OH MY DRIVER 🚘❤️ //PJM// [On...

By Semitae

2K 317 828

Don't copy my works 😌 More

INTRO
CHAPTER 1🚘❤️
CHAPTER 2 🚘❤️
CHAPTER 4 🚘❤️
CHAPTER 5 🚘❤️

CHAPTER 3 🚘❤️

245 49 92
By Semitae


Jimin Pov

"මොකෝ වැඩේ"

"උබට එන්න බැරිනම් අහන්නත් එපා"

"යකොව් මුගේ ලයින්"

"එහෙම තමා.. මහන්සි ඕයි කන්න මුකුත් නැද්ද"

"ලන්ච් ටයිම් එකට ගෙදර යමන් එහෙනම්"

"ලන්ච් ටයිම් වෙනකන් ඉන්න ඔනේද දැන්"

"ඕඕ යෑස් පොක්ක"

ඉන්ටර්විව් එක ඉවර වෙලා මයේ රූම් එකට ටේ ඇවිල්ලා සොෆා එකට වැටුනේ නිකන් 1500m රේස් එකක් දුවපු එකෙක් වගේ.මූ මේ අර සැප පුටුවේ වාඩි වෙලා ඉදලනේ ඔම්මපා මේ හති හරින්නේ.

"යාහ්හ්හ්හ්හ් ජිමිනා බඩගිනි බන් යන්කෝ"

"ආශ්ශ් ටේ උබනම් වාතයක් බන්"

"අනේ යමන්කෝ මට කලන්තේ වගේ"

"ලන්ච් එකේ"

"ජිමිනා..."

"......"

"ජිමිනී.."

"....."

"ඕයී.."

"......"

"බන්..."

"....."

"යමන්කෝ..."

"යමන් යමන් මල වදේ තොපි ඔක්කොම එකයි"

මේ ටවුමේ කොටියගේ කන් කරච්චලේ අහන්නම බැරි තැන ලන්ච් ටයිම් එකටත් කලින් අපි ගෙදර ගියා.මේකගේ මූනේ තියෙන සතුට යකෝ.ඔය පෙට්ටී කටාගේ පෙට්ටි හිනාවට තමා අර අපේ වහු පැටික්කිත් අහු වුනේ.කාට කියන්නද මේ විගඩම්...

"ඕයී මේන් තමුසෙගේ ස්වාමි පුරුසේ ආවා.දකින්නවත් නෑ කියල මැරෙන්න හැදුවා නේත.මේන් එක්කන් ආවා"

"මට මොකෝ මට පාන්ද"

"යකෝ මුන් ඔක්කොම හෙන ලයින්නේ අල්ලන්නේ😒"

යාලුවයි සහොදරී දෙකම එක වල්ලේ පොල් තමා.මේ ක්‍යුට් සෙක්සි ලව්ලි ජිමින් තමා මුන්ගේ අඩත්තේට්ටම් වලින් තැලෙන්නේ.

"අනේ මයේ සෝහා කැටේ..උම්මා කැටේ...සප්තලන් බෝලේ...චූචි මැනික...නූඩ්ල්ස් බබී...කොච්චි කෑම්ල...කිම්චි කොලේ..සුදු ඔම්මියා..ඔම්මී ගෙඩියා...හිච්චී පැටියා..පීච් කුමාරී..ක්‍රීම් බේබ්.."

ටේ මොනාදෝ මන්දා නෙප්චූන් වචන ටිකක් කිය කිය සෝහා වහු පැටික්කි පස්සෙන් යද්දි මන් සාලේට වෙලා ටේයියා අර කියපු වචන වල තේරුම හිතුවා.මොන ග්‍රහලෝක වචන සෙට් එකක්ද යකෝව් ඒ..උම්මා කැටේ කිව්වා..චූටි මැනික කිව්වා අහ්හ්හ් තව සුදු ඔම්මියාලු යකෝ ඒ අස්සේ..හත්තිකේ තාප්ප වල පාප්ප ගාන්න වෙයිද දන්නෙත් නෑ..මොනා නැතත් හිච්චි පැටියනම් ගැලපෙනවා මේ වහු පැටික්කිට..

