๐Ÿ’—๐Ÿ’™ LOVE OR HATE๐Ÿ’™๐Ÿ’—||ยฐKMSยฐ|...

De kim_yu_mi

1.8K 467 459

Because we think it's wrong, Two lives suffer .. Not everything we ever thought was right .. Is it love? ... Mais

chapter 01๐Ÿ’—
chapter 02๐Ÿ’™
chapter 03๐Ÿ’—
chapter 04๐Ÿ’™
chapter 05๐Ÿ’—
chapter 06๐Ÿ’™
chapter 07๐Ÿ’—
chapter 08 ๐Ÿ’™
chapter 09๐Ÿ’—
chapter 10๐Ÿ’™
chapter 11๐Ÿ’—
chapter 12 ๐Ÿ’™
chapter 13๐Ÿ’—
chapter 14๐Ÿ’™
chapter 15๐Ÿ’—
chapter 16 ๐Ÿ’™
chapter 17๐Ÿ’—
chapter 18๐Ÿ’™
chapter 19๐Ÿ’—
chapter 20๐Ÿ’™

chapter 21๐Ÿ’—๐Ÿ’™ ๐•ƒ๐•’๐•ค๐•ฅ ๐•ก๐•’๐•ฃ๐•ฅโ™ก๏ธŽ

113 25 61
De kim_yu_mi


දවස ගෙව්වෙ හෙට දවස බලාපොරොත්තුවෙන්..හැමදෙයක්ම හරින්ගස්සන දවස බලාපොරොත්තුවෙන්..හැමදෙයක්ම .. ඔක්කොම..හෙට ඉදන් ඉවරයි.

මට බලාපොරොත්තුවක් තිබුනේ හෙට දවස ගැන විතරයි.. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මන් දන්නෙ නෑ...කාලෙට ඉඩ දීලා මන් බලාගෙන හිටියා..මින්සෙඔක් ගැන හිතන්න මට අයිතියක් නෑ..

ඇත්තටම එයා මොකක්ද කරනවා ඇත්තෙ...

.
.
.
.
.
.
.
.
.
.
.
.

💙

හැමදාම කලේ අඩන එකයි හූල්ලන එකයි..ජියා ගැනම හිතපු එක..මල්ලිලා ටික කොච්චර දේවල් කිව්වත් මගේ මතකේ තියෙන්නෙම ජියාව..ඒ වගේම එයා මගෙන් හංගපු රහස..එයාගේ පවුල ගැන..මන් කිසිම දෙයක් දන්නෙ නැතුව එයාට දුක් දුන්නා..අන්තිමට මට එයාව නැති උනා.. ආදරයක් පරිස්සම් කරගන්න බැරි මනුස්ඩයෙක් මම..මට එයාව ඕනේ..මන් දන්නෙ එච්චරයි...

යූරා... හේතුවක් නැතුවම මාව දාලා ගියා..
ජියා... මට නොකියම මාව දාලා ගියා..

යූරගේ මතක වලින් ඈත් උනේ ඔයා නිසා...මන් බලාපොරොත්තු උනා ඔයාත් එක්ක හැමදෙයක්ම අමතක කරලා සතුටින් ඉන්න.. ඒත් ඊට කලින් ඔයා ගිහින්...ඔයාව හොයපු නැති තැනක් නෑ මන්..මන් දන්නෙ නෑ..ඔයා කොහෙද..මොනවා කරනවද..මාව අමතකම කරලා දාලද කියලවත්.

මගෙ කිසිම වෙනසක් වුනේ නෑ..මන් හැමදාම ඔයාට ආදරෙයි ජියා.. කොහේ හිටියත් පරිස්සමින් ඉන්න..මන් ගාවට ආපහු එන්න..මන් බලන් ඉන්නවා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
💗

ඔන්නි උදේම ලැහැස්ති උනේ යූමි ඔන්නිව හම්බ වෙන්න යන්න මගෙ ඉල්ලිමට..ඔන්නි දන්නෙ නෑ එයා මොකටද, ඇයි යන්නෙ කියලා...ඒත් මන් දන්නවා.. එයා එයාගේ ජිවිතේ හොයාගෙනයි යන්නෙ..මන් එයාව යවන්නෙම එයාගේ ජීවිතේ බලාගන්න...ඔන්නි යනම් මන් බලන් හිටියේ යූමි ඔන්නිට කියන්න ඔන්නි ආවා කියලා..

