PROMISE 💫 [Completed ✓]

Od _NamIsu_

1.2K 214 89

You're hurting me too cause you're mine I just want to blow your mind We're drifting apart again "I don't eve... Více

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 5
Author Note

CHAPTER 4

132 34 14
Od _NamIsu_

"ඔයා idol කෙනෙක්. මොනා හරි දෙයක් වුණාම ඔයාව cover කරන්න company එකේ අය ඉන්නවා. ඒත් මට කවුද ඉන්නෙ? කරුණාකරලා මෙතනින් යන්න ජිමින්ෂී මට පාඩුවේ මගේ ජොබ් එක කර ගන්න දීලා. ආයේ එන්න එපා මේ වගේ..😑😑"

නාබී කේන්තියෙන් එක දිගට කියාගෙන යද්දී ජිමින් නාබීගේ මූණ දිහා බලාගෙන හිටියේ කේන්ති ගිය වෙලාවටත් කෙල්ල හරිම cute  නිසා.

"ඕ..කියෝ.... අරස්සෝ අරස්සෝ...මං යනවා හැබැයි හෙටත් එනවා. මොකද මේකේ අයිතිකාරයා ඔයා නෙවෙයිනේ..."

ජිමින් නාබීගේ කම්මුල් මිරිකන ගමන් ජිමින්ගේ නළලෙන් නාබීගේ නළලට හෙමීට ගහන ගමන් bodyguardට අතින් එන්න කියලා සංඥා කරන ගමන් ජිමින් කාර් එකට නැග්ගෙ නාබිට flying kiss එකක් දීලා. කෙල්ල හිටියේ පුදුම තරහකින්. ජිමින් කියන්නේ නාබීගේ bias උනාට ජිමින්ගේ මේ වගේ දෙයක් අහඹු විදියට සිද්ධ වෙයි කියලා කෙල්ල කීයටවත් හිතුවේ නෑ.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

_Six months later_

කාලයක් යද්දි ජිමින් group එකේ වැඩ වලින් ටික ටික ඈත් වුණා. සමහර දවස්වලට ජිමින් කිසිම කෙනෙක් එක්ක කතා නොකර කෑම පවා කන්නෙ නැතුව හිටියේ මොකක් හරි දේකට දුකක් හිතේ තද කරන් ඉන්නවා වගේ. හැමෝම ඒ ගැන ඇහුවත් ජිමින් කිසිම දෙයක් කා එක්කවත් කිව්වෙ නෑ.

නම්ජූන් එයාගේ mini album එකේ වැඩ කටයුතු වලට එහෙට මෙහෙට යන නිසා එයා මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. දවසක් නම්ජූන් ජිමින්ව එක්කගෙන හන් ගඟ පැත්තේ එක්කගෙන ගියේ ජින් ජිමින් දුකින් ඉන්න එක ගැන නම්ජූන් එක්ක කතා කරලා තිබුන නිසා. ඒ නිසාම නම්ජූන් මොන වැඩක් තිබ්බත් ඒ හැමදේම ටික වෙලාවකට නවත්තලා ජිමින් එක්කගෙන ගියේ එයා එක්ක කතා කරන්න හිතාගෙන.

ජිමින් එක්ක නම්ජූන් දවසම බයිසිකල් පැදලා ඇවිද්දත් නම්ජූන් අහපු දේවල් වලට ජිමින් උත්තර දුන්නේ හිතේ තිබුණු දුක ගැන හරි හේතුව මොකක් ද කියලා කියන්නේ නැතුව යි. එදාම හවස තේහියුන් ජිමින් එක්ක ඩෝම් එකෙන් එළියට ගියේ ජිමින්ගේ හිත හදන්න කියලා හිතාගෙන.

" යාහ් ජිමිනා..මොකද වෙලා තියෙන්නේ..ඇයි මේ කවදාවත් නැතුව?"

"මොකුත් නෑ තේහියුන් මං හොඳින්.."

"ජිමිනා ඔයා මටනේ කියන්නේ හොඳින් කියලා. ඔයා කාටද බොරු කියන්න හදන්නේ ජිමින්...?"

"හ්ම්...තේහියුන් මට මේකෙන් අයින් වෙන්න ඕනේ..."

"මේකෙන් කිව්වේ..🤔🤔"

"Group එකෙන්..."

"ජිමින් ඔයාට පිස්සුද? මොනාද ඔයා මේ කියන්නේ? මෙච්චර කාලයක් කට්ට කෑවේ මෙහෙම අයින් වෙලා යන්න ද?"

