🥀𝗧𝗵𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳...

By Sandee_96

14.8K 4.5K 962

ගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇර... More

Author Note🍂
Chapter 01 🌦️
Chapter 02 🌦️
Chapter 03 🌦️
Chapter 04 🌦️
Chapter 05 🌦️
Chapter 06 🌦️
Chapter 07 🌦️
Chapter 08 🌦️
Chapter 09 🌦️
Chapter 10 🌦️
Chapter 11 🌦️
Chapter 12 🌦️
Chapter 13 🌦️
Chapter 14 🌦️
Chapter 15 🌦️
Chapter 16 🌦️
Chapter 18 🌦️
Final with Author Note 🌦️

Chapter 17 🌦️

585 198 35
By Sandee_96

🥀 ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴏꜰ ᴀ ꜱᴛʀɪᴄᴛ ʜᴇᴀʀᴛ 🥀

~~~~~~~ Saturday Morning 🌟🌿

ජින්ශි ලී මින්ව දැක්කම කොයි විදිහට හැසිරෙයිද කියලා මට විස්වාසයක් තිබුනේ නෑ. මෙතනට එන්න කලින් පුලුවන් තරම් එයාගේ හිත හැදුවත් ජින්ශි ඉදියේ නොසන්සුන් වෙලා. ශූට් එක කරන තැන ගොඩක් කට්ටිය ඉන්න නිසා මට ජින්ශි එක්ක තනියම කතා කරන්න අවස්ථාවක් එනකම් මම බලාගෙන ඉදියා.

" මිස් බියෝල්....ජින්ශිව රෙඩි කරන්න. තව පැය භාගෙකින් ශූට් එක පටන් ගන්නවා "

ජින්ශි එක්ක කතා කරන්න විදිහක් කල්පනා කර කරා ඉන්නකොට මගෙ ලඟට ආපු ගෑනු ලමයෙක් කිව්වේ සුහදව හිනා වෙලා.

" ම...මම ? "

" දේ....ජින්ශි කලින්ම ඉන්ෆෝම් කලා අපිට එයාගෙ මේකප් එක , ඩ්‍රෙසින් ඔක්කොම මිස් බියෝල් කරන්නේ කියලා "

" අහ්...දේ දේ.... මම පැය භාගෙන් ජින්ශිව රෙඩි කරන්නම් "

ලැබුන අවස්ථාවෙන් මම එතනින් ඉක්මනට ජින්ශි ඉදපු චේන්ජින් රූම් එකට ගියා. ඒත් මම හිතුවා වැරදීයි. මම ඇතුලට යනකොටම ලී මිනුත් එයාගේ මේකප් ආර්ටිස්ට් එක්ක ඇතුලට ආවා.ජින්ශි ඉදියේ එයා ශූට් එකට අඳින්න ඕනි ඩ්‍රෙස් එක දිහා ඉස්සරහා තිබුන කන්නාඩියෙන් බලාගෙන. ලී මින් ඒ වෙනකොටත් ඩ්‍රෙස් එක ඇඳගෙන ඉදියා.

" ජින්...? හුඟ කාලෙකින් "

ලී මින් ජින්ශි එක්ක කතා කලත් ජින්ශි මුකුත්ම නොකියා කන්නාඩියෙන් මා දිහා බැලුවේ මොකක්ද කියන්නේ අහන්න වගේ. මම ඉක්මනින් ජින්ශි ලඟට ගිහින් ලී මින් එක්ක කතා කරන්න කියලා ඉඟි කලා.

" අහ්..දේ දේ...අපිට එකට වැඩක් ආවෙම නෑනේ "

" දේ...ඒත් මම හිතන්නේ ඉස්සරහට අපිට එකටම වැඩ කරන්න පුලුවන් වෙයි "

" දේ දේ... "

ජින්ශි ඕනිවාට එපාවට උත්තර දීපු නිසා මම එයාගේ උරිස්සට එකක් ඇන්නේ කාටවත් නොපෙනෙන්න.

" ආ....හ් "

" පොඩ්ඩක් ඔය නපුරුකම අඩු කරගන්න බැරිද ? කිව්වනේ ඉවසන්න කියලා. පොඩි එකෙක්ද ඔයා ? "

