නහයට විනිවිද යන බෙහෙත් සැරත් එක්ක හීසන්ග් ඇස් හැරියා. ඉහළින් පේන සුදු පැහැති සිවිලිම දෙස ඔහු බලා සිටියේ හිස් හැඟීමෙන්.
සිද්ධ වුණේ මොකක්ද කියලා ඔහු මතකාවර්ජනය කළා. ක්‍ෂණයෙන් ඔහු උද්‍යානයට යෑමට පිටත් වූ අයුරුත්, ට්‍රක් රථයක ගැටුණු අයුරුත්, දෑස් පියවී යාමට මත්තෙන් තරුණියක් තමන් වෙතට දුව එන අයුරුත් රූපරාමු පෙළක් මනසේ ඇඳී ගියා.
එහෙත් තමා උද්‍යානය වෙත ගියේ ඇයි දැයි ඔහු දැන සිටියේ නෑ.
දොර අගුලක් කැරකැවෙන හඬක් එක්ක කාමරයේ දොර ඇරුණා. හීසන්ග් ඒ දෙසට නෙත් යොමු කළා.
-"ඔහ් හීසන්ග් ඔයා නැගිට්ටද? දන්නවද මං හුඟක් බය වෙලා හිටියෙ."
විවර වුණු දොරින් ඇතුළට ආ හීසන්ගේ මව ඔහුව තුරුළු කරගෙන කියන්නට වුණා.
-"මං හොඳින් අම්මා. මං ගොඩක් වෙලා මෙහෙ හිටියද?"
-"ගොඩක් වෙලා?? ඔයා දන්නවද ඔයා දවස් තුනක් සිහිය නැතුව හිටියා."
ආයෙත් වතාවක් දොර ඇරෙද්දි දෙදෙනාගේම අවධානය ඒ වෙතට යොමු වුණා.
-"අහ් දුව ඔයා ආවද? මෙන්න මෙයා නම් නැගිට්ටා."
-"ඕ.........ඔයා දැන් හොඳින්ද හීසන්ග්"
ඇතුළට පැමිණි තරුණියක් හීසන්ගෙන් එලෙස විමසද්දී ඔහු නම් හිටියෙ කිසිවක් තේරුම් ගන්න බැරිව වගේ.
-"මං හොඳින්. අම්මා ඒත් මට කියන්න පුලුවන්ද මේ කවුද කියල."
එවර නම් වික්‍ෂිප්ත වුණේ හීසන්ගේ මවත්,පැමිණි තරුණියත්.
-"අහ් හා.......හීසන්ග්, විහිලු ඇති. කෑම කාලා ඉමු."
නිහඬතාවයට තිත තබමින් ඔහුගේ මව කිව්වේ සෙමින් හීසන්ගේ උරහිසට පහරක් ගසමින්.
ඒත් තවමත් හීසන්ග් නම් හිටියෙ කිසිදෙයක් ගැන හිතාගන්න බැරිව.
-"ඒක විහිලුවක් නෙවෙයි අම්මා."
-"ඔයා මොනවද මේ කියන්නෙ. ඔයා ඇත්තටම කියන්නෙ ඔයාට යූහිව මතක නෑ කියලද? "
-"යූහි??මට මතකයක් නෑ"
අම්මගෙ අත මුව ළඟට ගියෙත් යූහිගෙ ඇස්වලට කඳුලු පිරුණෙත් එකම වෙලාවෙ.
-"ඩොක්ටර්........"
ඒ විදියට කෑ ගහගෙන අම්මා කාමරෙන් එළියට යද්දි යූහි බිත්තියට වාරු වුණා.
I used to think that I was made out of stone
I used to spend so many nights on my own
I never knew I had it in me to dance anymore
But goddamn, you got me in love again
✍
Choco Bee