ආයිමත් දවසක .

By LasaluNethmin

41.8K 7.1K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....23
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක...01

4.3K 281 26
By LasaluNethmin

ආයිමත් දවසක....01


"හලෝ යශ්... ඔයා හොදින්ද.. "

"ඔව්  අනූ මම හොදින්...ඇයි හදිසියේම .."

"හදිස්සියෙම නෙවෙයි බන්... නිකන් වත් කෝල් එකක් ගන්නවද තමුසෙ මට.. මන් තමුසෙගෙ ටුවින් කියල වත් මතකද තමුසෙට.. අනික මාස ගානකින් ගෙදර ඇවිල්ලත් නෑ..ඔය තරම්ම වැඩද හලෝ..."

අනූශි ෆෝන් එක කනේ තියාගෙන බැල්කනි එකට වෙලා රෑ කලුවර අතරින් පේන නුගේගොඩ අහස දිහා බලන් කියද්දි එයාට ලයින් එකේ අනික් පැත්තෙ ඉදන්  ලොකු හුස්මක් හෙලන යශිරගෙ සද්දෙ ඇහුන...

පුංචිම කාලෙ ඉදල හැම දේම බෙදා හදාගෙන ජීවත් උන කොයි තරම් රන්ඩු උනත් දෙන්නටම දෙන්න නැතිව බැරි  උන  තමන්ගෙම නිවුන් සහෝදරය දැන් එයා  නැතුව ගෙදරින් ගොඩක් ඈතට වෙලා තනියම අනාතයෙක් වගේ ජීවත් වෙන්න හේතුව  අනූශිට තවම හිතාගන්න බැහැ..
අනූශි ගෑනු ළමෙක් වෙලත් යශිර පිරිමි ලමෙක් වෙලා ඉපදුනත් දෙන්නට දෙන්න කවදාවත් රහස් තියාගන්න පුරුදු වෙලා නෑ.. ඒත් අනූශිට දැනුනෙ ගෙවුන අවුරුදු දෙක ඇතුලත ඒයාගෙයි යශිරගෙයි ජීවිතේ ගොඩක් ඈතට වෙන් වෙලා ගිහිල්ල කියල  . මීට අවුරුද්දකට කලින් යශිර අනුරාධපුරයෙ කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ පත්වීමක් බාරගෙන යන්න යද්දි අනූශි කවදාවත් හිතුවෙ නෑ යශිර මේ තරම්ම පවුලෙන් ඈත් වෙයි කියල විශේෂයෙන් එයාගෙන් ඈත්වෙයි කියල...

මධ්‍යම පන්තියෙ පවුලක පවුලෙ දෙවනිය වෙලා අනූශි ඉපදෙද්දි යශිර අනූශිට වඩා බාල උනේ විනාඩි දෙකකින් වගේ..  පුංචිම කාලෙ ඉදන් පවුලෙ හුරතලා විදිහට යශිර හැදෙද්දි ඇත්තටම පවුලෙ කවුරුත් හිතන්නෙ නැතුව ඇති එයා මේ විදිහට ඈත් වෙයි කියල..
අනූශි එයාටම කියාගන්න ගමන් ලයින් එකේ අනික් පැත්තෙන් සද්දෙ  නැතුව ඉන්න යශිරට කතා කරා..

" යශ්...ඔයා කාලද..."

"හ්ම්ම්.. ඔව්...ඔය කෑවද.. අම්මල ඉන්නව නේද... අයිය  ගෙදර ආවෙ නැද්ද ලගදි..."

"ඔව් අපි කෑව.. අම්මලත් කාල නිදියන්න හදන්නෙ.. අයිය ඊගෙ ආව නෑනයි බබාල දෙන්නයි එක්ක..."

" හ්ම්ම්.. මන් කට්ටිය මතක් කරා කියන්න එහෙනම් මන් තියනව බුදු සරනයි..."

එහෙම කියල අනූශිට ආයි කතා කරන්නත් වෙලාව  ලැබෙන්න  කලින් යශිර ලයින් එක කට් කරල දාල රැහැයියන්ගෙ සද්දෙන් පිරිල ගිහිල්ල තියන රෑ කලුවර නිසා අරමුනක් නැතුව බලන් ඉන්න ගත්තා...

