#im not fine 💔

By Shaibaek1244

3.4K 633 177

විටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙ... More

#part 01 (End of marriage)
new life started ❤
part 3
❤ part 4 ❤
❤part 5❤
❤️part 6❤️
❤️ part 7 ❤️
❤ part 8 ❤
❤ part 9 ❤
❤part 10❤
❤part 11 ❤
part 12
part 13
part 14 ( The beginning of the end)
part 15
characters introduced
❤part 17 ❤
❤part 18 ❤
❤ part 19 ❤
💔 part 20 💔(Before the end .....)
The End ☺️❤
epilogue ❤ (special chapter 🖤🌟✨️)

part 16

134 29 3
By Shaibaek1244

කලින් කොටසින්.....



කියුන්ග් හී නුනා.... ඔයා කොහොමද එදා  බේරුනේ? ඔයා මැරුනනේ නුනා.. අපි ඔයාගේ funeral එකත් ගත්තනේ.. ඔයාගේ dead boady එකත් අපි දැක්කනේ.... ඒත් කොහොමද ඔයා ජිවත් වෙන්නේ... ඔයා කන්‍යා භුතියක්‌ නෙමෙයි නේද ☹️☹️☹️☹️☹️....



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°




සේහුන් ප්‍රශ්න වැලක්ම ඇහුවා... කොහොමත් එතන හිටපු හැමෝටම දැනගන්න ඕනි වෙලා තිබ්බෙත් ඒ ප්‍රශ්න ටිකට උත්තර තමා.....ටලියා මොනාද මන්ද කියන්න කට හදද්දිම ටලියා හිටපු රූම් එකේ දොරත් ඇරන් ඩොක්ටර් එලියට ආවා....


VJ - "ඩොක්ටර්.. මගේ නංගිට කොහොමද ඩොක්ටර්.. එයාට අමාරුවක් නැ නෙද.."


Dr- "මේකයි එයාට දැන් ලොකු අමාරුවක් නැ. එයාව සාමන්‍ය වාට්ටුවකට දායි තව ටිකකින්. එතකොට ගිහින් බලන්න පුළුවන් ඔයාලට.. අහ්හ් මට මිසිස් පාර්ක්ගෙ හස්බන්ඩ් ටිකක් හම්බෙන්න ඕනි. එයා ඉන්නවනම් පොඩ්ඩක් මගේ රූම් එකට එන්න  පුළුවන්ද?


VJ - එයාගේ හස්බන් මෙතන නැ ඩොක්ටර්. මන් එයාගේ අයියා. මන් ආවට කමක් නැද්ද?



Dr - මේකයි මිස්ටර් wijenayake, මිසිස් පාර්ක් කිවුවේ එයාගේ හස්බන්ට විතරක්‌ මේ ගැන කියන්න කියලා so එයාගේ හස්බන් ආවොත් කියන්න මගේ රූම් එකට එන්න කියලා. Ok. අහ්හ් තව දෙයක්, පේෂන්ට්ව පොඩ්ඩක් කලබල නොකර ඉන්න හරිද.



VJ -ok ඩොක්ටර්




ඩොක්ටර් කියපු හැම දෙයක්ම චෑන් හොදට අහන් හිටියා... හැමෝම බලන් හිටියේ චෑන් දිහා.. චෑන් ඊලගට මොන වගේ දෙයක් කරයිද කියලා හිතාගන්න බැරුව ඒ වෙන ඕන දෙයක් විඳින්න බලාපොරොත්තුවෙන් හිටියේ..ඒත් එතන තිබ්බේ මාරම නිහඩතාවයක්.... ඒත්.... ඒ නිහඩතාවය තිබ්බේ හරිම පොඩි වෙලාවයි.