"මරූ නම් මරු ලව්"

ඒ බෝල්ට් ඇනෙයි නට් එකයි දිහා බලන් හිනා වෙවීම මන් පඩි පෙල නැග්ගා.ඒත් පෙර ආත්ම වල වාසනාවට වගේ පලවෙනි පඩියවත් තියන්න හම්බුනේ නෑ මේ මයේ සුට්ටන් පස්ස බිම ඇනුනා...අහෝ පඩියකි..වැටුනෙමි.. පස්සකි.. ඇනුන නිසා රිදුනි...

ඒත් හෝව් හෝව්ව් හෝව්ව් කාද කාද මේ අඩියත් පොලේ හප්ප හප්ප එන්නේ.අඩි සද්දේ හැටියටනම්ම්ම්ම්ම්ම්ම්

"නෝ වේ🙂"

එන්නෙ කවුද කියල මතක් වුනාම මට සූ ගියේ නැති ටික විතරයි.හැන්ගෙන්නත් තැනක් නෑ බොලව් හදිස්සියට...ඔක්කොටම කලින් නැගිටගන්න එපැයි.දනි පනි ගාලා මන් නැගිටල පස්සත් අත ගගාම ගිහින් පඩිපෙල පිටිපස්සේ හැන්ගුනා.ඇක්චුවලි හැන්ගුනා නෙමේ මොකො මන් බයට හැන්ගෙන්න ඇයි මන් මේ පඩිපෙල පිටිපස්සේ ස්පයිඩර් මෑන්ලා ඉන්නවද බැලුවා.මගේ ගේනේ.පිරිසිදුව තියන්න ඔනේනේ.ඒකයි හි හි









"ජිමින් උප්පාආආආ"

"උප්පාපාආආ......"

ආශ් මේකිගේ සද්දේ...ඔයාලා බලනෝ ඇති මන් මේ හැන්ගිලා වගේ ඉන්නේ ඇයි කියලා නේද.ඒක ගැන කිව්වොත් මේ මේ මේ..අනේ හත්තිකේ මයේ නෑනා පොඩ්ඩ ඇවිල්ලා..බැලුවොත් ඇත්තන් ජිමින් උප්පා හිමින් උප්පා බිමින් උප්පා ගාන් මයේ අස්සෙමයි..මේ පාක් ජිමින් මේම පඩිපෙලක් අස්සේ හැන්ගෙනවා නම් ඒ එක්කෙනෙක්ට බයේ ආත්මාරස්සවට විතරයි. ඒ කෙනා තමයි....












ඒ තමයී .....
















ජන්ග් සුල්මී..

කලින් කිව්වා වගේම මයේ සිස්ටර් ඉන් ලොව්.ආහ්හ් ඒ වගේම අර ජින් හ්‍යොන්ග්ගේ පස්සෙන් එන ඇට්ටර කෙල්ල යුන්හියගේ ඔන්නි.එතොට මන් උන් දෙන්නගේ මස්සිනා.අහෝ කඩවලේ... මේ සුල්මි නැට්ටට මාව පේන්න නම් තියන්න එපා.ඕකි හොටු පෙරන් අඩන කාලේ අඩන්න එපා බබී ජිමින් ඔප්පා ඔයාට අදරෙයි කියල නලෝපු නිසානේ මේ හැම අවමගුලක්ම.සැක් සැක්....මන් මේ හිතින් ප්‍රාර්තනා කරන්නේ මාව ඕකිට අහු කරන්න එපා කියන එක විතරයී...ඕම් සාන්ති සාන්තී ඒස්ස් වාඅහ්හ්හ් පුහ්හ්හ්හ්හ්හ්හ්හ්...

"යාහ් ඔන්නි ඔය වක්කඩේ වහ ගන්නවා හලෝ "

"තමුසෙට අදාල නෑනේ මයේ වක්කඩේ ඇරිලා තිබ්බත් වහල තිබ්බත් හ්හ්හ්"

"ඕකේ සද්දෙට ජිමින් ඔප්පා හැන්ගිලා ඇති දැන්.තමුසෙ ඔප්පගෙ කරේ නගින්නනේ ඔය හොයන්නේ"

"මන් කරේ නැග්ගත් නැතත් තමුසෙට වැඩක් නෑ.ගිහින් අර ජින් ඔප්පා තම්බන එකක් කාලා වෙන දෙයක් බලාගෙන පාඩුවෙ ඉන්නවා.ඇටකිච්චි"

සාලේ ඉදන් සුල්මි යුන්හි දෙන්නා කෙහෙවලු පටලව ගන්නවා ඒ ගමන.හයියූ මුන් එක්ක බෑ මේක කරන්න.මන් නලලට අත ගහගෙනම ආයි ඒ ඩබලට කන් දුන්නා.

