ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓

By vk_panther

57.5K 12.2K 3.2K

රුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXb... More

පිවිසුම......
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
A/N
new book ☹️

18 කොටස

1.4K 337 78
By vk_panther

ජන්කුක් දිහා මොහොතක් බලාගෙන හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත අල්ලා ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ට වාරු වෙලා නැගිට්ටත් ටේහ්‍යුන් පය පැකිලිලා වැටෙන්න ගියෙ ඔහු ශක්තිමත් නැති නිසා.

"පරිස්සමින්"
ටේහ්‍යුන්ගෙ ඉනෙන් අල්ලා ගන්න ගමන් යුන්ගී කොඳුරන කොට ටේහ්‍යුන් ඔලුව වනලා ජන්කුක් වත් වාරු කරගෙන බාත් රූම් එක ඇතුලට ගියා.

"කුකී එන්නකෝ..."
හිමීට කොඳුරපු ටේහ්‍යුන් ජන්කුක් ව බාත් ටබ් එක ඇතුලෙන් තියනකොට ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ උතුරා ගෙන යන ආදරෙන්.

හිමින් හිමින් ජන්කුක් තමන්ගෙ ඇදුම් ගලවලා ටේහ්‍යුන් ඉස්සරහ නිරුවත් වෙනකොට පලවෙනි වතාවට ජන්කුක් ගෙ නිරුවත දැක්ක ටේහ්‍යුන් ඉක්මනට අහක බලා ගත්තා.

"බබා ටැප් එක අරින්නකො..."
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් බිම බලාගෙන ඇවිත් බාත් ටබ් එක වතුර එන ටැප් එක අරිනකොට හදිස්සියේම ජන්කුක් ගෙ ඇග පුරා තියෙන තුවාල කැලැල් ඇහැ ගැටුන ටේහ්‍යුන් ඉකියක් ගිලගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියෙ කදුලු ගලන දෑසින්.

"මැණික අඩන්න එපා මේ බලන්නකො මට රිදෙන්නෑ..."
තමන්ගෙ තුවාල වලට වතුර වැටෙනකොට වේදනාවට තොල හපාගෙන ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත අල්ලගෙන කියනකොට ටේහ්‍යුන්ගෙ ඇඩිල්ල තවත් වැඩි උනා.

"ආදරෙයි නේද මට"
බිමට නැවිලා තියන ටේහ්‍යුන්ගෙ මූණ උස්සලා තමන් දිහාවට හරවා ගන්න ගමන් ජන්කුක් අහනකොට ටේහ්‍යුන් ඇස් වල කදුලු පුරවාගෙන ඔලුව වැනනකොට නොදැනීම ජන්කුක් ගෙ ඇස් දෙකත් තෙත් උනා.

"ගොඩක් ආදරෙයි ද?"
ජන්කුක් ආයෙමත් අහනකොට ටේහ්‍යුන් ඉස්සෙල්ලාටත් වඩා වේගයෙන් ඔලුව වනන ගමන් ජන්කුක් ගෙ අල්ලාගෙන හිටපු අත තව තවත් තදින් අත් වලට ගුලි කර ගත්තා.

"ඊටත් වැඩියෙන් මම ආදරෙයි"
ජන්කුක් කීවේ ටේහ්‍යුන්ගෙ හිස ආදරෙන් අත ගාන ගමන්.


"මැණික සබන් ගාන්න නම් බෑ... මට ඇදුමක් අරගෙන එන්න. ටවල් එකකුත් ගේන්න"
ජන්කුක් කීවේ බාත් ටබ් එක උඩින් තමන්ගෙ ඔලුව තියා ගන්න ගමන්.

ඔලුව වනපු ටේහ්‍යුන් එතනින් පිටව යනකොට ජන්කුක් තමන්ගෙ ඇස් වල පිරිලා තිබුණු කදුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්නා.

ඔව්

අවුරුදු 10කට පමණ පස්සෙ ජන්කුක් ආයෙමත් ඇඩුවා. ටේහ්‍යුන් ආදරේ ගල් ගැහිලා තිබුන ජන්කුක් ගෙ හදවත ආදරයෙන් මෙලෙක් කරනකොට ජන්කුක් ගෙ ඇස් වලට ටේහ්‍යුන්ගෙ ආදරය කදුලු ගෙනාවා....




