එකම දේ නැවත නැවත් සිදුවෙමින් තිබුනා... හැම රෑකම ජන්කුක් හීනෙන් බයවෙන්නත්, ටේහ්‍යොන්ග්ගේ නින්ද නින්ද සම්පූර්ණයෙන් නැති වෙමිනුත් තිබුනා... සති දෙකක පමණ කාලයක් ජන්කුක් ගෙදරින් එලියටවත් නොයා හිටියා... ටේහ්‍යොන්ග් ඒ දේවල් අහන හැම වෙලාවකම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු කරා ඇරෙන්න මේ සති දෙක පුරාවටම වෙන කිසිම දෙයක් වුනේ නෑ...
අදත් උදේම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වෙලා උදේටත් නොකාම ආයේ කාමරේට ගිහින් ඇදේ වැතිරිලා හිටියා... ජන්කුක් කන්නේ නැති බව දැන දැනම ටේහ්‍යොන්ග් දවල් කෑම හදන ගමන් හිටියේ... දොරේ සීනුව නාද වුනාම ටේහ්‍යොන්ග් ගිහින් දොර ඇරියා... දොර ඉස්සරහා ඉන්න කෙනා දැකලා පුරුදු වුනත් එකපාරටම ටේහ්‍යොන්ග්ගේ මතකයට ඒ කෙනා ආවේ නෑ...
"මම ක්‍රිස් ජන්ගේ යුනිවර්සිටි එකේ ෆ්‍රෙන්ඩ්" ක්‍රිස් කිව්වම ටේහ්‍යොන්ග්ට ඒ කෙනාව මතකය ආවා... හතර පස් වතාවක්ම ජන්කුක් හොදටම බීලා ඉන්න වෙලාවල් වල ක්‍රිස් ජන්කුක්ව ගෙදර ගෙනත් තියෙන නිසා ටේහ්‍යොන්ග්ට ඒ කෙනාව මතක තිබුනත් නම මතක තිබුනේ නෑ...
"ඔහ්හ්හ් ඔයා එන්න ඇතුලට"
"ජන් ගෙදර ඉන්නවද"
"ඔව්"
"ජන් ගොඩක් දවස් යුනි ආවේ නෑ මම ආවේ කරදරයක්ද බලන්න" ක්‍රිස් කිව්වේ ඇත්තටම ජන්කුක් ගැන දුක් වෙමින්... ජන්කුක්ට යුනි එකේ හිටිය එකම යාලුවා වගේම ජන්කුක් ගැන තරමක් දුරට ක්‍රිස් දැනගෙන හිටියා...
"ඔව් එයාට ටිකක් අසනීපයි, ඒත් එයා හොදින් ඉන්න මම එන්න කියන්නම්, වාඩි වෙන්න" සෝෆා එක පෙන්නලා ටේහ්‍යොන්ග් හිනාවෙලා කිව්වම ක්‍රිස් වාඩිවුනා... ටේහ්‍යොන්ග් කාමරේට ආවේ ජන්කුක්ට කතා කරන්න... ඒ වෙනකොටත් ජන්කුක් කබඩ් එකෙන් ටීශර්ට් එකක් අරගෙන අදින ගමන් හිටියේ...
"කුක් ඔයාගේ යාලුවෙක් ඇවිත්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් කොණ්ඩේ අතින් හදාගෙන දොර ලග ඉන්න ටේහ්‍යොන්ග් ලගට ආවා...
"මට අසනීපයක් නෑ" ටේහ්‍යොන්ග්ගේ කම්මුල් තද කරලා ඒ මූණට එබිලා කිව්ව ජන්කුක් කාමරෙන් එලියට ගියාම ටේහ්‍යොන්ග් එහෙමම ටිකක් වෙලා හිටගෙන හිටියා... ටිකකින් මූණට හිනාවක් අරගෙන කිචන් එකට ගිය ටේහ්‍යොන්ග් ජන්කුක් ක්‍රිස් දෙන්නමට කෝපි හදලා ගිහින් දීලා කාමරේට ගියේ හිතට දැනුන වේදනාව නිසා...
"ජන් මොකද මේ වෙලා තියෙන්නේ"
"මම දන්නේ නෑ ක්‍රිස් මම ඔයාට කිව්වේ අර හීන ගැන"
"ඔව් ඒත් ඒ හීන මොනාද ඒවා ඔයාගේ බෝයි ගැනද"
"සමහර ඒවා ඒත් නිතරම පේන්නේ කවුරුහරි මාව ඇදට තියලා තද කරනවා වගේ ඒවා" කෝපි කෝප්පේ දිහා බලාගෙන ජන්කුක් කිව්වම ක්‍රිස් බැල්කනී එක දිහා බැලුවා...