චෑන් දැන් විනාඩි දහයක් විතර තිස්සේ vibrat වෙන එයාගේ 4න් එක අතට අරගෙන පුදුම තරම් වේගෙන් පොලවේ ගැහුවා..4න් එකේ කෑලි හතර වටේම විසික් වෙලා ගියා... ඒ මුණ ඇස් රතු වෙලා කේන්තියෙන් පුපුරු ගහනවා.... ඒ ඇස් වලින් දුක වේදනාව කලකිරීම විතරක්‌ නෙමෙයි රැවටීමත් දොරේ ගලනවා...දකින ඕන කෙනෙක්ගෙ හිත ගැස්සුනේ නැත්තම් බොරු.....

"තමුන්ල මෙච්චර කල් මාව රැවට්ටුවේ ඇයි කියනවා... Kyung hee තමුන්... තමුන් නිසා මන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා. තිරිසනෙක් වුණා.. අර කෙල්ල අර ඇඳේ විදවන්නේ උබට මන් පිස්සෙක් වගේ ආදරෙ කරපු නිසා... ඒත් උබ.... උබට කිසි ගානක් නැ මන් ගැන.. මන් අන්තිම පාරට උබව බදාගන්න බැරි වෙච්ච එකට කොච්චර හිතින් විදෙව්වද.. මිනියවත් බලාගන්න බැරි වුණ එකට කොච්චර පසු තැවුනද... ඒත් උබ..... හැමෝම සෙල්ලමකට අරගත්තා....

එතකොට උබ... බේක්‌ උබ තමයි මෙතන ලොකුම වැඩකාරය නේද.... මගේ ලගම ඉදන් මගේ සහෝදරයා වගේ ඉදල.... මගේ හැමදේම නැති කලා නේද... උබට තිබ්බා මට කෙලින් කියන්න.. උබට තිබ්බා මට කෙලින් කියන්න බැරිනම් අගවන්නවත්.. ඒත් උබ මගේ ඇගේ ඉදන් කන කෑවා... තොපි ඔක්කොම මාව විනාස කලා.... උබට අමතක වුණා අපි තුන්දෙනෙක් හිටිය කියලා... උබ කලේ මොකක්ද කියපන්... උබ කලේ  මාව VJ ට පාවදුන්නා.... ශික්..... මේ ඔක්කොම... ඇයි මටම.....

චෑන් මෙච්චර වෙලා හිතේ තියන් හිටපු හැමදේම හරි ඉක්මනින් කියාගෙන කියාගෙන යනවා.... ඔව් චෑන් මෙච්චර කල් මුලාවකට අහු වෙලා හිටියේ....චෑන් පුළුවන් තරන් හයියෙන් කෑ ගහ ගහ අඩනවා.... එයාට මතක නැ එයා ඉන්නේ  ඉස්පිරිතාලේ කියලා.... Kyung hee චෑන්ගෙ අත අල්ලගෙන හැමදෙම පැහැදිලි කරන්න හදනවා.... බේක්‌ අනිත් පැත්තේ ඉදන් චෑන්ට මොන මොනවදෝ කියවන් යනවා... ඒත් චෑන් නෙමයි ඒ දේවල් කනකටවත් ගත්තේ...එයා ලගට එන හැමෝටම බැන බැන එයා අඩනවා.... හොස්පිටල් එකේ ඉන්න හැමෝම මේ දිහා අමුතු විදිහට බලන් එහාට මෙහාට යනවා.... මේ දේවල් කෙනෙක්ට ඉවසන්න බැරිව හිටියේ.... තව පොඩ්ඩකින් මෙතන ලොකුම ලොකු විනාසයක් වෙනවා කියලා එයාට ඉවෙන් වගෙ දැනුනා....

" මිස්ටර් පාර්ක් චෑන්යොල්.... හොද හිතින් මේ කියන්නේ මන්... දැන්ම තමුන්ගෙ කටවහගන්නවා... එදා සිද්ද වෙච්ච දේවල් නොදැන කාටවත් දොස් කියන්න එපා.. "
මෙච්චර වෙලා වෙච්ච හැමදේම දිහා බලන් හිටපු VJ අන්තිමට කතා කරන්න ගත්තා... මොකද චෑන්ගෙන් කවුරුත් මේ විදිහේ හැසිරීමක් kyung hee ඉස්සරහ බලාපොරොත්තු වුනේ නැ.. ඒ නිසාම තමා VJ කතා කරන්න පටන් ගත්තේ....

