_Lost Eyes_

By Bulbz_D

108K 18.9K 4.6K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත්... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
A/N
Hikiz - ( Lost Eyes 2 )

Special Chapter

4.5K 647 212
By Bulbz_D

'' මම දන්නවා , තමුසෙට මාව වැඩක් නෑ දැන්.. හූම්හ්. '' කෙයාන්ගේ නහයෙන් ඇඩිල්ල...

'' දගලන්නැතුව ඉන්න සුදුමැණික.. කනත් රිදෙනවා මගේ.. '' සහන්ස සැර කළේ කෙයාන් බුම්මලා අහක බලාගනිද්දි... කෙයාන්ට නම් මොකද ඉතින් උදේ පාන්දර ඉදන් ට්‍රේන් එකේ සීට් එකට  වෙලා සහන්සවත් බදාගෙන සැපට දොයිනේ .... ඒ අසරණයාටනේ කෙයාන් කියන කතා ටිකත් ඔක්කොම අහගෙන ඉන්න වුණේ... දැන් දැන් ට්‍රේන් එකින් පහුවෙන චූටි ලෑලි ගෙවල් පේන්නේ ගිනි පෙට්ටි වගේ...

'' නැත්තන් මොකට ද මෙහේ ආවේ ? සිසීව හොයාගෙන නේද ආවේ ? එයාව බැදගන්න මට එපා තමුසේව... '' කෙයාන් ආයෙත් කිව්වේ සහන්සගේ කළුපාට මැට් ජැකට් එක අස්සේ ඔළුව ඔබාගන්න ගමන්... මැට් ජැකට් එකත් පුදුම වදයක්... ඒ වගේ ද ෂර්ට් එක අස්සෙන් දාඩියට පෙගුණ පිට.... සනීපයි.... කෙයාන් හිතුවේ ජැකට් එක අස්සට පොඩි එකෙක් වගේ ඔළුව ඔබාගෙන නිවී සැනසිල්ලේ ඇස් දෙකත් පියාගන්න ගමන්... නුවරින් එනකොට සීතල වුණාට දැන් නම් දාඩිය බේරෙන තරමට රස්නෙයි....

උදේ සහන්ස එයාගේ සිසී පුසාව මතක් කළා කියලා කෙයාන්ගෙන් බේරිල්ලක් නෑ... කෙයාන්ට මතක් වෙන්නෙම සහන්ස ඉස්සර ඒ සතාව හුරතල් කරපු කැත.. ඤෑව් ඤෑව් ගගා එනවා සහන්සව දැලේ දාගන්න...දැන් නම් නිවන් ගිහින් ඇති පූෂා.. ඒක නිසා කමක් නෑ,..  කෙයාන් ජැකට් එක අස්සේ තවත් මූණ හංගගන්න ගමන්  හිතුවා...

ජැකට් එක අස්සේ ඔළුව ඔබාගෙන සහන්සගේ පිටේ තැන තැන කිස් කරලා මිනිහාව අවුස්සන එකත් වෙනම ආතල් එකක්.. හිතේ හැටියට අැවිස්සුන දෙන්... කෙයාන් පොඩි එකා වගේ හිනාවෙවී හිතුවේ සහන්ස ලෙසටම ඇවිස්සෙනවා කියලා දන්න නිසා... හාල් හිපාටුවා වගේ ඉදියාට , හරිම පුංචි ප්‍රතික්‍රියක ප්‍රමාණයකින් සහන්ස දරුණු විදියට ප්‍රතික්‍රියා කරනවා කියලා කෙයාන් හොයාගත්තේ සති දෙකකට කලින්  සහන්සව අවුස්සන්න ගිහින් එයාටත් ලෙසටම කෙළවුණ දවසේ...

අනාගෙන කෑම කොච්චර ද යත් කෙයාන් දවසක් යනකම්ම චූටිගෙයි , අර වඩේ කරත්තේ සතීශ්ගේයි අපහාස මැද්දේ  කොරවක්කෙක්ගේ චරිතය රගපෑවාත් එක්ක..... කොර ගැහීම තව ඉවසන්න පුළුවන් , ඒත් අර ලව්බර්ඩ්ස්ලා දෙන්නාගේ අපහාස ඉවසන්න පුළුවන් ද ?