"ජන් එලියට යමු මට සිගරට් එකක් බොන්න ඕන" ක්‍රිස් කිව්වම ජන්කුක් ක්‍රිස් එක්කම කෝපි කෝප්පේ අරගෙන බැල්කනි එකට ගියා...
"දැන් කියන්න මොකද්ද මේකට කරන්නේ" සිගරට් එක පත්තු කරලා තොල් අතර තියාගෙන ක්‍රිස් කතා කරා...
"මම දන්නේ නෑ ක්‍රිස් ඒත් මට මේ විදියට ඉන්න බෑ"
"එහෙම කියලා බෑනේ ඔයාගේ බෝයි මොකද කියන්නේ"
"එයාට ටේ කියන්න ක්‍රිස්"
"ඔහ්හ් ඕකේ එයා මොකද කියන්නේ"
"මම එයාට හීන ගැන මුකුත් කියලා නෑ මට ඒවා කියන්න තේරෙන්නේ නෑ ඒත් සමහර වෙලාවට එයා මගේ ලගම ඉන්න එක මට වදයක් වගේ" ජන්කුක් කොණ්ඩේ අත් දෙකෙන්ම ඇද ගත්තා...
"ඒ බෝයි ගොඩක් හොද කෙනෙක් වගේ පේන්නේ ජන් ඒක නිසා ඔයා කරන දේවල් ගැන දෙපාරක් හිතන්න" ක්‍රිස් අමුතු විදියට ජන්කුක් දිහා බැලුවම ඒකෙන් ක්‍රිස් අදහස් කරපු දේ ජන්කුක්ට තේරුනේ නෑ...
"මට තනියෙන් ඉන්න ඕන ක්‍රිස් එයාව දකින් හැම වෙලාවෙම මට මොකක්දෝ වෙනවා මට ඒක කියන්න තේරෙන්නේ නෑ එයා මට ආදරෙයි, මාව හොදට බලාගන්නවා, මගේ හැමදේම කරලා දෙනවා, මම කරන හැමදේම ඉවසනවා ඒත් මට දැන් ඕන තනියෙන් ඉන්න මට... මට තේරෙන්නේ නෑ මම මොකද්ද කරන්නේ" ආයේ ඔලුවෙන් වේදනාවක් දැනෙනකොට ජන්කුක් ඔලුව බිමට බර කරා...
"ජන් කාම් ඩවුන් මේ අහන්න එහෙම නම් එයාව ටික දවසකට ඔයාගේ රටට යවන්න එයාගේ ගෙදර ගිහින් එන්න කියන්න එතකොට ඔයාට ටිකක් හිත නිදහස් කරගන්න පුලුවන් වෙයි"
"ඒක කරන්න බෑ ක්‍රිස් එයා ගෙදර යන්න කැමති නෑ"
"ඔහ්හ් එහෙමද එහෙනම් මොකද කරන්නේ ජන් මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා ඒත් අපි... "
"ඔයා කියන්නේ ඩොක්ටර් කෙනෙක් ලගට යමු කියලද" ක්‍රිස් කියන්න ගිය නතර කරලා ජන්කුක් කිව්වා... ජන්කුක් තමන් දිහා බලන් ඉන්නේ මොන හැගීමකින්ද කියලා ක්‍රිස්ට තේරුම් ගන්න බැරි වුනා...
"නෑ එහෙම නෙමෙයි ඒත් මේකට මොකද කරන්නේ, එහෙනම් ඔයාට ඕනද ටික දවසකට එයාව මග ඇරලා ඉන්න" ක්‍රිස් කිව්වම ජන්කුක් ඔලුව ඉස්සුවා... බැල්කනී එකේ දොර දිහා බලලා ආයේ අහස දිහා බැලුව ජන්කුක් ලොකු හුස්මක් පහල දැම්මා...
"ක්‍රි.... ක්‍රිස්" ජන්කුක්ගේ තොල් වෙව්ලනවා ක්‍රිස් දැක්කා...
