එදායින් පස්සේ කිසිම දවසක ජන්කුක් ජින්ව ෆලෝ කරන්න ගියේ නෑ.
ජියොන් මැදුර ගැන කතා කලොත් එහේ තත්ත්වේ කලින්ට වඩා වෙනස්.
වෙනදට උදේ පාන්දරම ගෙදර බඩු පොඩි වෙන සද්දේ ඇහෙන ජියොන් මැදුරෙන් ලගකදි ඉදන් එහෙම සද්දයක් ඇහුනේ නෑ.
ඒ වගේම නැගිට්ට වෙලේ ඉදන් ජන්කුක්ගේ කටින් පිටවුණ බැනුම් දැන් ඇහෙන්නේ හරිම කලාතුරකින්.
වෙනස වුනේ කාගේ පැත්තෙන්ද කියලා ඉතින් හිතාගන්න පුලුවන්නේ.
එදා ළමා නිවාසෙදි ජින්ව දැක්ක වෙලේ ඉදන් ජන්කුක්ගේ හිත යකාගේ කම්මල වගේ වෙලා. ජින්ව දකින දකින මොහොතක් ගානේ එයාට ජින් එක්ක එක වතාවක් හරි හොදින් කතා කරන්න ඕන වුණා. ඒත් ඉතින් වෙනදා වගේම උඩු හිතේ වහලෙක් වෙච්ච ජන්කුක් අන්තිමට ඒ අදහස උඩු හිතින් මකලා දැම්මේ ඒක යටි හිතේ විතරක් පරිස්සමට තැන්පත් කරලා තියලා.
ඒත් 'ප්‍රමාදය පසුතැවීමට හේතු වේ' කියලා කියමනක් තියෙනවනේ.
දැන් ජන්කුක් ප්‍රමාදයි.
සමහරවිට එදා හිතට වහල් නොවී හිටියනම් අද ජන්කුක් ඉන්න තත්ත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.
Flashback
ජින්කුක් මැරේජ් කන්ට්‍රෑක්ට් එක ඉවර වෙන්න තව මාසයයි.
මාසයක් තිස්සේ ජින්ව මගහැරලා ඉන්න ජන්කුක් සමත් වුණා.
වෙනදා ජින්ව මගහරින්න ඕන නිසාම වෙනදට වඩා රෑ වෙලා ගෙදර ආපු ජන්කුක් වොශ් එකක් දාගෙන නිදාගන්න ගියේ එයා එනකන් කන්නේවත් නැතුව බලන් හිටපු ජින්ව මුලුමනින්ම නොසලකා හැරලා.
රෑ මැදදී ලොකු වතුර තිබහක් ඇති වෙච්ච නිසා ජන්කුක් නිදිමතේම ඇවිදගෙන ඇවිත් වතුර වීදුරුවකුත් අරගෙන ලිවින් රූම් එකට ගියේ කෙනෙක් නිදාගෙන ඉන්නවා නේද කියලා සම්පූර්නෙන්ම අමතක වෙලා.
සීතල පොළොවේ බෝලයක් වගේ ගුලි වෙලා ඉන්න ජින්ව දැක්කම මෙච්චර දවසක් හරි හැටි නොදැකපු ජින්ගේ මූණ ටිකක් දකින්න ජන්කුක්ට ආසාවක් ආව නිසාම හිමීට ජින්ගේ ඉස්සරහින් දණ ගහගත්තේ කිසිම සද්දයක් නෑහෙන්න.
ඒත් දැකපු දේ නිසා ජන්කුක්ගේ මුලු ඇගම පණ නැති වෙලා ගියේ ඉබේටම බිම ඉන්දවෙන ගමන්.
"ජ්-ජින්!" වෙවුලන කටහඩින් ජන්කුක් ජින්ට කතා කරේ ජින් උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තුවෙන්.
ඒත් හිතුව දේ සිද්ද නොවෙච්ච නිසා ජන්කුක් තප්පරයක්වත් පරක්කු නොවී ජින්ව තමන්ගේ දෝතට අරන් ඉක්මනට ගිහින් පරිස්සමින් කාර් එකේ බැක් සීට් එකේ හාන්සි කෙරෙව්වේ හොස්පිටල් එකට යන්න.
' ඉවසන්න ජින්!! ඔයාට මුකුත් වෙන්නේ නෑ!!' ජන්කුක් ජින් ඇහෙන්න කිව්වත් එයා ඒක කියාගත්තේ එයාගේ හිත සනසගන්නමයි.
පුලුවන් උපරිම වේගෙන් හොස්පිටල් එකට ආව ජන්කුක් ජින්ව ඕ.ආර්. එකට ඇතුල් කරනකන්ම ජින්ගේ සීතල වෙලා තිබ්බ අත මොහොතකටවත් අතඇරියේ නෑ.
ජින් ගැන තොරතුරක් ලැබෙනකල් ඕ.ආර්. එක ඉස්සරහා වාඩි වෙලා හිටපු ජන්කුක්ගේ ඇස් ඉබේම ගියේ එයාගේ අත් දෙකට.
ලේ!!
ජින්ගේ ලේ!!!
ඒත් එක්කම වගේ ජන්කුක්ගේ මතකෙට ආවේ ගෙදරදි දැකපු දේ.
සතියකට කලින් එයා ජින්ගේ බ්ලැන්කට් එක උඩින් තිබ්බ කොට්ටේ පැත්තක් පිරෙන්න තිබ්බ ලොකුම ලොකු ලේ පැල්ලම. ඒ වගේම ජින්ගේ කට කොනේ තිබ්බ ලේ පාර.
ජන්කුක්ගේ අතේ ගෑවිලා තිබ්බෙ ජින්ගේ අත් දෙකේ තිබ්බ ලේ.
'මොකද්ද මේ එකපාරටම සිද්ද වුණේ?' ජන්කුක් කොණ්ඩේ අතින් අදින ගමන් හිතුවේ ජින්ට එක පාරටම ඇතීවෙච්ච අසනීපේ මොකද්ද කියලා. ඒ වගේම ඒ වෙලාවේ එයා පහලට ආවේ නැත්නම් ජින්ට මොනවා වෙයිද කියලා හිතනකොටත් ජන්කුක්ගේ මුලු ඇගම හිරි වැටිලා ගියා.
' මට සමාවෙන්න ජින්! ඔයාට මුකුත් වෙන්නේ නෑ. මගේ අතින් ඔයාට ලොකු අසාධාරණයක් වුණේ. මම ඒක පිලිගන්නවා. මට මගේ වැරදි නිවැරදි කරගන්න ඕන. ඔයාට මගේ හස්බන්ඩ්ට වගේ සලකන්න ඕන. ප්ලීස්! මට තව එකම එක අවස්තාවක් දෙන්න. ඔයාට පුලුවන් නේද? ආහ්හ්..' ජන්කුක් හිතින් ඇහුවේ එයාගේ ෆෝන් එකේ වෝල් පේපර් එකේ දාගෙන ඉන්න ජින්ගේ ෆොටෝ එකෙන්.
පාපොච්ඡාරනයක්!!
ඔව්!! අන්තිමට ජන්කුක්ගේ මුරණ්ඩු උඩු හිත පරද්දලා එයාගේ යටි හිත ජයගත්තා.
ඒත් නිකන්ම නෙවෙයි!
ජන්කුක්ට ජීවිත කාලෙටම විදවන්න සලස්වලා!!
Thoughts