🔥වේද්🔥 ( Sinhala BL)

By shenun

53.2K 8.3K 2.9K

❤️‍🔥වෛරයේ ගින්නෙන් දැවුනු, අහිංසක ආදර අන්දරය....❤️‍🔥 More

පිවිසුමක්...
පලමු කොටස
දෙවෙනි කොටස
තෙවන කොටස
සිව්වෙනි කොටස
පස්වෙනි කොටස
හයවෙනි කොටස
හත්වෙනි කොටස
අටවෙනි කොටස
නවවෙනි කොටස
දහවෙනි කොටස
එකොලොස්වෙනි කොටස
දහතුන්වෙනි කොටස
දහහතරවෙනි කොටස
පහලොස්වෙනි කොටස
දහසයවෙනි කොටස
දහහත්වැනි කොටස
දහඅටවෙනි කොටස
දහනවවෙනි කොටස
විසිවෙනි කොටස
විසිඑක්වෙනි කොටස
විසිදෙවෙනි කොටස
විසිතුන්වෙනි කොටස
විසි හතරවැනි කොටස
විසිපස්වෙනි කොටස
අවසානය
පනිෂ්මන්ට් ( side story)
බලා ඉන්නම් (side story)
WEDDING (Side Story)
පසුවදන

දොලොස්වෙනි කොටස

1.3K 248 68
By shenun

❤️🔥 වෛරයේ ගින්නට හසුවූ අහිංසක ආදරයේ කතාව 🔥❤️

_________________________________________
 
               ටබ් එකේ සීතල වතුරේ දෙන්නට දෙන්නා තුරුල් වෙලා හූල්ල හූල්ල උන්නු කොල්ලො දෙන්නා ගැස්සිලා ගියේ එකපාරටම වොෂ් රූම් එකේ දොරට තට්ටුවක් වැටුනම.

"සිතුවිලි.."

වන්ෂ්ගෙයි වේද්ගෙයි ඇස් පුදුමෙන් ලොකු වුනේ බාගෙට වැහිලා තිබ්බ දොරගාව හිටන් උන්නු සිතුවිලිව දැකලා.. කෙල්ලගේ මූණ රතුවෙලා කදුලු වලින් පෙගිලා ගිහින් තිබුනේ කොල්ලො දෙන්නගෙ වගේම... වන්ෂ්ට හිතාගන්න බැරිවුනේ සිතුවිලි ඇයි මෙහෙ කියලා.. ඊටත් කොල්ල බැලුවේ ඇයි පොඩි එකී මෙච්චර අඩලා තියෙන්නෙ කියල. ස්ටීවන් ගැන එක මොහොතකට කොල්ලො දෙන්නටම අමතක වුනේ සිතුවිලිට මොකක් හරි කරදරයක් වෙලාද කියන හැගීමෙන් වන්ෂ්ගෙයි වේද්ගෙයි පපුව ගැහෙන්නගන්නකොට.. කොරේ පිටට මරේ කියලා තව හෙණ ගෙඩියක් ඔලුවට පාත් වෙලාද කියලා හිත හිත වන්ෂ්ටත් කලින් වේද් බාත් ටබ් එකෙන් නැගිටලා එලියට ආවේ සිතුවිලි හිමීට වේද්ගේ නිරුවත් සිරුර මගඇරලා අහක බලාගද්දී.. බාත් ටබ් එක ලග තිබුනු සුදු පාට ලොකු තුවායත් පොරෝගෙන වේද් අඩියට දෙකට සිතුවිලි ලගට ආවේ කෙල්ල හිමීට ඇස් දෙක පිහිදාගෙන වේද්ගේ අයිස් වගේ සීතල පපුවට ඔලුව තියාගද්දී..

"ඔයා අයිස් කැටයක් වගේ සීතල වෙලා වේද්.."

සිතුවිලි පපුවට හිස තිව්ව පමාවෙන් ආයෙ අහකට ගත්තේ ඒ සීතලට කෙල්ලව වෙව්ලලා යද්දී.. වේද් සිතුවිලිගෙන් මොකවත් අහන්නත් කලින් ඉක්මණට ඇදේ තිබ්බ බ්ලැන්කට් එක අරගෙන කෙල්ල ඒකෙන් වේද්ව එතුවේ වන්ෂ් තාම ටබ් එක ඇතුලට වෙලා මොකද්ද කරන්නෙ කියලා හිත හිත..

"වන්ෂ්.. එන්න එලියට..."

වේද් ආයෙම වොෂ්රූම් එක ඇතුලට ගියේ වන්ෂ් අමාරුවෙන් බාත් ටබ් එකෙන් නැගිටින්න හදද්දී.. පැය ගාණක් සීතල වතුරේ කොල්ලා තරමටම බර වේද්ව එකම ඉරියව්වෙන් ඇග උඩ තියන් ඉදලා කොල්ලගේ සර්වාංගෙම හිරිවැටිලා ගිහින් තිබුනේ..

"ඔයාට අමාරුද..."

