Love Again [Completed]

By _Choco_Bee_

938 238 167

හැඟීම් ඝාතනයට කිසිවෙකු අසමත් ය. එය කවදා සිදු වුණි ද කොහේ දී සිදු වුණි ද කෙසේ සිදු වුණි ද යන්න අදාළ නොවේ. ඊට... More

Loss
Origin
Volunteer
Excuse me
A secret
Girlfriend
Abandonment
Never ending love
A/N

Inheritance of life

64 21 0
By _Choco_Bee_

ගඟට පතිත වුණු හීසන්ග් වටපිට බලමින් ගිලෙන්නට යන තැනැත්තාව සෙවුවා.

මිය යාමට ආසන්න මොහොතේ වුව ද දිවි බේරා ගැනීමට කිසිඳු වෑයමක් නොදරන පුද්ගලයාව දුටු ඔහු එදෙසට කිමිදුණා.

ඒ පුද්ගලයාගේ උර වටින් අතක් යවා ඔහුව තමාට වාරු කර ගත් හීසන්ග් ඉහළට පිහිනමින් ජලයෙන් මිදීමට උත්සාහ කළා.

එහෙත් එක් වරම සිහි එළවා ගත්තෙකු ලෙසින් හීසන්ග් වාරු කරගෙන සිටි තැනැත්තා ඔහුව ඉවතට තල්ලු කළේ තමාව බේරා ගැනුම නොකරන්න කියල අඟවන්න වගේ.

ඒ වන විටත් හුස්ම රඳවා තබා ගැනීම තරමක් අපහසු වුණු නිසා හීසන්ග් උන්නෙ ඔහු කියන දේවල් අහන් ඉන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි.

එ නිසාම හීසන්ග් ඔහුව නොතකා ඉහළට පිහිනුවා.

ජීවත් වීම අතහැර දැමූ ඒ පුද්ගලයා හීසන්ගේ අත්වලින් මිදීමට උත්සාහ දැරුවා. එයින් වුණේ හීසන්ගේ ද සමබරතාවය නැතිව යාමයි.

සමබරතාවය රඳවා ගැනීමට ඔහු ජලයේ දඟලද්දී අත්වැරදීමකින් මෙන් ඔහු ආශ්වාස කළේ තමා සිටින්නේ ජලය තුළ බව අමතක වී.

ජල කඳකින් ඔහුගේ පෙණහලු පිරී යද්දි අනෙක් පුද්ගලයා සමගම ඔහු ගං පතුල වෙත ඇදී ගියා. දෑස් පියවී යාමට මත්තෙන් උදෑසන සිදු වූවා සේ ම අපහැදිලි රූප රාමු පෙළක් ඔහුගේ මනසේ සැරිසැරුවා.

තමා ඉතා සතුටින් කාන්තා විලාසිතාවේ මුදුවක් තෝරන අයුරුත් , පිළිවෙළට හැඳ පැළඳ උද්‍යානය වෙත යන අයුරුත් , උද්‍යානයේ පිවිසුම අසළ සිටි යූහි තමාට අත වනන අයුරුත් ඒ රූප රාමු අතර තිබුණා.

අඩ සිහියෙන් සිටි දෙදෙනාම එක්ව ගං පතුළට ඇදී යද්දි පාලම මත සිටි අයෙක් ගිලී යන ඔවුන් දෙදෙනාව දුටුවා.

ඔහු තවත් පිරිසකගේ උදව් සහිතව ඔවුන් දෙදෙනාව ගං ඉවුරට ගෙන ආවා.

───────────✿✍✿──────────

සුපුරුදු පරිදි පයින්ම කොලේජයට යමින් සිටි යූහි පාලම අසළින් නැවතුණේ කිහිප දෙනෙක් කලබලයෙන් සිටි බැව් පෙනුණු නිසා.

-"කොල්ලො දෙන්නෙක්"

-"මැරිලා වගේ."

-වැඩි වයසකුත් නෑ."

අතරින් පතර ඇසුණු කතාවලට සවන් දෙමින් ඇය රොක් වී සිටියවුන් අතරින් ඉදිරියට ගියා.

තෙත් වී සිටි දෙදෙනෙකුගේ දෙපා පමණක් යාන්තමින් දුටු යූහි සිදුවීම තේරුම් ගත්තා.

ඒ සමගම බිම වාඩි වී සිටි අයෙක් නැගිටිද්දි සිහිසුන්ව සිටි දෙදෙනාව ඇය දුටුවා.

දෑස් අයාගත් ඈ නොදැනුවත්වම දෑතින් තම මුව වසා ගත්තා.

මදකින් පියවි සිහියට එළඹි යූහි හීසන්ග් අසළට ගොස් ඔහුගේ හිස අසළින් දණ ගසා ගත්තා.

ඇය ඔහුගේ නාසය අසලින් ඇඟිල්ලක් තබා තවමත් ඔහුගේ හුස්ම වැටේ දැයි පරික්‍ෂා කළේ ගැහෙන හදින්.

"දෙවියන්ට ස්තූති වේවා"

තවමත් ඔහු ජීවතුන් අතර යැයි පසක් කරගත් ඈ සැනසුම් සුසුමක් හෙළුවා.

-"අයින් වෙන්න. ඇම්බියුලන්ස් එක ආවා."

එතන උන් කිහිප දෙනෙක් යූහිව පසෙකට කර සිහිසුන් දෙදෙනාව ගිලන් රථයට ඇතුළු කර ගත්තා.

හීසන්ග්ව තනි කර කොලේජයට යෑමට හිත නොදුන් නිසා යූහි ද කුලී රථයකට නැගී රෝහලට ගියා.

I can't believe, I can't believe
I finally found someone
I'll sink my teeth in disbelief
'Cause you're the one that I want
I can't believe there's something left inside my chest anymore
But goddamn, you got me in love again



✍Choco Bee

Continue Reading

You'll Also Like

2.9K 196 7
Medical Return Burmese Translation Webtoon Doctor Kim JinHyun lost everything in his life. But his life is helped by the maid of heaven who was saved...
17K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
2.3K 412 17
ආදරේ කියන්නේ මහ පුදුමාකාර හැඟීමක්... කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේ ලොකුම ශක්තිය වෙද්දී.., තවත් කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේට ම තියන ලොකුම දුර්වලකම උනා... කෙනෙක්...
153K 7.7K 16
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။