Our Journey πŸ”β€οΈ

By AndreaMariyan

13.7K 2.7K 150

[YiZhan] [COMPLETED] [HAPPY ENDING] β€οΈπŸ”.. I Want To Wrap My Arms Around You And Hold You 'till The Da... More

Our Journey πŸ”β€οΈ - π™Ώπšπ™Ύπ™»π™Ύπ™Άπš„π™΄
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟷
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟸
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟹
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟺
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟻
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟼
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 08
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟿
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟢
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟷
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟸
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟹
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟺
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟻
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟼
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟽
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟾
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟷𝟿
Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟸𝟢 [π™»π™°πš‚πšƒ π™²π™·π™°π™Ώπšƒπ™΄πš]
Our Journey πŸ”β€οΈ - π™΄π™Ώπ™Έπ™»π™Ύπ™Άπš„π™΄

Our Journey πŸ”β€οΈ - π™²π™·π™°π™Ώπšƒπ™΄πš 𝟢𝟽

544 126 4
By AndreaMariyan

Our Journey 🔐❤️

❤️🔐.. I Want To Wrap
My Arms Around You
And
Hold You 'till
The Dawn Breaks .. 🔐❤️

[07]

____________🍓❄️____________

🍓 [XIAO ZHAN]

"..අහ් මේ බක පණ්ඩිත සීතල ඌරා.. ආවදෙන්කෝ අද එළියට.."

තවමත් තමන් ඉන්නේ ටවල් එකෙන් කියලා අමතක වෙලා Xiao Zhan හිතුවේ අත් දෙකත් මිටමොලවගෙන බාත්රූම් එකේ දොර ලගින් එහෙට මෙහෙට ඇවිදින ගමන්. කොල්ලගේ ඇදුම් ටික ඔක්කොම YiBo ගේ ඇද උඩට දාලා තිබ්බේ කලින් පාර දොරට ගහන්න උවමනාවට විසික් කරපු පාර.

ටික වෙලාවකින් බාත්රූම් එකේ දොර ඇරුණේ Xiao Zhan ගේ කන් දෙක, නහය, බෙල්ල, කම්මුල් සේරම තද රතු පාට වෙලා ඇස් දෙක නලලට ගිහින් කට ඇරෙනකොට.

කොල්ලගේ ඉස්සරහා ඉන්නේ YiBo ද කියලා කොල්ලට ෂුවර් නැතිවුණේ Xiao Zhan දෙපාරක් ඇස් පිල්ලම් ගහලා ආයේ බලද්දි.

සුදු පාට ටවල් එක හිප් එක⁣ට ඇදලා තවමත් වතුර බේරේන තද දුඹුරු පාට කොණ්ඩේ තව ටවල් එකකින් පිහිදන ගමන් ඉන්න අයිස් ප්‍රින්ස් දිහා Xiao Zhan බලන් හිටියේ කටත් ඇරගෙන. Xiao Zhan ගේ ඇස් දෙක ගියේ YiBo නිරුවත් පපුවට.

"..ක්හ්ම්ම්.."

Xiao Zhan උඩ ගියේ කන ලගින්ම ඇහුණ සද්දෙට.

YiBo ගේ කට කොනකට පෙනී නොපෙනි යන විදිහට ආව හිනාව Xiao Zhan දැක්කම කොල්ලා තව ටිකක් රතු වුනේ බලාගෙන ඉද්දි.

"..ඩිනර් ගන්නේ ඔහොමද..?"

YiBo ඇහුවේ ගානක්වත් නැතුව ක්ලෝස්ට් එක ලගට යන ගමන්.

"..න්...න්..නෝ.."

Xiao Zhan උත්තර දුන්නේ තමන්ගේ ගේ ඇස් දෙක YiBo ගේ සික්ස් පැක්ස් වලින් අමාරුවෙන් අයින් කර ගන්න ගමන්. ඒ කියලත් කොල්ලා බලන් හිටියේ ක්ලෝස්ට් එක ලගට ගිහින් බාස්කට් බෝල් ශෝට් එකක් අරන් අදින YiBo දිහා.

