ᴸᡃ˒ᡗ ᡇʳᡉᡃᡗʰ | βœ”βœ”

By Little_vixen7

16.8K 3.5K 225

I am yours till my last breath ! 2021.11.20 HAPPY BOOBOO DAY 😚❀ More

ᴸᡃ˒ᡗ ᡇʳᡉᡃᡗʰ πŸ’¨
- 01 -πŸ’¨
- 02 -πŸ’¨
- 03 -πŸ’¨
- 04 -πŸ’¨
- 05 -πŸ’¨
- 06 -πŸ’¨
- 07 -πŸ’¨
- 08 -πŸ’¨
- 10 -πŸ’¨
- 11 -πŸ’¨
- 12 -πŸ’¨
- 13 -πŸ’¨
- 14 -πŸ’¨
- 15 - πŸ’¨
- 16 -πŸ’¨
epilogue πŸ’¨

- 09 -πŸ’¨

688 190 13
By Little_vixen7

ජංකුක්ගෙ ගෙදර රාත්‍රී කෑම මේසය ගොඩක් විනෝද බර තැනක් වුණා...

පවුලේ සාමාජිකයන් එදා දවසේ සිදුවුණු වැදගත් දේවල් එකිනෙකා අතර හුවමාරු කර ගන්නා අතරේම, ඒ මැද්දෙන් කියවෙන පොඩි විහිලු කතා, කට්ටිය අතර කෑම බෙදාගන්න ඇතිවෙන බොරු රණ්ඩු, වැඩිහිටියෝ දෙන්නා විහිලුවට බහින්බස් වීම්...
මේ හැමදේම ටේහියුන්ට අලුත් අත්දැකීමක් වුණා..

ඔහු ඒකට ගොඩක් ආස කලා... මොකද මතක ඇති කාලෙකින් පවුලේ කට්ටියත් එක්ක මේ විදියෙ කෑම වේලක් ගන්න ටේහියුන්ට පුළුවන් කමක් තිබ්බෙ නෑ...

මේ දේවල් බලාගෙන ඉන්නැද්දි ටේහියුන්ගෙ හදවතේ තමා ගැනම පොඩි දුකක්, අනුකම්පාවක් ඇති නොවුණා මත් නෙවෙයි... ඒත් තමාට එහා පැත්තෙන් ඉදගෙන හිටපු ජංකුක්ගෙ මුවගෙන් නිතර නැගෙන සිනහ හඩ ඔහුගෙ සියලු වේදනා අමතක කරවන දිව්‍ය ඔසුවක් බදු වුණා..







__________♥__________

රෑ කෑම අරන් ඉවර වුණාට පස්සෙ ටේහියුනුත් ජංකුකුත් ඔවුන්ගේ කාමරේට ආවෙ ඒ දෙන්නටම කතා බහ කරගන්න වැදගත් දොවල් කීපයක් තිබ්බ නිසා...

ටේහියුන් බලාගෙන හිටියෙ කෑම මේසය පුරාවටම ඔහුගේ හිතට වද දුන්නු, ජංකුක්ගෙ ඔම්ම ඔහුට කියපු රහස ගැන ඇත්ත නැත්ත හොයාගන්න..

එතකොට ජංකුක් බලාගෙන හිටියා ටේහියුන් ගැන ඔහුගේ හිතේ තියන හැඟීම් අදවත් ඔහුට ප්‍රකාශ කරන්න..

" ජංකුක් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියනව.. "

කාමරේට ඇවිත් ජංකුක්ගෙ ඇද උඩින් වාඩි වුණු ටේහියුන් ටිකක් තදින් කතා කලා...

" මටත් ඔයාට දෙයක් කියන්න තියනවා ටේහියුන් . "

" හරි එහෙනම් මුලින්ම ඔයා කියන්න.. "

" නෑ නෑ ඔයයි මුලින්ම කතා කරන්න ඕනි කිව්වෙ.... ඒ නිසා ඔයා මුලින්. "

" හරි එහෙනම්..
ඔක්කොටම කලින් ඔයා ඇවිත් මෙතන මගේ ඉස්සරහින් ඉදගන්නකො "

තමාට ඉදිරියෙන් ඇදේ මෙට්ටෙ මතට පොඩි තට්ටුවක් දැම්ම ටේහියුන් එහෙම කිව්වම ජංකුක් නිශ්ශබ්දවම ඇවිත් එතනින් වාඩි වුණා....

" ජංකුකී......
මම හොදටම දන්නව අපි දෙන්නා හොදම යාලුවෝ.
ඒත් මට ඇත්තටම දැනගන්න ඕනි අපි දෙන්නා යාලුවො විතරමද කියලා!

ඔයා ඊට එහා ගිය බැදීමකින්ද මං දිහා-"

" ඉන්න...
ඔයා දන්නවද, දැන් මං ඔයාට කියන්න ගිය දේත් ඒ ගැනම තමා..

ටේහියුන්,
I love you... love you so much...

මම මේක ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න බලන් හිටියෙ... ඒත් මට බැරි වුණා.

ඉතින් ඔයත් මට ආදරෙයි නේද !
ඔව් ඒක එහෙම වෙන්න ඕනි.... මට ඒක දැනෙනවා.

ඔයාට පුළුවන් ද මගේ boyfriend වෙන්න ?!
කවදහරි මාව marry කරන්න..?? "

ජංකුක්ගෙ කටින් එකදිගටම පිටවුණු ඒ වචන කීපය ටේහියුන්ව ගොඩක් පුදුම කලා වගේම අසරණ කලා..
ඒ වචන වෙනුවෙන් ඔහුගේ යටි හිතින් ඔහු අසීමිත සතුටකින් ඉපිලෙද්දි, ඔහුගේ උඩු සිතට අන් කවරදාටත් වඩා වැඩී නොසන්සුන්කාරී හැගීමක් දැනුණා ...
ඒක හරියට මේ දේ සිදු නොවිය යුත්තක් වගේ..


" බෑ ජංකුක්...
අපිට බෑ ආදරේ කරන්න.

අපි හොදම යාලුවන්ගෙ සීමාවෙ විතරක් ඉමු.. "














.
.
.
.
Continue your reading! 💨

Thank you for reading & voting
Sorry for mistakes 💜💜

Continue Reading

You'll Also Like

98.9K 1.3K 23
αž˜αžΎαž›αž’αŸ„αž™αž€αžΆαžšαž‘αž‘αž½αž›αžαž»αžŸαžαŸ’αžšαžΌαžœαŸ” πŸ”ž
15.3M 468K 32
"We can't do this." I whisper as our lips re-connect, a tingling fire surging through my body as his hands ravage unexplored lands; my innocence di...
34.9K 2.3K 67
Ghar se thay chale Toh yeh baat ho gayi 🎢🎢 Nazarein aise jo takra gayiiiii Ke hume aashiqui aa gayi 🎢🎢 Collection of Short Stories......
80.8K 6.1K 27
"πš†πš‘πšŽπš— πš πš’πš•πš• πšπš‘πšŽπš’ πšœπšπš˜πš™ πš‘πšŠπšπš’πš—πš πš–πšŽ ?" 𝟷𝟻 πš’πšŽπšŠπš› πš˜πš•πš πš…πš’πšœπš‘πš—πšž πšŠπšœπš”πšŽπš πšŒπš›πš’πš’πš—πš πš‘πš’πšœ πš‘πšŽπšŠπš›πš 𝚘𝚞𝚝. "πš†πš‘πšŽ...