"කුකී...."
ටේහ්‍යුන් ටවල් එකකුයි ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි ගෙනල්ලා පෙන්වනකොට ජන්කුක් බාත් ටබ් එකෙන් බැස්සෙ ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන.

ජන්කුක් ගෙ ඇග හැමතැනම තිබුණු තුවාල කැලැල් දැක්ක ටේහ්‍යුන්ගෙ හිත දස දහස් වාරයක් හැපි හැපී හඩා වැලපුනා. ජන්කුක් ගෙ පරිපූර්ණ නිරුවත දැක්ක ටේහ්‍යුන් ට කිසිම විදයක ආශාවක් වත් අහලකින්වත් ආවේ නෑ. ඒ වෙනුවට දැණුනෙ ලොකු දුකක්. වේදනාවක්. අසරණකමක්. ජන්කුක් වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි උනා කියන අසරණ කම ටේහ්‍යුන් ගෙ පුංචි හිතට කටු අනිනවා වගෙ වේදනාවක් උනා.

ටේහ්‍යුන්ට වාරු වෙලා ඇදුම් සේරම ඇද ගත්ත ජන්කුක් ටේහ්‍යුන් එක්ක එලියට ඇවිත් ඇද මත දිගා උනෙ ලේ ගෑවුන ඇදුම් බාත් රූම් එකෙ දාලා.

"ඩොක්ටර් ට එන්න කියන්න"
යුන්ගී හිමීට ජිමින්ට කොඳුරන කොට ජිමින් එලියට ගිහින් මොහොතකට පස්සෙ ආයෙ ආවෙ ඩොකටර් එක්ක.

"ඩොක්ටර් පොඩ්ඩක් මෙයාව බලන්න.. තුවාල වෙලා මෙයාට"
යුන්ගී කියනකොට ඔලුව වනපු ඩොක්ටර් මෙඩිකල් බොක්ස් එක පැත්තිකින් තියලා ජන්කුක් ගාවින් වාඩි උනා

"කොතනද තුවාල පේෂන්ට්ගෙ"

"හැමතැනම වගෙ"
යුන්ගී ගානක් නැතිව කියනකොට ඩොක්ටර් යුන්ගී දිහා පුදුමෙන් බලාගෙන හිටියා.

"සර් ටී ෂර්ට් එක පොඩ්ඩක් ගලවන්න"
ඩොක්ටර් ඉල්ලනකොට ජන්කුක්ව කෙලින් කරපු යුන්ගී ජන්කුක් ගෙ උඩු කය නිරුවත් කරනකොට ජන්කුක් ගෙ ඇග පුරා තිබුන කැපුම් පාරවල් දැක්ක වෛද්‍යවරයා ගෙ ඇස් උඩ ගියා.

"මේ... මේ මොකද උනේ.. මෙච්චර තුවාල කලෙ කවුද?"
පුදුමයෙන් ඒ තුවාල පිරුන ඇග දිහා බලන ගමන් වෛද්‍යවරයා අහනකොට යුන්ගී ඔහු දෙස ඕවා බැලුවා.

"ආවා නම් බෙහෙත් කරලා යන්න ඩොක්ටර්. රහස් පොලිසියෙන් නෙවේනෙ..."
යුන්ගී තදින් කියනකොට වගේම කාමරය දෙදරන්න කියනකොට ඒ ස්වරයෙ තිබුන තර්ජනාත්මක බව වටහා ගත් වෛද්‍යවරයා කිසි කතාවක් නැතිව ජන්කුක් ට බෙහෙත් දාන්න ගත්තා.

"ගැඹුරු තුවාල නම් නෑ.. මැහුම් දාන්න ඕනෙ වෙන්නෑ... බෙහෙත් ලියලා දෙන්නම්. ෆාමසි එකකින් ගන්න"
යුන්ගී දිහා බලන්නවත් බයට ජන්කුක් දිහා බලන් ඒ වෛද්‍යවරයා කියනකොට ජන්කුක් යන්තම් ඔලුව වැනුවා

"සර්... සර් පොලිසියට කම්ප්ලේන් කරන්න ඕනෙ නැතිද? මෙච්චර තුවා...."

