πŸ³οΈβ€πŸŒˆ LOVE IS not OVER πŸ³οΈβ€πŸŒˆ

By _Ireney_

21.9K 3.2K 3.5K

Love can touch us one time.. And last for a lifetime.. And never let go till we're gone.. πŸ’œοΈπŸ’š Love was when... More

πŸ’š Begin πŸ’œοΈ
πŸ’œοΈ Nothing Like Us πŸ’š
πŸ’š Lost Stars πŸ’œοΈ
πŸ’œοΈ Paper Hearts πŸ’š
πŸ’š Love Is Not Over πŸ’œοΈ
πŸ’œοΈ Lemon πŸ’š
πŸ’œοΈ Purpose πŸ’š
πŸ’š Someone Like You πŸ’œοΈ
πŸ’œοΈ Ending Scene πŸ’š
πŸ’š Still With You πŸ’œοΈ
πŸ’œοΈ Falling πŸ’š
πŸ’š 2U πŸ’œοΈ
πŸ’œοΈ Never Not πŸ’š
πŸ’š Scenery πŸ’œοΈ
πŸ’œοΈ Your Eyes Tell πŸ’š
πŸ’š Christmas Tree πŸ’œοΈ
πŸ’œοΈ Outlaws Of Love πŸ’š
πŸ’š All Of Me πŸ’œοΈ
COMPLETED πŸ““

πŸ’š Only Then πŸ’œοΈ

947 172 94
By _Ireney_

(TAEHYUNG's POV)

Flashback ⏮

"ඉතින් මේක Armyලත් දැනගත්තම මොකද..
අපි කොහොමත් දවසක එයාලට කියන්න ඉන්නෙ..
ඔයාලනෙ කියන්න⁣ දෙන්නෙ නැත්තෙ.."

"යාහ්..! මිච්චස්සො..?!
තමුන්ල දෙන්නා තමයි මේ band එකේ famousම දෙන්නා කියල දන්නවා නේද..?!
හිතන්නෙ හැමෝම මල් පාවඩ දාලා මේක පිළිගනියි කියලද..?!
මිනිස්සු හැමෝම එකවගේ හිතන අය නෙවෙයි ජන්කුක්..
හැමදේම විනාස වෙයි..!!
මේක සෙල්ලමක් කියලද හිතාගෙන ඉන්නෙ..?!
Dispatch එකට හැමදාම සල්ලි දීලා ශේප් කරන්න බෑනෙ..
දැක්කනෙ news එක..?!
තව කොච්චර දුර යන්න පුළුවන් බෑන්ඩ් එකක්ද මේක..?!
මොළයක් නැද්ද ඇත්තට..?!"

Manager nim කෑගහද්දි නම්ජුනි හ්යොන්ග් බැලුවෙ මෙච්චර වෙලා එකට එක කියලා ඒ කතාවට බිම බලාගත්ත ජන්කුකී දිහා..
මටත් කියන්න ඕනිතරම් දේවල් තිබුණා..
ඒත් ඒවා කියලා වැඩක් වැඩක් නෑ කියලා මම දැනගෙන හිටියා..

"මැනේජර් නිම්.. මම එයාලට කතා කරන්නම්..
අපි මේක කතා කරල විසඳගමු..
ප්ලීස් කොල්ලො දෙන්නට බනින්න එපා.."

නම්ජුන් හ්යොන්ග් එහෙම කිව්වම මගේ ඇස්වල කඳුළු පිරුණෙ හදවත හරහා සියුම් රිදුමක් පැතිරීගෙන යද්දි..
නම්ජුන් හ්යොන්ග් හැමදාම අපි දෙන්නට අනතුරු ඇඟෙව්වා..
ඒකට හේතුව අපිට තේරුණේ Dispatch එකෙන් අපිව expose කරන්න ලෑස්ති වෙන්නෙ කියලා සාක්ෂිත් එක්කම ඔප්පු වෙද්දි..
සමහරවිට අපි හිතුවක්කාර වුණ නිසා මෙහෙම වෙන්න ඇති..
ඒත් ඒක අපි හිතල කරන දෙයක් නෙවෙයි..
ආදරය කරන කෙනා ළඟ ඉද්දි හැමෝටම බාහිර ලෝකය අමතක වෙන වෙලාවල් තියෙනවා නේද..
එහෙනම් ඇයි අපි විතරක් වැරදි..
එයත් කොල්ලෙක් මමත් කොල්ලෙක් නිසාද..?
අපි වැරදි වෙන්න තිබුණා, අපි අපේ ශාරීරික අවශ්‍යතා සපුරගන්න විතරක් එහෙම බැඳීමක් ඇති කරගත්තනම්..
එහෙනම් ඇත්තටම ඒක මානසික ලෙඩක්..
ඒත්.. අපි දෙන්නා එහෙම නෙවෙයි..
අපි දෙන්නා තමයි අපි දෙන්නගෙ ලෝකෙම..