" මොහ්...? තමුන් ඔය මට බනිනවද ? "

" බනිනවා තමා. 😒 "

බැරිම තැන මම ජින්ශිට ලං වෙලා රහසින් බැන්නේ එයා කට වරද්ද ගනී කියලා බය හිතුන නිසා. ඒ වගේම ජින්ශිගේ කේන්තිය ගැනත් හොදට දන්න නිසා.

" ජින් මිස් බියෝල් එක්ක ගොඩක් ලඟයි වගේ "

" දේ...මගේ මේකප් ආර්ටිස්ට් එක්ක ලං නොවී බෑනෙ. ඈතින් ඉදන් මේකප් කරන්න බෑනේ "

ලී මින් මා දිහා අමුතු බැල්මක් දාලා කිව්වේ වෙනත් අදහසකින් කියලා මට දැනුනා. ජින්ශිත් ඒකට හරියන්න උත්තරයක් දීපු නිසා මමත් ඉවසගෙන ජින්ශිව මේකප් කරන්න පටන් ගත්තා.

මගේ පලවෙනි මේකප් එක. ඒ පිරුන මූනට පුංචි සීරීමක්වත් නොවෙන්න මම මුලින්ම මුලු මූනටම ෆවුන්ඩේශන් එක කරගත්තා. ඒ හීනි ඇස් වටේ පින්සල අරන් ගියේ මම හරිම ආසාවෙන්. ජීවිතේ දැකපු සුන්දරම හීනයක් අද හැබෑ වෙලා. මට ඒ ගැන කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා. පිරුනු තොල් වල ලිප් බාම් තවරගෙන මගේ ඇඟිලිතුඩු අරගෙන ගියේ ඒ තොල් අතර හැමදාම හිනාව රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. කලුම කලු සිනිදු කෙස් අතරේ හෙයා බ්‍රශ් එක අරගෙන ගියේ ඒ ඔලුව වගේම හදවත හැමදාම නිදහසේ තියෙන්න කියලා හිතන ගමන්. හැමදාම වගේ මට ඕනි උනේ ජින්ශිගේ හැම දශමෙකටම මගේ ආදරනීය ප්‍රාර්ථනා එකතු කරන්න.ඉතින් ඒ හිතුවා වගේම මම ඒක කලා.

පැය භාගයක් යනකොට මම ජින්ශිව රෙඩි කලා.ජින්ශි ඇඳගන්නකම් මේකප් රූම් එකෙන් එලියට ඇවිත් මම බලාගෙන ඉදියේ මගේ මේකප් එක ඒ ඇඳුමත් එක්ක ජින්ශිට කොහොමද බලන්න. මේකප් රූම් එකෙන් එලියට ආපු ජින්ශිව දැක්කම මට මාවම අදහා ගන්න බැරි උනා.

" බියෝල්... You did it... "

අන්තිමේදි මට මා ගැනම ආඩම්බර වෙන්න පුලුවන් ඒ දවස ආවා. හැමෝම වගේ බලාගෙන ඉදියේ ජින්ශි දිහා. මම ඉක්මනින් ඒහා ට මැසේජ් එකක් දැම්මා.

" මම ඒක කලා. මම ජින්ශිව මේකප් කලා. 🥺 "

" ඕමෝ...ඕමෝ.... මගෙ බියෝල් දක්ශයි. "

ඒහගෙන් හැමදාම වගේ ආවේ ආදරනීය උත්තරයක්.

ශූට් එක ඉවර වෙනකම් මම ජින්ශි දිහා බලාගෙන ඉදියේ හරිම ආසාවෙන්. එයා එයාට කරන්න තියෙන පුංචිම දේ පවා හරිම ඉක්මනින් හරියටම කලා. එයා ඇත්තටම දක්ශයි. ඩිරෙක්ටර්නිම් ඉස්සර කීවා වගේම ජින්ශි වෙලාවට ඇවිත් කරන්න තියෙන කොටස එකපාරින්ම කරලා යන දක්ශ නලුවෙක්.

පැයක් විතර ශූට් එක ගියා. අවසන් හරිය වෙනකොටනම් ජින්ශිගේ මූන ටිකෙන් ටික මැල වෙන්න ගත්තේ අවසාන ටිකේ ලී මින් එක්ක ජින්ශිට ලඟින්ම ඉන්න වුන නිසා. ශූට් එක ඉවර වුන ගමන් ජින්ශි ලී මින් එක්ක කතා නොකරම චේන්ජ් කරගෙන එලියට ඇවිත් වාහනේට නැග්ගේ හැමදාම මට දාපු නපුරු මූන දාන ගමන්.