"මන් හැමදේම අද කියන්නම්  තමුන්ට මිස්ටර් පාර්ක්. මන් මෙච්චර කල් කටවහන් හිටියේ ඇත්තටම මගේ අතින් තමුන්ට ලොකු වැරද්දක් වෙච්ච නිසා. මගේ නංගි විදවනවා මන් මගේ ඇස් දෙකෙන්ම දැක දැකත් නොදැක්ක ගානට හිටියේ මගේ යාළුවගේ හැගීම් නිසා. අනික තමුන්ගෙම හොදට නිසා. දැන් මේ තමුන් වලිගෙ පාගගෙන නැටුවට මේ කෙල්ල තමුන් නිසා තමයි තව පොඩ්ඩෙන් මැරිලා යන්නේ....

VJ ආවේගෙන් කියලා දැම්මා... අන්තිම වචන ටික ඇහෙද්දී චෑන් විතරක්‌ නෙමෙයි kyung soo වගේම සේහුනුත් ගැස්සිලා ගියා...

චෑන් - "මොකක්ද තමුන් කියන්නේ VJ? මන් නිසා කොහොමද Kyung hee මැරෙන්නේ? අහ්හ් කියනවා..."

VJ - ඔව් මිස්ටර් පාර්ක්.. තමුන් නිසා තමයි.. හැමදේම වුනේ... මේ හැමදේකටම මුල තමුන්ගේ වැඩකට නැති ආදරේ... ඒ ආදරෙ තමා තව පොඩ්ඩෙන් මේ කෙල්ලගේ ජිවිතේ නැති කරලා දාන්නේ...

VJ කියන වචන චෑන්ගෙ හිතට කටුවලිම් අනිනවා වගේ..එයා පනටත් වඩා kyung hee ට ආදරෙ කරා... මේ වෙනකම් කරපු හැමදේම කලේ ඒ ආදරෙ නිසා... හැමදේම.... ඒත් ඒ අදරේම ඒ හැමදේටම මුල කියලා ඇහෙද්දී.... චෑන්ගෙ උගුර හිර වෙනවා වගේ දැනුනා.... චෑන් හෙමිට කනුව දිගේ ඇතිල්ලිගෙන බිම වාඩි වුනා... වාඩි වෙලා අත් දෙකින්ම එයාගේ කොන්ඩේ ඇද ඇද කෑ ගහන්න ගත්තා....

"නැ.... එහෙම වෙන්නේ නැ.... මන් නිසා මගේ kyung hee ට මුකුත් වෙන්නේ නැ... එයාව මන් ආරක්ෂා කරා... එයාට චුටි හිරිල්ලක් වත් මන් වෙන්න දුන්නේ නැ... එයාට චුට්ටක්වත් අඩන්න දුන්නේ නැ මන්... ඉතිං මන් නිසා කොහොමද එයාට කරදරයක් වෙන්නේ 🥺🥺🥺🥺 උබලා ඔක්කොම ආපහු මාව රවට්ටනවා... කතා කරපන් kyung hee කියපන් මන් උබව මලක් වගේ පරිස්සම් කළා කියලා... කියපන්.... "

චෑන් kyung hee ගෙ උරහිසෙන් අල්ලලා හොල්ල හොල්ල කෑ ගහද්දි බේක්‌ එතෙන්ට ඇවිත් kyung hee ගෙ අතින් ඇදල නැගිට්ටේවන් පපුවට හේත්තු කරගත්තා... Kyung hee ත් චෑන්ට නොදැවෙන්න හයියෙන් අඩනවා...