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
PD-nim එක්ක මම කතා කළා..
ඔයාලට වටින්නෙ ඔයාලගෙ music career එකද එහෙමත් නැත්නම් යාලගෙ relationship එකද..?
ඔයාලාට දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.."

Manager nim කියද්දි ජන්කුක් ඔළුව උස්සලා බැලුවෙ ගොඩක් පුදුමෙන්..
ඊළඟට එයා බැලුවෙ මං දිහා..
ඒ කඳුළු නිසා දිලිසෙන ඇස්වල පිරිල තියෙන්නෙ අසරණකමක්..
මගේ හිත තවත් රිදෙන්නෙ ඒකයි..
හදවත පපුවෙන් එළියට පනින තරම් වේගයෙන් ගැහෙද්දි, උගුර හරහා පපුව මැදින් ලොකු රිදුමක් ගමන් කරද්දි මම බැලුවෙ නම්ජුන් හ්යොන්ග් දිහා..

"හ්යොන්ග්.. මේක..
මේක හරියට..
අපේ ඔම්මයි අප්පයි දෙන්නගෙන් කෙ⁣නෙක් තෝරගන්න කිව්වා වගේ දෙයක්නෙ.."

මම කිව්වෙ වේදනාව නිසා උගුර හිරවෙලා වගේ මට දැනෙද්දි..

"අපි මේ ගැන කතා කරලා උත්තරයක් දෙන්නම් මැනේජර් නිම්.."

නම්ජුන් හ්යොන්ග් මගේ උරහිසට තට්ටු කරන ගමන් කිව්වා..
හ්යොන්ග් එහෙම කරන්නෙ එයාට අපිව ශක්තිමත්ව දකින්න ඕනි වුණාම..
මම ඉක්මණට කඳුළු පිහදාගත්තෙ ඒකයි..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇති......!!"

හැමෝමත් එක්ක එක එක දේවල් කියවද්දි මම කෑගැහුවෙ ඔළුවත් බදාගෙන..

"මොනවද මේ කියන්නෙ..?!
Disband වෙන්න..?!"

මම ඇහුවෙ ජින් හ්යොන්ගෙන්..

"ඔව්.. disband වෙමු..
මේක විතරක්ම නෙවෙයි තව හේතු ගොඩක් තියෙනවා..
කොහොමත් අපිට මේක කරන්න බැරිවෙන විදියට තමයි හැමදේම සිද්ධවෙන්නෙ..
Membersලව සම්පූර්ණ නැත්නම්, කවුරුහරි අසතුටින් නම්, BTS කියල දෙයක් තවදුරටත් ඕනි නෑ..
අපි disband වෙ_

"හ්යොන්ග්...!! ම්ච්චස්සො..?!"

රැප්මොනී හ්යොන්ග් කෑගැහුවෙ බැරිම තැන..

"මෙච්චර දුර කට්ට කාගෙන ආවෙ disband වෙන්නද..?!"

ජින් හ්යොන්ග් හොරෙන් කඳුළු පිහදාගන්න හැටි මම දැක්කා..
එයා මේවා කියන්නෙ හිතේ වේදනාවට කියලා මම හොඳටම දන්නවා..

මම ගැඹුරින් හුස්මක් ගත්තා..
තියෙන්නෙ එක විසඳුමයි..
ජන්කුකී ⁣සෝෆා එකේ පැත්තක ඉඳගෙන ඔහේ මගේ දිහා බලාගෙන ඉන්න⁣වා..
හරියට මම ගන්න යන තීරණය ගැන එයා දැනටමත් දන්නවා වගේ..

