~වසර 10 කර පසු~
ජියොන් ජන්කුක්!!!
ඒ නම ඇහිලා නැති කෙනෙක් දකුණු කොරියාවෙ නම් ඉන්න විදියක් නෑ. මොකද ජන්කුක් කියන්නේ එහේ ඉන්න වැඩිම ආදායමක් ලබන බිස්නස්මන්ලා අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක්.
ඊටත් අමතරව ජන්කුක් විශේෂයෙන්ම හැමෝම අතර ප්‍රසිද්ධ එයාගේ 'SJ Project ' එක නිසා. ළමා නිවාසවල ඉන්න වගේම රට පුරාම දුප්පත් පවුල්වල ඉන්න චූටි ළමයින්ට අධ්‍යාපන ඉවර වෙනකන්ම ඕන හැම වියදමක්ම දරන්නේ මේ SJ Project එක මගින්.
ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ටත් උදව් කිරීම තමයි මේ එකේ මූලික අරමුණ.
මුලදි ජන්කුක් පොඩියට පටන්ගත්තු මේ ප්‍රොජෙක්ට් එකට අදට අවුරුදු 10 ක්. ඒ කාලේ තිබ්බට වඩා දැන් මේක දස දහස් ගුණයකින් ශක්තිමත්. මොකද රටේ ඉන්න ගොඩක් බිස්නස්මන්ලා, සෙලිබ්‍රිටීස්ලා මේ ප්‍රොජෙක්ට් එකට ජන්කුක් එක්ක එකතු වෙලයි ඉන්නේ.
No one's pov
"කුක්!!"
"නම්ජුන් හ්‍යුන්ග්!!" ජන්කුක් එයා ලගට ඇවිදගෙන ආව එයාට වඩා ටිකක් උස කෙනාව බදාගත්තේ මූණේ ලොකු හිනාවක් එක්කමයි.
"කොහොමද කුක්? අවුරුදු ගාණකින්නේ දැක්කේ." ජන්කුක්ගේ උරහිස් දෙක උඩින් අත් තියාගෙනම ඒ කෙනා ඇහුවේ ජන්කුගේ යට ඉදන් උඩටයි, උඩ ඉදන් යටයටයි හොදට ස්කෑන් කරන ගමන්.
"මම හොදින් හ්‍යුන්ග්. හ්‍යුන්ග්ට කොහොමද? ජිමිනි හ්‍යුන්ග් ආවෙ නැද්ද?"
"එයාලා තව ටිකකින් එයි කුක්. අද අපේ පොඩ්ඩගේ බර්ත්ඩේ එකනේ. එයා ලොකු ලොකු පාර්ටි දාන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ හින්දා ජිමින් එයාව පාර්ක් එකට එක්කන් ගියා ටිකක් සෙල්ලම් කරන්න කියලා. දැන් මග එනවා ඇති." නම්ජුන් හිනා වෙවී කිව්වේ.
නම්ජුන්, එහෙමත් නැත්නම් කිම් නම්ජුන්, ගොඩක් දක්ෂ ඩොක්ටර් කෙනෙක්. දක්ශයි වගේම හරිම හිත හොදයි. SJ Project එක පටන්ගත්ත කාලේ ඉදනම ජන්කුක්ට හැම දේකටම උදව් කරපු කෙනෙක්. කොටින්ම කිව්වොත් ජන්කුක්ගේ සහෝදරයෙක් වගේ. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරමු කියලා මුලින්ම අදහස ආවෙත් මේ නම්ජුන්ට තමයි.
ඒත් දෙන්නටම තියෙන වැඩ රාජකාරි නිසා හම්බෙන්න බැරි වුණත් හැමදාම වගේ කෝල් කරලා එකිනෙකා ගැන හොයලා බලන්න දෙන්නා පුරුදු වෙලයි හිටියේ.
දෙන්නම කොච්චර බිසීද කිව්වොත් නම්ජුන්ගේ වෙඩින් එකෙන් පස්සේ හරියකට මීට් වෙච්ච පලවෙනි වතාව මේක. ඒකටත් හේතුවක් තිබ්බා. SJ Project එකට අවුරුදු 10 ක් වෙන නිසා අද තියෙන ගෙට් ටුගෙදර් එක.
අද , දෙසැම්බර් 4.
