මන්දාරම්

By Senhas_Perera

16.2K 2.1K 726

සෙහස් කියන හිරිමල් වයසේ කොල්ලෙක්ගේ ආදර අන්දරය...💃 කියවලම බලන්න්කෝ...😉 More

2 වන කොටස
3 වන කොටස
4 වන කොටස
5 වන කොටස
6 වන කොටස
7 වන කොටස
8 වන කොටස
9 වන කොටස
10 වන කොටස
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
අවසාන කොටස

1 වන කොටස

2.6K 235 34
By Senhas_Perera


" ප්ලීස් ,යසිරු තේරුම් ගනින්කො මං එයාට කැමති නෑ ....මං අකමැති එකෙකුට මං කොහොමද බං කැමති වෙන්නෙ...."

යසිරු ගෙනාපු යෝජනාව නිසා මගෙ යකා ඇවිස්සුනා...

"උගෙ මොන අඩුවක්ද සෙහස්....ඌ උබට පණ ඇරලා...නැත්තන් මෙච්චර උබ බෑ බෑ ගාද්දි මෙහෙම පස්සෙන් එන්නෑනෙ... අනික ඉස්සර අපේ ඉස්කෝලෙ හොදයි කියලා එකෙකුට හිටියේ ඉන්දීවර අය්යා විතරයි...."

යසිරුගේ මේ මල විකාර නම් මහා ඔලුව කැක්කුමක්...ඌට ඔච්චරටම ඉන්දීවර හොදයි නම් ඌටම බැදගන්න තිබ්බනෙ.... මට මොන මගුලක්ද කියන්නෙ...#

" උබට ඔච්චරටම ඉන්දීවර හොදයි නම් උබ පලයන්කෝ ඌත් එක්ක....මට පාඩුවෙ ඉන්න දීලා..."

" අනේ මේ සෙහස් ...උබව නම් මට තේරුම් ගන්න අමාරුයි බං....උබේ කැමැත්තක් ඉතින් ...මං උබට බලකරන්නෑ...ඒත් මං කියන්නෙ ආපහු හිතලා බලපන් ..."

යසී කියලා ඉවර වෙද්දිම මාව ඉස්සරහට විසික් උනේ දුශේන් කොහෙදෝ ඉදන් දුවන් ඇවිත් මගේ උරහිසේ එල්ලුන හින්දා ....

" තො කොහෙද බල්ලො යන්නෙ...පාර බලාගෙන පලකෝ...පව් නොදී...කොහොමත් තෝ විතරයි මෙතනට අඩු වෙලා තිබුනේ..."

" මේ බලපන්කෝ යසිරු මූට යන කේන්තියක් ..."

" ඇයි උබ දන්නැද්ද මූ හෙන කුකුල් කේන්ති කාරයා කියලා ..."

" හරි හරි දැන් මෙහෙම පාරෙ ඉන්න බෑනෙ ...වරෙන් ගෙදර යන්න..."

මම කිව්වෙ මුන් දෙන්නව පාරෙ තියන් ඉන්න එක හොද නැති හින්දා

අපි පාර දිගේ ඇවිදන් කතා කර කර ආවත් මං වැඩිය කතාවට ගියේ නැත්තෙ මුන් දෙන්න එක්ක තියෙන කේන්තිය පෙන්නන්න...

" බලහන්කො දුශේන් මුගෙ පිම්බිල්ල...මූට තරහා ගියාම මාරම ලස්සනයි නේ...."

යසී හිනාවෙවි කියද්දි මගෙත් කට කොනින් ලාවට හිනාවක් ඇදුනේ පරණ කේන්තිය ටිකෙන් ටික නැති වෙලා යනකොට...

" මේං මූගෙ කේන්තිය නිවිලා...."

දුශේන් එහෙම කිව්වෙ මගෙ මූනෙ හීනියට මැවුන හිනාව දැකලා...

ඔහොම ඉතින් අපි ගෙදරට ආවා...මගේ ගෙදර ඉතින් මුන්ගේ ගෙදර වගේ තමයි....