"මගෙ තුවාල ගැන බලා ගන්න මට පුලුවන්.. ඩොක්ටර් ට කරදර වෙන්න උවමනාවක් නෑ... "
ජන්කුක් එක පාරට ම කියනකොට වෛද්‍යවරයා පුදුමෙන් බලාගෙන හිටියා

"මෙයාලා ඔයාට කරදර කලාද? මම ඕනෙ නම් යන ගමන් පොලිසියට...."

"මේ ගෙදර අයිතිකාරයා මෙයා මනුස්සයො.. මම මුගෙ යාලුවා  , මූ බෝයි ෆ්‍රෙන්ඩ්... තමුන් වැඩක් බලන් ඉදහන් ඇණයක් නොවී.."
යුන්ගී තමන්ව හා ටේහ්‍යුන්ව පෙන්වන ගමන් කියනකොට ඩොක්ටර් යුන්ගී දිහා බලාගෙන ඔලුව වැනුවා

"ඒත් තුවාල උනේ කොහොමද?"

"ආයෙත් වද දෙනවා පලයන් එලියට"
යුන්ගී කෑ ගහනකොට ජිමින් යුන්ගී ගෙ අත අල්ලා ගත්තෙ යුන්ගී ව සංසුන් කරන්න හිතාගෙන උනත් යුන්ගී නම් තවම හිටියෙ කෝපයෙන් වෙව්ලන ගමන්. තමන්ගෙ යාලුවා ව ආරක්ෂා කරන්න බැරි උනා කියන හැගීම යුන්ගී ගෙ හිතට වද දෙනකොට වෛද්‍යවරයා ගෙ මෙම හැසිරීම යුන්ගීට තවත් තරහා කැදවූවා

තමන්ට පිටු පාල යන වෛද්‍යවරයා දිහා බලාගෙන හිටපු යුන්ගී ඔහු යනවත් එක්කම ජන්කුක් දිහා බැලුවා.

"ඌ වැඩී ගානට... මරන්න වෙයි. නැත්නම් රට වටේ කිය කිය ඇවිදී"
යුන්ගී කියනකොට ජන්කුක් කිසිවක් නොකියා අනුමැතිය පල කරන විදියට ඔලුව හොලවලා ඇස් දෙක පියා ගත්තා.

යන්තං හිනා උන යුන්ගී ආපසු හැරෙනකොට පුදුමෙන් බලාගෙන හිටපු ටේහ්‍යුන් යුන්ගී ගෙ අතෙ එල්ලුනෙ අඩ අඩා.

"අනේ එපා.. මරන්න එපා එයාව"
ටේහ්‍යුන් අඩන ගමන් කෑ ගහනකොට ජන්කුක් ඇස් ඇරලා ටේහ්‍යුන්ට අත දික් කරලා ලගට කතා කලත් ටේහ්‍යුන් යුන්ගීගෙ අතින් අල්ලගෙනම හිටියා

"පලයන් පැත්තකට"
යුන්ගී කෑ ගහලා ටේහ්‍යුන් ව තල්ලු කරනකොට බිම වැටුණ ටේහ්‍යුන් අඩ අඩා යුන්ගීට වෛද්‍යවරයා ගෙ ජීවිතෙ නැති කරන්න එපා කිය කියා ඉල්ලුවා

"තමුසෙ ගෙ කොල්ලා පොලිසියට අහු වෙන එක හොදයිද එතකොට?"
තරහෙන් කෑ ගැහුව යුන්ගී එතනින් පිට වෙලා යනකොට ටේහ්‍යුන් අඩ අඩාම බිම වැටිලා හිටියෙ ගොඩක් ලොකු වේදනාවකින්. ජිමින් අැවිල්ලා ටේහ්‍යුන්ව නැගිට්ටවන කම්ම ටේහ්‍යුන් වගේම ජන්කුක් ත් කිසි වක් නොකියා යුන්ගී ගිය දිශාව බලාගෙන හිටියා