'' සුදු මැණික.. මේ.. කිතියි මනුස්සයෝ... '' සහන්ස මුමුණනවා කෙයාන්ට ඇහුණා.. ඒත් මිනිහා නෙවේ ජැකට් එක අස්සෙන් ඔළුව ගත්තේ.. කිතියි ? කිති නිසා වෙන්නැති මෙයා ම්ම්හ් ගාන්නේ... අනේ මගේ කන.. කෙයාන් හිතුවේ ජැකට් එක අස්සෙන් ඔළුව ගන්න ගමන්.. වදුරු පැටියෙක් වගේ කොණ්ඩෙත් අවුල් කරගෙන කෙයාන් සහන්සට රැව්වා..

'' තමුසේ වැඩක් නෑ මහ.. මම හොයාගන්නවා රෙන්ට් එකට බොයිපෙන් කෙනෙක්.. යනවා.. එපා තමුසේව මට.....''

කෙයාන්ගේ මේ විකාර කතා ටික සහන්සට කට පාඩම්... ඔක්කොම කියලා ගිහින් ආයේ , සහන්ස සද්ද නැතුව ඉදියාම බැනගෙනම ඇවිත් බදාගෙන බලෙන් කිස් ඉල්ලගන්න කොට තමා කෙයාන්ගේ ලොකුකමත් දිය වෙලා යන්නේ...

'' හොයාගන්න ළමයා... ටිකක් උස සුදු කෙනෙක් හොයාගන්න... මම ඇඩ් එකක් දාලා දෙන්න ද  ? '' සහන්සත් හිනාවෙලා ඇහුවේ කෙයාන්ට තවත් පුෂ්ප පන්නන ගමන්..

'' කියන්න ඕන නෑ හොයාගන්නවා තමා.. හුහ්.. ''

'' අපි හොයාගමු ඉතින්.. '' සහන්ස කිව්වේ කවුළුවෙන් එළිය බලාගෙන පහුවෙන ගෙවල්වලටයි , මුහුදටයි රවන කෙයාන්ට..

'' අපි නෙවේ.. මම හොයාගන්නම් හුහ්.. ''

'' හරි ඉතින් හොයාගන්න.. එපා කිව්ව ද මං ? ''

''.............. ''

'' හුහ්... ''

කෙයාන් ගස්සලා නහයෙන් පිඹලා එක එක සද්ද දැම්මත් සහන්ස නෙවේ ගණන් ගත්තේ...

'' හුම්හ්.. '' කෙයාන් හිතලාම ටිකක් හය්යෙන් කිව්වා.. කෝච්චියේ සද්දෙට ඇහෙන්නේ නැද්දවත් දන්නෑනේ.... ඒත් ඇහිලා නැද්ද කොහේ....

'' හූම්ම්හ්.. '' කෙයාන් ආයේත් සද්දයක් දැම්මා... ඇහුණ පාටක් නම් නෑ.. අන්තිමට ඉතිරි වෙලා තිබුණ ආත්ම ගරුත්වෙත් පැත්තකට දාලා කෙයාන් රවාගෙනම සහන්ස ඉදපු පැත්ත හැරුණා... මොකක් වුණත් වෙන්න - හබියානේ... අනික සමාව දීව දේව ගතියක්නේ...

'' මොක ද රෙන්ට් එක ගත්ත කොල්ලා එලෙව්වා ද ? '' සහන්ස නොන්ඩියට ඇහුවේ කෙයාන් තා ටිකකින් හැරෙනවා කියලා හොදටම දැනගෙන ඉදපු නිසා.. හැමදාම කියලාත් මෙහෙම පල් වෙන්න බැරි නිසා කෙයාන් මුකුත් කියන්නැතුව සහන්සගේ උරහිස උඩින් සැපට ඔළුව තියාගත්තේ ඇස් දෙකත් පියාගන්න ගමන්.. හිත රිදුණා තමා ඉතින්.. මටත් තියෙන්නේ හිතක්නේ.. කෙයාන් හිතුවේ හුළගට අවුල් වෙන කොණ්ඩේටත් බැනලා ....