" හහ්....මට රවන්නේ මොකටද ? "

මට ඉස්සරහින් යන ජින්ශිට බැන බැනා මමත් වාහනෙන් ඉදගත්තේ ජින්ශි දිහා බලන්නෙවත් නැතුව. ටික දුරක් යනකම් අපි කතා කලෙ නෑ. අඩුම තරමින් අපි එකිනෙකා දිහාවත් බැලුවෙ නෑ.

" දෙයක් කියන්නද ? "

ගොඩක් වෙලා නිශ්ශබ්දව ඉදපු ජින්ශි ඉස්සරහා බලාගෙනම මගෙන් ඇහුවේ හැඟුම්බර හඬකින්.

" මොකක්ද ජින්ශි ? "

" මෙච්චර කාලෙකට මාව පරිස්සමින් මේකප් කරපු එකම කෙනා ජූහි-ආ. ඔයත් එයා වගේමයි. "

ජින්ශි කීව දේට සතුටු වෙන්නද ? දුක් වෙන්නද ? එයා මගෙන් ජූහි-ආ ව දකිනවනම් මම ඒකට කොහොම සතුටු වෙන්නද. මම බියෝල්. මට ඕනි ජින්ශි ලඟ බියෝල් විදිහට ඉන්න. ඒත් මේ ටික කියලා ඒ හිත රිදවන්න බැරි නිසා මම යන්තම් හිනා වෙලා එයා කියපුදේට එකඟ උනා.

" ඒත් ජූහි-ආ ලඟ නැති දෙයක් ඔයා ලඟ තියෙනවා "

" මො...මොකක්ද ඒ ? "

ජින්ශි මම අහපු දේට උත්තර නොදීම ලඟ තිබුන පාර්ක් එකක් ලඟ වාහනේ නැවැත්තුවා.

" බියෝල්...ආආආආආ.... මියානේ "

එකපාරටම මගෙන් සමාව ගත්තු ජින්ශි ශීට් බෙල්ට් එක ගලවලා දාලා මට ලං වෙලා එයාගේ පිරුනු තොල් වලින් මගේ තොල් අල්ලගත්තා. මේ...මේක හීනයක්ද ? මම හිතින් අහන ගමන් ජින්ශිගේ ඇස් දිහා බලාගෙනම ඉදියේ කල්පනා කරන ගමන්. ඒ ඇස් සැහැල්ලුවෙන් පියවිලා තිබුනා. ඒ එක්කම කඳුලු බින්දුවක් ජින්ශිගේ ඇස් කොනින් කම්මුල දිගේ රූටලා ගියේ මොකක්දෝ ලොකූ දුකක් ඒ මූනේ අඳින ගමන්. පුංචි වෙලාවක් මගේ තොල් අතරේ ඉදපු ජින්ශි මගෙන් ඈත් වෙලා අහක බලාගත්තා.

" ජින්ශි ? නා ක්වෙන්චානා ? "

" අනී....මම හොඳින් නෙමෙයි. මම හොඳින් නෙමෙයි "

" වේහ්...? මොකද උනේ ? මට කියන්න පුලුවන්ද ? "

" ඔ...ඔයා දන්නවද බියෝල් මම අද ලී මින් එක්ක ඉදියේ කොච්චර අමාරුවෙන්ද කියලා. ජූහි-ආ ගේ මිනීමරුවා එක්ක අද මම ශූට් එකක් කලා. "

ජින්ශි අත මිට මොලවගෙන කෑ ගහන්න ගත්තා.

" ජින්ශි...ඒ හැමදේම ඔයා කලේ ලී මින්ව අල්ලගන්න ඕනි නිසා "

" දේ...ඒත් මට ලොකු වැරැද්දක් දැනෙනවා. මම දෙයක් ඉල්ලන්නද ? "

" දේ...ජින්ශිට ඕනිම දෙයක් "

" මගෙ ලඟින් ඉන්න. මා එක්කම ඉන්න.මොන දේ උනත්. පුලුවන්ද ? "

" ජින්ශි....! "

" ඒත් මට ඕනි ජූහි-ආ වගේ යාලුවෙක් විදිහට නෙමෙයි. මාව තේරුම් ගන්න මම ආදරේ කරන බියෝල් විදිහට. "

අන්තිමට එයා ඒක කිව්වා. ඒ හිතේ හිර කරගෙන ඉදපු දේ මගේ ඉස්සරහා කිව්වා...

