ඒ කන්කලු වාදනයත් නෙත්කලු රූපකායත් ඔහු වශීකෘත කරන්නට සමත් වී තිබුණා.
ඔහු ඒ දෑස් අහිමි සුන්දර තරුණයා දෙස ඇසිපිය නොහෙළාම බලා සිටියා.
ඔහු නමින් කිම් සොක්ජින්... ජන්කුක්ගේ කුඩා කල පටන්ම හොඳම මිතුරා වූයේ ඔහුයි.
සමාජයේ ඇතැමුන් ජන්කුක්ව අසරණයකු ලෙස හංවඩු ගසද්දී, තවත් බහුතරයක් ඔහුට අනුකම්පාව පමණක් දක්වද්දී, ඔහුව සැබැවින්ම අවබෝධ කරගත් එකම පුද්ගලයා වූයේ ජින්.
ඔහු ජන්කුක් ගැන සෑමවිටම සොයා බැලුවා. සොයුරෙකු ලෙස මෙන්ම මවක් ලෙස ඔහුව තමාට හැකි උපරිමයෙන් රැකබලා ගත්තා.
කාලය චණ්ඩ මාරුතයක වේගයෙන් ගලා යද්දී මදින් මද ඔහුගේ සිත තුළ ජන්කුක් කෙරෙහි ප්‍රේමයක් මෝදු වූවා.
එහෙත් ඔහු ඒ පිළිබඳව හෙළිකරන්නට මැලි වුණා.
මන්ද, අන් සියල්ලටම වඩා ප්‍රේමය නිසා තම කුඩා සොයුරාව තමාට අහිමි වේ යැයි ඔහුගේ හදවත බිය වූවා.
- To Be continued -