සහන්ස හිමින් මූණත් පපඩමක් කරගෙන එයාගේ උරහිස උඩින් ඔළුව තියාගත්ත කෙයාන්ගේ නළලට වැටුණ අවුල් වුණ කොණ්ඩේ චුට්ටක් පැත්තකට කරලා ඔළුව ඉම්බා.. පපඩම් මූණ ඉක්මනට හරියන බෙහෙතනේ ඒ..  හොද වෙලාවට මේ හරියේ ට්‍රේන් එකේ එච්චරම සෙනග නෑ,. ඒත් සහන්ස ඉක්මනට ඈත් වුණේ කාගේම හරි ඇහැ ගැටෙයි කියලා.. හිතෙන හිතෙන විදියට ඉබින්න එයාලාගේ හිත්වලට අවසර තිබුණේ නෑ,.. නළල ඉබින්නත් එයාලා ලොකු බිත්ති හතරකට කොටු වෙන්න ඕනි... ඒ බිත්තිවලින් එළියට ආවාම පරණ පාට කණ්ණාඩිවලින් බලන මිනිස්සු ඉන්න ලෝකේමයි...

'' තමුසෙලා ලෙඩ්ඩු.. බෙහෙත් ගනින්... ''

WOH එකට වඩා දන්න උන්නේ ලංකාවේ ඉන්නේ...

'' පෙරුම් පුරලා ලබාගත්ත පිරිමිකමට නින්දාවක් වෙන්න එපා.. ''

'' මේවා බලාගෙන ඉන්න අපිට යන්න රටක් හදන්න වෙයි.. ''

'' එයාලාව වෙනම දූපතකට දාලා පුනුරුත්ථාපනය කරන්න ඕන මේවා අපිටත්  බෝවෙන්න කලින්.. ''

'' කුඩුකාරයෝ , ත්‍රස්තවාදීයේ පුනුරුත්ථාපනය කරනවා නම් ඇයි මෙයාලාව පුනුරුත්ථාපනය කරන්න බැරි ? ''

'' මුන්ව වදපු අම්මලාත් වැරදියි.. මම වුණා නම් කනට දෙකක් ගහලා පුනුරුත්ථාපනය කරනවා.. ''

'' කෙල්ලෝ හිග ද මෙහේ.. සීයට පනස් හතරක් අනාථ කරන්න ද ? ''

'' සුද්දාගේ දේවල් අපිට එපා.. අපි දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියන මිනිස්සු ''

( අර ඉන්ටවීව්වලදී මේවා කියපු වුන්ට මිඩ්ල් ෆින්ගර් එක තමා- 😠😤🔪  )

මේ දේවල් අහන එක සහන්සට නම් මේ කනින් අහලා අනිත් කනින් පිට කරන්න පුළුවන් වුණත් , කෙයාන්ට නම් දරාගන්න අමාරුයි කියලා සහන්ස දන්නවා.. ඒත් මෙතනත් තියෙන්නේ ආදරයක් නෙවේ ද ? ආදරේ වැරැද්දක් වෙන තැනකදී මේකත් වැරැද්දක්.. ඒත් ආදරේ වැරදි නෑ , ආදරේ මෙහෙම සුන්දරයි අරම සුන්දරයි කියන මිනිස්සුන්ට මේවා වෙනස් වුනේ උනේ පෙනීමේ අඩුපාඩු නිසා ද ?

සුද්දාගේ කමීසේ ඇදගෙන සංස්කෘතිය ගැන පාරම්බාන උන්ගේ  සෙද්ද ඉල්ලේ තමා..

'' මිනිස්සු කියන ඒවා අපිට මොකට ද  '' සහන්ස කේන්ති ගියාම එහෙම අහනවා..

'' අපිත් මිනිස්සු තමා සහන්ස අය්යේ.. '' කෙයාන් කියන්නේ අමාරුවෙන් හිනාවෙලා.. හැමදාම කතාව නවතින්නේ , ජීවිතාන්තය දක්වාම සංවර්ධනය වෙමින් පවතින රටක් වුනේ මොකක් නිසා ද කියලා පැහැදිලි නිගමනයකට ඇවිත් ... ඇයි මිනිස්සුන්ගේ ආකල්ප එක තැන පල් වෙන තාක්කල් මේක සංවර්ධනය වෙමින් පවතින රටක් තමා..

'' සහන්ස අය්යේ , බුදු සාධු කියලා තියේ ද ඒක පවක් කියලා ? . '' කෙයාන් සමහර වෙලාවට දළදා මාළිගාවේ සදකඩ පහන උඩට කකුල් තියන්නත් බය වෙලා අහනවා.. 