...............................................................

කලබල කාරි කොලබට වඩා.. හැම වෙලාවකම නැවැත්මක් නැතුව සද්දෙ වෙන නලා හඩින් පිරුනු නුගේගොඩට වඩා දැන් යශිර මේ දහවල රස්නයෙන් පිරුනු රෑ වෙද්දි හීතලෙන් පිරෙන අනුරාධපුරයට ආදරේ කරන්න පටන් අරන් කියල යශිරගෙ හිත කිව්වෙ ෆෝන් එක කලිසමේ සාක්කුවට දාගෙන ගෙදර ඉස්සරහ තියන සිමෙන්ති බැම්ම උඩ වාඩි වෙන  ගමන්. නොවැම්බර් මාසෙ නිසා ටික ටික රෑ වෙද්දි දැන් සීතල වැඩි වෙනව කියල යශිරට දැනුන...
පෙබරවාරි වෙද්දි මේ හීතල මීටත් වඩා වැඩිවෙයි කියල යශිර හිතෙන් එයාටම කියාගන්න ගමන් තවත් ලොකු හුස්මක් හෙලල අත් දෙක පිටිපස්සට තියාගෙන ඒ දිහාට බර වෙන ගමන් මිදුලෙ තියන දිවුල් ගහේ අතු පතර තියෙන හිඩසෙන් පේන රෑ අහස දිහා බලන්න ගත්තා...

...............................................................

" සුදු දූ..."

"මන් එලියෙ අම්මා..."

"ඔයා මල්ලිට කෝල් කරාද..."

"ඔව් අම්ම මේ කට් කරා විතරයි කෝල් එක.."

"ම්ම්...මොකද කියන්නෙ මිනිහ..."

"මොකුත් විශේෂයක් නෑ අම්ම්ම..ඒත් දැන්ම එන්න වෙන එකක් නෑ කියල කිව්වෙ නිවාඩු නෑ කියල..."

අනූශි බොරුවක් කියන ගමන් අම්මගෙ ලගට යද්දි   අනූශිගෙ අම්ම යාන්තම් හිනා උනේ ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ කියල බැල්මකින්...

" එයාට කැමති දවසක එයාට ඕනි කියල හිතුන දවසක එයා ගෙදර එයි පුතේ.. අනික එයා කොල්ලෙක්නෙ.. කොල්ලො ඔහොම තමා..."

"අම්ම තමා මල්ලිව හුරතල් කරන්නෙ..."

"මන් කරන හුරතලයක් නෑ දරුවො අම්මා උන පලියට ඒ ලමයට වද දිදී ගෙදර එන්න කියන්න මට බෑනෙ..මන් ඔයාල ඉපදුන දවසෙ ඉදල උගන්නල ලොකු මහත් කරේ ගෙදර හිර කරන් ඉන්න නෙවෙයි .. "

"ඒත් අම්ම.. ඔයාට එයා නැතුව පාලු නැද්ද..."

"පාලුයි තමයි  දරුවො ඒත් මක් කරන්නද අපිට හැමදාම එකම විදිහට ඉන්න බෑනෙ...අනික ඔයත් මල්ලි පස්සෙ  එල්ලි එල්ලි දගලන්නෙ නැතුව තමන්ගෙ මහත්තය ගැන හොයල බැලුවනම් හොද නැද්ද...."

"අනේ එයා ගැන මොනා හොයන්නද අම්මා..."

"ඇත්තටම ඒ දරුව හින්දම හොදා වෙන කොල්ලෙක් නම් මෙලහට දාල ගිහිල්ල.. යමු ගෙට දැන් වත් අප්පච්චි නිදි ඇති .."

..............................................................

උදේම එලාම් එක වදිද්දි යශිර ඒක නින්දෙන්ම ඕෆ් කරල දාල ආයිමත් පොරවන් ඉන්න රෙද්දට ගුලි උනේ දැනෙන හීතල දරා ගන්න බැරි තරම් නිසා..

ආයි විනාඩි පහක් යන්න කලින්  එලාම් එක වදිද්දි යශිර ඇදෙන් අමාරුවෙන් බැස්සෙ පොරවන් ඉදපු රෙද්ද ආපහු ඇග වටේ ඔතාගන්න ගමන්...