" ඒ...යකෝ සෙහස් ...ගෙදරට අමුත්තෝ ආවම තේකක්වත් නොදී ඔහොම කාමර අස්සෙ රිංගලා හරියනවද..."

යසිරු මගෙ කාමරේට කියාගෙන එද්දි මං හිටියේ ඇදේ...
" තොට ඕන්නං හදාගෙන බීපිය..."

එතකොටම දුශේනුත් කාමරේට ආවා...උන් දෙන්නම ඇවිල්ල ඇදට නැග්ගා....

" මගෙ ඇද අව්ල් කරන්න නම් එපා ඈ..."

" අනේ අපිට උබේ ශ්‍රී යහන් ගර්භය අව්ල් කරන්න ඕන්නෑ....වරෙන් දුශේන් යන්න..."

" හරි හරි බං විහිලුවක් කරේ....ඔහොම ඉදහල්ලා..."

" මේ ඒක නෙවෙයි ඇයි උබ අද මලෙන් ඉන්නෙ "

දුශේන් එහෙම ඇහුවෙ යසිරුගෙයි මගෙයි අතර උන කතාව දන්නැති නිසා...

" උබ දන්නවද දුශේන් ...ඉන්දීවර අය්යා මූට කැමතියි බං ..."

" ඕහ් රියලී...ඉන්දීවර අය්යා ??? "

" ඔව් ඔව් බං ඉන්දීවර තමයි ...ඒත් මේ ගොනා කැමති නෑ කියහන්කෝ ...."

" අඩෝ වයි බං සෙහා ...උබ ඌට අකමැති ...උගෙ මොනවැයින් කියලා අඩුවක්ද බං ...සල්ලිද...ලස්සනද....මොනවද ඌට නැත්තෙ..."

දුශේන් එහෙම අහද්දි මට කේන්තියක් ආවෙ නැත්තෙ උන්ට නොතේරෙන දෙයක් මට කලින්ම තේරිලා තිබුන නිසා....

" සල්ලියි ලස්සනයි තාවකාලිකයි බං ...අනික කාටද බං පුළුවන් සල්ලිකාරයෙක් විශ්වාස කරන්න ...උන්ට පුළුවන් සල්ලි වලින් ඕනි නැටුමක්් නටන්න...ඉතින් උබලා මට කියන්නෙ එහෙම එකෙක් එක්ක පවුල් කන්න කියලද..."

" යසිරු ..මොනා උනත් මූ කියන දේත් ඇත්තක් නැත්තෙම නෑ ..."

" හරි හරි ...මූ කැමති නැත්තන් අපි ඕක අමතක කරලා දාමු....අපිට ඕනි උබ සතුටින් ඉන්නවා දකින්න විතරයි සෙහස් ... "

මට කියන්න කියලා කිසිම දෙයක් මගේ මොලේට ආපු නැති නිසා මං කට වහන් උන් දෙන්නා දිහා බාලාගෙන හිටියේ බිත්තියට හේත්තුවකුත් දාගෙන ඉද්දි...ඒ අතරෙම....

"සුදූ..සුදූ..පුතේ...ඔයා ආවද...."

" ඔව් අත්තම්මා...දැන් ටිකක් වෙලා ඇවිල්ල ...අත්තම්මා නිදි නිසා ඇහැරුවෙ නෑ .."

මං කියලා කටගද්දිම අත්තම්මා කාමරේ දොර රෙද්ද අතරින් කාමරේට ඇදුනා...

" ආ...මේ දරුවොත් ඇවිල්ල තියෙන්නේ ...ඔහොම ඉන්න මං තේ ටිකක් වක්කරන්නං..."

" අනේ අත්තම්මා මොකට වද වෙනවද දන්නෑ ...."

යසිරු එහෙම කිව්වත් අත්තම්මා ඇහුනෙ නැති ගානට කාමරෙන් එලියට ගියා...

ටිකකින් අත්තම්ම ට්‍රේ එකක තේ ගෙනල්ලා යසිරුටයි දුශේන්‍ටයි ට්‍රේ එක පාත් කරා...ජීවිතේට තේ බීලා නැති උන් දෙන්නෙක් වගේ එක දිගට වේගෙන් තේක බීගෙන ගිය උන් ඉක්මනින්ම හිස් කල කෝප්ප දෙක ට්‍රේ එකෙන් තිබ්බා...