හරියටම අවුරුදු 10 කට කලින් අද වගේ දවසක තමයි මේ SJ Project එක ආරම්භ වුණේ. මේ දවසේ ලොකු වැදගත්කමක් ජන්කුක්ට තිබ්බා.
දෙසැම්බර් 4 , ජින්ගේ බර්ත්ඩේ එක.
ජින්ගේ අන්තිම කැමැත්ත නිසා තමයි ජන්කුක් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. මොහොතකට ජින් ගැන මතකයන් ඇස් ඉස්සරහා මැවෙද්දි ජන්කුක් පියවි සිහියට ආවේ කවුරුහරි කෙනෙක් එයාගේ අතේ එල්ලෙනවා වගේ දැනුණ නිසා.
හරි සිහියට ආව ජන්කුක් ඔලුව හරවලා පහල බැලුවේ කවුද මේ අතේ එල්ලුනේ කියලා බලාගන්න.
ජන්කුක් හොල්මනක් දැකලා වගේ බලන් හිටියේ එයාගේ අතේ එල්ලිලා එයත් එක්ක හුරතලේට හිනා වෙවී ඉන්න කොලු පැටියා දිහා.
"ජිනී!! අන්කල්ව බය කරා නේද? මෙහෙ එන්න මගේ හොර කොටියා!"
මෙච්චර වෙලා ජන්කුක්ගේ අතේ එල්ලිලා හිටපු චූටි කොලු පැටියාව නම්ජුන් ලගට අරන් වඩාගෙන කිචි කවන්න ගත්තේ පොඩි දරුවා කෑගගහා හිනා වෙන්න ගන්නවත් එක්කම.
"ඩැඩීඊඊඊඊඉ..... කිචීඊ.... ජිනීට කිචී... නවත්ත්න්නකෝ!!!! අප්පා.... මාව බේරගන්නෝඕඔ...." කොලු පැටියා මහ සද්දෙ හිනා වෙවී නම්ජුන්ගෙන් ගැලවෙන්න දගලන හැටි දැක්කම ජන්කුක්ගේ මුලු මූණටම හිනාවක් ආවේ මේ චූටි පැටියාගේ ලස්සන හිනාව දැකලා.
"අම්මෝ මෙයාගේ හිනාව!" නම්ජුන්නුයි එයාගේ පුතයි දිහා බලාගෙන හිනා වෙවී හිටපු ජන්කුක් අඩුම තරමේ මෙච්චර වෙලා ඒ ලගින්ම හිටගෙන හිටපු ජිමින්ව දැක්කෙවත් නෑ.
"ජිමින් හ්‍යුන්ග්!! මම බය වුණත් එක්ක!" ජන්කුක් පපුවට අතකුත් තියාගෙන් කිව්වේ එක පාරටම ජිමින් එයාගේ කනගාවට කරලා කතාකරපු පාරට ගැස්සිලා ගිහිල්ලා.
"හරි හරි ඉතින්. ඕකට බය වෙන්න ඕනයැ." ජිමින් හිනා වෙවී කිව්වේ ජන්කුක්ගේ අතටත් පාරක් ගහන ගමන්.
ජිමින්. කලින් නම් පාර්ක් ජිමින්. නම්ජුන් මැරි කලාට පස්සේ කිම් ජිමින්. එයාත් ඩොක්ටර් කෙනෙක්. නම්ජුන් වගේ ගොඩක් හොද, ගොඩක් දක්ෂ හරිම කරුණාවන්ත කෙනෙක්.
"මේ ඔයාලගේ චූටි පැටියාද ජිමින්? දැන් ගොඩක් ලොකු වෙලා. මම ඉපදුන ගමන් ෆොටෝස් විතරයිනේ දැකලා තිබ්බේ." ජන්කුක් හිනා වෙවීම කිව්වේ තාමත් දගලන පොඩ්ඩා දිහා බලාගෙන.
"හ්ම්ම්.. ඔය ඉන්නේ අපේ පණ ටික. කිම් සොක්ජින්. අපේ මුලු ලෝකෙම." ජිමින් හිනා වෙවීම කිව්වේ පොඩ්ඩා දිහා ආදරෙන් බලන් ඉන්න ගමන්.
පොඩ්ඩගේ නම ඇහුණ ගමන් ජන්කුක්ගේ මූනේ තිබ්බ හිනාව දෙගුණ තෙගුණ වුණේ එයාටත් නොදැනීමයි.