~~~~~~~~ Jin's Pov 🐼🌿

ලී මින් එක්ක අපහසුවෙන් ගෙවපු වෙලාව යන්තම් හරි මම සැහැල්ලු කරගත්තේ බියෝල්ගේ මූන දිහා බලලා. මගේ හිත දැන් සැහැල්ලු වෙන්නෙ බියෝල් ලග විතරයි කියලා ඒ ගෙවුන පොඩි වෙලාවට මම තේරුම් අරන් ඉදියා. ඒ නිසාම වාහනේදී මට මාව පාලනේ කරගන්න බැරි උනා. මගේ හැඟීම් මම බියෝල් ඉස්සරහා කියනකොට ඒ මූනේ හැඟීම් ගොඩක් එක්ක රතු උනේ ලැජ්ජාවෙන්.

" බියෝල්..... වරදවා හිතන්න එපා. මට ඕනි මගේ බියෝල්ව මිසක් ජූහි-ආ ව නෙමෙයි. මට ඔයාගෙන් ජූහි-ආ ව දකින්න ඕනි නැහැ. ඒ ආදරේට වඩා මගේ හිත දැන් පිරිල තියෙන හැඟීමට මම ගොඩක් ආදරෙයි "

" ආනියා.....මම ජින්ශි ගැන දන්නවා. "

" එහෙනම් පොරොන්දු වෙන්න.මගෙ ලඟින්ම හැමදාම ඉන්නවා කියලා "

බියෝල්ගේ අත අල්ලගෙන මම ඇහුවේ මගේ හිත සනසවගන්න පුලුවන් වෙන උත්තරයක් බලාපොරොත්තුවෙන්.

" පොරොන්දු වෙනවා. මම ජින්ශි ලඟම ඉන්නවා "

" ජින්ශි ? ඕක කියලා එපා වෙන්නේ නැත්ද ? මට ජින් කියන්න "

" ආනියා....."

" වේහ්...? "

" ඇයි මතක නැත්ද දවසක් කිව්වේ ඔයා මගේ බොස් කියලා 😒 "

බියෝල් මගේ පරණ පන්ඩිත කතාවක් අල්ලගෙන මට හිනාවෙන්න ගත්තා.

" යා.....හ් "

" අරස්සෝ අරස්සෝ ජින්...දැන් හරි නේද ? කජා... "