" අපි දෙන්නා යන්නත් ඕනි බං ...දැන් කරුවල වීගෙන එනවා..."

" ඔව් ඔව් ...කරුවල වැටෙන්න කලින් පලයං ..."

"එහෙනං බායි...සී යූ...උම්මාහ්..."

" බායි...පරිස්සමින් "

****************************

දිගු නින්දකින් මං ඇහැරුනේ උදේ පාන්දරින් වදින එලාම් එකේ කෑගැහිල්ලට...දැන් ඉතින් පලකෝ ඔෆිස්

## අම්මටසිරි ...හොදටම පරක්කුයි ...හතයි දහයයි...හතයි කාල වෙද්දීවත් ගෙදරින් යන්න ඕනි නේද යකෝව්...අරුන් දෙන්නත් එයි තව ටිකකින්...ශික්...##

මං ඉක්මනින් දුවලා ගියේ බාත් රූම් එකට...ගිහිල්ලා ඉක්මනට මූන හෝදගෙන....මූන හෝදගෙන කාමරේට යන අතරවාරෙදිම දොර දිහා බැලුනේ දොරට තඩිබාන සද්දෙට..

## ඕහ් ශිට්...මුන් දෙන්න ඇවිල්ල...දැන් නම් බැනුම් අහන්න වෙන්නෙ...##

මං ගිහිල්ලා දොර ඇරියේ ඇදගෙන ඉන්න තුවාය පිටින්ම...

" උබ තාම ලෑස්ති උන්නැද්ද බල්ලො...කීයටද ඔෆිස් යන්නෙ..."

" හරි හරි බං ...බොසා ශේප්..."

" බොසා ශේප් වෙයි ...බොසා උබේ මිනිහා උනා නම්...මතකනෙ එක පාරක් "

යසිරු එහෙම කියද්දි මගෙ මතකය දිව ගියේ ...මීට කලින් පරක්කු වෙලා ගිහිල්ලා ඒ උන අමු කුජීත සිදුවීමට...

" හරි හරි බං ...මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නං..."

මං ඉක්මනින් කාමරේට ගිහිල්ලා දොර වහගත්තේ ඉක්මනට ඇදගන්න...

" තෝ ඔය මනමාලියෙක්ට අදිනවද යකෝ ....වර ඉක්මනට...තෝ ඕක අස්සෙම දැන් කොච්චර වෙලාද...."

ඉක්මනට බෙල්ට් එක දාගත්තු මම එසැනින් දොර ඇරගෙන එලියට ඇවිත් දිව්වෙ අත්තම්මගෙ කාමරේට ...

" අත්තම්මා මං යනවා..."

" ආ පුතේ පරිස්සමින් සුදූ...රත්නත්තරේ පිහිටයි ..."

මං අත්තම්මගෙ කම්මුලට කිස් එකක් දීලා එහෙම්ම ආවේ සාලෙට....
එනකොට මුන් දෙන්නා මං දිහා කන්න වගේ බලන් ඉන්නව

" මොකද යකෝ ...කන්න වගේ බලන් ඉන්නෙ....බලපන්කෝ තොපේ මූනෙ හැටි...අපායට ගහපු කැලැන්ඩරේ වගේ ....ඉදකින් උදේ පාන්දර දැක්කොත් කැදත් නෑ ..." මං හිනා වෙවී කිව්වෙ මුන් දෙන්නගෙ කේන්තිය අඩු වෙයි කියලා හිතමින්...

" මූනෙ හැටි කියන්නෙ යකෝ...තෝ මෙතන නලව නලව ලෑස්ති වෙද්දි...බලපන් වෙලාව කීයද කියලා...බොසා රමනය කරවයි තොට...මේ වෙලාවට ඔෆිස් ගිහිල්ලා ...."

යසිරු එහෙම කියාගෙන එලියට බහිද්දි මායි දුශේනුයි යසිරුගේ පස්සෙන් වැටුනා...

