💖💚💖💚
අලුත් දවසක් උදා වෙලා තිබුනා . ලෑස්ති වෙන ගමන් මං කල්පනා කලේ ගමන ගැන. කොච්චර ගිහින් තියෙන ගමනක් වුනත් අද ඒක දැනෙන්නෙ වෙනස්ම විදියට මගේ හිත කලබලයි . ඒ ඇයි කියලා මටවත් හිතාගන්න බෑ. ලෑස්ති වෙලා කාමරේ වාඩි වෙලා මං බලන් හිටියේ කට්ටිය එනකන් . මාව එක්කන් යන්නෙ කවුද කියල මං තාම දන්නෙ නෑ . මෙ අතර මගෙ කාමරේට අම්මා පියාණන් වගේම ගුරුත් ආවා . එච්චර ද කෝ එතකොට මාව එක්කන් යන කෙනා . එහෙම බල බල ඉද්දි පියාණන් එයාට කතා කලා. ආපු කෙනා දැකලා මට උඩ පැන පැන නටන්න හිතුනා ඒ වුනාට ඉතින් නැටුවේ නෑ. මං දුවලා ගිහින් එයාව බදාගත්තා
"අයියා ඔයා " ඒ ඇවිත් හිටියේ මගේ අයියා මගේ අයියා කිව්වට මගේම අයියා නෙවෙයි ගුරුගේ පුතා වන්ග් කුවාන් පොඩි කාලේ ඉදන් මං ලගින්ම හිටපු මගේ හොදම යාළුවා මට මගේම කියලා සහෝදරයෝ නෑ ඉතින් කුවාන් අයියා තමයි මගෙ දුකට සැපට හිටපු එකම සහෝදරයා . එයා මට වඩා අවුරුදු පහක් වැඩිමල් පුංචි කාලේ ඉදන් මාව බලාගන්න කෙනා එයා මකර රාජධානියේ සුපිරි දක්ෂයෙක්. අවුරුදු හතක අටක ඉදන් එයා ගොඩක් වෙලාවට ඉන්නෙ මනුස්ස ලෝකේ . මාත් එහෙට පුරුදු වුනෙ මෙයා නිසා මං එහෙදි හිටියෙත් මෙයා එක්ක .
"කුමරුනි " එයා කතා කලා මං තාම එයාගෙ කරට අත දාගෙන ඉන්නෙ
"අනේ මේ කට්ටිය ඉන්න තැන හොද නාමෙ ගන්න බොරුවට මට කුමරුනි ගාන්න එන්න එපා" මං එහෙම කිව්වේ එයා මට යීබෝ කියලා තමයි කතා කරන්නෙ ඒත් පියාණන් , ගුරු නැති තැන . එයාලා මුකුත් කියන්නෙ නෑ කියලා කිව්වට මෙ මෝඩයා අහනවයෑ .
"එහෙම එකක් නෑ "
" හරි හරි දැන් දෙන්නගෙම කෝලන් නවත්තලා පිටත්වෙන්න " පියාණන් එහෙම කිව්වම අපි දෙන්නා එයාලට ආචාර කලා . අම්මා මගෙ ලගට ඇවිත් පරිස්සමෙන් ඉන්න කියලා මගෙ නලලට හාදුවක් තිබ්බා.
" හරි මගෙ ස්වීටි ඔයත් පරිස්සමෙන් ඉන්න " එහෙම කියලා මං අම්මගෙ කම්මුලට හාදුවක් දුන්නා. කොච්චර දඟ වුනත් අම්මට මං එයාගෙ හුරතලා.
"හා මගේ ලේලිව පරිස්සමෙන් එක්කන් එන්නකෝ"
"අනේ ඉතින් ඔයාගෙ නල්ලමලෙ ලේලි දැනටම මාව අමතක කරලා හුම්ම් " මං බොරු අමනාපයකින් කිව්වේ ඔක්කොම ඒකට හිනා වෙද්දි . කට්ටියට සමුදීපු මායි අයියයි අපෙ මාලිගාවේ ප්‍රධාන දොරටුව ලගට ආවේ මිනිස් ලෝකෙට යන්න .