වේද්, ඉක්මණට එයා වටේ ඔතන් හිටිය බ්ලැන්කට් එක මෑත් කරල වන්ෂ්ව එයාගේ තුරුලට ගත්තේ වන්ෂ්, යාන්තම් නිල් පාටට හැරිලා කියලා තේරෙද්දී.. වේද් ඉක්මණට වන්ෂ්වත් බ්ලැන්කට් එක ඇතුලේ තියන් වාරු කරන් කාමරේට ගියේ සිතුවිලි කාමරේ හීටර් එක ඔන් කරද්දී.. කෙල්ල අම්මා කෙනෙක් වගේ ඩ්‍රය එකෙන් කොල්ලෝ දෙන්නගෙම කොණ්ඩ වේලවලා  ඩ්‍රයි ටවල්ස් දෙකකුත් එක්ක දෙන්නට අදින්න ඇදුමුත් අල්මාරියෙන් අරන් දීලා තේකක් හදන් එන්නම් කියලා ගියේ කොල්ලො දෙන්නා කිටි කිටියේ ගැහී ගැහී ඇගපත පිහිදාන් උනුහුම් ඇදුම් ඇදගන්නකොට.. මෝඩයෝ දෙන්නෙක් වගේ සීතල වතුරේ බැහැගෙන උන්නු රගේ තේරුනේ කොල්ලෝ දෙන්නාට තරගෙට හචින් යන්න ගද්දී..

"දැන් සැපද දෙන්නට.."

සිතුවිලි උනු උනු තේ පෝච්චියක්ම උස්සන් ආවේ කොල්ලෝ දෙන්නව උනුහුම් කරන්න තේ කෝප්පයක් මදිබව දැනගෙන. බ්ලැන්කට් එක ඇතුලේ හා පැටව් දෙන්නෙක් වගේ ගුලිවෙලා ඔලු ගෙඩි දෙක විතරක් එලියට දාලා කොල්ලො දෙන්නම නෝන්ජල් හිනාවක් දැම්මේ කෙල්ල දෙන්නගේ අතට තේ කෝප්ප දෙක දෙද්දී.

"සිතුවිලි ඇයි ඔයා ඇඩුවේ ..ඇයි ආයේ ආවේ.??"

වන්ෂ් ඇහුවේ කෙල්ල හරි මලානික විදියට හිනාවෙද්දී..

"මං මගේ රූම් එකේ කී එක දාපු බෑග් එක ඔයාගේ ජීප් එකේ අමතක කරලා ගිහින්.. හොස්ටල් එකට ගිහින් දොර අරින්න බලද්දියි මට ඒක නෝට් වුනේ.. ඉතින් මං ආයේ ආවා.. ඔයාලා දෙන්නා කෝ බලද්දී දෙන්නා වොෂ් රූම්..මං ඉතින් ආයෙම යන්න හැරුනත් මට...මට.. ම..ට..ඇහුනා වේද් කතා කරනවා 😢"

සිතුවිලි අඩන්න ගත්තේ එයාට ඩිංගකට කලින් ඇහුනු දේවල් ආයෙ මතක් වෙලා.. කෙල්ල දන්නවනේ එයාගේ පිස්සු යාලුවා වේද් අර නරුමයට ආදරේ කල තරම.. එහෙව් කොල්ලට ඒ මිනිහා දීපු දුක කොල්ලම විස්තර කරලා කියද්දී කොල්ලො දෙන්නා එක්කම බාත් රූම් එකේ දොරගාවට වෙලා කෙල්ලත් අඩා වැටුනේ හිතේ තිබුනු සහෝදර කැක්කුමට.

"මං ඕනකමින් අහන් හිටියා නෙවෙයි.. ඒත් ..ඒත්.. වේද් අඩද්දී මට යන්න හිතුනේ නෑ.. ඔයාලා දෙන්නා නාන ගමන් නිසා මට වොෂ් රූම් එක ඇතුලට එන්න හිතුනෙත් නෑ.. ඉතින් මං..මං..දොර ලගට වෙලා හිටියා අඩ අඩ...😭😭"

කෙල්ල කියාගෙන යනකොට කොල්ලන්ගෙත් ඇස් වල කදුලු අලුත් වෙනවා. පුංචි උන් තුන්දෙනාව තුරුල් කරන් සනසවන්න.. අවවාදයක් දෙන්න.. අඩන්න එපා මං ඉන්නවනේ කියන්න කිසිම වැඩිහිටියෙක් නැති තැන තුන් දෙනා අසරණ කමට උන් උන්ව බදාගෙන අඩන්න ගත්තේ මේ දුක කවදා ඉවරවෙයිද කියලා තුන්දෙනාටම හිතෙනකොට..