" නැගහන් "

අපි කාර් එකට නැග්ග ගමන් දුශේන් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තේ අපිට දෙවියන් සිහි කරමින්..

" හිමින් පලයන් බල්ලො...තෝ අපිව මරන්නද හදන්නෙ.."

" හොදටම පරක්කුයි කියලා පේන්නැද්ද බල්ලො..."

කොහොමින් කොහොම හරි අපි හරියට ඔෆිස් එක ගාවට ආවා...😪

*****************************

ඔෆිස් ඉවර වුනා...හම්මෝ...අද නම් නූලෙන් බේරුනේ...ඔෆිස් එකෙන් එලියට ඇවිල්ල මං එතන තිබුනු බැම්ම අයිනට ආවේ වෙනදටත් අපි තුන් දෙනාම ඔෆිස් ඉවර වෙලා සෙට් වෙන්නෙ ඒ බැම්ම ගාව නිසා...

# ඈ...කෝ යකෝ මුන් දෙන්නා....වෙනදට මං එන්න කලින් ඕකුන් මෙතනට වෙලා බලාගෙන ඉන්නවනේ...අද මොකක්ද උනේ මුන්ට...#

මං කෝල් එකක් ගත්තේ යසිරුට...

" හෙලෝ සෙහා...අඩෝ සොරි බං ...මේ දුශේන්ටයි මටයි හදිස්සියෙ පොඩි වැඩක් සෙට් උනා බං .."

" හරි හරි ...මාව කපලා පලකෝ...උබලා...මං බස් එකේ යන්නම්..."

" උබට පුලුවන්නෙ ...හරි හරි මං තියනවා...බායි "

ෆෝන් එක සාක්කුවට දාගෙන මං බැලුවේ පාර දිහා...

# සෙහා දැන් ඉතින් පලයන් බස් හෝල්ට් එකට...නැතුව බස් එක උබේ දෙපා මුලට එන්නෑනෙ....#

හාපූ...දැන් ගාටපන්කෝ බස් හෝල්ට් එකට....

මං ටික දුරක් ඇවිදන් ඇවිදන් බස් හෝල්ට් එකට ආවා...කකුල් දෙක රිදෙනව ...😪 මං එතන තිබ්බ සීට් එකක වාඩි වෙලා බෑග් එක උකුලට ගත්තේ...සාක්කුවෙ තිබ්බ ෆෝන් එක හුරතල් කරන්න හිතිලා...

# කෝ යකෝ මේ ඉලව් බස් එක...දැන් කීයෙ ඉදන්ද ඉන්නෙ ..#

එතනට ආපු අනිත් බස්වල නම්බර් බල බල මං මටම කියාගත්ත...

" අය්යෙ "

මං ඔලුව ඉස්සුවේ ඒ හුරතල් කටහඬ කාගෙද කියලා බලන්න...

" ඇයි කොල්ලෝ.."

එතන ඉදන් අත් දෙක පිටිපස්සට අරන් මං දිහා බලන් ඉන්න පොඩි කොල්ලගෙන් මං ඇහුවා ...

එක පාරටම කොල්ලා රෝස මලකුයි හතරට වගේ නවපූ කොලේකුයි මට දික් කරා...

" මේ මොනාද අනේ මේ"

කොල්ලා එක පාරටම එතන කෙලවරේ තාප්පයක් අයිනට අත දික් කරා

" අතන හිටිය අය්යා තමයි දෙන්න කිව්වෙ "

" කොයි අය්යෙක්ද...එතන කවුරුත් නෑනේ ..."

මං එහෙම ඇහුවම ඒ පොඩ්ඩා එක පාරටම අනිත් පැත්ත හැරිලා ගියා ...

මං අන්දමන්ද දූපතෙන් මේ දැන් ගොඩ බැහැපු එකෙක් වගේ කල්පනා කරද්දි මගෙ අවධානෙ ගියේ මගෙ අතේ තියෙන හතරට නවපු කොලේටයි රෝස මලටයි...

මං කොලේ දිගෑරියා...