'' අම්මා දුවෙක්ට තියන ආදරේ , තාත්තා පුතෙක්ට තියන ආදරේ , අය්යා කෙනෙක් මල්ලිට තියන ආදරේ , අක්කා කෙනෙක් නංගිට තියන ආදරේ පවක් කියලා උබ කොහේ හරි අහලා තියෙනවා ද සුදු මැණික ? ඒකත් එහෙම ආදරයක්.. මතක තියාගන්න.. ''  සහන්ස සැහැල්ලුවෙන් කියන්නේ කෙයාන්ගේ අතින් අල්ලගෙනම දළදා මාළිගාවේ පඩිපෙළ නගින ගමන්.. ආදරේ පවක් කියලා හිතන මිනිස්සුන්ට දෙන්න උත්තරයක් නෑ වෙන.. සහන්ස හිතුවේ එහෙම...

( වද්ද ගත්තා නම් යන්න අවසර.. ඒක දැකපු අය ඇතිනේ... මට කට හොද නෑ තමා.. 😋... )

ආදරේ ඇති වෙන්නේ රූපෙට නම් කියනවා වගේ ඔය ආදරේ නවත්තන්න තිබ්බා... ඒත් ආදරේ රූපෙට ඇති වෙනවා නම් ඒක ඇත්ත ආදරයක් නෙවේ... මේ මිනිස්සුන්ගේ අමනුස්ස  කතා අහන්න බය නිසාම ඉපදෙන්නත් කලින් තිඹිරි ගේම මරලා දාපු ඇත්තම ආදර කතා කොච්චර ඇත් ද ?  කියාගන්න බැරි වුණ හැගීම් නිසා විදවපු මිනිස්සු කොච්චර ඇති ද ? ඒ ප්‍රශ්නවලට හැමදාම කාගෙන්වත් උත්තර නැහැ... උත්තරයක් නැතිතාක් කල් ඒක ප්‍රශ්නයකුත් නොකරගන්න අපි දැනගන්න ඕන...

ඒත් මිනිස්සු.... එයාලාගෙත් තියෙන්නේ එක රිද්මයකට ගැහෙන හදවතක්... වෙනස එයාලාගේ හදවත ගැහෙන්නේ කා වෙනුවෙන් ද කියන එක... ඔයා ඔයාගේ හදවත කම්පනය කරන්නේ හිතලා ද ? තම තමන්ට ඕන ඕන රිද්මෙට ඒක කම්පනය කරන්න පුළුවන් ද ?

පුනුරුත්ථාපනය කරන්න ඕන එහෙම කියන මිනිස්සු...ප්‍රසිද්ධ වේදිකාවක දේශපාන නායකයන් පිරිච්ච සභාවක් ඉදිරියේ රටම අදුරන කලාකාරයෝ දෙන්නෙක් ඒ ආදරේට  අපහාස කරද්දී , රට පාලනය කරන්න ඉන්න උදවිය බඩත් අල්ලගෙන හිනා වුන විදිය සහන්සගේ හිතේ ඇදිලා ගියා... ඉහළ ගැන එසේ නම් පහළ ගැන කවර කතා ද ?

කොච්චියේ ගියපු පළවෙනි පාර නිසාමද මන්දා පැද්දෙන තාලෙටම කෙයාන් නිදි.. මිනිහාටම තමා ට්‍රේන් එකේ යන්න ඕන වුණේ.... දැන් නිදාගෙන රෑට ඇහැරිලා ඉදියාම තමා එයාගේ කතා ටික අහගෙන කනත් පණ නැති කරගන්න වෙන්නේ සහන්සට...මොනවා වුණත් එයාගේ කතා පොඩි කාලේ අහන්න කවුරුත් ඉදියේ නෑනේ.. ඉතින් කියන්න ලොකු ලොකු කතා ගොඩක් තියේ කෙයාන් ගාව.. එයා ඒ හැමදෙයක්ම දිග ඇරියේ සහන්ස ගාව... අහන් ඉන්නකොට ළගට අරගෙන මිරිකලා අතඅරින්න හිතෙන තරම් හුරතල් කතා ගොඩක් තිබුණා එයා ගාව... ඒ අතරේ එහා මෙහා යන කුපාඩි කතාත් නොතිබුණා නෙවේ...