"ඔයාලා ගොඩාක් වෙලා වතුරෙ හිටියා වන්ෂ්.. මට බය හිතුනා අසනීප වෙයි කියලා . මං ඒකයි අන්තිමේ දොර ඇරන් ඇතුලට ආවේ.. මට බැහැ ඔයාලට තවත් කරදර වෙනවා බලන්න .. මට බැහැ ඔයාලා දුක් වෙනවා බලන්න..😭"

සිතුවිලි අඩ අඩා කියවන් යද්දී කොල්ලෝ දෙන්නා ආදරෙන් සිතුවිලිව තුරුල් කරගත්තේ කෙල්ලත් ලෝභ කමේ ඒ උනුහුම් නිවුන් පපුවලට තුරුල් වෙද්දී... ටිකක් වෙලා යද්දී සිතුවිලිගේ මෘදු සිරුරෙන් එන උණුහුමත් එක්ක කොල්ලෝ දෙන්නගේ සීතල නැතිවෙලා ගියේ මාන්සික විඩාවයි සිරුරේ තෙහෙට්ටුවයි නිසා තුන් දෙනාටම නොදැනීම නින්ද යද්දී.. ඒ වෙලාවේ කොල්ලො දෙන්නගේ ඇනෙක්ස් එකේ බෙඩ් රූම් වින්ඩෝ එකෙන් කවුරුහරි බැලුවනම් සොෆ්ට් යෙලෝ නයිට් බල්බ් එකකින් එලිය වුනු කාමරේක කින්ග් සයිස් බෙඩ් එකක ලස්සනම ලස්සන නිවුන් කුමාරවරු දෙන්නෙකුට මැදිවෙලා රෝස මලක් වගේ සුරංගනා කුමරියෙක් නිදාගන්න හැටි ලයිව් බලාගන්න තිබුනා..

********

********

********

********

********

"ජස්ට් බිකෝස් අයි ලව් යූ.."

ස්ටීවන්ගේ කන් දෙක ඇතුලේ ඒ වචන ටික දෝංකාර දුන්නේ කී වෙනිපාරටද කියලා ස්ටීවන්ට කල්පනාවක් නැහැ.. එත් ඒක වේද්ගේ කටින් පිටවේද්දී එයාට දැනුනු ගැස්ම මිනිහට තාම මතකයි. ස්ටීවන් බැලුවේ ලොකු කල්පනාවක ඉදන් පෝර්ෂ් එක ඩ්‍රයිව් කරන රාඛි දිහා.. කවදාවත් නැතුව ස්ටීවන්ට රාඛිට ස්තූති කරන්න හිතුනා වෙලාවට එතෙන්ට ආවට..
'මොකක් ස්තූති කරන්න.. ඒකත් මේ රාඛිට..තමුසෙට පිස්සුද...' ස්‍ටීවන්ගේ හිත ස්ටීවන්ගෙන් ඇහුවේ ස්ටීවන්ටත් ඒ ගැන පුදුම හිතෙනකොට. ඒත් ස්ටීවන්ට හිතෙන්නෙම රාඛිට ස්තූති කරන්න.. රාඛි ඒ වෙලාවේ එතෙන්ට නාවනම්.. ස්‍ටීවන්ගේ පපුව එකපාරටම නැවතෙන්න වගේ ආවේ දෙවියනේ එහෙම උනානම් කියලා හිතෙද්දී.. "ඇයි ඇයි දැන් තමුසේ දගලන්නේ රාඛි නාවනම් අර බුලට් එක කොල්ලගේ ඔලුව කුඩු වෙන්න වැදිල තියෙවි ඉතින් මොකද .. ඒ තමුසෙ මැරුව පලවෙනියත් නෙවෙයි.. අන්තිමයත් නෙවෙයි.." ස්ටීවන්ගේ හිත ආයෙත් ස්ටීවන්ට සැර දැම්මේ ස්ටීවන්ට ඔව් ඒකත් ඇත්තනේ කියලා හිතෙද්දී.. 'මං මොකටද ඒ කොල්ලා ගැන හිතන්නේ.. අනික මොන ඇටයෙක්ද ඌ මට..' ස්ටීවන් ඔලුව දෙපැත්තට වේගෙන් වැනුවේ එයාව අවුල් කරන මේ සිතුවිලි වලින් මිදෙන්න.. ඒත් එක්කම මිනිහට ආයෙම මතක් වුනේ වේද් අන්තිමට කියාපු වචන ටික..

"ජස්ට් බිකෝස් අයි ලව් යූ.."

අර්ර්ර්ර්ර්ර්හ්හ්...😠😠😠 මේ වචන ටික මගේ ඔලුවෙන් අයින් වෙන්නෙම නැද්ද..ස්ටීවන් දෑතින්ම ඔලුව බදන් කෑ ගැහුවේ රාඛි බයවෙලා වාහනේ පාරෙ කොණකට කරලා නතර කර්ද්දී..

"සර්ර්.."

රාඛි බයෙන් උනත් අත උස්සලා ස්ටීවන්ගේ ඔලුව අතගෑවේ ස්ටීවන් රාඛි දිහා හරි නිවුනු බැල්මක් දාද්දී..

"තමුසෙට ඇහුනද ඌ කිව්ව එක.."