" ඒයි byun baekhyun... තමුන්ට මොන හයියකින්ද මගේ girl friend ව ඔහොම මගෙන් ඈත් කරන්නේ 🤬🤬 අනික මොන හයියක්‌ අරන්ද ඔහොම hug කරන් ඉන්නේ... මේ මන් ඉස්සරහම🤬🤬🤬🤬🤬"

චෑන් බේක්‌ගෙ පැත්තට ඇගිල්ල දික් කරන් බනිද්දි... බේක්‌ හරිම සන්සුන් විදිහට චෑන් දිහා බලාගෙන කතා කළා....

"ඒ ඔයාගේ කලින් girl Friend වුනාට kyung hee කියන්නේ මගේ Wife.. මිස්ටර් පාර්ක්... එයා කලින් do kyung hee වුනාට දැන් එයා byun kyung hee.. Sorry මිස්ටර් පාර්ක් මේ ගැන කියන්න වුනාට වගේම ඔයාගෙන් හැංගුවට..."

ඒ පාරනම් kyung soo ගෙ මුනත් චෑන්ගෙ වගේම වුණා..

"මොකක්ද කියන්නේ byun baekhyun තමුන්? මගේ නංගි කවදද තමුන්ගේ wife වුනේ? එතකොට තමුන් මෙච්චර කල් හංගපු තමුසෙගෙ wife මගේ නන්ගිද? "

"ඔව් මිස්ටර් do. මට සමාවෙන්න මේ ගැන හංගන්න වුනාට.. ඔයාගේ නංගි අවුරුදු පහකට කලින් තමයි මගේ wife වුනේ... සමාවෙයන් බං අපිට දැන් අවුරුදු දෙකක ළමයෙකුත් ඉන්නවා..."

එහෙම කියද්දීම කිම් සේරිගෙ අතේ එල්ලිගෙන පොඩි පිරිමි ළමයෙක් හොස්පිටල් එක ඇතුලට ආවා....

"ඔම්මා.... අප්පා..... මාව දාල කොයිද අලේ ගියේ.... ඇයි මේ ඉස්පිලිස්තාලේ ඉන්නේ... කාද ඔම්මා ඌව වෙලා ඉම්නේ...."

චුටි බබා දුවලා ඇවිත් බෙක්ගෙ ඔඩොක්කුවේන් ඉදගත්තා.. හැමෝම චුටි කොල්ලගේ හුරතලේ දිහා හරි ආසාවෙන් බලන් හිටියේ... කොල්ලා දුවගෙන ඇවිත් චෑන් ලගින් හිටගත්තා....

"සම්තොන්.. සම්තොන් ඇයි මේ දුලි ගොඩේ බිම ඉදන් ඉල්ලේ... සම්තොන් ඌව වෙලා අත මේම මේම ඌව කලල බේත් කතු ගහයි...ඒ නිතා අල චෙයා එකෙන් ඉදගන්නකු..."

චුටි කොල්ලා හුරතල් වචන වලින් චෑන්ට කියද්දී හැමෝම බලන් හිටියේ ඊලගට චෑන් මොකක්ද කියන්නේ කියලා  බලන්න... ඒත් චෑන් හරිම අසරණ විදිහට kyung hee දිහා බැලුවා... ඒත් එක්කම ටලියා හිටපු රූම් එකෙන් සාමාන්‍ය රූම් එකකට එයාව එක්කන් ගියා.... කට්ටියම ටාලියා හිටපු රූම් එකට යද්දී චෑන් විතරක්‌ හිටපු තැනම ඉදන් හිටියා... ඒත් ආපහු බෙක්ගෙ චුටි පුතා ඇවිත් චෑන්ගෙ කකුල් දෙකෙන් අල්ලලා අදින්න ගත්තා .... චෑන් හෙමිට පොඩි ළමයගේ අතින් අල්ලන් රූම් එක ඇතුලට ගියා...

" kyung hee නුනා... චෑන්.... චෑන් ඉන්නවා... ඔයාව දැක්කා එයා... අපේ චුටි ලෝයි... ලොයි ඇයි අර චෑන්ගෙ අතේ එල්ලිලා ඉන්නේ... "

ටාලියා චෑන් ඉන්නවා දැකපු ගමන් කලබල වුණා විතරක්‌ නෙමෙයි ගොඩක් බය වුනා.. මොකද ඒ වෙද්දී ටාලියත් හැම ඇත්තක්ම දැනන් හිටියේ....