ඒත් එක්කම ඇහුණේ දොරට තට්ටු කරන සද්දේ. තමන් ඉන්නේ ටවල් එකෙන් කියලා අමතක වෙලා Xiao Zhan දොර පැත්තට යන්න හැරෙනවත් එක්කම YiBo කොල්ලව පහු කරන් ගියේ දොර අරින්න.

Xiao Zhan ව පහු කරන් දොර ලග⁣ට ගිය YiBo දොර බාගෙට ඇරලා කවුද කියලා බලලා හැන්ඩ්ල් එකට අත තියාගෙන ආපහු හැරුණේ Xiao Zhan ගේ පැත්තට. දොර ලඟට යන්න ගත්ත අඩිය එහෙම්ම තියාගෙන Xiao Zhan බලන් හිටියේ රවාගෙන තමන් දිහා බලන් ඉන්න YiBo දිහා.

"..ඇඳුමක් දාගන්නවා.."

ගල් වෙලා හිටිය Xiao Zhan ටුක් ගාලා ගිහින් බෙඩ් එක උඩ දාලා තිබ්බ ලා රෝස පාට පිජාමා කිට් එක ඇදගත්තේ
YiBo තද කටහඬට.

පිජාමා එක ඇදගෙන එහෙම්ම කොල්ලා ඇඳට නැගලා ඉදගත්තේ YiBo දොර අරින දිහා බලාගෙන. දොරෙන් ඇතුලට ආවේ Soo yan එක්ක තව වැඩ කරන්න ඉන්න දෙන්නෙක්. එයාලා අරන් ආව කෑම ප්ලේට්ස් ටික රූම් එකේ තිබ්බ ටේබල් එක උඩින් තියලා Soo yan කැරකිලා හැරුණේ YiBo ගේ පැත්තට.
'මේ මොන විකාරයක්ද මේ' කියලා හිතන ගමන් ඇද උඩට වෙලා Xiao Zhan බලන් හිටියේ YiBo ගේ වටේ කැරකෙන Soo yan දිහා. එතකොට තමයි කොල්ලා දැක්කේ YiBo තවමත් ඉන්නේ ශෝට් එක පිටින් විතරයි කියලා.

Xiao Zhan දැක්කේ Soo yan කන්න වගේ YiBo ගේ ටී ෂර්ට් එකක් නැතුව තියන පපුව දිහා බලන් ඉන්නවා. වටපිට බැලුව කොල්ලා දැක්කේ එයා පිහිද පිහිද හිටිය සුදු පාට ලොකු ටවල් එක. ඒක අතට ගත්ත Xiao Zhan ටවල් එක විසි කරේ YiBo ගේ පපුවට.
ඒත් එක්කම Xiao Zhan දැක්කේ කෑම ප්ලේට්ස් ටික හරියට ටේබල් එක උඩ හද හද හිටිය YiBo ගේ ඇස් දෙක පපුවට හයියෙන් වැදුන ටවල් එකට යොමු වෙනවා.

ඒත් එක්කම Xiao Zhan ට කෙළ ගිලුණේ YiBo කොල්ලගේ පැත්තට හැරෙනවා දැකලා.
'හරි අද ඉවරයි.'

කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් ඔළුව හොල්ලන්න ගත්තේ තමන් ටවල් එක විසි කරේ නැ කියලා කියන්න වගේ.

"..Mr. Wang YiBo.."

Soo yan ගේ කටහඬට කොල්ලෝ දෙන්නම හැරුනේ ඒ පැත්තට.

"..තව මොනාහරි ඕනද..??"

ඇඹරෙන ගමන් අහන Soo yan දිහා Xiao Zhan බලන් හිටියේ මූණ හතරැස් කරගෙන.

"..නෝප්.. නව් ගෝ.."

Xiao Zhan බලන් හිටියේ ටවල් එක කරට දාගත්ත YiBo දොර ඇරලා ඔළුවෙන් Soo yan ට රූම් එකෙන් එළියට යන්න කියනවා.