ස්ටීවන් ඇහුවේ රාඛි යන්තමට ඔලුව ඉහල පහල යවලා ඔව් කියද්දී.. ස්ටීවන් මීටින්ග් එකට ආවෙ නැත්තෙ ඇයි බලන්න ‍රාඛි පෝර්ෂ් එකේ ට්‍රැකින් සිස්ටම් එක ෆලෝ කරන් ස්ටීවන් හොයන් ආවේ බොට්නි බේ බීච් එකට.. රාඛි පුදුම වුනෙ ඉම්පෝර්ටන්ට් බිස්නස් මීටින්ග් එකක් මගැරලා ස්ටීවන් බීච් ආවෙ මොන පිස්සුවකටද කියලා. ස්ටීවන්ව හොයලා බීච් එක පුරාම ඇවිදලා ගල් කුළු තියන පැත්තට ආවේ ස්ටීවන්ගේ කණට අහලා පුරුදු උඩු බිරිල්ල ඒ ගල් අස්සෙන් ඇහෙද්දී.. උදේ පාන්දරම ස්ටීවන්ව ඇවුලුවේ කව්ද බලන්න ආව රාඛි දැක්කේ එදා ස්කූල් එකේදී ස්ටීවන්ව කිස් කල බට්ටා ඇරෙන්න වෙන කව්ද.. ඒත් රාඛි මංඥ්ඥං උනේ ස්ටීවන් කොල්ලට පිස්ටල් එක දිකරගෙන ඉන්නවා දැකලා..මොනා වුනත් වේද් මේ බීච් එකේ මැරෙනවා දකින්න ආස නැති හින්දම රාඛි  ස්ටීවන්ගේ අතට ගැහුවෙයි වේද් අයි ලව් යූ කියලා  කෑ ගැහුවෙයි පිස්ටල් එකෙන් බුලට එක රිලීස් උනෙයි එකම තත්පරේදී.. රාඛි අතට ගහද්දී ස්ටීවන්ගේ අතින් බුලට් එකේ ටාර්ගට් එක වෙනස් උනේ ඒ බුලට් එක වේද්ගේ මූණට අගලක් විතර ඈතින් වැලි පොලොවේ කිදා බහිද්දී.. රාඛිට හොදටම ඇහුනා වේද් සිහිනැතිවෙන අන්තිම තත්පරේ පවා අමාරුවෙන් කියපු දේ..

"ජස්ට් බිකෝස් අයි ලව් යූ..ඒක තමා ඒ බෝයි කිව්වේ සර්.."

රාඛි කිව්වේ ස්ටීවන් එයා උන්නු සීට් එකේම දෙතුන් විටක් තදේට ඔලුව හප්පගද්දී.. ස්ටීවන්ට මැවී මැවී පෙනුනේ වේද්ගේ කදුලු වලින් පෙගුනු මූණ .. ඒ බයට ලොකු වුනු කළු බෝල ඇස්.. ආර්ර්හ් මේ කොල්ලා නම් මාව පිස්සු වට්ටනවා.. ස්ටීවන් එක අතකින් එයාගේ ඔලුව අතගා ගත්තේ ඔලුව පැලෙන්න වගේ කකියද්දී..

' මට ඒ කොල්ලගෙන් වැඩක් නෑ .. මං මොකටද උගේ ගැන හිතන්නේ..' ස්ටීවන් එයාටම කියාගත්තේ එයාගේ හිත එයාට නෝන්ඩියට හිනවෙද්දී. 'බලමුකෝ තමුසේ නොහිතා ඉන්න හැටි..' ඌ කියද්දී ස්ටීවන් තරහෙන් ඇස් පියාගත්තේ නෑ නෑ වේද් ගැන ආයේ හිතන්නේ නෑමයි කියලා කියාගන්න ගමන්..

ඒත් ආයෙම..

.

.

.

"රාඛි අර බටු ඇටේගේ ගෙදරට යමු..."

ස්ටීවන් කිව්ව කතාවත් එක්ක රාඛි ඇස් තියගත්තේ නළලේ.. රාඛි නමවත් දන්නෙනැති කොල්ලෙක් ගේ ගෙදර මේ හදසියේ කොහෙන් හොයන්නද..

"ඒත් සර් ගෙදර ඇඩ්‍රස් එක..."

රාඛි යන්තමට මිමිණුවේ අනිවා ස්ටීවන් යස්සාවේෂ  වෙනවා කියලා දැනගෙන. හිතුවා වගේම ස්ටීවන් ඔරොවලා බලද්දී රාඛි සේප් එකේ බිම බලාගත්තේ ස්ටීවන් රාඛීගේ ඔලුවට තඩි ටොක්කක් අනිද්දී..

"කොලේජ් එකේ අර ෆැසිනෙල්ලි ගෑණිට කතා කරලා අහපන් මිනිහෝ.. ඒ ඇටයගේ නම වේද්.. වේද් සෙතූ කියලා එන මොකද්ද එකක්ක්.."

ස්ටීවන් කිව්වේ වේද් බීච් එකේදි අඩ අඩා කිව්ව නම මතක් කරගන්න හදන ගමන් උනත් වේද් ඇඩුම් අතරින් නමයි කියලා කිව්ව දිග හෑල්ල ස්ටීවන්ට මතක් උනේම නෑ.. ඕනේ රෙද්දක් ස්ටීවන් කටත් ඇදකරලා අහක බලාගත්තේ රාඛි දඩබඩ ගාලා කොලේජ් එකේ රිසෙප්ෂන්ව කන්ටෑක්ට් කරගන්නකොට. රිසෙප්ෂනිස්ට් එක්ක කතා කරලා මෑම් ෆැසිනෙල්ලිගේ ලයින් එකට කනෙක්ක්ට් කරගත්තේ ඒ මනුස්සයාගේ ළයාන්විත කටහඩ එහා පැත්තෙන් ඇහෙද්දී..