"දැන් එතකොට ටාලියත් ඇත්ත දන්නවනම්.... අපි විතරයිද මේ මුකුත් දන්නේ නැත්තේ.... සේරි එතකොට ඔයත්......"

Kyungsoo සේරිගෙ පැත්තට හැරිලා අහද්දී සේරි ඉක්මනට VJ පැත්තට හැරිල ඇස් වලින් කිවුවේ දැන් මේ පැටලිලා තියෙන ලනුව ලෙහලම දාන්න කියනවා වගේ.... ඒත් එක්කම VJ කතා කරන්න ගත්තා.....

(දැන් ඉදන් කතාව VJ කියනවා වගේ හිතෙන් මවා ගන්න....)

එදා මන් කොලේජ් ඇරිලා එහෙමම චෑන්ගෙ අම්මගෙ ගෙදරට ගියේ ඊට කලින් දවසේ පාර්ක් ඔම්මා මට කෝල් කරලා චෑන්ට හොරෙන් එන්න කියපු නිසා.. මන් ඒ හින්දා කාටවත් නොකියම හොරෙන්ම චෑන්ගෙ ගෙදරට යද්දී පාර්ක් ඔම්මා කෝල් එකක හිටියේ.  එවෙලේ පාර්ක් ඔම්මගේ කටින් kyung hee දොයෙන්සෙගෙ නම දෙතුන් පාරක්ම කියනවා මට ඇහිච්ච නිසා මන් හොරෙන්ම කතාව අහන් හිටියා... ඒ වෙලේ මගේ කකුල් දෙකත් එක්කම පන නැති වෙලා ගියා පාර්ක් ඔම්ම කියපු කතාවට... එයා කාටහරි කිවුව kyung hee හප්පලා මරන්න කියල.. එයා ගෙදරින් එලියට එනවා දැකපු ගමන්ම හප්පලා මරන්න කියලා..

එවෙලේම මට චෑන් කෝල් කරලා කිවුව අද හවසට party එකක් තියෙනව එහෙ වරෙන්.. මගේ කෙල්ල දැන් ෂොපින් ගිහින් බං කියලා කිවුවා.. ඒ පාර මට මතක් වුනේ දැන් පාර්ක් ඔම්මගෙ කෝල් එක... මන් චෑන්ට එවෙලේ මුකුත් නොකිය ෆෝන් එක කට් කරලා පුළුවන් තරන් වේගෙන් kyung hee ඉන්න තැනට ආවා. ඒ එද්දිත් kyung hee ගෙ පස්සෙන් කලු පාට කාර් එකක් ෆලෝ කරන් එනවා මන් දැක්කා......

Kyung hee පාර මාරු වෙන තැනට එනකොටම එයාගේ වයසෙම වගේ කෙල්ලෙකුත් එතෙන්ට ආවා...ඒත් එක්කම හයියෙන් ආපු කාර් එක දෙන්නවම යට කරන් කිසිම අනුකම්පාවක්‌ නැතුවම ඒ දෙන්නව පාස් කරන් ගියා.. චුට්ටක් එහාට වෙන්න වැටිලා හිටපු kyung hee ව මන් ඉක්මනට කාර් එක ඇතුලට දාගෙන ආපහු අර වැටිලා හිටපු කෙල්ල ලගට ආවා... ඒත් මට කිසිම දෙයක් කරගන්න හම්බුනේ නැ.. මොකද එයාලව ඇක්සිඩන්ට් කරවපු කාර් එකත් එක්ක මිසිස් පාර්ක්ගෙ කාර් එක එනවා මන් දැක්කා.. මන් එහෙමම kyung hee ව දාගෙන පොඩි හොස්පිටල් එකකට ආවා.. එයාට ගොඩක් බරපතල  නිසා දැන්මම එයාව genaral hospital එකකට ඇඩ්මිට් කරන්න කිවුවා..ඒත් මට මගේ body gurd ස්ලගෙන් දැනගන්න ලැබුනා මිසිස් පාර්ක් පිස්සුවෙන් වගේ kyung hee ගෙ ඩෙඩ් බොඩි එක හොයනවා කියලා..