කොල්ලගේ මූණට කියුට්ම හිනාවක් ආවේ නොදැනුවත්වම.

              ♡___❄️___🍓___❄️___♡︎

❄️ [WANG YIBO]

Xiao Zhan ගේ ඇස් දෙක මඟ ඇරලා YiBo ගියේ ක්ලෝසට් එක ලගට. ක්ලෝසට් එකෙන් බාස්කට් බෝල් ශෝටක් අරගෙන අදින ගමන් ඉන්න කොල්ලට සයිඩ් එකෙන් පේනවා අර ස්ට්‍රෝබෙරි ගෙඩිය තවමත් තමන් දිහා බලන් ඉන්නවා.

ශෝට් එක අඳින ගමන් ඉන්න YiBo ට ඇහුණේ දොරට තට්ටු කරන සද්දේ. ඒත් එක්කම YiBo ඔළුව ඉස්සුව කොල්ලා දැක්කේ තවමත් ටවල් එකෙන් ඉන්න Xiao Zhan දොර පැත්තට යන්න හැරෙනවා. කොල්ලට යකා නැග්ගේ සිහියක් නැතුව Xiao Zhan ටවල් එක පිටින්ම යන්න හදනවා දැක්කම. YiBo ඉක්මනට Xiao Zhan ව පහු කරන් ගියේ දොර අරින්න.

YiBo දොර බාගෙට ඇරලා බැලුවේ කවුද කියලා. කොල්ලගේ මූණ හතරැස් වුනේ දොර ඉස්සරහා අමුතු හිනාවක් දාගෙන ඉන්න Soo yan ව දැකලා. කොල්ලා දොරේ හැන්ඩ්ල් එකට අත තියාගෙන හැරුනේ එකතැන හිටගෙන ඉන්න Xiao Zhan ගේ පැත්තට. දොර ඉස්සරහා හිට⁣ගෙන ඇඹරෙන මේ මල හොල්මන Xiao Zhan ව දැක්කනම් ඒ ස්ට්‍රොබෙරි ගෙඩියත් ඉවරයි කියලා කොල්ලට නිනමට හිතුණා.
'කොයි වෙලෙත් ඇඟේ ඇලවෙන්නම එනවා.. මඟුල'

"..ඇඳුමක් දාගන්නවා.."

YiBo කිව්වේ තමන්ගේ සුපුරුදු සීතල වොයිස් එකෙන්.

ගල් වෙලා තමන් දිහා බලන් හිටිය Xiao Zhan ටුක් ගාලා ගිහින් බෙඩ් එක උඩ දාලා තිබ්බ ලා රෝස පාට පිජාමා කිට් එක ඇදගන්නවා දැක්ක YiBo ⁣⁣ට හිනා යන්න ආවත් කොල්ලා හිනාව හිර කරගන හැරුණේ ආපහු දොර පැත්තට.

මූණත් රෝසපාට කරගෙන රෝසපාට පිජාමා එකත් ඇදගෙන පින්ක් බනියෙක් වගේ ඇඳට නැගලා ඉදගෙන ඉන්න Xiao Zhan ව දැක්කම YiBo ගේ හිතට දැණුනේ අමුතුම හැඟීමක්. අවුරුදු ගානකට කලින් දැණුනා වගේ. කොල්ලා ඔළුව හොල්ලලා ඒ හැඟීමෙන් හිත අයින් කරගෙන දොර සම්පූර්ණයෙන් ඇරියේ තව වැඩ කරන්න ඉන්න දෙන්නෙක් එක්ක Soo yan ට රූම් එක ඇතුලට එන්න.