"තේහියුන් මට ආදරේ කරන්න ඕනේ තේහියුන්...මටත් ඒ හැගීම විදින්න ආසයි තේහියුන්...මටත් අනිත් කොල්ලො වගේ මං ආදරේ කරන කෙල්ල එක්ක ඇවිදින්න යන්න ආසයි තේහියුන්...මටත් ඕනේ සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතයේ ගත කරන විදියට ගත කරන්න..😓😭"

ජිමින් තේහියුන් එක්ක කියවද්දී ජිමින්ට නොදැනුවත්වම ජිමින්ගේ ඇස් වලින් කදුළු වැටෙන්න ගත්තා.

තේහියුන් දැන ගත්තා ජිමින්ට මොකක් හරි දෙයක් වෙලා තමයි කියල. තේහියුන්ගේ දිග ඇගිලි වලින් ජිමින්ගේ කම්මුල දිගේ ගලාගෙන යන කදුළු පිහදැම්මේ ජිමින්ගේ වේදනාව තමන්ගේ වේදනාවක් කරගෙන ජිමින් එක්කම කදුළු බෙදා ගන්න ගමන්. ජිමින්ගේ හොඳම යාළුවා තේහියුන්. තේහියුන් තරම් කවුරුවත් ජිමින්ව තේරුම් අරං නැති තරම්.

ජිමින් සම්පූර්ණ කතාව තේහියුන්ට කිව්වේ ඉකි ගගහා පොඩි ළමයක් වගේ අඩන ගමන්. තේහියුන් කිසිම දෙයක් නොකියා අහගෙන හිටියේ ජිමින්ට ඇති වෙනකන් අඩන්න දීලා. ජිමින්ව මුලින්ම යවපු තේහියුන් staff කෙනෙක් ලව්වා taxi එකක් අරං staff එක්කම ගියේ Starbucks shop එකට.

තේහියුන් යද්දී හැමෝම තේහියුන්ව වට කර ගත්තත් staff එක්ක ආව bodyguardsල දෙන්නා කට්ටියව එහෙට මෙහෙට කරලා තේහියුන්ට shop එක ඇතුලට යන්න ඉඩ අරං දුන්නා. කරපු දේ  කොච්චර බරපතල දෙයක් උනත් තමන්ගේ හොඳම යාළුවා මෙහෙම දුකින් ඉන්නවා දකින්න තේහියුන් කැමති උනේ නෑ.

" ඔයාද නාබී කියන්නේ?"

"දේ...😕😕😐"

තේහියුන් ටිකක් සැරෙන් වගේ අහපු විදියට කෙල්ල බය වෙලා ඇස් උඩ දාගෙන කෙල්ලට වඩා උසින් ඉන්න තේහියුන් දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.

"මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් ද?"

"දේ..පුළුවන්..😐"

"කරුණාකරලා මේ customersලව එළියට යවන්න පුළුවන් ද කාට හරි. මං මේක අද rent එකට ගන්නවා. 😑😑"

තේහියුන් ඇහිබැමක් උස්සලා උස් හඬින් කියද්දී Starbucks staffලයි තේහියුන් එක්ක ආව අයයි කට්ටියව එලියට යවලා shop එක close කලා.

"වාඩි වෙන්නකො නාබීෂී...😊"

"දේ...😥"

නාබී බය වෙලා ඉන්නේ කියලා තේහියුන් දැන ගත්තේ කන ළගින් ගලන දාඩිය බිංදු වලිනුයි වෙව්ලන තොල් වලිනුයි.

උගුර පාදගෙන තේහියුන්ගේ box smile එකෙන් ලාවට හිනා වුණාම තමයි කෙල්ලත් ලාවට හිනා වුනේ.

"මං බනින්න ආවා නෙවේ. අපි disband වෙන්න තව කල් තියෙනවා ඒක ඇත්ත. ඒත් ජිමින් මෙහෙම ඉන්නකොට මට ඒක දරා ගන්න බෑ. ඒකයි මේක මෙච්චර risk එකක් කියලා දැන දැනම මෙහෙට ආවේ. "

"ච්වෙසොහම්නිදා තේහියුන්ෂී...😥😥"

"මට ෂී කියන්න ඕන නෑ.. සාමාන්‍ය විදියට කතා කරන්න. "

"ඔප්පා..ජිමින් ඔප්පා කරන දේ වැරදියි. එයා idol කෙනෙක් ඒත් මං නිකන්ම නිකන් සාමාන්‍ය කෙල්ලෙක්. මේ දේවල් මටවත් එයාටවත් ගැලපෙන්නේ නෑ..එයාට තේරුම් කරලා දෙන්න"

" ඇයි ජිමින් මනුස්සයෙක් නෙවෙයි ද? එයා idol කෙනෙක් තමයි ඇයි idol කෙනෙක්ට ආදරේ ඇති වෙන්න බැරිද? ඔයා බය වෙන්නෙ නැතුව ජිමින්ට උත්තරයක් දෙන්න...😑"