"බලනවකෝ මගේ ඔප්පගේ කෑම වල රස.තමුසේ කෙල්ලෙක් වෙලත් තාම හාල් ඇටයක් තම්බ ගන්න බැහැ"

"හාල් ඇටේ මන් කියන්නේ නෑ තමුසෙට..."

"අනේ සුල්මීයා යුන්හියා.ඔප්පා කෝල් කරලා කිව්වා ඔයාලා දෙන්නා එයි කියලා"

ඒ ගමන එතෙන්ට සම්ප්‍රාප්ත වුනේ අපේ මව් යානේ.ඔය අක්කා නගෝ ඩබල අපේ ඔම්මගේ ඔප්පගේ දෝනි ඇන්දලා දෙන්නා.

"ඔව් නැන්දී.මමායි ඩැඩයි බිස්නස් ටුවර් එකක් ගියානේ.එයාලා ආයි එනකන් ඔන්න අපි මෙහෙ"

ඒ කිව්වෙ සුල්මි.ඔම්මා ගහයි පොල් පිත්තෙන්..මුන් දෙන්නා මෙහෙ ඉන්නවා කියන්නේ අපේ කන් ලෙප්ට්.අනික ස්පෙශලී සුල්මි මෙහෙ ඉන්නවා කියන්නේ මගේ ආත්මාරස්සවටත් තර්ජනයක්...ටිකකින් ඔම්මා අර ඩබලව එක්කන් එයාලගේ රූම් එකට යන්න ගියාම මම පඩිපෙල යටින් එලියට ඇවිල්ලා මගේ රූම් එකට ගිහින් දොර ලොක් කර ගත්තා.ඕක ලොක් නොකර ඉදලා අතවරේකට ලක් වෙන්න බැහැනේ.එහෙම වුනොත් හෙට හෙඩ්ලයින් යයි PJM සමූහ ව්‍යාපාරයේ හිමිකරූ වූ පාක් ජිමින් මහතා ඔහුගේ නෑනන්ඩියගේ අතින් අතවරේකට ලක්ව ඇත.මෙයට හේතුව වන්නේ ඔහු කාමරය ලොක් කරගෙන නොසිටිමයි කියලා.හත්තිකේ නම්බුව ලෙප්ට්.

Meanwhile Tae & Sohaa

Taehyung pov

"මන් තරහයි"

"ඉතින් මැනික මන් වැඩනේ මේ ටිකේම"

"ඔච්චර වැඩ මොනාද ඔප්පා.අනික ඔයා කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක් නැතුව තේ අදින පියන් කෙනෙක් නෙමෙනේ"

"තේ අදින පියන් කෙනෙක් නොවුනට මන් ඔයාගේ ඔප්පට ඩ්‍රයිවර්ලා හොයන කපුවනේ බබා"

මන් එහෙම කිව්වම සෝහාගේ මූනේ ඇදුනේ ලස්සන හිනාවක්.

පාක් සෝහා..
මගේ පවුල, ජිමින්ට පස්සේ මන් හදවතින් ලන් වුන එකම කෙනා.මගේ පලවෙනි නොවුනත් හිතට දැනුනු වගේම මගේ අන්තිම ආදරේ.කෝලෙජ් කාලේ හිටපු ඇට්ටර කුපාඩි නසරානි ටේහ්‍යොන්ව වෙනස් කරලා ලස්සන ආදරවන්තයෙක් කලේ සෝහා.පොඩි කාලේ ඉදන් දන්න අදුනනවා වුනත් කොලේජ් කාලේ වෙනකනුත් සෝහා කියන්නේ ජිමින්ගේ නන්ගි කියන බැදීම විතරයි මගේ හිතේ තිබ්බේ.ඒත් අපේ කොලේජ් එකෙම එකෙක් දවසක් ජිමින්ගෙන් සෝහා ගැන අහපු දවසේ ඉදන් මට මගෙ වෙනසක් තේරුනා.සෝහා ගැන වෙනස්ම විදිහකට දකින්න හිතන්න මගේ හිත පුරුදු වෙලා තිබ්බේ මටත් නොදැනිමයි. ඉතින් කාලය ගත වෙද්දී මගේ ෆීලින්ග් එයාට කිව්වම එයත් මට කැමති වුනා.එයත් මට ආදරේ කරලා.මන් මේ ගැන සෝහට කියන්නත් කලිනුයි ජිමින්ට කිව්වේ.මොකද ඌ මගේ යාලුවා.මගේ සහෝදරයා.ඉතින් මට උගේ පර්මිශන් ඕනෙමයි සෝහව මගේ කරගන්නනම්.ජිමින්ගේ වගේම අපේ ගෙවල් දෙකෙත් පර්මිශන් අපිට ලැබුනේ අපි දෙන්නගේ වෙඩින් එකට ඩේට් ඉදන් ෆික්ස් වෙද්දි...සෝ එදා ඉදන් තමා මහේ රාහූ කාලේ පටන් ගන්නේ...ආතල් එකටවත් කෙල්ලෙක් ලයින් කරන්න හම්බුනේ නෑ දෙයියනේ එදා ඉදන්.ආහ්හ්හ්හ් නා ඔතොකේඒඒඒඒ 🤧😩