"ඔව් ජන්"
"මට මට"
"ඔව් කියන්න"
"මට දැන් එයාව ෆීල් වෙන්නේ නෑ" ආයේ කොණ්ඩේ අත් දෙකෙන්ම ඇදගෙන ජන්කුක් කිව්වම ක්‍රිස් ජන්කුක්ගේ උරහිසෙන් අත තිබ්බා...
"ජන් එයා හොද කෙනෙක් මෙහෙම වෙන්න එපා"
"මම දන්නවා ක්‍රිස් මම දන්නවා ඒත් මට මේ හැමදේම එපා වෙලා මට ඕන තනියෙන් ඉන්න මට කවුරුත් ඕන නෑ"
"එහෙනම් මම කියන්නේ හොදම දේ ටික දවසක් ඔයා තනියෙන් ඉන්න ඒත් තීරනයක් ගන්න කලින් දහා වතාවක් හිතන්න ජන් ඔයා දැන් ගන්න තීරනේ ඉස්සරහට බලපානවා, මම දන්නේ නෑ ඒ බෝයි මොන වගේ කෙනෙක්ද කියලා ඒත් මට විස්වාසයි එයා හොද ඇති මට දැක්ක ගමන් ඒක හිතුනා"
"එයා හොදයි ක්‍රිස් එයා මට ආදරෙයි මම වෙනුවෙන් ඕන දෙයක් කරයි ඒත් මම මොකද කරන්නේ මට තවත් මේක කරන්න බෑ"
"මට අවංක වෙන්න ජන් මට කියන්න ඔයාට වෙන කෙනෙක්... "
"නෑ දෙවියනේ නෑ මට වෙන කවුරුත් නෑ මට ඕනත් නෑ මම කියන දේ තේරෙන්නේ නැද්ද ක්‍රිස් මට ඕන තනියෙන් ඉන්න" ජන්කුක් ටිකක් සද්දෙන් කිව්වම ක්‍රිස් ගේ ඇතුල බැලුවේ ටේහ්‍යොන්ග් ඉන්නවද කියලා ඒත් කවුරුත් පේන්න හිටියේ නැති නිසා ක්‍රිස් හුස්ම ගත්තා...
"හරි හරි කාම් ඩවුන් ඔයා හොදට හිතලා බලන්න හොද තීරනයක් ගන්න මට ඕන වෙලාවක කතා කරන්න මම ඔයාට ඉන්නවා හරිද, ඒත් එයා ගැනත් හිතලා හොද තීරනයක් ගන්න" ජන්කුක්ගේ උරහිසට තට්ටු කරලා කිව්ව ක්‍රිස් තවත් ටිකක් වෙලා ජන්කුක් එක්ක කතා කර කර ඉදලා ගියාම ජන්කුක් දොර වහලා දාලා ඇතුලට ආවා...
කාමරේට ආවම දැක්කේ ටේහ්‍යොන්ග් නිදාගෙන ඉන්නවා... ටේහ්‍යොන්ග්ට දැනෙන්නේ නැති වෙන්න ඇදේ කොනෙන් ඇලවුන ජන්කුක් ඇස් වහාගත්තා...
'හිතන්න ජන්කුක් හිතන්න, හොද දෙයක් කරන්න, දෙන්නටම හොදක් වෙන තීරනයක් ගන්න'
දිගටම එකම දේ ගැන හිතන ගමන් ජන්කුක් ඇදේ ගුලිවුනා... ආයේ ඔලුව උස්සලා ටේහ්‍යොන්ග්ගේ මූණ දිහා බැලුවා... ටේහ්‍යොන්ග් ලස්සනයි... හිමින් අත ටේහ්‍යොන්ග්ගේ මූණට ගෙනියන්න ගිය ජන්කුක් ආයේ කලබලෙන් වගේ අත අරගෙන ඇදේ ගුලිවුනා...
ඉස්සරහට කරන්නේ මොනවද කියලා හිතන ගමන් ජන්කුක් සිවිලිම දිහා බලන් ඉන්නකොට ඉස්සරහට වෙන්න යන දේවල් ගැන කිසිම අදහසක් නැති ටේහ්‍යොන්ග් සුව නින්දක හිටියා...
_______________________________
ඩබල් අප්ඩේට් 🌚
ජන්කුක්ට බනින්න මාත් එයා එක්ක තරහෙන් ඉන්නේ 😑 අනික මේක රියැලිටි මම කලින්ම කිව්වනේ ඇත්තටම මේ වගේ වෙන්න පුලුවන්
Bella 🥀