ඔන්නි ගිය ගමන්ම මන් යූමි ඉන්නිට කිව්වා ඔන්නි ආවා කියලා...හැමදෙයක්ම හොදින් වෙන්න කියලා මන් ප්‍රේ කලා.......

.
.
.
.
.

.
💛

ජී ක්යුං ගියේ ආයෙ කවදාවත් යන්නෙ නෑ කියලා හිටපු seoul වලට.. නංගිගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා.. අනික යන්නෙ එයාගෙ හොදම යාලුවව හම්බ වෙන්න ඒක නිසා බය වෙන්න ඕනේ නෑ කියලා ජී ක්යුං හිතුවා...දවසෙන් බාගයක්ම ගෙවිලා යද්දි ජී ක්යුංට seoul වලට යන්න පුලුවන් උනා.. bus එකෙන් බැහැපු ගමන්ම හිටියේ තම්න්ගේ හොදම යාලුවා කියලා දකිද්දි සතුට නිම් නැති උනා..

ඔව් යූමී.. යූමී ජී ක්යුංව  කාර් එකට නග්ග ගත්තේ ජියාට උන පොරොන්දුව ඉෂ්ඨ කරන්න....

යූමී, ජී ක්යුංටයි කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා.. ඒත් යූමි හිටියේ මොකක් වෙයිද කියන බයෙන්... යූමී කාර් එක නැවතුවේ මින්සෙඔක්ගේ ගෙදරින්.. ජී ක්යුං දන්නෙ නෑ මේ කොහෙද කාගෙ ගේද කියලාවත්..

ජී ක්යුංවත් එක්කම් යූමී ගියේ ගේ ඇතුලට.. කායි වගේම සෙහුනුත් ගේ ඇතුලේ හිටියා.. යූමිවයි ජී ක්යුං දැක්කාම දෙන්නම බය වෙලා බලන් හිටිය..ජී ක්යුංත් කායිවයි සෙහුන්වයි දැක්කාම අමුත්තම් දැනුනත් ගනම් ගත්තේ නෑ... යූමිගේ සෙහුන් දිහා බැලුවාම සෙහුන් ගියේ මින්සෙඔක්ව හොයන්..

ජී ක්යුංයි යූමියි හිටපු තැනම හිටියා.. යූමි හිටියේ කලබලෙන්.. ජී ක්යුං හිටියේ මුකුත් හිතාගන්න බැරුව..

දෙන්නගෙම කල්පනාව බිදුනේ පඩිපෙල බහින සද්දයක් නිසා.. ඔව් ඒ ආවේ මින්සෙඔක්.. ජී ක්යුංව දැක්ක ගමන් මින්සෙඔක් හිටපු තැනම නැවතුනේ බය වෙලා... යූමී, කායි ,සෙහුන් හිතුවේ ඊලගට මොකක් වෙයිද කියලා.. ජී ක්යුංට හුස්ම ගන්නත් අමතක වෙලා..

අමතක කරන්න හදපු අතීතය ඇස් දෙක ඉස්සරහා.. ජී ක්යුං මින්සෙඔක් දෙන්නට දෙන්නා බලාගෙන හිටියේ කිසිම දෙයක් විශ්වාස කරන්න බැරුව.. ජී ක්යුං ගේ පපුව ගැහෙන්නෙ වැරදි කාරයෙම් පොලීසියට අහු වෙලා වගේ....

ජියාව බලාපොරොත්තු උන මින්සෙඔක් ඉස්සරහා තමන්ගේ මැරුනු ආදරේ.. මින්සෙඔක්  බැහැලා ජී ක්යුං ගාවට ආවේ එයා දකින්නෙ හීනයක්ද කියලා හිත හිත.. මින්සෙඔක් තිබ්බ තිබ්බ අඩියක් ගානේ මින්සෙඔක් බය උනා.. ඒක හීනයක් වෙයි කියලා..

අන්තිමට මින්සෙඔක් නැවතුනේ ජී ක්යුං ගාව.. ජී ක්යුං හිතා ගත්තා යූරාව අමතක කරලා ජී ක්යුං විදියටම ඉන්න..ඒත් මින්සෙඔක් ඉස්සරහා එහෙම කොහොමද ඉන්නෙ කියලා ජී ක්යුංත් දන්නෙ නෑ..

"යූ..යූරා ... ඔයා ජීවත් වෙනවා... " මින්සෙඔක් කතා කලේ කඩවුනු කටහඩින්..

"අනී.. මන් ජී ක්යුං.. ජියාගේ ඔන්නි.." ජී ක්යුං කිව්වෙ එයා යූරා නෙවෙයි කියලා මින්සෙඔක් ට ඒත්තු ගැන්වෙන්න..