"අහ්හ්හ් බබා..අමතක වුනානේ දෙයක්"

"මොකක්ද ඔප්පා"

"අද කම්පැනි එකේ ජිමාට ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඉන්ටවිව් එකක් තිබ්බනේ"

"ම්ම් ඉතින්"

"ඉතින් කියන්නේ බබා ඉන්ටවිව් එකට එකම එක කෙල්ලෙක් ඇවිල්ලා හිටියනේ"

"නෑහ්හ්හ්"

"නෑහ්හ් නෙමෙ බන්.ඔව්ව්.. හොදම දේ තමා පාක් අප්පා සිලෙක්ට් කර ගත්තෙත් ඒ ගර්ල්වමයි"

අන්න ඒක කිව්වාම නම් අර හිනාවයි පුදුමෙයි මික්ස් වෙලා තිබ්බ මූන මහා යක්සනී ටයිප් එකෙ එකක් උනා.ඕකේ ටේහ්‍යොන් උබ ලෙප්ට් ඒ කියන්නේ...

"දැන් ඔයා කියන්නේ.අද ඉදලා කෙල්ලෙක් ඔයාලගේ ඩ්‍රයිවර් කියලද"

"අද ඉදන් නෙමෙ බබා හෙට ඉදන්"

"අහ්හ්හ් කෙල්ල ලස්සනද බබී"

හප්පට බොල.මොකද මෙයා මේ ස්වීට් වෙලා.වැඩේ ශේප් වගේ ඒ කියන්නේ

"දේ කෙල්ල සුප්පා හොදේ.කෙටියෙන් කිව්වොත් ටොප්"

අතෙන් ෆිට් කියල පෙන්නන ගමන් මන් එහෙම කිව්වත් නොහිතපු විදිහට සෝහා අල්ල ගත්තේ මගේ ටයි එකෙන්.නයි කයිද රෝස් පාන් කිව්වලූ.මේ මක්කද වෙන්නේ.දැන් මෙයා බබා ටයිප්නේ හිටියේ ටක්ගාලා ඇක්ටිව් වෙලා යක්සනී වර්ශන් එකට කන්වර්ට් වෙලා ඒ ඉක්මනට..

"මේක හොදට මතක තියා ගන්නවා මිස්ටර් කිම් ටේහ්‍යොන්..ඒ කෙල්ල ටොප් තියා ටිප් ටොප් නෙමෙ ටොපේ ටොප් වුනත් එයත් එක්ක වැඩිය ඇයි හොදයි බෑ.ඕකේ.ඒ කෙල්ල එක්ක කොමලේ පාන්න ගිහින් මට අහු වෙලා ඔය ලස්සනට හැන්ඩ්සම්ව තියෙන මේ මූන මට කියලා ඉදිම්මෝගන්න හදන්නත් එපා.හරිනේ..තේරුනාද"

දත් මිටි කකා ටයි එක බෙල්ලට හිර කරලා ආයි ටයි එක හදලා කොලර් එකත් හදලා මගේ නිකටින් අල්ලලා සෝහා ඒක කියපු තාලේට සප්තයි මට හිතුනේ මේ දැන් ගාත්‍රා දිගේ මූත්‍රා පිටවෙයි කියලා.දාඩියත් දැම්මා දෙයියෝ 🙂💔

