ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]

By sehasnara

7.8K 1.7K 326

ඔයාට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනම දෙයක් ඔයාට කරන්න පුළුවන්. More

01
02
04
05
06
07
08
09

03

864 202 25
By sehasnara

මම බාස්කට්බෝල් කෝ‍ට් එකේ බෝලේ අතේ තියන් ඩ්‍රිබල් කරන්න ගත්තා. මගේ ඇස් කොණකට මට පෙනුණා පැවිලියන් එකේ ඉඳගෙන මම ප්‍රැක්ටිස් ඉවර වෙනකන් බලන් ඉන්න මෙනත් අයියව.

එයා ගහපු පාර තාමත් තද රතු පාටට මගේ මූණේ තිබුණා. එයා කොච්චර සැර වුණත් එයා මට ආදරෙයි කියලා මම දැනන් හිටියා. එයාට ඒ ආදරේ පෙන්නන්න විදිහක් තිබුණේ නෑ කියලත් මම දැනන් හිටියා.

මම එයා දිහා බලන් ඉන්නවා කියලා දැනිලා වෙන්න ඇති මෙනත් අයියා එයාගේ පොතෙන් ඔළුව උස්සලා මං දිහා බලලා හිනාවුණා. මමත් ලාවට හිනාවක් පෙන්නලා ආයෙත් බෝලේ දිහා බැලුවා.

අතේ තිබුණ කැපුම් පාරවල් පේන්නේ නැති වෙන්න මම අද මගේ අත් දිග කූලින් ස්වේටර් එක ඇඳන් හිටියා. ඒක මගේ හැමදාම ඇඳුම්වල කොටසක් වුණ නිසා කාටවත් මගේ අමුත්තක් පෙනු‍ණේ නැතුව ඇති කියලා මම හිතුවා.

මගේ ඇඟිලි වල නියපොතු කොන්වල රළුවට පාරවල් හිටලා තිබුණේ මම නිකන් ඉන්න ගමන් ඇඟිලි වලට කටුවලින් ඇනපු නිසයි.

මෙනත් අයියට කොහොම පොරොන්දු වුණත් මම මටම රිද්ද ගන්න එකෙන් ලොකු සහනයක් ලබා ගත්තා. මගේ ඔළුව පුරාම පැතිරිලා තිබුණ කුණාටු හැඟීම ඒ තුවාල වලින් පිට වෙලා යනවා වගේ මට දැනුණා.

ඉස්කෝලෙදි මම තරම් හැමදේම කරපු ළමයෙක් තව නොඉන්න ඇති. මම ඒ තරමටම හැමදේම කළා. ‍තව තප්පරේකින් වේදිකාවට නැගලා කතාවක් කරන්න කිව්වත් මම ඒකට පවා ලෑස්ති වෙලා හිටියේ.

ඒත් ඒ හැම ඉදිරිපත් වීමක් පිටි පස්සෙම මගේ හිතේ තිබුණ පසුබෑම මට ලොකු බලපෑමක් කළා. 

ෂූටින් පෝස් එකට හිට ගත්තු මම රින්ග් එකෙන් බෝලේ ඇතුළට දැම්මේ ආසාවටත් එක්කයි. තාම අපේ කෝච් කෝට් එකට ඇවිත් නොහිටපු නිසා මම නිකන් බෝලේ එක්ක ප්‍රැක්ටිස් ‍කළේ වෝම් අප් කරන්න කලින් දාඩිය දාන්න ඕන වගේ දැනුණ නිසයි.

අද නම් කෝච් නෙවෙයි දෙවියන් කිව්වත් මාස්ක් එක නම් ගලවන්න විදිහක් නෑ කියා මම දැනන් හිටියා. මෙනත් අයියගේ ඇඟිලි පහම මගේ කම්මුලේ ලස්සනට සලකුණු වෙලා තිබුණා. 

එයා ඒ ගහපු පාරත් මට අමුතු විදිහක සතුටක් දුන්නා කිව්වොත් වැරදි නෑ.

එයා ගැහුවත් ඒ ගහන පාරවල් පිටි පස්සේ තිබුණේ ආදරයක් නැත්තම් රැකවරණයක් කියලා මම දැනන් හිටියා. 

මම පියවි සිහියට ආවේ මගේ එහා පැත්තේ ඉඳන් මට කතා කරපු කවීෂගේ හඬ ඇහිලයි.

'අනුල, කෝච් ආවා. අපිට රූම් එකට එන්න කිව්වා ‍මීටින් එකට.' 

බෝලේ බිමට දාපු මම මෙනත් අයියා දිහාට බැල්මක් හෙළලා කවීෂ එක්ක පඩිපෙළ බැහැගෙන ගියේ අපේ රූම් එකේ හිටපු චතුර සර්ව හම්බවෙන්න.

බාස්කට්බෝල් කියන්නේ මගේ හදවත වගේ මට දැනුණ එකම තැන.

මගේ ටීම් එක කියන්නේ මගේ පවුල.

ටීම් එක මගේ පවුල නම්,

මෙනත් අයියා මගේ කවුද?



_____________

'මගේ අතින් එදා අතත් කැපුණා.'

'ඇත්තමයි නංගි ඔයා ආයේ ඔහොම වැඩ කළොත් මම කනට ගහනවා.'

_____________

Meraki

2021 - 12 - 18

Continue Reading

You'll Also Like

106K 13.9K 104
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
283 59 5
සාමන්යෙන් ආදරේ ඇති වෙන්නේ හදවත් දෙකක. ඒත් හදවත් තුනක් අතර එක පාර ආදරයක් ඇති වුනොත්.... ලෝකය ඒ ආදරය කොහොම පිළිගත්තත් ආදරය කරන්නේ ලෝකය නෙමෙයි. ඒ තුන්දෙ...
574 161 32
එයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක...
199K 27.8K 67
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.