"නෑ..ඔයා යූරා.. මං දන්නවා..කොහෙද හිටියේ මෙච්චර කල්" මින්සෙඔක් ඇහුවා..

" යූරා මැරුනා .. එයා මැරිලා.. මන් ජී ක්යුං... " ජී ක්යුං කිව්වෙ තමවම පාලනය කරගෙන..

"යූමී නූනා.. ජියා නූනා කොහෙද...ඇයි එයා ආවේ නැත්තේ.."  සෙහ්න් ඇහුවේ බලන් ඉදලා බැරිම තැන..

" මන් ඉන්නව සෙහුන්.. මන් නූනා නෙවෙයි.." පිටිපස්සෙ ආපු කටහඩක් නිසා හැමෝම පිටිපස්ස බැලුවා.. මින්සෙඔක් අඩි දෙකක් ඉස්සරහට ගියත් ආයේ නැවතුනා.. ඔව් ඒ හිටියේ ජියා.. තනියෙන් නෙවෙයි.. ජියාගෙ අප්පායි චෙන්නුයි....

________________________________________ flashback

ජී ක්යුං ගිහින් ටික වෙලාවකින් කාර් එකක් ඇවිත් නැවැත්තුවා... ජියා බය වෙලා බලන් හිටියේ මොකක්ද වෙන්නෙ කියලා.. කාර් එකෙන් බැස්සෙ ජියාගේ අප්පා වගේම චෙන්.. ජියාට කරන්න දෙයක් තිබුනේ නෑ.. අප්පට පුලුවන් උනා කොහොම හරි ගියාව එක්කම් එන්න..

-
_____________________________ flashback end...

"නූනා කොහෙද හිටියේ.."  සෙහුන් ජියා ගාවට දිව්වෙ පොඩි එකෙක් වගේ...

ජියා බලාගෙන හිටියේ මින්සෙඔක්  දිහා.. ඒත් හැමෝම බලන් හිටියේ ජියා දිහා.. ජියාගේ පොරොන්දුවට වඩා වෙනස් දෙයක් වෙන්න යනවා කියලා ජියාට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

" mr.minseok .. මන් ජියාගෙ ඔන්නි.. i'm lee ji kyun... මන් ඔයාගේ වයිෆ්ව එක්කම් ආවා..එයාව සතුටින් බලාගන්න.." ජියා බලාගෙන හිටියේ මොකක්ද වෙන්නෙ කියලා..

"ඔන්නි.. ඔන්නි ඒක..කොහොමද..." ජියාට හිතා ගන්න බැරි උනා .. මොකද ජී ක්යුංට කොයිම වෙලාවකවත් ජියා කිව්වෙ නෑ marry කරලා ඉන්නෙ මින්සෙඔක්ව කියලා.. ජී ක්යුං බැලුවේ යූමී දිහා.. ජී ක්යුං යූමී ගාවට ගියා..

" තැන්ක් යූ යූමී.. ඔයා නිසයි අද මට මගෙ නංගිව එයාගෙ ආදරේ ගාවට ගේන්න පුලුවන් උනේ.. තැන්ක් යූ.." ජී ක්යු යූමිට කිව්වා..

"යූමි ඔන්නි" ජියා යූමි දිහා බැලුවේ ප්‍රශ්නයක් හිතේ තියන්..

" i'm sorry jiyaa.. ඔයාගේ පොරොන්දුව මන් කැඩුවා.. ඒකට හේතුවක් තිබ්බා ජියා.. මින්සෙඔක් .. ඒයාට ඕනෙ ඔයාව ජියා.. මන් මින්සෙඔක් එක්ක මේක කතා කලා.. හැමෝම එක්ක කතා කලා..ඔයාගෙ ඔන්නි එක්කත්.." යූමී කියද්දි ජියා තවත් ප්‍රශ්න ගොඩක පැටලුනා..

"ඔන්නි" ජියාට කියවුනේ එච්චරයි..

"ඔව් චූටි.. ඔයා යූමිට කතා කලේ දැන් දවස් තුනකට කලින්.. එදාම යූමී මට කෝල් කලා.. එදයි මන් දැනගත්තේ ඔයා marry කරලා ඉන්නෙ මින්සෙඔක්ව කියලා.. මට ඕනේ උනේ ඔය දෙන්නව එකතු කරන්න..." ජී ක්යුං කිව්වෙ මින්සෙඔක්  දිහා වගේම ජියා දිහත් බලලා..