"ගුඩ් ඊව්නින්ග්..හූස් දිස් ."

"අහ්හ් ගුඩ් ඊව්නින්ග් මැඩම් ෆැසිනෙල්ලි.. සමාවෙන්න මේ රාජකාරි ඉවරවෙන වෙලාවේ කතා කලාට.. මිස්ටර් ස්ටීවන්ට මැඩම් එක්ක චුට්ටක් කතා කරන්න ඕනෙලු හදිසි කාරණාවක් සම්බන්ධව.."

රාඛි කියාගෙන කියාගෙන ගියේ ස්ටීවන් රාඛි දිහා කටත් ඇරන් බලද්දී.. මොන රෙද්දක්ද මූට විස්තර ටික අහලා කියපන් කිව්වම මට ෆෝන් එක පාස් කරන්නේ.. ස්ටීවන් තරහෙන් පුපුර පුපුර රාඛිට තව ටොක්කක් ඇන්නේ මිනිහා අතින් ෆෝන් එක උදුරලා අරන් කනේ තියාගන්න ගමන්.. තව ටොක්කක් ලෝභ නැතුව කෑවට රාඛි කරේ කරන්න තියන හොදම දේ.. හොදටම හවස් වෙලා කොලේජ් එකේ ඔෆිස් එක වහන්න ඔන්න මෙන්න තියලා මේ වගේ වැඩක් අරන් රාඛි කතා කලාට ෆැසිනෙල්ලි ලේසියෙන් ඇග්‍රී වෙන්නේ නෑ ස්ටුඩන්ට්ලගෙ ඩේටා බේස් එක කාල් ගාලා රාඛිට ඕනි ඉන්ෆෝර්මේෂන් දෙන්න.. ඒත් කොලේජ් ෆවුන්ඩර් කෙනෙක් වෙන ස්ටීවන්ම මේකට කතා කලොත් ස්ටීවන් ගැන තියන බයට හරි ගෑණි වැඩේ කරලා දේවි කියලා රාඛිට විෂ්වාසයි..

"ගුඩ් ඊව්නින්ග් මිසිස් ෆැසිනෙල්ලී.. මට අර ලංකාවෙන් අපේ කොලේජ් එකට ආපු ට්වින් බෝයිස්ලා දෙන්නගේ පර්සනල් ඩීටේල්ස් ඔක්කොම විනාඩි පහක් ඇතුලත මගේ ඊ මේල් එකට සෙන්ඩ් වෙන්න ඕනේ .."

හෙණ ගහන්න වගේ උපරිම බොසී ටයිප් එකෙන් කියලා දාලා ස්ටීවන් ෆෝන් එක කට් කලේ රාඛිගේ කට කොණට හිනාවක් එද්දී.. ඔය ඕඩර් එක රාඛිට මැඩම් ෆැසිනෙල්ලිට දෙන්න බෑ.. රාඛි කෝල් එක ගත්තනම්, මේ වෙලාවේ කරදර කරනවට සමාවෙන්න මෑම්.. ප්ලීස් මෑම් මට මෑම්...බ්ලා බ්ලා බ්ලා... ඊට වඩා ලේසි පහසුයි වයසක ගෑණු අයව ස්ටීවන්ට හැඩ්ල් කරන්න දෙන එක.

                                      විනාඩි පහක් යන්නත් කලින් මිසිස් ෆැසිනෙල්ලි ස්ටීවන්ට වේද්ගෙයි වන්ෂ්ගෙයි පර්සනල් ඩීටේල්ස් එව්වේ කෝලේජ් එකේ නීතීයටත් පිටින් ගිහින්. ලමයින්ගේ පර්සනල් ඩීටේල්ස් පිට අයට දෙන්න තහනම්.. ඒත් ඉතින් කාට තහනම් උනත් ස්ටීවන්ට ඒ නීතී අදාලම නෑ කියලා ෆැසිනෙල්ලි දන්නවා..

ඊ මේල් එකේ තිබුනු විස්තර ගොඩ අස්සේ ස්ටීවන් හෙව්වේ කොල්ලො දෙන්නගෙ කරන්ට් ඇඩ්‍රස් එක. ඒක හොයාගත්තු ගමන් රාඛිගෙන් ඩ්‍රයිවින් සීට් එක ඉල්ලගෙන ස්ටීවන් පෝර්ෂ් එක කොල්ලො දෙන්නගේ ඇනෙක්ස් එක පැත්තට හැරෙව්වේ රාඛී ස්ටීවන්ගේ එහා පැත්තේ වාඩි වෙලා කොල්ලො දෙන්නගේ පර්සනල් ඩීටේල්ස් කියවන්න ගන්නකොට. දැන් ඉස්සරහට ස්ටීවන් අහන පමාවට උත්තර දෙන්න මේවා මතක තියාගත්තොත් හොදයි කියලා රාඛී කොල්ලෝ දෙන්නගේ විස්තර ඔලු ගෙඩිය ඇතුලේ ස්ටෝර් කරගන්න ගත්තේ එතන තිබුනු එක දෙයක් හින්දා රාඛිගේ ඔලුව හිරිවැටිලා යනකොට.

"ඔහ්හ් ගෝඩ් සර්.. බටු ඇට දෙක මිස්ටර් දේශාන් සිංහවන්ශගේ පුතාලා.."