සහන්ස හුස්මක් හෙළලා එයාගේ උරහිස උඩම ආයෙත් දොය්යගෙන තිබුණ කෙයාන්ව කීද්දුවේ එයාලාගේ ගමනාන්නතයට ළග නිසා..

'' සුදු මැණික.. ''

'' ම්ම්...ආවා ද ? '' කෙයාන් කුණු කෙළ සහන්සගේ ඇදුමේම පිහිදාන ගමන් ඇස් දෙක ඇරියේ අන්ද මන්ද වෙලා..

'' පුදුම කම්මැලියෙක්.. කෝ නැගිටින්න.. සුදු මැණික අහන්නකෝ.. මෙහේ  නුවර වගේ නෙවේනේ... මෙහේ මිනිස්සු කරදිය වැදුණු අයනේ.. '' සහන්ස කිව්වේ ආයේ ඇස් දෙක පියාගෙන එයාට තුරුළු වුන  කෙයාන්ගේ කනින් නොරිදෙන්න අල්ලලා එයාව කූද්දන ගමන්..

'' ඒක තමා මොළේ මලකඩ කාලා හුම්.. '' කෙයාන් නැගිට්ටේ එයාගේ පුංචි ට්‍රැව්ලින් බෑග් එක එල්ලගෙන.. හැමෝම කෝච්චිය නවත්තන්නත් කලින් බැහැගෙන... ස්ටේෂන් එක නම් සෙනග විමානේ... ඒත් වාහනේ ආවාට වඩා පුංචි ආතල් එකක් තියේනේ..

උණු උණුවෙන් දාන සුවදම සුවද එළවළු රොටි කන්න එයා කොච්චර මූණත් අහිංසක විදියට  හදාගෙන ඉල්ලුවාට වැඩක් නෑ , සහන්සගෙන් ලැබුණේ ස්ට්‍රීට් ෆුඩ් ගැන ලොකු දේශනයක්.. මෙඩිකල් ස්ටුඩන්ඩ් කෙනෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද ? කෙයාන් මූණත් බෙරි කරගෙන හිතුවේ මේ දැන් දැන් එළෝලු රොටි අංකල් දාන එළෝලු රොටිය කන කෙනාට පාට දාහතරකින් බඩ යන්නෝනි කියලා හිතන ගමන්..

එළියට ආවාම සනීපේට ඇග හරහා ගියේ කරදිය මුසු වුණ මුහුදු සුළග.. මුහුද... කොච්චර කාලෙකට පස්සේ ද ? සුනාමි ආවොත් නම් චුට්ටක් බයත් හිතෙනවා හැබැයි.. ස්ටේශන් එකත් එක්ක තියන කුණු ඇළ කෙයාන්ට ගොඩක් දේවල් මතක් කළා.. ඒලෙවල් පටන් ගෙන මාස කීය ද කොල්ලා ක්ලාස් ගියේ... එදා සහන්සට පාට් එකක් දාන්න හිතාගෙන ඇවිත් ලෙසටම නොන්ඩි වෙලාත් ගියේ...

'' කොහේ ද යන්නේ ? '' කෙයාන් ඇහුවේ වම් පැත්තේ තියන බස් ස්ටේෂන් එක දිහා බලන ගමන්... එදා මැච් එක ඉවර වෙලා සහන්ස එක්ක බස් එකේ නැග්ග විදිය මතක් වෙලා එයාට ඉබේටම හිනාවක් ගියා..

'' එන්නකෝ... '' සහන්ස මුකුත් කියන්නැතුව බස් ස්ටේෂන් එක පැත්තට නැතුව අනිත් පැත්තට කෙයාන්වත් ඇදගෙන ගියා... පාක් එකයි පාලමයි පහුවෙලා කඩවල් පෝළිමකුයි , පහු කරගෙන සහන්ස කොච්චර යනවා යනවා ඉවරයක් නෑ.. .ඇයි අප්පා මහන්සියි කියලා මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද.. හුම්. අනික බස් එකක යන දුර නේද අප්පා මේ පයින් යන්නේ.... කෙයාන්ට වචනයක් කතා කරගන්නත් නෑ සහන්ස ගමනේ යා...

'' බඩල්ල කනත්ත... '' මේ මහ දවල් මේ යකා කනත්තකට එක්කගෙන ආවා ද ? කමක් නෑ කනත්තත් රොමැන්ටික්... කෙයාන් හිතුවේ තැනින් තැන තිබුන සොහොන් කොත් දිහා බලාගෙන.. එයින් එකකට මුවා වුණාම ඇති..