"යූමි නූනා කිව්වෙ ඇත්ත.. අපි හැමෝම දැනගෙන හිටියා මේ හැමදෙයක්ම.. හියුන්ට ඕනේ ඔයාව නූනා" කායිත් කතාවට එකතු උනා.. ජියා බැලුවේ මින්සෙඔක් දිහා..හැමදෙයක්ම ඇත්ත කියන්න වගේ මින්සෙඔක් ඔලුව වැනුවේ ජියා දිහා බලන්..අන්තිමට උනේ ජියා කරන්න හදපු එකේ අනිත් පැත්ත..ජියාට ඕන උනේ ජී ක්යුංවයි මින්සෙඔක්වයි එකතු කරන්න.. ඒත් හැමෝම එකතු වෙලා කලේ ජියාවයි මින්සෙඔක්වයි එකතු කරපු එක..

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

තමන් ගැන නොහිතා කොහොම මිනිස්සු අනිත් අය ගැන හිතන්නෙ..තම්න්ගේ සතුට කැප කරන්න හදන්නෙ කොහොමද... ජියයි , ජී ක්යුංයි දෙන්නම අනිත් කෙනාගෙ සතුට ගැනයි හිතුවේ.. ඒත් සමහර දේවල් නිසා අනිත් අයට දුක් විදින්නත් උනා.. ජියා හරිද, මින්සෙඔක් හරිද, ජී ක්යුං හරිද කියලා දන්නෙ නෑ.. ආදරේ කියන්නෙ මිනිස්සුන්ව මරන්න වගේම ජීවත් කරවන්න පුලුවන් දෙයක්.. ආදරයේ විරුද්ධ පදය වෛරය නෙවෙයි..අත් හැරීම.. කවුරුත් කාටවත් වෛර කලේ නෑ... එකිනෙකා හිතුවේ අනිත් අය තමන්ට වෛර කරනවා කියලා.. හරියට දෙයක් නොදැන කිසිම දෙයක් විනිශ්චය කරන්න එපා..එකෙන් සමහර ජීවිත දුක් විදිනවා....

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

කොච්චර සීතල උනත් වැස්ස වෙලාවට එලිය බලාගෙන ඉන්න එක මගෙ පුරුද්දක්..අත් දෙක බැදගෙන සීතලින් බේරෙන්න හැදුවත් මට වැස්ස දිහා නොබලා ඉන්න බෑ.. පුරුදු සුවදක් මන් ගාව දැවටෙද්දි සීතලක් නොදැනෙන්න මගෙ පිටට හේතු උන උනුසුම් පපුවක් එක්කම ශක්තිමත් අත් දෙකක් මගෙ ඉන වටේ එතුනේ... කාලේ වෙනස් වුනේ බලාගෙන ඉදීම.. මගෙ බෙල්ල ගාව නැවතුන උණුසුම් කම්මුල් නිසා මන් අනිත් පැත්ත හැරුනේ මන් බලාපොරොත්තු උන මූන බලාපොරොත්තුවෙන් ..

පොඩි ලමයෙක් වගේ කොණ්ඩෙත් අවුල් කරන් බාගෙට ඇසුත් පියාගෙන මන් දිහා බලගෙන හිටියේ මින්සෙඔක් ..අතීතේ වෙච්ච දේවල් මට අමතක කරවලා...

" මන් තේ එකක් හදන් එන්නද" මන් ඇහුවේ සීතල නිසා..

" අනී.. ටිකක් ඔහොම ඉන්න..ඔයාව සීතලයි.."  මාව ආපහු අනිත් පැත්ත හරවලා මගෙ උරහිසින් මූන තියන් වැස්ස දිහා බලාගෙන හිටියේ මට දැනුන සීතලත් නැති කරමින්..

ඔන්නි එයාගේ ආදරේ මට දුන්නෙ කිසිම තරහක් , වෛරයක් නැතුව... මමත් මේ ආදරේට ගොඩක් ආදරෙයි...ඒ වගේම මන් ලෝභයි මේ ආදරේ නැති වෙයි කියලා..කල්පනා ගොඩක හිටියත් මින්සෙඔක් ගේ හුස්මක් පවා මට ඇහුනා...

" ම්ම්ම්ම් වැහි බිංදු කීයක් වැටුනද.." මින්සෙඔක් අහද්දි මට කිසිම දෙයක් තේරුනේ නෑ..

"මෝ.." මට කියවුනේ එකපාරටමයි.