රාඛි කිව්ව දේ එක්ක ස්ටීවන් අතින් ඉබේම පෝර්ෂ් එකේ බ්‍රේක් පෑගුනේ පට්ට වේගෙන් ආව කා එක මහා සද්දයක් එක්ක පාර මැද්දේ නවතිද්දී.. මිස්ටර් දේශාන් සිංහවන්ශ....😲

"තමුසේ කියන්නේ සිංහවන්ශ ගෲප් එකේ චෙයාමන් ගැනද.."

ස්ටීවන් ඇහුවේ පුදුමය දරාගන්න බැරුව.. යකො මේ කියන්නෙ අර බටු ඇට දෙක ලංකාවේ ඉන්න ලොකුම පෝසතාගේ ලමයි කියලද.. කිසිම ගාර්ඩ් එකක්වත් නැතුව ලන්ඩන් වල ඔහේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ සිංහවන්ශ ගෲප් එකේ අනාගත බලකණු දෙකට කියලද..'පිස්සෙක්නේ..' ස්ටීවන් එයාටම මුමුණ ගත්තේ තා පොඩ්ඩෙන් එයා අද වේද්ව බීච් එකේ වෙඩි තියලා මරලා දානවානේද කියලා හිතෙද්දී..

                         "ඔව් සර් එයා තමයි..  අර ගිය පාර ඉන්ටර්නැෂනල් බිස්නස් මීටින්ග් එකේදි වැඩිපුරම බිස්නස් කන්ට්‍රෑක්ට්ස් අරගත්තේ.."

රාඛි ස්ටීවන් මතක් කරන්නවත් අකමැති දෙයක් කතාව මැද්දට ගෙනාවේ ස්ටීවන් තරහෙන් පිබ පිබ ආයේ පෝර්ෂ් එක ඩ්‍රයිව් කරන්න ගද්දී. ස්ටීවන්ගේ ක්‍රිෂ්කින්ග් ගෲප් එක කාලෙක ඉදන් තමන්ගේ කරගන්න බලන් උන්නු බිස්නස් කන්ට්‍රෑක්‍ට් කීපයක්ම එදා ස්ටීවන්ට අහිමි වෙලා ගියේ දේශානුයි සිංහවන්ශ ගෲප් එකයි නිසා.. කාටවත් පරාද වෙන්න අකමැති ස්ටීවන් දේශාන් ඉස්සරහා පැරදිලා ගියෙ දරන්න බැරි තරමේ ලැජ්ජාවක් එක්ක. එදා ඉදන් දේශාන් හාන්කවිසියක් මේ ගැන නොදන්නවා උනත් ස්ටීවන් දේශාන් එක්ක හිතේ වෛරයක් බැදගත්තේ දවසක සිංහවන්ෂ ගෲප් එකත් එයාගේ යටතට ගන්නවමයි කියලා..

                                 "මං හිතන් හිටියේ මිනිහාගේ දුවට මැරෙජ් ප්‍රපෝසල් එකක් යවන්න.. ඒත් කව්ද හිතුවේ මිනිහගේ පොඩි පුතා මට ආදරේ කරාවි කියලා..."

ස්ටීවන් මහා හයියෙන් හිනාවුනේ එයාගේ ඉලක්ක ලගට යන්න වේද් ඉණිමගක් වගේ පෙනෙද්දී.. දේශාන් වගේ කෙනෙක් එක්ක එකට එක කරලා හැප්පෙන්න බැහැ.. මිනිහා මාර දක්ෂයි.. මේ වගේ කපටි ක්‍රම තමා මිනිහව ටැකල් කරන්න පාවිච්චි කරන්න ඕනෙ.. දැන්නම් බටු ඇටේ කීයටවත් ඔයා මගෙන් බේරෙන්නේ නෑ.. ඔයාට ඕනි මගේ ආදරේනේ .. මටත් ඕනේ .. හැබැයි ආදරේ නෙවෙයි සිංහවන්ශ ගෲප් එක.. අපි මැරි කරමු බේබි..

                වේද්ගෙයි වන්ෂ්ගෙයි චූටිම චූටි ඇනෙක්ස් එක දිහා ස්ටීවනුයි රාඛියි බලන් උන්නේ ඇස් කටේ දාගෙන.

"රාඛි හොදටම ෂුවර්ද මේකයි තැන කියලා.. අර තරම් පෝසත් කොල්ලෝ දෙන්නෙක් මේ වගේ පොඩි තැනක ඉදීවිද.."

ස්ටීවන් පෝර්ෂ් එකෙන් බැහැලා ඇනෙක්ස් එක දිහාට යන ගමන් ඇහුවේ රාඛි ස්ටීවන්ට පොඩි ගරාජ් එක පෙන්නද්දී. ඒක ඇතුලේ ඩිම් ලයිට් එලිය මැද කවසකි එකයි කෲසර් එකයි දිලිසි දිලිසි තිබුනේ 'ඔව්, මේක තමයි අපේ ගෙදර'  කියන්නවගේ..

"පොඩි උනත් මේක ලක්සරි ඇනෙක්ස් එකක් සර්.. කොල්ලො දෙන්නා විතරනෙ.. ඒ දෙන්නට මේක ඇතුව ඇති.."