'' කොහේ ද අපි යන්නේ ? '' කෙයාන් අන්තිමට කුතුහලේ දරාගන්නම බැරි තැන ඇහුවා..

'' අායම්මට එයාගේ පොඩි මහත්තයාව පෙන්නන්න ආවේ... '' සහන්ස නැවතිලා සැහැල්ලුවෙන් මිමිණුවේ කෙයාන්ගේ මූණේ තිබුණ හිනාව අතුරුදහන් වෙලා බැරෑරුම් වෙද්දී,.

සුදු පාට සොහොන් කොතක්... ටිකක් වල් වැදිලා තිබුණ සොහොන් කොත ළග දණ ගහගත්ත සහන්ස හිමින් , ඒක ආක්‍රමණය කරමින් තිබුණ වල්පැළ ටික ගලවලා අයින් කළා...

'' ආයම්මා ? '' කෙයාන් ඇස් දෙකේ කදුළු පුරවගෙන එතනින් වාඩි වුණා.... ආයම්මා.. පළවෙනි වතාවට එයාට ජීවිතේ ආදරයක් දීපු ආයම්මා.. අම්මා වගේ එයාව බලාගත්ත ආයම්මා... හිතාගන්න බැරි විදියට එයාව අතඇරලා ගියපු ආයම්මා.. ආයම්මාගේ වෙඩි වැදුණ පපුව මතක් වෙද්දී කෙයාන් ආයේත් ඉකි ගැහුණා... බිමින් වාඩි වෙලා කටින් අතත් වහගෙන අඩන කෙයාන්ව දැක්කම සහන්ස තිගැස්සුනාත් එක්ක... කෙයාන් සුදුමැලි වෙලා... අම්මා නැති වුණේ කෙයාන්ගේ ඇස් ඉස්සරහා නේද කියලා සහන්සට මතක් වුණේ චූටි ඒක අඩ අඩ කියපු නිසා..

'' සුදු මැණික..ෂ්..ෂ්... දැන් හරි....  ඒක ඉවරයි දැන්.. '' සහන්ස කිව්වේ කෙයාන්ව  පපුවට තුරුළු කරගෙන ඔළුවත් ඉබින ගමන්... කොච්චර ඉම්බාත් මේ පාර නම් කෙයාන් සන්සුන් වෙන පාටක් නෑ,..

'' අනේ.... අම්මේ.. '' කෙයාන්ගේ පපුවෙන් ආපු හිරවීමත් එක්ක එයා දිගටම ඉකි ගැහුවා.. අම්මා කියන්න ඉදියේ ආයම්මා විතරයි එයාට.... ඇස් දෙක ඉස්සරම ආයම්මා ඇදගෙන වැටුණ විදිය.... කොහොම අමතක කරන්න ද ඒක.. සහන්සගේ උණුහුමට කෙයාන් ටිකෙන් ටික සන්සුන් වෙලා ගියේ තවත් අඩන්න තරම් කදුළුත් නැති වෙන කොට.....

'' මාත් එක්ක තරහා වෙලා නෑනේ ද ඔයාව දාලා ආවාට ? '' කෙයාන් සහන්සගෙන් ඈත් වෙලා ඇහුවේ ආයම්මාගේ සීතල සොහොන් ගල උඩ අත තියලා..

'' ඉස්සර වගේමයි නේද අම්මේ ? අඩන කොට නළවන්න බෑ ලේසියෙන්.. '' සහන්ස නම් හිනා වෙලා සීතල ගලට මිමිණුවා.. එයාගේ ඇස්වල දුකක් නෑ.. ඒ ආදරය විතරයි.. කෑගහලා ඇඩුවා කියලා නැති වුණ දෙයක් ආයේ ලැබෙන්නේ නැහැ... කෙයානුත් අඩන එක ටිකෙන් ටික නැවැත්තුවේ සහන්ස තාමත් හිනා වෙලා ආයම්මා එක්ක කතා කරන නිසා..

'' කියලා වැඩක් නෑ අම්මේ.. ඔයාගේ පොඩි මහත්තයානේ... කියන දේ අහන්නෑ .. '' සහන්ස කිව්වේ කෙයාන්ගේ ඔළුවට ටොක්කක් ඇනලා..