# සුදු...මං ඉන්දීවර අය්යා ...

මට ඔයා ගැන මුලින්ම ආදරයක් ඇති උනේ ඔයා O/L කරන කාලෙ ...ඒ කාලෙ මං ඔයාට මුකුත් කිව්වෙ නැත්තෙ එතකොට ඔයා ඉගෙන ගන්න පොඩි කොල්ලෙක් හින්දා...මට ඔයාව ගොඩක් දැනෙනවා...මං දන්නෑ ඒ ඇයි කියලා...හැබැයි මට ඔයා ගැන ඇති උන හැගීම් මීට කලින් කිසිම කෙනෙක් ගැන ඇති වෙලා නෑ...ප්ලීස් සුදු මාව තේරුම් ගන්න...ඉස්සර මාව දැක්කත් කට පුරා හිනා වෙලා ඉන්දීවර අය්යෙ කියලා දුවගෙන ඇවිත් මගෙ ඇගේ එල්ලෙන ඔයා දැන් මගෙ මූනවත් බලන්නෑ...ඒ මගේ වරද වෙන්නැති ...ඔයා ගැන ආදරයක් ඇති උන වරද වෙන්නැති ...ඒත් මං තාමත් බලාගෙන ඉන්නව සුදූ..ඔයාගෙන් උත්තරයක් ලැබෙනකන්....
දේශාන් ඉන්දීවර #

# ඉන්දීවර තෞසෙ නම්....මොන මගුලක්ද දෙය්යනේ මේ....මං උත්තරයක් දුන්නනෙ....දැන් ආයෙ මොන බම්බුවක්ද ඉල්ලන්නෙ...මං දන්නෑ තමුසෙ ඔහොම පස්සෙන් එන්න එන්න වෙන්නෙ මගෙ කේන්තිය තවත් වැඩි වෙන එක...මං කොහොමද දෙය්යනේ මේ යකාගෙන් ගැලවෙන්නෙ...#

මං මටම කියාගත්තේ ඉන්දීවරගෙ කොලේ තිබ්බ දේ නිසා මට ඇති වුන ආවේගෙට...

# බුදම්බෝ බස් එකක් එනවා 😵#

මං ඉක්මනට බෑග් එක උඩ තියෙන දේවල් බෑග් එක ඇතුලට දාගත්තේ ඉක්මනට ගිහිල්ලා බස් එකට නගින්න....

*****************************

ඔන්න මගේ පළවෙනි කතාව ලියන්න පටන් ගත්තා...අඩුපාඩු ඇති ...ගනන් ගන්නෙපා...😉

එහෙනං හෙට ඉතුරු ටිකෙන් හම්බෙමු....😌

Continue Reading

You'll Also Like

388K 8.2K 22
+++++ အခန်းတွေပါမှာမို့ ဖတ်ဖို့အဆင်မပြေတဲ့သူများပြန်လှည့်သွားကြပါ အသက်မပြည့်သေးတဲ့ကလေးတွေမဖတ်ကြဖို့မေတ္တာရပ်ခံပါတယါ
8.4K 1.7K 28
ســـەردەمـــانـــێڪـــ ئـــاشـــقـــے ئـــۆقـــیـــانووســـہ شـــینـــەڪـــانـــے دەریــــــا و زەریــــــاڪانـــ بـــووم بـــەڵـــامـــ ڪـــاتـــێ چ...
835K 9.2K 24
💢18+စာစဉ်ဖြစ်သည့်အတွက် မိမိဘာသာချင့်ချိန်စဉ်းစားပြီးမှသာဖတ်ကြပါရန်💢 Associate Name- 双性学生与生物老师 Author - [一只爪子] Not Mine,I'm just translated For fun...
345K 32.1K 31
Zawgyi Title - ငါ့အစ္ကိုက ငါ့ရည္းစားအျဖစ္ကေန ငါ့ေယာက္်ားအျဖစ္ကိုေရာက္သြားခဲ့တယ္။ Iris_Zhu ဆိုတဲ့ ညီမေလး ဘာသာျပန္ထားတာပါ။ Iris_Zhu ဆိုတဲ့ ညီမလေး ဘာသာ...