රාඛි කිව්වේ එයාගේ ඇස් ඉස්සරහා තියන ලක්සරි බෙඩ් රූම් වීව් එකට ස්ටීවන්ගේ අවධානෙත් ගන්න ගමන්..කොල්ලො දෙන්නයි කෙල්ලයි අඩ අඩා ඉදලා නින්දට වැටිලා තිබ්බෙ ජනෙල් දොරවල් ලොක් කරත් ඒත් කර්ටන්ස් වහලා දාන්නෙ නැතුව.. ඒ නිසා ලොකු වීදුරු ජනෙල් වලින් ඔහේ නයිට් බල්බ් වලින් එලිය වුන බෙඩ් රූම් එක එලියට පේන්න තිබ්බේ ස්ටීවනුයි රාඛියි ඒ අතරින් කියුට් හැන්ඩ්සම් කොල්ලො දෙන්නට මැදිවෙලා නිදන ස්වීට් බියුටිෆුල් ඒන්ජල්ව දකිද්දී..

********

********


********


********


********

                                  
උදේ පාන්දර දැනුනු චොක්ලට් මිල්ක් සුවදට චූටි බලු පැටියෙක් වගේ ඉව අල්ල අල්ල වේද් ඇස් ඇරියේ යන්තමට ඇරුනු ඇහිපිය අතරින් කොල්ලට ජපන් බෝනික්කෙක් තරම් ලස්සන කෙල්ලෙක් පෙනෙද්දී..

" සිතුවිලි ..."

කොල්ලා යන්තමට මිමිණුවේ කොල්ලට එහා පැත්තෙන් වන්ෂුත් කොල්ලගේ ඔලුවට යන්තම් කිස්ස් එකක් දෙනගමන්ම ඇහැරෙනකොට..

"ගුඩ් මෝනිම් කම්මැලියෝ දෙන්නටම..."

සිතුවිලි මෙච්චර වෙලා තියන ඇට්ටරකමට, නිදන් උන්නු කොල්ලො දෙන්නගේ නාහේ ගාවට තියලා එහාමෙහා යවපු චොකලට් මිල්ක් මග් එක වේද් අතට දුන්නේ වේද් ආයෙම මග් එක නාහෙට ලං කරන් සුවද බලද්දී.. මේ ඇට්ටරී .. වේද්ට හිනාගියේ කෙල්ල කොල්ලො දෙන්නව ඇහැරවන්න යූස් කරපු ට්‍රික් එකට .. වේද්නම් එයාගේ සම්පූර්ණ අවදානේ චොකලට් මිල්ක් එකට දෙද්දී වන්ෂ් ඇස් දෙක අලවන් උන්නේ උදේ පාන්දරම නාලා සේපාලිකා මලක් වගේ පිවිතුරු පාටට පේන සිතුවිලි ලග.. කෙල්ල ඇදන් උන්නු කොල්ලෝ දෙන්නගේ සුදු වූල් ජර්සිය ඒ පෙනුම තවත් වැඩි කරලා පෙන්නුවේ වන්ෂ්ට කෙල්ල ගැන උපරිම ලෝභ කමක් හිතට දැනෙද්දී..

"ඔය ජර්සි එක මං දැන් කල්ප කාලාන්තරයක් තිස්සේ අදිනවා.. ඒත් අද තමයි ඒක නියමෙටම ගැලපෙන කෙනා හම්බුනේ.."

වේද් එයා බාගයක් බීපු චොකලට් මිල්ක් එක වන්ෂ්ගේ අතට දීලා සිතුවිලිට කිව්වේ කෙල්ලගේ සුදු කම්මුල් රෝස පාට වෙලා යද්දී..

" සොරි වේද් අහන්නේ නතුව ගත්තට.. මං ඊයේ උදෙ ඉදන් එකම ඇදුමනේ ඉතින් වොෂ් එකක් දාලා මේක ඇදගත්තා..."

කෙල්ල කොල්ලො දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බල බල කියද්දී කොල්ලෝ දෙන්නම හිනාවුනේ අවුලක් නෑ කියල කියන්න..ඇත්තටම කෙල්ලට දණහිස ගාවට දිගට තිබුනු එ ජර්සි එක නිසා කෙල්ලව වේද්ට පෙනුනේ සුදු හා පැංචියක් වගේ... ඒ ඇදුම කොල්ලෙකුට වඩා කෙල්ලෙකුට තමා මැච් වෙන්නේ කියලා හිතෙද්දී වේද් සිතුවිලිගේ යන්තමට තෙත තියන දිග කොණ්ඩේ අවුල් කලේ කෙල්ලට ලාවට ටොක්කකුත් අනින ගමන්..

"සොරි කියන්න දෙයක් නෑ මැට්ටි.. ඔයත් අපේ පව්ලේ කෙනෙක් දැන්.. අපේ හැමදේම ඔයාටත් අයිති.."

