ජිමින් තමන්ගේ මාමා කිව්ව විදිහට හරියටම බස් හෝල්ට් එක ගාවට ආවා.. ඒක නිකන් බස් හෝල්ට් එකක් නෙමෙ මායා බස් හෝල්ට් එකක්... අංක 3 1/2 බස් හෝල්ට් එක.. ජිමින්ට මතක් වුනේ හැරී පොටර් කතාවේ හැරී කෝච්චි ස්ටේෂන් එක හොයාගත්ත විදිහ...
"ඒනම් ඔම්මා මං යනවා..."
"හොදට ඉගෙන ගන්න සන්..."
ජිමින් බලාගෙන ඉදියේ වෘක ඇකඩමියට යන්න ලමයි පෝලිමට එන හැටි ඔම්මලා එක්ක... එයා එක්ක එන්න එයාගේ ඔම්මයි අප්පයි ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් එයා දන්නේ නෑ.. මේ දිහා බලන් ඉදිය ජිමින් ලොකු බර හුස්මක් පහළට දැම්මා...
"මේ මාමා නම් වෙලාවකට වැඩක් කරන්නේ නැහැ ..." ජිමින් එයාටම කියාගෙන හෙමින් ගොරවන්න පටන් ගත්තා...
ට්‍රීංංං ට්‍රීංංංං....
ජිමින් ගේ ෆෝන් එක නාද වෙද්දී ජිමින් කෝල් එක ආන්සර් කලාම ,
"ජිමින් අහන්නකො මගේ හොද වෘක පැටියෝ.. මාමා පස්සෙන් ණයකාරයෝ පන්නනවා.. මාමා මේ දුවන ගමන්.. අද මට ඔයාව එක්කගෙන යන්න වෙන්නෙ නෑ.. ඔය කවුරු හරි ලමයෙක් එක්ක යන්න හොදේ .. නම්ජූන් කුමාරයා ඔයාව බලාගනී එහෙ ගියාම.. මම එයාට කෝල් එකක් දුන්නා..."
මාමා දිගටම කෝල් එකේ දුව දුව කියවන ඒවා ජිමින් සද්ද නැතුව අහන් ඉන්නවා...
"හරී ඒනම් ඔයා තේරුම් ගත්තා කියලා හිතනවා.. හරි හරි මාව පස්සේ හම්බුනාම කීතූ කීතූ කරලා දානවා කියලා ඔය හිතන එක කරගන්න බැරියෑ.. මතක ඇතුව ඔමේගා ස්මෙල් එක කාටවත් අදුරගන්න තියන්න එපා හොදද බබා... ඒනම් ගුඩ් බායි ජිමිනි පැටියෝ.."
"ගුඩ් බායි මාමා.."
ජිමින් ගේ තනිවචනෙට මාමා ගොඩක් සතුටු වුනා.. මොකද ජිමින් බොහොම පොඩ්ඩයි කතා කරන්නේ හැමෝම ඉස්සරහ... කතාවක් තියනවා නේ නිහඩ කට්ටියගේ තමා හිත හැමතැනම යන්නේ.. මොකද එයාලා හිතින් කතා කරනවා තනියම තමන්ට...
ජිමින් සාමාන්‍යය මිනිස්සුන්ට නොපෙනෙන බස් හෝල්ට් එකට යද්දීම කලු පාට ලොකු ෆෙරාරියක් බස් හෝල්ට් එකත් කඩාගෙනම ඒ පැත්තට ආවා...
"අයින් වෙන්න ඔහ්... ආව්ව්..."
කොහෙන්ද ආව අතක් ජිමින්ව ඇදලා ගත්තා .. ජිමින් තාමත් ඇස් වහගෙන...
"බය වෙන්න එපා පොඩ්ඩෝ..." ජිමින් ඇස් ඇරලා බලද්දී දැක්කේ ලස්සන තරුණයෙක් එයා දිහා බලන් හිනා වෙනවා...
"පොඩ්ඩක් ඉන්න පැටියෝ මම අර අණ්ඩපාලයට හොදවයින් දෙකක් කියලා එන්න.."
ජිමින්ව එතනම තියනවා ඒ තරුණයා ඉස්සරහට ගිහින් වාහනේ ඩෝ එක ඇරලා එක්කෙනෙක්ව කනකින් ඇදන් එලියට ආවා...
"කිම් තේහියුන්ග් ... අනික් එකා ජොන් ජන්ග්කුක් තමුසෙලාට මොලේ කලදක් නැද්ද මී හරකෝ... මෙහෙම ෆෙරාරියකුත් දාගෙන කඩන් යන්න මැජික් බස් හෝල්ට් එකට.. අනික මිනිස්සු බලන් ඉද්දී... බලනවා අර කෙල්ල බය වෙලා හොදටම.. මෙහෙ එන්න අයියූ.."
ඒ ඇම්බැට්ටයෝ දෙන්නගේ කන් දෙකත් අල්ලන් ඉන්නේ ඇකඩමියේ පලවෙනි කුමාරයා කිම් සොක්ජින් කියලා ජිමින්ට අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...
"හියුන්ග් මම නෙමෙ මේ තේහියුන්ග් නේ කඩන් ආවේ අපි දෙන්නාවත් මගදී දාගෙන.."