"ද්..දේ බබා.... බබා..මන් එහෙනම් යන්නම්...පරක්කූ වුනා...ඔන්න එහෙනම් හෙට රෙඩි වෙන්න.මම එන්නම් ඔයාව පික් කරන්න"

"ම් අරස්සෝ..පරිස්සමෙන් යන්න"

ආයිමත් සෝහා නොර්මල් මූඩ් එකට බැක්  වුන ගමන් මන් එතනින් මාරු වුනේ සෝහාව හෙට ඩේට් එකකට එක්කන් යන්න ප්‍රොමිස් වෙලා ඒ එක්කම නලලට කිස් එකකුත් දිලා.
























At Jeon House

Author Pov..

ජන්කුක් ගෙදර එද්දි ආයෝ හිටියේ ඇදේ හතර ගාතේ දාලා නිදාගෙන.කෙල්ල හිටියේ නිකන් අන්දරේ මැරිලා හිටපු විදිහේ පොස්ට් එකෙන් නිසා ජන්කුක්ට ආපු හිනාව නවත්ත ගන්න බැරි වුනා.ඒත් ආයෝ නැගිටී කියලා හිතපු ජන්කුක් ආයිමත් ආයෝගේ රූම් එකෙ දොර වහන් සාලෙට ගියේ අජුම්මව හම්බෙන්න

"ආයෝ කියට විතරද අජුම්මා ගෙදර ආවේ"

"හවස් වෙන්න කලින් ආවා ලොකු බේබී"

"ම්ම්ම් රෑට මොනාද හදන්නේ අජුම්මා"

"ලොකි බේබිට මොනාද ඔනේ.මන් හදන්නම්"

"අපි රෑට එලියෙන් කන්නම් අජුම්මා.අජුම්මා මොනාහරි හදන් කන්න"

"දේ ලොකු බේබි"

ජන්කුක් ආයිමත් පඩිපෙල නැග්ගේ සක්කුවේ තිබුන තමන්ගේ ෆෝන් එකත් අතට අරගෙන..

මේ අතරේ නිදාගෙන හිටපු ආයෝ නැගිටලා රූම් එකෙන් එලියට ආවේ ඇස් දෙකත් පොඩි කර කර..ෆෝන් එක දිහා බලන් ආපු ජන්කුක් ආයෝව නොදැක්ක නිසත් ඇස් දෙක පොඩි කර කර ආපු ආයෝ ජන්කුක්ව නොදැක්ක නිසත් දෙන්නම නැවතුනේ ඔලු දෙක එකට හප්පන්.ආයොව හැප්පුන පාර ජන්කුක්ව හෙලවුනේවත් නැති වුනාට ආයෝ කෙල්ල නම් ජන්කුක්ව හැප්පුන පාර නමෝ විත්තියෙන් පස්ස බිම ඇනගත්තා..

"තමුසෙනම් සාපයක් ඔප්පේ"

"කෝ නැගිටනවා"

ජන්කුක් මහ හඩින් හිනා වෙවීම ආයෝට නැගිටින්න අත දුන්නා.

"මේ ඕයී "

"මොකෝ"

"අද ඩිනර් අවුට් යන්"

"චින්චා යාහ්හ්හ් මන් පට ගාලා ඇදුමක් දාන් එන්නම්"

ඩිනර් අවුට් යන් කියල ඇහුවා විතරයි ආයෝ නැට්ට කැඩිච්ච හූනි වගේ දගලලා දගලලා පැයක් අතුලත ලැස්ති වෙලා දෙන්නා එක්කම ගෙදරින් පිට වුනා.ෆයිව්ස්ටාර් හොටෙල් එකකින් ඩිනර් අරන් දෙන්නා ගෙදර එද්දී රෑ එකොලහත් පහු වෙලයි තිබුනේ.PJM කම්පැනි එකෙන් තමන්ට ජොබ් එක හම්බුනා කියලා ඉන්ෆෝම් කරපු නිසා ඩිනර් ගන්න අතරේ ආයෝ තමන් කෝස් එකක් ෆලොව් කරන්න ඔනේ කියලා  ඒකට යන්න ජන්කුක්ගේ අවසර ගන්න ට්‍රයි කලේ තමන් කියන බොරු කන්දට පොලව මෙ දැන් පැලෙයි මේ දැන් පැලෙයි වගේද බලන්න බිම බලාගෙනමයි.ඉගෙන ගන්න දෙයක් නිසා ජන්කුක් අකමැති නොවුනේ ආයෝගේ ඔලුවේ මල් හතක් නෙමෙ මල් විසි එකක්ම පුප්පෝලා.