'' මටත් කතා කරන්න ඕන.. '' කෙයාන් මෝඩයෙක් වගේ මිමිණුවා..

'' කතා කරන්න ඉතින්.. ඕන නැති කතා එහෙම කියනවා නෙවේ...  '' සහන්ස කිව්වේ කෙයාන්ගේ ඔළුවත් අවුල් කරලා.. එයා කියපුවා කියයි කියලා බය වෙලා ඇති හුම්.. තියනවා කේලාම් ගොඩක් කියන්න.... ඉන්නකෝ මම කියන්න.. කෙයාන් සහන්ස රවලා සීතල ගල උඩින් අත තිබ්බා...

'' අම්මේ... චූටි ලොකුයි දැන්.... '' කෙයාන් කිව්වේ සහන්ස දිහාත් බලලා.. සහන්ස ඔළුව වැනුවේ දිගටම කියාගෙන යන්න කියලා..

'' චූටි ඔයා වගේ... එයා තාම ඉගෙන ගන්නවා.. ම්ම්... අපි කියෝව නුවර ගෙනිච්චා... සහන්ස අය්යා හරි නපුරුයි... මට කුලියට බොයිපෙන් කෙනෙක් හොයාගන්න කිව්වා... '' කෙයාන් තිබුණ ලොකුම තරහා පිට කළා..

'' ඒයි සුද මැණික.. මොනවා ද මේ කියන්නේ අම්මට  ? මෙයා බොරු කියන්නේ.. '' සහන්ස කිව්වේත් පොඩි එකා වගේ.. ආයම්මා ඉදියා නම් මෙයා කොස්සෙනුත් කාලා.. නැති නිසානේ වෙනස් කම්..

'' මෙයා මට ගොඩක් දේවල් කලා.. ඔයා දීපු පොල්ල තිබුණා නම් ගහනවා හොදට මම... ඔයාගේ පුතා කරපුවා කියන්න ද මම ? අහගන්නකෝ......''

'' කෙයාන් !!! ''

'' මුලින්ම මෙහෙමයි..... අපෝ හරි හරි කියන්නෑ.. මොනා වුණත් පව් නේ.... '' කෙයාන් හිනා වෙලා කිව්වේ සහන්ස දැනටම මොකාද වගේ රතු පාට වෙලා නිසා... කෙයාන් වගේ නෙවේ සහන්ස පොඩ්ඩ ඇත්තන් රතු වුණත් පේනවා , ඇයි සුදුයිනේ.... කලින් අඩපු බවක් පේන්නවත් නැතුව කොල්ලෝ දෙන්නාම හිනා වෙනවා.... කනත්තේ හිනා වෙන දෙන්නා දිහා අනිත් අය බලාගෙන ගියේ පිස්සෝ දෙන්නෙක් ගානට... ආදරයෙන් වෙන් වුණ අය ගාවට ඇවිත් හඩ වැළපිලා ඒ මනුස්සයොන්ගේ පරලොව ජීවිතේත් එපා කරවනවාට වඩා හිනා වෙන එක කොච්චර හොදද හුම්..

එකිනෙකාට තුරුළු වෙලා ඉදපු කොල්ලෝ දෙන්නා හිනා වෙන හඩ තවත් ගොඩක් වෙලා පැතිරිලා තිබුණා... මුහුදු හුළග මිශ්‍ර වෙලා ආපු සනීප හුළග දෙන්නාගේම හිත්වලට ගෙනාවේ සැනසීමක්.....

තවත් දිග කතාවක , පටන් ගැන්මක් මේ... චූටි චූටි කැපිලි කෙටිලි එක්ක ලස්සනට ලියවෙන කතාවක මුල්ම හිරිමල්කඩ පරිච්ඡේදය නිමි...

~ මේ පාර නම් ඇත්තටම නිමි ~

* හදට යනන් වෙන්නෑ දැන්ම... ඊට වඩා මේ ටික කියන්න ඕනි වුණා..

Continue Reading

You'll Also Like

1.4M 3.8K 68
ထန်တဲ့အချ်ိန်ဖတ်ဖို့ စုထားတာတွေပါ ကိုယ်တိုင်ရေးသားခြင်းမဟုပါ crdပေးပါတယ်
44.7K 7.3K 24
LOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල බබෙක් හදමුකො 😘? '' ''...
582K 1.1K 28
နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်
4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )