එදා පුරහඳ පායලා තිබ්බ දවසක්...
ඒ නිසාම රාත්‍රීයේදී අන්ධකාරයෙන් වැසී යන වටාපිටාව අද තරමක් ආලෝකමත් වෙලා තිබ්බෙ ඒ හඳේ එළිය නිසා...
සෝල් නගරය මධ්‍යයේ පිහිටි St. මැතිව්ස් දේවස්ථානයේ සුසාන භූමිය මීට ටික වෙලාවකට කලින් නම් තරමක් කලබලකාරී එකක් වුණා....
නමුත් දැන්නම් එතන ඉතුරු වෙලා හිටියෙ මැදි වයසේ යුවලක් එක්ක තරුණ යුවලකුයි, පුංචි ගෑනු දරුවෙකුයි...
ඔවුන් ඉදිරිපිට ගලෙන් නිම කරපු අලංකාර ස්ථම්භ දෙකක් ළඟ පුංචි පුංචි ඉටි පන්දම් රාශියක් දැල්වී තිබුණා......
ස්ථම්භ දෙකක් !!!
ඔව් ස්ථම්භ දෙකක්......
ඉන් එක ස්ථම්භයක් ටේහියුන් වෙත වෙන් කර තිබූ අතර,
අනෙක් ස්ථම්භය ජංකුක් නම් පුද්ගලයෙක් වෙත වෙන කර තිබුණා....
_____________♥____________
1 day before.....
" එයාගෙ කිසිම reaction එකක් නෑනේ doctor....
මම හිතන්නෙ දැනටමත් එයා ජීවිතේ අතෑරල දාලා වගේ... "
ජංකුක්ව නැවත සැරයක් පරීක්ෂා කරපු හෙදියක් තමා අසලින් සිටි වෛද්‍යවරයාට පැවසුවා.....
" අපි මොනහරි බලමු... "
ලොකු සුසුමක් පිට කරලා එහෙම කියපු ඒ වෛද්‍යවරයා ICU එකෙන් එළියට ආවා....
" ජංකුක්ගෙ ඔම්මා....
ඔයාට පුළුවන් ද ජංකුක්ට ඇහෙන්නෙ ටිකක් කතා කරන්න...
එහෙම නැත්නම් එයාට ගොඩක් close වෙන කෙනෙක් හරි කමක් නෑ...
මොනවම හරි දෙයක් කියන්න එයාට...
එයාගෙ හදවතට දැනෙන දෙයක්....
මොකද එයා අපේ කිසිම දේකට react කරන්නෙ නෑ...
එයා දැනටමත් සටන අත්තැරල දලා තියෙන්නෙ...
අපිට වෙලාව ගොඩක් අඩුයි..."
ඒ වෛද්‍යවරයගෙ වචනත් එක්ක වෙව්ලන දෙපාවලින් නැගිටගත් ජංකුක්ගෙ මව ආරක්ෂක ඇදුම් කට්ටලයකුත් ඇදගෙන ICU එක ඇතුලට ගියා....
" ජංකුක්......
මගේ දරුවෝ ඔයාට ඇහෙනවද!
මං ඔයාගෙ ඔම්මා ජංකුක්....
ඔම්මා කියන දේ අහනවා නේද මගෙ පැටිය....
ආපහු අපි ළඟට එන්න ජංකුක්...
ඔම්මයි අප්පයි දෙන්නම ඔයා එනකන් බලන් ඉන්නව....
මගෙ පුතා ගොඩක් strong නේද !
ඉතින් ඇයි මේ අද මෙහෙම ඉන්නෙ මගෙ වස්තුව...
ඔයාගෙ ටේහියුන්ගෙ කැප කිරීම නාස්ති වෙන්න දෙන්න එපා පුතේ....
ඒ ළමය අන්තිම තප්පරෙත් හිතුවෙ ඔයා ගැන විතරයි....
ඒ නිසා ඔයා ජීවත් වෙන්න ඕනි ජංකුක්....
ඔයාට ඇහෙනවා නේද ! "
ජංකුක්ගෙ ඇද ළඟ පුටුවකින් ඉදගෙන නොයෙක් දේ කියන ගමන් ඇය අඩන්න ගත්තෙ විටෙක ජංකුක්ගෙ දෑත් මෘදුව පිරිමදිමින්, තවත් විටෙක ජංකුක්ව ප්‍රවේශමින් සිප ගනිමින්...
එතකොට ජංකුක් කොහෙද හිටියෙ !
ඇය මේ කියන දේවල් ඔහු අහගෙනද හිටියෙ !
තමන්ගෙ මවගෙ දෑස්වලින් එකදිගට වැටෙන කදුළු දිහා ඔහු බලාගෙනද හිටියෙ !
නෑ ඔහු ඒවා කිසි දෙයක් දැක්කෙ නෑ......
ඒ කියන කිසි දෙයක් නිකන් වත් ඔහුට ඇහුනෙ නෑ....
මොකද ඔහුගෙ සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබ්බෙ තමාගෙන් ටික ටික ඈතට ඇදිල යන තම ආදරවන්තය ටේහියුන් වෙත......
" මගේ පණ ආපහු යන්න ජංකුක්...
මගේ පස්සෙන් එන්න එපා.. "
" අනේ ටේහියුන්...
Please ඔහොම ඉන්න...
මාව දාලා යන්න එපා.. "
" මට පොරොන්දු වෙන්න ජංකුක්..
ඔයා ජීවත් වෙනවා කියල මට පොරොන්දු වෙන්න....
මං ගැන හිතල දුක් වෙන්න එපා බබා..
ඔයා සතුටින් හිනාවෙලා ඉන්න ඕනි..."
" ආආආආආආආආආආආආආආ
නෑ එපා ටේහියුන් ඉන්න....
මට බෑ ඔයාට ඒක පොරොන්දු වෙන්න...
මට බෑ ඔයාව ආපහු සැරයක් නැති කරගන්න..."
සුදු පැහැති එළියක් අතරට ඈදී යන ටේහියුන්ගෙ පිටිපස්සෙන්ම දුවගෙන ගිය ජංකුක් අවසාන මොහොතෙදි ටේහියුන්ව වැලදගෙන ඒ ආලෝකය අතරින් නොපෙනී ගියා.........
" doctor ඒ patient ට heart attack එකක් ඇවිත් !
එයා නැතිවුණා......... "
.
.
.
.
.
Continue your reading!
Thank you for reading & voting
Sorry for mistakes 💜 💜