Next Day Morning

Ayo Pov..

අපායට උනත් කලින් යන්න ඔනේ කියනවනේ ඒක නිසාම මන් සුපුරුදු වුනේ නවයට නැතුව හයට නැගිට්ටා.ඔප්පා පප්පාටත් පුදුමයිලු මන් ඉගෙන ගන්න මෙච්චර උනන්දු වෙන එක ගැන.හනේ මයේ කට..ඔකා මගේ මේ කෙරුවාවල් දන්නවනම් මට පයින් ගහල එලවන්නේ..ගෙදරින් එලියට නෙමෙ හැබයි රූම් එක ඇතුලට..

ඩෙනිමයි ටී එකයි ඇදලා ෆෝන් එකයි ඉයර්ෆෝන් එකයි පර්ස් එකයිත් බෑග් එකට දාන් මන් පඩිපෙල බහින්න හදලා ආයිමත් වොශෲම් එකට ගියේ එදා වගේ අවදානමක් ගන්න ඔනේ නැති නිසා..

"අපි එහෙනම් යනවා අජුම්මා"

"පරිස්සමෙන් බේබිලා දෙන්නම"

බ්‍රෙක්ෆස්ට් ගද්දී ඔප්පා මාව institute එකෙන් ඩ්‍රොප් කරන්නම් කිව්වෙ නිදහස් කිරිල්ලි වගේ හිටපු මගේ එක තට්ටක් කපන ගමන්.වැඩේ අල කරගන්නත් බැරි නිසාම මන් හා කිව්වේ ටැක්සි එකක් අල්ලන් ආයි ලොකේශන් හොයන් පාර්ක් හවුස් එකට යන්න ඔනේ නිසයි.

"ඕක ඉවර වුනාම මට කෝල් එකක් දෙන්න.මන් එන්නම් ගන්න"

එක තට්ටක් නැති මේ ආයො කිරිල්ලිගේ අනික් තට්ටත් කපන ගමන් ඔප්පා කියපි.හනේ මුට කෑල්ලක්වත් සෙට් වෙන්නෙ නෑනේ.මගේ පස්සෙන්ම ඉන්නේ මේකා.සැක්

"හා හා වදේ.යනවකෝ දැන් පරක්කු වෙන්නෙ නැත්ද"

"තමුසේ මාව එලවන්න හදන විදිහට සැකත් හිතෙනවා හොදේ "

"හනේ පිස්සුද ඔප්පා.ඔයාට මාව සැකද ආහ්හ්හ්හ්"

"ඔව්"

හාපෝඔ මූ..මුනටම කිව්ව කැත ඒක

"බොරු නේ විහිලුවට නේ"

"අනී"

ඔහ්හ් ගෝඩ් මාව අල්ලගන්න මන් මුගේ මේ හා දත ගලවන්න කලින්...

"හා හා දැන් ඇතුලට යනවා.මන් යනවා "

"බායි ජන්කුක්"

නොන්ඩියට වගේ කියලා හිනා වෙලා මන් බොරුවට ඔප්පට පේන්න institute එක ඇතුලට ගිහින් ඔප්පා ගිය ගමන් ආයි එලියට බඩ ගාලා ටැක්සි එකක නැග්ගේ පාක් හවුස් එකට යන්න.සෝහා මගේ හොදම යාලුවා වුනත් මන් කවදාවත් එයාලගේ ගෙදර ගිහින් නෑ.අද තමා හා හා පුරා කියලා යන්නේ..දෛවයේ සරදම් මේවා හුම්ම්

"මැඩම් අපි අවා"

ඩ්‍රයිවර් අන්කල් කොම්ලා කිව්වම මහ් ටැක්සි එකට සල්ලිත් දිලා බැස්සා.

"කෝ යකෝ මෙතන ගෙයක්"

තඩිම තඩි ගේට් එකක් තිබ්බත් ඇහැ පේන දුරක ගෙයක් නම් තිබ්බේ නෑ.මන් ඉස්සරහට යද්දී ගේට් එක ඔටෝ ඔපන් උනා.වට පිට බල බල මන් ගේට් එකෙන් ඇතුලට ගිහිල්ලත් ආයි කිලෝමීටරයක් විතර පයින් ඇවිද්දා.