මට කිසිම දෙයක් කල්පනා වුනේ නැ. එහෙමම බෙක්ට කෝල් කරලා විස්තරෙ කිවුවා... එයාට කිවුවා kyung hee මැරිලා වගේ හැසිරෙන්න කියලා.. මන් මගේ ලංකාවේ ඉන්න අප්පච්චිට ඒ කිවුවේ අප්පා ට කෝල් කරලා විස්තරෙ කියලා පැය ගානකට පස්සේ kyung hee ව ලංකාවට එක්කන් ආවා... එදායින් පස්සේ අවුරුදු දෙකක් යනකම් kyung hee කෝමා එකක හිටියේ.. ඒ කාලේ ඇතුලත මට දැනගන්න ලැබුනා චෑන් මාව මරාගෙන මැරෙන තරම් කේන්තියෙන් ඉන්නේ කියලා... මට තිබ්බ එයාට හැමදේම කියලා මන් නිර්දෝෂී කියලා ඔප්පු කරන්න... ඒත් එහෙම වුනොත් kyung hee ට ලොකු අනතුරක් වෙනවා කියලා අපි දැනන් හිටියා...

කොහොම හරි අවුරුදු දෙකකට පස්සේ kyung hee ඇස් ඇරියා.. එයා නැගිටලා ගොඩක් කලබල කලා.. ආපහු කොරියාවට යන්න ඕනි කිවුවා.. එයාට විස්තරේ පැහැදිලි කලාට පස්සේ එයා අපේ ටාලියා එක්ක ගෙදර නවතින්න පොරොන්දු වුනා. ඒ නිසා මට බයක් නැතුව ආපහු කොරියාවට එන්න පුලුවන් වුනා...ඒත් එයාට ගොඩක් කල් ලංකවේ ඉන්න බැරි වුනා.. නීති පැත්තෙන් එයාට ප්‍රශ්න ආවා.. බැරිම තැන තමා baekhyun එයාව මැරී කරේ... Marry කරලා කොරියාවට එක්කන් ඇවිත් හොරෙන් බුසාන් වල පොඩි ගමක හැංගුවා.. ඒ පාර්ක් ඔම්මට අහු වෙයි කියලා බයට... චෑන් kyung hee නමට දුන්නු කොටස් සම්පුර්ණයෙන්ම baekhyun ගෙ නමට ලිවුවා...ඒ අතරේ තමයි මන් දැනගත්තේ පාර්ක් ඔම්මා එයාගේ අලුත් boy friend එක්ක එකතු වෙලා චෑන්ව වට්ටන්න ප්ලැන් කරනවා කියලා. එයාගේ new boyfriend වෙන කවුරුත් නෙමෙයි... ඒ මිස්ටර් කිම්. කිම් company එකේ owner.. ඒ දෙන්න එකතු වෙලා තමා චෑන් වට්ටන්න ගොඩක් දේවල් කරේ..අපි දෙන්නා එකතු වෙලා කාටත් හොරා company එකෙ ෂෙයාර්ස් අපේ නමට අරගත්තේ... ඒ හැමදෙම කලේ උබ හින්දා...ඒ අතරේ තමා kyung hee ප්‍රෙග්නට් වුනේ..

එයාගේ ඔම්මා අප්පා කවුරුත් නෑ කියලා දන්නවනෙ... ඒ නිසා බබා හම්බෙනකම් හිටියේ ලංකාවේ. මගේ ගෙදර.. Kyung hee බබාට නම දැම්මේ byun loey කියලා. මොකද kyung hee එයාගේ චෑන්ට ගොඩක් ආදරෙ කලා හැමදාම....