උගුර පාදගෙන ඔළුව පැත්තට හරවලා ඇස් හීනී කර ගන්න ගමන්

" ජිමිනි ඔප්පා මගෙන් මොකුත් ඇහුවේ නෑ නේ 😬😬"

"අයිෂ්..මේ කොට මෝචියා...දැන් එතකොට අච්චර ඇඬුවේ මොකුත් අහන්නේ නැතුවද 😑😑...මට වෙච්ච චාටර් වැඩේ..යායිෂ් ජිමිනාහ්....😫😫😫 "

ඉස්සරහට පස්සට පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන් පැද්දෙන ගමන් තොල් දෙක කට ඇතුලට රෝල් කරගෙන කලිසමේ කකුල පොඩි කර ගත්ත තේහියුන් නාබීට ඇහෙන නෑහෙන ගානට කිව්වේ වෙච්ච අපහසුතාවය දරාගෙන.

"දේ...මො....කුත්...ඇහුවේ නම්...නෑ...☺️☺️"

"හ්ම්...හරි එයා ඔයා එක්ක ඇවිදින්න යන්න ඕනේ කිව්වනේ. හෙට යන්න ලෑස්ති වෙන්න ඒකට. මං යනවා. හෙට හවස 5 වෙද්දී ඔයාව ගන්න මෙතනට කෙනෙක් ඒවී. එයා එක්ක කාර් එකෙන් එන්න. ආවේ නැත්නම්..නේ...😑😑"

තේහියුන් අන්තිම ටික කිව්වේ කෙල්ලව බය කරන්නම හිතාගෙන. තේහියුන් ආයේ ගියේ බැනුම් අහන්න වෙනවා කියලා දැන ගෙනයි. හිතුවා වගේම හැමෝම හිටිය ජිමින් ඇරෙන්න.  තේහියුන් ආව ගමන් ඉස්සරහට ආවේ ජංගුක්

"යාහ් මෝඩයෙක් වගේ මට හැසිරෙන්න එපා කියලා ඔයා මොකක්ද මේ කරපු මෝඩ වැඩේ..? අන්න රැප්මොන් හියුන් ජින්යොං බලං ඉන්නවා..😑😑😑"

" හ්ම්... දන්නවා මං..."

ජංගුක්ගේ ඔළුව අත ගාන ගමන් තේහියුන් ඇතුළට ගියේ අහිංසක විදියට හිනා වෙලා. ඒත් ඒ හිනාව ජින්ට වැඩක් උනේ නෑ. ආව ගමන් ජින් බැනගෙන බැනගෙන ගියේ තේහියුන් කරපු වැඩේ නිසා එයාලට තියෙන නිදහස ටික ටික company එකෙන් limit කරන නිසයි.

ජින් ඉවර වෙන්න යද්දී නම්ජූන් පටන් ගත්තම ඒකට එකතු වුනේ හොබී. යුංගී පැත්තකට වෙලා බලාගෙන ඉඳලා

"කට්ටියම ඕක නැවැත්තුවනම් හොඳයි නේද? company එකෙන් මොනා කළත් එයාලට කවදාවත් බෑනේ අපිව නවත්තන්න. තේහියුන් යන්න උඩට. ජිමින් ආව වෙලේ ඉඳලා නිදි. කෑවෙත් නෑ. කන්න එක්කගෙන එන්න. "

Bighit Staff: තේහියුන්ෂී මේවා ගන්න ගියේ හැමෝටම.

Starbucks එකෙන් හැමෝම කැමති විදිහට coffee අරගෙන ඇවිත් තිබුණත් කට්ටිය හිටිය කේන්තිය එක්ක මුකුත් නොකියා තම තමන්ගේ වැඩ කරන්න අවධානය දුන්නා. ජංගුක් Staff අතේ තිබුණු coffee cups ටික අරං kitchen එකෙන් ගිහින් තිබ්බා.

ටික වෙලාවකට පස්සේ තේහියුන් ජිමින්ව එක්කගෙන පහලට ආවේ රෑ කෑම ගන්න. රෑ කෑම ගන්නකොට කව්රුවත් තේහියුන් නිසා සිද්ධ වුණ කලබලය ගැන කතා කළේ නෑ.  එච්චර වෙලාවක් තිබුණ නිහඬ බව බිඳ දැම්මේ තේහියුන්මයි.