"ඔක්කොටම කලින් සෝහාට කියන්න ඔනේ ගේට් එක ලගින් ත්‍රීවිල් පාක් එකක් හදන්න කියලා.ඇයි යකෝ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ලා කිලොමිටර් දෙක තුනක් ඇවිදන් එන එකේ ත්‍රිවිල් එකක එනවනේ.මගුල..."

සෝහගේ මුලු පරම්පරාවම සිහි කර කර මන් ඉස්සරහට ගියා..ඒත් මාව එහෙම්ම නැවතුනේ මට ඉස්සරහින් ටික ටික පේන්න ගන්න පාක් හවුස් එක නිසා.

"බුදුඅම්මෝ මේක ගෙයක්ද මාලිගාවක්ද දෙයියනේ"

මගේ කට ඇරුනේ සෝහාගේ ගේ දැකලා.බකින්හැම් පැලස් එකත් පොඩි ඇති මේකට වඩා සාන්ත.පාක් හවුස් නෙමෙ පාක් පැලස් හුම්ම්.

මන් යද්දී එලියේ හිටියේ එදා ඉන්ටර්විව් එක දවසෙ හිටපු හැන්ඩි පොරමයි.ඒත් මේකා මාව දැක්ක ගමන් භූමිතෙල් ගහපු ගැරඩියා වගේ ගේ ඇතුලට දිව්වනේ යකෝ.මුට පෛත්‍යන්ද??

"නෝනේ වෙන්න ඇති අපේ ලොකු බේබිගේ අලුත් ඩ්‍රයිවර් නෝනා"

ටිකක් වයස අන්කල් කෙනෙක් හරි අහින්සක විදිහට මගෙන් ඇහුවා

"දේ අන්කල්"

"මෙන්න නෝනේ වාහනේ යතුර"

ඒ අන්කල් මගේ අතට කී එක දිලා ඉවර වෙලා ගරාජ් එක පැත්තට මාව එක්කන් ගියා.දෙයියනේ දෙයියනේ රේන්ජ් රෝවර් එකක ඩ්‍රයිවර් කෙනෙක්ද මන්.දැන් නම් මැරුනත් සැපයි ගෝඩ්..

"හරි අන්කල්  මන් වෙහිකල් එක ගන්නම්"

ඒ අන්කල් එතනින් ගියාම මන් වෙහිකල් එක ස්ටාර්ට් කරන් ඇවිල්ලා දොර ඉස්සරහින්ම නැවත්තුවා.මන් ෆෝන් එකෙ වෙලාව බල බල ඉද්දී ලාවට වගේ ශටර් එකෙන් දැක්කා මේ පැත්තට අඩි දෙක තුනක් උඩින් එන පොරක්.හැන්ඩී කොටෙක් ම්ම්ම් මේ අරකිගේ ඔප්පා වෙන්න ඇති.දැන්නම් හිතෙනවා අරකි එදා කිව්වා වගේ නෑනා වෙන්නත්.සැක් මගේ හදිස්සියනේ ඉතින්.

"lets go"

මන් සස්සන මනෝ ලොකයක් මවද්දී මේ මනුස්සයා ඒකට බාධා කරන් කිව්වා.පුදුම තදියමක්නේ තියෙන්නේ

"Yes sir"

කියලා කට ගන්න හම්බුනේ නෑ මේ යකා මහ හයියෙන් කෑගැහුවනේ.හනේ මයේ සුට්ටන් කන😒

"යාහ්හ්හ් යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් තමුන් තමුන් කෙල්ලෙක්ද ආහ්හ්හ්හ්හ් තමුන් කොහොමද මෙතෙන්ට ආවේ...කෙල්ලෙක් කොමද මගේ ඩ්‍රයිවර් වුනේ අයිසේ ආහ්හ්හ් කතා කරනවා"

මෙන්න මේකා කෑගහනවා.මට ඇහෙන්නෙම නිකන් ඩෝග් කෙනෙක් බව් බව් ගානව වගේ.කනේ අවුලක්ද මන්දා

"මාව පත් කලේ මිස්ටර් පාක්"

