එදත් මං මගේ වැඩ ඇරිලා ආවෙ මගේ නිදහස හොයාගෙන.. හැමදාල වෙරළ ළඟ මං වෙනුවෙන් ඒ බංකුව ඉතුරු වෙලා තිබුණ ද කියන්න නම් මං දන්නෙ නෑ.. ඒත් මං යන වෙලාවට කවුරුත් ඒකෙ තියා ඒ ළඟ බංකු දෙක තුනේවත් හිටියෙ නැත්තෙ මං වගේ කාලකන්නි එකෙක්ට ඒ පැත්තම මූසල විදියට වෙන් කරල වගේ.. ඒත් මගේ මූසල කම ගැන හිතන්නෙ නැතුව මං මගේ නිදහස එතනදි උපරිමෙන් ම වින්ද.. මං තනියම.. ඒක තමයි මං ආස විදිය..
ඔයාට හිතෙනව ඇති ඇයි මං තනි වෙන්න ආස කියල.. බැදීම ගොඩක් තියනකොට එක අතකින් ජීවත් වෙන්න ලේසි වෙද්දි අනිත් අතින් බැදීම් ගොඩක් නැති එකත් ජීවත් වෙන්න ලේසි කරනව.. තේරෙනව ද ඒ කොහොම ද කියල.. නෑ නේද.. ඔයා හිතල බලන්නකො මෙහෙම.. කෑම එකක බත් එක්ක කන්න ව්‍යෑංජන ජාති ගොඩක් තියනව කියල.. ඔයාට එතනින් බත් එක්ක කන්න ඕන මොකක් ද කියල හිතා ගන්න බෑ නේද.. ඉතින් ඔයා එක බත් කටක් කන්න අර ඔක්කොම ජාති එකට අනන්න ඕන.. එතකොට එතන තියන ඔක්කොම ඒවගෙන් එකතු වුනු රහක් නේද දැනෙන්නෙ.. ඒක රසවත්.. පිරිපුන්.. පෝෂ්‍යදායී වගේ ම ගොඩක් රසවල් එකතු වුනු නිසා කන්න ආසයි..
එතකොට අනිත් එක.. ඔයාට බත් එක්ක කන්න තියෙන්නේ එක ව්‍යෑංජනයක් කියල හිතන්න.. ඔයාට තෝර ගන්න තියෙන්නෙ ඒක විතරයි.. ලේසි.. කන බත් කටෙන් ඒකෙ රහ හොදට දැනෙනව.. ඉතින් ඒකත් හොද නැද්ද..
ඒ වගේ තමයි.. ගොඩක් බැදීම් තියෙද්දි අපට සමාජේ ජීවත් වෙන්න ලේසියි.. ඕන තැනකදි අපට තනි නොවී ඉන්න පුලුවන්.. ඒ වගේ ම තමයි බැදීම ගොඩක් නැති එකත්.. එතන දි අපි අපි එක්ක ඉන්න ටික දෙනත් එක්ක ඉන්නයි තියෙන්නෙ.. ගොඩක් ඇසුරු කරද්දි කවුරු හරි කෙනෙක් මග ඇරිල නොහිතා උනත් එයාගෙ හිත රිද්දනවට වඩා ඇසුරු කරන ටික දෙනත් එක්ක පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන්..
ඒත් දැන් ඔයාට හිතෙනව ඇති නේද බැදීම ගැන කියවන මේ කෙනාට එහෙම බැදීම ඇත්තෙම නෑ කියල.. ඔව්.. මට එහෙම බැදීමක් නෑ.. මොකද මගේ බැදීම තිබ්බෙ මගේ හිත එක්ක.. හිතෙන් මං හදා ගත්තු මගේ ලෝකෙ එක්ක වෙද්දි ඉතින් මට තව මොකට ද බැදීම්.. ඒකයි මං තනියෙන් ජීවත් වෙන මගේ ලෝකෙට ආස.. බැදීම් ගැන කියෙව්ව ඇති.. මං ආයිත් කතාවට එන්නම්..
හැමදාම වගේ වටපිටේ සිද්ධ වෙන කිසි දෙයක් ගණනකට ගන්නෙ නැතුව ම මං මගේ ලෝකෙ තනි උනා.. විනාඩියක් දෙකක්.. නෑ.. පැය එකයි විනාඩි තිහක් ම මං එහෙම ඉදල.. මොකද මං ඒක දන්නෙ මාත් එක්ක කෙනෙක් ඇවිත් කතා කරපු නිසා..
පුදුමයි ද.. ඔව්.. මටත් පුදුමයි.. ඒත් මං ඒක වැඩිය එයාට නම් පෙන්නන්න ගියේ නෑ.. ඒත් හිත ඇතුළෙ පිනුම් ගහන චූටි සතුටක නොතිබ්බ ම නෙවෙයි.. මං බැලුවෙ නෑ කතා කරපු කෙනා දිහා.. මගේ ඇස් දිගට ම තව ටිකකින් බහින්න යන ඉර ළඟ..