දොරටුව ලගට ආපු අපි දෙන්නා අපේ බලයෙන් අර්ධ මකර ස්වරූපයට වෙනස් වුනා . එතකොට අපේ ඇග මනුස්ස ස්වරූපයෙන් තිබුණත් අපේ අත්තටු විහිදිලා තියෙනවා වගේම ඇස්වල පාට වෙනස් වෙනස් වෙනවා . සාමන්‍යයෙන් මගෙ ඇස් කලු පාට වුනත් මකර රූපය හරි අර්ධ මකර රූපයෙදි හරි ඇස් කොල පාට වෙනවා අයියගෙ ඇස් නිල් පාට වෙනවා.ඉතින් අර්ධ මකර රූපයේ හිටපු අපි දෙන්නා එක පාර පියාපත් දෙක විහිදලා ඇස් පියාගත්තා. එතනින් අතුරුදහන් වුන අපි මතු වුනේ අයියගෙ එපාර්ට්මන්ට් එකෙන් ඒක හරිම ලස්සනයි තැනක් . මට ඉතින් මගේ ගේ වගේ තමයි .
ආපු හැටිය මං පැන්නේ සෝපා එකට හරියට නිකන් එහෙ ඉදන් මෙහෙට පයින් ආවා වගේ මං දැන් ඉන්නෙ
"ඉතින් දැන් මොකද කරන්නෙ කොහෙන්ද අපි දැන් ඔය කියන කෙනා හොයාගන්නෙ " මගේ ඔළුවේ වද දිදි තිබුන ප්‍රශ්නෙ මන් ඇහුවා .
"එයා ඔයාගෙ මේට් ඒ නිසා මේ මාස දෙක ඇතුලත එයාව ඔයාට අනිවාර්යයෙන් මුන ගැහෙනවා කොහෙ හිටියත් හැබැයි එයාව අදුරගන්න එක ඔයාගෙ වැඩක් . එතකන් ඔයාට කරන්න වැඩක් තියෙන්න එපැයි ඒ නිසා අපි කොලේජ් යමු "
"මොකක් කොලේජ් යන්න ඇයි එ "
"එයා ඉපදිලා තියෙන්නේ ඔයාගෙම අවුරුද්දේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ ඒ නිසා කොලේජ් එකකින් පටන් ගන්න එක හොදයි කියලා හිතනවා "
"හා කවදද ඉතින් යන්නෙ "
"හෙට "
"හෙට? "
"ඔව් මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ ඔයාට තියෙන්නේ හෙට යන්න එන්න "
"බලන් ගියාම ඔක්කොම එකතු වෙලා ප්ලෑන් ගහලා මං විතරයි මුකුත් නොදන්නෙ " මං කිව්වේ බොරු අමනාපයකින්
"එහෙම තමයි ඉතින් "
එදා දවසම අයියා එක්ක විකාර කර කර ඉදලා මං ඇදට ගියා . හෙට මොනා වෙයිද කොච්චර මෙහෙ ඇවිත් තිබුණත් මං මිනිස්සුන්ව ළඟින් ආශ්‍රය කරලා නෑ . මොකද අපේ රහස අපි රැකගන්න ඕනි. ඒත් හෙට මං යන්නෙ මිනිස්සු පිරුණු තැනකට අනේ මන්දා. තව මාස දෙකයි මට පුලුවන් වෙයිද එයාව හොයාගන්න එයා මොන වගේ කෙනෙක් වෙයිද ඔය දේවල් හිත හිතම මං නින්දට වැටුණා ..........................................................................................................
පහුවදා උදෙන්ම මං ලෑස්ති වුනේ කොලේජ් යන්න . අයියත් එක්ක එයාගෙ කාර් එකේ අපි කොලේජ් එකට ආවා . එහෙ හිටපු ළමයි ගොඩ දැකලා මට හීල්ලුනා මේ ගොඩ අස්සෙ මං කොහොමද එයා හොයාගන්නෙ.කාර් එකෙන් බැහැපු අපි දෙන්නා ගියේ ප්‍රින්සිපල් ඔෆිස් එක හොයාගෙන .