මමත් හෙන ගැම්මෙන් කිව්වා...ඒ එක්කම මේකා මටත් බහින්න කියලා ඒකත් බැහැලා ගියා ගේ ඇතුලට..ඒ ගියපු තාලේ හහ් මගෙවත් නෑ එච්චර ගැස්සිල්ලක්..මල කෝලම්

ටිකකින් පොර ආවේ හුලන් ගියපූ තාරාවෙක් වගේ.😂

"යන්"

පෙනුම වගේ නෙමේ කට.හපූඋ අලි ඔලුවා..මොනා වුනත් බොසානේ කියලා මමත් කා එකට නැගලා ස්ටාර්ට් කරන් ඔෆිස් එකට ගියා.හනේ මාව නිකන් පාවෙනෝ වගේ.එහෙන්ම් කිචි කිචිත් වගේ.සින්දුවකුත් දාන්න තිබ්බ නම්...ඒත් කොහෙද මේ පුස් ඌරා මේකට නැග්ග වෙලේ ඉදන් මාව කන්න වගේනෙ බලන්නේ.සමයන් මන් නම් මට නෙමේ වගේ ඉන්නවා.







Time Passed

Jimin Pov

අද දවස ගැන කියන්න වචන නෑ.උදේම සුල්මියා කරේ එල්ලිලා පිස්සුවක් නැටුවා.පස්සෙ බලද්දි කෙල්ලෙක් මගේ ඩ්‍රයිවර් වෙලා.අප්පගෙන් ඒ ගැන ඇහුවම එයා එහෙම් ඩෙගා නටනවා.ඒ ගමන ඔෆිස් එකට ආවම ස්ටාෆ් එකට සැලරි මදි කියලා නටනවා.ඒවා ඔක්කොම සෙට්ල් කරලා ටේ එක්ක මීටින්ග් එකකට යන්න රෙඩි වුනාම මීටින්ග් එක කැන්සල් වෙලා.ඔම්මපා මට මාරම කේන්තියක් එන්නේ.ඇයි යකෝ කිසි වැඩක් පිලිවෙලට නෑනේ.

"මේ ඕයී මන් කැපුනා එහෙනම්"

හවස ටී ටයිම් එකෙන් පස්සේ ටේ ඇවිත් කිව්වා එයා සෝහව ඩේ අවුට් එකකට එක්කන් යන්න ඔනේ කියලා.ටේව වුනත් හැම වෙලේම හිර කරන් තියන්න බැරි නිසා මන් එයාට ලිව් එකක් දුන්නා.නැත්තන් ගෙදර ගියාම අර හෝ හපුට්ටී මාව කනව ඒකිගේ වෙන්ඩ හබි මගේ නැට්ට වගේ කියලා.

"හා හා පල.එද්දි මටත් මොනා හරි ගෙනෙන්"

"ගේන්නම් හොද කොහිල ටිකක්.උබේ ඔය මූලග්ගින්නට හදලා දෙන්න"

"අනේ මේ මන් කියන්නේ නෑ උබට මූලග්ගින්න ගැන..පලයන් දැන් අරකි ගන්ටාරේ ගහන්න කලින්"

"ඔව් ඔව් මේ මන් ගියා එහෙනම් බායි බායි..........."

"හාම් හාම් පල"

ටේ හිනා වෙලා සැලියුට් එකකුග්ත් දාලා ගියාම මන් ආයිමත් ෆයිල් වලට මූන ඔබා ගත්තා.

To be continued

........................................................................

හායි ලමයි 😌 ඔයාලගෙ ඕතර්ලා ආවා 😁

අප්ඩේට දෙන්න පරක්කු වුනා සමාව බාජනේකට දාලා දීලා යන්න හොදේ 🙂

අපිත් ඉතින් කාර්යබහුල ජීවීන්නෙ අනේ.

දඩු මුගුරු ප්‍රහාර ඒම තීනවනම් මේ කොනට එන්න.

ඊලග චැපියෙන් සෙට් වෙමු

බායි

ගුම් නයිට් 

සරන්හෙයෝ 💜️

Continue Reading

You'll Also Like

168K 26.1K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
64.9K 3.6K 57
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
19.9K 2.8K 22
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
3.2K 629 16
Zero Sugar is not sweet......, but good for Health ! Binthew Fanfiction { Start - 14 May, 2024 - } ဤ FanFiction သည် စာရေးသူ၏ စိတ်ကူးအတွေးသက်သက်...