" ඔව්.. වැස්ස දිහා බලාගෙන මොනවද කලේ.. වැහි බිංදු ගනම් කලාද මගෙ කෙල්ල..ම්ම්ම්ම්" මින්සෙඔක්  අහද්දි මට හිනා ගියා..

"අනී..මුකුත් කල්පනා කලේ නෑ" මන් කියන්නෙ බොරුවක් කියලා මින්සෙඔක්  හොදටම දන්නවා.. සද්ද නැතුව හිටපු විදියටම හිටියේ මන් මුකුත් කියන්නෙ නෑ කියලා දන්න නිසා..

ඔන්නි මාව මින්සෙඔක්ට බාර දීලා ගිහින් අදට හරියටම මාස පහක්.  හැමදෙයක්ම වෙනස් උනේ ඉක්මනට.. මන් හිතන් හිටපු විදිය වැරදි කියලා මටම තේරුනා..මන් ඒ හැම දෙයක්ම අමතක කලා.. මින්සෙඔක්ට ඉඩ දෙන්න මන් හිතාගත්තේ  එයත් මට ආදරේ කරපු නිසා.. ඒ විතරක් නෙවෙයි.. ගෙවුන අදුරු අතීතේ අමතකම කරලා අලුතෙන් දලුලන අනාගතේට නිදහසේ මුහුන දෙන්න ඕනේ කියලා හිතුව නිසාමයි හැමදෙයක්ම අමතක කලේ..

මින්සෙඔක්ත් එහෙමයි..කාමර දෙකක ගෙවුනු අපේ ජිවිතේ තිබුන දුර නැති කරගන්න අපිට පුලුවන් උනා..මැරි කරපු අනිත් අයට වගේ මටත් අනාගතේ ගැන බලාපොරොත්තුවක් තියෙනවා.. මට එයා එක්ක සතුටින් ජීවත් වෙන්නයි ඕනේ..

ඔන්නි.. ඔන්නි තනි වෙනවා දකින්න මටවත් මින්සෙඔක්ට වත් ඕන උනේ නෑ.. ඒත් හිතපු නැති විදියට එක දවසක් ඔන්නි ආවේ තව කෙනෙක් එක්ක.. ඔව්.. එයා අපි දන්නම කෙනෙක්..  lay..නැත්තම් zhang yixing ... exo main dancer.. මින්සෙඔක්ගේ මල්ලි කෙනෙක්.. මගේ ඔන්නිගේ වයසෙමයි.. අපිට ගොඩක් සතුටුයි.. ඔන්නිත් අපිත් එක්කම ඉන්න එකට...

කොයිතරම් හිතින් දුර ගියත් මන් තාම ඉන්නෙ මින්සෙඔක්ගේ අත්වලට මැදි වෙලා..
මාස පහක ඉදන් මන් විදින ආදරේ නිමක් නෑ.. මන් ඉන්නෙ සතුටින්.. මට පුලුවන් උනා එයාගෙන් ඈතට නොගිහින් එයාව සතුටුන් තියන්න..
ආයේ කවදාවත් එයාව දාලා මන් කොහෙවත් යන්නෙ නෑ.. එයාව දාලා යන්නත් බෑ මට....

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ජීවිතේ සතුටින් ඉන්න නම් දුකක් , කරදරයක් කියලා හිතලා ඈතකට යන්න හොද නෑ එකිනෙකාට.. එකිනෙකා ලගිහින් ඉදලා හැම දෙයක්ම විසද ගන්න ඕනේ.. ජියයි මින්සෙඔක් යි ඒක තේරුම් ගත්ටේ දෙන්නම් හොදටම දුක් විදලා ඉවර උනාම..

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

..............................................................................................................................

Ending  💙💗
Thank you මාත් එක්ක හිටපු හැමෝටම...
ඉවර කරපු විදිය අවුල් වගේද..
කතාව කම්මැලී නේද..

Vote කරපු comment කරපු කියවපු හැමෝටම ගොඩක් තැන්ක් යූ.. ඔයාලා නිසයි මන් මේක ලිව්වෙ..
ආයේ එන්නවා...
Still in love එක අරන්...

Sarangheee  ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Continue lendo

Vocรช tambรฉm vai gostar

4.8M 254K 34
Those who were taken... They never came back, dragged beneath the waves never to return. Their haunting screams were a symbol of their horrific death...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1M 39.2K 92
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
28.9M 915K 49
[BOOK ONE] [Completed] [Voted #1 Best Action Story in the 2019 Fiction Awards] Liam Luciano is one of the most feared men in all the world. At the yo...