" ඇයි කුක් ඔයා මැරි නොකලේ? ඔයාට මොනවයින් අඩුවක්ද" ජිමින් ඇහුවා.
' මම කොහොමද වෙන කෙනෙක්ව මැරි කරන්නේ. මම තාමත් මගේ ජින්ගේ හස්බන්ඩ්නේ. ඒත් ඒ ගැන ලෝකෙට කියන්න මම තාම බයයි. ඒ හින්දා මගේ ජින් මගේ හිත ඇතුලෙම ජීවත් වෙච්චදෙන්. එදා මම කන්ට්‍රෑක්ට් එක ඉරලා විසි කරෙත් තව දුරටත් මට ජින්ගේ හස්බන්ඩ් විදියට මගේ ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න ඕන නිසයි. ' ජන්කුක් හිතුවා විතරයි.
" මට මේ තියෙන වැඩ කන්දරාවත් එක්ක පවුල් ජීවිත්‍යක් ගත කරන්න කොහෙන් තියෙන වෙලාවක්ද හ්‍යුන්ග්" ජන්කුක් විහිලුවෙන් වගේ කිව්වේ ජින් ගැන හිතද්දි දැනෙන වේදනාව මොහොතකට යටපත් කරගෙන.
"අනේ මන්දා ඉතින්. ඔයාට කොච්චර කිව්වත් එච්චරයිනේ." ජිමින් ලොකු හුස්මක් පිට කරන ගමන් කිව්වේ ජන්කුක් දිහා බලන ගමන්.
"ආහ්හ් ඇති ඇති ඔය දැගලුවා. මෙහෙට එන්න දග මල්ල." නම්ජුන්ගේ අතේ හිටපු කොලු පැටියාව වඩා ගන්න ගමන් ජිමින් කිව්වේ දග පැටියාගේ නහයට චූටි කිස් එකක් දෙන ගමන්.
"ජිනී! මේ තමයි අන්කල් ජන්කුක්! ඩැඩීයි අප්පායි ගිහින් ඩැඩීගේ යාලුවෝ මීට් වෙලා එනකල් මේ අන්කල් එක්ක ඉන්න දග නොකර ඉන්න ඕන හොදද." ජිමින් ජිනීට කිව්වේ ජින් ව ජන්කුක්ගේ අතින් තියලා පොඩ්ඩාගේ ඔලුවට කිස් එකක් දෙන ගමන්.
ජන්කුක්ව චූටි ජින් එක්ක තනි කරලා මින්ජූන් දෙන්නා එතනින් ගියේ දෙන්නටම ජන්කුක්ව ගොඩක් විශ්වාසවන්ත නිසා. ඒ වගේම එයාලා දැනගෙන හිටියා ජන්කුක් පොඩි බබාලට කොච්චර කැමතිද කියලා.
චූටි ජිනීවත් වඩාගෙන ලග තිබ්බ ටේබල් එකකට වාඩි වුණ ජන්කුක් පොඩ්ඩව පරිස්සමට එයාගේ උකුල උඩින් තියාගත්තේ හරියට රෝස මලක් වගේ.
" අන්කල් ජන්කුක්!" චූටි ජිනී එයාගේ හුරතල් කටහඩින් ජන්කුක්ට කතා කරා.
"කියන්න පැටියෝ." ජන්කුක් ජිනී දිහා බැලුවේ හරිම ආදරණීට විදියට.
'මේ ඇස් දෙක!
අවුරුදු ගානකට කලින් දැක්ක විදියමයි. එදා ළමා නිවාසෙදි පලවෙනි වතාවට දැක්ක ඒ පුංචි කුමාරයා ආයෙමත් මගේ ලගට ඇවිත්. මගේ ජිනී ආයෙමත් මගේ ලගට ඇවිත්. දැන් ඔයා නිකන්ම නිකන් සොක්ජින් නෙවෙයි. කිම් සොක්ජින්. ඔයාව ආයෙම මේ ලෝකෙට එවලා තියෙන්නේ නිකන්ම නෙවෙයි මැණික. ඔයාට කලින් නොලැබිච්ච හැමදේමත් එක්කම. ඔයාගේ කටහඩ. ලස්සන පවුලක්. ආදරය. මේ හැමදේම දැන් ඔයාට තියෙනවා මැණික. මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒ හැමදේම ලබන්න ඔයා ඕනවටත් වඩා සුදුසුයි පැටියෝ. තෑන්ක්ස් ආයෙමත් මාව බලන්න ආවට. පහුගිය අවුරුදු 10 ටම නොදැනිච්ච සැනසීමක් මට දැන් දැනෙන්නේ. තැන්ක් යූ ජින්!! මගේ පණ!!'