කොරිඩෝ එක දිගේ ඇවිදන් යද්දි කොහෙදෝ ඉදන් දුවගෙන ආපු කොල්ලෙක් මගේ ඇගේ හැපුනා . ඒ එක්කම මගෙ අතේ තිබුන සෙටිෆිකේට් ෆයිල් එක බිම වැටුණත් කලබලෙන් වගේ ඒ කෙනා බිම වැටුන ටික අහුලලා ෆයිල් එකට දාලා ආපහු මගෙ අතට දුන්නෙ සොරි කියන ගමන් . එතකොට තමයි මං එයාව වගේම එයා මාවත් හරියට දැක්කෙ . අපි හිටියේ අපේ ඇස්වල අතරමං වෙලා . දෙයියනේ මනුස්සයෙක් මෙච්චර ලස්සන වෙන්න පුලුවන් ද හරියට අඹපු පිළිමයක් වගේ ලස්සන බෝල වගේ ඇස් දෙක රතු පාටින් දිලිසෙන තොල් ඊට යටින් තියෙන මෝල් එක අනේ මං ඒවගේ අතරමන් වෙලා. මට ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ . එයත් මං දිහා බලන් ඉන්නෙ ඇස් ලොකු කරන් ඒ ඉන්න විදියට පැනලා ඒ රෝස කම්මුල් ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා . ශික් මොනාද මං මේ හිතන්නෙ ඒ වුනාට එයාගෙන් ඇස් ගන්න මට ඕනි වුනේ නෑ .
සිතුවිලි වල අතරමං වෙලා හිටපු මාත් මං දිහා භූතයෙක් දැකලා වගේ බලන් හිටපු එයත් පියවි සිහියට ආවේ අයියගෙ කැස්සට . ඒත් එක්කම රතු පාටට හැරුණ එයා බිම බලාගෙනම ආපහු ඔලුව නමලා සොරි කියලා එතනින් දිව්වා. එයා යන දිහා බලන් හිටපු මං රතු වෙන්න ගත්තේ අයියා අහපු දේත් එක්ක
"මොකෝ දැක්ක හැටියම ආදරේ හිතුනද "
"විකාරද " මං කිව්වෙ ලැජ්ජාව හන්ගගෙන
"හාකෝ උදේ සීතලට වෙන්න ඇති කන් රතු වෙලා තියෙන්නේ "එහෙම කියලා අයියා මගෙ කනට තට්ටුවක් දැම්මෙ මට එතනම වැලලෙන්න හිතෙද්දි . අපි ආපහු ඔෆිස් එක පැත්තට යන්න ගත්තා . ඒ අතරේ මට මතක් වුනේ පියාණන් මෙහෙ එන්න කලින් දීපු දේශනයක් " යීබෝ හොඳට මතක තියාගන්න ඔයා යන්නෙ වැඩකට ඒක ඔයාගෙ වගකීම පිස්සු නටන්න එපා වෙන වෙන විකාරවල පැටලිලා අහුවෙන්නත් එපා " ඒකත් මතක් කරගෙනම යද්දි අපි ඔෆිස් එක ලගට ඇවිත් තිබුනා. අයියා දොරට තට්ටු කලාම ගැඹුරු හඬකින් ඇතුලට එන්න කිව්වා .