ඒත් එයා කතා කලා..
" චිත්‍රයක් වගේ නේ ද.. "
ඒක තමයි එයාගෙ පළවෙනි වචන ටික.. කටහඩ ලස්සනයි.. එයා ඇවිත් මගේ එහා පැත්තෙන් නැතුව මං වාඩි වෙල්ල හිටිය එකට ඊළඟ බංකුවේ වාඩි උනා.. විනාඩි දෙකක් විතර එතන නිශ්ශබ්දයි.. එයා මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනා..
" හැමදාම එකම දේ විතරයි.. "
අපි දෙන්න කියපු දෙකේ ඔයාට උනත් සම්බන්ධයක් පෙනුනෙ නැති උනාට එයාගෙ ඇහින් දැකපු දේ වර්ණනා කරද්දි මං අවුරුද්දක් තිස්සෙ ම දැකපු දේ මගේ හැගීම එක්ක විස්තර කලා.. ඊළඟට එයා දිගටම කතා කරන්න පටන් ගත්තා..
" ඇයි අඩන්නෙ නැත්තෙ.. "
" මේක මට උරුම ජීවිතයක්
නෙවෙයි.. "
" හිනා වෙන එක අමාරු දෙයක් නෙවෙයි.. "
" හැගීම් නැති තැන කෝ සතුටක්.. "
එච්චරයි අපි කතා කලේ.. පිටින් බලන ඔයාට ඒකේ ගැලපීමක් වගේ නෑ වගේ ද පේන්නෙ.. ඒත් හරියට ම බලන්න.. එතන ගොඩක් දේවල් ලියවිලා තියනව..
ඒත් එයා යන්න මොහොතකට කලින් හරි පුදුම දෙයක් උනා..
" මං යන්නම් මන්දාර අය්යෙ.. "
ඔයාට මොකද හිතෙන්නෙ.. පුදුමයි නෙහ්.. ඔව්.. මටත්.. එයා මාව දන්නව ද.. ඔක්කොට ම වඩා මගේ නම.. කවුරුත් මට කිව්වෙ ආදි කියල වෙද්දි එයා කොහොම ද මගේ මන්දාර කෑල්ල.. මගේ නමේ මං ආසම කෑල්ල දන්නෙ.. පුදුමයි.. නෑ මට ඊටත් වඩා පුදුමයි.. ඒ වගේ ම හිත ඇතුලේ තිබ්බ සතුට කියන හැගීම එදා මට දැනුන..
පුදුම වැඩිකමට මං එයාගෙ මූණ දිහා බැලුවා.. ඒ වෙලාවෙ තමයි මං එයා මුලින් ම දැක්කෙ.. කටහඬ වගේ ම යි එයත්.. ලස්සනයි.. සුදුයි.. එයා මටත් වඩා ලස්සනයි.. ඔව්.. මං ලස්සනයි ලු.. ඉතින් මං ලස්සන ඇති නේද.. . අපේ ඇස් එකට යා උනත් විනාඩියක් යන්නත් කලින් එයා ඉක්මණට ම එතනින් ගියා..
මට එයා දැකල පුරුදු ගතියක් දැනුනා.. ඒ ඇස් කලිනුත් මං දැකල තියනව කියල හිතුනා.. ඇයි මට මතක නැත්තේ..
අහ්..
හරි..
ඔව් ඒ එයා තමයි.. මට මතකයි.. මේ එයා තමයි..
මේ මගේ අතේ තියන බ්‍රේස්ලට් එකේ අයිතිකාරයා.. අනේ ඔව්ව්.. මේ එයා තමයි..
මට ඒ වෙලේ හිතුනෙ එහෙමයි.. අහ් ඔයාලට කියන්න බැරි උනා නෙහ්.. මේ වගේ ම දවසක මං බීච් එකේ ඉදල ගිහින් බස් හෝල්ට් එකට වෙලා හිටියේ වහින වැස්ස එක්ක යන්න බැරි නිසා.. මං හිටියෙ මගේ අඩිය ගෙවිච්ච බාටා සෙරෙප්පු දෙක දිහා බලාගෙන.. අලුත් දෙකක් ගන්න කාලේ ඇවිත්.. එකපාර ම මං ගිහින් බිත්තියක වැදුනේ හිතන්නවත් වෙලාවක් නොතියා.. මගේ අතත් හිරීලා කමිසෙ රැදිලා තිබ්බ ' M ' අකුර ගහපු බ්‍රේස්ලට් එකක්.. මං දැක්කෙ කලබලෙන් දුවපු කෙනේගෙ ඇස් විතරයි..
ඔව් එතකොට එයා තමයි කෙනා..
හොයා ගත්තා...
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
තව ටිකයි..!!