"අපි මේ relationship එක නවත්තන්නම්..
අපි කවදහරි stable වෙනකම්.."

මම එහෙම කිව්වම මුළු කාමරයම මීයට පිම්බා වගේ නිහඬ වුණා..
මුලින්ම නිහඬතාව බින්ඳෙ ජන්කුක්..

"හ්යොන්ගී..?!"

මම එයා දිහා බැලුවෙ නෑ..
එහෙම බලන්න තරම් මට ශක්තියක් තිබුණෙ නෑ..

"නම්ජුන් හ්යොන්ග්..,
ගිහින් මැනේජර් නිම්ට කියන්න, Dispatch එකේ උන්ට හොයන්න දෙයක් ආයෙත් BTS band එක ඇතුළෙ නෑ කියලා..

මම නැගිටලා මගේ room එකට ගියේ ජන්කුකී ඇස්දෙකත් ලොකු කරගෙන හාවෙක් වගේ අසරණව බලාගෙන ඉද්දි..
හග් එකක්වත් දෙන්නෙ නැතුව ඒ කඳුළු පිරුණු ඇස් මඟඇරලා යන්න තරම් මම පව්කාරයෙක් වුණා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මොකක්දකළේ හ්යොන්ග්..?!
ආදරේ කළේ අපි දෙන්නම..
තනි තීරණ ගන්න අයිතියක් කොහෙන්ද ඔයාට..?!"

ජන්කුක් හිටියෙ මගේ ටී ශර්ට් එකෙන් තදින් අල්ලගෙන..

"මාව අතාරින්න කුකී.."

මම කිව්වෙ මෙච්චර වෙලා හංගගෙන හිටපු කඳුළු ඔහේ ගලාගෙන යද්දි..

"ඇයි එහෙම කළේ කියනවා....!!"

ජන්කුක් කෑගැහුවෙ මගේ ඇස්වලින් ගලන කඳුළු එයාට පේනවත් එක්කම ඉක්මණට පිහදාන ගමන්..
එයා දකින්න ආසම නැති දේ තමයි එයා නිසා හිත රිදුණම වැටෙන මගේ කඳුළු..

මම එයාව මගේ ළඟට ඇදල අරගෙන සිපගත්තෙ ගොඩ කාලෙකට එයාව මගෙන් ඈත් කරන්න හිතාගෙන..
ඒක ගොඩක් ගැඹුරු හාදුවක් වුණේ ඒකයි..

"අපි සාමාන්‍ය විදියට ඉමු කුකී..
මේ හැම කරදරයක්ම ඉවර වෙලා අපිට නිදහසේ ආදරය කරන්න පුළුවන් කාලයක් එයි..
හොබී හ්යොන්ග් කියන්නෙත් Never lose hope කියලනෙ..
අපි ඉවසමු.."

"මට.. මට එහෙම ඉන්න තේරෙන්නෙ නෑ හ්යොන්ග්..
ඔයා නැතුව.. අපේ ආදරේ නැතුව.. යාළුවො වගේ විතරක්..
මට රඟපාන්න කියලද කියන්නෙ..?!"

මට දෙන්න උත්තරයක් නෑ කුකී..
කාලෙත් එක්ක ඔයාට පුරුදු වෙයි ඒක..
මම ටික ටික ඔයාගෙන් ඈත් වෙන්නම්..
හ්යොන්ග්ලා ඔයාව බලාගනියි..
මමත් ඔයා දිහා ඈතට වෙලා වුණත් බලාගෙනම ඉන්නම්..

මම ඒ ඇස් දිහා බලාගෙන හිතු⁣වෙ එයාගෙ කඳුළු පිහදාන ගමන්..
මම දන්නෙ නෑ මට එයාව එහෙම දුරස් කරන්න පුළුවන් වෙයිද කියලනම්..
ඒත් මම උත්සහ කරනවා..
මොකද හැමදාම කියනවා වගේ, Bangtan comes first 💜️
අපි දෙන්නත් මුණගැහුණෙ BTS නිසා..
BTS තමයි අපි හැමෝගෙම අනන්‍යතාව..
ඒක අපේ ආදරය නිසා නැතිවෙනවා දකින්න මට ඕනි වුණේ නෑ..
ජන්කුකී ඒක තේරුම් ගනියි..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"යුන්ගි හ්යොන්ග් අපි දෙන්නට letters ලියලා.."