" ච්වෙසොහම්නිදා...මට ඔයාලට coffee ගන්න ඕන උනා ඒකයි Starbucks එකට ගියේ. "

තේහියුන් ඒක කියද්දී මෙච්චර වෙලා ඔළුව පහත් කරගෙන ගෑරුප්පුවෙන් කෑම එක පහුරු ගගා හිටිය ජිමින් ඇස් ලොකු කරගෙන තේහියුන් දිහා බැලුවේ කට උල් කරගෙන. මේ හැමදේම දිහා යුංගී බලාගෙන හිටියේ මේ දෙන්නා එකතු වෙලා කරන්න යන දේවල් ගැන දැන ගෙන වගෙයි.

🐨 ඒ උනත් ආයේ මේ වගේ දෙයක් වෙන්න බෑ තේරුණා ද තේහියුන්...

"තේරුනා හියුන්"

තොල් වලින් හිනා වෙවී ජිමින් දිහා බලලා ඇහැක් ගහපු තේහියුන්  කට්ටියව ආයේ පුදුම කළේ ය.

"ටරා....අපි හැමෝම හෙට නිවාඩු නේ. හෙට මං ගානේ යමුද...?"

🐨🐰🦙🐿️ වොහ්...

කට්ටියම කෑ ගහන ගමන්  තේහියුන් table එක උඩින් තියපු tickets ටික අරගෙන බැලුවේය.

🦙 වොහ් තේහියුනා....වොහ්...මං මේකට යන්න බලාගෙන හිටියේ...

🐰 Let's get it.... wonderland...

ජංගුක් නැගිටලා පස්ස කරකව කරකව table එක වටේට යද්දී කට්ටියම හිනා වුණේ මෙච්චර වෙලා තිබුන කේන්තිය අඩුවෙන ගමන්.

" තේහියුන්...😐"

"ජිමින් අපි හෙට කතා කරමු. මට නිදි මතයි. ඔයත් නිදා ගන්න ගිහින්...😊😊"

කෑම කාලා ඉවර වෙලා ජිමින් තේහියුන් එක්ක කතා කරන්න හිටියත් තේහියුන් ඒක මග ඇරියේ ජිමින් අහන්න යන්නෙ මොකක්ද කියලා දන්න නිසයි.

වෙලාව ලං වෙද්දි නාබීගේ පපුවේ ගැස්ම වැඩි වුනේ ඊයේ දවසේ තේහියුන් ඇවිල්ලා කියලා ගිය දේවල් මතක් වෙද්දි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
_Next day evening_

" වෙලාවනම් හරි ඒත් තවම කවුරුවත් ආවේ නෑනේ...මටත් පිස්සු ඇත්තටම. එයාලා මාත් එක්ක සෙල්ලං කරනවද කොහෙද...😕😕 මාත් මහ මෝඩියෙක්...අඩුම තරමේ එයාලගේ තත්වයයි මගේ තත්වයයි එක්ක බලද්දි මෙහෙම දෙයක් කරන එක පුදුමයක් නෙවෙයි නේ..."

තේහියුන් කිව්වා වගේ 5 වෙද්දී නාබී එක්කගෙන යන්න කාර් එකක් ආවේ නෑ. ඒත් හිතේ තිබුණු පොඩි බලාපොරොත්තුවත් එක්ක කෙල්ල බලාගෙන හිටියා. ඒ එක්කම සුදු ටී ෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇදපු කෙනෙක් ඇවිත් නාබී ළග හිට ගත්තා.

"නාබී..යමු එන්න.."

"යුංගී ඔප්පා...😳😳 අනී... මොකක්ද මේ වෙන්නේ...😳😳 "

"ඉක්මනට යමු නාබී. ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ මට. "

යුංගී ඇවිත් නාබීගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුණු bighit Staff van එකට. නාබීව නග්ගලා යුංගිත් ඒ van එකට නැග්ගේ කෙල්ලට අපහසුතාවයක් නොදැනෙන්න. ඒ එක්කම දුවගෙන ඇවිත් නැග්ගේ ජිමින්. නාබීගේ සීට් එකට පිටි පස්සෙන් වාඩි වුන ජිමින් නාබීගේ ඔඩොක්කුවට ෆෝන් එක දාලා කාටත් ඇහෙන්නේ නැති වෙන්න

" Number එක..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To Be Continued 🐥💜
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊළඟ කොටසත් කියවන්න ළමයි... කියවලා වෝට් කරන්න අමතක කරන්න එපා හොඳේ...
🐥💜🌈🙆🏻‍♀️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

152K 2.3K 30
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.
38.1K 181 4
Dee Dee 🐑 အပြာစာပေ
28.9M 916K 49
[BOOK ONE] [Completed] [Voted #1 Best Action Story in the 2019 Fiction Awards] Liam Luciano is one of the most feared men in all the world. At the yo...
7.3M 303K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...