ඒ අතරේ තමා දැනගත්තේ ටාලියා ඉන්නේ චෑන් ලග කියලා.. ඒත් baek හැමදෙම ශේප් කරන්නම් කියපු නිසා මන් මුකුත් කරන්න ගියේ නෑ. ඒත් පස්සේ පස්සේ ඒ කෙල්ල විදවනකොට මට එයාට ලංවෙන්න බැරි වුනේ... ඒ මෝඩ කෙල්ල උබට ගොඩක් ආදරෙ කරපු නිසා..

ඊයේ රෑ මේ සේරි ඇවිත් හැමදේම දැනගත්තා... එයා ඇවිත් කිවුව චෑන් ගෙදර ගියේ යකෙක් වගෙ.. ටාලියාට දැනටමත් මොනා කරලද  දන්නේ නෑ කියලා කිවුවා... එයාම තමා අපිට ඔයාගේ ගෙදර ලොකේෂන් එක දුන්නේ.. ඒ වගේම සේරි තමා මගේ නංගිව බේරගත්තේ......

VJ කතාව කියලා ඉවර වෙද්දී චෑන්ගෙ ඇස් වලින් කඳුළු පෝලිමේ ගනන් කඩන් වැටුනා... ඇත්තටම එයාගේ හිතේ ලොකු කලකිරිමක් එක්ක පසුතැවීමක්‌ තිබ්බා... එයා එහෙමම නැගිටලා රූම් එකෙන් එලියට ඇවිත් හොස්පිටල් එකෙ වොෂ් රූම් එකට ගිහින් විනාඩි ගානක් එකදිගටම ඇඩුවා.. ඊටපස්සේ වතුර ටිකකින් මුණ සෝදන් කාර් එකත් ස්ටාර්ට් කරන් කාටවත් නොකියම යන්න ගියා.......

Flash back end....

Back to present...

Chanyeol pov..

එදා මන් ඔම්මා ලගට ගියත් එයා මාව එතනින් එලව ගත්තා... එත් ආපහු කෝල් කරලා මගෙන් හැමදෙටම සමාව ගත්තා... එයා ගොඩක් පසු තැවෙනවලු... හ්ම්ම් අම්මා කෙනෙක් හිතන තරම් නරක නෑ.... මන් කල්පනා කර කර ඉද්දි VJ මගේ ලගට ෆයිල් එකක් විසික් කලා...

" ඔකේ තියෙන්නේ ඩිවෝස් පේපර්.. උබ කැමතිනම් දැන් මගේ නංගිට යන්න දීපන්... නැත්තම් උබලා දෙන්න ඉස්සරහ ජිවිතේ සතුටින් ඉදහන්... උබගේ නමට ආපහු ඔක්කොම ෂෙයාර්ස් ටික ලියල තියෙන්නේ... ටලිගේ නමට තිබ්බ හැමදේමත් උබට තමා දැන් අයිති.. ඒ නිසා දැන්වත් උබ පරණ දේවල් ඔලුවෙන් අයින් කරල මනුස්සයෙක් වගේ වැඩ කරන්න පටන් ගනිම්ම්.....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

     To be continued




මේ ඉන්නේ අපේ බෙක්ගේ සුටි කොල්ලා 🤭❤
Byun loey❤

Continue Reading

You'll Also Like

1.1K 125 6
මේක මගේ පලවෙනි wattpad story එක.මගේ හිතේ මැවිච්ච දෙයක් තමයි මම ඔයාලට කතාවකින් දෙන්නෙ. කතාව ගැන කියනවනම් ඉතින් මේකෙ main characters දෙක තමයි jk යි y...
1.5K 278 7
ඉර බැස යන විට ලෝකයද නින්දට වැටුනේ ඔබෙයි මගෙයි නොකී ආදර කතාවට...
2.1M 73.5K 49
Nikolai Osbourne is running out of options. How could he coax his notorious son into marriage after exhausting all options? He was aging quickly and...
200K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...