ඒ සිද්ධියෙන් දවස් දෙක තුනකට පස්සෙ ජන්කුකී ඇවිත් මගේ කාමරයෙන් එළියෙ ඉඳන් මට letter එකක් දෙන ගමන් කිව්වා..

"මොකක්..?! යුන්ගි හ්යොන්ග්..?"

මම පුදුම වුණේ Suga hyung සාමාන්‍යයෙන් එහෙම membersලට letters දෙන එක වගේ දේවල් කරන්න ටිකක් ලැජ්ජකාරයෙක් නිසා..

"ඔව්.. දෙන්නත් එක්කම කියවන්න කිව්වෙ..
ඒත් cameras check කරද්දිමම ආවා කියලා දැක්කොත් අවුලක් වෙයි.."

ජන්කුකී එහෙම කියලා යන්න හදනකොට මම එයාට කතා කළා..

"එන්න.. එයා කිව්වෙ එහෙමනම් අපි එහෙම නේද කියවන්න ඕනි..?
අපි letter එකක් කියවනවා විතරනෙ..
අතනින් ඉඳගෙන කියවමු..
Cameras වලට පේනවනෙ එතකොට හොඳට අපි letter එකක් කියවනවා විතරයි කියලා.."

අපි දෙන්නම මගේ කාමරේ සෝෆා එක ළඟ වාඩිවෙලා letters කියවන්න පටන් ගත්තා..
Suga hyung කියයි කියලා කවදාවත් බලා⁣පොරොත්තු නොවුණු ආදරණීය වචන ගොඩක් ඒ lettersවල එයාගෙම අත්අකුරෙන් ලියලා තිබුණා..

You did well..
BTS තෝරගත්තට කුමාවොයෝ..
වගේම විශේෂයෙන්ම කියන්න ඕනි..
ඔයාලගෙ ආදරය වැරැද්දක් නෙවෙයි..
ඒ වගේම අපි ඔයාලව පිළිඅරගෙන ඉවරයි ටේහ්‍යුන්ගි..
ඒත් අපිට ඉවසන්න වෙයි හරි කාලය එනකම්..
එතකොට ඔයාලා නිදහස්..
ශක්තිමත්ව ජීවිතයට අපි මුහුණ දෙමු..
ඔයාලත් එක්කම අපිත් ඔයා⁣ලගෙ දුක උහුලනවා කියලා මතක තියාගන්න..
මේ ටික මට මුහුණට කියන්න බෑ කියලා දන්නවනෙ..
ඒකයි මෙහෙම ලියලා එව්වෙ..
මට ඕනි වුණේ අපි ඔයාලට ඉන්නවා කියලා කියන්න..
ආයෙත් කියනවා..
"ඔයාලා කළේ වැරැද්දක් නෙවෙයි..
වගේම මම ඔය⁣ දෙන්නට ගොඩක් ආදරෙයි.."

PS: මේක ගැන ආයෙත් මගෙන් අහන්නත් එපා.. මම මෙහෙම ලිව්වා කියලා කාටවත් කියන්නත් එපා..
හ්යොන්ග් කියන දේ අහයි කියලා විශ්වාස කරනවා..
සතුටින් ඉන්න.. සරන්හේ..

මම අඬනවා කියලා මට තේරුණේ කඳුළු බින්දුවක් ලියුම උඩට වැටුණම..
ඒ වචන.. මේ වෙලාවෙ අපිට ගොඩක්ම වටින්නෙ එහෙම වචන ටිකක් කියලා හ්යොන්ග් දන්නෙ කොහොමද..

"අඬන්න පා කුකී..
අපි එයාලා වෙනුවෙන් සතුටින් ඉමු..
කඳුළු පිහදාගන්න.."

මම කිව්වම කුකී ඉක්මණට කඳුළු පිහිදාගත්තෙ ඒ වචන මට වගේම එයාටත් ලොකු ශක්තියක් වුණු නිසා වෙන්න ඇති..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(⏳TIME PASSED⏳)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

📞📞📞

"කොහෙද ඕයි ගියේ කියන්නෙවත් නැතුව..?

"යාළුවෙක් මීට්වෙන්න ගියා ජිමිනා..
දැන් ටිකකට කලින් ආවෙ..
මේ ඒක නෙවෙයි..
ජන්කුකී කොහෙද කියල බැලුවෙ..
අද dinner table එකේ හිටියෙ නෑනෙ..

"ආහ්.. එයා අද මාත් එක්ක කලින්ම dinner ගත්තා ටේටේ.."

"හ්ම් එහෙනම් කමක් නෑ..
අවුලක් නැතුව ඉන්නවා නේද..?"

"දැන්නම් නිදාගන්න යනවා කියල ගියා.."

"හ්ම්.. Good night ජිමිනා.."

"Good night ටේටේ.."

Call එක cut කරනවත් එක්කම message එකක්..
ජන්කුකීගෙන්..

📩

Jungkook : දැන් ටිකකට කලින් නේද ආවෙ හ්යොන්ග්..?
කොහෙද ගියේ..?

Taehyung : යාළුවෙක් මීට් වෙන්න ගියා කුකී..

Jungkook : හ්ම්.. Dinner ගත්තද..?

Taehyung : නෑ.. අද බඩගිනි නෑ වගේ..

Jungkook : Kitchen එකට එන්න පුළුවන්ද..?
මම ඔයාට රාමෙන් හැදුවා..
ඇවිත් කාලා යන්න..

__Few minutes later__

Taehyung : හ්ම්.. මම න්නම්..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ජන්කුක් ටේහ්‍යුන්ග්.. ඔය දෙන්නා ඈත්වෙන්න.."

Director nim කිව්වම මමයි ජන්කුකීයි දෙපැත්තට වුණා..

"Perfect.. දැන් හරි.."

එතකොට ඒක imperfect වුණේ ජන්කුකී මගේ කරට අත දාගෙන හිටපු නිසාද..
මම හිනාවෙලා බිම බලා⁣ගත්තෙ කරන්න දෙයක් නැතිකමට..

"ටේහ්‍යුන්ග් ඉස්සරහ බලන්න..
හැමෝම දැන් හිනාවෙන්න..
Wooww.. හරිම ලස්සනයි..
හැමෝම සතුටින්.."

හිනාවෙන හැමෝම සතුටින්ද..
එහෙම වුණානම් කොච්චර දෙයක්ද..
එහෙනම් ලෝකෙ කොච්චර ලස්සන තැනක් වෙයිද..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(End of the flashback)

(PRESENT)

"ටේහ්‍යුන්ග් බොස්..
දැන් මේක වහන වෙලාව.."

Bodyguard කෙනෙක් ඇවිත් එහෙම කියනවා ලාවට වගේ මට ඇහෙද්දි මම බෝතලේ ඉතුරු වෙලා තිබුණු ඉතුරු බ්‍රැන්ඩි උගුරත් කටට හලාගත්තා..


"ඔයාලා දැන්... ගෙදර යන්න...තේරුණාද.......
මම අද... මෙහෙ රූම් එකක් බුක් කළා..
අපරාදෙනෙ බන්......
අද ම.... මෙහෙ ඉන්නවා..."

මම කිව්වෙ තව බ්‍රැන්ඩි බෝතලයක් අරන් බාර් ටේබල් එකෙන් නැගිටින ගමන්..

"ඒත් බොස්..
මිස් අපිට බනි_

"මිස්ට කියනවා...... මට වැදගත් වැඩක් තියෙනවා කියලා...... රයිට්..??
මට ටිකක්.... නිදහසේ...... ඉන්න ඕනි බන්.."

"හරි බොස්.."

Bodyguardsලා පිටත් කරලා මම බාර් එක වහනකම් එතනට වෙලා හිටියා..
ඔළුව පැලෙන්න වගේ රිදෙන නිසා මම අත්වලින් ඔළුව මසාජ් කරගත්තෙ drinks අරගෙන වැඩිකමටද කොහෙද ඇස්වලින් කඳුළු එද්දි..

මට එකපාරටම බාර් එකේ වීදුරු දොරෙන් එළිය බැලුනෙ කවුරුහරි මා දිහා බලාගෙන ඉන්නවා කියලා දැනුණු නිසා..
ඒ කවුද.. වීදුරුවෙන් එහා පැත්තෙ ඉඳගෙන මං දිහාම බලාගෙන ඉන්නවා..
සමහර විට මම එයා දිහා බලාගෙන ඉන්නවා කියලා එයාට හරියටම පේන්නෙ නැතුව ඇති..

ඇත්තටම ඒ කවුද..
මම බාර් එකෙන් එළියට ගියේ හරියට එයා කවුද කියල බලාගන්න..
ඒත් මම එතනට යනවත් එක්කම එයා ඉක්මණින් ඈතට ඇවිදගෙන යන්න පටන් ගත්තා..

මට ඇවිදගන්නත් බෑ වැනෙනවා..
ඔළුවත් එක්ක කැරකෙනවා වගේ..
ඒත් මම පුළුවන් තරම් ඉක්මණින් අඩිය තිබ්බා..
එයා කොහෙද..
මම වටපිට බැලුවා..
එයා කොහෙවත් නෑ..
ඒ ජන්කුකී තමයි..
මට හොඳටම විශ්වාසයි..

"ජන්කුකී...............!!"

මම එතනම දණින් වැටුණෙ එහෙම කෑ ගහන ගමන්..

"ඉන්න තැනකින් එක පාරක් මං ළඟට ඇවිත් යන්න.. චේබල්.."

මගේ ඇස් නිලංකාර වුණා..
වටපිටාව ටිකෙන් ටික බොඳවෙද්දි මම ශක්තිමත් අත්දෙකක් උඩට ඇදගෙන වැටුණා..
මාස්ක් එකක් දාගෙන හිටියට ඒ ලොකු ඇස් මට අඳුරගන්න පුළුවන්..
ඒ මගේ ජන්කුකී තමයි..
මම මගේ අත යන්තමින් උස්සලා එයාගෙ මාස්ක් එක ගැලෙව්වා..

මම හිතුවා හරි..
ඒ එයාම තමයි..
මගේ පණ මගේ ඉස්සරහ ඉන්නවා..

"ජ..ජන්කුකී...?!!!"

මම මගේ වෙව්ලන අත්වලින් ඒ සුදු මුහුණ අතගෑවා..
මේක හීනයක්ද..
එහෙනම් මාව මෙහෙමම මැරිල ගියදෙන්..
ඇහැරෙන්න නම් එපා..

"මාව දාල යන්න එපා කුකී.."

වටපිටාව සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා යද්දි මම ඒ අත්වලින් තදින් අල්ලගත්තා..
දැන් මැරිල ගියත් මට සැනසීමක් ඒක..
මම ඉන්නෙ එයා ළඟ නිසා..
ඒ මුහුණ ටික ටික බොඳවෙලා යන හැටි මම බලාගෙන හිටියෙ ආදරයෙන්.. ලෝබකමින්..

මුව පොව්වෙකුගෙන් හොරෙන් ගත්ත ඇස්වලට..
හා පැටවෙකුගෙන් උදුරගත්ත දත් පෙළට..
තොල් දාරයක දෙවියන් තිබ්බ කළු තිතට..
දන්නවනම් නුඹ.. ලෝබ තරමක් මම නුඹට..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(JUNGKOOK's POV)

Flashback ⏮

"මාව දාලයන්න එපා කුකී ඔහොම..
මට ඔයාව ඕනිම වෙලාවල්වලදි ඔයා මගේ ළඟ නෑ.."

එයා කිව්වෙ මගේ අතින් තදින් අල්ලගෙන..
අපි ඉන්නෙ Melon Music Awards වල backstage එකේ..

"ඇයි මම එහෙම ඉන්න ඕනි..?
මට හේතුව කියන්නකො හ්යොන්ගි.."

මම හිටියෙ කේන්තියෙන්..
එක සිදුවීමක් නිසා..
මම මේ තරම් දේවල් විඳදරාගෙන ඉද්දි හ්යොන්ගිට එහෙම කරන්න පුළුවන්ද..
ම⁣ගේ තැන වෙන කාටවත් දෙන්න පුළුවන්ද..

එයා වැරැද්දක් කළේ නෑ තමයි..
ඒත් මට දුක හිතෙනවා..
එයාට පාළු ඇති තමයි..
ඒත්, මමත් මගේ වටේ දාහක් අය හිටියත් ඉන්නෙ එයා නැතුව පාළුවෙන් තමයි..

"කියන්න හියොන්ග්..
ඇයි මම ඔයා ළඟ එහෙම ඉන්න ඕනි..?"

හ්යොන්ග් ටිකක් වෙලා කල්පනා කළේ මගේ ඇස් දිහාම බලාගෙන..
ඒ ඇස් ගොඩක් අහිංසකයි..
හිත රිදුණම ලාවට කඳුළු පටලයක් ඇඳිල දිලිසෙද්දි, මට තවත් ඒ දිහා බලාගෙන ඉන්න බෑ..
මම අහක බලාගත්තා..

"ඔයා.. මගේ හොඳම යාළුවා නිසා.."

"ඔයාට තව ගොඩක් යාළුවො ඉන්නවනෙ දැන්..
අර එක්කෙනෙක් ඇවිත් බදාගෙන ඉඳලත් ගියේ.."

"ජන්කුකී ඒ මගේ යාළුවො විතරයි..
එයාලා එහෙම හිතන අය නෙවෙයි.."

"එතකොට මම..?!"

"ඔයා මගේ කුකීනෙ.."

ඒ කියපු විදියට මට හිනා නොවී ඉන්න බැරිවුණා..
හැමදාම වගේ අපි දුක හංගගෙන හිනාවුණා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අමාරු නෑ නුඹ හිතන තරම්, මට ආදරය කරන එක..
මාව වැළඳගන්න දැන්, හැමදේම අමතක කර..
අපි නොදන්නා නමුත් අපිට ඉදිරියට සිදුවන දේ ගැන..
මට සතුටුයි, තවමත් නුඹ තීරණයක් නොගැනීම ගැන..

ලෝකය පවසන දේ ගැන වදවෙන්නෙ කුමකටද..
අපිට අපි නැතුව ජීවත් වීමට නොහැකි තැන..
සතුටින් ඉන්න මාත් එක්කම, ලෝකයම අමතක කර..
ආදරය රැකේවි, අපේ හදවත් හමුවන තැනක..

නුඹට මට වඩා ආදරය කළහැකි කෙනෙක් හමුවන දවසක..
මම නුඹ නැතිව ජීවත් වෙන්න හුරුවූ දවසක..
නැවතුමම මිස වෙන කිසිදු විසඳුමක් නැතිවූ දවසක..
එදාට විතරක්ම..
එදාට විතරක්ම..
එදාට විතරක්ම..
අපිට පෙන් වෙන්වීමට හැකිවනු ඇත..

තවදුරටත් අවැසි නැතත් නුඹට මාව..
දිගටම එන්නම් මම, අත අල්ලගෙන නුඹත් එක්කම..
වෙහෙස දරාගත නොහැකිව බිම ඇදවැටී මේ පියවර නැවතුණු දිනක..
නැවතුමම හැර වෙන විසඳුමක් නොම වූ දිනක..
එදාට විතරක්ම..
එදාට විතරක්ම..
එදාට විතරක්ම..
අපිට අපෙන් වෙන්වීමට හැකි⁣වනු ඇත..

Only then..
Only then..
Only then..
We can break up.. 💚💜️

_💜️💚_

Continue Reading

You'll Also Like

1.2M 53.1K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
108K 4.4K 58
━ ❝ π˜πŽπ”π‘ πŒπˆππ„ π’π€πŠπ”π‘π€. 𝐀𝐋𝐋 πŒπˆππ„ ! ❞ . . . . . . . . . . ➜ 𝐈𝐍 π–π‡πˆπ‚π‡, A Barista meets Hawks...
5.3K 51 13
Evelyn North - A shy, insecure girl who who hasn't been to a school since she left year six due to being homeschooled, what happens when she finally...