ඒ හිනාවෙන ඇස් දිහා බලාගෙනම බියෝල්ගේ එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් බියෝල්ගේ අත අල්ලගෙනම මම ආයෙමත් පිටත් උනා. ප්‍රශ්න ගොන්නක් මැද්දේ බියෝල් එක්ක ගෙවෙන මේ පුංචි මොහොතවල් වලට මම පුදුම විදිහට ආදරේ කලා.

~~~~~~~~~~~~

ඩෝම් එකට ආපු ගමන් මම හැමෝටම එන්න කියලා පණිවිඩේ දුන්නේ මේ ප්‍රශ්නේ ඉක්මනින් ඉවරයක් කරන්න ඕනි නිසා. කීවා වගේම කට්ටිය පැයක් යන්න කලින් ඩෝම් එකට එකතු උනා.

" ජින්.... අද මොකද උනේ ? "

" මොනා වෙන්නද යොන්ගි. අර කාලකන්නියා එක්ක ශූට් එක කරලා මම එන්න ආවා "

" ඒක නෙමෙයි ජින් දැන් කොහොමද අපි මේ ප්‍රශ්නේ විසදන්නේ ? "

" ජිමින්...මට හැංගි හැංගි ඉදලා ඇති වෙලා. මම ආයෙම නඩුව උඩට අදිනවා "

" මොහ් ? නඩුව ? "

" දේ..... මේක කලේ මම නෙමෙයි.මේක රහසින් විසඳන්න දෙයක් නෑ. මම නඩුව උඩට ගන්නවා. "

" ඒ නඩුව පාවිච්චි කරලා ජින් ලී මින්ට විරුද්ධව නඩු දානවා කියන්නද හදන්නේ ? "

" හරියට හරි යොන්ගියා. "

" ජින් ඒත් අපිට ඒකට සාක්ශි ඕනි "

" ජූහි-ආ , ලී මින් අතරේ තිබුන සම්බන්දේ ගැන හොඳින්ම දන්න කෙනා මම නෙමෙයිද ? ඉතින් තවත් සාක්ශි මොකටද නම්ජුන් ? "

" ජින්.මේක ඔයා හිතනවට වඩා සංකීර්ණයි. අපිට ප්‍රභල සාක්ශි නැතුව කිසිම දෙයක් කරන්න බෑ "

" සාක්ශිනේ ඕනි. මේ පෙට්ටියේ හැම දෙයක්ම තියෙනවා. ජූහි-ආ ලී මින් එක්ක සම්බන්දකමක් තිබුනා කියන්න පුලුවන් හැම සාක්ශියක්ම මේකෙ තියෙනවා "

ජූහි-ආ ගේ මරණෙන් පස්සේ පොලීසියටත් හොරා මම අවුරුදු ගානක් පරිස්සම් කරපු ජූහි-ආ පුංචි පුංචි බඩු තිබුන පෙට්ටිය ඇරියා.

" ජින් කිව්වේ ජූහි-ආ ගේ හැමදේම එදා පිච්චුවා කියලනේ ? "

" දේ ජිමින්. මම පිච්චුවා. ඒත් දවසක සාක්ශි වෙයි කියලා හිතපු දේවල් කිපයක් ඉතුරු කරගත්තා. ඒත් ලී මින්ට විරුද්ධව ඉදිරිපත් කරන්න පුලුවන් ප්‍රභලම සාක්ශිය මගෙ ලඟ නෑ. මට ඒ ගැන ලොකු පසුතැවීමක් දැනෙනවා "

" හ්‍යුන්ග් කියන්නේ ප්‍රෙග්නන්සි රිපෝට් එක ගැනද ? "

" දේ ටේයුන්. ජූහි-ආ ගේ ප්‍රෙග්නන්ට් රිපෝට් එක. එදා ඩොක්ටර් ලවා ඒ රිපෝට් එක විනාස කරවලා එයාව රට යැව්ව නිසා කිසිම රිපෝට් එකක් මගෙ ලඟ නෑ. ඒ සාක්ශි දවසක වැදගත් වෙයි කියලා මට හිතුනේ ඒ හැමදේම උනාට පස්සේ "

" අපිට බැරිවෙයිද ජින් ඩොක්ටර්ව කන්ටැක් කරගන්න "

" අනී හොබී... ඊට පස්සේ හිතේ ආවේගෙට මේ හැමදේම එලිකරනවා කියලා හිතුන කීප වතාවකම මම ඩොක්ටර්ට කෝල් කලා.එයා ගැන හෙව්වා. ඩොක්ටර් සිංගප්පූරු වලට ගියාට පස්සේ ඩොක්ටර් ගැන කිසිම අප්ඩේට් එකක් ආවෙ නෑ.කොහොමත් ඩොක්ටර්ව හොයාගත්තත් අපිට එයාව අමාරුවෙ දාන්න බෑ. ඩොක්ටර් ගැන එලි උනොත් එයා රාජකාරිය හරියට නොකල එකටයි නීතිය නොමග යවපු එකටයි අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. අපි වෙනුවෙන් මේ රහස මෙච්චර කල් රැකපු කෙනෙක්ට එහෙම වෙන්න දෙන්න බෑ හොබී "