අරන් ආව කෑම ප්ලේට්ස් ටික රූම් එකේ තිබ්බ ටේබල් එක උඩින් තියලා Soo yan කැරකිලා හැරුණේ YiBo ගේ පැත්තට. YiBo ගණන් ගන්නේ නැතුව ටේබල් එක අරෙන්ජ් කරේ හිත ඇතුලෙන් Soo yan ට හොදටම අමතන ගමන්. කොල්ලට ඇස් කොනෙන් පෙනුනේ ඇස් දෙකත් ලොකු කරගෙන Xiao Zhan තමන් දිහා බලන් ඉන්නවා. එතකොට තමයි YiBo ට මීටර් වුනේ තවමත් කොල්ලා ඉන්නේ ශෝට් එක පිටින් විතරයි කියලා.

එක පාරටම YiBo ගේ පපුවට වැදුනේ සුදු පාට තඩි ටවල් එක.
'මේ කොල්ලා හින්දා කොයිවෙලේ හරි මගේ නහරයක් පුපුරනවා හිනාව හිරකරන් ඉදලා.'
එහෙම හිතන ගමන් YiBo හැරුණේ Xiao Zhan ගේ පැත්තට.

ඇස් දෙක ලොකු වෙලා, මූණ තද ⁣රතුපාට ⁣කරගෙන බයවෙච්ච හා පැටියෙක් වගේ ඔළුව හොල්ලන Xiao Zhan දිහා YiBo ටිකක් වෙලා බලන් හිටියේ Xiao Zhan ගේ ඇස් දෙක හිමින් හිමින් බිමට යොමු වෙද්දි.

"..Mr. Wang YiBo.."

Soo yan ගේ කටහඬට කොල්ලෝ දෙන්නම හැරුනේ ඒ පැත්තට.

"..තව මොනාහරි ඕනද..??"

ඇඹරෙන ගමන් අහන Soo yan ⁣දැක්කේ YiBo ගේ යක්සාවේචච මූණ.
'මේ ගෑනි අහගන්නවා මගෙන් කොයිවෙලේ හරි.'

"..නෝප්.. නව් ගෝ.."

ටවල් එක කරට දාගත්ත YiBo දොර ඇරියේ ඔළුවෙන් Soo yan ට රූම් එකෙන් එළියට යන්න කියන ගමන්. Soo yan ගියාට පස්සේ YiBo දොර වහලා හැරුනේ Xiao Zhan ඉන්න පැත්තට. ඒ Xiao Zhan හිටිය විදිහටම පින්ක් පිජාමා එක පිටින් ඇඳ උඩට වෙලා Mr. Blue වත් අතේ තියන් YiBo දිහා බලන් ඉන්න දිහා බලාගෙන.

"..Like what you see..?"

YiBo ඇහුවේ කට කොනකට ලා හිනාවක් අරන්. ලා රෝස පාට වෙලා තිබ්බ කම්මුල් දෙක තද රතු පාට වුනේ Xiao Zhan අතේ හිටිය බනීගෙන් මූණ වහගද්දි.
'වැඩි දවසක් යන්න කලින් මට මොනාහරි වෙනවා.'

"..ක්හ්හ්ම්ම්ම්.."

වයිට් කලර් බැගී ටීෂර්ට් එකක් ඇදගත්ත YiBo උගුර පෑදුවේ Xiao Zhan බනීව මූණ ලගින් අයින් කරලා තනි ඇහෙන් YiBo දිහා බලද්දි.

"..ඩිනර්.."

කියපු ගමන් ඇදෙන් බිමට පැන්න ස්ට්‍රෝබෙරි ගෙඩිය දිහා YiBo බලන් හිටියේ කෙල ගිලින ගමන්.

"..කෝ ස්ලීපර්ස්.."

කොල්ලගේ කටින් පිටවුනේ සැරෙන්. ඇස් දෙක ලොකු කරන් YiBo දිහා බලන් හිටිය Xiao Zhan බෑග් එකක් ලගට ගිහින් ගත්තේ බනී කන් දෙකක් එක්ක තියන ෆ්ලෆී ස්ලයිඩ්ස් දෙකක්.