"අන්කල් කුකී ඇයි මේ අඩන්නේ? ජිනී අන්කල්ට රිද්දුවද?" උකුලේ ඉන්න චූටි පැටියාගේ කටහඩට හරි සිහියට ආවම තමයි ජන්කුක්ට තේරුණේ මෙච්චර වෙලා එයාටත් නොදැනීම එයාගේ ඇස් වලින් කදුලු වැටිලා කියලා. ඒ දුකට නෙවෙයි. සතුටට.
"අනේ නෑ පැටියෝ! මේ මොකද මේ?" ජන්කුක් ඉක්මනට එයාගේ කදුලු පිහිදාගෙන චූටි ජිනී දිහා බලනකොටයි දැක්කේ ඇස් වල කදුලු පුරවන් ඉන්න කොලු පැටියාව. ජිනීගේ කදුලු පිහිදාලා එයාව පපුවට තුරුල් කරගත්ත ජන්කුක් හිමීට පොඩ්ඩාගේ ඔලුවට හාදුවක් දුන්නේ හරිම ආදරෙන්.
"මගේ ජිනී අන්කල්ට රිද්දුවේ නෑ මැණික. අන්කල්ට කෙනෙක් මතක් වුණා. ඒකයි. අනික මේ ජිනී නෝටි බබෙක් නෙවෙයි නේද? හ්ම්ම්.." ජන්කුක් ඇහුවේ ජිනීගේ නහයට එයාගේ නහයෙන් චූටි තට්ටුවක් දාන ගමන්.
පොඩ්ඩා ආයෙමත් හිනා වෙවී ජන්කුක්ගේ කර වටේ චූටි අත් දෙක දාගත්තේ වදුරු පැටියෙක් වගේ ජන්කුක්ගේ බෙල්ලේ එල්ලෙන ගමන්.
ටිකකින් ලස්සනට හිනාවෙලා ජන්කුක්ගේ මූණට එබුණ පොඩ්ඩා
" ජිනී ලව් යූ අන්කල් කුකී!!" කියලා ජන්කුක්ගේ කම්මුල් දෙකට ඒ චූටි තොල්වලින් කිස් දෙන්න ගත්තේ ජන්කුක්ගේ ඇස් දෙක ආයෙමත් තෙත් කරනගමන්.
"කුකී ලව් යූ ටූ ජිනී බේබි!!"
ඇස් වලින් ගලන් සතුටු කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා ජන්කුක් චූටි ජිනීව එයාට තුරුලු කරගත්තේ හරිම ආදරෙන් පොඩ්ඩාගේ මූණ හාදු වැස්සකින් තෙමන ගමන්.
The End
අද නම් හැම කෙනෙක්ගෙන්ම වචනයක් හරි ඕන.
හදිස්සියේ ආපු අදහසකට අනුව තමයි මම මේ කතාව ලිව්වේ.
ඒක සාර්ථකද නැද්ද කියලා ඔයාලා තිරණය කරන්න.
ඉතින් මුල ඉදන්ම කතාව කියවපු හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ Thank you so much කියලා තමයි.
කමෙන්ට් කරපු, වෝට් කරපු හැම කෙනෙක්ටම මම ගොඩක් ආදරෙයි!
ඒ වගේම සයිලන්ට් රීඩර්ස්ලාවත් අමතක කරන්න බෑනේ. Thank you so much for supporting this book y'all!!!
ඉතින් මේ වෙනකන් කතාව කියවපු හැම කෙනෙක්ම කතාව ගැන වචනයක් හරි කියනවනම් මම කැමතියි. මට දැනගන්න ඕන මම සාර්ථකද කියලා. මොකද මට සිංහලෙන් ලියන්න එච්චර හුරුවක් නැති නිසා.
So, all I want to say is that,
Thank you so much once again for all of my precious readers !!
Love you all!!
I'm not in a place to advice you guys. But keep this in your mind!!
And here comes a small gift for Jinkook lovers!!!