉවත් කිරීමේ වරද කුමක්ද.. ඔබ එය සිදු නොකරන්නෙ නම් මා විසින්ම එය සිදු කරගන්නවා.." යැයි පැවසූ යැන්සි තම පිටත සලු උනා දමා අසල පලතුරු බඳුන තුළ වූ කුඩා කිනිස්ස ද ගෙන ලාන් චිරෙන් දෙසට ඇවිද යන්නට වුණා..

"ඔබ.. ඔබ කුමක්ද.. නවතිනු මා අසලට නොඑනු.." එසේ පැවසූ ලාන් චිරෙන් සිය සයනය වටා දිව යන්නට වූයේ යැන්සි ඔහු පසුපස දිව එද්දී..

'ඔබ හා මංගල රාත්‍රිය ගත කිරීමට මාගේ කිසිදු කැමැත්ත නැහැ.. නමුත් දෝවගර් රැජිනියට අප මංගල රාත්‍රිය එක්ව ගත කල බව පෙන්වා දීමට මා හට මෙය සිදු කිරීමට සිදු වෙනවා' තම සිතින් එසේ සිතූ යැන්සි ලාන් චිරෙන් ගේ අතින් අල්වා ඔහුව සයනය මතට දමා ඔහුගේ ඇඟ උඩින් වාඩි වූවේ කට කොනකින් සිනාසෙමින්..

"පාලක.. කොහිද නුඹ.. වහා පැමිනෙනු.. ⁣මාව මේ උමතු ස්ත්‍රියගෙන් බේරාගනු.." ලාන් චිරෙන් උස්හඬින් කෑගැසුවේ තම නළලෙන් දහඩිය බේරෙද්දී..

ඔහුගේ හඬ ඇසුන ඔහුගේ ප්‍රධාන පාලක කුටිය තුළට යාමට තැත් කලාත් තවත් පාලකයෙක් ඔහුව නතර කලා..

"පාලකතුමනි.. අමතක වූවාද අද එතුමාගෙ මංගල රාත්‍රිය බව.. අපට කුටිය තුළට ඇතුලු විය නොහැකියි.."

"නමුත් එතුමා..... අහෝ.. මා සිතා සිටියේ ජින් ආර්යාව මෘදු තරුණියක් කියා.. නමුත් පෙනෙනා ලෙසට නම් මා හට වැරදුණා වගේ.. අපගේ උතුමාණන් මේ මහලු වයසට කෙසේ නම් දරාගන්නවා ද දන්නෙ නැහැ.." කුටිය දෙස බලමින් ප්‍රධාන පාලක කනස්සල්ලෙන් පැවසූ විට අනෙක් පාලකතුමා බිම බලාගෙන සිනාසෙන්නට වුණා..

"ආර්ර්හ්හ්හ්..." යැන්සි තම අතෙහි වූ කිනිස්සෙන් ලාන් චිරෙන්ගෙ ඇඟිල්ලෙහි කැපුමක් සිදු කරේ ඔහු වේදනාවෙන් කෑගසද්දී...

ඉන් අනතුරුව ඔහුගේ ඇඟිල්ලෙහි වූ ලේ ඇඳ සලුවෙහි තැවරූ යැන්සි ජයග්‍රාහී ලෙස සිනාසෙන්නට වූ අතර ඒත් සමඟම චිරෙන් ඇයව පසෙකට තල්ලු කර දැමුවා..

"නුඹ උමතුවී ද.. කුමක් නිසාද මාගේ අත තුවාල කලේ.." ලාන් චිරෙන් කෝපයෙන් වෙව්ලමින් යැන්සිගෙන් විමසුවාත් ඇය ඔහු දෙස බලා සිනාසෙන්නට වුණා..

"⁣අපේ විවාහය සම්පූර්ණයි.." යැන්සි පැවසුවේ ලේ පැල්ලම ලාන් චිරෙන්ට පෙන්වමින්.......

.
.
.
.
.
'කණගාටුයි ලින්ජියාඕ.. නමුත් රජ මැදුරේ මගේ පැවැත්ම තහවුරු කරගැනීමට නම් ඔබට මිය යාමටම සිදු වෙනවා.. ඔබට සිදු වූ දෙය මතක තිබෙන තෙක් කිසිවෙක් මාගේ තනතුර පැහැරගැනීමට සිහිනෙකින්වත් නොසිතාවි' තම සිතින් එසේ සිතූ වෙයි වුශියැන් ලින්ජියාඕ ගේ මැදුර තුළට ඇතුලු වූවා..
.
.
.
.
.
.
.
.
මොහොතකට පසු අධිරජුගේ මැදුර..

"අධිරජුනි.. අධිරජුනි.." තම ප්‍රධාන පාලකගේ කෑගැසුම් හඬින් කලබලයට පත් වන්ග්ජි සිය සයනය මත වාඩි වුණා..

"කුමක්ද ගැටලුව පාලක ෂින්.." වන්ග්ජි විමසූ අතර කුටියෙහි දොර විවර කරන් ඇතුළට පැමිණි පාලක ෂින් අධිරජු ඉදිරියේ දණ නැමුවා..

"අධිරජුනි.. අධිරාජිනිය.. එතුමා... එතුමාට..." තවත් කිසිවක් පවසාගත නොහැකි වූ පාලක ෂින් බිම බලන්නට වූ අතර වෙයි වුශියැන්ට යමක් සිදු වී ඇතැයි දැනුන ලාන් වන්ග්ජි සිය සයනයෙන් නැගී සිටියේ බියෙන් තැති ගනිමින්..

"වහා පවසනු.. කුමක්ද මාගේ අධිරාජිනියට සිදුව ඇත්තේ.." වන්ග්ජිගෙ කෑගැසුම් හඬ මැදුර පුරා දෝංකාර දෙන්නට වුණා..

"එතුමාට අසාධ්‍යයි.. ලින්ජියාඕ බිසව එතුමාට............"............
______________________________________

මොන අපරාදයක්ද යකූ චිරෙන් මාමණ්ඩිටසිද්ද වුනේ🤣🤣 සූටි සිත් වලට දරාගන්ඩ අමාරුයි මෙව්වා🤣

මොනා වුනාත් යැන්සි තමා හොඳටම කලේ🤣🤧

අධිරාජිනිය වැඩිය කපටි නෑ.. සුට්ටම සුට්ටයි😈🤧😁 ඊළඟ චැපිය කියවලාම බලන්නකොගැන..

Vote & Comment ❤️

Continue Reading

You'll Also Like

67.8K 9.8K 22
💚අම්මා කෙනෙක් කියන්නෙ ලමයින්ව උපද්දවන කෙනාම විතරක් නෙවෙයි... එයාලව රැක බලාගන්නෙත් අම්මා කෙනෙක්.. හරියට මගේ ජාන් වගේ.. මගේ බේබී නැනී වගේ... නේද බබා...
360K 38.4K 79
අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**
97.9K 22.4K 57
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...