කොල්ලා ඒකත් දාන් ඇවිත් YiBo ගාව හිටගත්තේ යටි තොල නොපිටට පෙරලලා හුරතල් විදිහට YiBo දිහා බලලා.
'ජීසස්.. කියුට් කියන්නේ මේ මනුස්සයා.. ඇත්තටම වයස විසි අටක්ද කියලා හොයලා බලන්න ඕන.'

ඩිනර් ගන්න ගමන් සැරින් සැරේ YiBo ගේ ඇස් දෙක යොමු වුනේ කන ගමන් ඉන්න Xiao Zhan ගේ පැත්තට. කෑම හපන හපන සැරේට තද රෝස පාට තොල් දෙක එහෙට මෙහෙට වෙනවත් සැරින් සැරේ කොල්ලගේ චූටි දිවෙන් තොල් දෙක පිරිමදින දිහත් බලන් හිටිය YiBo ට බැලුනේ කොල්ලගේ ටිකක් ලොකු බාස්කට් බෝල් ශෝට් එකෙනුත් උඩට ඇවිත් තියන ටෙන්ට් එක දිහා.
'Damn it.. දැන් මේ මගුල එක්ක මෙතනින් නැගිටින්නේ කොහොමද?'

"..හේයි.."

YiBo බැලුවේ Xiao Zhan දිහා.

"..කන්නකෝ.."

හුරතල් විදිහට බෙල්ල ඇලකරලා කම්මුල් දෙකත් පුම්බගෙන කියවන Xiao Zhan දිහා YiBo බලන් හිටියේ ඇත්තටම අපහසුවෙන්.
'මේ හුරතල් වෙන විදිහට අන්තිමට මට මොනා වෙයිද මන්දා. ඔහ් නෝ.. අන්තිමට ඔයාට මොනා වෙයිද ස්ට්‍රෝබෙරි බනීයෝ.'
YiBo හිතුවේ තනියම.

කාලා ඉවර වෙලා ප්ලේට්ස් ටික එකතු කරපු YiBo ටේබල් එකේ කොනකින් තියලා ඇදෙන් වාඩි වුනේ Mr. Tie ට කෝල් එකක් ගන්න.

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දයක් ආවේ කොල්ලා ඇතුලට එන්න කියද්දි. කලින් Soo yan එක්ක ඇවිත් හිටිය කරන දෙන්නා ඇතුලට ඇවිත් ප්ලේට්ස් ටික අරන් ගියේ ටේබල් එක උඩ සම්පූර්ණයෙන් ක්ලීන් කරලා.

"..නිදාගන්නවද..?"

බෙඩ් එක උඩ⁣ට වෙලා ඉදගෙන Xiao Zhan ඇහුවේ පිජාමා කිට් එකේ කොනක් අතින් එහෙට මෙහෙට අඹරන ගමන්. තවමත් කොල්ලා හරියට තමන් දිහා බලලා කතා කරන්නේ නැ කියලා YiBo ට තේරුණා.

"..ඇයි තව මොනාහරි කරන්න ඕනද..?"

YiBo ඇහුවේ කට කොනකට හිනාවක් අරන්. ක්ෂණිකයකින් තද රතු පාට වුන Xiao Zhan කොට්ටයක් අරන් YiBo ට ගැහුවේ ඊට පස්සේ මූණ අත්දෙකෙන්ම වහගෙන.

"..එහෙම එකක් නෙමෙයි කිව්වේ.."

අත් දෙක මැද්දෙන් ලාවට සද්දෙන් කියවන Xiao Zhan දිහා බලන් ඉන්න YiBo ට හිතුණේ තව ටිකක් ඇවිස්සුවනම් හොදයි කියලා.

"..එහෙම එකක් නෙමෙයි කියන්නේ කොහොම එකක්ද..?"

"..ආහ්හ්හ්හ්හ්හ්.."