"ආ එන්න එන්න මිස්ටර් වන්ග් වාඩි වෙන්නකෝ " ඒ කතා කලෙ ප්‍රින්සිපල් එයා අයියව අදුරනවා වගේ අපි දෙන්න වාඩි වුනා
"මෙයාද ඔයාගෙ රට හිටපු මල්ලි කිව්වෙ " මාව පෙන්නලා එයා ඇහුවම මං පුදුම වුනත් අයියා කියන්න ඇත්තේ එහෙම වෙන්න ඇති කියලා මං හිත හදාගත්තා .නැතුව ඉතින් මකර රාජධානියකින් ආවා කියන්නයෑ
"ඔව් මිස්ටර් චාඕ "
"නම මොකක්ද " මං උත්තර දෙන්න හදද්දිම අයියා පැනලා උත්තර දුන්නා
"වන්ග් යීබෝ "
මේකා බොරු මවනවා මං කවදා ඉදන්ද වන්ග් යීබෝ වුනේ මට හිනා යන්නත් ආවා කොහොම හරි පාලනය කරගත්තා . මිස්ටර් චාඕ කාටද කෝල් කරලා එන්න කිව්වා . ටිකකින් ඔෆිස් එක ඇතුලට ආවේ මැදි වයසේ පිරිමි කෙනෙක් . එයා අපි එක්ක ප්‍රියමනාපව හිනා වුනා .
"මිස්ටර් නින්ග් මේ ඉන්නේ අලුතින් ආපු ස්ටුඩන්ට් වන්ග් යීබෝ"
"එතකොට යීබෝ මේ ඉන්නෙ ඔයාගෙ ක්ලාස් ටීචර් මිස්ටර් නින්ග් දැන් මෙයත් එක්ක ක්ලාස් එකට යන්නකෝ"
මායි අයියයි ඒ සර් එක්ක ඔෆිස් එකෙන් එලියට ආවා .
"යීබෝ ඔයාගේ ෆයිල් එක මට දෙන්න ක්ලාස් එකේ මොනිටව මං එවන්නම් එයා එක්ක ක්ලාස් එකට යන්න " එහෙම කියලා මගෙ ෆයිල් එකත් අරන් සර් ගියා . මං අයියගෙ පැත්තට හැරුනා.
"පියානන්ගෙ විශ්වාසවන්තයා මෙච්චර බොරුකාරයෙක්ද එතකොට " මං අයියට කිව්වෙ ජෝක් එකට
"කවුද දැන් බොරුකාරයා "
"වෙන කවුද ඔයානෙ අර ඇතුලේ දි කියපු බොරු ටික එතකොට ඒවට හරියන්න හදපු සෙටිෆිකේට් "
"ඒවා කලේ ඔයාගෙ පියාණන් නිසා තමයි මෝඩයෝ " මගෙ ඔලුවට හිමින් පාරක් ගහන ගමන් අයියා කිව්වා .
"මේ අද මං ඔයාව ගන්න හවසට එන්නම් හරිද ඉවර වුනාම කෝල් එකක් දෙන්න හෙට ඉදන් ඔයාට බයික් එකේ එන්න පුලුවන්නෙ "
"හා ඇත්තටම මට බයික් එකේ එන්න දෙනවද " හරිම උද්‍යෝගයකින් මං උත්තර දුන්නෙ .
"බයික් එක පදින්න කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේද හැබැයි පරිස්සමෙන් හරි "
"හා හා අනේ " ඇත්තටම මං පුදුම තරම් බයික් පදින්න ආස වුනා . අයියට බයික් එකක් තිබුනා වුනත් එයා ඒක පදින්නෙ නෑ මෙහෙ ආපු දවස්වල මමයි ඒක පැද්දෙ ඉතින් ඒක මගේම බයික් එක වුනා. මෙහෙදි මං ගොඩක්ම ආස වුනේ බයික් පදින්නයි විඩියෝ ගේම් ගහන්නයි.
අයියා එක්ක කියෝ කියෝ හිටපු මම පිටිපස්සෙන් ඇහුන කට හඩ එක්ක හැරුණේ මොනිටර් ඇවිත් ඇති කියලා හිතාගෙන.........................................................................................................................
මතුසම්බන්ධයි ....
⭐නෙතූ..
💃 හැමෝටම සුබම සුබ නත්තලක් 😍💖💚
💃 ගිය දවස් ටිකේ ලෙඩ වෙලා හිටියේ අනේ ඒකයි ඊයේ කතාව දෙන්න බැරි වුනේ 😔
💃 typing mistake තියෙන්න ඇති සොරි හොඳේ
💃එහෙනම් පරිස්සමෙන් ඉන්න සූටි මැනිකලා 😍💖💚