නිදිමතේ එහෙ මෙහෙ වැනෙන ගමන් කුස්සිය දිහාට ගිය එයා කුස්සියෙ දොර ඇරගෙනම ....
හය වෙලා තිබ්බ උනත්  වටපිටාමව මීදුමෙන් පිරිල ගිහිල්ල බැලු බැල්මට කියන්න බෑ  නිකන් නුවර එලියෙ ගිහිල්ල වගේ...

එලියෙන් හදල තියන නාන කාබරේට ගිහිල්ල සීතල පිරුනු වතුරෙන් යාන්තම් මූන සෝදන් ගෙට ආව යශිර වතුර එකක් රත් වෙන්න තියල ආපහු එලියට ගිහිල්ල දත් බුරුසුව අතට අරගෙන දත් මදින ගමන් එයාගෙ ඉස්සරහින්  මීදුම බැදිල තියන කනාඩිය අතින් පිහිදල දැන්ම..

සති තුනකින්  විතර කපපු නැති නිසා රැවුල එහෙන් මෙහෙන්  වැවිල නේද කියල යශිරගෙ හිත එයාටම කියද්දි එයා අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ අතින් පීරගත්තෙ දත් මදින ගමන්මයි..

මූන හෝදන් ගෙට එද්දි හීටරේ ඕෆ් වෙලා නිසා එයා එහෙමම ගිහිල්ල කිරි එකක් හදාගෙන ඒකත් අතට අරගෙනම ආපහු කාබරේ දිහාට ගිහිල්ල   කිරි එක මේසෙ උඩින් තියල රැක් එකේ වනල තිබ්බ ඩෙනිම අරන් ඇදගත්තෙ අද ඔෆිස් එකට යනව වෙනුවට ෆීල්ඩ් එකේ යන්න වෙන නිසා...

................................................................

ඇදගෙන ඉවර වෙලා කිරි වීදුරුවෙ ඉතුරු වෙලා තිබ්බ අන්තිම කිරි උගුරත් බීපු යශිර හැඩි වෙලා තිබ්බ ඇද හදල දාල  මේසෙ උඩ තියන සයිඩ් බෑග් එක අරගෙන  කාබරේ ලයිට් එක නිවාගෙන  කාබරෙන් එලියට ආව...

සාලෙ මේසෙ උඩ තිබ්බ හෙල්මට් එක අතට අරගෙන එයා සයිඩ් බෑග් එකත් උරහිස්සෙට  දාගෙන ගෙයින් එලියට බැස්සෙ තවමත් මීදුමෙන් පිරිල තියන පරිසරය දිහා බලන්මයි..

ගේ ලොක් කරල යතුර බෑග් එකට දාගත්ත යශිර ඉසතෝප්පුවෙ තිබ්බ බයික් එකට නැගල ඒක මිදුලට දාද්දිම මෙච්චර වෙලා නිසොල්මන්ව තිබ්බ පරිසරයෙ තිබ්බ නිසක්සල බව නැති කරන්න වගේ පොඩි හුලගක් හමද්දි ඒ හුලගින් මිදුලෙ තිබ්බ දිවුල් ගහේ කොල යාන්තමට හොලවද්දි ඒව වල රැදිල තිබ්බ පිනි බින්දු යශිරගෙ ඇගට වැටුනා..

ඒ දැනෙන සීතල නැවුම් හැගීම එක්ක යශිර ආයිමත් හිත නිදහස් කරගන්න ගමන් හෙල්මට් එක දාගෙන බයික් එක ස්ටාට් කරල පාරට දැන්ම....

.........................................................

මතුසමබන්දයි...

Continue Reading

You'll Also Like

318K 33.4K 105
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
6.6M 431K 94
Hanary Victor + Loon Tar Nay San
388K 9.8K 51
တစ်နေ့တစ်နေ့ခေါင်းထဲမှာကလဲ့စားချေမှုသာအပြည့်ရှိနေသော ခပ်အေးအေးနေတတ်သော မာဖီးယားနှင့်.... ဘာပဲလုပ်လုပ် တလွဲတွေလုပ်တတ်နေသော ကောင်မလေးတို့ နှစ်‌ယောက်ဟာ...
3.9M 413K 41
Myanmar BL