අත් දෙකයි කකුල් දෙකයි හොල්ලන ගමන් කියුට් හා පැටියා කෑගහන දිහා බලන් ඉන්න YiBo ට දැණුනේ තමන්ගේ වටේට තමන් දාගෙන හිටිය සීතල බැම්ම මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය ඉස්සරහා දියවෙනවා වගේ.
'නැහ්! එහෙම වෙන්න දෙන්නේ නැ.. කලින් වෙච්ච වැරැද්ද ආපහු ⁣මං කරන්නේ නැ.'

YiBo හිතාගත්තේ ආපහු මූණ වෙනස් කරගන්න ගමන්.

"..නිදාගන්නවා.."

එච්චරක් කිව්ව YiBo නැගිටලා ගිහින් ලයිට් ඔෆ් කරේ කළුවරේ වුනත් කොල්ලට Xiao Zhan ගේ මූණ බෙරි වෙලා කියලා පෙනේදදි. හිතට ලාවට දුකක් ආවත් කොල්ලා හිත ගල් කරගත්තේ කලින් කරපු වැරැද්ද ආපහු කරන්නේ නැ කියලත් තමන්⁣ගේ අයිස් වගේ හදවත කාටවත් ආපහු කවුරුවත් වෙනුවෙන් දියකරගන්නේ නැ කියලත් තදින් හිතාගන්න ගමන්.

❦ To be Continued...🖊

____________🍓❄️____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#OurJourney

@AndreaMariyan

❣️❣️

Continue Reading

You'll Also Like

3.9K 630 10
ࢸ࢜ේ ΰΆšΰ·’ΰΆΊΰ· ࢸේ ࢽෝ࢚ේ ΰΆ―ΰ·’ΰΆ±ΰ·” ΰΆ―ΰ·™ΰΆΊΰΆšΰ·Š ࢱැࢭි ࢚ාࢽේ ࢸ࢜ේ ΰΆ½ΰΆŸΰ·’ΰΆ±ΰ·Š ࢱැවࢭි ࢸේ ΰ·ƒΰ·”ΰ·ƒΰ·”ΰΆΈΰ·Š ࢱිවා ΰ·ƒΰΆ‚ΰ·ƒΰ·ΰΆ»ΰ·š ࢯිࢱා ΰΆ―ΰ·’ΰΆ―ΰ·’ ΰ·ƒΰΆ‚ΰΆ­ΰ·ΰ·‚ΰ·š ΰΆ±ΰ·’ΰΆΈ ࢚ࢽා ΰ·ƒΰΆ‚ΰΆ­ΰ·ΰΆ΄ΰ·š ࢸා ΰΆœΰ·ΰ·€ΰ·’ΰΆ±ΰ·Š... ΰΆ±ΰΆ­ΰΆ» වෙࢽා ࢸා ΰΆœΰ·ΰ·€ΰ·’ΰΆ±ΰ·Š... ΰΆ±ΰΆ­ΰΆ» ΰ·€ΰ·™...
74.9K 18.9K 62
πŸ’šβ€ ΰΆ΄ΰ·™ΰΆ»ΰ·€ΰΆ―ΰΆ±ΰ·Š ΰΆšΰ·”ΰΆΈΰΆšΰΆ§ΰΆ―...... ΰΆ΄ΰ·ƒΰ·” ΰ·€ΰΆ―ΰΆ±ΰ·’ΰΆ±ΰ·Š ΰΆΈΰ·”ΰΆ«ΰΆœΰ·ΰ·ƒΰ·™ΰΆ± ΰΆ­ΰ·”ΰΆ»ΰ·”.......β€πŸ’š πŸ†ƒοΈŽπŸ…·οΈŽπŸ…΄οΈŽ πŸ…ΈοΈŽπŸ…½οΈŽπŸ…΅οΈŽπŸ…ΈοΈŽπŸ…½οΈŽπŸ…ΈοΈŽπŸ†ƒοΈŽπŸ†ˆοΈŽ...........❀️‍πŸ”₯❀️‍πŸ”₯
174K 26.5K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
29.8K 2.4K 72
α€–α€α€Ία€€α€Όα€Šα€·α€Ία€”α€±α€¬α€ΊπŸ˜‰πŸ˜‰