" ඒත් ජින්. නඩුව උඩට ඇද්දා වගේ නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම එකින් එක සාක්ශි ඉදිරිපත් කරන්න ඕනි "

" යොන්ගියා. මට ඔයා කියන දේ තේරෙනවා. මම දන්නෑ මේක මම දිනයිද නැත්ද කියලා. ඒත් මම දන්න දේ දන්න තරමින් හැම ඇත්තක්ම උසාවියෙදි කියනවා. මට දැන් මහන්සියි. මම ඇති වෙනකම් විඳෙව්වා. මට තවත් දරාගන්න බෑ "

" මේ ටිකෙන්........ ජූහි-ආ , ලී මින් අතරේ සම්බන්දයක් තිබුනා කියලා ඔප්පු කරගන්න පුලුවන් උනොත් වැඩි අවධානයක් ලී මින්ට එල්ල වෙන නිසා අපිට දෙයක් කරන්න බැරි වෙන එකකුත් නෑ "

පෙට්ටිය අවුස්ස අවුස්ස ඉදපු යොන්ගි කිව්වේ කල්පනාවට වැටෙන ගමන්.

" යොන්ගි. නඩුව කතා කරන්න. අපි මේක කරන්නම ඕනි "

" ජින්ට විස්වාසයිද ? මෙතනින් ඉස්සරහට එන ඕනි දේකට මූන දෙන්න පුලුවන් කියලා ? "

යොන්ගි අහපු දේට උත්තර දෙන්න කලින් මම බියෝල් දිහා බැලුවා. ඒ ඇස් මා දිහා බලාගෙන ඉන්න තාක්කල් මට ඕනි දෙයක් දරාගන්න පුලුවන්. බියෝල් දිහා බලාගෙන හිතින් හිතන ගමන් මම යොන්ගිට ඔවු කියන්න ඔලුව වැනුවා.

" අරස්සෝ අපි එහෙනම් මේක නීතියෙන් විසඳමු."

" දේ....බැරි උනොත් මගේ විදිහට මම විසඳන්නම්. ඒත් මට ඕනි ලෝකෙම ඉස්සරහා ඌ වරද පිලිගන්න. ජූහි-ආ ට දුන්න වේදනාව වගේම මට වුන ලැජ්ජාව ඌත් විඳින්නයි මට ඕනි "

" කාම් ඩව්න් ජින්. බයවෙන්න එපා. අපිට ඕනි විදිහට හැමදේම වෙයි "

ජිමින්ගේ විස්වාසනීය වචන මාව සැනසුවා. දේ මෙතන ඉදන් මොන දේ උනත් මට ඕනි විදිහටම වෙයි. ජූහි-ආ තව ටික දවසක් ඉවසන්න. මම ඌට දඬුවම් කරනවා. ඔයාට කරපු අපරාදෙට මම පලි ගන්නවාමයි. ආයෙමත් සැරයක් මම හිතින් ජූහි-ආ ට පොරොන්දු උනා.

❤️💫❤️💫❤️💫❤️💫❤️💫❤️💫❤️💫❤️💫❤️💫.....

අවසන් කොටසින් හම්බවෙමූ....😘❤️...

පහල තියෙන පෝස්ට් එකත් බලාගෙන යන්න කට්ටිය. ඔයාලා දන්නවනේ Black Swan Sri Lanka ගෲප් එක. ඉතින් ඒකෙන් මීට් අප් එකක් රෙඩි කරලා තියෙනවා. ඔයාලට සහභාගි වෙන්න පුලුවන්. ටිකට්ස් බුක් කරන්න පුලුවන් වට්සැප් හරහා. ඉතින් පහල තියෙන පොස්ට් එකේ හැම විස්තරයක්ම තියෙනවා. පුලුවන් අය එන්න. විනෝද වෙන්න.😘❤️....

Continue Reading

You'll Also Like

342K 11.1K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
1M 39.3K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
227K 9.4K 25
Where Lewis Hamilton goes to a cafe after a hard year and is intrigued when the owner doesn't recognise him. "Who's Hamilton?" Luca says from the ba...
608K 21.9K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...