ජන්ග්කුක් පොඩි එකෙක් වගේ ජින්ගේ ඇගේ එල්ලීගෙන හේතු දක්වනවා... මොකද පොඩි දෙයක් හරි උනොත් ජින්ගේ ලකුණු දාගන්න බැරි වෙනවා නේ මේ හොර හාවට...
"කියන්නකෝ බබී මේ හියුන්ග්ට.." ජන්ග්කුක් අයියූට ඇන ඇන කියද්දී එයා හිනා වෙලා ජින් දිහා බලලා මම මේ වදේව එක්කගෙන යන්නද කියලා බැල්මක් දැම්මා...
"ඕකේ ඕකේ මේ හා තඩියව අරන් යන්නකො ... කොහෙ... යා ඔහොම ඉන්නවා කිම් තේහියුන්ග් .. මම මෙතන කතා කර කර ඉද්දී තමුන් කොහොමද ලිස්සලා යන්නෙ මෙතනින්.."
කලු පාට සූට් එකක් ඇදගෙන කලු ලෝගුව අස්සේ අත් දෙකත් දාගෙන ජින්ව ගණන් ගන්නේ නැති ටෝන් එකේ විදිහට විසිල් ගහ ගහ ඉන්න තේහියුන්ග් දිගටම යද්දී දැක්කේ තව පොඩ්ඩෙන් එයාගේ ෆෙරාරියට යට වෙන්න ගිය පුංචි කොල්ලව... මූණත් රතු කරගෙන තරහෙන් පිඹ පිඹ ගොරවන පුංචි කොල්ලා දිහා බල බල එවිල් හිනාවක් දාගෙන තේහියුන්ග් ගියේ 'අපරාදේ ෆෙරාරියට අහුවෙන්න තිබ්බේ.. එතකොට බලාගන්න තිබ්බා චබී කම්මුල් මිරිකිලා ටෝස්ස් ගාන විදිහ..' හිතන ගමන්...
ඒත් මේ අහංකාර පණ්ඩිත තේහියුන්ග් දන්නේ නැහැනේ මෙයා මේ හිතන ඔක්කොම දේවල් අර පුංචි ප්‍රාණියාට ඇහෙනවා කියලා .. මොකද ජිමින් කියන්නේ නෙගෙට් කෙනෙක් නම්ජූන්ට පස්සේ... ඒක ඉතිම් දන්නේ නම්ජූන් කුමාරයයි , එයාගේ මාමයි විතරයි ..
"ආශ් අර පණ්ඩිතයා නම් ... එන්න බබෝ අපි යන්.. ඒක නෙමෙ ඔයා බීටා කෙනෙක් ද ? මට එන්නේ ඒ ස්මෙල් එකනේ.."
"ඔ..ඔව් ආ ජින් කුමාරයා.." ජිමින් ඔලුවත් නමලා හුරුබුහුටියට කිව්වා.. මොකද ඉතිම් කුමාරයෙක් නම් ආචාර කරන්නෙපෑ අර රජ කතාවල වගේ...
"අනී කියොප්තා ... ආචාර කරන්න ඕන් නෑ ලමයෝ.. කුමාරයා කියන්න ඕනෙත් නෑ ජින් හියුන්ග් කියන්නකෝ ඒ ඇති.."
"හරි ජින් හියුන්ග්.."
"ගුඩ් බෝයී.. ඒනම් එන්න අපි යමු.." ජින් ජිමින් ගේ අතින් අල්ලන් මැජික් බස් හෝල්ට් එකට බිත්ති අතරින් ගියාම ජිමින් ජින්ගේ අතේ එල්ලිලාම ආවා...
"ජිනී..."
"ආ නම්ජූන් .. මං කියලා තියනවා නේ ජින් මිසක් අනිත් නම් වලින් කතා කරන්න එපා කියලා.." ජින් නම්ජූන්ට ඔරවද්දී නම්ජූන් අහිංසකයෙක් වගේ හිනා වුණා..
"ආ එතකොට මේ ජිමින් වෙන්න ඕනේ.."
"ආහ් ඔයත් අදුරනවද නම්ජූන් ??.."
"ඔව් ඔව් මෙයාගේ මාමව මං අදුරනවා.. එන්න ජිමින් අපි යන් ඇකඩමියට .. ඔය ලැගේජ් දාන්න මේකට ඒවා කෙලින්ම ඔයාගේ රූම් එකට දායි..දැන් යමු අපි තුන්දෙනා.."
නම්ජූන් හිනාවෙලා ජිමින් ගේ අනිත් අත අල්ලගත්තම එයාගේ දෙපැත්තෙන් ඔම්මයි අප්පයි වගේ අල්ලන් ඉන්නේ ජින් කුමාරයයි , නම්ජූන් කුමාරයයි... ජින්ගේ අත අල්ලගන්න බැරි නිසා මෙහෙමවත් යන්න පුලුවන් උන එක ගැන දෙන්නම සතුටු වෙනවා කියලා නම්ජූන්ට තේරුණා...
"අනේ ඇස්වහක් නම් වැදෙන්නෙපා පුංචි පවුල රත්තරන් වගේ.."
මෙයාලා යන දිහා ඇකඩමියේ අය කොදුර කොදුර හිනා වෙවී යන ඒවා ඇහිලා චණ්ඩි පැටියා ජිමින්ගේ කම්මුල් රෝස පාට වෙලා ගිය එක දැක්කේ මේක ලියන ඕතර් අක්කා... 😍
---------------------------------------------------------
~♡ To be a continued ~♡
හොදයිද කතාව....🙂