ටේහ්‍යුන්ව නැගිට්ටවපු ජිමින් එතනින් පිටවෙලා යනකොට දොරත් වහගෙන , තමන්ගෙ කදුලු පිහ දාන ගමන් ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඇද උඩ ඉදගෙන ජන්කුක් දිහා බැලුවෙ ජන්කුක් ගෙ හිස කෙස් අතරට තමන්ගෙ ඇගිලි තුඩු ගෙනියන ගමන්. කොච්චර පාලනය කරන්න හැදුවත් තමන්ගෙ එකම ආදරෙ එක මිනීමරුවෙක් කියන වේදනාව ටේහ්‍යුන්ගෙ හිත තව තවත් පාරනකොට කදුලු ගලන දෑසින් ඔහු ජන්කුක් දිහා ඔහෙ බලන් හිටියා.

"මැණික... සමාවෙන්න"
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් බලාගෙන හිටියා.

"කුකී...."
ජන්කුක් ඔහුව තමන්ගෙ පපුව උඩට ඇදල ගන්නකොට, ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුව උඩ ඔලුව තියාගෙන හිමීට කෙඳිරුවා

"ඇයි මගෙ මැණික?"

"මිනිස්සුන්ව මරන්න එපා.."
ටේහ්‍යුන් ඉකි බිදුම පාලනය කරගන්න උත්සාහ කරන ගමන් ටිකක් ඉස්සිලා ජන්කුක් ගෙ පපුව උඩ තොල් තියලා ජන්කුක් ගෙ උරහිස උඩින් ඔලුව තිබ්බෙ ඇදෙ වැගිරෙන ගමන්. ජන්කුක් ටේහ්‍යන් ට ඉඩ දීලා මදක් එහාට ගියෙ ටේහ්‍යුන්ට ඇදෙ ඉඩ හදලා.

"මිනීමරුවෙක් නෙවෙ ඔයා කුකී..."
ටේහ්‍යුන් ආයෙමත් කෙඳිරුවා.

"නිදාගන්න ඕනෙ මට.  "
ජන්කුක් ටේහ්‍යුන්ව තදින් තුරුලු කර ගමන් ගමන් කොදුරනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා ඔලුව උස්සලා බැලුවා.

"රෑට ක...න්න?"

"දැන් හවස් වෙලා නෙ..  කුකී ට කන්න බෑ.. මැණික කාලා එන්න එහෙනම්"
ජන්කුක් කීවේ ටේහ්‍යුන්ව ඔහු අල්ලගෙන හිටපු ග්‍රහණය බුරුල් කරන ගමන්.

"මටත් බඩගිනි නෑ"
හිමීට මුමුණපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ උරහිසෙ මූණ හංගා ගන්නකො ට ටේහ්‍යුන් ගෙ දෑස් වලින් වැටුන කදුලු වල තෙත් බව දැනුනත් ජන්කුක් නිශ්ශබ්දව හිටියෙ ටේහ්‍යුන් ඉල්ලන්නෙ තමන්ට කරන්න බැරි දෙයක් බව දන්න නිසා.

ජන්කුක් ගාවින් දැනුනෙ ටේහ්‍යුන් ට බෙහෙත් සුවදක්.

"ඔයා ලස්සන මනුස්සයෙක් කුකී.. මිනීමරුවෙක් නෙවේ..."
හිමීට මුමුණන ගමන් ටේහ්‍යුන් තුරුලෙම නින්දට වැටුනෙ ජන්කුක්ත් වේදනාව අතරින් නින්දට හුරු වෙනකොට....





































































ආයෙ කියෙව්වෙ නෑ කතාව... අවුල්ද මන්දා.

අලුත් කතාවක් දැම්මා ජීකුක් එකක් I got pregnant at 18? කැමති අය බලන්නො....

මොනවා හරි කොටන්න

තැන්කූ තේජා නංගියො... ඒවා ලස්සනයි...  මට මේකට කවර 4ක් හම්බුනා.. සේරම මම මාරුවෙන් මාරුවට දානෝ.....🥺❤️....

Continue Reading

You'll Also Like

99.7K 16.1K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
76K 19.1K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
174K 26.5K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
67.8K 12.5K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...