කොල්ලා ඒම කියලා ඇදෙන් නැගිටලා වොෂ් රූම් එකට ගියේ වන්ෂ්ටයි සිතුවිලිටයි පොඩි ප්‍රයිවට් ටයිම් එකක් දීලා. මොකද වන්ෂ් සිතුවිලි දිහා කන්න වගේ බලන් ඉනවා වේද්ගෙ ඇස් කොණට යන්තමින් වගේ අහුවුනේ කොල්ලගේ පපුවත් යන්‍තමට කිති කැවිලා යද්දී.. ආදරය එක්ක ආසාවෙන් මත් වුනු ඒ ඇස් එක්ක සිතුවිලිට තනිවෙන්න ඇරලා කොල්ලා එතනින් අයින් වුනේ වන්ෂ්ගේ හදවත හොදින්ම අදුනගත්තු නිසා.. ආදරය කරපු හදවතකට පුලුවන් ලේසියෙන්ම තවත් ආදරවන්තයෙක්ව තේරුම් ගන්න... මාත් ආදරේ කලානේ.. වේද්ට ස්ටීවන්ව මතක් උනේ ආයෙමත් වේද්ගේ හාර්ට් එකට පිහියකින් ඇන්නා වගේ වේදනාවක් ඒ හිතේ ඇතිවෙද්දී..

"මං සමහරක්විට ආදරේ කරන්න තෝරගන්න ඇත්තේ වැරදි කෙනාව..."

වේද් බාතෲම් එකේ කණ්නාඩිය ඉස්සරහට වෙලා ඇදුම් එක එක ගලවලා දැම්මේ චීස් කලර් නිරුවත් සිරුරේ බෙල්ලේයි අත් බාහු වලයි තියන ඇගිලි පාරවල් කැපිලා පෙනෙද්දී.. ඒවා දකිනකොට කොල්ලට මතක් වුනේ ස්ටීව්න්ගේ වියරු වැටුනු හැසිරීම..

"ඔයා මට ගොඩාක් රිද්දුවා ස්ටීවන්.."

කොල්ලා ඒ තැලුම් පාරවල් දිගේ ඇගිලි තුඩු ගෙනිච්චේ කොල්ලගේ ඇස් වලට කදුළු උනාගෙන එද්දී..

"ඔයා මගේ හිතින් යන්න. ඔයා වගේ නපුරෙකුට එතන ඉඩක් නෑ.. මට බැහැ ඔයාව අමතක කරන්න.. මගේ පලවෙනිම ආදරේ.. ඇත්තටම ගොඩක් ආදරේ කරා ඔයාට.. මට ඒක කොච්චරද කියන්න බැහැ.. මොකද මට මගේ ආදරේට සීමාවක් කියන්න තේරේන්නෙ නෑ ස්ටිවන්..."

කොල්ලගේ ඇස් වලට උණාපු කදුළු ඒ රෝස කම්මුල් තෙමාගෙන පල්ලෙහාට වැටුනේ කොල්ලා දෑතින්ම ඒ කදුලු පිහදගන්නකොට..

"මං අඩයි ගොඩාක් අඩයි.. ඒත් ඇස් වල කදුලු ඉවරවෙනකම්ම අඩලා හරි මං ඔයාව මගේ ජීවිතෙන් ඈත් කරනවා...මං කොහොමහරි ඒක කරනවා..

කොල්ලා කණ්නාඩියට ලංවෙලා එයාගේම ප්‍රතිබිම්බයට අත තිව්වේ කණ්නාඩියට උඩින් එයාගේ නිරුවත් සිරුරේ ප්‍රතිබිම්භය පුරා අත ගෙනියන යමන්.

" මේ හැමදේම ඔයා එක්ක බෙදාගන්න උන්නේ මං.. එදා ඔයාව කිස් කල දවසේ මේ හැමෝම කැ ගහල ඇඩුවා ඔයාව ඉල්ලල..මේ මෙයා.."

කොල්ලා කණ්නාඩියේ අත නතර කලේ එයාගේ බෝයි ටූල් එකේ ප්‍රතිබිම්බේ උඩ..

"එයා එදා ගොඩාක් එක්සයිට් උනා.. මගේ ජීවිතේ පලවෙනිම වතාවට.. දන්නවද.."

කොල්ලා කණනාඩියෙන් ඈත් වෙලා අඩියක් දෙකක් පස්සට තිව්වේ අත් දෙක දෙපැත්තට දික් කරලා එයාගේ වටේම වටයක් කරකැවෙන ගමන්

"ඒත් මේ හැමදේම ඔයා නැතිකරගත්තා.. මගේ ආදරේ එක්කම මාව.."

වේද් ආයෙම කණ්නාඩියට ලං වුනේ එයාගෙම ඇස් වලට එබිලා බලන ගමන්.. ඒ ඇස් වල තිබුනේ අධිෂ්ටානය.. වේද් ස්ටීවන්ට හැමදමත් ආදරේ කරාවී..... ඒත් ඒ ආදරේ විදින්න නම් ස්ටීවන්ට ඉඩක් නොලැබේවී..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

A/N

සොරි පහුගිය ටිකේ හෝල්ඩ් උනාට... සෙනුම්ට හරීඊඊඊඊඊඊඊඊඊඉයට වැඩ... 👉👈


Continue Reading

You'll Also Like

4.7M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...
85.9K 15.6K 60
~කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න " අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ...
39.2K 5.9K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...
36.5K 6.4K 33
ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